Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 1570

SegmentPali BJTSinhala BJT
Pali BJT223. සිඛී යථා නීලගීවො විහඞ්ගමො හංසස්ස නොපෙති ජවං කුදාචනං, එවං ගිහී නානුකරොති භික්ඛුනො මුනිනො විවිත්තස්ස වනම්හි ඣායතොති.
Sinhala BJT223. අහස්හි සරණා නිල් ගෙල ඇති මොණර කිසිකලෙකත් හංසයාගේ ජවයට යම් සේ නො පැමිණේ ද, එසෙයින් ගෘහී වෙනෙහි ධ්‍යාන කරණසුලු කාය-චිත්ත විවේක ඇති, මුනි වූ මහණහු අනුකරණ නො කෙරෙයි.
Pali BJTමුනිසුත්තං නිට්ඨිතං.
Sinhala BJTමුනි සූත්‍රය නිමි.
Pali BJTඋරගවග්ගො පඨමො.
Sinhala BJTපළමු වැනි උරගවර්‍ගය.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋරගො ධනියො චෙව විසාණඤ්ච තථා කසී, චුන්දො පරාභවො චෙව වසලො මෙත්තභාවනා. සාතාගිරො ආළවකො විජයො ච තථා මුනි, ද්වාදසෙතානි සුත්තානි උරගවග්ගොති වුච්චති.
Sinhala BJTඋරග සූත්‍රය ද, ධනිය සූත්‍රය ද, ඛග්ගවිසාණ සූත්‍රය ද, සූත්‍රය ද, එසේ ම කසීභාරද්වාජ සූත්‍රය ද, චුන්‍ද සූත්‍රය ද, පරාභව සූත්‍රය ද, වසල සූත්‍රය ද, (කරණීය) මෙත්ත සූත්‍රය ද, සාතාගිරි සූත්‍රය ද, ආළවක සූත්‍රය ද, විජය සූත්‍රය ද, එසේම මුනි සූත්‍රය ද යන මේ දොළොස් සුතුරු උරගවගැයි කියනු ලැබේ.
Pali BJT2. චුල්ලවග්ගො
Sinhala BJT2. චූල වර්‍ගය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTරතනසුත්තං
Sinhala BJTරතන සූත්‍රය
Pali BJT224. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ, සබ්බෙව භූතා සුමනා භවන්තු අථොපි සක්කච්ච සුණන්තු භාසිතං.
Sinhala BJT224. මෙහි රැස්වූ යම් භූම්‍යස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද යම් අන්තරීක්‍ෂයෙහි වැසි අමනුෂ්‍ය කෙනෙක් හො වෙත් ද, ඒ හැම භූතයෝ සොම්නස් වෙත් වා! තවද මාගේ භාසිතය සකසා අසත් වා.
Pali BJT225. තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ මෙත්තං කරොථ මානුසියා පජාය, දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා.
Sinhala BJT225. එසෙයින් ම හැම අමනුෂ්‍යයෝ අසත්වා! මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිකරව. යම් මනුෂ්‍ය කෙනෙක් දව රෑ දෙක්හි පුද එළවත් ද, එහෙයින් ම අප්‍රමත්ත වූවාහු ඔවුන් රකුව.
Pali BJT226. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වා යං රතනං පණීතං, න නො සමං අත්ථි තථාගතෙන ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT226. මෙ මිනිස් ලොවැ හෝ නාග සූපර්‍ණාදී අන් ලොවෙකැ හෝ යම් ධනයෙකුත් වේද, ස්වර්‍ගයෙහි හෝ යම් ප්‍රණීත වූ රත්නයෙකුත් වේද, ඔවුනතුර තථාගතයන් හා සම එක ද රුවනෙක් නැත, මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT227. ඛයං විරාගං අමතං පණීතං යදජ්ඣගා සක්යමුනී සමාහිතො, න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චී ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT227. (ආර්‍ය්‍යමාර්‍ග සමාධියෙන්) සමාහිත වූ ශාක්‍යමුනි රාගාදී කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් විරාග නම් වූ ක්ලේශ ක්‍ෂය වූ අමෘත වූ ප්‍රණීත වූ යම් නිවනක් අවබෝධ කෙළේ ද, ඒ නිර්‍වාණ ධර්‍මය හා සමවූ අන් කිසිදු රුවනෙක් නැත, මේද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!
