Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJTහෙමවතසුත්තං
Sinhala BJTහේමවත සූත්‍රය
Pali BJT153. අජ්ජ පණ්ණරසො උපොසථො (ඉති සාතාගිරො යක්ඛො) දිව්යා රත්ති උපට්ඨිතා අනොමනාමං සාත්ථරං හන්දපස්සාම ගොතමං.
Sinhala BJT153. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: අද පණුරැසි පොහෝ දවස යි. දිව්‍ය වූ රාත්‍රිය එළඹ සිටියා වෙයි. එහෙයින් නො ලමු නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ දකුම්හ.
Pali BJT154. කච්චි මනො සුපණිහිතො (ඉති හෙමවතො යක්ඛො) සබ්බභූතෙසු තාදිනො, කච්චි ඉට්ඨෙ අනිට්ඨෙ ච සංකප්පස්ස වසීකතා.
Sinhala BJT154. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම! (ඒ ශාස්තෘහුගේ) සිත මොනොවට සමාහිත වේ ද? සව් සතුන් කෙරෙහි සමසිත් ඇද්ද? (නොහොත්) නැද්ද? කිම, අනිටු අරමුණෙහි ඔබගේ සංකල්පයෝ වශීකෘත වෙද්ද?
Pali BJT155. මනො චස්ස සුපණිහිතො (ඉති සාතාගිරො යක්ඛො) සබ්බභූතෙසු තාදිනො, අථො ඉට්ඨෙ අනිට්ඨෙ ච සඞ්කප්පාස්ස වසීකතා.
Sinhala BJT155. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: සියල් සතුන් කෙරෙහි සමසිත් ඇති උන්වහන්සේ සිත ද මොනොවට සමාහිත වෙයි. වැලිත් ඉටු අනිටු අරමුණෙහි උන්වහන්සේගේ විතර්‍කයෝ වශීකෘතයහ.
Pali BJT156. කච්චි අදින්නං නාදියති (ඉති හෙමවතො යක්ඛො) කච්චි පාණෙසු සඤ්ඤතො, කච්චි ආරා පමාදම්හා කච්චි ඣානං න රිඤ්චති.
Sinhala BJT156. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, ඔබ අයිනාදන් දෑ නො ගන්නේ ද? කිම, ප්‍රාණීන් විෂයයෙහි සංයත ද? කිම, (අබ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත) ප්‍රමාදයෙන් (පාඨාන්තරයෙහි මාගම් කෙරෙන්) දුරු වූයේ ද? කිම, ධ්‍යානය නොසිස් කෙරේ ද?
Pali BJT157. න සො අදින්නං ආදියති (ඉතී සාතාගිරො යක්ඛො) අථො පාණෙසු සඤ්ඤතො, අථො ආරා පමාදම්හා බුද්ධො ඣානං න රිඤ්චති.
Sinhala BJT157. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හෙ අයිනාදන් නො ගන්නේය. යළි ප්‍රාණීන් කෙරෙහි සංයත ද වෙයි. යළිදු අබ්‍රම්සරින් (නොහොත් මාගම් කෙරෙන්) දුරු වූයේ ය. ඒ බුදුරජ දැහැන් සිස් නොකෙරේ.
Pali BJT158. කච්චි මුසා න භණති (ඉති හෙමවතො යක්ඛො) කච්චි න ඛිණව්යප්පථො,{1} කච්චි වෙභූතියං නාහ කච්චි සම්ඵං න භාසති.
Sinhala BJT158. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, මුසවා නො බෙණේ ද? කිම, පරොස් බස් නැත්තේ ද? කිම. වෙභූතිය යි කියූ බස් නො කියා ද? කිම, පලප් නො බෙණේ ද?
Pali BJT159. මුසා ච සො න භණති (ඉති සාතාගිරො යක්ඛො) අථො න ඛීණව්යප්පථො{1} අථො වෙභූතියං නාහ මන්තා අත්ථං සො භාසති.
Sinhala BJT159. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ මුසා නො බෙණෙයි, වැලි පරොස් බස් නැත්තේ වෙයි, තවද පිසුනු ද නො තෙපලයි, හෙතෙම නුවණින් පිරිසිඳ දැන අරුත්ම බෙණෙයි.
Pali BJT160. කච්චි න රජ්ජති කාමෙසු (ඉති හෙමවතො යක්ඛො) කච්චි චිත්තං අනාවිලං, කච්චි මොහං අතික්කන්තො{2} කච්චි ධම්මෙසු චක්ඛුමා.
Sinhala BJT160. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ක්ලේශකාමයෙන්) වස්තුකාමයන්හි නො ඇලේ ද? කිම, සිත (ව්‍යාපාදයෙන්) නො කැලඹුනේ ද? කිම, මෝහය ඉක්ම වූයේ ද? කිම, සියලු දහම් හි (සවන්නැණ) නුවණැස් ඇත්තේ ද?
Pali BJT161. න සො රජ්ජති කාමෙසු (ඉති සාතාගිරො යක්ඛො) අථො චිත්තං අනාවිලං, සබ්බමොහං අතික්කන්තො බුද්ධො ධම්මෙසු චක්ඛුමා.
Sinhala BJT161. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ කාමයන්හි නො ඇලෙයි, වැලිදු සිත නො කැලඹුණේ වෙයි. සියලු මෝහය ඉක්ම වූයේ වෙයි, බුදුරජ සියලු දහම්හු (අප්‍රතිහත) නුවණැස ඇත්තේ ය.
Pali BJT162. කච්චි විජ්ජාය සම්පන්නො (ඉති හෙමවතො යක්ඛො) කච්චි සංසුද්ධචාරණො,{1} කච්චිස්ස ආසවා ඛීණා කච්චි නත්ථි පුනබ්භවො.
Sinhala BJT162. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ඒ බුදු රජ) (අෂ්ට) විද්‍යායෙන් සමන්‍වාගත වේ ද? කිම, සුපිරිසිදු පසළොස් චරණධර්‍ම ඇත්තේ ද? කිම, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූහු ද? කිම, පුනර්‍භවයෙක් නැත් ද?
