Pali BJTසන්දිස්සන්ති නු ඛො භො ගොතම එතරහි බ්රාහ්මණා පොරාණානං බ්රාහ්මණානං බ්රාහ්මණධම්මෙති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙ කල්හි බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු දහම්හි පැණෙත් දැ යි?
Pali BJTන ඛො බ්රාහ්මණා සන්දිස්සන්ති එතරහි බ්රාහ්මණා පොරාණානං බ්රාහ්මණානං බ්රාහ්මණධම්මෙති.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, මෙකල්හි බමුණෝ පැරැණි බමුණන්ගේ බමුණු දම්හි නො පැණෙත් මැ යි.
Pali BJTසාධු නො භවං ගොතමො පොරාණානං බ්රාහ්මණානං බ්රාහ්මණධම්මං භාසතු සවෙ හොතො ගොතමස්ස අගරූති.
Sinhala BJTඉදින් භවත් ගෞතමයන් වහන්සේට නො බර නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට පැරැණි බමුණන්ගේ බමුණු දහම් වදාරණසේක් නම් මැනැවි.
Pali BJTතෙන හි බ්රාහ්මණා සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති.
Sinhala BJTබමුණනි, එසේනම් අසවු, මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි.
Pali BJTඑවං භො’ති ඛො තෙ බ්රාහ්මණමහාසාළා භගවතො පච්චස්සොසුං
Sinhala BJT“භවත්නි, එසේය” යි ඒ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTභගවා එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල කරුණු වදාළ සේක.
Pali BJT286. ඉසයො පුබ්බකා ආසුං සංයතත්තා තපස්සිනො පඤ්චකාමගුණෙ හිත්වා අත්තදත්ථමචාරිසුං.
Sinhala BJT286. (සීලසංයමයෙන්) සංයත වූ (ඉන්‍ද්‍රිය සංවරයන්) තපස්වී වූ පැරණි ඍෂිවරු වූහ. ඔහු පස්කම් ගුණ හැර දමා (මන්ත්‍රාධ්‍යානයබ්‍රහ්මවිහාර භාවනාදී) ආත්මාර්‍ත්‍ථයෙහි හැසුරුණාහ.
Pali BJT287. න පසූ බ්රාහ්මණානාසුං න හිරඤ්ඤං න ධානීයං සජ්ඣායධනධඤ්ඤාසුං බ්රහ්මං නිධිමපාලයුං.
Sinhala BJT287. (පැරණි) බමුණනට සිවුපාවෝ නො වූහ. අමුරන් ද නො වීය. ධාන්‍ය ද නො වීය. ස්වකීය මන්ත්‍රාධ්‍යයනය කොට ඇති වූහ. (මෙත්තා කරුණාදී) බ්‍රහ්මනිධිය රැකියහ.
Pali BJT288. යං තෙසං පකතං ආසි ද්වාරභත්තං උපට්ඨිතං සද්ධපකතමෙසානං දාතවෙ තදමඤ්ඤිසුං.
Sinhala BJT288. ඔවුන් උදෙසා යම් බතක් පිළියෙළ කරන ලද්දේ දොරටුවෙහි එළවා තබන ලද වී ද, එය සැදැහැයෙන් පිළියෙළ කරණ ලද, පිඬු සොයනවුනට දීම සඳහා ය යි (මිනිස්සු) සිතූහ.
Pali BJT289. නානාරත්තෙහි වත්ථෙහි සයනෙභාවසථෙහි ච ඵිතා ජනපදා රට්ඨා තෙ නමස්සිංසු බ්රාහ්මණෙ.
Sinhala BJT289. (උපකරණයෙන්) සමෘද්ධ වූ ඒ දනවු රටවැස්සෝ ද නන් පැහැයෙන් රඳනා ලද වතින් ද සයනාසනයන්ගෙන් හා ආවාසයන්ගෙන් ද (පුදමින්) බමුණන් නැමදූහ.
Pali BJT290. අවජ්ඣා බ්රාහ්මණා ආසුං අජෙය්යා ධම්මරක්ඛිතා න තෙ කොචි නිවාරෙසි කුලද්වාරෙසු සබ්බසො.
Sinhala BJT290. බමුණෝ, අවධ්‍ය හා නොදිනිය යුතු හා දහමින් රක්නාලද්දාහු හා වූහ. හැම කැලදොරටුවෙක්හි කිසිවෙක් කිසි ලෙසෙකිනුදු ඔවුන් නො වැළැක්වූහ.
Pali BJT291. අට්ඨචත්තාරිසං වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිංසු තෙ විජ්ජාචරණපරියෙට්ඨිං අචරුං බ්රාහ්මණා පුරෙ.
Sinhala BJT291. ඔවුහු අටසාළිස්වසක් කුමර බඹසර වුසූහ. පෙර බමුණෝ විද්‍යාධ්‍යයනය හා සිල් රැකීම ද කළහ.
Pali BJT292. න බ්රාහ්මණ අඤ්ඤමගමුං නපි භරියං කිණිංසු තෙ සම්පියෙනෙව සංවාසං සංගන්ත්වා සමරොචයුං.
Sinhala BJT292. බමුණෝ පරඹුන් වෙත නො ගියහ. ඔවුහු අඹුවන් මිළට නොගත්හ. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් සමග සංවාසය මැ කැමැති වූහ.
Pali BJT293. අඤ්ඤත්ර තම්හා සමයා උතුවෙරමණිම්පති අන්තරා මෙථුනං ධම්මං නාස්සු ගච්ඡන්ති බ්රාහ්මණා.
Sinhala BJT293. බමුණෝ නියමිත ඍතුකාලයෙහ් මුත් ඍතුවෙන් මිදුනු අඹුව වෙත අතරතුර මෙවුන්දමට නො ගියහ.
Pali BJT294. බ්රහ්මචරියඤ්ච සීලඤ්ච අජ්ජවං මද්දවං තපං සොරච්චං අවිහිංසඤ්ච ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
Sinhala BJT294. (ඔහු) (මෛථුන විරතිසඞ්ඛ්‍යාත) බඹසර ද (සෙසු සිකපද සතර වූ) ශීලය ද ඍජුබව ද මෘදු බව ද (ඉන්‍ද්‍රියසංවරසඞ්ඛ්‍යාත) තපස ද (නොපිළිකුල් හැසිරීම වූ) සුරතබව ද (කරුණාපූර්‍වභාගය වූ) අවිහිංසාව ද (අධිවාසන්ක්‍ෂාන්තිය වූ) ඉවසීම ද වැණූහ.
