Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT947. මොසවජ්ජෙ න නිය්යෙථ රූපෙ ස්නෙහං න කුබ්බයෙ, මානඤ්ච පරිජානෙය්ය සහසා විරතො චරෙ.
Sinhala BJT947. මුසවායෙහි නො යෙදෙන්නේ ය. (භූතොපාදය භේදභින්න) රූපස්කන්‍ධයෙහි සනා නො කරන්නේ ය. මානය ද ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දන්නේ ය. රාගාදිභේද ඇති සාහසචර්‍ය්‍යවෙන් වෙන් ව හැසිරෙන්නේ යි.
Pali BJT948. පුරාණං නාභිනන්දෙය්ය නවෙ ඛන්තිං න කුබ්බයෙ, හීයමානෙ න සොචෙය්ය ආකාසං න සිතො සියා.
Sinhala BJT948. අතීත රූපාදි අරමුණට සතුටු නො වන්නේ ය. වර්‍තමාන රූපාදියෙහි දු රුචිය නො කරන්නේ ය, රූපාදි අරමුණු නැසෙත් ම ශෝක නො කරන්නේ ය. තෘෂ්ණා සඞ්ඛාත ආකාශ ය ද ඇසුරු කෙළේ නො වන්නේ යි.
Pali BJT949. ගෙධං බ්රූමි මහොඝොති ආජවං බ්රූමි ජප්පනං, ආරම්මණං පකප්පනං කාමපඞ්කො දුරච්චයො.
Sinhala BJT949. (මම තෘෂ්ණාව රූපාදියෙහි ගිජුවන හෙයින්) ගේධ යයි ද මහ වතුරෙකැයි ද කියමි. (අරමුණෙහි දිවෙන හෙයින්) ආජවයෙකැ යි ද ජල්පනයෙකැ යි ද ආලම්බනයෙකැ යි ද ප්‍රකම්පනයෙකැයි ද කියමි. තෙල කාමපඞ්කය දුරතික්‍රමණී ය වේ.
Pali BJT950. සච්චා අවොක්කම්ම{1} මුනි ථලෙ තිට්ඨති බ්රාහ්මණො, සබ්බං සො{2} පටිනිස්සජ්ජ ස වෙ සන්තොති වුච්චති.
Sinhala BJT950. ක්‍ෂීණාස්‍රව වූ මුනි තෙම සත්‍යයෙන් නො ඉක් මැ නිවන් තෙලෙහි සිටී. හේ ඒකාන්තයෙන් සියලු ආයතනයන් දුරලා ශාන්ත වූයේ යයි කියනු ලැබේ.
Pali BJT951. ස වෙ විද්වා ස වෙදගූ ඤත්වා ධම්මං අනිස්සිතො, සම්මා සො ලොකෙ ඉරියානො න පිහෙතී’ධ කස්සචි.
Sinhala BJT951. සංස්කෘත ධර්‍මයන් අනිත්‍යාදි විසින් දැන තෘෂ්ණා දෘෂ්ටිනිඃශ්‍රය රහිත හෙතෙම ඒකාන්තයෙන් පණ්ඩිත වූයේ වෙයි. හෙතෙම චතුර්මාර්‍ගඥානයට පැමිණියේ වෙයි. හෙතෙම සත්ත්‍වලෝක යෙහි මොනොවට ඉරියවු පවත්වනුයේ මෙ ලොව කිසිවකුටත් තෘෂ්ණා නො කෙරෙයි.
Pali BJT952. යොධ කාමෙ අච්චතරි සඞ්ගං ලොකෙ දුරච්චයං, න සො සොචති නාජ්ඣෙති ඡින්නසොතො අබන්ධනො.
Sinhala BJT952. මේ සත්ත්‍වලෝකයෙහි යමෙක් වස්තුකාම ක්ලේශකාමයන් හා ඉක්මැවීමට දුෂ්කර වූ රාගාදි සඞ්ගය ද ඉක්මැවී ද සිඳින ලද තෘෂ්ණාස්‍රෝතස ඇති, රාගාදි බන්‍ධන නැති හේ ශෝක නො කෙරෙයි නො සිතයි.
Pali BJT953. යං පුබ්බෙ තං විසොසෙහි පච්ඡා තෙ මාහු කිඤ්චනං, මජ්ඣෙ චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසි.
Sinhala BJT953. අතීතයෙහි වූ සංස්කාරයන් ඇරැබැ උපදනා යම් කෙලෙස් වේ නම්, එය වියළව, අනාගතයෙහි වන සංස්කාරයන් ඇරැබ උපදනා රාගාදි කිඤ්චන තට නහමක් වේවා, ඉදින් වර්‍තමානයෙහි රූපාදි සංස්කාරයන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි නම් උපශාන්ත වැ හැසිරෙන්නෙහි.
Pali BJT954. සබ්බසො නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං, අසතා ච සොචති ස චෙ ලොකෙ න ජිය්යති{1}
Sinhala BJT954. යම් ක්‍ෂීණාස්‍රවයකුට නාම-රූප දෙක නිමිති කොට තෘෂ්ණෘ දෘෂ්ටි මමත්‍වයෙක් නැද්ද, මමත්‍වය නැති බැවින් ම ශෝක නො කෙරේ ද හෙතෙම ඒකාන්තයෙන් ලොවැ නො පිරිහේ.
Pali BJT955. යස්ස නත්ථි ඉදං මෙති පරෙසං වාපි කිඤ්චනං, මමත්තං සො අසංවින්දං නත්ථි මෙති න සොචති.
Sinhala BJT955. යම් ක්‍ෂීණාස්‍රවයකුට ‘මෙ මාගේ යැ’යි හෝ වැලි අනුන්ගේ යැ යි හෝ රාගාදි කිඤ්චනයෙක් නැත් ද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්‍වය නො ලබනුයේ ‘මෙය මට නැතැ’යි ශෝක නො කෙරේ.
Pali BJT956. අනිට්ඨුරී අනනුගිද්ධො අනෙජො සබ්බධී සමො, තමානිසංසං පබ්රූමි පුච්ඡිතො අවිකම්පිනං{2}
Sinhala BJT956. ඒ කම්පිත නො වන සුලු පුද්ගලයා පුළුවුස්නා ලද මම “(හෙ) ඊර්‍ෂ්‍යා නැතියෙක, (රූපාදියෙහි) නො ගිජු වූයෙක, තෘෂ්ණා රහිතයෙක හැම තන්හි සම පැවැතුම් ඇත්තෙක” යන මෙ අනුසස් සතර කියමි.