Pali BJT163. විජ්ජාය චෙව සම්පන්නො (ඉති සාතාගිරො යක්ඛො) අථො සංසුද්ධචාරණො,{1} සබ්බස්ස ආසවා ඛීණා නත්ථි තස්ස පුනබ්භවො.
Sinhala BJT163. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ අෂ්ට විද්‍යායෙන් ද සමන්‍වාගත වෙයි, යලිදු සුපිරිසුදු වූ පසළොස් චරණධර්‍ම ඇත්තේය, ඔබගේ සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වෙති, උහුට පුනර්‍භවයෙක් නැත.
Pali BJT164. සම්පන්නං මුනිනො චිත්තං කම්මනා ව්යප්පථෙන ච, විජ්ජාචරණසම්පන්නං ධම්මතො නං පසංසසි.{*}
Sinhala BJT164. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් ද ශුද්ධ වාක් කර්‍මයෙන් ද සපන් වෙයි. එහෙයින් ම විදුසරණසපන් ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍මයෙන් පසස්නෙහි,
Pali BJT165. සම්පන්නං මුනිනො චිත්තං කම්මනා ව්යප්පථෙන ච, විජ්ජාචරණසම්පන්නං ධම්මතො අනුමොදසි.{*}
Sinhala BJT165. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් හා ශුද්ධ වාක් කර්‍මයෙන් හා සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍ම හෙයින් සමාරාධන කරහි.
Pali BJT166. සම්පන්නං මුනිනො චිත්තං කම්මනා ව්යප්පථෙන ච, විජ්ජාචරණසම්පන්නං හන්ද පස්සාම ගොතමං.{*}
Sinhala BJT166. මුනිහුගේ සිත ශුද්ධ කායවාක් කර්‍මයෙන් සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගොතම බුදුන් ඒකාන්තයෙන් දකුම්හ.
Pali BJT167. එණීජඞ්ඝං කිසං වීරං{2} අප්පාහාරං අලොලුපං, මුනිං වනස්මිං ඣායන්තං එහි පස්සාම ගොතමං.
Sinhala BJT167. ඉළුමුවකුට බඳු කෙංඩා ඇති (මොනොවට ලියූ කෙලෙස් ඇති හෙයින්) කෘශ වූ (පස්මරුන් දිනූ හෙයින්) වීර වූ (ඒකාසන භෝජන පරිමිත භෝජන ඇති හෙයින්) අල්පාහාර වූ ආහාරයෙහි ඡන්‍දරාග නැති සෙයින් අලෝල වූ විවේකයෙහි ඇලුනු බැවින් වෙනෙහි ධ්‍යාන කරණ ගෞතම මුනිහු එව, දකුම්හ.
Pali BJT168. සීහංවෙකචරං නාගං කාමෙසු අනපෙක්ඛිනං, උපසංකම්ම පුච්ඡාම මච්චුපාසා පමොචනං.
Sinhala BJT168. සිංහයෙකු සේ එකලාව හැසිරෙණ (පුනර්‍භවයට නොයන හෙයින්) නාග වූ, ද්විවිධකාමයන්හි (ඡන්‍දරාගය) අපේක්‍ෂා නැති බුදුන් කරා එළැඹැ (සසර වටින් මිදුම) මෘත්‍යුපාශයෙන් මිදීම හෙවත් නිවණ පුළුවුස්මහ.
Pali BJT169. අක්ඛාතාරං පවත්තාරං සබ්බධම්මාන පාරගුං, බුද්ධං වෙරභයාතීතං මයං පුච්ඡාම ගොතමං.
Sinhala BJT169. සිවුසස් දහම් දෙසන්නාවූ (එයම කිච්චඥාණ කතඥාණ විසින්) පවසන්නාවූ, චාතුර්භූමකධර්මයන්ගේ පරතෙර පත් (පස්විද) හැම වෙර බිය ඉක්මවූ, ගෞතම බුදුන් අපි විචාරම්හ.
Pali BJT170. කිස්මිං ලොකො සමුප්පන්නො (ඉති හෙමවතො යක්ඛො) කිස්මිං කුබ්බති සන්ථවං, කිස්ස ලොකො උපාදාය කිස්මිං ලොකො විහඤ්ඤති.
Sinhala BJT170. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කවරක් උපන් කල්හි (සත්ත්‍වසංකාර) ලෝකය උපන්නේ ද? කවරෙක්හි ලා (තණ්හා මාන දිට්ඨි) සන්‍ථව කෙරේ ද? කවරක් ඇසුරු කොට ලොව පවත්නේ ද? කුමක් ඇති කල්හි (කවර කරුණෙකින්) ලෝකය පෙළේ ද?
Pali BJT171. ඡස්සු ලොකො සමුප්පන්නො (හෙමවතාති භගවා) ඡස්සු කුබ්බති සන්ථවං, ඡන්නමෙව උපාදාය ඡස්සු ලොකො විහඤ්ඤති.
Sinhala BJT171. (බුදුහු හේමවත යි, අමතා මෙසේ වදාළහ;) ෂඩායතන උපන් කල්හි ලෝකය උපන්නේ වෙයි. ෂඩායතන පවත්නා කල්හි (ක්ලේශ) සන්‍ථව කෙරෙයි. ෂඩායතනයන් ම ඇසුරු කොට ලෝකය පවත්නේ ය, ෂඩායතන ඇති කල්හි ම ලෝකය පෙළෙයි.
Pali BJT172. කතමං තං උපාදානං යත්ථ ලොකො විහඤ්ඤති, නීය්යානං පුච්ඡිතො බ්රූහි කථං දුක්ඛා පමුච්චති.
Sinhala BJT172. යම් තැනෙක ලෝකය වැනසේ නම්, ඒ උපාදානය (දුඃඛසත්‍යය) කවරේ ද? (මාර්‍ග සත්‍ය සඞ්ඛ්‍යාත) නිර්‍ය්‍යාණය පුළුවුස්නාලදහු කෙසේ සසර දුකින් මිදේදැයි වදාළ මැනැව.
