Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො මහතියා කංසපාතියා පායාසං වඩ්ඪෙත්වා භගවතො උපනාමෙසි, භුඤ්ජතු භවං ගොතමො පායාසං කස්සකො භවං යං හි භවං ගොතමො අමතඵලං කසිං කසතීති.
Sinhala BJTඑක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණ මහරන්තලියෙක්හි කිරිපිඬු වඩා “යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්සේ අමෘත ඵලවත් කෘෂිකර්‍ම කරන්නාහු නම්, භවත් ගෞතමයන් වහන්සේ එබඳු කර්‍ෂක (ගොවි ) වන්නාහ. භවත් ගෞතමයෝ පායාස වළඳවත්වා”යි. භාග්‍යවතුන් වහන්සේට පිරිනැමී.
Pali BJT81. ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්රාහ්මණ නෙසධම්මො ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සතී බ්රාහ්මණ වුත්තිරෙසා.
Sinhala BJT81. බ්‍රාහ්මණය, ගාථාභිගීත වූ (ගී ගැයුමින් ලත්) පායාසය මා විසින් වළඳනට නො නිසි යැ. සම්‍යක්ආජීවපාරිශුද්ධිය දක්නා බුදුවරයනට තෙල (චාරිත්‍ර) ධර්‍ම නොවේ. සර්‍වඥයෝ ගාථාභිගීත භෝජනය පිළිකෙවු කෙරෙති. බ්‍රාහ්මණය, චාරිත්‍රධර්‍මය (ලොව්හි) පවතිත් ම ඒකාන්තව්‍යවදාත වූ පය්‍යෙර්‍ෂණය (බුදුවරුන්ගේ) ජීවිතවෘත්තිය වෙයි.
Pali BJT82. අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්ච වූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙඛස්ස හොතීති.
Sinhala BJT82 (සර්‍වගුණයෙන් පිරිපුන් හෙයින්) කේවලී වූ මහර්ෂී වූ ක්‍ෂීණාස්‍රව වූ සන්සුන් කුකුස් ඇති බුදුනුට අන්‍ය ආහාරපානයෙකින් ම උවටන් කරව. යම් හෙයෙකින් ඒ පින් කැමැතියහුට පින්කෙත් වේ ද, එහෙයිනි.
Pali BJTඅථ කස්ස චාහං භො ගොතම ඉමං පායාසං දම්මීති,
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, එසේ වත් ම මෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.
Pali BJTන ඛ්වාහං තං බ්රාහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යස්ස සො පායාසො භුත්තො සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්ස වා තථාගතසාවකස්ස වා, තෙන හි ත්වං බ්රාහ්මමණ තං පායාසං අප්පහරිතෙ වා ඡඩ්ඩෙහි, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහීති,
Sinhala BJTබමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළඳන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි. බමුණ, එකරුණින් තෝ ඒ පායාසය නිල්තණ නැති බිමෙක් හෝ දමව. (එයින් නැසෙන) ප්‍රාණීන් රහිත දියෙහි හෝ උල්පවාලවයි.
Pali BJTඅථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො තං පායාසං අප්පාණකෙ උදකෙ ඔපිලාපෙසි. අථ ඛො සො පායාසො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායති, සෙය්යථාපි නාම ඵාලො දිවසසන්තත්තො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති චිටිචිටායති සන්ධූපායතී සම්පධූපායති, එවමෙව සො පායාසො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායති,
Sinhala BJTඉක්බිති කසීභාරද්වාජ බමුණු ඒ පායාසය ප්‍රාණීන් රහිත දියෙහි උල්පවාලීය. එකල්හි ඒ පායාසය. දියෙහි බහාලන ලදුයේ, චිච්චිට යන අනුකරණ කෙරෙයි. චිටිචිටි යන අනුකරණ කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි. යම් සේ දවසක් තැවුනු සීවැලෙක් දියෙහි බහාලනුලදුයේ චිව්චිට යන අනුකරණ කෙරේ ද, හාත්පසින් දුමා ද. අධිමාත්‍රව හාත්පසින් දුමා ද, එසෙයින් මැ ඒ පායාසය දියෙහි බහාලන ලදුයේ චිව්චිට යන ශබ්ද කෙරෙයි. චිටිචිටි යන ශබ්ද කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි.
Pali BJTඅථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො සංවිග්ගො ලොමහට්ඨජාතො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණ සංවිග්න වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ පාමුල්හි හිසින් වැඳ හෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේය:
Pali BJTඅභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජාතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJT“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ, භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවැ, ගෞතමයන් වහන්ස, යම් සේ වනාහි යටිකුරු කොට තබනලද්දක් උඩුකුරු කොට තබන්නේ වේ ද, පිළිසන් වූවක් වැසුම් හරණේ වේ ද, මංමුළා වූවකුට හෝ මග කියන්නේ වේද, ඇසි ඇත්තාහු රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්අයුරින් ධර්‍මය දෙසන ලද. මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මයද භික්‍ෂුසඞ්ඝයා ද සරන කොට යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවැදි ලබම්වා උපසපුව ලබම්වයි.
Pali BJTඅලත්ථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං, අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙ ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති.
