Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅජිතසුත්තං{1}
Sinhala BJTඅජිතමාණව පෘච්ඡා
Pali BJT1036. කෙනස්සු නිවුතො ලොකො (ඉච්චා යස්මා අජිතො) කෙනස්සු නප්පකාසතී, කිස්සාභිලෙපනං බ්රූසි කිංසු තස්ස සහබ්භයං.
Sinhala BJT1036. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුනේ ) ද? කවර හෙයින් නො පැණේ ද? ඔහට කිමෙක් අභිලේපන (ලහටු) වේ’යයි වදාරණසේක් ද? කිමෙක් ඔහට මහබිය නමි වේදැ’යි.
Pali BJT1037. අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) වෙවිච්ඡා පමාදා නප්පකාසති, ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භයං.
Sinhala BJT1037. (අජිතයෙනි, යි බුදුහු වදාළහ), ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශිත නො වෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ඔහට (ජාත්‍යාදි) දුක මහබිය වෙයි.
Pali BJT1038. සවන්ති සබ්බධි සොතා (ඉච්චා යස්මා අජිතො) සොතානං කිං නිවාරණං සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ{2}
Sinhala BJT1038. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි හැම ආයතනයන්හි තෘෂ්ණාදි ) ස්‍රෝතස්හු ගලායෙති. ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළමැනැවි. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද?
Pali BJT1039. යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථියරෙ{2}
Sinhala BJT1039. අජිතයෙනි, (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:), ලොව යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම්, ස්මෘතිය ඔවුන්ට ආවරණ යැ. (එ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවර යයි කියමි. (මාර්‍ග) ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.
Pali BJT1040. පඤ්ඤා චෙව සතී චෙව (ඉච්චායස්මා අජිතො.) නාමරූපඤ්ච මාරිස, එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣති
Sinhala BJT1040. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) නිදුකානන් වහන්ස, ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළමැනව.
Pali BJT1041. යමෙතං පඤ්හං අපුච්ඡි අජිත තං වදාමි තෙ, යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති.
Sinhala BJT1041. අජිතයෙනි, තෙපි යම් පැනයක් විචාළවු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවෂේශයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හාමැ (පෙර පසු නැතිව) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නො යෙයි).
Pali BJT1042. යෙ ච සඞ්ඛාතධම්මා සෙ යෙ ච සෙඛා පුථූ ඉධ, තෙසං මෙ නිපකො ඉරියං පුටෙඨා පබ්රූහි මාරිස.
Sinhala BJT1042. නිදුකානන් වහන්ස, මේ ලෝකයෙහි (අනිත්‍යාදි විසින්) විමසන ලද දහම් ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙක් වෙත් නම් යම් බොහෝ වූ ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් නම්, මා විසින් පුළුවුස්නා ලද සේක් (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වදාළ මැනැව.
Pali BJT1043. කාමෙසු නාභිගිජ්ඣෙය්ය මනසා නාවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJT1043. කාමයෙහි ගිජු නොවන්නේ ය. සිතින් නොකැළැඹුනෙක් වන්නේ ය. මහණ සකලධර්‍මයන්හි කුශල වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යැ යි.
Pali BJTඅජිතසුත්තං පඨමං{3}
Sinhala BJTඅජිතමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJTතිස්සමෙත්තෙය්යසුත්තං{1}
Sinhala BJTතිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
Pali BJT1044. කොධං සංතුසිතො ලොකෙ (ඉච්චායස්මා තිස්ස මෙතතය්යො.) කස්ස නො සන්ති ඉඤ්ජිතා, කො උභන්තම්භි ඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති, කං බ්රූසි මහාපුරිසොති කො ඉධ සිබ්බනී මච්චගා?
Sinhala BJT1044. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) කවරෙක් මෙලොව සන්තුෂ්ට වේ ද? කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද? කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද? කවරක්හු මහාපුරුෂයයි කියන සේක් ද? මෙහි කවරෙක් තෘෂ්ණා සිබ්බනිය ඉක්මැගියේ දැයි?
Pali BJT1045. කාමෙසු බ්රහ්මචරියවා (මෙත්තෙය්යාති භගවා) වීතතණ්හො සදා සතො, සඞ්ඛාය නිබ්බුතො භික්ඛු තස්ස නො සන්ති ඉඤ්ජිතා.
Sinhala BJT1045. (මෙත්තෙය්‍යයෙනි, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක:) කාමයෙහි (ආදීනව දැක) මගබඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා රාගාදිය (නිවීමෙන්) නිවුනු යම් මහණෙක් වේ නම්, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
Pali BJT1046. සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති, තං බ්රූමි මහාපුරිසොති සොධ{2} සිබ්බනි මච්චගාති.