Pali BJT173. පඤ්ච කාමගුණා ලොකෙ මනො ඡට්ඨා පමොදිතා, එත්ථ ඡන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්චති.
Sinhala BJT173. මනායතනය සවන කොට ඇති (පඤ්චායතන සඞ්ඛ්‍යාත) පස්කම් ගුණයෝ (මාවිසින්) පවසනලද වෙති. මේ (දොළොස් ආයතන සඞ්ඛ්‍යාත) දුඃඛසත්‍යයෙහි (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ඡන්‍දය දුරලා මෙසේ සසර දුකින් මිදෙයි.
Pali BJT174. එතං ලොකස්ස නිය්යානං අක්ඛාතං වො යථා තථං, එතං වො අහමක්ඛාමි එවං දුක්ඛා පමුච්චති.
Sinhala BJT174. මා විසින් තොපට ලෝකයාගේ මේ නිර්‍ය්‍යාණය තත්වූ පරිදි පවසන ලද. මෙසේ සසර දුකින් මෙදෙයින තෙල කරුණ මම තොපට පවසමි.
Pali BJT175. කො සූධ තරතී ඔඝං කො සූධ තරති අණ්ණවං, අප්පතිට්ඨෙ අනාලම්බෙ කො ගම්භීරෙ න සීදති.
Sinhala BJT175. මේ ලොව්හි කවරෙක් (කාමාදි) චතුරෝඝ තරණය කෙරේ ද? කවරෙක් භවසාගර තරණය කෙරේද? ප්‍රතිෂ්ඨාරහිත පිහිටක් නැති අනාලම්බන වූ ගැඹුරු සයුරෙහි කවරෙක් නොගැලේ ද?
Pali BJT176. සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සුසමාහිතො, අජ්ඣත්තචින්තී සතිමා ඔඝං තරති දුත්තරං.{1}
Sinhala BJT176. හැම කල්හි ශීල සම්පන්න වූයේ ලොවිලොවුතුරු නුවණින් ප්‍රඥාවත් වූයේ (සමථ විපස්සනා මාර්‍ගඵල සමාධියෙන්) මොනොවට සමාහිත වූයේ අධ්‍යාත්ම චින්තනය සැහැවි කොට ඇති (අප්‍රමාද සඞ්ඛ්‍යාත) ස්මෘති ඇත්තේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
Pali BJT177. විරතො කාමසඤ්ඤාය සබ්බසංයොජනාතිගො, නන්දී භව පරික්ඛීණො සො ගම්භීරෙ න සීදති.
Sinhala BJT177. කාමසංඥායෙන් (චතුර්‍ත්‍ථ මාර්‍ග සම්ප්‍රයුක්ත සමුච්ඡේද විරතියෙන්) විරත වූ (සිවුමග නුවණින් මැ) සියලු (දශවිධ) සංයෝජනයන් ඉක්ම වූ (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නන්‍දිය හා භවයත් ක්‍ෂය කළ ඒ ක්‍ෂීණාස්‍රව මහණ ගැඹුරු (සසර) සයුරෙහි නො ගැලෙයි.
Pali BJT178. ගම්භීරපඤ්ඤං නිපුණත්ථදස්සිං අකිඤ්චනං කාමභවෙ අසත්තං, තං පස්සථ සබ්බධි විප්පමුත්තං දිබ්බෙ පථෙ කමමානං මහෙසිං.
Sinhala BJT178. (ස්කන්‍ධාදියෙහි) ගාම්භීර ප්‍රඥා ඇති, නිපුණ වූ (පණ්ඩිතයන් විසින් ගොතන ලද) ප්‍රශ්නයන්ගේ අරුත් දක්නා වූ, රාගාදිකිඤ්චන රහිත (ද්විවිධ) කාමයන්හි හා (ත්‍රිවිධ) භවයෙහි නො ඇලුනු (ස්කන්‍ධාදි අරමුණුවල ඡන්‍දරාගය නැති හෙයින්) සියලු තන්හි මිදුනු (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) දිව්‍ය මාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.
Pali BJT179. අනොමනාමං නිපුණත්ථදස්සිං පඤ්ඤාදදං කාමාලයෙ අසත්තං තං පස්සථ සබ්බවිදුං සුමෙධං අරියෙ පථෙ කමමානං මහෙසිං.
Sinhala BJT179. අලාමක නාම ඇති, නිපුණාර්‍ත්‍ථදක්නා වූ (නුවණ ලබන පිළිවෙත දෙන හෙයින්) ප්‍රඥාදායක වූ කාමාලයෙහි නොලැගුණා වූ (සර්‍වඥභාවයට මාර්‍ග වූ පාරමී ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ, සර්‍වඥ වූ (ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ග හෝ ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.
Pali BJT180. සුදිට්ඨං වත නො අජ්ජ සුප්පභාතං සුවුට්ඨීතං,{1} යං අද්දසාම සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT180. ඒකාන්තයෙන් අද අපට මනා දර්‍ශනයෙක් විය. අද අපට සොඳුරු උදෑසෙණක් වීය, ශෝභන උත්‍ථානයෙක් විය. යම් හෙයෙකින් ඕඝ තරණය කළ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දුටුමෝද, එහෙයිනි.
Pali BJT181. ඉමෙ දසසතා යක්ඛා ඉද්ධිමන්තො යසස්සිනො, සබ්බෙ තං සරණං යන්ති ත්වං නො සත්ථා අනුත්තරො.
Sinhala BJT181. ඍද්ධිමත් වූ යශස්වී වූ දහසක් වූ මේ හැම යක්‍ෂයෝ ඔබ සරණ කොට යෙති. ඔබ වහන්සේ අපගේ නිරුත්තර ශාස්තෘ වහු.
Pali BJT182. තෙ මයං විචරිස්සාම ගාමා ගාමං නගා නගං, නමස්සමානා සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන්ති.
Sinhala BJT182. අපි සම්බුදුන් නමදිමින් ධර්‍මයාගේ ස්වාක්ඛ්‍යාත භාවය ද වණමින් ගමින් ගමට පවින් පවියට යම්හයි.