Pali BJT295. යො නෙසං පරමො ආසි බ්රහ්මා දළ්හපරක්කමො ස චාපි මෙථුනං ධම්මං සුපිනන්තෙපි නාගමා.
Sinhala BJT295. ඔවුනට ශ්‍රේෂ්ඨ වූ දෘඪපරාක්‍රම ඇති යම් ඒ බ්‍රහ්මයෙක් වී ද හේත් සිහිනෙනුදු මෙවුන්දමට නො ගියේ ය.
Pali BJT296. තස්ස වත්තමනුසික්ඛන්තා ඉධෙකෙ විඤ්ඤුජාතිකා බ්රහ්මචරියඤ්ච සීලඤ්ච ඛන්තිඤ්චාපි අවණ්ණයුං.
Sinhala BJT296. මෙලොව්හි ඔහුගේ ව්‍රතය අනුව හික්මෙන්නා වූ ඇතැම් නුවණැත්තෝ බඹසර ශීලය ද ක්‍ෂාන්තිය ද වැණූහ.
Pali BJT297. තණ්ඩුලං සයනං වත්ථං සප්පිතෙලඤ්ච යාචිය ධම්මෙන සමොධානෙත්වා{1}තතො යඤ්ඤමකප්පයුං උපට්ඨිතස්මිං යඤ්ඤස්මිං නාස්සු ගාවො හනිංසු තෙ.
Sinhala BJT297. සහල්ද යහන් ද වත් ද ගිතෙල් ද තලතෙල් ද යැද දැහැමින් රැස් කොට එයින් ඔවුහු (දානසඞ්ඛ්‍යාත) යාග කළහ. යාගයක් එළැඹි කල්හි ඔවුහු ගෙරින් පුමුඛ ප්‍රාණීන් නො වැනසූහ.
Pali BJT298. යථා මාතා පිතා භාතා අඤ්ඤෙ විපි ච ඤාතකා ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසධා.
Sinhala BJT298. මවු ද පියා ද බෑයා ද අන් නෑයෝ ද යම්බඳු වෙත් නම්, එසෙයින් යමකුන් තුළ ඔසු හටගණී නම්, ඒ ගවයෝ අපගේ පරම මිතුරෝ වෙති.
Pali BJT299. අන්නදා බලදා චෙතා වණ්ණදා සුඛදා තථා එතමත්ථමසං ඤත්වා සාස්සු ගාවො හනිංසු තෙ.
Sinhala BJT299. මේ ගවයෝ වනාහි ආහාර දෙන්නෝ ද බල දානය කරන්නෝ ද වර්‍ණය දෙන්නාහු ද එසේම සැප දෙන්නාහු ද වෙති. මෙකරුණ දැන ඔහු ගෙරින් නො වැනසූහ.
Pali BJT300. සුඛුමාලා මහාකායා වණ්ණවන්තො යසස්සිනො බ්රාහ්මණා සෙහි ධම්මෙහි කිච්චාකිච්චෙසු උස්සුකා යාව ලොකෙ අවත්තිංසු සුඛමෙධිත්ථයම්පජා.
Sinhala BJT300. සිවුමැලි වූ ද (ආරෝහ පරිණාහ සඞ්ඛ්‍යාත) මහ සිරුරු ඇත්තාවූ ද (රන්වන් සටහන් ඇති හෙයින්) පැහැපත් වූ ද, (ලාභ පරිවාර සඞ්ඛ්‍යාත) සම්පත් ඇත්තාවූ ද, කටයුතු නො කටයුතු දෙක්හි උත්සාහවත් වූ ද බමුණෝ සිය (සිරිත්) දහමින් යම්තාක් ලොව්හි පැවැතියාහු නම්, ඒ තාක් මේ (බ්‍රාහ්මණ) ප්‍රජාව සැපයට පත් වූය.
Pali BJT301. තෙසං ආසි විපල්ලාසො දිස්වාන අණුතො අණුං රාජිනො ව වියාකාරං නාරියො සමලඞ්කතා.
Sinhala BJT301-302. අතිශයින් ස්වල්පමාත්‍ර වූ පස්කම්ගුණ ද රජුන්ගේ සම්පත්තිය ද මොනොවට සැරහුනු ස්ත්‍රීන් ද ආජානීය අසුන් යෙදූ මොනොවට කරණලද විසිතුරු මැහුම් ඇති රිය ද කොටස් විසින් මැනැ බෙදූ නිවෙස් ද, දැක ඔවුන්ගේ විපර්‍ය්‍යාසය වීය.
Pali BJT302. රථෙ චාජඤ්ඤසංයුත්තෙ සුකතෙ චිත්තසිබ්බනෙ නිවෙසනෙ නිවෙසෙ ච විභත්තෙ භාගසො මිතෙ.
Sinhala BJTSegment missing in this edition
Pali BJT303. ගොමණ්ඩලපරිබ්බූළ්හං නාරීවරගණායුතං උළාරං මානුසං භොගං අභිජ්ඣායිංසු බ්රාහ්මණා.
Sinhala BJT303. ගවරැලින් ගැවසීගත් උතුම් ස්ත්‍රීසමූහයාගෙන් යුක්ත වූ මහත් වූ මනුෂ්‍ය භෝගසම්පත් පතමින් බමුණෝ බෙහෙවින් අභිධ්‍යා කළහ.
Pali BJT304. තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා ඔක්කාකං තදුපාගමුං, පහූතධනධඤ්ඤෙසි යජස්සු බහු තෙ චිත්තං යජස්සු බහු තෙ ධනං.
Sinhala BJT304. ඒ නිමිති කොට ඔහු (ඒ බමුණෝ) වේදමන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙත එළැඹියහ. (යුෂ්මතා අනාගතයෙහි) බොහෝ ධනධාන්‍ය ඇත්තෙක් වන්නෙහි, යුෂ්මත්හුගේ බොහෝ වූ වස්තුව දානවිෂයෙහි යොදන්න. යුෂ්මත්හුගේ මහත්වූ ධනය දාන විෂයෙහි යොදන්න.
Pali BJT305. තතො ච රාජා සඤ්ඤත්තො බ්රාහ්මණෙහි රථෙසභො අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං එතෙ යාගෙ යජිත්වාන බ්රාහ්මණානං අදා ධනං.