Pali BJT957. අනෙජස්ස විජානතො නත්ථි කාචි නිසඞ්ඛිති, විරතො සො වියාරම්භා ඛෙමං පස්සති සබ්බධී.
Sinhala BJT957. තෘෂ්ණා රහිත වූ සංස්කාරයන් දුඃඛාදි වශයෙන් දන්නහුට (පුණ්‍යාභිසංස්කාරාදී ) කිසි සංස්කාරයෙක් නැත. සංස්කාරයෙන් තොර වූ හේ හැම තන්හි ක්‍ෂේමය දක්නේ යි.
Pali BJT958. න සමෙසු න ඔමෙසු න උස්සෙසු වදතෙ මුනි, සන්තො සො වීතමච්ඡෙරො නාදෙති න නිරස්සතීති.
Sinhala BJT958. රහත් මුනි තෙම (මාන විසින් තමා) සම වූවන් කෙරෙහි දු ලා නො කියයි. හීනයන් කෙරෙහි ලාත් නො කියයි. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ලාත් නො කියයි. සන්හුන් කෙලෙස් ඇති පහව ගිය මසුරුමල ඇති, හෙතෙම රූපාදි කිසි ධර්‍මයක් නිත්‍ය, ශුභාදි විසින් නො ගන්නේ ය. බැහැර ද නො කෙරේ යයි (මෙසේ බුදුහු වදාළහ.)
Pali BJTඅත්තදණ්ඩසුත්තං නිට්ඨිතං.
Sinhala BJTඅත්තදණ්ඩ සූත්‍රය නිමි.
Pali BJT4. 16.
Sinhala BJT4. 16.
Pali BJTසාරිපුත්ත සුත්තං
Sinhala BJTසාරිපුත්‍ර සූත්‍රය
Pali BJT959. න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ නසුතො{1} උද කස්සචි, (ඉච්චායස්මා සාරිපුත්තො) එවං වග්ගුවදො සත්ථා තුසිතා ගණිමාගතො.
Sinhala BJT959. (ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ මෙසේ වදාළහ:) මෙසේ මිහිරි තෙපුල් ඇති තුසී දෙව් ලොවින් සැව මවුකුසට පැමිණි, නො හොත් දෙව්ලොවින් නික්ම ගණ මැදට පැමිණි, හෝ රහත් ගණ මැදට පැමිණි නොහොත් රහතුන්ගේ ගණාචාර්‍ය්‍ය භාවයට පැමිණි ශාස්තෘහු මෙයින් පෙර (මෙවන් පෙළහර ඇති වැ) මා විසින් නො දක්නා ලදහු වෙත් නොහොත් කිසිවක්හුගේ බසින් නො ද අසන ලදහු වෙත්.
Pali BJT960. සදෙවකස්ස ලොකස්ස යථා දිස්සති චක්ඛුමා, සබ්බං තමං විනොදෙත්වා එකොව රතිමජ්ඣගා.
Sinhala BJT960. පසැස් ඇති බුදුහු සදෙව් ලොවට යම් සේ පැණෙත් නම්, මිනිස්නට ද එසේ මැ පැණෙත්. නොහොත් සදේවක ලෝකයට අවිපරීත කොට පැණෙත් එකලා වූවාහු මැ (රාගාදි කෙලෙස් අඳුරු දුරු කොට නෛෂ්ක්‍රම්‍යාදි) රතියට පැමිණි සේක.
Pali BJT961. තං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං, බහුන්නමිධ{2} බද්ධානං අත්ථි පඤ්හෙන ආගමං.
Sinhala BJT961. මේ සස්නෙහි ක්‍ෂත්‍රියාදි බොහෝ ශිෂ්‍යයන් අතුරෙන් අර්ත්‍ථී වූ මම තෘෂ්ණා-දෘෂ්ටි රහිත වූ ලාභාලාභාදියෙහි තාදි වූ කොහොන් වතින් තොර වූ ගණාචාර්‍ය්‍ය වූ සකස් පුරදොරට වැඩි ඒ බුදුන් කරා ප්‍රශ්න හේතුයෙන් පැමිණියෙමි.
Pali BJT962. භික්ඛුනො විජිගුච්ඡතො භජතො රිත්තමාසනං, රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා.
Sinhala BJT962. ජාති ආදියෙන් ජුගුප්සා කරණ රුක්මුල හෝ සොහොන හෝ පර්‍වතයන් සම්බන්‍ධි ගුහාවන්හි හෝ පස්කම් ගුණෙන් විවික්ත වූ ආසනය සෙවුනා මහණහට-
Pali BJT963. උච්චාවචෙසු සයනෙසු කීවන්තො තත්ථ භෙරවා, යෙහි භික්ඛු න වෙධෙය්ය නිග්ඝොසෙ සයනාසනෙ.
Sinhala BJT963. මහණතෙම නිර්ඝෝෂ වූ සෙනස්නෙහි යම් භෛරවයන් ගෙන් නො සැලේ නම්, එ කුදු මහත් සෙනසුන්හි කීපමණ භෛරවයෝ වෙත් ද, එහි නාද කරණ භයානක අරමුණු වෙත්.
Pali BJT964. කතී පරිස්සයා ලොකෙ ගච්ඡතො අගතං{3} දිසං, යෙ භික්ඛු අභිසම්භ වෙ පන්තම්හි සයනාසනෙ.
Sinhala BJT964. ප්‍රාන්ත ශයනාසනයෙහි වසන මහණ යම් උවදුරු කෙනකුන් මැඩ පවත්වාලන්නේ නම්, නො ගියවිරූ අමාමහනිවන් දෙසට යන ඒ මහණ හට ලොවැ එබඳු උපද්‍රවයෝ කොතෙක් වෙත් ද.
Pali BJT965. ක්යාස්ස ව්යප්පථයො{4} අස්සු ක්යාස්සස්සු ඉධ ගොචරා, කානි සීලබ්බතානස්සු පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT965. ප්‍රාරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට කෙබඳු වචනයෝ වෙත් ද? ඔ හට මෙ ලෙ ව්හි කෙබඳු ගෝචරයෝ වෙත් ද? ඔ හට කෙබඳු වූ ශීලව්‍රත කෙනෙක් වෙත් ද?
Pali BJT966. කං සො සික්ඛං සමාදාය එකොදි නිපකො සතො, කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො.