Pali BJTහෙමවතසුත්තං නිට්ඨිතං.
Sinhala BJTහේමවත සූත්‍රය නිමි.
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJTආළවකසුත්තං
Sinhala BJTආළවක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට ආළවක නම් යක්හුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති අළවු යක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වෙත තෙල කීය:
Pali BJTනික්ඛම සමණාති.
Sinhala BJT“මහණ, නික්ම යා,”යි.
Pali BJTසාධාවුසොති භගවා නික්ඛමී,
Sinhala BJT“මැනැවැ ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක.
Pali BJTපවිස සමණාති,
Sinhala BJT“එව මහණැ”යි.
Pali BJTසාධාවුසොති භගවා පාවිසි,
Sinhala BJT“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
Pali BJTදුතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච. නික්ඛම සමණාති,
Sinhala BJTදෙවන වට ද අළ වු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණ”යි.
Pali BJTසාධාවුසොති භගවා නික්ඛමි,
Sinhala BJT“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්ම ගිය සේක.
Pali BJTපවිස සමණාති,
Sinhala BJT“එව මහණැ”යි.
Pali BJTසාධාවුසොති භගවා පාවිසි,
Sinhala BJT“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
Pali BJTතතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති,
Sinhala BJTතෙවනවට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ” යි.
Pali BJTසාධාවුසොති භගවා නික්ඛමි,
Sinhala BJT“මැනැවැ ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි සේක.
Pali BJTපවිස සමණාති,
Sinhala BJT“එව මහණැ” යි.
Pali BJTසාධාවුසොති භගවා පාවිසි,
Sinhala BJT“මැනැවැ, ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසි සේක.
Pali BJTචතුත්ථම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති,
Sinhala BJTසතරවන වට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ”යි.
Pali BJTනඛ්වාහං තං ආවුසො නික්ඛමිස්සාමි යං තෙ කරණීයං තං කරොහීති,
Sinhala BJT“එ කරුණින් ම ඇවැත, මම් නොයමි, තා විසින් යමක් කට හැකි නම්, එය කරව”යි
Pali BJTපඤ්හං තං සමණ පුච්ඡිස්සාමි, සචෙ මෙ න ව්යාකරිස්සසි චිත්තං වා තෙ ඛිපිස්සාමි. හදයං වා තෙ ඵාලෙස්සාමි, පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති,
Sinhala BJT“මහණ, තා පැන පුළුවුස්මි. ඉදින් තෝ එය මට නො විසඳනෙහි නම්, තාගේ සිත හෝ පෙරලන්නෙමි, තාගේ හදවත හෝ පළන්නෙමි, දෙපය අල්වා ගෙණ ගඟිනෙතර හෝ දමාපියමි”යි.
Pali BJTනඛ්වාහං තං ආවුසො පස්සාමා සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය, අපි ච ත්වං ආවුසො පුච්ඡ, යදාකඞ්ඛසීති.
Sinhala BJTඇවැත යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පලානම් දෙපය හෝ අල්වා ගෙන ගඟිනෙතර හෝ දමාගසා නම් එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි, නො මැ දක්මි. එහෙත් ඇවැත, යමක් කැමැත්තෙහි නම් විචාර”යි.
Pali BJTඅථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි අළවු යක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
Pali BJT183. කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසූ සුචිණ්ණං{1} සුඛමාවහාති, කිංසූ හවෙ සාදුතරං{2} රසානං කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං.
Sinhala BJT183. මෙලොව්හි පුරුෂ හට කවර ධනයෙක් ශ්‍රේෂ්ඨ වේ ද? මොනොවට පුරුදු කරන ලද කවරෙක් සුව එළවා ද? කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේද? කිසෙයින් දිවිවටනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කීහු ද?”යි
Pali BJT184. සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති සච්චං භවෙ සාදුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු{3} සෙට්ඨං.
Sinhala BJT184. මෙලො වැ ශ්‍රද්ධාව පුරුෂ හට ශ්‍රේෂ්ඨ ධනය වේ, (දාන, ශීල, භාවනා) ධර්‍මය මොනොවට පුරුදු කරණ ලදුයේ සුව එළවයි, රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මියුරු වෙයි. ප්‍රඥාවෙන් දිවිවටනුවහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කීහු,
Pali BJT185. කථං සු තරති ඔඝං කථං සු තරති අණ්ණවං, කථං සු දුක්ඛං අච්චෙති කථං සු පරිසුජ්ඣති.
Sinhala BJT185. කිසෙයින් ඕඝතරණය කෙරේ ද? කිසෙයින් සසර සයුරු තරණය කෙරේ ද? කිසෙයින් වෘත්තදුඃඛය ඉක්මයේ ද? කිසෙයින් පිරිසිදු වේ ද?යි.
Pali BJT186. සද්ධාය තරතී ඔඝං අප්පමාදෙන අණ්ණවං, විරියෙන දුක්ඛමච්චෙති{1} පඤ්ඤාය පරිසුජ්ඣති.
Sinhala BJT186. ශ්‍රද්ධායෙන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ඕඝතරණය කෙරෙයි. අප්‍රමාදයෙන් භවාර්‍ණව තරණය කෙරෙයි. අනාගාමී මාර්‍ගවධ්‍ය වූ කාමදුඃඛය වීර්‍ය්‍යයෙන් තරණය කෙරෙයි. අර්‍හන්මාර්‍ගප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.
Pali BJT187. කථං සු ලභතෙ පඤ්ඤං කථ සු වින්දතෙ ධනං, කථං සු කිත්තිං පප්පොති කථං මිත්තානි ගන්ථති. අස්මා ලොකා පරං ලොකං කථං පෙච්ච න සොචති.