Sinhala BJT305. ඉන්පසු බමුණන් විසින් කරුණු ගන්වන ලද මහාරථි වූ රජ අශ්වමේධය ද පුරුෂමේධය ද සම්මාපාසය ද, වාජපෙය්‍යය ද නිරග්ගලය ද යන මේ යාගයන් යැද බමුණනට ධනය දුන්නේය.
Pali BJT306. ගාවො සයනඤ්ච වත්ථඤ්ච නාරියො සමලඞ්කතා රථෙ චාජඤ්ඤසංයුත්තෙ සුකතෙ චිත්තසිබ්බනෙ.
Sinhala BJT306-307. ගවයන් ද යහන් ද වත් ද මොනොවට සරසන ලද ස්ත්‍රීන් ද මොනොවට පිළියෙළ කරණලද විසිතුරු පලස් ආජානීය අසුන් යෙදූ රිය ද මොනොවට කොටස් විසින් බෙදන ලද මනරම් නිවෙස් ද නොයෙක් ධාන්‍යයෙන් පුරවා බමුණනට වස්තුව දින.
Pali BJT307. නිවෙසනානි රම්මානි සුවිභත්තානි භාගසො නානාධඤ්ඤස්ස පූරෙත්වා බ්රාහ්මණානං අදා ධනං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT308. තෙ ච තත්ථ ධනං ලද්ධා සන්නිධිං සමරොචයුං තෙසං ඉච්ඡාවතිණ්ණානං හිය්යො තණ්හා පවඩ්ඪථ. තෙ තත්ථ මන්තෙ ගන්ථෙත්වා ඔක්කාකං පුනුපාගමුං.
Sinhala BJT308. එහිදී ඔහු ධන ද ලැබ වස්තු සන්නිධිය (රැස්කාට තැබීම) රුචිකළාහු ය. ආශාවට බටුවාවු ඔවුනට තෘෂ්ණාව බෙහෙවින් වැඩුනී ය. ඔවුහු එහිදී මතුරු ගොතා ඔකාවස් රජු වෙත යලිදු එළැඹියහ.
Pali BJT309. යථා ආපො ච පඨවී හිරඤ්ඤං ධනධානියං එවං ගාවො මනුස්සානං පරික්ඛාරො සො හි පාණිනං යජස්සු බහු තෙ චිත්තං යජස්සු බහු තෙ ධනං.
Sinhala BJT309. ජලය හා පෘථිවියද අමුරන් හා ධන ධාන්‍ය ද යම්බඳු වේ නම් මිනිස්නට ගවයෝ ද එබඳු වෙති, ඒ වනාහි ප්‍රාණීනට ජීවනෝපකරණයෙකි. යුෂ්මතාගේ බොහෝ වූ වස්තුව යාගයෙහි යොදව, යුෂ්මතාගේ බොහෝ වූ ධනය දන් දෙව යි කීහ.
Pali BJT310. තතො ච රාජා සඤ්ඤත්තො බ්රාහ්මණෙහි රථෙසභො නෙකසතසහස්සියො ගාවො යඤ්ඤෙ{1} අඝාතයී.
Sinhala BJT310. එවිට ද බමුණන් විසින් කරුණු ගන්වනලද මහාරථි වූ රජ තවත් නොයෙක් සියදහස්ගණන් ගෙරින් යඥ සඳහා නැසී ය.
Pali BJT311. න පාදා න විසාණෙන නාස්සු හිංසන්ති කෙනචි ගාවො එළකසමානා සොරතා කුම්භදූහනා තා විසාණෙ ගහෙත්වාන රාජා සත්ථෙන ඝාතයී.
Sinhala BJT311. කළ පුරා දොවන හීලෑ වූ එළුවන් බඳු වු ගව දෙන්නු පයිනු දු අඟනුදු අන්කිසිවකිනුදු අනුන් නො පෙළත් ම ය. රජ ඔවුන් හඟෙහි ගෙණ සැතින් පැහැරැ මැරී ය.
Pali BJT312. තතො ච දෙවා පිතරො ඉන්දො අසුරරක්ඛසා අධම්මො ඉති පක්කන්දුං යං සත්ථං නිපතී ගවෙ.
Sinhala BJT312. එ කල්හි දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ඉන්‍ද්‍රයා ද අසුරරාක්‍ෂසයෝ ද “යම් හෙයෙකින් ගවයා කෙරෙහි සැත් හෙළී (මැරී) ද එහෙයින් අධර්‍මය උපනැ”යි හැඬූහ.
Pali BJT313. තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා පසූනඤ්ච සමාරම්භා{2} අට්ඨානවුතිමාගමුං.
Sinhala BJT313. පූර්‍වයෙහි ආශා යැ කුසගින්න යැ ජරා යැ යන රෝග තිදෙනෙක් ම වූහ, පශුවධය හේතු කොට ගෙණ ( ඒ තුණ) අටුඅනුවකට පැමිණියේ ය.
Pali BJT314. එසො අධම්මො දණ්ඩානං ඔක්කන්තො පුරාණො අහු අදූසිකායො හඤ්ඤන්ති ධම්මා ධංසන්ති යාජකා.
Sinhala BJT314. නිදොස් ගවදෙනුන් මරත් ය. යන යමෙක් ඇද්ද, යාගකරන්නෝ යමක් හේතු කොට ගෙන දැහැමින් පිරිහෙත් ද ඒ මේ පැරණි අධර්‍මය දඬුවම්වලට (හෙවත් තුන් කායදුශ්චරිතයනට) ඇතුළත් එකෙක් විය.
Pali BJT315. එවමෙසො අණුධම්මො පොරාණො විඤ්ඤූගරහීතො යත්ථ එදිසකං පස්සති යාජකං ගරහතී ජනො.
Sinhala BJT315. යම් යාගයෙක්හි ජනයා මෙසේ (ගෝඝාතක) යාජකයකු දක්නේ ද, ගරහන්නේ ද, මේ පැරණි ලාමකධර්‍මය මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද්දේ වේ.
Pali BJT316. එවං ධම්මෙ වියාපන්නෙ විභින්නා සුද්දවෙස්සිකා පුථු විභින්නා ඛත්තියා පතිං භරියා‘වමඤ්ඤථ.
Sinhala BJT316-317. මෙසේ බමුණුදහම පෙරළුනු කල්හි ශුද්‍ර-වෛශ්‍යයෝ ද බෙහෙවින් බෙදුනහ. බොහෝ ක්‍ෂත්‍රියයෝ ද බෙදී ගියහ. බිරිය හිමියා හෙළා දුටුවාය. ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද සෙසු කුලගොත් රක්නාහු ද ජතිවාදය නො සලකා කාමයන්ගේ වශයට ගියහ.