Sinhala BJT966. සමාහිත් සිත් ඇති, ප්‍රඥාවත් වූ ස්මෘතිමත් වූ ඒ මහණ තෙම කවර ශික්‍ෂාවක් සමාදන් වැ කඹුරකු ජාතරූපයාගේ මලහරණා සේ තමාගේ කෙලෙස් මල පිඹහැර පීයන්නේ ද?
Pali BJT967. විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු (සාරිපුත්තාති භගවා) රිත්තාසනං සයනං සෙවතො චෙ, සම්බොධිකාමස්ස යථානුධම්මං තං තෙ පවක්ඛාමි යථා පජානං.
Sinhala BJT967. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ශාරිපුත්‍රය, ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්ත වූ ශයනාසනය සේවන කරණ (සිවුමග නැණ නම් වූ) සම්බෝධිය පතන්නා වූ මහණහට යම් බඳු පහසු විහරණයෙක් වේ නම්, යම් බඳු අනුධර්‍මයෙකුත් වේ නම්, තොපට එය ප්‍රත්‍යක්‍ෂයෙන් දතුවකු සෙයින් පවසන්නෙමි.
Pali BJT968. පඤ්චන්නං ධීරො භයානං න භායෙ භික්ඛු සතො සප්පරියන්නචාරිං,{1} ඩංසාධිපාතානං සිරිංසපානං{2} මනුස්සඵස්සානං චතුප්පදානං.
Sinhala BJT968. ධීර වූ ස්මෘතිමත් වූ ශීලාදි සතර පර්‍ය්‍යයන්තයෙහි හැසිරෙන සුලු වූ මහණ ඇටමැස්සන් හා සෙසු මැස්සන්ට ද දීර්‍ඝ ජාතීන්ට ද චෞරාදි මනුෂ්‍ය ස්පර්‍ශයන්ට ද සිංහාදි සිවුපාවුන්ට ද යනාදි පඤ්චභීතීන්ට නො බානේ යි.
Pali BJT969. පරධම්මිකානම්පි න සන්තසෙය්ය දිස්වාපි තෙසං බහුභෙරවානි, අථාපරානි අභිසම්භවෙය්ය පරිස්සයානි කුසලානු එසී.
Sinhala BJT969. නො සහදැමි වූ බාහිරක ශාසනිකයන්ට ද නො බානේ ය, ඔවුන්ගේ බිය දනවන බොහෝ අරමුණු දැක ද තැති නො ගන්නේ ය. තවද කුශලධර්‍මාන්‍වෙෂී වූයේ අන් උවදුරු ද මැඩ පවත්වන්නේ යි.
Pali BJT970. ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො සීතං අථුණ්හං{3} අධිවාසයෙය්ය, සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො විරියං පරක්කම්ම දළ්හං කරෙය්ය.
Sinhala BJT970. රෝගස්පර්‍ශයෙන් ද කුසගින්නෙන් ද පහස්නාලදුයේ ශීත හා අත්‍යුෂ්ණය ඉවසන්නේ ය. හෙතෙම ඒ රෝගාදිස්පර්‍ශයෙන් නොයෙක් අයුරින් පහස්නාලදුයේ අභිසංස්කාර සහගත විඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරණුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි කොට කරන්නේ යි.
Pali BJT971. ථෙය්යං න කරෙය්ය{4} න මුසා භණෙය්ය මෙත්තාය ඵස්සෙ තසථාවරානි, යදා විලත්තං මනසො විජඤ්ඤා කණ්හස්ස පක්ඛොති විනොදයෙය්ය.
Sinhala BJT971. සොරකම් නො කරන්නේ ය. මුසා නො කියන්නේ ය. තෘෂ්ණා සහිත වූත් ස්ථාවර වූත් (පෘථග්ජන-ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් කෙරෙහි මෙත් සිත් පතුරුවන්නේ ය. යම් කලෙක්හි චිත්තයාගේ කැලැඹුණු බවක් දක්නේ නම් එය තෘෂ්ණා වූ මාරයාගේ පක්‍ෂ යයි (සිතා) දුරුකරන්නේ යි.
Pali BJT972. කොධාතිමානස්ස වසං න ගච්ඡෙ මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ, අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්ය.
Sinhala BJT972. ක්‍රෝධයාගේත් අතිමානයාගේත් වශයට නොයන්නේ ය. එ ක්‍රෝධාතිමානයන්ගේ මූලය වූ අවිද්‍යාදිය ද උදුරාපියා සිටුනේ ය. යළිත් ප්‍රියවස්තු හා අප්‍රිය වස්තු හා මැඩලනුයේ ඒකාන්තයෙන් අභිභවනය ද කරන්නේ යි.
Pali BJT973. පඤ්ඤං පුරක්ඛත්වා කල්යාණපීති වික්ඛම්භෙය්ය තානි පරිස්සයානි, අරතිං සහෙථ සයනම්හි පන්තෙ චතුරො සහෙථ පරිදෙවධම්මෙ.
Sinhala BJT973. කල්‍යාණ වූ ප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ ප්‍රකට වූත් ප්‍රතිච්ඡන්න වූත් උපද්‍රවයන් යටපත් කර ප්‍රාන්ත ශයනාසනයෙහි අරතිය මැඩ පවත්වන්නේ ය. චතුර්විධ පරිදේව ධර්‍මයන් අභිභවනය කරන්නේ යි.
Pali BJT974. කිංසු අසිස්සාමි කුවං වා අසිස්සං දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං, එතෙ විතක්කෙ පරිදෙවනෙය්යෙ විනයෙථ සෙඛො අනිකෙතසාරී.
Sinhala BJT974. කුමක් වළඳනෙම් ද? කොහි හෝ වළඳනෙම් ද? මෙ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම් අද රෑ කොහි හොවීම් ද? යන මේ වැලපියයුතු වූ සතර විතර්‍කයන් පරිබෝධ රහිත වැ හැසිරෙන සුලු ශෛක්‍ෂ තෙමේ දුරු කරන්නේ යි.
Pali BJT975. අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ මත්තං සො ජඤ්ඤා ඉධ තොසනත්ථං, සොතෙසු ගුත්තො යතචාරි ගාමෙ රුසිතොපි වාචං ඵරුසං න වජ්ජා.
Sinhala BJT975. මේ ශාසනයෙහි ඒ මහණ නිසි කල්හි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාර ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍ර ද ලැබ ඉතරෙතෙර ප්‍රත්‍යය සන්තෝෂය සඳහා පටිග්ගහණ පරිභෝගයෙහි මාත්‍රය දන්නේ ය. හෙතෙම එ ප්‍රත්‍යයන්හි සංයත චිත්ත ඇතියේ ගම්හි සංවරයෙන් යුක්ත වැ හැසිරෙන සුලුයේ මෙරමා විසින් ගටනාලදුයේ නමුදු පරොස්බස් නො කියන්නේ යි.
