Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1570 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1105. සබ්බසො නාම රූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ, ආසවාස්ස න විජ්ජන්ති යෙහි මච්චු වසං වජෙති.
Sinhala BJT1105. බ්‍රාහ්මණය, නාමරූපයන් කෙරෙහි සර්‍වප්‍රකාරයෙන් පහ කළ තෘෂ්ණා ඇති එ රහත්හට යම් ආස්‍රවයන් හේතු කොට ගෙණ මරවසට යේ නම් එ ආස්‍රවයෝ විද්‍යාමාන නොවෙති’යි.
Pali BJTජතුකණ්ණීසුත්තං එකාදසමං{2}.
Sinhala BJTජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි
Pali BJT5. 12.
Sinhala BJT5. 12.
Pali BJTභද්රාවුධසුත්තං{3}
Sinhala BJTභද්‍රාවුධමානවක පෘච්ඡා
Pali BJT1106. ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං (ඉච්චායස්මා භද්රාවුධො) නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං, කප්පං ජහං අභියාචෙ සුමෙධං සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො.
Sinhala BJT1106. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) පඤ්චකාමගුණාලය දුරැලූ, ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටෙලෝදහම්හි නොසැලෙන, අනාගත රූපාදිප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය හැරපියූ, චතුරෝඝතරණය කළ, කෙලෙසුන් කෙරෙන් මිදුනු, තෘෂ්ණා-දෘෂ්ටිකල්පයන් දුරැලූ ශෝභනප්‍රඥා ඇති තථාගතයන් වෙසෙසින් අයදිමි. නාගයන් වහන්සේගේ ධර්‍මය අසා මෙ පහණසෑයෙන් බොහෝ ජනයෝ නික්ම යෙති.
Pali BJT1107. නානා ජනා ජනපදෙහි සඞ්ගතා තව වීර වාක්යං අභිකඞ්ඛ මානා, තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT1107. වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නොයෙක් ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු ය.. උනට මුඹ වහන්සේ දහම් දෙසුව මැනැවැ’යි යදිම්. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල ලෝකෝත්තරධර්‍මය දන්නාලද ද එහෙයිනි.
Pali BJT1108. ආදානතණ්හං විනයෙථ සබ්බං (භද්රාවුධාති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ, යං යං හි ලොකස්මිං උපාදියන්ති තෙනෙව මාරො අන්වෙති ජන්තුං.
Sinhala BJT1108. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: භද්‍රාවුධයෙනි,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව දුරු කරව්. යම් හෙයකින් ලෝකයෙහි (අතීතරූපාදී) යම් යම් වස්තුවක් දැඩි කොට ගණිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා නොදන්නේය.
Pali BJT1109. තස්මා පජානං න උපාදියෙථ භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ, ආදානසත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තංන්ති.
Sinhala BJT1109. එහෙයින් ස්මෘතිමත් වූ (සර්‍වසංස්කාරයන් අනිත්‍යාදිවශයෙන්) දන්නා වූ මහණ තෙම මෙ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලුනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි සියලු ලොවැ (රූපාදි) කිසිවක් ගන්නේ යි.
Pali BJTභද්රාවුධසුත්තං ද්වාදසමං{1}.
Sinhala BJTභද්‍රාවුධමාණවක පෘච්ඡා නිමි.
Pali BJT5. 13.
Sinhala BJT5. 13.
Pali BJTඋදයසුත්තං{2}
Sinhala BJTඋදයමාණවක පෘච්ඡා
Pali BJT1110. ඣායිං විරජමාසීනං (ඉච්චා යස්මා උදයො) කතකිච්චං අනාසවං පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං, අඤ්ඤා විමොක්ඛං පබ්රූහි අවිජ්ජාය පභෙදනං.