Sinhala BJT187. කිසෙයින් ප්‍රඥා ලබා ද? කිසෙයින් ධනය ලබා ද? කිසෙයින් කීර්තියට පැමිණේ ද? කිසෙයින් මිතුරන් සපයා ද? මෙලොවින් පරලොව ගොස් කිසෙයින් ශෝක නො කෙරේ ද?”යි
Pali BJT188. සද්දාහානො අරහතං ධම්මං නිබ්බානපත්තියා, සුස්සූසා ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛණො.
Sinhala BJT188. නිවනට පැමිණීම පිණිස (බුද්ධාදී) රහතුන්ගේ ධර්‍මය හදහනුයේ (දහම්) අසනු කැමැත්තේ අප්‍රමත්ත වැ විචක්‍ෂණ වූයේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ලබා,
Pali BJT189. පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං, සච්චෙන කිත්තිං පප්පොති දදං මිත්තානි ගන්ථති.
Sinhala BJT189. ලෞකික ලෝකෝත්තර ධනයට ප්‍රතිරූප වැ ක්‍රියා කරණ සුලු වූයේ රුකුළු වැර ඇතිසේ නොලිහිල් පැරකුම් ඇත්තේ ලොවිලොවුතුරු ධනය ලබා. වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණේ. කැමති දෑ දෙන්නේ මිතුරන් සපයා.
Pali BJT190. යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මො ධිතී චාගො ස වෙ පෙච්ච න සොචති.
Sinhala BJT190. ගිහිගෙයි වසන යම් සැදැහැතියකුහට වාක්සත්‍ය හා ප්‍රඥාව හා වීර්‍ය්‍යය හා ත්‍යාගය හා මේ සිව් දහම්හු ඇත් ද, හේ ඒකාන්තයෙන් පරලොව ගොස් ශෝක නො කෙරේ. මෙලොවින් පරලොව ගිය හේ ඒකාන්තයෙන් ශෝක නො කෙරේ.
Pali BJT191. ඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු පුථු සමණබ්රාහ්මණෙ, යදි සච්චා දමා චාගා ඛන්ත්යා භීනෙයා විජ්ජති.
Sinhala BJT191. ඉදින් වාක්සත්‍යයෙන් වැඩි තරම් වූ ප්‍රඥා සඞ්ඛ්‍යාත දමයෙන් වැඩි තරම් වූ ත්‍යාගයෙන් වැඩිතරම් වූ වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත ක්‍ෂාන්තියෙන් වැඩිතරම් වූ අනෙක් දහමෙක් මේ ලෝකයෙහි ඇත් නම්, වැලිත් අන්‍ය වූ නොයෙක් මහණ බමුණන් විචාරවයි.
Pali BJT192. කථං නු දානි පුච්ඡෙය්යං පුථු සමණබ්රාහ්මණෙ, සො හං අජ්ජ පජානාමි යො චත්ථො සම්පරායිකො.
Sinhala BJT192. මෙලොවැ නුවණ ලැබීම් ඈ යම් කරුණෙක් වේ නම්, එ ද පරලොව පිළිබඳ යම් අර්‍ත්‍ථයෙක් වේ නම්, එ ද, අද මම දැන ගතිමි. එබඳු මම දැන් කිසෙයින් නම් අන් බොහෝ මහණ බමුණන් විචාරම් ද?
Pali BJT193. අත්ථාය වත මෙ බුද්ධො වාසායා’ ළවිමාගමී, සො හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJT193. ඒකාන්තයෙන් බුදුහු මට වැඩ පිණිස අළවු පුරට වැඩියහ. (එහෙයින්) යම් පින් කෙතෙක්හි දෙන ලද් ද මහත් ඵල වේ නම්, මම ඒ පින් කෙත දැනගතිමි.
Pali BJT194. සො අහං විවරිස්සාමි ගාමා ගාමං පුරාපුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන්ති.
Sinhala BJT194. මම බුදුන් නමදිමින් ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද කියමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙම් යයි.
Pali BJTඑවං වුත්තෙ ආළවකො යක්ඛො භගවන්තං එතදවොච. අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පචිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගා ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අළවු යක් භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැ වැ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, යම් සේ භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කරණ ලද්දක් උඩුහුරු කෙරෙන්නේ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ වේද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ හෝ වේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් ධර්‍මය පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි, ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් ව සරණගත උපාසකයකු කොට ධරණ සේක්ව යි.
Pali BJTආළවකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTආළවක සූත්‍රය නිමි.
Pali BJT1. 11.
Sinhala BJT1. 11.
Pali BJTවිජයසුත්තං
Sinhala BJTවිජය සූත්‍රය
Pali BJT195. චරං වා යදි වා තිට්ඨං නිසින්නො උද වා සයං, සම්මිඤ්ජෙති පසාරෙති එසා කායස්ස ඉඤ්ජනා.
Sinhala BJT195. යන්නේ හෝ ඉදින් සිටිනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ වේ ද, (අත්-පා) හකුළුවනු ද විදහනු ද වේ. තෙල ශරීරයාගේ චලනය යි.
Pali BJT196. අට්ඨි නහාරු සංයුත්තො තචමංසාවලෙපනො, ඡවියා කායො පටිච්ඡන්නො යථාභූතං න දිස්සති.
Sinhala BJT196. ඇටින් නහරින් හා බැඳුනු, සමින් හා මසින් හා අවලිප්ත වූ සිවියෙන් පිළිසන් වූ සිරුර තත් වූ පරිදි නො පැණේ.
Pali BJT197. අන්තපූරොදරපූරො යකපෙළස්ස වත්ථිනො, හදයස්ස පප්ඵාසස්ස වක්කස්ස පිහකස්ස ච.
Sinhala BJT197. (මේ සිරුර) අතුනුයෙන් පිරුණේ නො පැසුනු අහරින් පිරුණේ අක්මායෙන් ද වටනින් ද හදවතින් ද පපුකැණින් ද වකුගඩුයෙන් ද බඩදිවෙන් ද -
Pali BJT198. සිඞ්ඝාණිකාය ඛෙළස්ස සෙදස්ස මෙදස්ස ච, ලොහිතස්ස ලසිකාය පිත්තස්ස ච වසාය ච.