Pali BJT976. ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ඣානානුයුත්තො බහුජාගරස්ස, උපෙඛමාරබ්භ සමාහිතත්තො තක්කා සයං කුක්කුච්චඤ්චුපඡින්දෙ.
Sinhala BJT976. යටැ බලා හෙලූ ඇස් ඇතියේ පාදලෞල්‍ය නැතියේ උභයධ්‍යානයෙහි යෙදුනේ නිදි වැරීමෙන් යුක්ත වන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදිවිතර්‍ක හා විතර්‍කාශ්‍රය ද කෞකෘත්‍යය ද සිඳිනේයි.
Pali BJT977. චුදිතො වචීහි සතිමාභිනන්දෙ සබ්රහ්මචාරීසු ඛිලං පභින්දෙ, වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං ජනවාදධම්මාය න චෙතයෙය්ය.
Sinhala BJT977. උපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරණ ලදුයේ සිහි ඇති වැ මැ එය සතුටින් පිළිගන්නේ ය. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටෙන සිත් ඇති බව (ක්‍රෝධය) බිඳ පියන්නේ ය. නුවණින් උපදවන ලද තෙපුල් මැ බණන්නේ ය. කාලවේලා ශීලවෙලා නො ඉක්මැ බණන්නේ ය. ජනයාගේ උපවාද කථායෙහි සිතිවිලි නූපදවන්නේ යි.
Pali BJT978. අථාපරං පඤ්චරජානි ලොකෙ යෙසං සතීමා විනයාය සික්ඛෙ, රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්ධෙසු ඵස්සෙසු සහෙථ රාගං.
Sinhala BJT978. නැත අනෙකක් ද කියමි. යම් රජස් කෙනෙකුන්ගේ ප්‍රහාණය පිණිස ස්මෘතිමත් වූයේ හික්මෙන්නේ නම්, ලෝකයෙහි එබඳු පඤ්ච රජස් කෙනෙක් වෙති: රූපාලම්බනයෙහි දු ශබ්දා ලම්බනයෙහි දු යළි රසාලම්බනයෙහි දු ගන්‍ධාලම්බනයෙහි දු ස්පර්‍ශාලම්බනයෙහි දු ඡන්‍දරාගය මඩනේ යි.
Pali BJT979. එතෙසු ධම්මෙසු විනෙය්ය ඡන්දං භික්ඛු සතීමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සොති.
Sinhala BJT979. එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුනු සිත් ඇති මහණ තෙම තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ ය. සුදුසු කාලයෙහි හෙතෙම සියලු සංස්කාරධර්‍මය අනිත්‍යාදි වශයෙන් මොනොවට විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ මෝහාදි හැම අන්‍ධකාරය නසන්නේ”යි.
Pali BJTසාරිපුත්තසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය නිමි.
Pali BJTඅට්ඨකවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි අට්ඨකවග්ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකාමගුහට්ඨ දුට්ඨාව සුද්ධට්ඨ පරමා ජරා, මෙත්තෙය්යො ච පසූරො ච මාගන්දි පුරාභෙදනං. කලහං ද්වෙ ව ව්යුහානි පුනරෙව තුවට්ටකං අත්තදණ්ඩං ථෙරසුත්තං ථෙරපඤ්හෙන සොළස, තානි එතානි සුත්තානි සබ්බානට්ඨකවග්ගිකාති.
Sinhala BJTකාම සූත්‍ර ය, ගුහට්ඨක සූත්‍ර ය, දුට්ඨට්ඨක සූත්‍ර ය, සුද්ධට්ඨක සූත්‍ර ය, පරමට්ඨක සූත්‍ර ය, ජරා සූත්‍ර ය, තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර ය, පසූර සූත්‍ර ය, මාගන්‍දිය සූත්‍ර ය, පුරාභේද සූත්‍ර ය, කලහ විවාද සූත්‍ර ය, චූල වියූහ සූත්‍ර ය, මහාවියූහ සූත්‍ර ය, තුවටක සූත්‍ර ය, අත්තදණ්ඩ සූත්‍ර ය, සාරිපුත්ත සූත්‍ර ය, දැයි තෙල සොළොස් සූත්‍රයෝ අෂ්ටක වර්‍ගයෙහි වෙති යි.
Pali BJT5. පාරායනවග්ගො
Sinhala BJT5. පාරායන වර්‍ගය
Pali BJTවත්ථුගාථා
Sinhala BJTවස්තුගාථා
Pali BJT980. කොසලානං පුරා රම්මා ආගමා දක්ඛිණාපථං, ආකිඤ්චඤ්ඤං පත්ථයානො බ්රාහ්මණො මන්තපාරගූ.
Sinhala BJT980 වේදමන්ත්‍රයෙහි කෙළ පැමිණි (බාවරී) බ්‍රාහ්මණ අකිඤ්චනභාවය (පරිග්‍රහෝපකරණ විවේකය) පතන්නේ කොසොල් රට රම්‍ය වූ (සැවැත් ) නුවරින් නික්මැ දක්‍ෂිණාපථයට ගියේ ය.
Pali BJT981. සො අසසකස්ස විසයෙ අළකස්ස සමාසනෙ, වසී ගොධාවරීකුලෙ උඤ්ඡෙන ච ඵලෙන ච.
Sinhala BJT981. ඒ බමුණු අස්සක රජුගේ ද මූලක රජුගේ ද දැයි දෙ රජුන්ගේ රාජ්‍යයන් අසල හෙවත් දෙරට අතර ගෝදාවරී නදී තීරයෙහි වූ අසපුයෙක් හි කෙණෙසි අහරින් ද වනමූල ඵලාහාරයෙන් ද යැපෙමින් විසී ය.
Pali BJT982. තස්සෙ ව උපනිස්සාය ගාමො ච විපුලො අහූ, තතො ජාතෙන ආයෙන මහායඤ්ඤමකප්පයි.
Sinhala BJT982. ඒ ගෝදාවරි නදීතීරය මැ (නොහොත් එබාවරී තවුස් මැ) නිසා මහත් වූ ගමෙක් ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහායාගයක් (මහදනක්) කළේ ය.