Sinhala BJT1110. (උදය මාණවක මෙසේ ඇසීය) ධ්‍යාන කරනසුලු විගත රජස් ඇති වැ වැඩහුන් සිවුමගින් කළ (සොළොස් ) කිස ඇති අනාස්‍රව වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් වූ භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රශ්නාර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා වූ අඤ්ඤා විමොක්ඛ සංඛ්‍යාත නිර්‍වාණය වදාළ මැනැවි.
Pali BJT1111. පහානං කාමච්ඡන්දානං (උදයාති භගවා) දොමනස්සානං චූභයං, ථිනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණං.
Sinhala BJT1111. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උදයමාණවයෙනි,) කාමච්ඡන්‍දයන්ගේ ද දොම්නසුන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථින මිද්ධයාගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළැහීම ද ඇති -
Pali BJT1112. උපෙඛා සති සංසුද්ධං ධම්මතක්කපුරෙජවං, අඤ්ඤා විමොක්ඛං පබ්රූමි අවිජ්ජාය පභෙදනං.
Sinhala BJT1112. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂා ස්මෘති යන දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සංඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටුකොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාවගේ බිඳුමැයි කියමි.
Pali BJT1113. කිංසු සංයොජනො ලොකො (ඉච්චායස්මා උදයො) කිංසු තස්ස විචාරණා, කිස්සස්ස විප්පහානෙන නිබ්බානමිති වුච්චති.
Sinhala BJT1113. (ආයුෂ්මත් උදයමාණවක මෙසේ අසයි:) ලෝක සත්ත්‍වයා කුමක් සංයෝජන (බන්‍ධන) කොට ඇත්තේ ද? එ සත්ත්‍වයාගේ විචාරණය (හැසිරීමට කරුණ ) කිම? කවර දහමක් හුගේ විශේෂ ප්‍රහාණයෙන් නිවනැ ‘යි කියනු ලැබේ ද?
Pali BJT1114. නන්දි සංයොජනො ලොකො (උදයාති භගවා) විතක්කස්ස විචාරණා, තණ්හාය විප්පහානෙන නිබ්බානමිති වුච්චති.
Sinhala BJT1114. ලෝකසත්ත්‍වයා තෘෂ්ණාව සංයෝජන කොට ඇතියේ ය. විතර්‍කය ඔහට විචාරණය වේ. ඒ තෘෂ්ණාවගේ විප්‍රහාණයෙන් නිර්‍වාණ යැ’යි කියනු ලැබේ.
Pali BJT1115. කථං සතස්ස චරතො (ඉච්චායස්මා උදයං) විඤ්ඤාණං උපරුජ්ඣති, භගවන්තං පුට්ඨුමාගම්ම තං සුණොම වචො තව:
Sinhala BJT1115. (ආයුෂ්මත් උදයමාණව මෙසේ ඇසීය:) ස්මෘති සම්පන්න ව වාසය කරන්නහුගේ විඥානය කි සෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට පැමිණියම්හ. මුඹ වහන්සේගේ ඒ බස් අසම්හ.
Pali BJT1116. අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දිතො, එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣතීති.
Sinhala BJT1116. අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙණුවහුගේ විඥානය මෙසේ නිරුද්ධවේ යයි.
Pali BJTඋදයසුත්තං තෙරසමං{1}.
Sinhala BJTඋදයමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 14.
Sinhala BJT5. 14.
Pali BJTපොසාලසුත්තං{2}
Sinhala BJTපෝසාලමාණවක පෘච්ඡා
Pali BJT1117. යො අතීතං ආදියති (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො, පාරගුං සබ්බධම්මානං අත්ථිපඤ්හෙන ආගමං.
Sinhala BJT1117. (ආයුෂ්මත් පෝසාල මාණවක මෙසේ විචාරයි:) එජා සංඛ්‍යාත තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති, යම් සර්‍වඥ කෙනෙක් ස්වකීයවූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවානුස්මෘති ඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන්ගේ පාරිමතිරප්‍රාප්ත වූ එ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථීව පැමිණියෙම් වෙමි.