Sinhala BJTකසීභාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ලැබී ය. උපසපුව ලැබී ය. උපසපුව ලැබූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ එකලා වූයේ කයින් සිතින් වෙන්වූයේ නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ යම් රහත් පලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට මැ ගිහිගෙන් නික්මැ පැවිද්දවට පැමිණෙත් ද,
Pali BJTතදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි අඤ්ඤතරොච ඛො පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති එ අර්‍හත් ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් දැනැ පසක් කොට සපයා විසී. ජාතිය ක්‍ෂීණ වූ යැ, සසුන් බ්‍රම්සර මගබ්‍රම්සර වස් වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු සොළොස් වැදෑරුම් කරණී කරණී කරණ ලද, පිළිමෙබවට නො එමි යි දැනගති. ආයුෂ්මත් භාරද්වාජ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී යයි.
Pali BJTකසීභාරද්වාජසුත්තං නිට්ඨිතං.
Sinhala BJTකසීභාරද්වාජ සූත්‍රය නිමි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJTචුන්දසුත්තං
Sinhala BJTචුන්‍ද සූත්‍රය
Pali BJT83. පුච්ඡාමි මුනිං පහූතපඤ්ඤං (ඉති චුන්දො කම්මාරපුත්තො) බුද්ධං ධම්මස්සාමිං වීතතණ්හං දීපදුත්තමං සාරථිනං පවරං කති ලොකෙ සමණා තදිඞ්ඝ බ්රූහි.
Sinhala BJT83. විපුල ප්‍රඥා ඇති, සම්‍යක්සම්බුද්ධ වූ, ධර්‍මස්වාමී වූ විගත තෘෂ්ණා ඇති ද්විපදෝත්තම වූ සාරථීන් කෙරෙහි උතුම් වූ, මුනීන්‍ද්‍රයන් පුළුවුස්මි. ලොව්හි මහණහු කෙතෙක් ද? ඔවුන් වදාළ මැනවැ”යි චුන්‍ද කර්‍මාරපුත්‍ර මෙසේ කී:
Pali BJT84. චතුරො සමණා න පඤ්චමත්ථි (චුන්දාති භගවා) තෙ තෙ ආවිකරොමි සක්ඛිපුට්ඨො මග්ගජිනො මග්ගදෙසකො ච මග්ගෙ ජීවති යො ච{1} මග්ගදූසි.
Sinhala BJT84. (භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද යී අමතා) ශ්‍රමණයෝ සිවුදෙනෙකි. පස්වැනියෙක් නැති. සාක්‍ෂි කොට හමියෙහි පුළුවුස්නා ලද්දෙම් තොපට උන් පාළ කොට කියමි. සිවුමගින් සවුකෙලෙස් දිනූ මග්ගජින නම් එකෙකැ, (මෙරමා හට) මග දෙසන මග්ගදෙසක නම් එකෙකැ. (කළණ පුහුදුන් ඇතුළු ශෛක්‍ෂ) ලොවි-ලොවුතුරු මගෙහි වෙසෙන මග්ගජීවි නම් එකෙකැ, යම් (දුශ්ශීල වූ) මග්ගදූසී නම් එකෙක යන මොහු යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT85. කං මග්ගජිනං වදන්ති බුද්ධා (ඉති චුන්දො කම්මාරපුත්තො) මග්ගක්ඛායී කථං අතුල්යො හොති, මග්ගෙ ජීවති මෙ බ්රූහි පුට්ඨො අථ මෙ ආවිකරොහි මග්ගදූසිං.
Sinhala BJT85. බුදුවරු කවරකු මාර්‍ගජින යයි කියත් ද, කෙසේ නම් මාර්‍ගදේශක අතුල්‍ය වේ ද? යමෙක් මාර්‍ගයෙහි වෙසේ නම් මා විසින් පුළුවුස්නා ලද සේක් (ඔහු) වදාරණ සේක් වා! වැලිදු මට මාර්‍ගදූෂකයා ප්‍රකට කරණ සේක් වා”යි චුන්‍දකම්මාරපුත්‍ර විචාළේය.
Pali BJT86. යො තිණ්ණකථං කථො විසල්ලො නිබ්බානාභිරතො අනානුගිද්ධො, ලොකස්ස සදෙවකස්ස නෙතා තාදිං මග්ගජිනං වදන්ති බුද්ධා.
Sinhala BJT86. යමෙක් පහකළ කථංකථභාවය ඇත්තේ ද, රාගාදි (පඤ්චවිධ) කෙලෙස් හුලින් මිදුනේ ද, නිවණෙහි ඇලුනේ ද, කිසි ධර්‍මයෙක්හි දු ගිජු නො වූයේ ද, සදේවකලෝකයට නායක වූයේ ද, බුදුවරු තාදි ගුණ ඇති ඔහු මාර්‍ගජින යයි කියත්.
Pali BJT87. පරමං පරමන්ති යොධ ඤත්වා අක්ඛාති විභජති ඉධෙව ධම්මං, තං කඞ්ඛච්ඡිදං මුනිං අනෙජං දුතියං භික්ඛූනමාහු මග්ගදෙසිං.
Sinhala BJT87. යමෙක් මෙලොව්හි පරම නම් නිවණ උතුමැ’යි (පස් විකුම් නැණින්) දැන මෙසස්නෙහි ම නිවන් දහම පවසා ද, විස්තර කොට මාර්‍ගධර්‍මය විභාග කෙරේ ද, සැක දුරලන (මෝනෙය්‍ය ගුණයෙන් සමන්‍විත හෙයින්) මුනි වූ තෘෂ්ණා එජා නැති ඒ දෙවෙනි මහණ හු මාර්‍ගදේශී යයි කීහු.