Pali BJT983. මහායඤ්ඤං යජිත්වාන පුන පාවිසි අස්සමං, තස්මිං පති පවිට්ඨම්හි අඤ්ඤො ආගඤ්ඡි බ්රාහ්මණො.
Sinhala BJT983. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ ය. ඔහු එහි පිවිසගත් කල්හි අන් බමුණෙක් එහි ආයේ යැ.
Pali BJT984. උග්ඝට්ටපාදො තසිතො පඞ්කදන්තො රජස්සිරො, සො ච නං උපසඞ්කම්ම සතානි පඤ්ච යාචති.
Sinhala BJT984. ගමන්හි ගැටුනු පා ඇති පිපාසිත වූ මල බැඳි දත් ඇති, දූහිලියෙන් වැකුණු හිස් ඇති එබමුණාත් ඔහු කරා එළැඹැ රන්මිල පන්සියයක් යැදී යැ.
Pali BJT985. තමෙනං බාවරී දිස්වා ආසනෙන නිමන්තයී, සුඛඤ්ච කුසලං පුච්ඡි ඉදං වචනමබ්රවි.
Sinhala BJT985. බාවරී තවුස් ඔහු දැක අස්නෙන් පැවරීයැ. සුව ද නිරෝ බව ද විචාළේ යැ. මෙ බස් ද කීයැ:
Pali BJT986. යං ඛො මමං දෙය්යධම්මං සබ්බං විස්සජ්ජිතං මයා, අනුජානාහි මෙ බ්රහ්මෙ නත්ථි පඤ්ච සතානි මෙ.
Sinhala BJT986. මා සතු යම් දේයධර්‍මයෙක් වී නම්, ඒ හැම මා විසින් දානමුඛයෙහි දෙන ලදී. බමුණ ම බස් හදහව රන්මිල පන්සියෙක් නැත.
Pali BJT987. සචෙ මෙ යාචමානස්ස භවං නානුපදස්සති, සත්තමෙ දිවසෙ තුය්හං මුද්ධා ඵලතු සත්තධා.
Sinhala BJT987. ඉදින් භවත් යදනා මට නොදෙන්නේ නම්, අදින් සත්වන දවස්හි තා හිස් සත්කඩ වැ පැළේවා.
Pali BJT988. අභිසඞ්ඛරිත්වා කුහකො භෙරවං සො අකිත්තයි, තස්ස තං වචනං සුත්වා බාවරී දුක්ඛිතො අහූ.
Sinhala BJT988. ඒ කුහක බමුණු කොහොන්වත් සකස් කොට බිය දනවන තෙපුල් කී යැ. ඔහුගේ එවදන් අසා බාවරී දොම්නස් ඇතියේ වී යැ.
Pali BJT989. උස්සුස්සති අනාහාරො සොකසල්ලසමප්පිතො, අථොපි එවං චිත්තස්ස ඣානෙ න රමතී මනො.
Sinhala BJT989. හේ සෝහුලින් විදුනාලදුයේ නිරාහාර වැ වියැළෙ යි. තවද මෙ බඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නො ඇලෙයි.
Pali BJT990. උත්රස්තං දුක්ඛිතං දිස්වා දෙවතා අත්ථකාමිනී, බාවරිං උපසඞ්කම්ම ඉදං වචනමබ්රවී.
Sinhala BJT990. ඒ අරම්හි අරක්ගත් වැඩ කැමැති එක්තරා දේවතාවක් බියපත් වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙවදන් කිවුය.
Pali BJT991. න සො මුද්ධං පජානාති කුහකො සො ධනත්ථිකො, මුද්ධනි මුද්ධපාතෙ වා ඤාණං තස්ස න විජ්ජති.
Sinhala BJT991. හේ මුදුන් (හිස) නො දන්නේ ය. හේ ධන කැමැති කුහකයෙක. මුදුනෙහි හෝ මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහට නැති.
Pali BJT992. භොතී චරහි ජානාති තං මෙ අක්ඛාහි පුච්ඡිතා, මුද්ධං මුද්ධාධිපාතඤ්ච තං සුණොම වචො තව.
Sinhala BJT992. ඉදින් භවති මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් පුළුවුස්නා ලද්දී එය මට කියව. තීගේ එ වචනය අසම්හ.
Pali BJT993. අහං පෙතං න ජානාමි ඤාණං එත්ථ න විජ්ජති, මුද්ධං මුද්ධාධිපාතෙ වා ජිනානං හෙත්ථ{1} දස්සනං.
Sinhala BJT993. තෙල කරුණ මම ද නොදන්මි. මට මෙකරුණ කෙරෙහි ඥානයෙක් නැත. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේ මැ දර්‍ශනයෙකි.
Pali BJT994. අථ ඛො චරහි ජානාති අස්මිං පුථුවි{2} මණ්ඩලෙ, මුද්ධං මුද්ධාධිපාතඤ්ච තං මෙ අක්ඛාහි දෙවතෙ.
Sinhala BJT994. එසේ වත් මැ මෙ පොළෝ මඬුලුයෙහි කවරෙක් නම්, මුදුන් හා මුදුන් පැළුම් හා දන්නේ ද, දේවතායෙනි, එය මට කියව.
Pali BJT995. පුරා කපිලවත්ථුම්හා නික්ඛන්තො ලොකනායකො, අපච්චො ඔක්කාකරාජස්ස සක්යපුත්තො පභඞ්කරො.
Sinhala BJT995. පෙරැ කිඹුල්වත් පුරින් නික්මැ ගිය ලෝකනායක වූ ඔක්කාක රජ පරපුරෙහි වූ ලොව හෙළි කරණ ශාක්‍යපුත්‍රයෙක් වේ ද,
Pali BJT996. සො හි බ්රාහ්මණ සම්බුද්ධො සබ්බධම්මානපාරගූ, සබ්බාභිඤ්ඤාබලප්පත්තො සබ්බධම්මෙසු චක්ඛුමා. සබ්බකම්මක්ඛයංපත්තො විමුත්තො උපධික්ඛයා.
Sinhala BJT996. බ්‍රාහ්මණය, හේ සම්බුද්ධ මැ යි. හැම ධර්‍මයන්ගේ පරතෙරට ගියේයැ, සියලු අභිඥා බලයනට පැමිණියේ යැ. සියලු ධර්‍මයන්හි නුවණැස් ඇතියේ යැ, හැම කර්‍මයන්ගේ ක්‍ෂයට පැමිණියේ ය. උපධික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණාලම්බනයෙහි (භවවිමුක්තියෙන්) මිදුනේ යැ.