Sinhala BJT198. මුකුනුයෙන් ද කෙළෙන් ද ඩහදියෙන් ද මේදසින් ද ලෙහෙයින් ද සඳමිදුලෙන් ද පිතින් ද වුරුණු තෙලෙන් ද පිරුණේ වෙයි.
Pali BJT199. අථස්ස නවහි සොතෙහි අසුචි සවති සබ්බදා, අක්ඛිම්භා අක්ඛිගූථකො කණ්ණම්හා කණ්ණගූථකො.
Sinhala BJT199. යලිදු මේ ශරීරයාගේ නවදොරින් හැමකල්හි මල වෑහෙයි, ඇසින් කබ ද කණින් කාරලු ද වෑහෙයි.
Pali BJT200. සිඞ්ඝාණිකා ච නාසාතො මුඛෙන චමතෙ’කදා, පිත්තං සෙම්හඤ්ච වමති කායම්හා සෙදජල්ලිකා.
Sinhala BJT200. නැහැයෙන් සොටු ද කලෙක මුවින් පිත ද සෙම ද වමයි, කයින් සෝදිය හා දැලි ද වැගිරෙයි.
Pali BJT201. අථස්ස සුසිරං සීසං මත්ථජුඞ්ගස්ස පූරිතං, සුභතො නං මඤ්ඤතී බාලො අවිජ්ජාය පුරක්ඛතො.
Sinhala BJT201. වැලිදු මේ ශරීරයාගේ සිදුරු සහිත හිස හිස්මුලින් පිරුණේ වෙයි. අවිද්‍යායෙන් පෙරටුකරණ ලද බාල එය ශුභ විසින් හඟනේ ය.
Pali BJT202. යදාච සො මතො සෙති උද්ධුමාතො විනීලකො, අපවිද්ධො සුසානස්මිං අනපෙක්ඛා හොන්ති ඤාතයො.
Sinhala BJT202. යම් විටෙක ඒ කය ආයු උෂ්මා විඥානපගමයෙන් මළේ ඉදිමුනේ නිල් වූයේ හෝනේ වේ ද, එකල්හි අමු සොහොන්හි හැරදමන ලදුයේ ඥාතීහු අපේක්‍ෂා රහිත වූවාහු වෙති.
Pali BJT203. ඛාදන්ති නං සුවාණා ච සිගාලා ච වකා කිමී, කාකා ගිජ්ඣා ච ඛාදන්ති යෙ චඤ්ඤෙ සන්ති පාණිනො.
Sinhala BJT203. ශුනකයෝ ද සිවල්ලු ද වෘකයෝ ද, පණුවෝ ද කවුඩෝ ද ගිජුලිහිණි ද කති. වෙනත් ප්‍රාණීහු වෙත් නම් ඔහු ද එය කති.
Pali BJT204. සුත්වාන බුද්ධවචනං භික්ඛු පඤ්ඤාණවා ඉධ, සො ඛො නං පරිජානාති යථාභූතං හි පස්සති.
Sinhala BJT204. මෙසස්නෙහි විදසුන් නුවණින් යුත් මහණ බුදු වදන් අසා එය පිරිසිඳ දැනගනී. තත් වූ පරිදි අනිත්‍යාදි විසින් දක්නා හෙයිනි.
Pali BJT205. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්දං විරාජයෙ.
Sinhala BJT205. මේ සවිඥානක අශුභය යම් සේ ද තෙල අවිඥානක අශුභය ද එබඳු වෙයි. තෙල අවිඥානක අශුභය යම් බඳු ද, මේ සවිඥානක අශුභය ද එබඳු වේයයි. (එහෙයින්) ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සිරුරෙහි ඡන්‍ද රාගය දුරලන්නේය.
Pali BJT206. ඡන්දාරාගවිරත්තො සො භික්ඛු පඤ්ඤාණවා ඉධ, අජ්ඣගා අමතං සන්තිං නිබ්බාන{1}පද මච්චුතං.
Sinhala BJT206. මෙ සස්නෙහි රහත්මග නුවණින් යුත් එ මහණ ඡන්‍දරාගයෙන් වෙන් වූයේ අමෘත නම් වූ ශාන්තිය වූ ච්‍යුති රහිත වූ, නිර්‍වාණයට ද පැමිණියේ ය.
Pali BJT207. දිපාදකො යං අසුචි දුග්ගන්ධො පරිහීරති,{2} නානා කුණප පරිපූරො විස්සවන්නො තතො තතො.
Sinhala BJT207. අපවිත්‍ර වූ දුගඳ වහනය කරණ නොයෙක් කුණපයෙන් පිරුණු ඒ ඒ දොරින් මලවහන දෙපායුත් මේ කය (සුවඳ කැවීම් ආදියෙන්) පරිහරණය කරනු ලබයි.
Pali BJT208. එතාදිසෙන කායෙන යො මඤ්ඤෙ උණ්ණමෙතවෙ, පරං වා අවජානෙය්ය කිමඤ්ඤත්ර අදස්සනාති.
Sinhala BJT208. යමෙක් මෙබඳු වූ සිරුරින් යුක්තව තෘෂ්ණාදි විසින් තමා හුවා දක්වන්නට සිතා ද, මෙරමා හට හෝ අවමන් කරන්නේ ද මෙහිලා ආර්‍ය්‍යමාර්‍ගයෙන් සත්‍යය නො දැක්ම විනා අන් කවරෙක් ද?
Pali BJTවිජයසුත්තං නිට්ඨිතං.
Sinhala BJTවිජය සූත්‍රය නිමි.
Pali BJT1. 12.
Sinhala BJT1. 12.
Pali BJTමුනි සුත්තං
Sinhala BJTමුනි සූත්‍රය
Pali BJT209. සන්ථවාතො භයං ජාතං නිකෙතා ජායතෙ රජො, අනිකෙතමසන්ථවං එතං වෙ මුනිදස්සනං.