Pali BJT317. ඛත්තියා බ්රහ්මබන්ධු ව යෙ චඤ්ඤෙ ගොත්තරක්ඛිතා ජාතිවාදං නිරංකත්වා කාමානං වසමන්වගුන්ති.
Sinhala BJTSegment missing in this edition
Pali BJTඑවං වුත්තෙ තෙ බ්රාහ්මණමහාසාළා භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ බමුණූමහසල්හු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළාහුය: “භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වස්ත්‍ර ලද්දක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මග කියන්නේ හෝ “ඇස් ඇත්තෝ රූ දකින්නාහුය”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නෝ හෝ යම්සේ නම් එසෙයින්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දදේය, මේ අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුන් කොට දරණ සේක්වා!
Pali BJTබ්රාහ්මණධම්මිකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTබ්‍රාහ්මණධම්මික සූත්‍රය නිමි.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTධම්ම (නාවා) සුත්තං{1}
Sinhala BJTධම්ම (නාවා) සූත්‍රය
Pali BJT318. යස්මා භි ධම්මං පුරිසො විජඤ්ඤා ඉන්දං’ච නං දෙවතා පූජයෙය්ය, සො පූජිතො තස්මිං පසන්නචිත්තො බහුස්සුතො පාතුකරොති ධම්මං.
Sinhala BJT318. යම් පුද්ගලයකු වෙතින් පුරුෂ (පර්‍ය්‍යාප්තිප්‍රතිපත්ති) ධර්‍මය දැනගන්නේ ද, දෙවියන් ඉන්‍ද්‍රයා මෙන් හේ ඔහු පුදන්නේය. බහුශ්‍රුත වූ හේ පුදනලද්දේ ඔහු කෙරෙහි පහන් සිත් ඇත්තේ ධර්‍මය පාළ කෙරෙයි.
Pali BJT319. තදට්ඨිකත්වාන නිසම්ම ධීරො ධම්මානුධම්මං පටිපජ්ජමානො, විඤ්ඤූ විභාවී නිපුණො ච හොති යො තාදිසං භජතෙ අප්පමත්තො.
Sinhala BJT319. යමෙක් නො පමාවූයේ එබන්දකු ඇසුරු කෙරේ ද, ධර්‍මානුධර්‍මය පිළිපදනා ඒ ධීර තෙම අර්‍ත්‍ථවත් කොට අසා ප්‍රඥාවත් වූයේ පරහට ඉගැන්වීමෙහි සමත් වූයේ සූක්‍ෂමාර්‍ත්‍ථ වටහා ගැනීමෙහි නිපුණ ද වේ.
Pali BJT320. ඛුද්දඤ්ච බාලං උපසෙවමානො අනාගතත්ථඤ්ච උසූයකඤ්ච, ඉධෙව ධම්මං අචිභාවයිත්වා අවිතිණ්ණකඞ්ඛො මරණං උපෙති.
Sinhala BJT320. ක්‍ෂුද්‍රකායකර්‍මාදියෙන් යුක්ත වූ ප්‍රඥා නැති නොලද පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධාර්‍ත්‍ථ ඇති (අතැවැසියාගේ දියුණුවෙහි) ඊර්‍ෂ්‍යා කරණ සුලු ඇදුරකු සෙවුනා තැනැත්තේ (පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති) ධර්‍මය නො දැන නො ඉක්මවූ සැක ඇත්තේ මරණයට පැමිණේ.
Pali BJT321. යථා නරො ආපගං ඔතරිත්වා මහොදකං{1} සලිලං සීඝසොතං, සො වුය්හමානො අනුසොතගාමී කිං සො පරෙ සක්කති තාරයෙතං.
Sinhala BJT321. ඒ මිනිස් මහදිය ඇති, ඔබමොබ පැතුරුණු සැඩ දියපහර ඇති, නදියකට බැස ගසාගෙණ යනු ලබන්නේ යම්සේ දිය වැල අනුව යන සුලු වේ ද, කිම, හේ මෙරමා එතෙර කරවීමට හැකි වේ ද?
Pali BJT322. තථෙව ධම්මං අවිභාවයිත්වා බහුස්සුතානං අනිසාමයත්ථ, සයං අජානං අවීතිණ්ණකඞ්ඛො කිං සො පරෙ සක්කති නිජ්ඣාපෙතුං.
Sinhala BJT322. එලෙසින්ම ධර්‍මය නොදැන බහුශ්‍රැතයන්ගේ අර්‍ත්‍ථය ද නො අසා පහකළ සැක නැත්තේ, තෙමේත් නො දන්නා හේ කිම, මෙරමාහට අරුත් දක්වන්නට (උගන්වන්නට) හැකි වේ ද?
Pali BJT323. යථාපි නාවං දළ්හමාරුහිත්වා පියෙන’රිත්තෙන සමඞ්ගිභූතො, සො තාරයෙ තත්ථ බහූපි අඤ්ඤෙ තත්රූපායඤ්ඤූ කුසලො මුතීමා.
Sinhala BJT323. යම්සේ හබලින් හා රිටින් යුත් ඒ නැවි තෙමේ දැඩි ව නැවට නැගී ඒ නාවුකෝපායය දන්නේ දක්‍ෂ වූයේ (උපන් උවදුරට පිළියම් කිරීම) දන්නා නුවණැත්තේ එහි බොහෝ අන් මිනිසුන් ද එතෙර කරවා ද,
Pali BJT324. එවම්පි යො වෙදගූ භාවිතත්තො බහුස්සුතො හොති අවෙධධම්මො, සො ඛො පරෙ නිජ්ඣපයෙ පජානං සොතාවධානූපනීසූපපන්නෙ.
Sinhala BJT324. එසේ ම යමෙක් බහුශැත වූයේ සිවුවන් නුවණින් නිවනට පැමිණියේ බැවු සිත් ඇත්තේ (අටලෝ දහමින්) නො සැලෙන සැහැවි ඇත්තේ වේ ද, හෙතෙමේ ම සවන් යොමු කිරීමෙන් හා මාර්‍ගඵලෝපනිඃශ්‍රයෙන් යුක්ත වූයේ අන් ජනයා හට දහම් දක්වෙන්නේය.