Pali BJT1118. විභූතරූපසඤ්ඤිස්ස සබ්බකායප්පහායිනො අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතො, ඤාණං සක්කානු පුච්ඡාමි කථං නෙය්යො තථා විධො.
Sinhala BJT1118. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, මොනොවට ඉක්මවන ලද රූපසංඥා ඇති, තදංග - විෂ්කම්භණ වශයෙන් හැම රූපකාය ප්‍රහාණය කරනසුලු අධ්‍යාත්මයෙහිත්, බාහිරයෙහිත් කිසිවක් නැතැ’යි දක්නාහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුලුවුස්මි. ඒ බඳු වූ පුද්ගල තෙම කිසෙයින් මත්තෙහි ඥානයට පැමිණවිය යුත්තේ ද?
Pali BJT1119. විඤ්ඤාණට්ඨිතියො සබ්බා (පොසො ලාති භගවා) අභිජානං තථාගතො තිට්ඨන්තමෙනං ජානාති විමුත්තං තප්පරායණං.
Sinhala BJT1119. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පෝසාලයෙනි), තථාගතයෝ හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නාහු ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය මැ පරායණ කොට ඇති මෙ පුඟුලා දන්නාහ.
Pali BJT1120. ආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වා නන්දි සංයොජනං ඉති, එවමෙතං අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති: එතං ඤාණං තථං තස්ස බ්රාහ්මණස්ස වුසීමතොති.
Sinhala BJT1120. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය සංයෝජනයෙකැ’යි මෙසේ විශිෂ්ට ඥානයෙන් දැන ඉක්බිති එහි අනිත්‍යාදි විසින් විදර්‍ශනා (භාවනා) කරන්නේ ය. වැස නිම වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාසය ඇති බාහිතතාපී වූ එ රහත්හුගේ තෙල අර්‍හත්‍ව ඥානය අවිපරීත වේ යයි.
Pali BJTපොසාලසුත්තං චුද්දසමං{3}.
Sinhala BJTපෝසාලමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 15.
Sinhala BJT5. 15.
Pali BJTමොඝරාජසුත්තං
Sinhala BJTමෝඝරාජ පෘච්ඡා
Pali BJT1121. ද්වාහං සක්කං අපුච්ඡිස්සං (ඉච්චා යස්මි මොඝරාජා){1} න මෙ ව්යාකාසි චක්ඛුමා, යාව තතියඤ්ච දෙවීසි ව්යාකරොතීති මෙ සුතං.
Sinhala BJT1121. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ ඇසීය:) මම දෙවටක් ශාක්‍ය මුනිහු විචාළෙමි, පසැස් ඇති මුනිහු මට නො දෙසූහ. දෙවර්ෂීහු තෙවනුවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන්නාහ’යි මා විසින් අසන ලද.
Pali BJT1122. අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො, දිට්ඨිං තෙ නාභිජානාති ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT1122. මෙ මිනිස්ලෝ වැසි තෙමේ ද, අන්ලෝ වැසි තෙමේ ද දෙවියන් සහිත බඹලෝ වැසි තෙමේ ද යශස්වී වු ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේගේ දෘෂ්ටිය නොදන්නේ ය.
Pali BJT1123. එතං අභික්කන්තදස්සාවිං අත්ථි පඤ්හෙන ආගමං, කථං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.
Sinhala BJT1123. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් වහන්සේ කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී ව ආයෙමි. ලොව කිසෙයින් බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දක්නේ ද?
Pali BJT1124. සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා: එවං ලොකං අවෙක්ඛ’න්තං මච්චුරාජා න පස්සතීති.
Sinhala BJT1124. මෝඝරාජය හැමකල්හි ස්මෘතිමත් වැ සත්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව, මෙ සෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ යයි,
Pali BJTමොඝරාජසුත්තං පණ්ණරසමං{2}.
Sinhala BJTමෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 16.
Sinhala BJT5. 16.