Pali BJT228. යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං සමාධි මානන්තරිකඤ්ඤමාහු, සමාධිනා තෙන සමො න විජ්ජති ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT228. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (කෙළෙස් මල මුලුසුන් කරන හෙයින්) අත්‍යන්තයෙන් ව්‍යවදාන වූ යම් මාර්‍ගධර්‍මයක් වර්‍ණනා කළ සේක්ද, යම් ඵල සමාධියක් (මාර්‍ගයටඅනතුරුවම පල දෙන බැවින්) ආනන්තරිකය’යි වදාළ සේක් ද, ඒ සමාධිය හා සම වූ අනෙක් රුවනෙක් නැත. මෙ ද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT229. යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති, තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි, ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT229. බුද්ධාදි සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් අට අරී පුඟුල් කෙනෙක් වෙත් ද, තෙල පුරුෂ යුගලයෝ සතර දෙනෙක් වෙති. බුද්ධ ශ්‍රාවක වූ ඔහු දක්‍ෂිණාර්‍හ වෙති. තුලුනු කෙරෙහි දන්හු මහත් ඵල වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවය වේ. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT230. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන නික්කාමිනො ගොතම සාසනම්හි තෙ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT230. යම් රහත් කෙනෙක් ගෞතම සාසනයෙහි දැඩි සිතින් මොනොවට විදර්‍ශනායෙහි ප්‍රයුක්ත වූවාහු (ප්‍රඥා වීර්‍ය්‍ය ධූර දෙකින්) සියලු කෙලෙසුන්ගෙන් නික්මුනාහු වෙත් ද, ඔවුහු අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත ප්‍රාප්තියට පැමිණියාහු නිර්‍වාණ නම් වූ අමෘතයට බැස ගෙන නිවන් ලැබ ව්‍යය රහිතව වළදනාහු වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!
Pali BJT231. යථින්දඛීලො පඨවිංසිතො සියා චතුබ්භි වාතෙහි අසම්පකම්පියො, තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති, ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT231. යම් (සෝවාන්) පුඟුලෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද දක්නේ ද, ඒ සත්පුරුෂ පොළොවෙහි සිටුවන ලද ඉන්‍ද්‍රකීලය සිවු දිගින් හමන සුළඟින් යම් සේ නොසැලිය හේ ද, එ සත්පුරුෂ එවැනි උපමා ඇතිකොට කියමි. මෙ ද සඞ්ඝරත්නය කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT232. යෙ අරියසච්චානි විභාවයන්ති ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති, ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT232. (සත්තක්ඛත්තුපරම යි කියන ලද) යම් පුද්ගල කෙනෙක් ගැඹුරු පැණ ඇති බුදුරජුන් විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යසත්‍යයන් (ප්‍රඥාවභාසයන්) ප්‍රකට කෙරෙත් ද, ඔවුහු (දෙව්රජසිරි, සක්විතිරජසිරි ඈ ලබා) සසර බෙහෙවින් පමාවූවාහු නමුදු ඔහු අටවැනි භවයක් (උපත් විසින්) නො ගනිත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT233. සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති, සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි, චතූහපායෙහි ච විප්පමුත්තො ඡ චාභිඨානානි අභබ්බො කාතුං ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT233. ඔහුගේ (සෝතාපත්තිමග්ගසම්පත්තිසඞඛ්‍යාත) දර්‍ශන සම්පත් සමග මැ සත්කාය දෘෂ්ටි ද විච්කිත්සා ද ශීලව්‍රපරාමර්‍ශ දැයි යන යම් කිසිවක් ඇත් ද, ඒ ධර්‍මයෝ තුන්දෙන (ප්‍රහීණ කිරීම් වශයෙන්) හරණා ලද වෙති. සිවු අපායෙනුදු හෙ විමුක්ත වෙයි. (පඤ්ච ආනන්තර්‍ය්‍ය හා අන්‍යශාස්තෘ උද්දේශකය ද යන) ඖදාරික කර්‍ම සය කිරීමට ද නොනිසි වෙයි. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT234. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ්බො සො තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා, ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT234. තව ද හේ කයින් වේවයි බසින් වේවයි යලි සිතින් වේවයි පව්කම් කෙරේ නමුදු, එය පිළිපන් කිරීමට අභව්‍ය වෙයි. දුටු නිර්‍වාණ පද ඇතියහුගේ (දර්‍ශන සම්පන්න පුද්ගලයාගේ) (ඒ) අභව්‍යතාව කියන ලදු. මේද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT235. වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ ගිම්හානමාසෙ පඨමස්මිං ගිම්හෙ, තථූපමං ධම්මවරං අදෙසයි නිබ්බානගාමිං පරමං හිතාය, ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT235. ග්‍රීෂ්ම ඍතුයෙහි ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි, (බක් මසැ) පිපී ගිය මල් බර අතු පතර ඇති වන ගොමුවක් යම් සේ වේ ද, එය උපමා කොට ඇති අත්‍යුත්තම වූ නිර්‍වාණගාමී වූ (පර්‍ය්‍යාප්ති) ධර්‍මය (සත්‍වයනට) හිත පිණිස දෙසූහ. මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT236. වරො වරඤ්ඤූ වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයී ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT236. (සර්‍වඥතාඥානලාබයෙන්) උතුම් වූ, (නිර්‍වාණ ධර්‍ම සංඛ්‍යාත) වරය දන්නා වූ, (දෙවි මිනිස්නට නිර්වේද භාගීය වාසනා භාගීය) වරධර්‍මය දෙන්නා වූ, (ආර්‍ය්‍යමාර්‍ගසංඛ්‍යාත) වර එළවන්නාවූ, අනුත්තර බුදුහු ලෝකෝත්තර ධර්‍මය දෙසූහ. මෙ ද බුදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT237. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං, තෙ ඛීණබීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායම්පදීපො, ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු.