Pali BJT997. බුද්ධො සො භගවා ලොකෙ ධම්මං දෙසෙති චක්ඛුමා, තං ත්වං ගන්ත්වාන පුච්ඡස්සු සො තෙ තං ව්යාකරිස්සති.
Sinhala BJT997. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොව්හි දහම් දෙසයි. මුඹ උන්වහන්සේ කරා ගොස් විචාරන්නැ, හේ මුඹට හෙළි කරන්නේ ය.
Pali BJT998. සම්බුද්ධොති වචො සුත්වා උදග්ගො බාවරී අහූ, සොකස්ස තනුකො ආසි පීතිඤ්චි විපුලං ලභි.
Sinhala BJT998. ‘සම්බුද්ධ’ යන වචනය අසා බාවරී ඔද වැඩිසිත් ඇත්තේ විය. ඔහුගේ ශෝකය තුනී විය. විපුල ප්‍රීතිය ද ලැබීය.
Pali BJT999. සො බාවරී අත්තමනො උදග්ගො තං දෙවතං පුච්ඡති වෙදජාතො, කතමම්හි ගාමෙ නිගමම්හි වා පන කතමම්හි වා ජනපදෙ ලොකනාථො. යත්ථ ගන්ත්වා නමස්සෙමු සම්බුද්ධං දිපදුත්තමං.
Sinhala BJT999. සතුටු සිත් ඇති ඒ බාවරී තෙම ඔදවැඩි සිතැතියේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදෝත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමෝ නම්, ඒ ලෝකනාථයෝ කවර නම් ගමෙක්හි හෝ යළි කිනම් නියම් ගමෙක්හි හෝ දනව්වෙක හෝ වසනසේක්දැ? යි ඒ දෙවියා පිළිවිසී.
Pali BJT1000. සාවත්ථියං කොසලමන්දිරෙ ජිනො පහුතපඤ්ඤො වරභූරිමෙධසො, සො සක්යපුත්තො විධුරො අනාසවො මුද්ධාධිපාතස්ස විදූ නරාසභො.
Sinhala BJT1000. පස්මරුන් දිනූ, මහාප්‍රාඥ වූ, උත්තම විපුල ප්‍රඥා ඇති, අප්‍රතිම වූ, අනාස්‍රව වූ මුදුන් පැළුම දන්නා, නරශ්‍රේෂ්ඨ වූ එ ශාක්‍යපුත්‍රයන් වහන්සේ කෝසල ජනපදයෙහි සැවැත් නුවර වසනසේක.
Pali BJT1001. තතො ආමන්තයී සිස්සෙ බ්රාහ්මණෙ මත්තපාරගෙ, එථ මාණවා අක්ඛිස්සං සුණාථ වචනං මම.
Sinhala BJT1001. එක්බිති බාවරි බමුණු වේදමන්ත්‍රයෙහි පරතෙරපත් අතැවැස්සන් ඇමැතී යැ: මාණවයෙනි, එව මම තොපට කියනෙම්, ඒ මාගේ වචනය අසව,
Pali BJT1002. යස්සෙසො දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, ස්වාජ්ජ ලොකම්හි උප්පන්නො සම්බුද්ධො ඉති විස්සුතො ඛිප්පං ගන්ත්වාන සාවත්ථියං පස්සව්හො දිපදුත්තමං.
Sinhala BJT1002. ලෝකයෙහි යමක්හුගේ තෙල එක්වන් උපත දුලබ වේ නම්, ‘සම්බුද්ධ’යහයි විශ්‍රැත වූ ඔබ දැන් ලොව්හි උපන්හ. වහා සැවතට ගොස් එ ද්විපදෝත්තමයා දකුව.
Pali BJT1003. කථං චරහි ජානෙමු දිස්වා බුද්ධොති බ්රාහ්මණ, අජානතං නො පබ්රූහි යථා ජානෙමු තං මයං.
Sinhala BJT1003. බ්‍රාහ්මණයෙනි, උන්වහන්සේ දැක ‘මෙ බුදුහ’ යි කිසෙයින් දනුම්හ. අපි ඔවුන් යම්සේ දතහෙන්නමෝ නම්, නොදන්නා අපට ඒ සෙයින් කිව මැනවැයි (කීහ.)
Pali BJT1004. ආගතානි හි මන්තෙසු මහාපුරිසලක්ඛණා, ද්වත්තිංසානි{1} ච ව්යාඛ්යාතා සමන්තා අනුපුබ්බසො.
Sinhala BJT1004. පිළිවෙළින් විස්තර කරණ ලද පරිපූර්‍ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේ ය.
Pali BJT1005. යස්සෙතෙ හොන්ති ගත්තෙසු මහාපුරිසලක්ඛණා, දුවෙව{2} තස්ස ගතියො තතියා හි න විජ්ජති.
Sinhala BJT1005. යම් පුරුෂයකුගේ ශරීරාවයවයන්හි තෙල මහපුරිස් ලකුණු වෙත් නම්, ඔහට දෙගතියෙක් මැ එයි. තෙවැන්නෙක් නො වේ.
Pali BJT1006. සචෙ අගාරං අජ්ඣාවසති{3} විජෙය්ය පඨවිං ඉමං, අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන මනුසාසාති.
Sinhala BJT1006. ඉදින් හේ ගිහිගෙහි වෙසේ නම්, නො දඬින්, නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුසස්නේ යැ. (සක්විති රජ වෙයි.)
Pali BJT1007. සචෙ ච සො පබ්බජති අගාරා අනගාරියං, විවත්තච්ඡදෙදා{4} සම්බුද්ධො අරහා භවති අනුත්තරො.
Sinhala BJT1007. තවද ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන් වදී නම්, පෙරළු කෙලෙස් සෙවෙණි ඇතියේ අර්‍හත් අනුත්තර සම්‍යක් සම්බුද්ධ වෙයි.
Pali BJT1008. ජාතිං ගොත්තඤ්ච ලක්ඛණං මන්තෙ සිස්සෙ පුනාපරෙ, මුද්ධං මුද්ධාධිපාතඤ්ච මනසායෙව පුච්ඡථ.
Sinhala BJT1008. (තෙපි මාගේ) ජාතියදු ගෝත්‍රයදු ලක්‍ෂණදු උගත් වේදයදු සිසුනුදු යළිත් අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළීමුදු සිතින් මැ පුළුවුස්ව.