Pali BJTපිඞ්ගියසුත්තං
Sinhala BJTපිඞ්ගියමාණව පෘච්ඡා
Pali BJT1125. ජිණ්ණො හමස්මි අබලො වීතවණ්ණො (ඉච්චා යස්මා පිඞ්ගියො){3} නෙත්තා න සුද්ධා සවනං න ඵාසු, මාහං නස්සං මොමුහො අන්තරාව ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT1125. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි) මම ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්‍ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය ද පහසු නැත, මම (මුඹ වහන්සේගේ දහම් පසක් නොකොට) අතුරෙහි මැ මුළා වූ යෙම් නහමක් මියෙම්වා. මේ පහණසෑවෙහෙරෙහි මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් දහමක් අසා මම දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනැව.
Pali BJT1126. දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ (පිඞ්ගියාති භගවා) රුප්පන්ති රූපෙසු ජනා පමත්තා, තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු රූපං අපුනබ්භවාය.
Sinhala BJT1126. (බුදුහු මෙසේ වදාළහ: පිඞගියෙනි,) රූප නිමිතින් නැසෙන වුන් දැක (කුශලධර්‍මයන්හි) ප්‍රමත්ත වූ ජනයෝ රූපයන් නිමිති කොට පෙළෙති. පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්තව පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
Pali BJT1127. දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධො දසදිසා ඉමායො න තුය්හං අදිට්ඨං අසුතං’ මුතං වා, අථො අවිඤ්ඤාණං කිඤ්චි න මත්ථි ලොකෙ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාති ජරාය ඉධ විප්පහානං.
Sinhala BJT1127. සතර දිග ය, සතර අනු දිග ය උඩ ය යට ය යන මේ දස දික් කෙනෙක් වෙත් ද, ලොව් හි මෙ හැම තන් හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද, නො අසන ලද ආඝ්‍රාණ, ස්වාදන, ස්පර්‍ශන නොකරන ලද යළි නො දක්නා ලද කිසිවක් නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාති ජරාවන්ගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැනගන්නෙම් නම්, එ දහම වදාළ මැනව.
Pali BJT1128. තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො (පිඞ්ගියාති භගවා) සන්තා පජා තෙ ජරසා පරෙතෙ, තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු තණ්හං අපුනබ්භවායාති.
Sinhala BJT1128. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පිඞ්ගියෙනි, යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත් තැවුලි ඇතියන් ජරායෙන් මඬනා ලද්දවුන් සේ දක්නවු ද එ හෙයින් පිඞ්ගියෙනි, තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
Pali BJTපිඞ්ගියසුත්තං සොළසමං{1}.
Sinhala BJTපිඞ්ගියමාණව පෘච්ඡා නිමි.
Pali BJTඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරිකසොළසානං බ්රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හෙ ව්යාකාසි, එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය ගච්ඡෙය්යෙව ජරා මරණස්සපාරං පාරඞ්ගමනියා ඉමෙ ධම්මාති. තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනන්තෙව{2} අධි වචනං:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මගධ දනවුයෙහි පාසාණක චේතිය නම් වෙහෙරෙහි වැඩ වසනසේක, මෙය දෙසූ සේක. බාවරීහුගේ අතැවැසි සොළොස් බමුණන් විසින් අයදනා ලද්දාහු පුළුවුත්පුළුවුත් පැන විසඳූ සේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ දැන අරුත් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයන්ගේ පරතෙරට යන්නේ මැ ය, යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාර ගමනාර්‍හ වෙත් ද එ හෙයින් මේ ධර්‍ම පර්‍ය්‍යායට ‘පරායන’ යනු මැ නම් වී ය.
Pali BJT1129. අජිතො තිස්ස මෙත්තෙය්යො පුණ්ණකො අථ මෙත්තගූ, ධොතකො උපසීවො ච නන්දො ච අථ හෙමකො.