Pali BJT88. යො ධම්මපදෙ සුදෙසිතෙ මග්ගෙ ජීවති සඤ්ඤතො සතීමා, අනවජ්ජපදානි සෙවමානො තතියං භික්ඛුනමාහු මග්ගජීවිං.
Sinhala BJT88. යමෙක් මොනොවට දෙසන ලද නිර්‍වාණපදය වූ මාර්‍ගයෙහි සංයත වූයේ ස්මෘතිමත් වූයේ ජීවත් වේ ද, (සත්තිස්බෝපැකිදම් නැමැති) නිරවද්‍ය පද සෙව්නේ ද, ඒ මහණහු තෙවන වූ මාර්‍ගජිවී යයි කීහු.
Pali BJT89. ඡදනං කත්වාන සුබ්බතානං පක්ඛන්දි කුලදූසකො පගබ්භො, මායාවී අසඤ්ඤතො පලාපො පතිරූපෙන චරං ස මග්ගදූසී.
Sinhala BJT89. (බුදුපසේබුදුසවු යන) මනාව්‍රත ඇතියවුන්ගේ පිළිරූ වෙස් ගෙණ පිරිස් මැදට පණින සුලු වූයේ නො මනාපිළිවෙතින් කුලදූෂණ කරන්නේ (කාය-වාක්-මනස්) ප්‍රගල්භතා (නොසරුප් බුහුටිකම්) ඇත්තේ කළපව් සැඟවීම් සඞ්ඛ්‍යාත මායා ඇත්තේ, ශීලසංයමයෙන් සංයත නො වූයේ, හිස් වදන් ඇත්තේ පිළිරුවින් (ව්‍යාජයෙන්) හැසිරෙන්නේ ද, හේ මාර්‍ගදූෂී වේ.
Pali BJT90. එතෙ ච පටිවිජ්ඣ යො ගහට්ඨො සුතවා අරියසාවකො සපඤ්ඤො සබ්බෙ තෙ තාදිසාති ඤත්වා ඉති දිස්වා න හාපෙති තස්ස සද්ධා කථං හි දුට්ඨෙන අසම්පදුට්ඨං සුද්ධං අසුද්ධෙන සමං කරෙය්යාති.
Sinhala BJT90. යම් ගැහැවියෙක් ශ්‍රැතවත් වූයේ ආර්‍ය්‍යශ්‍රාවක වූයේ ප්‍රඥා ඇත්තේ මොවුන් පිළිවිදියේ ද, ඔහු සියලු දෙන එබඳු යයි දැන, මෙසේ දැක ඔහුගේ ශ්‍රද්ධාව නො නස්නේය. කෙසේ නම් දුෂ්ටයකු හා අදුෂ්ටයකු ද අශුද්ධයකු හා ශුද්ධයකු ද සම කරන්නේදැ”යි.
Pali BJTචුන්දසුත්තං නිට්ඨිතං.
Sinhala BJTචුන්‍ද සූත්‍රය නිමි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJTපරාභවසුත්තං
Sinhala BJTපරාභව සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර නම් අනේපිඬු සිටිහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය එකලු කරමින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේය.
Pali BJT91. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගොතමං, භගවන්තං පුට්ඨුමාගම්ම කිං පරාභවතො මුඛං.
Sinhala BJT91. අපි ගෞතමයන් වහන්සේ පිරිහෙන පුඟුල් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට අවුත් සිටියම්හ. (ගෞතමයන් වහන්ස) පිරිහෙන පුඟුල්හුගේ මුඛය (කාරණය) කිම?
Pali BJT92. සුවිජානො භවං හොති සුවිජානො පරාභවො, ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො.
Sinhala BJT92. වැඩෙන (දියුණුවන) පුරුෂ සුවසේ දත හෙයි. පිරිහෙන පුරුෂ මොනොවට දත හෙයි. (දසකුසල්) දහම් කැමැත්තේ වැඩෙනු වෙයි. දහමට ද්වේෂ කරණුයේ පිරිහෙනු වෙයි.
Pali BJT93. ඉති හෙතං විජානාම පඨමො සො පරාභවො, දුතියං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT93. මෙසෙයින් තෙල දැනගනුම්හ. ඒ ධර්‍මද්වේෂිතා ලක්‍ෂණය පළමුවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ දෙවන පරාභව මුඛය කිමැයි වදාළ මැනැවැ.
Pali BJT94. අසන්තස්ස පිසා හොන්තී සන්තෙ න කුරුතෙ පියං, අසතං ධම්මං රොචෙති තං පරාභවතො මුඛං.
Sinhala BJT94. ඔහුට අසත්පුරුෂයෝ ප්‍රිය වෙති. (බුද්ධාදි) සත්පුරුෂයා කෙරෙහි ප්‍රිය නොකෙරෙයි. අසත්පුරුෂයන්ගේ (දෙසැටමිසදිටු) දහම රුස්නේ වේ. එය පිරිහෙන කරුණ වෙයි.
Pali BJT95. ඉති හෙතං විජානාම දුතියො සො පරාභවො, තතියං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT95. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. එ ලක්‍ෂණය දෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙවන පරාභව කාරණය කිමැයි වදාළ මැනැව.
Pali BJT96. නිද්දාසීලී සභාසීලී අනුට්ඨාතා ච යො නරො, අලසො කොධපඤ්ඤාණො තං පරාභවතො මුඛං.