Pali BJT325. තස්මා භවෙ සප්පුරිසං භජෙථ මෙධාවිනඤ්චෙව බහුස්සුතඤ්ච, අඤ්ඤාය අත්ථං පටිපජ්ජමානො විඤ්ඤාතධම්මො සො සුඛං ලභෙථාති.
Sinhala BJT325. එහෙයින් ඒකාන්තයෙන් නුවණැත්තාවූ ද බහුශ්‍රුත වූ ද සත්පුරුෂයෙකු භජනය කරන්නේ ය. දත්දහම් ඇති හෙ තෙමේ අර්‍ත්‍ථය දැන පිළිපදනේ ලොවුතුරු සැප ලබන්නේ යි.
Pali BJTධම්ම{2}සුත්තං නිට්ඨිතං.
Sinhala BJTධම්ම (නාවා)සූත්‍රය නිමි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJTකිංසීලසුත්තං
Sinhala BJTකිංසීල සූත්‍රය
Pali BJT326. කිංසීලො කිංසමාචාරො කානි කම්මානි බ්රූභයං නරො සම්මා නිවිට්ඨස්ස උත්තමත්ථඤ්ච පාපුණෙ.
Sinhala BJT326. කෙබඳු චාරිත්‍රශීලයෙකින් සමන්‍විත වූයේ කෙබඳු චාරිත්‍රශීලයක් ඇත්තේ කවර කායකර්‍මාදියක් වඩන්නේ පුරුෂ තෙමේ මොනොවට සස්නෙහි පිහිටියේ වන්නේ ද උත්තමාර්‍ත්‍ථයට (අර්‍හත්‍වයට) පැමිණෙන්නේ ද?
Pali BJT327. වුද්ධාපචායී අනුසුය්යකො සියා කාලඤ්ඤූ චස්ස ගරූනං දස්සනාය ධම්මිං කථං එරයිතං ඛණඤ්ඤූ සුණෙය්ය සක්කච්ච සුභාසිතානි.
Sinhala BJT327. (ගුණ-ප්‍රඥාදෙකින්) වැඩීසිටියවුන් පුදන්නේ (ඔවුන්ගේ ලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා නැත්තෙක් වන්නේ ය. ගුරුන් දැකීමට සුදුසු කල් දන්නෙක් වන්නේ ය. (ධර්‍මකථා) ක්‍ෂණය දන්නේ දෙසන ලද (සමථ විපස්සනාවෙන් යුත්) දැහැමි කථාව ද (අනෙකුදු) සුභාෂිතයන් ද සකසා අසන්නේ ය.
Pali BJT328. කාලෙන ගච්ඡෙ ගරූනං සකාසං ථම්භං නිරංකත්වා නිවාතවුත්ති අත්ථං ධම්මං සංයමං බ්රහ්මචරියං අනුස්සරෙ චෙව සමාචරෙ ව.
Sinhala BJT328. තදබව (මානය) වනසා දමා යටහත් පැවතුම් ඇත්තේ සුදුසු කල්හි ගුරුන් වෙත යන්නේ ය. භාෂිතාර්‍ත්‍ථය ද පාළිධර්‍මය ද ශීලය ද ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ද අනුස්මරණය කරන්නේ ය. පුරුදු ද කරන්නේ ය.
Pali BJT329. ධම්මාරාමො ධම්මරතො ධම්මෙ ඨිතො ධම්මවිනිච්ඡයඤ්ඤූ, නො වාචරෙ ධම්මසන්දොසවාදං නියෙථ තච්ඡෙහි{1} සුභාසිතෙහී.
Sinhala BJT329. (ශමථ විදර්‍ශනා) ධර්‍මයෙහි රැඳුනේ (එම) ධර්‍මයෙහි ම නියැලුනේ ධර්‍මයෙහි පිහිටියේ (උදයඤාණ වයඤාණ විසින්) ධර්‍ම විනිශ්චය දන්නේ (සමථ විපස්සනා)ධර්‍මය කිලිටිකරණ කථා නො ම පුරුදු කරන්නේ ය. සත්‍ය වූ සුභාෂිතවලින් කල් ගත කරන්නේ ය.
Pali BJT330. හස්සං ජප්පං පරිදෙවං පදොසං මායාකතං කුහකං ගිද්ධිමානං, සාරම්භකක්කසකසාව මුච්ඡං{2} හිත්වා චරෙ වීතමදො ඨිතත්තො.
Sinhala BJT330. පහකළ (ආරෝග්‍යමදාදි) මද ඇත්තේ (චිත්ත වික්‍ෂේප නැති හෙයින්) පිහිටි සිත් ඇත්තේ සිනාව ද නිසරු තෙපුල් ද (ඥාතිව්‍යසනාදියෙහි) වැලපීම ද මනඃප්‍රදෝෂය ද (රවටනාබව වන) මායාව ද (ත්‍රිවිධ) කොහොන ද (සිවුපසයෙහි) ගිජුබව ද (ජාතිමානාදි) මානය ද (කරණෝත්තරියකරණ සඞ්ඛ්‍යාත) සාරම්භය ද, පරොස්බස් කියන බව ද, (රාගාදි) කසට ද (අධිකතෘෂ්ණා සඞ්ඛ්‍යාත) මූර්ඡාව ද හැරදමා හැසිරෙන්නේ ය.
Pali BJT331. විඤ්ඤාතසාරානි සුභාසිතානි සුතඤ්ච වඤ්ඤාතසමාධිසාරං, න තස්ස පඤ්ඤා ච සුතඤ්ච වඩ්ඪති යො සාහසො හොති නරො පමත්තො.
Sinhala BJT331. යම් පුරුෂයෙක් (රාගාදියෙන්) සැහැසි වූයේ (කුසල්දම් නොවඩනා හෙයින්) පමා වූයේ වේ ද, ඔහුට (සමථවිපස්සනා යි කියන ලද) සුභාෂිතයෝ දැනීම හර කොට ඇත්තාහු වෙති. ශ්‍රැතමය ඥානය ද දන්නාලද සමාධිය සාරය කොට ඇත්තේ වෙයි. ඔහුගේ ශ්‍රැතය ද ප්‍රඥාව ද නො වැඩේ.
Pali BJT332. ධම්මෙ ච යෙ අරියපවෙදිතෙ රතා අනුත්තරා තෙ වචසා මනසා කම්මනා ච තෙ සන්නිසොරච්චසාධිසණ්ඨිතා සුතස්ස පඤ්ඤාය ච සාරමජ්ඣගූති.