Sinhala BJT237. (රහත්හුගේ) පැරණි කර්‍ම ගෙවී ගියේ ය. නව (කර්‍ම) ප්‍රාදූර්‍භූතභාවයෙක් නැත. පුනර්‍භවයෙහි පහ වූ රාගසිත් ඇති ගෙවුනු කර්‍ම බීජ ඇති, නො වැඩෙන ඡන්‍දරාග ඇති, ඒ පණ්ඩිත වූ ක්‍ෂීණශ්‍රාවයෝ මේ පහන සෙයින් නිවෙත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
Pali BJT238. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ, තථාගතං දෙවමනුස්සපූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු.
Sinhala BJT238. මෙහි රැස් වූ යම් භූමිත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් නමදිම්හ. සත්හට සෙත් වේවා !
Pali BJT239. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ, තථාගතං දෙවමනුස්සපූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු.
Sinhala BJT239. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්‍මය නමදිම්හ. සත්හට සෙත් වේවා !
Pali BJT240. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ, තථාගතං දෙවමනුස්සපූජිතං සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතු.
Sinhala BJT240. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත සඞ්ඝයා නමදිම්හ. සත්හට සෙත් වේවා !
Pali BJTරතනසුත්තං නිට්ඨිතං.
Sinhala BJTරතන සූත්‍රය නිමි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTආමගන්ධසුත්තං
Sinhala BJTආමගන්‍ධ සූත්‍රය
Pali BJT241. සාමාකචිඞ්ගුළකචීනකානි ච පත්තප්ඵලං මූලප්ඵලං ගවිප්ඵලං, ධම්මෙන ලද්ධං සතමස්නමානා{1} න කාමකාමා අලිකං භණන්ති.
Sinhala BJT241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.
Pali BJT242. යදස්නමානො සුකතං සුනිට්ඨිතං පරෙහි දින්නං පයතං පණීතං, සාලීනමන්නං පරිභුඤ්ජමානො සො භුඤ්ජතී කස්සප ආමගන්ධං.
Sinhala BJT242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වළඳනා හේ ආමගන්‍ධය වළඳන්නේය.
Pali BJT243. න ආමගන්ධො මම කප්පතීති ඉච්චෙව ත්වං භාසසි බ්රහ්මබන්ධු, සාලීනමන්නං පරිභුඤ්ජමානො සකුන්තමංසෙහි සුසංඛතෙහි, පුච්ඡාමි තං කස්සප එතමත්ථං කථංපකාරො තව ආමගන්ධො.
Sinhala BJT243. බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍රවූ) බ්‍රහ්මබන්‍ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වළඳනුවෝ මැ (තොපි) “මට ආමගන්‍ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්‍ධය කවර ප්‍රකාර ඇත්තේ ද?
Pali BJT244. පාණාතිපාතො වධඡෙදබන්ධනං ථෙය්යං මුසාවාදො නිකතී වඤ්චනානි, අජ්ඣෙනකුජ්ඣං පරදාරසෙවනා එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT244. ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡේද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍රතිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්‍ත්‍ථක __ශ්‍රන්ථ__ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්‍ධ වෙයි. මාංස භෝජන (ආමගන්‍ධ) නො වේ.
Pali BJT245. යෙ ඉධ කාමෙසු අසඤ්ඤතා ජනා රසෙසු ගිද්ධා අසුචීකමිස්සිතා,{2} නත්ථිකදිට්ඨි විසමා දුරන්නයා එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT245. මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍රභාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්‍දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.
Pali BJT246. යෙ ලූඛසා දාරුණා පිට්ඨිමංසිකා, මිත්තද්දුනො නික්කරුණා තිමානිනො අදානසීලා න ච දෙන්ති කස්සචි එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT246. යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්‍ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.
Pali BJT247. කොධො මදො ථම්භො පච්චුට්ඨාපනා ච මායා උසූයා භස්සසමුස්සයො ව, මානාතිමානො ච අසබ්භි සන්ථවො එසාමගන්ධො න හි මංසයොජනං.