Sinhala BJT209. (තෘෂ්ණා - දෘෂ්ටි - මිත්‍ර සඞ්ඛ්‍යාත ත්‍රිවිධ) සන්‍ථවයෙන් (කෙලෙස්) බිය උපන. (රූපාදි අරමුණු නමැති) නිකේතයෙන් (ගෙයින්) රාගාදි කෙලෙස් රජස් උපන. නිකෙත නැති, සන්‍ථවයෙන් තොර වූ තෙල නිර්‍වාණය ඒකාන්තයෙන් (බුද්ධ) මුනිහුගේ දර්‍ශනය වෙයි.
Pali BJT210. යො ජාතමුච්ඡිජ්ජ න රොපයෙය්ය ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ, තමාහු එකං මුනිනං චරන්තං අද්දක්ඛි සො සන්තිපදං මහෙසී.
Sinhala BJT210. යමෙක් උපන් කෙලෙස් නසා මතු උපදනා කෙලෙස් නූපදවා ද, (අනාගතයෙහි උපදනා) ඒ ක්ලේශයට යලි ප්‍රවේශ නොදෙන්නේ ද, (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාවෙහි) හැසිරෙන ඔහු ශ්‍රේෂ්ඨ මුනිවරයෙකැයි (බුදුවරු) කීහු. ඒ මහර්ෂී අත්‍යන්ත ශාන්ති පදය (පසක් විසින්) දුටුයේ ය.
Pali BJT211. සඞ්ඛාය වත්ථූනි පහාය බීජං සිනෙහ මස්ස නානුප්පවෙච්ඡෙ, ස චෙ මුනි ජාතිඛයන්තදස්සී තක්කං පහාය න උපෙති සඞ්ඛං.
Sinhala BJT211. (ස්කන්‍ධායතනාදි) ක්ලේශවස්තූන් පිරිසිඳ දැන (අභිසංස්කාර විඥාන සඞ්ඛ්‍යාත) වස්තු බීජය සමුච්ඡේද විසින් නසා එයට නැවත තෘෂ්ණා දෘෂ්ටි නමැති සෙනහය (දිය ) නොවැද්දේ ද, ජාතිමරණයන්ගේ අන්තය වන නිවන දක්නා සුලු ඒ මුනි ඒකාන්තයෙන් නවවිධ අකුශල විතර්‍කය ප්‍රහීණ කොට (දෙවියෙමි, මිනිසෙකිමි යන ආදි) සඞ්ඛ්‍යාවට නො පැමිණෙයි.
Pali BJT212. අඤ්ඤාය සබ්බානි නිවෙසනානි අනිකාමයං අඤ්ඤතරම්පිතෙසං, ස වෙ මුනී වීතගෙධො අගිද්ධො නායූහතී පාරගතො හි හොති.
Sinhala BJT212. (කාමාභවාදි) හැම නිවේසනයන් (අනිත්‍යාදිවශයෙන්) දැන, ඔවුනතුරෙහි එකකුදු නො පතනුයේ ඒ බුද්ධමුනි පහකළ තෘෂ්ණා ඇතියේ (එහෙයින්ම) ගිජු නො වූයේ ඒකාන්තයෙන් කුශලාකුශල කර්‍ම රැස් නොකෙරෙයි. යම් හෙයකින් නිවන් පරතෙරට හේ ගියේ ද එහෙයිනි.
Pali BJT213. සබ්බාභිභූං සබ්බවිදුං සුමෙධං සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං, සබ්බඤ්ජහං තණ්හක්ඛයෙ විමුත්තං තං වාපි ධීරා මුනිං{1} වෙදයන්ති.
Sinhala BJT213. (ඡන්‍දරාගප්‍රහාණයෙන් ස්කන්‍ධ ධාතු ආයතන සඞ්ඛ්‍යාත) සියලු ධර්‍මයන් මැඩ ලූ, සර්‍වාකාරයෙන් ඒ සියලු ධර්‍මයන් දන්නා වූ, (සර්‍වධර්‍මයන් දෙසීමෙහි සමත් වූ මහා ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ සර්‍වධර්‍මයන්හි (ඡන්‍දරාගාභාවයෙන්) නො ඇලුනු සර්‍වධර්‍මයන්හි ඡන්‍දරාගය හළ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූ ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිති.
Pali BJT214. පඤ්ඤාබලං සීලවතූපපන්නං සමාහිතං ඣානරතං සතිමං, සඞ්ගාපමුත්තං අඛිලං අනාසවං තං වාපි ධීරා මුනිං{1} වෙදයන්ති.
Sinhala BJT214. (ක්ලේශප්‍රහාණය කරණ) ප්‍රඥාබලය ඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් හා තෙළෙස් දුහඟින් යුත්, මාර්‍ගඵල ඊර්‍ය්‍යාපථසමාධියෙන් සමාහිත වූ, (උපචාර - අර්‍පණා) ධ්‍යානයන්හි ඇලුනු, ස්මෘතිමත් වූ රාගාදි සඞ්ගයෙන් මිදුනු (පඤ්චචේතෝඛීල සඞ්ඛ්‍යාත) කෙලෙස් හුල් නැති, ඔහු මුනියයි පණ්ඩිතයෝ දනිති.
Pali BJT215. එකං චරන්තං මුනිං අප්පමත්තං නින්දාපසංසාසු අවෙධමානං, සීහංව සද්දෙසු අසන්තසන්තං වාතංව ජාලම්හි අසජ්ජමානං, පදුමං ව තොයෙන අලිප්පමානං නෙතාරමඤ්ඤෙසමනඤ්ඤ නෙය්යං තං වාපි ධීරා මුනිං{1} වෙදයන්ති.
Sinhala BJT215. ( ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාතාදියෙන්) එකලාව හැසිරෙන මෝනෙය්‍යධර්‍මයෙන් යුක්ත වූ, (හැමතන්හි) නොපමා වූ, නින්‍දා ප්‍රශංසායෙහි (ප්‍රතිඝානුනය දෙකින්) නො සැලෙනු වූ, සිංහයෙකු සෙයින් (අටලෝදම්හි) තැති නො ගන්නා වූ, දැලෙහි සුළං සෙයින් (තෘෂ්ණා-දෘෂ්ටි ජාලයෙහි) නො ලැගෙන, දියෙන් නො තැවරෙන පියුමක් සෙයින් ලෝකය හා තෘෂ්ණා-දෘෂ්ටි ලේපයෙන් නො තැවරෙන, මෙරමා නිවනට පමුණුවන, අනිකකු විසින් (නිවන් මඟට) නො පැමිණැවිය හැකි, ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිත්.