Sinhala BJT96. යම් මිනිසෙක් නිදනසුලු වේ ද, ගණයා කෙරෙහි ඇලෙන සුලු වේ ද, උත්‍ථානවීර්‍ය්‍ය නැතියේ ද, උපතින් අලස වේ ද, ක්‍රෝධය ලක්‍ෂණ කොට ඇති වේ ද, එය පිරිහෙන පුඟුල්ගේ මුඛ යි.
Pali BJT97. ඉති හෙතං විජානාම තතියො සො පරාභවො, චතුත්ථං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT97. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය තෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙනුහුගේ සිව්වන දොර කිමැයි වදාළ මැනැවි.
Pali BJT98. යො මාතරං වා පිතරං වා ජිණ්ණකං ගතයොබ්බනං, පහූ සන්තො න භරති තං පරාභවතො මුඛං.
Sinhala BJT98. යමෙක් පොහොසත් වූයේ ජරාජීර්‍ණ වූ ඉක්මගිය යොවුන් බව ඇත මව හෝ පිය නො පුස්නේ ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
Pali BJT99. ඉති හෙතං විජානාම චතුත්ථො සො පරාභවො, පඤ්චමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT99. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සිවුවන කරුණැයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙල පස්වන දොර කිමැයි වදාළ මැනැවැ.
Pali BJT100. යො බ්රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වණිබ්බකං, මුසාවාදෙන වඤ්චෙති තං පරාභවතො මුඛං,
Sinhala BJT100. යම් බමුණෙකු වේවයි මහණකු වේවයි අන් කිසි යදියෙකු වේවයි මුසවායෙන් රවටා ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
Pali BJT101. ඉති හෙතං විජානාම පඤ්චමො සො පරාභවො, ඡට්ඨමං භගවා බ්රූහී කිං පරාභවතො මුඛං.
Sinhala BJT101. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පස්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල සවන දොර කිමැයි වදාළ මැනැව.
Pali BJT102. පහූතවිත්තො පුරිසො සහිරඤ්ඤො සහොජනො, එකො භුඤ්ජති සාදූනි තං පරාභවතො මුඛං.
Sinhala BJT102. බොහෝ රන් රිදී මිණිරුවන් ඇති කහවණු ඇති සූපව්‍යඤ්ජන භෝජනයෙන් සමෘද්ධ වූ, පුරුෂ එකලා වූයේ පිණි බොදුන් වළඳනේ ද, එය පිරිහෙන පුඟුල්හුගේ තෙල සවන දොරයි.
Pali BJT103. ඉති හෙතං විජානාම ඡට්ඨමො සො පරාභවො, සත්තමං භගවා බ්රූහී කිං පරාභවතො මුඛං.
Sinhala BJT103. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල සත්වන දොර කිමැයි වදාළ මැනැවැ.
Pali BJT104. ජාතිත්ථද්ධො ධනත්ථද්ධො ගොත්තත්ථද්ධො ච යො නරො, සඤ්ඤාතිං අතිමඤ්ඤෙති තං පරාභවතො මුඛං.
Sinhala BJT104. යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ ධන මානයෙන් තද වූයේ කුලමානයෙන් තද වූයේ සිය නෑයන් ඉක්මැ සිතා ද, එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
Pali BJT105. ඉති හෙතං විජානාම සත්තමො සො පරාභවො, අට්ඨමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT105. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සත්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල අටවන දොර කිමැයි වදාළ මැනැවැ.
Pali BJT106. ඉත්ථිධුත්තො සුරාධුත්තො අක්ඛධුත්තො ච යො නරො, ලද්ධං ලද්ධං විනාසෙති තං පරාභවතො මුඛං.
Sinhala BJT106. යම් මිනිසෙක් ස්ත්‍රීධූර්‍ත වූයේ සුරාධූර්‍ත වූයේ අක්‍ෂධූර්‍ත වූයේ ලද ලද දෑ වනසා ද එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
Pali BJT107. ඉති හෙතං විජානාම අට්ඨමො සො පරාභවො, නවමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT107. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ අටවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, නවවන පිරිහීමේ කරුණ කිමැයි වදාළ මැනැවැ.
Pali BJT108. සෙහි දාරෙහසන්තුට්ඨො වෙසියාසු පදිස්සති, දිස්සති පරදාරෙසු තං පරාභවතො මුඛං.
Sinhala BJT108. සිය දාරයන් විසින් නො සතුටු වූයේ වේශ්‍යාවන් කෙරෙහි පැමිණේ ද, පරඹුවන් වෙතැ පැමිණේ ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
Pali BJT109. ඉති හෙතං විජානාම නවමො සො පරාභවො, දසමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT109. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ නවවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, දසවන දොර කිමැයි වදාළ මැනැවැ.
Pali BJT110. අතීතයොබ්බනො පොසො ආනෙති තිම්බරුත්ථනිං, තස්සා ඉස්සා න සුපති තං පරාභවතො මුඛං.
Sinhala BJT110. ඉක්මගිය යොවුන් ඇති පුරුෂ තිඹිරිපල බඳු පියොවුරු ඇති තුරුණු දැරියක් ආවාහ කොට ගණී ද (හෝ) ඇයට ඊර්‍ෂ්‍යාවෙන් නො නිදා ද එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
Pali BJT111. ඉති හෙතං විජානාම දසමො සො පරාභවො, එකාදසමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT111. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ දස වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, එකොළොස්වන පිරිහෙන පුඟුල්හුගේ කිමැයි වදාළ මැනැවැ.