Pali BJT1009. අනාවරණදස්සාවී යදි බුද්ධො භවිස්සති, මනසා පුච්ඡිතෙ පඤ්හෙ වාචාය විස්සජෙස්සති.
Sinhala BJT1009. ඉදින් හේ අනාවරණ ඥානදර්‍ශන ඇති බුදු වේ නම්, තොප සිතින් පුළුවුත් පැන වචනයෙන් විසඳන්නේ යි.
Pali BJT1010. බාවරිස්ස වචො සුත්වා සිස්සා සොළස බ්රාහ්මණා, අජිතො තිස්සමෙත්තෙය්යො පුණ්ණකො අථ මෙත්තගු.
Sinhala BJT1010-1012 බාවරී බමුණුගේ බස් අසා අජිත ය, තිස්සමෙත්ත්‍යෙ ය, පුණ්ණක ය, යළි මෙත්තගූ ය, ධෝතක ය, උපසීව ය, නන්‍ද ය, යළි හේමක ය, තෝදෙය්‍ය කප්ප යන දෙදෙනය, පණ්ඩිත වූ ජතුකණ්ණී ය, භද්‍රායුධ ය, උදය යැ, පෝසාල බමුණු යැ, ප්‍රාඥ වූ මෝඝරාජ ය, මහර්ෂී පිඞ්ගිය යැ යන සොළොස් බමුණු අතැවැසියෝ -
Pali BJT1011. ධොතකො උපසීවො ච නන්දො ච අථ හෙමකො, තොදෙය්යකප්පා දුභයො ජතුකණ්ණී ච පණ්ඩිතො
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1012. භද්දාවුධො උදයො ච පොසාලො චාපි බ්රාහ්මණො, මොඝරාජා ච මෙධාවී පිඞ්ගියො ච මහාඉසි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1013. පච්චෙකගණිනො සබ්බෙ සබ්බලොකස්ස විස්සුතා, ඣායී ඣානරතා ධීරා පුබ්බවාසනවාසිතා.
Sinhala BJT1013. හැම දෙන වෙන වෙන ශිෂ්‍යගණයා ඇති වැ හැම ලොව පළට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි නිරත වූවාහු ධෘතිසම්පන්න වූවාහු පුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු.
Pali BJT1014. බාවරිං අභිවාදෙත්වා කත්වා ච නං පදක්ඛිණං, ජටාජිනධරා සබ්බෙ පක්කාමුං උත්තරාමුඛා.
Sinhala BJT1014. බාවරීහු වැඳ ඔහු පැදකුණු ද කොට සියල්ලෝ දළමඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණ ලා ගියහ.
Pali BJT1015. මූලකස්ස පතිට්ඨානං පුරිමං මාහිස්සතිං{1} තදා, උජ්ජෙනිඤ්චාපි ගොනද්ධං වෙදිසං වනසව්හයං.
Sinhala BJT1015. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයට ද මාහිස්සතී නම් පළමු නගරයට ද උජ්ජේනී නගරයට ද එසේම ගෝනද්ධ (ගෝධ) පුරයට ද, වේදිස නගරයට ද වල්සැවතට ද,
Pali BJT1016. කොසම්බියං චාපි සාකෙතං සාවත්ථිඤ්ච පුරුත්තමං, සෙතව්යං{2} කපිලං වත්ථුං කුසිනාරඤ්ච මන්දිරං.
Sinhala BJT1016. කොසඹෑ නුවරට ද වැලිත් සාකේත නගරයට ද උතුම් සැවැත් නුවරට ද සේතව්‍ය නගරයට ද කපිලවත්‍ථු පුරයට ද කුසිනාරා නගරයට ද,
Pali BJT1017. පාවඤ්ච භොගනගරං වෙසාලිං මාගධං පුරං, පාසාණකං චෙතියඤ්ච රමණීයං මනොරමං.
Sinhala BJT1017. පාවා නගරයට ද භොගන නගරයට ද විසල්පුරට ද මගධරට අගනුවර වූ රාජගහ නගරයට ද සිත්කලු මනරම් වූ පහණසෑවෙහෙරට ද,
Pali BJT1018. තසිතො වුදකං සීතං මහාලාභංව වාණිජො, ඡායං ඝම්මාභිතත්තොව තුරිතා පබ්බතමාරුහුං.
Sinhala BJT1018. පවස් ඇතියකු සිහිල් දියකට මෙන් වෙණෙදක්හු මහත් ලාභයකට මෙන් ගිමින් තැවුනක්හු සෙවණකට මෙන් උපන් සොම්නස් ඇත්තාහු පර්‍වතයට නැංගාහ.
Pali BJT1019. භගවා තම්හි සමයෙ භික්ඛුසඞ්ඝපුරක්ඛතො, භික්ඛූනං ධම්මං දෙසෙති සීහොව නදති වනෙ.
Sinhala BJT1019. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේත් බික්සඟුන් විසින් පෙරටු කරණ ලද සේක් වෙනෙහි සිහරදහු නඳ කරන්නා සේ භික්‍ෂූන්ට දහම් දෙසන සේක.
Pali BJT1020. අජිතො අද්දස සම්බුද්ධං සතරංසීව{3} භානුමං, චන්දං යථා පණ්ණරසෙ පරිපුරිං උපාගතං.
Sinhala BJT1020. අජිතමාණව සිය ගණන් රැස් ඇති හිරුසෙයින් පණුරැසි පොහෝ දිනෙහි දිලියෙන සොළොස් කලායෙන් පිරි සඳ සෙයින් සම්බුදුන් දිටී.
Pali BJT1021. අථස්ස ගත්තෙ දිස්වාන පරිපූරඤ්ච ව්යඤ්ජනං, එකමන්තං ඨිතො හට්ඨො මනොපඤ්හෙ අපුච්ඡථ.
Sinhala BJT1021. එක්බිති උන්වහන්සේගේ සිරුරෙහි පිරිපුන් මහපුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස් වැ සිටියේ මනසින් පැන පුළුවුත්.
Pali BJT1022. ආදිස්ස ජම්මනං බ්රූහි ගොත්තං බ්රූහි සලක්ඛණං, මන්තෙසු පාරමිං බ්රූහි කති වාචෙති බ්රාහ්මණො.
Sinhala BJT1022. අප ඇදුරැන් ඇරැබැ ජාතිය (වයස්) කිව මැනැව පුරිස් ලකුණු සහිත කොට ගොත් ද කියනු මැනැව, වේදයන්හි නිමාවට පැමිණීම ද කිව මැනව, ඒ බමුණු කෙතෙක් අතවැස්සන් හදාරවාදැ? යි (විචාළේ ය)
Pali BJT1023. විසංවස්සසතං ආයු සො ච ගොත්තෙන බාවරී, තීණස්ස{4} ලක්ඛණා ගත්තෙ තිණ්ණං වෙදාන පාරගු.