Sinhala BJT247. ක්‍රෝධය ද, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්‍මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්‍ෂණ කොට ඇති) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්‍ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍රය ද යන මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
Pali BJT248. යෙ පාපසීලා ඉණඝාතසුචකා වොහාරකූටා ඉධ පාටිරූපිකා නරාධමා යෙ’ධ කරොන්ති කිබ්බිසං එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT248. යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
Pali BJT249. යො ඉධ පාණෙසු අසඤ්ඤතා ජනා පරෙසමා’දාය විහෙසමුය්යුතා, දුස්සීලලුද්දා ඵරුසා අනාදරා එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT249. මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
Pali BJT250. එතෙසු ගිද්ධා විරුද්ධාතිපාතිනො නිච්චුය්යුතා පෙච්ච තමං වජන්ති යෙ, පතන්ති සත්තා නිරයං අවංසිරා එසාමගන්ධො න හි මංසභොජනං.
Sinhala BJT250. මේ ප්‍රාණීන් කෙරෙහි (ලෝභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලෝකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
Pali BJT251. න මච්ඡමංසං නානසකත්තං න නග්ගියං න මුණ්ඩියං ජටාජල්ලං ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසෙවනා වා යෙ චාපි ලොකෙ අමරා බහූ තපා මන්තා’හුතී යඤ්ඤමුතූපවෙසනා සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං.
Sinhala BJT251. මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දළමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බඳු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වේද මන්ත්‍රහෝ හෝම කර්‍ම ද අශ්වමේධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
Pali BJT252. සොතෙසු ගුත්තො විදිතින්ද්රියො චරෙ ධම්මෙ ඨිතො අජ්ජවමද්දචෙ රතො, සඞ්ගාතිගො සබ්බදුක්ඛප්පහීනො න ලිප්පතී{1} දිට්ඨසුතෙසු ධීරො.
Sinhala BJT252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්‍ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්‍මයන්හි නො ලැගෙයි.
Pali BJT253. ඉච්චෙතමත්ථං භගවා පුනප්පුනං අක්ඛාසි නං{1} වෙදයි මන්තපාරගූ, චිත්රාහි ගාථාහි මුනීපකාසයී නිරාමගන්ධො අසිතො දුරන්නයො.
Sinhala BJT253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්‍ත්‍ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍රයන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගන්‍ධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
Pali BJT254. සුත්වාන බුද්ධස්ස සුභාසිතං පදං නිරාමගන්ධං සබ්බදුක්ඛප්පනූදනං, නීචමනො වන්දි තථාගතස්ස තත්ථෙව පබ්බජ්ජමරොචයිත්ථාති.
Sinhala BJT254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්‍ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.
Pali BJTආමගන්ධසුත්තං නිට්ඨිතං.
Sinhala BJTආමගන්‍ධ සූත්‍රය නිමි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTහිරිසුත්තං
Sinhala BJTහිරි සූත්‍රය
Pali BJT255. හිරිං තරන්තං විජිගුච්ඡමානං සඛා හමස්මි{2} ඉති භාසමානං, සය්හානි කම්මානි අනාදියන්තං නෙ සො මමන්ති ඉති තං විජඤ්ඤා.
Sinhala BJT255. ලජ්ජාව ඉක්මවා යන්නාවූ (නිර්ලජ්ජවූ), (හිරියට) පිළිකුල් කරන්නාවූ, “මම ඔබගේ යහළුවෙකිමි”යි කියන්නා වූ කළ හැකි කර්‍ම නො පිළිගන්නාවූ, ඒ මිත්‍ර ප්‍රතිරූපකයා තෙල මාගේ යහළු නොවේ”යි (පණ්ඩිත තෙමේ) දන්නේ ය.
Pali BJT256. අනන්වයං පියං වාචං යො මිත්තෙසු පකුබ්බති, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT256. යමෙක් මිතුරන් අතරදී අනුගත නො වන ප්‍රිය වචන කථා කෙරේ ද, (ක්‍රියාවෙන්) නො කරණ, (වචනයෙන් පමණක්) කථාකරණ, ඔහු පණ්ඩිතයෝ (මේ වචීපරමයෙකැයි) හඳුනා ගනිත්.
Pali BJT257. න සො මිත්තො යො සදා අප්පමත්තො භෙදා සඞ්කි රන්ධමෙවානුපස්සී, යස්මිඤ්ච සෙති උරසීව පුත්තො ස වෙ මිත්තො සො පරෙහි අභෙජ්ජො.