Sinhala BJT1129. අජිතය, තිස්සමෙත්තෙය්‍ය ය, පූර්‍ණක ය, යළි මෙත්තගූ ය,ධෝතක ය. උපසීව ය, නන්‍ද ය, යළි හේමක ය,
Pali BJT1130. තොදෙය්යකප්පා දුභයො ජතුකණ්ණී ච පණ්ඩිතො, භද්රාවුධො උදයො ච පොසාලො චාපි බ්රාහ්මණො, මොඝරාජා ච මෙඛාවි පිඞ්ගියොව මහාඉසී.
Sinhala BJT1130. තෝදෙය්‍ය කප්ප යන දෙදෙනාය, පණ්ඩිත වු ජතුකණ්ණී ය, භද්‍රාවුධ ය, උදය, පෝසාල බ්‍රාහ්මණ ය, පණ්ඩිත වූ මෝඝරාජ ය, මහාර්ෂී වූ පිඞ්ගී ය ද යන.
Pali BJT1131. එතෙ බුද්ධං උපාගච්ඡුං සම්පන්න චරණං ඉසිං පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ බුද්ධසෙට්ඨං උපාගමුං.
Sinhala BJT1131. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්‍ම ඇති මහර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. සියුම් පැන පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියහ.
Pali BJT1132. තෙසං බුද්ධො ව්යාකාසි පඤ්හෙ පුට්ඨො යථාතථං, පඤ්හානං වෙය්යාකරණෙන තොසෙසි බ්රාහ්මණෙ මුනී,
Sinhala BJT1132. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටිය ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනිහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
Pali BJT1133. තෙ තොසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා, බ්රහ්මචරියමචරිංසු වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT1133. පසැස් ඇති ආදිත්‍ය බන්‍ධු වූ බුදුරජානන් වහන්සේ විසින් තුටුකරන ලද්දාහු ඔහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත මගබඹසරවස් වුසූහ.
Pali BJT1134. එකමෙකස්ස පඤ්හස්ස යථා බුද්ධෙන දෙසිතං, තථා යො පටිපජ්ජෙය්ය ගච්ඡෙ පාරං අපාරතො.
Sinhala BJT1134. එකෙකි, පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, එසේ යමෙක් පිළිපදනේ නම් හේ අපාර සංඛ්‍යාත සංසාරයෙන් පාරසංඛ්‍යාත නිර්‍වාණයට යන්නේ ය.
Pali BJT1135. අපාරා පරං ගච්ඡෙය්ය භාවෙන්තො මග්ගමුත්තමං, මග්ගො සො පාරං ගමනාය තස්මා පරායනං ඉති.
Sinhala BJT1135. උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ ය. පාරගමනයට හේ මාර්‍ග වෙයි. එ හෙයින් ‘පාරායන’ නම් වෙයි.
Pali BJTපාරායනානුගීතිගාථා
Sinhala BJTපාරායනානුගීතිගාථා
Pali BJT1136. පාරායනමනුගායිස්සං (ඉච්චා යස්මා පිඞ්ගියො) යථාද්දක්ඛි තථා අක්ඛාසි, විමලො භූරිමෙධසො, නික්කාමො නිබ්බනො{1} නාගො කිස්ස හෙතු මුසා භණෙ.
Sinhala BJT1136. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවසී:) බුදුරදුන් විසින් ගැයූ පරිද්දෙන් පාරායනය අනුගායනා කරන්නෙමි. බුදුරජානන් වහන්සේ යම් පරිද්දෙන් (සත්‍යාභිසම්බෝධයෙන්) දුටුසේක් නම්, එ පරිද්දෙන් වදාළසේක. නිර්‍මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ කළ කාම ඇති කෙලෙස්වල් හෝ තෘෂ්ණා විරහිත ලෝකනාථයන් වහන්සේ කුමක් හෙයින් මුසවා බණනසේක් ද?
Pali BJT1137. පහීන මල මොහස්ස මානමක්ඛප්පහායිනො, හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං.