Sinhala BJT1023. (තොපගේ ඇදුරු) වයසින් එක්සියවිසි හැවිරිදි වෙයි. හෙ ද ගෝත්‍ර විසින් බාවරී (ප්‍රාවරී) නම් වේ, ඔහුගේ සිරුරෙහි මහපුරිස්ලකුණු තුනෙකි. ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ ය.
Pali BJT1024. ලක්ඛණෙ ඉතිහාසෙව සනිඝණ්ඩුසකෙටුභෙ, පඤ්ච සතානි වාචෙති සධම්මෙ පාරමිං ගතො.
Sinhala BJT1024. (මහාපුරුෂ) ලක්‍ෂණයෙහි ද නිඝණ්ඩු සහිත කෙටූභ ශාස්ත්‍රසහිත, ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට ගියේ අතැවැස්සන් පන්සියයක් හදාරව යි.
Pali BJT1025. ලක්ඛණානං පවිචයං බාවරිස්ස නරුත්තම, තණ්හච්ඡිද{5} පකාසෙහි මා නො කංඛායිතං අහූ.
Sinhala BJT1025. තෘෂ්ණාව සිඳ ලූ නරෝත්තමයෙනි, බාවරී බමුණුගේ පුරුෂ ලක්‍ෂණයන් පිළිබඳ විස්තරය පවසන්නැ. අපට නහමක් සැක වේවා: (සිතින් පුළුවුත්)
Pali BJT1026. මුඛං ජිව්හාය ඡාදෙති උණ්ණස්ස භමුකන්තරෙ, කොසොහිතං වත්ථගුය්හං එවං ජානාහි මාණව.
Sinhala BJT1026. මාණවය, හේ (තමා) දිවින් මුව වසයි. උහුගේ දෙබැම අතුරෙහි උණුලොම් වෙයි. වස්ත්‍රගුහ්‍යය කෝෂාවහිත වේ. මෙ කරුණ මෙ සේ ද නැ යි (වදාළහ.)
Pali BJT1027. පුච්ඡං හි කිඤ්චි අසුණන්තො සුත්වා පඤ්හෙ වියාකතෙ, විචින්තෙති ජනො සබ්බො වෙදජාතො කතඤ්ජලී.
Sinhala BJT1027. හැම ජන තෙමේ, පුළුවුස්නා කිසිදු පැනයක් නො අසනුයේ විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ බඳැදිලි වැ මෙසේ සිතයි.
Pali BJT1028. කො නු දෙවෙ ව බ්රහ්මා වා ඉන්දො වාපි සුජම්පති, මනසා පුච්ඡිතෙ පඤ්හෙ තමෙනං පටිභාසති.
Sinhala BJT1028. කවර නම් දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජම්පති වූ ඉන්‍ද්‍ර හෝ සිතින් විචාළ පැන විසඳා ද? (ඔවුනතුරෙන්) කවරක්හට තෙල පැන වැටහේ දැ’යි
Pali BJT1029. මුද්ධං මුද්ධාධිපාතඤ්ච බාවරී පරිපුච්ඡති, තං ව්යාකරොහි භගවා කඞ්ඛං විනය නො ඉසෙ.
Sinhala BJT1029. භාග්‍යවතුන් වහන්ස, බාවරී බමුණුතෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසී. එය විසඳන්නැ. ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ යි.
Pali BJT1030. අවිජ්ජා මුද්ධාති ජානාහි විජ්ජා මුද්ධාධිපාතිනී, සද්ධා සතිසමාධීහි ඡන්දවිරියෙන සංයුතා.
Sinhala BJT1030. අවිද්‍යාව (සසරැ හිස්වන බැවින්) මුදුනැ, ශ්‍රද්ධා, ස්මෘති, සමාධි, ඡන්‍ද, වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුනු (අර්‍හන් මාර්‍ග) විද්‍යාව මුදුන් පළනයි දනැයි.
Pali BJT1031. තතො වෙදෙන මහතා සන්ථමහිත්වාන මාණවො, එකංසං අජිනං කත්වා පාදෙසු සිරසා පති.
Sinhala BJT1031. එක්බිති අජිතමාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවි සම් එකස් කොටලා (බුදුන්) පාපිට හිස්තබා වැඳ වැටිනි.
Pali BJT1032. බාවරී බ්රාහ්මණො භොතො සහසිස්සෙහි මාරිස, උදග්ගචිත්තො සුමනො පාදෙ වන්දති චක්ඛුම.
Sinhala BJT1032 “නිදුකානන් වහන්ස, පසැසුන් වහන්ස, බාවරී බ්‍රාහ්මණ ඔද වැඩි සිතැති වැ, සොම්නස් වැ භවත්හුගේ පා වඳනේ ය’යි.
Pali BJT1033. සුඛිතො බාවරී හොතු සහසිස්සෙහි බ්රාහ්මණො, ත්වඤ්චාපි සුඛිතො හොහි චිරං ජීවාහි මාණව.
Sinhala BJT1033. බාවරී බමුණු අතැවැසියන් හා සමග සුවපත් වේවා, මාණවය, තො ද සුවපත් වෙයි, සැරදෙයි, (වදාළෝ)
Pali BJT1034. බාවරිස්ස ව තුය්හං වා සබ්බෙසං සබ්බසංසයං, කතාවකාසා පුච්ඡවෙහා යං කිඤ්චි මනසිච්ඡථ.
Sinhala BJT1034. තෙපි කළ අවකාශ ඇතියවු, යමක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම්, බාවරීහුගේ වේවයි, තොප හැමගේ වේවයි, එ හැම සංශය පුළුවුස්වයි (වදාළසේක)
Pali BJT1035. සම්බුද්ධෙන කතොකාසො නිසීදිත්වාන පඤ්ජලී, අජිතො පඨමං පඤ්හං තත්ථ පුච්ඡි තථාගතං.
Sinhala BJT1035. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිතමාණව බඳැදිලි වැ හිඳ එහි පළමු පැන බුදුන් පිළිවිත්.
Pali BJTවත්ථුගාථා නිට්ඨිතා.
Sinhala BJTවස්තු ගාථා නිමි.
Pali BJT5. 1.
Sinhala BJT5. 1.