Sinhala BJT257. යමෙක් හැම කල්හි භේදය ම පතන්නේ (යහළුවාගේ) සිදුරක් ම බලන්නේ. සිදුරු සෙවීමෙහි ම නො පමා වේද, හේ මිත්‍රයෙක් නොවේ. (යමෙක්) යම් මිතුරකු කෙරෙහි උරෙයිදා පුතකු සෙයින් වෙසේ ද, යමෙකු ත් (කරුණු දහසක් නමුදු කියා) මෙරමා විසින් නො බිඳිය හේ ද, ඒකාන්තයෙන් හේ මිත්‍රවෙයි.
Pali BJT258. පාමුජ්ජකරණං ඨානං පසංසාවහනං සුඛං, ඵලානිසංසො භාවෙති වහන්තො පොරිසං ධුරං.
Sinhala BJT258. පුරුෂයකු හට අනුරූ බර උසුලන්නේ, නිර්‍වාණ ඵල (සඞ්ඛ්‍යාත) අනුසස් පතන්නේ, ප්‍රමෝදය දනවන්නා වූ සුඛහේතු වූ ප්‍රශංසා එළවන්නාවූ, (සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) කාරණය වඩා නම් -
Pali BJT259. පවිවෙකරසං පීත්වා රසං උපසමස්ස ච, නිද්දරො හොති නිප්පාපො ධම්මපීති රසං පිබන්ති.
Sinhala BJT259. හේ ආර්‍ය්‍ය ධර්‍ම ප්‍රීතිරස පානය කරන්නේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) ප්‍රකර්‍ෂ විවේක රසය ද (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) උපසමයාගේ රසය ද පානය කොට කෙලෙස් පිරිතැවුලි නැත්තේ නිෂ්පාපයෙක් (පව් නැත්තෙක්) වේ.
Pali BJTහිරිසුත්තං නිට්ඨිතං.
Sinhala BJTහිරි සූත්‍රය නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTමංගලසුත්තං
Sinhala BJTමහාමඞ්ගල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් ඉක්ම ගිය පෙර යම ඇති රැයෙක විසිතුරු සිරුරු පැහැයෙන් යුත් එක්තරා දෙවියෙක් මුලු මහත් දෙව්රම එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් සැළකෙළේ ය:-
Pali BJT260. බහු දෙවා මනුස්සා ච මඞ්ගලානි අචින්තයුං, ආකඞ්ඛමානා සොත්ථානං බ්රූහි මඞ්ගල මුත්තමං.
Sinhala BJT260. සෙත් පතන්නාවූ බොහෝ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද (සව් සැපට කරුණුවූ) මුඟුල් සිතූහ. (එහෙයින්) උතුම්වූ මඟුල් (කිම දැ යි) දෙසන සේක්වා!
Pali BJT261. අසෙවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා, පූජා ච පූජනීයානං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT261. බාලයන් නො සෙවීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද, යන මෙය උතුම් මඟුලි.
Pali BJT262. පතිරූපදෙසවාසො ච පුබ්බෙ ච කතපුඤ්ඤතා, අත්තසම්මාපණිධි ච එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT262. සුදුසු පියසෙක්හි විසීම ද, පෙර කළ පින් ඇතිබව ද, සිත මොනොවට පිහිටුවීම ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT263. බාහුසච්චඤ්ච සිප්පඤ්ච විනයො ච සුසික්ඛිතො, සුභාසිතා ච යා වාචා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT263. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි දක්‍ෂ බව ද, (කාවිසිමුනු දොර ) හික්මවීම ද, (ආචාර ගුණව්‍යවස්ථානයෙන්) මොනොවට හික්මුනු බව ද. සුබැසි බස ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT264. මාතාපිතූ උපට්ඨානං පුත්තදාරස්ස සඞ්ගහො, අනාකුලා ච කම්මන්තා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT264. මවුපිය උවටන ද, අඹුදරුවන් සැඟහීම ද, නිරවුල් වූ කර්‍මාන්ත ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT265. දානඤ්ච ධම්මචරියා ච ඤාතකානඤ්ච සඞ්ගහො, අනවජ්ජානි කම්මානි එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT265. දන්දීම ද, (දසකුසල්) දම්හි හැසිරීම ද, නෑයනට සැඟහීම ද, නිරවද්‍යකර්‍ම ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT266. ආරති විරති පාපා මජ්ජපානා ච සඤ්ඤමො, අප්පමාදො ච ධම්මෙසු එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT266. (සිතින්) පවෙහි නො ඇල්ම ද, (ත්‍රිවිධ විරතීන්ගේ වශයෙන්) පවින් වැළකීම ද, මත්පැනින් වෙන් වීම ද, (කුසල්) දහම්හි නො පමා බව ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT267. ගාරවො ච නිවාතො ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා, කාලෙන ධම්මසවණං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT267. (බුදු-පසේ බුදු- බුදුසවු-ඇදුරු උවදෑ ඈනට) ගරු කිරීම ද, නිහතමාන බවද, ලද දැයින් සතුටු වීම ද, කළගුණ දන්නා බව ද, සුදුසු කල්හි දහම් ඇසීම ද යන යන මෙය උතුම් මඟුලි.