Pali BJT112. ඉත්ථිසොණ්ඩිං විකිරණිං පුරිසං වාපි තාදිසං, ඉස්සරීයස්මීං ඨාපෙති තං පරාභවතො මුඛං.
Sinhala BJT112. (මත්ස්‍ය මාංස මද්‍යපාන ආදියෙහි ) ලොල් වූ ඒ සඳහා ධනය විසුරුවන මාගමක් හෝ එබඳු වූ පුරුෂයෙකු ඉසුරෙහි (ආධිපත්‍යයෙහි) තබා ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
Pali BJT113. ඉති හෙතං විජානාම එකාදසමො සො පරාභවො, ද්වාදසමං භගවා බ්රූහි කිං පරාභවතො මුඛං.
Sinhala BJT113. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ එකොළොස්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, දොළොස්වන පිරිහීමේ කරුණ කිමැයි වදාළ මැනැවැ.
Pali BJT114. අප්පභොගො මහාතණ්හො ඛත්තියෙ ජායතෙ කුලෙ, සොධ රජ්ජං පත්ථයති තං පරාභවතො මුඛං.
Sinhala BJT114. අල්පභෝග ඇති මහත්වූ භෝගතෘෂ්ණා ඇති, යමෙක් ක්‍ෂත්‍රිය කුලයෙහි උපදී ද, හෙ ද රාජ්‍යය පතා නම්, එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
Pali BJT115. එතෙ පරාභවෙ ලොකෙ පණ්ඩිතො සමවෙක්ඛිය, අරියො දස්සනසම්පන්නො ස ලොකං භජතෙ සිවන්ති.
Sinhala BJT115. පණ්ඩිත වූ පරාභව දක්නා නුවණැති ඒ ආර්‍ය්‍ය පුද්ගල ලොව්හි තෙල පරාභවයන් නුවණැසින් පිරිසිඳ දැන දෙව්ලොවට පැමිණේ යයි.
Pali BJTපරාභව සුත්තං නිට්ඨිතා.
Sinhala BJTපරාභව සූත්‍රය නිමි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTවසල සුත්තං
Sinhala BJTවසල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථ ඛො භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අග්ගික භාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනෙ අග්ගි පජ්ජලිතො භොති ආහුති පග්ගහිතා. අථ ඛො භගවා සාවත්ථියං සපදානං පිණ්ඩායචරමානො යෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: තත්රෙව මුණ්ඩක තත්රෙව සමණක තත්රෙව වසලක: තිට්ඨාහීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අම්හි වැඩවෙසෙනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු යෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩි සේක. එසමයෙහි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙස්න සමීපයෙහි හෝම ගිනි දල්වන ලද වෙයි. ඉදිරියෙහි හොමද්‍රව්‍ය එළවනලද වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙපිළි වෙළින් පිඬුසිඟා වඩනාසේක්. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙසට වැඩි සේක, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ දුර ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: මුණ්ඩකය, ඔබ මැ සිට, ශ්‍රමණකය ඔබ මැ සිට, වසලකය ඔබ මැ සිට යි.
Pali BJTඑවං වුත්තෙ භගවා අග්ගිකභාරද්වාජං බ්රාහ්මණං එතදවොච: ජානාසි පනාත්වං බ්රාහ්මණ වසලං වා වසලකරණෙ වා ධම්මෙති,
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණු හට තෙල වදාළහ: “බමුණ, තෝ වැලිත් වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි දන්හි දැ”යි.
Pali BJTනඛ්වාහං භො ගොතම ජානාමි වසලං වා වසලකරණෙ වා ධම්මෙ. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථාහං ජානෙය්යං වසලං වා වසලකරණෙ වා ධම්මෙති.
Sinhala BJT“භවත් ගෞතමයානන් වහන්ස, මම වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි නො දන්මි ඉදින් භගවත් ගෞතමයන් යම් පරිදි මම වසල වේවයි, වසල කරණ ධර්‍ම වේවයි දැනගණිම් ද එපරිදි භවත් ගෞතමයානන් වහන්සේ දහම් දෙසන සේක්වා”යි.