Sinhala BJT332. යමෙක් තුමූ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දෙසන ලද ශමථ විදර්‍ශනා ධර්‍මයෙහි වචසින් මනසින් හා කර්‍මයෙන් ඇලුනාහු වෙත් ද ඔහු අනුත්තර වෙති. නිර්‍වාණ නමැති ශාන්තිය අරමුණු කොට ඇති මාර්‍ග ප්‍රඥාවෙහි හා මාර්‍ගසමාධියෙහි පිහිටියා වූ ඔහු ශ්‍රැතයාගේ හා ප්‍රඥාවේ සාරය වූ අර්‍හත්ඵල විමුක්තිය ලැබුවාහු ය.
Pali BJTකිංසීලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTකිංසීල සූත්‍රය නිමි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJTඋට්ඨාන සුත්තං
Sinhala BJTඋට්ඨාන සූත්‍රය
Pali BJT333. උට්ඨහථ නිසීදථ කො අත්ථො සුපිතෙන වො, ආතුරානං භි කා නිද්දා සල්ලවිද්ධාන රුප්පතං.
Sinhala BJT333. (අලස බැවින්) නැගී සිටිවු, (පළක් බැඳ කර්‍මස්ථානානුයෝගය සඳහා) හිඳිවු, තොපට නින්දෙන් කවරැ අර්‍ත්‍ථයෙක් ද? හුලින් විදිනා ලදුව පෙළෙන ආතුරයනට කවර නින්දෙක් ද?
Pali BJT334. උට්ඨහථ නිසීදථ දළ්හං සික්ඛථ සන්තියා, මා වො පමත්තෙ විඤ්ඤාය මච්චුරාජා අමොසයිත්ථවසානුහෙ.
Sinhala BJT334. නැගී සිටිවු, හිඳගණිවු, (නිර්‍වාණ) ශාන්තිය පිණිස දැඩිව හික්මෙවු. තොප පමාවූවන් දැන වසගයන් කොට මරරද නහමක් මුළාකෙරේවා !
Pali BJT335. යාය දෙවා මනුස්ස ච සිතා තිට්ඨන්ති අත්ථිකා, තරථෙතං’විසත්තිකං ඛණො වො{1} මා උපච්චගා; ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
Sinhala BJT335. යම් තෘෂ්ණාවක් හේතුකොට ගෙණ (රූප ශබ්ද ආදිය) අර්‍ත්‍ථකොට ඇති දෙවියෝ ද, මිනිස්සු ද, (ඒ රූපාදි) අරමුණු ඇසුරු කොට සිටිද්ද, (නන් අරමුණුවල විසිර පවත්නා හෙයින්) විසත්තිකා නම් වූ ඒ තෘෂ්ණාව තරණය කරවු. (මේ මහණ පිරීමේ) මොහොත තොප නහමක් ඉක්ම යේවා! ක්‍ෂ්ණය ඉක්ම වූවාහු නිරයෙහි පිහිටියාහු ශෝක කෙරෙත් මය.
Pali BJT336. පමාදො රජො පමාදො{2} පමාදානුපතිතො රජො, අප්පමත්තෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනොති.
Sinhala BJT336. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය රජසෙකි. ප්‍රමාදයෙන් යලි යලි උපන් ප්‍රමාදය ද රජසෙකි. අප්‍රමාදයෙන් ද, (ආශ්‍රවක්‍ෂයඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාවෙන් ද තමාගේ (රාගාදි පඤ්චවිධ) හුල උදුරා ලන්නේය.
Pali BJTඋට්ඨානසුත්තං නිට්ඨිතං.
Sinhala BJTඋට්ඨාන සූත්‍රය නිමි.
Pali BJT2. 11.
Sinhala BJT2. 11.
Pali BJTරාහුල සුත්තං
Sinhala BJTරාහුල සූත්‍රය
Pali BJTSegment missing in this edition
Sinhala BJTවතථූගාථා යි.
Pali BJT337. කච්චි අභිණ්හසංවාසා නාවජානාසි පණ්ඩිතං උක්කාධාරො මනුස්සානං කච්චි අපචිතො තයා{3}
Sinhala BJT337. කිම නිතර සමඟ විසීම් හේතුයෙන් තෙපි පණ්ඩිත වූ (සැරියුත්) තෙරුනට අවමන් නො කරවු ද? මිනිසුනට නැණ පහන දල්වන්නේ කිම, තොප විසින් පුදන ලදුයේ ද?
Pali BJT338. නාහං අභිණ්හසංවාසා අවජානාමි පණ්ඩිතං, උක්කාධාරො මනුස්සානං නිච්චං අපචිතො මයා.
Sinhala BJT338. නිතර සමඟ විසීම් හේතුවෙන් (ඒ) පණ්ඩිතයන් වහන්සේට අවමන් නොකරමි, මිනිසුනට නැණ පහන දල්වන ඔබ මා විසින් නිතර පුදන ලද්දාහු වෙත්.
Pali BJT339. පඤ්චකාමගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ, සද්ධාය ඝරා නික්ඛම්ම දුක්ඛස්සන්තකරො භව.
Sinhala BJT339. ප්‍රියස්වරූප වූ මනරම් පස්කම් ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම දුක් කෙළවර කරනුයේ වව.
Pali BJT340. මිත්තෙ භජස්සු කල්යාණෙ පන්තඤ්ච{4} සයනාසනං, විචිත්තං අප්පනිග්ඝොසං මත්තඤ්ඤූ හොහි භොජනෙ.
Sinhala BJT340. කලණමිතුරන් ද ජනශූන්‍ය වූ මහජනහඬින් තොර වූ ප්‍රාන්ත සෙනසුන් ද ඇසුරු කරව.
Pali BJT341. චීවරෙ පිණ්ඩපාතෙ ච පච්චයෙ සයනාසනෙ, එතෙසු තණ්හං මා කාසි මා ලොකං පුනරාගමි.
Sinhala BJT341. සිවුරෙහි ද පිණ්ඩපාතයෙහි ද ගිලන්පසයෙහි ද සෙනෙසුන්හි ද යන මෙහි නහමක් තෘෂ්ණා කරව, වැලිත් ලෝකයට (උපත් විසින්) නහමක් පැමිණෙව.
Pali BJT342. සංවුතො පාතිමොක්ඛස්මිං ඉන්ද්රියෙසු ච පඤ්චසු, සති කායගතාත්යත්ථු නිබ්බිදා බහුලො භව.