Pali BJT268. ඛන්තී ච සොවචස්සතා සමණානඤ්ච දස්සනං, කාලෙන ධම්මසාකච්ඡා එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT268. ඉවසීම ද සුවච බව ද මහණුන් දැක්ම ද සුදුසු කල්හි ධර්‍ම සාකච්ඡාව ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT269. තපො ච බ්රහ්මචරියඤ්ච අරියසච්චානදස්සනං, නිබ්බානසච්ඡිකිරියා ච එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT269. (ඉන්‍ද්‍රිය සංවර වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) තපස ද බඹසර ද චතුරාර්‍ය්‍ය සත්‍යයන් දැකීම ද නිවන් පසක් කිරීම ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT270. ඵුට්ඨස්ස ලොකධම්මෙහි චිත්තං යස්ස න කම්පති, අසොකං විරජං ඛෙමං එතං මඞ්ගලමුත්තමං.
Sinhala BJT270. අටලෝ දහමින් පහස්නා ලද යමකුගේ සිත නො සැලේ ද ශෝකයෙන් තොර ද පහ වූ කෙලෙස් රජස් ඇත්තේ ද බිය රහිත ද යන මෙය උතුම් මඟුලි.
Pali BJT271. එතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා, සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තෙසං මඞ්ගලමුත්තමන්ති.
Sinhala BJT271. (ස්කන්‍ධ-ක්ලේස -අභිසංස්කාර-දේවපුත්‍රමාර සඞ්ඛ්‍යාත) සියලු තන්හි නො පැරදුනාහු මෙබඳු මඞ්ගලයන් කොට (මෙලෝ පරලෝ) හැම තන්හි සැපයට පැමිණෙත් යි.
Pali BJTමඞ්ගලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTමහාමඞ්ගල සූත්‍රය නිමි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTසූචිලොම සුත්තං
Sinhala BJTසූචිලෝම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ්චෙ සූචිලොමස්ස යක්ඛස්ස භවනෙ. තෙන ඛො පන සමයෙන ඛරො ච යක්ඛො සූචිලොමො ච යක්ඛො භගවතො අවිදූරෙ අතික්කමන්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ගම නොදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි වැඩවෙසෙන සේක. එ සමයෙහි ‘ඛර’ නම් යක්‍ෂ ද, සුචිලෝම යක්‍ෂ ද, භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයෙති.
Pali BJTඅථ ඛො ඛරො යක්ඛො සූචිලොමං යක්ඛං එතදවොචත එසො සමණොති: නෙසො සමණො සමණකො එසො. යාව ජානාමි යදි වා සො සමණො යදි වා සමණකොති.
Sinhala BJTඉක්බිති ඛර යක්‍ෂයා සුචිලෝම යක්‍ෂයා හට මෙසේ කීය: තෙල ශ්‍රමණයෙක. තෙල ශ්‍රමණයෙක් නො වේ. තෙල (ශ්‍රමණ ප්‍රතිරූපක) ශ්‍රමණකයෙකි. හෙතෙමේ ශ්‍රමණයෙක් ද නැතහොත් ශ්‍රමණකයෙක් දැයි යම්තාක් දනිම් නම් ඒ තාක් නවතුව.
Pali BJTඅථ ඛො සූචිලොමො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතො කායං උපනාමෙසි.
Sinhala BJTඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේට (සිය) කය නතු කෙළේය.
Pali BJTඅථ ඛො භගවා කායං අපනාමෙසි,
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ (සිය) කය පසෙකට නැමූ සේක.
Pali BJTඅථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං එතදවොච,
Sinhala BJTඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ හට තෙල කීය:
Pali BJTභායසි මං සමණාති.
Sinhala BJTමහණ මට බානෙහි ද?
Pali BJTනඛ්වාහන්තං ආවුසො භායාමි, අපි ච තෙ සම්ඵස්සො පාපකොති.
Sinhala BJTඇවත, මම තට නො බානෙම් ම ය, එතෙකුදු වුව තාගේ පහස පවිටු ය.
Pali BJTපඤ්හං තං සමණ පුච්ඡිස්සාමි සචෙ මෙ න ව්යාකරිස්සසි චිත්තං වා තෙ ඛිපිස්සාමි හදයං වා තෙ ඵාලෙස්සාමි පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති.
Sinhala BJTමහණ, තා පැන පුළුවුස්නෙමි. ඉදින් මට (එය) නො පවසන්නෙහි නම් තාගේ සිත හෝ පෙරළන්නෙමි, තා හදවත හෝ පලන්නෙමි දෙපයැ හෝ ගෙණ ගඟින් එතර දමා ගසන්නෙමි.