Pali BJTතෙන හි බ්රාහ්මණ සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමීති. එවං හොති ඛො අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො පච්චස්සොසී, භගවා එතදවොච:
Sinhala BJTඑසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:
Pali BJT116. කොධනො උපනාහී ච පාපමක්ඛී ච යො නරො, විපන්නදිට්ඨි මායාවී තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT116. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියේත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT117. එකජං ව ද්වීජං වාපි යොධ පාණානි හිංසති, යස්ස පාණෙ දයා නත්ථි තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT117. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
Pali BJT118. යො හන්ති පරිරුන්ධති ගාමානි නිගමානි ච, නිග්ගාහකො සමඤ්ඤාතො තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT118. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
Pali BJT119. ගාමෙ වා යදි වා රඤ්ඤෙ යං පරෙසං මමායිතං, ථෙය්යා ආදින්නං ආදියති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT119. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
Pali BJT120. යො හවෙ ඉණමාදාය චුජ්ජමානො පලායති, න හි තෙ ඉණමත්ථිති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT120. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
Pali BJT121. යො චෙ කිඤ්චික්ඛකම්යතා පන්ථස්මිං වජතං ජනං, හන්ත්වා කිඤ්චීක්ඛමාදෙති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT121. යමෙක් අල්පමාත්‍රවූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
Pali BJT122. යො අත්තහෙතු පරහෙතු ධනභෙතූ ච යො නරො, සක්ඛිපුට්ඨො මුසා බ්රූති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT122. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්‍ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
Pali BJT123. යො ඤාතිනං සඛානං වා දාරෙසු පතිදිස්සති, සහසා සම්පියෙන වා තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT123. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍රතිකූල සේ මර්‍ය්‍යාදා භේද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT124. යො මාතරං වා පිතරං වා ජිණ්ණකං ගතයොබ්බනං, පහූ සන්තො න භරති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT124. යමෙක් අර්‍ත්‍ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT125. යො මාතරං වා පිතරං වා භාතරං භගිනිං සසුං, හන්ති රොසෙති වාචාය තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT125. යමෙක් මව හෝ පියා හෝ බෑනා හෝ බුහුන හෝ පෙළා ද, වචනයෙන් හෝ කෝප උපදවා ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT126. යො අත්ථං පුච්ඡිතො සන්තො අනත්ථමනුසාසති, පටිච්ඡන්නෙන මන්තෙති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT126. යමෙක් (සාන්‍දෘෂ්ටිකාදි අර්‍ත්‍ථය) පුළුවුස්නා ලදුයේ (ඔහුට) අහිතයක් මැ පවසා ද, (අර්‍ත්‍ථය මැ හෝ) ප්‍රතිච්ඡන්නක වශයෙන් බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT127. යො කත්වා පාපකං කම්මං මා මං ජඤ්ඤාති ඉච්ඡති, යො පටිච්ඡන්නකම්මන්තො තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT127. යමෙක් පව්කම් කොට ‘මා නහමක් දනීවා’යි කැමැති වේ ද, යමෙක් ප්‍රතිච්ඡන්න කර්‍ම ඇතියේත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT128. යො වෙ පරකුලං ගන්ත්වා භුත්වාන සුචිභොජනං, ආගතං න පටිපූජෙති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT128. යමෙක් පරකුලයට ගොස් පිණී බොජුන් වළඳා (තම නිවෙසට) පැමිණියහුට ප්‍රතිපූජා නො කෙරේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT129. යො බ්රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වණිබ්බකං, මුසාවාදෙන වඤ්චෙති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT129. යමෙක් බමුණකු වේවයි මහණකු වේවයි අන්කිසි යදියකු වේවයි මුසවායෙන් රවටා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT130. යො බ්රාහ්මණං වා සමණං වා භත්තකාලෙ උපට්ඨිතෙ, රොසෙති වාචා න ච දෙති තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT130. යමෙක් භෝජන කාලය එළැඹෙත්ම බමුණකු වේවයි මහණකු වේවයි පරොස් බසින් කෝප උපදවා ද, කිසිත් නො දේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT131. අසතං යොධ පබ්රූති මොහෙන පළිගුණ්ඨිතො, කිඤ්චික්ඛං නිජිගිංසානො තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT131. මෙලොවැ යමෙක් මෝහයෙන් වෙළුනේ කිසිවක් (ලබා) ගණු කැමැත්තේ අසත් බස් තෙපලා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT132. යො චත්තානං සමුක්කංසෙ පරඤ්ච මවජානති, නිහීනො සෙන මානෙන තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT132. යමෙක් ස්වකීය මානයෙන් ඉතා හීන වූයේ තමා හුවා දක්වා ද, මෙරමා හෙලා දකී ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT133. රොසකො කදරියො ච පාපිච්ඡො මච්ඡරී සඨො, අහිරිකො අනොත්තාපී තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT133. (මෙරමාහට) කෝප උපදවනුයේ තද මසුරු වූයේත් වේ ද, ලාමක වු ඊප්සා ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද, පවට ලජ්ජා නැත්තේ පවට බිය නැත්තේ වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT134. යො බුද්ධං පරිභාසති අථ වා තස්ස සාවකං, පරිබ්බාජං ගහට්ඨං වා තං ජඤ්ඤා වසලො ඉති.
Sinhala BJT134. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
Pali BJT135. යො චෙ අනරහා සන්තො අරහං පටිජානාති, චොරො සබ්රහ්මකෙ ලොකෙ එස ඛො වසලාධමො, එතෙ ඛො වසලා වුත්ථා මයා චො යෙ පකාසිතා.
Sinhala BJT135. යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ.
Pali BJT136. න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්රාහ්මණො, කම්මනා වසලො හොති කම්මනා හොති බ්රාහ්මණො.
Sinhala BJT136. (පරමාර්‍ත්‍ථ විසින්) ජාතියෙන් වසල නො වෙයි. ජාතියෙන් (උපතින්) බමුණු ද නොවේ. (අපරිශුද්ධ) කර්‍මයෙන් වසල වෙයි (පරිශුද්ධ) කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.
Pali BJT137. තදමිනාපි ජානාථ යථා මෙදං නිදස්සනං, චණ්ඩාලපුත්තො සොපාකො මාතඞ්ගො ඉති විස්සුතො.
Sinhala BJT137. යම් ප්‍රකාරයකින් මාගේ මේ නිදසුන වේ ද, එකරුණ මේ ප්‍රකාරයෙනු දු දැන ගණිවු. (කෑමට) බලුමස් උයන ශ්වපාක නම් සැඩොල් පුතෙක් මාතඞ්ගයයි ප්‍රසිද්ධ විය.