Sinhala BJT1046. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැන මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි. ඔහු මහාපුරුෂයයි කියමි. හේ මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
Pali BJTතිස්සමෙත්තෙය්යසුත්තං දුතියං{3}.
Sinhala BJTතිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJTපුණ්ණකසුත්තං{4}
Sinhala BJTපුණ්ණකමාණව පෘච්ඡා
Pali BJT1047. අනෙජං මූල දස්සාවිං (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන ආගමං කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහිමෙතං.
Sinhala BJT1047. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ, (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙලොවැ ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියෝ ය, බ්‍රාහ්මණයෝ ය යන බොහෝ යාගකරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, ඒ කරුණ මුඹවහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනවි.
Pali BJT1048. යෙ කෙචිමෙ ඉසයො මනුජා (පුණ්ණකාති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ, ආසිංමානා පුණ්ණක ඉත්ථභාවං ජරං සිතා යඤ්ඤමකප්පයි සු.
Sinhala BJT1048. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ) මේ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය යන මෙබඳු යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක්) නිසා මේ මනුෂ්‍යාදි භාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
Pali BJT1049. යෙ කෙචි මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලොකෙ කච්චිස්සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා ආතාරු ජාතිඤ්ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT1049. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙ ලෝකයෙහි ඍෂීහු ය, මනුෂය්‍යයෝ ය, ක්‍ෂත්‍රියයෝ ය, බ්‍රාහ්මණයෝ ය, යන මෙබඳු බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම, ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? නිදුකාණන් වහන්ස එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ මට වදාළ මැනවි,
Pali BJT1050. ආසිංසන්ති{1} ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභිජප්පන්ති පටිච්ච ලාභං, තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT1050. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) පුණ්ණකය, ඔහු රූපප්‍රතිලාභාදිය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති. (යාගාදිය) පසසත්. (රූපාදි) ප්‍රතිලාභය පිණිස වාග්භේද කෙරෙත්. පූජා කරත්. රූපාදි ප්‍රතිලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වුව මැනවැයි) කියත්. යාගයෙහි යෙදුනු, භවරාගයෙන් රැඳුනු ඔහු ජාතිජරාදි (සසර දුක) තරණය නො කළහ යි කියමි.
Pali BJT1051. තෙ වෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙව මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ඤ ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT1051. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, යාජයෝග වූ ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියක් ජරාවත් තරණය නො කළාහු නම්, නිදුකානන් වහන්ස, එකල්හි දෙව්මිනිස් ලොව කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැව.
Pali BJT1052. සඞ්ඛාය ලොකස්මිං පරොවරානි{2} (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති.
Sinhala BJT1052. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ත්‍ව ලෝකයෙහි (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (සන්හුන් කෙලෙස් ඇති හෙයින්) ශාන්ත වූ කාය දුශ්චරිතාදි ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාතිජරා තරණය කෙළේයයි කියමි.
Pali BJTපුණ්ණකසුත්තං තතියං{3}.
Sinhala BJTපුණ්ණකමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJTමෙත්තගුසුත්තං{4}
Sinhala BJTමෙත්තගූමාණව පෘච්ඡා
Pali BJT1053. පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං (ඉච්චායස්මා මෙත්තගූ) මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං, කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT1053. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ තෙල කරුණ පුළුවුස්මි. වදාළ මැනව. මුබ වහන්සේ ඥානවේදයාගේ පරතෙරට පැමිණි කෙනෙකුන් කොට වැඩූ සිත් ඇති කෙනෙකුන් කොට හඟිමි. ලෝකයෙහි අනේකස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මෙ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
Pali BJT1054. දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං, උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT1054. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවයෙනි, ) ඉදින් තෝ ජාත්‍යාදි දුකට කාරණය විචාරහි නම්, එය පසක් කොට දතුවකු සෙයින් තොපට පවසම්හ. ලෝකයෙහි අනේකස්වරූප වූ යම් දුඃඛයෝ වෙත් නම්, ඒ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
Pali BJT1055. යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො, තස්මා හි ජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී.
Sinhala BJT1055. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, මන්‍දප්‍රාඥ වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සංසාර දුඃඛය ජාතිය ප්‍රභවය කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නොකරන්නේ යි.