Pali BJT216. යො ගාහණෙ ථම්භොරිවාභිජායතී යස්මිං පරෙ වාචාපරියන්තං වදන්ති, තං වීතරාගං සුසමාහිතින්ද්රියං තං වාපි ධීරා මුනිං{1} වෙදයන්ති. {2}
Sinhala BJT216. යමෙක් යම් වස්තුවක් කෙරෙහි අන්‍ය තීර්‍ත්‍ථකයෝ (ගුණාගුණ වශයෙන්) නින්‍දා ප්‍රශංසා වචන කියත් ද, එබන්දෙහි නානතොටෙහිලූ ටැඹක් මෙන් ස්ථිර වේ ද, (ඉටු අරමුණෙහි) පහ වූ රාග ඇති, (ද්වේෂ මෝහ අභාවයෙන්) සමාහිත වූ ඉඳුරන් ඇති, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිත්.
Pali BJT217. යො වෙ ඨිතත්තො තසරංව උජ්ජුං ජිගුච්ඡති කම්මෙහි පාපකෙහි, වීමංසමානො විසමං සමඤ්ච තං වාපි ධීරා මුනිං වෙදයන්ති.
Sinhala BJT217. යමෙක් ඒකාන්තයෙන් (භාවාන්තරෝපගමන නැති හෙයින්) ස්ථිත වූ සිත් ඇත්තේ, හූවෙලුවක් (පිළි වියන තරස් දණ්ඩක්) සෙයින් ඍජු වූයේ පව්කම් පිළිකුල් කෙරේ ද, සම විසම දෙක මාර්‍ග ප්‍රඥායෙන් විමසා බලන්නේත් වේ ද, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිති.
Pali BJT218. යො සඤ්ඤතත්තො න කරොති පාපං දහරො ච මජ්ඣිමො ච{1} මුනී යතත්තො, අරොසනෙය්යො සො න රොසෙති කඤ්චි තං වාපි ධීරා මුනිං වෙදයන්ති.
Sinhala BJT218. යමෙක් (සීල සංයමයෙන්) සංයත වූයේ තරුණ වූයේ හෝ මැදුම් වියෙහි වූයේ හෝ දැමුනු සිත් ඇත්තේ මෝනෙය්‍ය ධර්‍මයෙන් සමන්‍විත වූයේ, නො පෙළියයුතු වූයේ කිසිවකු නො ගටා ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
Pali BJT219. යදග්ගතො මජ්ඣතො සෙසතො වා පිණ්ඩං ලභෙථ පරදත්තූපජීවි, නාලං ථුතුං නොපි නිපච්චවාදී තං වාපි ධීරා මුනිං වෙදයන්ති:
Sinhala BJT219. මෙරමා විසින් දුන් දිවිවටනා සැළි මුවින් හෝ මැදින් හෝ සෙසු තැනින් ගත් පිඬු ලබා ද, හේ (තමා හෝ දායකයා) පැසසීමට නො නිසිවේ ද, දායකයා පහත් කොට බණන්නේ හෝ නොවේ ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
Pali BJT220. මුනිං චරන්තං විරතං මෙථුනස්මා යො යොබ්බනෙන උපනිබජ්ඣතෙ ක්වචි, මදප්පමාදා විරතං විප්පමුත්තං තං වාපි ධීරා මුනිං වෙදයන්ති.
Sinhala BJT220. යමෙක් යොවුන් වියෙහි (ස්ත්‍රී රූපාදි) කිසි අරමුණක (කෙලෙස් විසින්) නො බැඳේ ද, මුනි වූ ඒකවිහාරීව හැසිරෙන, මෙවුන් දමින් දුරු වූ මදයෙන් හා ප්‍රමාදයෙන් විරත වූ, සියලු කෙලෙස් බැඳුමෙන් මිදුනු ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
Pali BJT221. අඤ්ඤාය ලොකං පරමත්ථදස්සිං ඔඝං සමුද්දං අතිතරිය තාදිං, තං ඡින්නගන්ථං අසිතං අනාසවං තං වාපි ධීරා මුනිං වෙදයන්ති.
Sinhala BJT221. (ස්කන්‍ධාදි) ලෝකය (දුකැයි) දැන, (නිරෝධසත්‍යය සාක්‍ෂාත් කිරීමෙන්) පරමාර්‍ත්‍ථය දක්නා සුලු (සමුදය ප්‍රහාණයෙන්) චතුරෝඝයද (චක්‍ෂුරාදි ආයතනය) සමුදාය ද (මාර්‍ගභාවනාවෙන්) තරණය කොට තාදි වූ, සිඳින ලද චතුර්ග්‍රන්‍ථ ඇති තෘෂ්ණා-දෘෂ්ටි විසින් ඇසුරු නො කරණලද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
Pali BJT222. අස්මා චුභො දූරවිහාරවුත්තිනො ගිහී දාරපොසී අමමො ච සුබ්බතො, පරපාණරොධාය ගිහී අසඤ්ඤතො නිච්චං මුනී රක්ඛති පාණිනො යතො.
Sinhala BJT222. ( ගිහි-පැවිදි ) දෙදෙන නො සම වූවාහු උනුන්ගෙන් දුර වූවාහු හෝ දිවි වැටුම් ඇති වෙති. ගෘහී තෙමේ අඹුදරුවන් පුස්නේ වෙයි. පවිත්‍ර ව්‍රත ඇති පැවිදි (අඹුදරුවන් කෙරෙහි) මමත්‍ව නැති වෙයි. ගිහි පරපණ නැසීමෙන් අසංයත වෙයි. මුනි සංයත වූයේ ප්‍රාණීන් රක්නේ ය.