Sinhala BJT342. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙහිද පඤ්චෙන්‍ද්‍රියයන්හිද සංවෘත වව. තොප සිත්හි කාගියා සී වේවා! නිර්වේදය බහුල කොට ඇතියෙක් වව,
Pali BJT343. නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං, අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
Sinhala BJT343. ශුභ වූ රාගය අසුරු කළ නිමිත්ත දුරලව, අශුභ භාවනායෙහි එකඟ වූ මොනොවට පිහිටි සිත වඩව.
Pali BJT344. අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ, තතො මානාභිසමයා උපසන්තො චරිස්සසීති.
Sinhala BJT344. (නිත්‍ය නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ විදර්‍ශනා භාවනාව වඩව. මානානුසය රහත්මගින් දුර ලව. ඉක්බිති මානයාගේ ව්‍යපශමයෙන් උපශාන්ත වූයේ හැසිරෙව යනු යි.
Pali BJTඉත්ථං සුදං භගවා ආයස්මන්තං රාහුලං ඉමාහි ගාථාහි අභිණ්හං ඔවදතීති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වූ රාහුලයනට මේ ගාථාවලින් නිතර අවවාද කරන සේක.
Pali BJTරාහුලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTරාහුල සූත්‍රය නිමි.
Pali BJT2. 12.
Sinhala BJT2. 12.
Pali BJTනිග්රොධකප්ප සුත්තං
Sinhala BJTනිග්‍රෝධකප්ප (වඞ්ගීස) සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස උපජ්ඣායො නිග්රොධකප්පො නාම ථෙරො අග්ගාළවෙ චෙතියෙ අචිරපරිනිබ්බුතො හොති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්‍යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ නිග්‍රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්.
Pali BJTඅථ ඛො ආයස්මතො වංගීසස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො උදාහු නො පරිනිබ්බුතොති.
Sinhala BJTඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව විවේකයට ගිය පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ හෝ නො පිරිවිනියේ දෝ හෝ” යි.
Pali BJTඅථ ඛො ආයස්මා වංගීසො සායන්හසමයං{1} පටිසල්ලානි වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා වංගීසො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදී: පරිනිබ්බුතො නු ඛො මෙ උපජ්ඣායො උදාහු නො පරිනිබ්බුතොති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර සවස් කල්හි පිළිසලනින් නැගිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ ම ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: ස්වාමීනි, මෙහි විවේකස්ථානයට ගියාවූ පිළිසලනෙහි ඇළුනු මාගේ සිත් හී මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ නො පිරිනිවියේ දෝ” යි.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා භගවත් හට ගාථායෙන් (මෙසේ) කීහ.
Pali BJT345. පුච්ඡාම සත්ථාරං අනොමපඤ්ඤං දිට්ඨෙව ධම්මෙ යො විචිකිච්ඡානං ඡෙත්තා, අග්ගාළවෙ කාලමකාසි භික්ඛු ඤාතො යසස්සි අභිනිබ්බුතත්තො.
Sinhala BJT345. යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ඉහාත්මභාවයෙහි ම සැක දුරලන්නාහූ වෙත් ද, මහාප්‍රාඥ ශාස්තෘ වූ මුබවහන්සේ පුළුවුස්මි. ප්‍රකට වූ යශස්වී වූ නිවුනු සිත්ඇති මහණකෙනෙක් අග්ගාලව චෛත්‍යයෙහි කලුරිය කළහ.
Pali BJT346. නිග්රොධකප්පො ඉති තස්ස නාම, තයා කතං භගවා බ්රාහ්මණස්ස, සො තං නමස්සං අචරි මුත්යපෙක්ඛො ආරද්ධවිරියො දළ්හධම්මදස්සී.
Sinhala BJT346. භාග්‍යවතුන් වහන්ස, ඒ බ්‍රාහ්මණජාතිකයාහට නිග්‍රෝධකප්ප යන නම ඔබවහන්සේ විසින් කරණ ලද. දෘඪ වූ (නිර්‍වාණ) ධර්‍මය දක්නා වූ හෙ ඇරයූ වැර ඇත්තේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) මෝක්‍ෂය පතන්නේ ඔබ වහන්සේ නමදිමින් විසී ය.
Pali BJT347. තං සාවකං සක්ක{1} මයම්පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු, සමවට්ඨිතා නො සවණාය සොතා ත්වං නො සත්ථා ත්වං අනුත්තරොසි.
Sinhala BJT347. ශාක්‍ය කුලයෙහි උපන්නාවූ සමතැසානන් වහන්ස, අපි සැවො ම ඒ සව්වානන් දැනගණු කැමැත්තෙමු. ඇසීම පිණිස අපගේ සවන් එළඹ සිටියේය. මුබවහන්සේ අපගේ ශාස්තෘ වනසේක. මුබවහන්සේ අනුත්තර වනසේක.
Pali BJT348. ඡින්දෙව නො විචිකිච්ඡං බ්රූහි මෙතං පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ, මජ්ඣෙව නො භාස සමන්තචක්ඛු සක්කොව දෙවානං{2} සහස්සනෙත්තො.
Sinhala BJT348. මහාප්‍රාඥයන් වහන්ස, ඒකාන්තයෙන්ම අපගේ සැකය සිඳලන සේක්වා: මට මෙය වදාරණ සේක්වා! ඔහු පිරිනිවිහිදැ යි දන්වන සේක්වා! සමතැසානන් වහන්ස, දෙවියන්ගේ දහසක් නෙත් ඇති සක්දෙවිඳු මෙන් අපගේ මධ්‍යයෙහි වොරැඳන සේක් වා!
Pali BJT349. යෙ කෙචි ගන්ථා ඉධ මොහමග්ගා, අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡට්ඨානා, තථාගතං පත්වා න තෙ භවන්ති චක්ඛුං හි එතං පරමං නරානං.
Sinhala BJT349. මෙ ලොව්හි මෝහමාර්‍ග වූ අවිද්‍යාපක්‍ෂයෙහි වූ, සැකයනට හේතුවූ, යම්කිසි (අභිධ්‍යාදි වූ) ග්‍රන්‍ථයෝ වෙත් නම්, තථාගතයන් වහන්සේ වෙත පැමිණ ඔහු නො මැ වෙති. යම් හෙයෙකින් තෙල (තථාගත) මනුෂ්‍යයන්ගේ උතුම් පැණැස වේ නම් එහෙයිනි.