Pali BJT1056. යන්තං අපුච්ඡිම්හ අකිත්තයී නො (ඉච්චායස්මා මෙත්තගු) අඤ්ඤං තං පුච්ඡාමි තදිඞ්ඝ බ්රූහි. කථන්නු ධීරා විතරන්ති ඔඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච, තං මෙ මුනි සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT1056. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ පිළිවිත්:) අපි යමක් විචාළමෝ නම්, එය මුඹ වහන්සේ අපට වදාළසේක. අනෙක් කරුණකුදු මුඹ වෙතින් විචාරමි. ඒකාන්තයෙන් එය දැන් වදාළමැනව. ධීරයෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝකපරිදේවදුකත් කෙසේ තරණය කෙරෙත් ද? සර්‍වඥමුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනවි. යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්‍වයන් විසින් අවබෝධ කරණ සේ පැනවීම් වශයෙන්) දන්නාලද ද, එහෙයිනි,
Pali BJT1057. කිත්තයිස්සාමි තෙ ධම්මං (මෙත්තගූති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT1057. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදිධර්‍මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් ධර්‍මයක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්‍වාණධර්‍මයත් (නිර්‍වාණගාමිනීප්‍රතිපද්ධර්‍මයත්) තොපට ප්‍රකාශ කරන්නෙමි.
Pali BJT1058. තඤ්චාහං අභිනන්දාමි මහෙසි ධම්මමුත්තමං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං
Sinhala BJT1058. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් ව හැසිරෙනුයේ යම් ධර්‍මයක් දැන ලොව්හි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේගේ ඒ (ධර්‍මද්‍යොතක) භාෂිතය ද ඒ උත්තම ධර්‍මය ද පතමි.
Pali BJT1059. යං කිඤ්චි සම්පජානාසි (මෙත්තගූති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ, එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ.
Sinhala BJT1059. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, ) අනාගතකාලාදි උඩ ද අතීතකාලාදි යට ද (වර්‍තමානකාලාදි ) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දනිවු නම් තෙල ඌර්‍ධවාදි ධර්‍මයෙහි තෘෂ්ණා හා දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (උභය) භවයෙහි නො සිටිනේ යි.
Pali BJT1060. එවංවිහාරී සතො අප්පමත්තො භික්ඛු චරං හිත්වා මමායිතානි, ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං.
Sinhala BJT1060. මෙසේ වසන සුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෘෂ්ණාදෘෂ්ටිමමායිතයන් හැරපියා හැසිරෙන්නේ විද්වද් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද, ශෝකපරිදේවදුක ද දුරැ ලන්නේ යි.
Pali BJT1061. එතාභිනන්දාමි මචො මහෙසිනො, (ඉච්චායස්මා මෙත්තගූ) සුකිත්තිතං ගොතම නුපධිකං, අද්ධා හි භගවා පහාසි දුක්ඛං තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT1061. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂී වූ මුඹවහන්සේගේ තෙල වචනය සතුටින් පිළිගණිමි. ගෞතමයන් වහන්ස, මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්‍වාණය මොනොවට ප්‍රකට කරණලද. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම වර්‍තදුඃඛය දුරැලුහු ද. එහෙයින්ම මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද,
Pali BJT1062. තෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං යෙ ත්වං මුනි අට්ඨිතං ඔවදෙය්ය, තං තං නමස්සාමි සමෙච්ච නාග අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්ය.
Sinhala BJT1062. මුනි වූ මුඹවහන්සේ යමකුන්ට සකසා ඔවාදෙනසේක් ද, ඔහුදු ඒකාන්තයෙන් දුක් දුරලන්නාහ’යි හඟිම්. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් වෙත පැමිණ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන සේක් නම් මැනවි.
Pali BJT1063. යං බ්රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා (මෙත්තගූති භගවා) අකිඤ්චනං කාමභවෙ අසත්තං, අද්ධා හි සො ඔඝමිමං අතාරි තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
Sinhala BJT1063. ( බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෝ බාහිතපාප බ්‍රාහ්මණ වූ යමක්හු, සිවුමග නැණින් නිවනට පැමිණියකු කොට රාගාදි කිඤ්චන රහිතයකු කොට කාමයෙහි දු භවයෙහි දු නො ඇලුනක්හු කොට දනිහි නම්, ඒකාන්තයෙන් හෙ (කාමාදි වූ) මේ චතුරෝඝය තරණය කෙළේය. ඕඝතරණ කළ (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාඞ්ක්‍ෂා රහිත වූ හේ නිර්‍වාණ පාරයට ගියේ යි.
Pali BJT1064. විද්වා ච සො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ, සො වීතතණ්හො අනිඝො නිරාසො අතාරි සො ජාති ජරන්ති බ්රූමීති.
Sinhala BJT1064. තවද මෙ සස්නෙහි (මෙ අත්බැව්හි හෝ) යම් පුද්ගලයෙක් විද්වද් වූ ඥානවේදයෙන් නිවණට පත්වූයේ කුදුමහත් භවයෙහි රාගාදි වූ සඞ්ගය දුරැලා සිටියේ ද, විගතතෘෂ්ණා ඇති හේ උපද්‍රව නැතියේ ආශා රහිත වූයේ ය. හෙ ජාති ජරා (මරණ) තරණය කෙළේ යයි කියමි යි.