Pali BJT138. සො යසං පරමං පත්තො මාතඞ්ගො යං සුදුල්ලභං, ආගඤ්ඡුං තස්සුපට්ඨානං ඛත්තියා බ්රාහ්මණා බහූ.
Sinhala BJT138. ඒ මාතඞ්ග හීනකුලෝත්පන්නයකු විසින් ඉතා දුර්‍ලභ වූ යම් යශසකට පැමිණියේ ද, ඔහුට උවටැනට බොහෝ ක්‍ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද පැමිණියහ.
Pali BJT139. සො දෙවයානමාරුය්හ විරජං සො මහාපථං, කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගො අහූ.
Sinhala BJT139. හේ (රාගාදී කෙලෙස් රජස් නැති) බුද්ධාදීන් විසින් පිළිපන් හෙයින් මහාමාර්‍ගවූ (අටසමවත්) දේව යානයට නැග කාමරාගය ප්‍රහීණ කොට බඹලොවට පිළිසඳ විසින් පැමිණියේය.
Pali BJT140. න නං ජාති නිවාරෙසි බ්රහ්මලොකූපපත්තියා, අජ්ඣායකකුලෙ ජාතා බ්රාහ්මණා මත්තබන්ධූනො.
Sinhala BJT140. ජාතිය බඹලොව උපතින් ඔහු නො වැළහීය. වේදහදාරණ කුලෙහි උපන්, වේදය පිළිසරණ කොට ඇති, ඒ බ්‍රාහ්මණයෝ ද නිතර පව්කම්හි (ගැලුනාහු) දක්නා ලැබෙත්.
Pali BJT141. තෙ ව පාපෙසු කම්මෙසු අභිණ්හමුපදිස්සරෙ, අට්ඨෙව ධම්මෙ ගාරය්හා සම්පරායෙ ච දුග්ගතිං, න තෙ ජාති නිවාරෙති දුග්ගච්චා ගරහාය වා.
Sinhala BJT141. දිටු දැමියෙහි ගැරහීමට පත් වූවාහු පරලොව්හි දුගතියට ද පත්වූවාහි දක්නා ලැබෙති. ජාතිතොමෝ ඔවුන් දුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ නො වළහා.
Pali BJT142. න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්රාහ්මණො, කම්මනා වසලො හොති කම්මනා හොති බ්රාහ්මණො.
Sinhala BJT142. ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.
Pali BJTඑවං වුත්තෙ අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය, භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කොට තබන්නේ යම් සේ ද, වසන ලද්දක් හෝ විවෘත කරන්නේ යම්සේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ යම් සේද, ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසන ලද. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවෙකු කොට මා දරණ සේක් ව යි.
Pali BJTවසලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTවසල සූත්‍රය නිමි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJTමෙත්තසුත්තං
Sinhala BJTමෙත්ත සූත්‍රය
Pali BJT143. කරණීයමත්ථකුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානී.
Sinhala BJT143. ශාන්ත (නිර්‍වාණ) පදයට එළඹ වසනු කැමති වූ (ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාත) ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි දක්‍ෂ වූවහු විසින් (සතර මාර්‍ග ඵල සඞ්ඛ්‍යාත) යම් කරණී වේ නම්, ඒ කළ යුතු වෙයි. (හො) සත්‍යප්‍රතිවේධයෙහි සමර්‍ත්‍ථ වන්නේ ය. (තෙවන ප්‍රධානාඞ්ගයෙන් සමන්‍වාගත වීමෙන්) ඍජු ද මොනවට ඍජු ද වන්නේ ය. (අවවාදක්‍ෂමතායෙන්) සුවච වන්නේ ය. (සසුන් බඹසරෙහි) මෘදු වන්නේය. (ජාති ගෝත්‍රාදි විසින්) අතිමාන නැති වන්නේය.
Pali BJT144. සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති, සන්තින්ද්රියො ච නිපකො ච අප්පගබ්භො කුලෙසු අනනුගිද්ධො.
Sinhala BJT144. (ද්වාදශවිධ සන්තොෂයෙන්) සන්තුෂ්ට වන්නේ ය. (දායකයනට) සුපෝෂ්‍ය වන්නේය. (කර්‍මාරාමතාදි අනේකකෘත්‍යව්‍යාපෘත නොවීමෙන්) අල්ප කෘත්‍ය ඇති වන්නේ ය. (අල්ප පරීෂ්කාරතායෙන්) සැහැල්ලු වැටුම් ඇති වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇති වන්නේය.(ශීලානුරක්‍ෂණ, චිවරාදි විචාරණ සත්ප්‍රාය පරිජානන ප්‍රඥායෙන්) තන්වැසි නුවණැති වන්නේ ය. (කාය, වාඩ්, මනඃ ප්‍රගල්භතා නැතියෙන්) නොසරුප් බුහුටි බැවින් තොර වන්නේය. අනුලොම් නුවූ ගිහිසසග විසින්) කුලන්හි නො ගිජු වන්නේය.
Pali BJT145. න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්යුං, සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා
Sinhala BJT145. යම් ලමුකමෙකින් විඥ වූ අන්‍යයෝ උපවාද කෙරෙත් නම්, එබඳු (ත්‍රිවිධදුශ්චරිත සඞ්ඛ්‍යාත) කිසිදු ක්‍ෂුද්‍රකර්‍ම නො ද කරන්නේ ය. සව්සත්හු සුවපත් වූවෝ, නිරුපද්‍රව වූවෝ සුඛිතචිත්ත වෙත්වා.