Pali BJT350. නො චෙ හි ජාතු පුරිසො කිලෙසෙ වාතො යථා අබ්භඝනං විහානෙ, තමො වස්ස නිවුතො සබ්බලොකො න ජොතිමන්තොපි නරා තපෙය්යුං.
Sinhala BJT350. ඉදින් යම් හෙයකින් (තථාගත) පුරුෂ ඒකාන්තයෙන් මාරුතය වලාකුල් රොදක් මෙන් කෙලෙස් නො නසාලන්නේ නම්, (එසේ වත්ම), මුළු ලොව අවිද්‍යාන්‍ධකාරයෙන් ඇවුරුණේ අඳුරුම වන්නේ ය. (සැරියුත් මහතෙර ආදී වූ) ජ්‍යොතිර්‍මත් මනුෂ්‍යයෝ ද (ප්‍රකට වීම් වශයෙන්) නො මැ තෙවුනාහ.
Pali BJT351. ධීරා ච පජ්ජොතකරා භවන්ති තං තං අහං ධීර තථෙව මඤ්ඤෙ, විපස්සිනං ඣානමුපාගමම්හ පරිසාසු නො ආවිකරොහි කප්පං.
Sinhala BJT351. පණ්ඩිතයෝම ප්‍රඥාප්‍රද්‍යොතකර වෙති. වීරයන් වහන්ස, ඒ ඔබ එසේම යයි මම හඟිම්, (අපි) මුබවහන්සේ ‘විදර්ශී’ යි දන්නමෝ (මෙහි) එළඹියෙමු. පිරිස් මැද අපගේ (නිග්‍රෝධ) කප්ප තෙරුන් ප්‍රකටකරණ සේක්වා!
Pali BJT352. ඛිප්පං ගිරං එරය වග්ගුවග්ගුං හංසොව පග්ගය්හ සනිකං නිකූජං,{3} බින්දුස්සරෙන සුවිකප්පිතෙන සබ්බෙව තෙ උජ්ජුගතා සුණොම.
Sinhala BJT352. මොනොවට කල්පිත වූ බින්‍දුස්වරයෙන් වහා (අරුත් රසින්) ඉතා මනරම් වූ තෙපුල් වදාරණසේක්වා! හංසයෙකු මෙන් ගෙල ඔසොවා නාද කරන සේක්වා! ඉඳුසිත් ඇති අපි හැම මුබවහන්සේ ගේ බස් අසම්හ,
Pali BJT353. පහීනජාතිමරණං අසෙසං නිග්ගය්හ ධොනං වදෙස්සාමි ධම්මං, න කාමකාරො හි පුථුජ්ජනානං සඞ්ඛෙය්යකාරොව තථාගතානං.
Sinhala BJT353. නිරවශේෂ කොට ප්‍රහීණ කළ ජාතිමරණ ඇති නිගෙණ වැනැසූ පව් ඇති තථාගතයන් ලවා දහම් දෙස්වන්නෙමි, පුහුදුනන් බඳු කැමැතිසේ කිරීමෙක් තථාගතයනට නැත් මැ යි. තථාගතයන් වහන්සේගේ මීමාංසාකාරයම වේ.
Pali BJT354. සම්පන්නවෙය්යාකරණං තවෙදං සමුජ්ජුපඤ්ඤස්ස සමුග්ගහීතං, අයමඤ්ජලී පච්ඡිමො සුප්පණාමිතො මා මොහයී ජාන’මනොමපඤ්ඤ.
Sinhala BJT354. මොනොවට ඍජු වූ ප්‍රඥා ඇති මුබවහන්සේ ගේ මේ සම්පුර්‍ණවූ ව්‍යාකරණ ඇති බව (අප විසින්) මැනවින් දැනගන්නා ලද්දෙකි. මේ පැසුළු ඇඳිලි නැමදුම් මොනොවට කරණ ලදී. (නිග්‍රෝධකප්ප තෙරුන්ගේ ගතිය) දන්නාසේක් ම, මහාප්‍රාඥයන් වහන්ස, අපෙ නහමක් මුළා කරන සේක්වා!
Pali BJT355. පරොවරං අරියධම්මං විදිත්වා මා මොහයී ජාන’මනොමවීර, වාරිං යථා ඝම්මනි ඝම්මතත්තො වාචාභිකඞ්ඛාමි සුතං පවස්ස.{1}
Sinhala BJT355. උත්තම වීරයන් වහන්ස, කුදුමහත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය පිළිවිද දන්නාසේක් ම (අප) මුළා නො කරණ සේක්වා, ග්‍රීෂ්මකාලයෙහි උෂ්ණයෙන් තැවුනෙකු ජලය පතන්නා සේ (මුබවහන්සේගෙන්) බසක් පතමි, ශ්‍රැතය (ශබ්දායතනය) වස්වන සේක්වා!
Pali BJT356. යදත්ථිකං බ්රහ්මචරියං අචාරි{2} කප්පායනො කච්චිස්ස තං අමොඝං, නිබ්බායි සො ආදු උපාදිසෙසො යථා විමුත්තො අහු නං සුණොම.
Sinhala BJT356. (නිග්‍රෝධ) කප්පායන තෙරණුවෝ යම් රහත් බවක් අර්‍ත්‍ථ කොට ඇති (මාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යයක් කොළෝ නම් කිම, ඔහුට එය නොසිස් වීද? හෙතෙමේ විමුක්තයකු (අශෛක්‍ෂයකු) මෙන් (අනුපාදිසේසපරිනිබ්බාණයෙන්) පිරිනිවියේ ද? නැතහොත් උපාදිසෙස සහිත (ශෛක්‍ෂ) යෙක් වී ද? එය (අපි) අසම්හ.
Pali BJT357. අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ (ඉති භගවා) කණ්හස්ස සොතං දීඝරත්තානුසයිතං, අතාරි ජාතිමරණං අසෙසං ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො.
Sinhala BJT357. (හෙ) මේ නාමරූපයෙහි දීර්‍ඝ රාත්‍රයෙහි අනුශයිත කෘෂ්ණයා (මාරයා) ගේ ස්‍රොතස වූ තෘෂ්ණාව සිඳලීය. නිරවශේෂ කොට ජාති මරණ දෙක තරණය කෙළේ ය යි (ශ්‍රද්ධාදී) පඤ්චධර්‍මයෙන් ද පසැස් නුවණින්ද ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.