Pali BJTමෙත්තගූමාණවසුත්තං චතුත්ථං{1}.
Sinhala BJTමෙත්තගූමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJTධොතකසුත්තං{2}
Sinhala BJTධොතකමාණව පෘච්ඡා
Pali BJT1065. පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං (ඉච්චායස්මා ධොතකො) වාචාභිකඞ්ඛාමි මහෙසි තුය්හං, තව සුත්වාන නිග්ඝොසං සිකෙඛ නිබ්බාන මත්තනො
Sinhala BJT1065. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ මට වදාළ මැනව. මුඹ වහන්සේගේ වචනය රුස්නෙමි, මුඹ වහන්සේගේ ධර්‍මනිර්ඝෝෂය අසා රාගාදිය නිවනු සඳහා අධිශීලාදියෙහි හික්මෙන්නෙමි.
Pali BJT1066. තෙන හාතප්පං කරොහි (ධොතකාති භගවා) ඉධෙව නිපකො සතො, ඉතො සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බානමත්තනො
Sinhala BJT1066. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ ස්මෘතිමත් වැ වැර වඩව. මාගේ වදන් අසා මෙ සස්නෙහි තමාගේ නිවන් පිණිසි හික්මෙන්නේය.
Pali BJT1067. පස්සාමහං දෙවමනුස්ස ලොකෙ (ඉච්චායස්මාධොතකො) අකිඤ්චනං බ්රාහ්මණං ඉරියමානං, තං තං නමස්සාමි සමන්තචක්ඛු පමුඤ්ච මං සක්ක කථංකථාහි
Sinhala BJT1067. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව්මිනිස්ලොව්හි හැසිරෙන, රාගාදිකිඤ්චන රහිත වූ බාහිතපාප හෙයින් බ්‍රාහ්මණ වූ දේවාතිදේවයන් දැන් දක්මි. සමතැස් ඇතියානෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනව.
Pali BJT1068. නාහං ගමිස්සාමි{1} පමොචනාය (ධොතකාති භගවා) කථංකථිං ධොතක කඤ්චි ලොකෙ, ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො{2} එවං තුවං ඔඝමිමං තරෙසි.
Sinhala BJT1068. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ දෙසූහ: ධෝතකය,) මම ලෝකයෙහි විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට නො හැක්කෙමි. (උත්සාහ නොකරමි.) තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය ද දැන ගණිමින් මෙසේ මේ කාමාදිචතුරෝඝ තරණය කරව.
Pali BJT1069. අනුසාස බ්රහ්මෙ කරුණායමානො (ඉච්චායස්මා ධොතකා) විවෙකධම්මං යමහං විජඤ්ඤං, යථාහං ආකාසොව අව්යාපජ්ජමානො ඉධෙව සන්තො අසිතො චරෙය්යං.
Sinhala BJT1069. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ යම් නිර්‍වාණධර්‍මයක් මම දැනගන්නෙම් නම්, ආකාශය සෙයින් මම යම්සේ නානා ප්‍රකාරභාවයට නො යන්නෙම් නම්, මේ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙමි, (තෘෂ්ණාදෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම්, එසෙයින් අනුකම්පා කරණසේක් (මට) අනුශාසනා කළ මැනව.
Pali BJT1070. කිත්තයිස්සාමි තෙ සත්තිං (ධොතකාති භගවා) දිට්ඨෙ ධමෙම අනීතිහං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT1070. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ධෝතකය,) ස්මෘතිමත්‍ව හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදිධර්‍මයෙහි නොහොත් මේ අත්බැව්හි මැ තමාට පසක් වූ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙරේ නම්, ඒ නිර්‍වාණධර්‍මය ද (නිර්‍වාණගාමිනී ප්‍රතිපද්ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.
Pali BJT1071. තං වාහං අභිනන්දාමි (ඉච්චායස්මා ධොතකො) මහෙසි සන්තිමුත්තමං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT1071. (ආයුෂ්මත් ධෝතක මෙසේ කීය:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලෝකයෙහි විසත්තිකා නම් (තෘෂ්ණාව) තරණය කෙරේ නම් මම මුඹ වහන්සේගේ ඒ ධර්‍මයද්‍යොතකවචනය ද රුස්මි. ඒ උත්තම ශාන්තිය ද පිළිගන්මි.
Pali BJT1072. යං කිඤ්චි සම්පජානාසි (ධොතකාති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ: එතං විදිත්වා සඞ්ගොති ලොකෙ භවාභවාය මාකාසි තණ්හන්ති.