Pali BJT146. යෙ කෙචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා, දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සකාණුකථූලා.
Sinhala BJT146. (තෘෂ්ණා සහිත හෙයින්) ත්‍රස නම් වු ද (තෘෂ්ණාප්‍රහාණයෙන් රහත් වූ හෙයින්) ස්ථාවර වූ ද (නාග මත්ස්‍ය ගෝධාදී) දීර්‍ඝජාතික වූ ද ( හස්තිනාග දානවාදී) මහාකාය ඇත්තා වූ ද ( අශ්ව ගවමහිෂාදී) මධ්‍යම ශරීර ඇත්තා වූ ද (වාමනාදී) ලුහුඬු සිරිරි ඇත්තා වූ ද (දිවැසට ගොදුරුවන) සියුම් අත්බැව් ඇත්තා වූ ද (මත්ස්‍ය කූර්මාදී) ස්ථුල වූ ද (පඤ්චවෝකාර භවයෙහි) යම් නිරවශේෂ ප්‍රාණීහු වෙත් නම්, (ඒක වෝකාර, චතුවෝකාර භවයන්හි) යම්බඳු නිරවශේස භූතයෝ වෙත් නම්,
Pali BJT147. දිට්ඨා වා යෙ ව අද්දිට්ඨා යෙ ච දූරෙ වසන්ති අවිදූරෙ භූතා වා සම්භවෙසී වා සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා
Sinhala BJT147. (ඇස් සමුවට ඊම් විසින්) දුටු විරූ හෝ යම් ප්‍රාණී කෙනෙක් ඇත් ද, දුරෙහි හෝ නොදුරෙහි යම් සත්‍ව කෙනෙක් වෙසෙත් ද, (අභිනිර්‍වෘත හෙයින් අර්‍හත් සඞ්ඛ්‍යාත) යම් භූත කෙනෙක් වෙත් ද පුනර්‍භව සොයන හෙයින් ශෛක්‍ෂ පෘතග්ජනසඞ්ඛ්‍යාත) යම් සම්භවේසී සත්‍ව කෙනෙක් වෙත් ද, එ හැම සත්‍වයෝ සුඛිතාත්ම වෙත්වා.
Pali BJT148. න පරො පරං නිකුබ්බෙථ නාතිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි බ්යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්ය
Sinhala BJT148. අන්‍යජනයෙන් පරජනයකු නො රවටනේ ය. කිසි තැනෙක්හිදු එබඳු (ක්‍ෂත්‍රියාදි) කිසිවකු ඉක්ම නො හඟනේය. (කායවාග් විකාර සඞ්ඛ්‍යාත) විවිධ රෝෂණයෙන් හා (මනෝවිකාර සඞ්ඛ්‍යාත) ප්‍රතිඝසංඥායෙන් අනෙකෙක් අනෙකක් හට දුක් නොරුස්නේය.
Pali BJT149. මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛෙ, එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමාණං
Sinhala BJT149. මවත් තම එක ම උරෙයිදා පුතු සිය දිවියෙන් යම් සේ රක්නී ද, එසෙයිනුදු සවු සතුන් කෙරෙහි අප්‍රාමාණ්‍ය මෛත්‍රී චිත්තය වඩනේ ය.
Pali BJT150. මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමාණං, උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං
Sinhala BJT150. (අරූප භවය තෙක් ඇති) උඩ හා (කාම භවය තෙක් ඇති) යට හා (රූපභව සඞ්ඛ්‍යාත) සරස හා හැම සත්ලොව්හි සම්බාධ විරහිත (නිඃසීම වූ) අවෛර වූ සතුරන් නැති අප්‍රාමාණ්‍ය වූ මෙත් සිත වඩනේ ය.
Pali BJT151. තිට්ඨං චරං නිසින්නො වා සයානො වා යාව තස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්ය බ්රහ්මමෙතං විහාරං ඉධමාහු,
Sinhala BJT151. සිටුනේ වේවයි ඇවිදුනේ වේවයි, හෝනේ වේවයි යම් තාක් විගත නිද්‍රා ඇතියේ වේ නම්, තෙල මෛත්‍රී ස්මෘතිය ඉටනේය. බුද්ධාදී ආර්‍ය්‍යයෝ එය මෙලොව්හි බ්‍රහ්මවිහාර යී කීහු.
Pali BJT152. දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නො, කාමෙසු විනෙය්ය ගෙධං න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතීති.
Sinhala BJT152. (ලොව්තුරු සිලින්) සිල්වත් වූයේ (සෝවාන් මග සම්දිටු යයි කියු) සම්‍යක් දර්‍ශනයෙන් සපන් වූයේ සත්කායදෘෂ්ටියට නොපැමිණ (සෙදගැමි අනගැමි දෙමගින්) කාමයන්හි ගිජුබව සන්හිඳුවා ඒකාන්තයෙන් කිසි වැතෙක්හිදු මාතෘගර්‍භශය්‍යාවට (පුනර් භවයට) යළි නො මැ එන්නේය යි.
Pali BJTමෙත්තසුත්තං නිට්ඨිතං.
Sinhala BJTමෙත්ත සූත්‍රය නිමි.