Pali BJTන ඛ්වාහං තං ආවුසො පස්සාමි, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය, අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසීති.
Sinhala BJTඇවැත, යමෙක් මා සිත හෝ පෙරළා නම් හදවත හෝ පලා නම්, දෙපයැ හෝ ගෙණ ගඟිනෙතර දමා ගසා නම්, එබන්දකු මම දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර නො ම දක්මි. එතෙකුදු වුවත් ඇවත, තෝ යමක් අසනට රිසියෙහි නම් පුළුවුස්ව.
Pali BJTඅථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේට ගාථවෙකින් සැලකෙළේ ය:
Pali BJT272. රාගො ච දොසො ච කුතොනිදානො අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්ති.
Sinhala BJT272. රාගය හා ද්වේෂය හා කුමක් නිදාන කොට ඇත්තාහු ද? (ප්‍රාන්තශයනාසනයන්හි හා අධිකුශලධර්‍මයන්හි නො ඇලීම වූ) අරතිය හා (පස්කම් ගුණෙහි ඇල්ම වූ) රතිය හා (චිත්තෝ ත්‍රාසය වූ) ලොමුදහගැණීම් හා කොයින් උපදනාහු ද? කාමාදි විතර්‍කයෝ කොයින් ඉපද ලදරුවන් කවුඩුවකු (පා හුයෙකින්) බැඳ මුදා හරින්නාක් මෙන් කුසල චිත්තය බැඳ හරිත් ද?
Pali BJT273. රාගො ච දොසො ච ඉතොනිදානා අරතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනො විතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්ති.
Sinhala BJT273. රාගය හා ද්වේෂය හා (පංචස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය නිදාන කොට ඇත්තාහ. අරතිය හා රතිය හා ලොමුදහගැණීම හා, මෙයින් (ආත්මභාවයෙන්) උපදනාහු වෙති. මෙයින් ඉපදී විතර්‍කයෝ කුඩා කුමරුන් කවුඩකු මෙන් කුසල් සිත බැඳ හරිත්.
Pali BJT274. ස්නෙහජා අත්තසම්භූතා නිග්රොධස්සෙව ඛන්ධජා, පුථු විසත්තා කාමෙසු මාලුවා’ව විතතා වනෙ.
Sinhala BJT274. නුගරුකෙහි කඳින් උපදනා අරළු (ප්‍රරෝහ) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවයෙන් උපන්නාහු වෙති. වෙනෙහි පැතිර ගිය මාලුව ලිය මෙන් ඔහු නන් අයුරු වූවාහු කාමයන්හි පැතිරගත්තාහු වෙති.
Pali BJT275. යෙ නං පජානන්ති යතො නිදානං තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවායාති.
Sinhala BJT275. යක්‍ෂය, අසව, යමෙක් තුමූ ඒ රාගාදී ක්ලේශ සමූහය යමක් නිදාන කොට ඇතැයි දනිත් ද, ඔහු එය දුරලති. ඔහු අපුනර්‍භවය පිණිස තරණය නොකළ විරූ, දුකසේ තරණය කළ යුතු, මේ චතුරෝඝය තරණය කෙරෙත් යි.
Pali BJTසූචිලොමසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසුචිලෝම සූත්‍රය නිමි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTකපිලසුත්තං
Sinhala BJTකපිල සූත්‍රය
Pali BJT276. ධම්මචරියං බ්රහ්මචරියං එතදාහු වසුත්තමං, පබ්බජිතොපි චෙ හොති අගාරස්මා අනගාරියං.
Sinhala BJT276. (කාය සුචරිතාදි) ධර්‍මචර්‍ය්‍යය හා මගබඹසර හා යන මේ දෙ කරුණ උතුම් රුවනැයි (ආර්‍ය්‍යයෝ) පැවසූහ. ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිවූයෙක් වේ නම්,
Pali BJT277. සො චෙ මුඛරජාතිකො විහෙසාභිරතො මගො, ජීවිතං තස්ස පාපියො රජං වඩ්ඪෙති අත්තනො.
Sinhala BJT277. ඉදින් හේ පරොස්බස් ඇත්තේ වේ ද, මෙරමා වෙහෙසීමෙහි නියලුනේ (හිරිඔතප් නැති හෙයින්) තිරිසන් බඳු වේ ද, ඔහුගේ ජීවිතය ලාමක වෙයි. තමාගේ (රාගාදී) කෙලෙස් වඩයි.
Pali BJT278. කලහාභිරතො භික්ඛු මොහධම්මෙන ආවටො, අක්ඛාතම්පි න ජානාති ධම්මා බුද්ධෙන දෙසිතං.