Sinhala BJT1137. ප්‍රහීණ වූ රාගාදිමල හා මෝහ හා ඇති, මානය හා මකුබව හා දුරැලූ බුදුරජුන්ගේ ගුණෝපසංහිත වචනය මම එකත්නෙන් කීර්‍තනය කරන්නෙමි.
Pali BJT1138. තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ.
Sinhala BJT1138. බ්‍රාහ්මණය, අවිදුඅඳුර දුරැලූ, සමතැස් ඇති ලෝකාන්තයට ගිය, හැම භවයන් ඉක්ම වූ, ආස්‍රව රහිත වූ, සියලු දුක් ප්‍රහීණ කළ, සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
Pali BJT1139. ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනං ආවසෙය්ය, එවංපහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසරිවජ්ඣපත්තො{2}
Sinhala BJT1139. පක්‍ෂියෙක් කුඩා වනය හැර පියා බොහෝ පලතුරු ඇති වනයකට පැමිණ වසන්නා සේ, මම ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
Pali BJT1140. යෙ මෙ පුබ්බෙ ව්යාකංසු හුරං ගොතමසාසනා, ඉච්චාසි ඉති භවිස්සති, සබ්බන්තං ඉතිහීතිහං සබ්බන්තං තක්කවඩ්ඪනං.
Sinhala BJT1140. පෙර (බාවරීආදි) යම් කෙනෙක් ගෞතමබුද්ධශාසනයෙන් පළමු ‘මෙසේ වීල, මෙසේ වන්නේ ල’යි යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද, එ හැම ‘මෙසේ, මෙසේ යැ ‘යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනා සුලු ය.
Pali BJT1141. එකො තමනුදාසීනො ජුතිමා සො පභංකරො, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
Sinhala BJT1141-1142. යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටිකඵල ඇති කල් නො යා දී දෙන පල ඇති, තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති, දහම් දෙසුසේක් ද, යම් බුදුකෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් ද, භූරිප්‍රාඥ වූ එ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදුඅඳුර දුරැලා වැඩහුන් සේක. ජාතිමත්හ. ප්‍රභඞ්කරයහ. ගෞතමසර්‍වඥයන් වහන්සේ ඥානධ්වජ ඇතිසේක.
Pali BJT1142. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා කච්චි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1143. කින්නු තම්හා විප්පවසසි මුහුත්තමපි පිඞ්ගිය, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසා.
Sinhala BJT1143-1144. පිඞ්ගියබ්‍රාහ්මණයෙනි, තට යම් සම්බුදු කෙනෙක් සාන්‍ද්‍රෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්‍ෂය වූ, කෙලෙස් උවදුරු නැති ධර්‍මය දෙසූසේක් නම්, යම් බුදුකෙනෙකුට කිසි තැනෙක්හි දු උපමායෙක් නැත් නම්, විපුල ප්‍රඥාධවජ ඇති එ ගෞතමයන් වහන්සේ කෙරෙන් ඒ මහාප්‍රාඥගෞතමයන් කෙරෙන් කිම, මොහොතකුදු වියෝව වෙසෙවුදැ’යි (බාවරී කී යැ.)
Pali BJT1144. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1145. නාහං තම්හා{*} විප්පවසාමි මුහුත්තම්පි බ්රාහ්මණ, ගොතමො භූරිපඤ්ඤාණා ගොතමො භූරිමෙධසා.
Sinhala BJT1145-1146. බමුණානෙනි, යම් සම්බුදු කෙනෙක් මට සාන්දෘෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනෙකුන්ට කිසි තැනෙක්හි දු උපමා නැද්ද, එ ඥානධ්වජ ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් එ විපුලප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් මම් මොහොතකුදු වෙන් වැ නො වසමි.
Pali BJT1146. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1147. පස්සාමි නං මනසා චක්ඛුනා ච රත්තිං දිවං බ්රාහ්මණ අප්පමත්තො. නමස්සමානො විවසෙමි{1} රත්තිං තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
Sinhala BJT1147. බ්‍රාහ්මණයෙනි, අප්‍රමත්ත වූ (මම්) දවරෑහි මනසින් හා ඇසින් හා එ ගෞතමබුදුන් දක්මි. නමස්කාර කරමින් මැ රැය ඉක්වමි. එහෙයින් මැ අවිප්‍රවාසය හඟිමි.
Pali BJT1148. සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන්ති මෙ ගොතමසාසනම්හා, යං යං දිසං වජති භූරිපඤ්ඤො ස තෙන තෙනෙව නතො හමස්මි.
Sinhala BJT1148. මාගේ ශ්‍රද්ධාව හා ප්‍රීතිය හා මනස හා ස්මෘතිය හා ගෞතම ශාසනයෙන් පහ වැ නොයෙයි. මහාප්‍රාඥයන් වහන්සේ යම් මැ දෙසකට වඩනාසේක් නම්, එ මම් එ දික්හි මැ නතුයෙම් වෙමි.
Pali BJT1149. ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති තත්ථ, සඞ්කප්පසත්තාය{2} වජාමි නිච්චං මනො හි මෙ බ්රාහ්මණ තෙන සුත්තො
Sinhala BJT1149. ජීර්‍ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ මේ කය, එ හෙයින් මැ එහි නො යෙයි. සංකල්පගමනින් එක්වන් යෙමි. බ්‍රාහ්මණය, එහෙයින් මැ මාගේ සිත එබුදුන් ඇති තන්හි මැ යෙදුනේ වෙයි.
Pali BJT1150. පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං උපප්ලවිං, අථද්දසාසිං සම්බුද්ධං ඔඝති ණ්ණමනාසවං.
Sinhala BJT1150. කාමපඩ්කයෙගි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පාවැ ගියෙමි. එක්බිති, (පහණසෑවෙහෙරෙහි දී) චතුරෝඝතරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
Pali BJT1151. යථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආළවි ගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං.
Sinhala BJT1151. ශ්‍රද්ධාධිමුක්ත වක්කලී මහණය, භද්‍රාවුධ ය, ආළවිගෝතම ය, යන මොහු යම් බඳු වූහු නම්. එ සෙයින් මැ තෙපි දූ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව. පිඞ්ගියෙනි, තො ද මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
Pali BJT1152. එස භිය්යො පසීදාමි සුත්වාන මුනිනො වචො, විවත්තච්ඡද්දො සම්බුද්ධො අඛිලො පටිභානවා.
Sinhala BJT1152. මුනීන්‍ද්‍රයන් වහන්සේගේ තෙල බස අසා මම් බෙහෙවින් පහදිම්. සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ. (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද් ඇතියහ.
Pali BJT1153. අධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොවරං, පඤහානන්නකාරො සත්ථා කඞ්ඛීනං පටිජානතං.
Sinhala BJT1153. අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන, හීන - ප්‍රණීත වූ හෝ (තමාත් මෙරමාත් පිළිබඳ වු) අධිදේවත්‍වකර ධර්‍මජාතය දතුවහ. ශාස්තෘන් වහන්සේ සැක ඇතිව මැ ‘සැක නැතියම්හ’යි පිළින කරණුවන්ගේ ප්‍රශ්න කෙළවර කරන්නාහ.
Pali BJT1154. අසංහීරං අසඞ්කුප්පං යස්ස නත්ථි උපමා ක්වචි, අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා එවං පධාරෙහී අධිමුත්තචිත්තන්ති.
Sinhala BJT1154. යම් නිවනකට කිසි දු තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙණ යා නො හැකි, අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරණෙම් මෙහිලා මට සැකයෙක් නැත. මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා නිවනෙහි අධිමුක්තචිත්තයකු කොට ධරව“යි.
Pali BJTපාරායනවග්ගො නිට්ඨිතො.
Sinhala BJTපාරායනවර්‍ගය නිමි.
Pali BJTසුත්තනිපාතො සමත්තො.
Sinhala BJTසූත්‍රනිපාතය සමාප්ත යි.