Sinhala BJT1072. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ධෝතකය,) (අනාගතාදි) උඩ ය, (අතීතාදි) යට ය (වර්‍තමානකාලනම් වූ) මධ්‍යය වූ සරස දැ’යි යම් කිසි ධර්‍මජාතයක් තෝ දනිහි නම් තෙල ධර්‍මජාතය ලෝකයෙහි සඞ්ග යයි දැන කුදුමහත්භවය සඳහා තෘෂ්ණා නො කරව යි.
Pali BJTධොතකසුත්තං පඤ්චමං{3}
Sinhala BJTධොතකමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJTඋපසීවසුත්තං{1}
Sinhala BJTඋපසීවමාණව පෘච්ඡා
Pali BJT1073. එකො අහං සක්ක මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං, ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු. යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.
Sinhala BJT1073. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසී:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් (කාමාදි) මහත් ඕඝතරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, යම් කිසි දහමක් හෝ පුඟුලකු ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාරණසේක්වා.
Pali BJT1074. ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවාති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං, කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්ස{2}.
Sinhala BJT1074. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චි’යි පැවැති. එ සමවත ඇසුරු කොට මේ චතුරෝඝය තරණය කර වස්තුකාම ක්ලේශකාමයන් හැරපියා, කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වෙන් වූයෙහි දවරෑහි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
Pali BJT1075. සබ්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච්චායස්මා උපසීවො) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්ව{3} යඤ්ඤං, සඤ්ඤා විමොක්ඛෙ පරමෙ විමුත්තො තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී{4}.
Sinhala BJT1075. (උපසීව ආයුෂ්මත් මෙසේ ඇසී:) යමෙක් සියලු කාමයන්හි පහවූ රාග ඇත්තේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ නම් උත්තම සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුනේ නම්, හේ ඒ ආකිඤ්චඤ්ඤායතන බඹලොව්හි වියෝගයට නොයනසුලු වැ සිටිනේ ද?
Pali BJT1076. සබ්බෙසු කාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා ) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්ව{3} මඤ්ඤං සඤ්ඤා විමොක්ඛෙ පරමෙ ධිමුත්තො තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී.
Sinhala BJT1076. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: උපසීවය,) යමෙක් හැම කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ඇසුරු කෙළේ ඒ උත්තමසංඥාවිමෝක්‍ෂයෙහි ඇලුනේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලෝකයෙහි (කප්සැටදහසක්) සිටුනේ යි.
Pali BJT1077. තිට්ඨෙ වෙ සො තත්ථ අනානුයායී (ඉච්චායස්මා උපසීවො) යුගම්පි වස්සානං සමන්තචක්ඛු, තත්ථෙව සො සීති සියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්සි.
Sinhala BJT1077. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හේ එයින් නොපිරිහෙන සුලු වැ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම්, හෙතෙම එහි මැ දුකින් මිදුනේ ශීතීභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද? එ බඳු වූ වහුගේ විඥානය එහි ම පිරිනිවේ ද?
Pali BJT1078. අච්චි යථා වාතවෙගෙන ඛිත්තා (උපසීවාති භගවා) අත්ථං ජලෙති න උපෙති සඞ්ඛං, එවං මුනී නාමකායා විමුත්තො අත්ථං පලෙති න උපෙති සඞ්ඛං.
Sinhala BJT1078. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: උපසීවය,) වාතවේගයෙන් බැහැර කරණ (නිවන) ලද ගිනිසිලෙක් යම්සේ අස්තයට යේ නම්, (අසෝ දිගට ගියේ යැයි) ව්‍යවහාරයට නො යේ නම්, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුනේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියාදි ව්‍යාවහාරයට නො යෙයි.
Pali BJT1079. අත්ථංගතො සො උද වා සො නත්ථි (ඉච්චායස්මා උපසීවො) උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාදු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො
Sinhala BJT1079. (ආයුෂ්මත් උපසීව මෙසේ ඇසීය:) මුනීන්‍ද්‍රයන් වහන්ස, ඒ අරූපී ආර්‍ය්‍ය පුද්ගල අස්තයට ගියේ නොහොත් අවිද්‍යාමාන වූයේ ද? නොහොත් හේ ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාවයෙන්) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කොට වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දන්නාලද ද, එහෙයිනි.
Pali BJT1080. අත්ථංගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජුං තං තස්ස නත්ථි, සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ්බෙති.
Sinhala BJT1080. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: උපසීවය,) අනුපාදාපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. රාගාදි යම් ප්‍රමාණයෙකින් ඔහට කියත් නම්, ඒ ප්‍රමාණය ඔහට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි හැම වාදපථයෝ ද නසනලද වෙතියි.
Pali BJTඋපසීවසුත්තං{1}
Sinhala BJTඋපසීවමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJTනන්දසුත්තං{2}
Sinhala BJTනන්‍දමාණව පෘච්ඡා
Pali BJT1081. සන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු’ ඤාණූපපන්නං නො මුනිං වදන්ති උදාහු චෙ ජීවිතෙනූපපන්නං.
Sinhala BJT1081. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ලොව්හි ක්‍ෂත්‍රියාදි ජනයෝ (ආජීවක නිගණ්ඨාදි) මුනිහු ඇතැයි කියත්. එය කෙසේ ද? (සමාපත්ති, අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද? නොහොත් රූක්‍ෂජීවිතයෙන් සමුපේත වූවහු මුනි යයි කියත් ද?
Pali BJT1082. න දිට්ඨියා න සුතියා න ඤාණෙන{3} (නන්දාති භගවා) මුනීධ නන්ද කුසලා වදන්තී, විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමි.
Sinhala BJT1082. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:) නන්‍දයෙනි, මෙසස්නෙහි ස්කන්‍ධාදියෙහි හෝ) දක්‍ෂයෝ දෘෂ්ටියෙන්, ශ්‍රැතියෙන් ඥානයෙන් මුනි යයි නො කියත්. යම් කෙනෙක් කෙලෙස් ස්නේහ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ නිරාශ වැ හැසිරෙත් නම්, ඔහු මුනිහු යයි මම කියමි.
Pali BJT1083. යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි{3} වදන්ති සුද්ධිං, සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කච්චිස්සු තෙ භගවා තත්ථ යථා චරන්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT1083. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම්, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකානන් වහන්ස කිම, (ඒ දෘෂ්ටිගතිකයෝ) එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළමැනැවි.
Pali BJT1084. යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ (නන්දාති භගවා) දිට්ඨෙන සුතෙනාපි{1} වදන්ති සුද්ධිං, සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං, කිඤ්චාපි තෙ තත්ථ යථා වදන්තී නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT1084. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: නන්‍දයෙනි,) මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් නම්, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, වැලිත් ඔහු එ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් (ඔහු) ජාතිය හා ජරාව තරණය නො කළහ’යි කියමි.
Pali BJT1085. යෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි{1} වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං.
Sinhala BJT1085. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මෙ යම් කිසි මහණබමුණු කෙනෙක් දෘෂ්ටියෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද,
Pali BJT1086. තෙචෙ{2} මුනි බ්රූසි අනොඝතිණ්ණො අථ කො චරහි දෙවමනුස්සලොකෙ, අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT1086. මුනීන්‍ද්‍රයන් වහන්ස. ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරණසේක් නම්, නිදුකානන් වහන්ස, එසේවත් මැ දෙව්මිනිස් ලොව්හි කවර කෙනෙක් ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
Pali BJT1087. නාහං සබ්බෙ සමණබ්රාහ්මණා සෙ (නන්දාති භගවා) ජාතිජරාය නිවුතාති බ්රූමි යෙ සූධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං, තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමි.
Sinhala BJT1087. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: නන්‍දයෙනි,) මම හැම මහණබමුණෝ ජාතිජරා විසින් අවුරණලදහ’යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූහු ද ඒ පුද්ගලයෝ එකැතින් ඕඝතරණය කළහ’යි කියමි.
Pali BJT1088. එතාහි නන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා නන්දො) සුකිත්තිතං ගොතමං නූපධීකං යෙ සූධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙක රූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ වෙ ඔඝතිණ්ණාති බ්රූමීති.
Sinhala BJT1088. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේගේ තෙල භාෂිතය මම සතුටින් පිළිගණිමි. ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවණ මොනොවට ප්‍රකටකරණලද ය මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ වූ කොතුහලමඞ්ගලශුද්ධිය ද හැරපියා ත්‍රිවිධ පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූහු නම් මම ද ඔහු ඕඝතරණය කළහ’යි කියමි.
Pali BJTනන්දසුත්තං සත්තමං{3}.
Sinhala BJTනන්‍දමාණව පෘච්ඡා නිමි.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJTහෙමකසුත්තං{1}
Sinhala BJTහේමක මාණවක පෘච්ඡා
Pali BJT1089. යෙ මෙ පුබ්බෙ වියාකංසු (ඉච්චායස්මා හෙමකො) හුරං ගොතම සාසනං, ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං නාහං තත්ථ අභිරමිං.
Sinhala BJT1089. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි.) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරී බ්‍රාහ්මණ ආදි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු “මෙසේ වී ල, මෙසේ වන්නේ ල“යි (යම් ධර්‍මයක්) මට දෙසූහු නම්, ඒ හැම දහම් “මෙසේ මෙසේ” යයි උපන් කථා වෙයි. ඒ හැම (කාම විතර්‍කාදි) තර්‍ක වඩන සුලු වෙයි. මම් එහි නො ඇලුනෙමි.
Pali BJT1090. ත්වඤ්ච මෙ ධම්ම මක්ඛාහි තඤ්හා නිග්ඝාතනං මුනි, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT1090. මුනීන්‍ද්‍රයන් වහන්ස, ස්මෘතිමත් වූයෙම් යම් දහමක් දැන හැසිරෙන්නෙම් ලොව්හි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙරෙම් නම් මුඹ වහන්සේ තෘෂ්ණාව වනසන එබඳු දහමක් මට වදාළ මැනවි.
Pali BJT1091. ඉධ දිට්ඨ සුත මුත විඤ්ඤාතෙසු පියරූපෙසු හෙමක, ඡන්දරාග විනොදනං නිබ්බාන පද මච්චුතං.
Sinhala BJT1091. හේමකය, මෙ ලොව්හි රූපායතන ශබ්දායතන ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යාතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගප්‍රහාණය වූ ච්‍යුති රහිත වූ නිර්‍වාණ පදය වෙයි.
Pali BJT1092. එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJT1092. ස්මෘතිමත් වූ දක්නාලද අනිත්‍යාදි දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන මගනැණින් දැන කෙලෙස් පිරිනිවීමෙන් නිවුනාහු සන්හුන් වූවාහු නම්, ඔහු හැම කල්හි ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළාහු වෙති’යි.
Pali BJTහෙමකසුත්තං අට්ඨමං{2}
Sinhala BJTහේමක මාණවක පෘච්ඡා නිමි.
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJTතොදෙය්යසුත්තං{3}
Sinhala BJTතෝදෙය්‍ය මාණවක පෘච්ඡා
Pali BJT1093. යස්මිං කාමා න වසන්ති (ඉච්චායස්මා තොදෙය්යා) තණ්හා යස්ස න විජ්ජති, කථංකථා ච යො තිණ්ණො විමොඛො තස්ස කීදිසො.
Sinhala BJT1093. (තෝදෙය්‍ය මාණවක මෙසේ ඇසීය:) යම් පුඟුලකු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමකුට තෘෂ්ණාවත් විද්‍යාමාන නොවේ ද, යම් පුද්ගලයෙක් කථංකථීභාවයත් තරණය කෙළේ ද, ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු වේ දැ?යි.
Pali BJT1094. යස්මිං කාමා න වසන්ති (තොදෙය්යාති භගවා) තණ්හා යස්ස න විජ්ජති, කථංකථා ච යො තිණ්ණො විමොඛො තස්ස නාපරො.
Sinhala BJT1094. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෝදෙය්‍යයෙනි, ) යම් පුද්ගලයකු කෙරෙහි කාමයෝ නො ලග්නාහු ද, යමකුට තෘෂ්ණාත් නැත් ද, විචිකිත්සා සඞ්ඛ්‍යාත කථංකථීභාවයත් යමෙක් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නො වේ.
Pali BJT1095. නිරාසසො සො උදි ආසසානො පඤ්ඤාණවා සො උදපඤ්ඤකපපී, මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.
Sinhala BJT1095. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද? හේ ප්‍රඥා ඇතියේ ද? නොහොත් සමාපත්ති ආදිඥනයෙන් තෘෂ්ණා දෘෂ්ටිකල්ප කරණුයේ ද? ශාක්‍යයන් වහන්ස, යම් පරිද්දෙකින් මම් මුනිහු හඳුනාගන්නෙම් නම්, සමතැස් ඇති භාග්‍යවතුන් වහන්ස, එපරිද්දෙන් මට එකරුණ වදාළ මැනව.
Pali BJT1096. නිරාසසො සො න සො ආසසානො පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී, එවම්පි තොදෙය්ය මුනිං විජාන අකිඤ්චනං කාමභවෙ අසත්තන්ති.
Sinhala BJT1096. එ මුනි තෙම තෘෂ්ණා රහිත ය, හේ ආශා සහිත නො වේ. හේ ප්‍රඥා ඇතියේ ය. (සමාපත්ති ආදි) ඥානයෙන් නොද තෘෂ්ණා - දෘෂ්ටිකල්ප කරන්නේ වෙයි. තෝදෙය්‍යයෙනි, මෙසේ (තෝ) කාමයෙහි දු භවයෙහිදු නො ඇලුනු පළිබෝධ නැතියහු මුනි යයි දනුව යි.
Pali BJTතොදෙය්යසුත්තං නවමං{1}
Sinhala BJTතෝදෙය්‍ය මාණවක පෘච්ඡා නිමි.
Pali BJT5. 10.
Sinhala BJT5. 10.
Pali BJTකප්පසුත්තං
Sinhala BJTකප්පමාණවක පෘච්ඡා
Pali BJT1097. මජ්ඣෙ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පො.) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූහි මාරිස; ත්වඤ්ච මෙ දීපමක්ඛාහි යථායිදං නාපරා සියා
Sinhala BJT1097. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකානන් වහන්ස, (පූර්‍ව - අපර කොටීන් නො පැණෙන හෙයින්) මධ්‍යවූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට ජාත්‍යාදි මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. යම් පරිද්දෙකින් යලි මෙ දුක නො වන්නේ ද, එපරිද්දෙන් මට ප්‍රතිෂ්ඨාව ද වදාළ මැනැවි.
Pali BJT1098. මජ්ඣෙ සරස්මිං තිට්ඨතං (කප්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූමි කප්ප තෙ.
Sinhala BJT1098. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: කප්පමාණවයෙනි,) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනාලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි කප්පය, තොපට ප්‍රතිෂ්ඨාව දෙසමි.
Pali BJT1099. අකිඤ්චනං අනාදානං එතං දීපං අනාපරං, නිබ්බානමිති තං බ්රූමි ජරාමච්චුපරික්ඛයං.
Sinhala BJT1099. ප්‍රතිභාග වූ අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව රාගාදි කිඤ්චන රහිතය. තෘෂ්ණාදාන රහිත ය. ජරාමරණව්‍යපශමය වූ එය නිර්‍වාණ යයි කියමි.
Pali BJT1100. එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, න තෙ මාරවසානුගා න තෙ මාරස්ස පද්ධගූති.
Sinhala BJT1100. ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දක්නාලද ධර්‍ම ඇති යම් රහත්හු තෙල නිර්‍වාණය දැන ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙති යි.
Pali BJTකප්පසුත්තං දසමං{2}.
Sinhala BJTකප්පමාණවක පෘච්ඡා නිමි
Pali BJT5. 11.
Sinhala BJT5. 11.
Pali BJTජතුකණ්ණිසුත්තං{1}
Sinhala BJTජතුකණ්ණීමාණවක පෘච්ඡා
Pali BJT1101. සුත්වාන’හං චිරං අකාමකාමිං (ඉච්චායස්මා ජතුකණ්ණි) ඔඝාතිගං පුට්ඨු මකාමමාගමං, සන්තිපදං බ්රූහි සහාජනෙත්ත යථාතච්ඡං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT1101. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ ඇසීය:) වීරයන් වහන්ස, මම මුඹ වහන්සේ (කාමයන් නොපතන හෙයින්) අකාමකාමී වූ චතුරෝඝතරණය කළ කෙනෙකැ’යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට ආයෙමි. සහජාත සර්‍වඥතා ඥානචක්‍ෂුස ඇතියානෙනි, ශාන්තිය හා ශාන්තිපදය හා (නිවන) වදාළ මැනව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වු පරිදි වදාළ මැනවි.
Pali BJT1102. භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජි තෙජසා, පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ, ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT1102. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙදැති හිරු සියතෙදින් පොළොව සෙයින් කාමයන් මැඩ ලා වෙසෙනසේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මේ අත් බැව්හි මැ ජාති - ජරාවන්ගෙන් ප්‍රහාණය වූ යම් දහමක් දැනගන්නෙම් නම්, එ දහම මන්‍දප්‍රාඥ වූ මට වදාරණසේක්වා.
Pali BJT1103. කාමෙසු විනය ගෙධං (ජතුකණ්ණීති භගවා) නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, උග්ගහීතං නිරත්තං වා මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං.
Sinhala BJT1103. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ජතුකණ්ණීයෙනි,) නෛෂ්ක්‍රම්‍යයක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරලව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නාලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ තොපට නහමක් වේවා.
Pali BJT1104. යං පුබ්බෙ තං විසොසෙහි පච්ඡා තෙ මාහු කිඤ්චනං, මජ්ඣෙ චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසි.
Sinhala BJT1104. අතීත සංස්කාර ඇරැබ යම් ක්ලේශජාතයෙක් වේ නම්, එය මාර්‍ගඥානාග්නියෙන් වියළව, අනාගත සංස්කාර අරැබැ ද තට කිඤ්චනයෙක් (පලිබෝධයෙක්) නහමක් වේ වා. ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නොගන්නෙහි නම් උපශාන්ත ව හැසිරෙන්නෙහි.