Sinhala BJT278. කලහයෙහි නියැලුනු ඒ මහණ (අවිද්‍යාසඞ්ඛ්‍යාත) මෝහධර්‍මයෙන් ඇවුරුණේ, බුදුරජුන් විසින් දෙසන ලද ධර්‍මය කියනලද නමුදු නො දනී.
Pali BJT279. විහෙසං භාවිතත්තානං අවිජ්ජාය පුරක්ඛතො, සංකිලෙසං න ජානාති මග්ගං නිරයගාමිනං.
Sinhala BJT279. අවිද්‍යාවෙන් මෙහෙයන ලද්දේ බැවු සිත් ඇතියවුන් (රහතුන්) වෙහෙසන්නේ සකිලිටි වූ නිරයගාමීමාර්‍ගය නො දනියි.
Pali BJT280. විනිපාතං සමාපන්නො ගබ්භා ගබ්භං තමා තමං, සවෙ තාදිසකො භික්ඛු පෙච්ච දුක්ඛං නිගච්ඡති.
Sinhala BJT280. (සතර අපාය යි කියන ලද) විනිපාතයට පැමිණි ඒ මහණ ඒකාන්තයෙන් මවුකුසින් මවුකුසට ද අඳුනේ අඳුරට ද (යමින්) පරලොව ගොස් දුකට පැමිණේ.
Pali BJT281. ගූථකූපො යථා අස්ස සමපුණ්ණො ගණවස්සිකො, යො ච එවරූපො අස්ස දුබ්බිසොධො හි සාඞ්ගණො.
Sinhala BJT281. ඉක්ම ගිය බොහෝ හවුරුදු ගණන් ඇති පිරුණු වැසිකිළි වළක් යම් සේ (පිරිසුදු කළ නොහැක්කේ) වේ ද, එබඳු වූ යමෙක් වේ නම් හෙ පිරුණු කෙලෙස් ඇත්තේ පිවිතුරු කළ නොහැකි වන්නේ මය.
Pali BJT282. යං එවරූපං ජානාථ භික්ඛවො ගෙහනිස්සිතං, පාපිච්ඡං පාපසඞ්කප්පං පාපආචාරගොචරං.
Sinhala BJT282. මහණෙනි, පස්කම් ගුණ ඇසුරු කළා වූ ලාමක ඊර්‍ෂ්‍යා ඇති පාප විතර්‍ක ඇති, පවිටු ආචාර ගෝචර ඇති යම් පුඟුලකු දනිවු නම්,
Pali BJT283. සබ්බෙ සමග්ගා හුත්වාන අභිනිබ්බිජ්ජයාථ නං, කාරණ්ඩවං{1} නිද්ධමථ කසම්බුං චාපකස්සථ.
Sinhala BJT283. හැම දෙන සමඟ ව ඔහු වර්‍ජනය කරවු. කසළක් බඳු ඔහු බැහැර කරවු. කෙලෙස් කසට සහිත ඔහු නෙරපාලවු.
Pali BJT284. තතො පලාපෙ වාහෙථ අස්සමණෙ සමණමානීනෙ, නිද්ධමිත්වාන පාපිච්ඡෙ පාපආචාරගොචරෙ.
Sinhala BJT284. එහෙයින් අශ්‍රමණ වූ ශ්‍රමණයෙමැ යි හඟනාවූ බොල් පුඟුලන් පිඹහරිවු. ලාමක ඉච්ඡා ඇති පවිටු අචාර-ගෝචර ඇති ඔවුන් බැහැර කොට,
Pali BJT285. සුද්ධා සුද්ධෙහි සංවාසං කප්පයව්හො පතිස්සතා, තතො සමග්ගා නිපකා දුක්ඛස්සන්තං කරිස්සථාති.
Sinhala BJT285. (කායසමාචාරාදියෙන්) පිරිසිදු වූවාහු (ඔවුනොවුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු ශුද්ධ වූ පුඟුලන් සමග ම සමාන සංවාසය කරවු) ඉක්බිති මුහුකළ නුවණ ඇත්තාහු (දෘෂ්ටි ශීල ඈ ශ්‍රමණ ගුණයන්ගෙන්) යුතු වූවාහු දුක් කෙළවර කරවු.
Pali BJTකපිලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTකපිල සූත්‍රය නිමි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTබ්රාහ්මණධම්මික{2} සුත්තං
Sinhala BJTබ්‍රාහ්මණධම්මික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා කොසලකා බ්රාහ්මණමහාසාළා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණමහාසාළා භගවන්තං එතදවොචුං:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙන සේක. ඉක්බිත්තෙන් කොසොල් දනවු වැසි ජරාවෙන් ජීර්‍ණ වූ වැඩි මහලු වූ තෙවන වියට පැමිණි පිළිවෙළින් පැසුළු වියට පැමිණි බොහෝ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: