Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1300 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT871. සාතං අසාතන්ති යමාහු ලොකෙ තමුපනිස්සාය පහොති ඡන්දො, රූපෙසු දිස්වා විභවං භවඤ්ච විනිච්ඡයං කුරුතෙ{1} ජන්තු ලොකෙ.
Sinhala BJT871. ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වේදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලෝකයෙහි සත්ත්‍ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
Pali BJT872. කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ, කථංකථී ඤාණපථාය සික්ඛෙ ඤත්වා පවුත්තා සමණෙන ධම්මා.
Sinhala BJT872. ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්‍මයෝත් සාතාසාතවේදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්‍ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්‍ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්‍මයෝ දෙසන ලදහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT873. සාතං අසාතඤ්ච කුතොනිදානා කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදානං.
Sinhala BJT873. සුඛවේදනා දුඃඛවේදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්‍ත්‍ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනැව.
Pali BJT874. ඵස්සනිදානං සාතං අසාතං ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං තෙ පබ්රූමි ඉතොනිදානං.
Sinhala BJT874. සුඛවේදනා හා දුඃඛවේදනා හා ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්‍ත්‍ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT875. ඵස්සො නු ලොකස්මිං කුතොනිදානො පරිග්ගහා චාපි කුතොපහූතා, කිස්මිං අසන්තෙ න මමත්තමත්ථි කිස්මිං විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJT875. ලොව්හි ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රයෝත් කොයින් ප්‍රභූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්‍ශයෝ නො පහස්නාහු ද?
Pali BJT876. නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සා ඉච්ඡානිදානානි පරිග්ගහානි, ඉච්ඡාය’සන්ත්යා{1} න මමත්ත මත්ථි{2} රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
Sinhala BJT876. සම්ප්‍රයුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්‍ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්‍ශයෝ නො පහස්නාහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT877. කථං සමෙතස්ස විභොති රූපං සුඛං දුඛං වාපි කථං විභොති, එතං මෙ බ්රූහි යථා විභොති තං ජානිස්සාම{3} ඉති මෙ මනො අහු.
Sinhala BJT877. කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යම්සේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ’යි මට සිතෙක් වී.
Pali BJT878. න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී, එවං සමෙතස්ස විභොති රූපං සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා.
Sinhala BJT878. හේ ප්‍රකෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥ ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදි ප්‍රපඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.
Pali BJT879. යං තං අපුච්ඡිම්හ අකිත්තයි නො අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි, එත්තාවතග්ගං නු වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තො.
Sinhala BJT879. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර ශුද්ධියක් කියත් දැ? යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT880. එත්තාවතග්ගම්පි වදන්ති හෙකෙ යක්ඛස්ස සුද්ධිං ඉධ පණ්ඩිතා සෙ, තෙසං පනෙකෙ සමයං වදන්ති අනුපාදිසෙසෙ කුසලා වදානා.
Sinhala BJT880. මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්‍වයාගේ අග්‍ර වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.
Pali BJT881. එතෙ ච ඤත්වා උපනිස්සිතාති ඤත්වා මුනී නිස්සයෙ සො විමංසී, ඤත්වා විමුත්තො න විවාදමෙති භවාභවාය න සමෙති ධීරොති.
Sinhala BJT881. තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රයන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්‍මයත් දැන අනුපාදාවිමෝක්‍ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJTකලහවිවාදසුත්තං නිට්ඨිතං.
Sinhala BJTකලහවිවාද සූත්‍රය නිමි.
Pali BJT4. 12.
Sinhala BJT4. 12.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJTචූලවියූහ සුත්තං
Sinhala BJTචූලවියූහ සූත්‍රය
Pali BJT882. සකං සකං දිට්ඨිපරිබ්බසානා විග්ගය්හ නානා කුසලා වදන්ති, යො එවං ජානාති ස වෙදි ධම්මං ඉදං පටික්කොස’මකෙවලී සො.
Sinhala BJT882. තම තමාගේ දෘෂ්ටියෙහි වසන්නාහු (එ දෘෂ්ටි) දැඩිව ගෙණ (ඇපි ම එහි) දක්‍ෂයම්හ’යි වෙන වෙන මැ කියති. “(යමෙක්) මෙසේ දනී නම් හේ දැනගත්තේ ය. යමෙක් මෙය ගරහනුයේ නම්, හේ හීනයෙකැ”යි ද කියත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT883. එවම්පි විග්ගය්හ විවාදියන්ති බාලො පරො අක්කුසලොති{1} චාහු සච්චො නු වාදො කතමො ඉමෙසං සබ්බෙව හිමෙ කුසලාවදානා.
Sinhala BJT883. මෙසේත් (ස්වලබ්ධිය) දැඩිව ගෙණ විවාද කෙරෙති. මෙරමා බාල යයි ද අදක්‍ෂ යයි ද කියති. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වේ ද? මෙ හැම මහණබමුණෝ පණ්ඩිතවාද ඇත්තාහු ද?
Pali BJT884. පරස්ස චෙ ධම්මමනානුජානං බාලො මගො{2} හොති නිහීනපඤ්ඤො, සබ්බෙව බාලා සුනිහීනපඤ්ඤා සබ්බෙවිමෙ දිට්ඨිපරිබ්බසානා.
Sinhala BJT884. ඉදින් අන්‍යදෘෂ්ටිකයාගේ ධර්‍මය නො අනුදන්නේ බැලයෙක් මෘග (සදෘශ) යෙක් ලාමකප්‍රඥාඇතියෙක් වේ නම්, (එකල්හි) හැම දෘෂ්ටිගතික වූ මෙ මහණබමුණෝ බාල වෙති. අතිශයින් නිහීනප්‍රඥා ඇතියාහු වෙති. (යම්හෙයකින්) මේ හැම මහණබමුණෝ ස්වකීයදෘෂ්ටියෙහි වෙසෙත් ද එහෙයිනි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT885. සන්දිට්ඨියා චෙව න වෙවදාතා{3} ස සුද්ධපඤ්ඤා කුසලා මුතීමා. න තෙසං කොචි පරිහීනපඤ්ඤො දිට්ඨි හි තෙසම්පි තථා සමත්තා.
Sinhala BJT885. ඉදින් ස්වකීයදෘෂ්ටියෙන් පිරිසිදු නො වූවාහු සංශුද්ධප්‍රඥා ඇත්තාහු දක්‍ෂ වූවාහු බුද්ධිමත් වූවාහු වෙත් නම්, එ මහණ බමුණන් අතුරෙහි කිසිවෙක් පිරිහුණු නුවණැතියේ නො වෙයි. යම් හෙයකින් දෘෂ්ටිය ඔවුන් විසින් එසෙයින් සමාදන්වනලද ද එහෙයිනි.
Pali BJT886. න චාහමෙතං තථියන්ති{4} බ්රූමි යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං, සකං සකං දිට්ඨිමකංසු සච්චං තස්මා හි බාලොති පරං දහන්ති.
Sinhala BJT886. තෙල දෙසැට මිසදිටු කැල මම සත්‍යයයි ද නො කියම්, යම් හෙයෙකින් කලහකාරී දෙදෙනෙක් ඔවුනොවුන් බාල යයි කියත් ද, ස්වකීය දෘෂ්ටිය සත්‍යය යයි වාදකළාහු ද, එහෙයින් ම වාදකාරක වූ අන්‍යයා බාලයෙකැයි හඟිත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT887. යමාහු සච්චං තථියන්ති එකෙ තමාහු අඤ්ඤෙ තුච්ඡං මුසාති, එවම්පි විග්ගය්හ විවාදියන්ති, තස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJT887. ඇතැම් මහණබමුණෝ යම් දෘෂ්ටිසත්‍යයක් සැබැවැයි කියත් නම්, එයින් අන්‍ය වූ මහණ බමුණෝ ඒ දෘෂ්ටිසත්‍යය හිස් මුසාවෙකැ යි කියත්, මෙසේ ද ස්වලබ්ධිය දැඩිව ගෙණ විරුද්ධ වාද කෙරෙත්. කවරහෙයින් ශ්‍රමණයෝ එක්සත්‍යයක් නො කියත් ද?
Pali BJT888. එකං හි සච්චං න දුතියමත්ථි යස්මිං පජා නො විවදෙ පජානං, නානා තෙ සච්චානි සයං ථුනන්ති තස්මා න එකං සමණා වදන්ති.
Sinhala BJT888. සත්‍ය (නිරෝධ හෝ මාර්‍ග හෝ) එකෙක් මැ වෙයි. දෙවැනි සත්‍යයෙක් නැත. යම් සත්‍යයක් දන්නා පුද්ගල තෙමේ විවාද නො කෙරේ නම් එයයි. ඒ මිසදිටුගත්තාහු තුමූ මැ නානාසත්‍යයන් කියත්. එකරුණෙන් මහණබමුණෝ එක් සත්‍යයක් නො කියත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපෘච්ඡා:
Pali BJT889. කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියා සෙ කුසලා වදානා, සච්චානි සුතානි බහූනි නානා උදාහු තෙ තක්කමනුස්සරන්ති.
Sinhala BJT889. විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) ඇපි මැ දක්‍ෂයම්හයි කියන ඔහු කවරහෙයින් නානාසත්‍යවාදයන් කියත් ද? ඔවුන් විසින් නානාවිධ බොහෝ සත්‍යයෝ අසනලද්දාහු ද? නොහොත් ඔහු තර්‍කමාත්‍රය අනුව යෙත් ද?
Pali BJT890. න හෙව සච්චානි බහූනි නානා අඤ්ඤත්ර සඤ්ඤාය නිච්චානි ලොකෙ, තක්කඤ්ච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසාති ද්වයධම්මමාහු.
Sinhala BJT890. ලෝකයෙහි සංඥාමාත්‍රයෙන් නිත්‍ය යයි ගන්නා ලද ග්‍රහණයන් තබා නානාවිධ වූ බොහෝ සත්‍යයෝ නො මැත. දෘෂ්ටීන් කෙරෙහි මිථ්‍යාසංකල්පමාත්‍රය ද උපදවා (මාගේ වචනය) සැබව, (තාගේ වචනය) බොරුය යන යුග්මධර්‍මය කියත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිසර්‍ජන:
Pali BJT891. දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා එතෙ ච නිස්සාය විමානදස්සී, විනිච්ඡෙයෙ ඨත්වා පහස්සමානො බාලො පරො අක්කුසලොති{1}චාහ.
Sinhala BJT891. (රූපාලම්බන සඞ්ඛ්‍යාත) දෘෂ්ටශුද්ධිය ද (ශබ්දාලම්බනසඞ්ඛ්‍යාත) ශ්‍රැතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද (ගන්‍ධරසස්ප්‍ර‍්ෂ්ටව්‍යාලම්බන සඞ්ඛ්‍යාත) මුතශුද්ධිය ද යන මොවුන් නිසා අසම්මානය දක්නේ නොහොත් දොම්නස් උපදවනුයේ දෘෂ්ටි නිශ්චයෙහි සිට පහටුවනුයේ මෙරමා හීන ය යි ද අදක්‍ෂ යයි ද කියයි.
Pali BJT892. යෙනෙව බාලොති පරං දහාති තෙනාතුමානං කුසලොති චාහ, සයමත්තනා සො කුසලාවදානො{2} අඤ්ඤං විමානෙති තථෙව පාවා.{3}
Sinhala BJT892. යම්කරුණෙකින් මෙරමා බාලයෙකැයි හඟී නම්, යළි එකරුණෙන් මැ තමා පණ්ඩිත වෙමි යි කියයි, තෙම් මැ තමහට (මම්) පණ්ඩිතයෙමි යි කියන හෙතෙම එය මැ කියනුයේ අනෙකක්හු අවමන් කෙරෙයි.
Pali BJT893. අතිසාරදිට්ඨියා{4} සො සමත්තො මානෙන මත්තො පරිපුණ්ණමානී, සයමෙව සාමං මනසාභිසිත්තො දිට්ඨීහි සා තස්ස තථා සමත්තා.
Sinhala BJT893. හෙතෙම අතිසාර (දෙසැට) දෘෂ්ටියෙන් සම්පූර්‍ණ වූයේ දෘෂ්ටි මානයෙන් මත්වූයේ පරිපූර්‍ණයෙමි යන මාන ඇතියේ තමා මැ තෙමේ සිතින් අභිෂේකකරණ ලදුයේ වෙයි. යම් හෙයෙකින් ඔහු විසින් ඒ දෘෂ්ටිය එපරිද්දෙන් ගන්නාලද ද එහෙයිනි.
Pali BJT894. පරස්ස චෙ භි වචසා නිහීනො තුමො සහා හොති නිහීනපඤ්ඤො, අථ චෙ සයං වෙදගූ හොති ධීරො න කොචි බාලො සමණෙසු අත්ථි.
Sinhala BJT894. ඉදින් යමෙක් අන්‍යයාගේ නින්‍දා වචනයෙන් නිහීනයෙක් වේ නම් තෙමේත් ඔහු සමග නිහීන ප්‍රඥා ඇත්තේ වෙයි. යළි තෙමේ මැ වේදාන්තයට ගියා වූ ධීරයෙක් වේ නම්, ශ්‍රමණයන් කෙරෙහි බාල වූ කිසිවෙක් නැත්තේ ය.
Pali BJT895. අඤ්ඤං ඉතො යාභිවදන්ති ධම්මං අපරද්ධා සුදධිමකෙවලි තෙ{5} එවම්පි තිථ්යා පුථුසො වදන්ති සන්දිට්ඨිරාගෙන හි තෙභිරත්තා.{6}
Sinhala BJT895. යම් කෙනෙක් මෙයින් අන්‍ය වූ දෘෂ්ටිධර්‍මයක් කියත් නම්, අපරිපූර්‍ණ වූ ඔහු ශුද්ධිය වරදවාගත්තාහු ය. මෙසේත් තීර්‍ත්‍ථකයෝ බොහෝ දෘෂ්ටිවශයෙන් කියති. යම්හෙයකින් ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුනාහු ද එහෙයිනි.
Pali BJT896. ඉධෙව සුද්ධිං ඉතිවාදියන්ති නාඤ්ඤෙසු ධම්මෙසු විසුද්ධිමාහු, එවම්පි තිත්ථ්යා පුථුසො නිවිට්ඨා සකායනෙ තත්ථ දළ්හං වදානා.
Sinhala BJT896. මෙසේ දෘෂ්ටියෙහි අභිරක්තවූවෝ මෙහි මැ ශුද්ධිය කියති. අන්‍යධර්‍මයන්හි විශුද්ධිය නොකියත්. මෙසේ ද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි බැසගත් තීර්‍ත්‍ථකයෝ ඒ ස්වලබ්ධියෙහි දෘඪවාද ඇත්තාහු වෙත්.
Pali BJT897. සකායනෙ චාපි දළ්හං වදානො කමෙත්ථ බාලොති පරං දහෙය්ය, සයමෙව සො මෙධගං ආවහෙය්ය පරං වදං බාලමසුද්ධිධම්මං.
Sinhala BJT897. තවද ස්වකීයදෘෂ්ටිමාර්‍ගයෙහි මැ දැඩිව කියන්නාහු තීර්‍ත්‍ථකතෙම ඒ ස්වකීය මාර්‍ගයෙහි ලා අන්‍ය කවරක්හු බාලය යි දක්වන්නේ ද හෙතෙම අන්‍යයා බාලයක්හු කොට අශුද්ධිධර්‍ම ඇත්තාහු කොට කියනුයේ තෙමේ මැ කලහය එළවන්නේ යි.
Pali BJT898. විනිච්ඡයෙ ඨත්වා සයං පමාය උද්ධං සො{1} ලොකස්මිං විවාදමෙති, හිත්වාන සබ්බානි විනිච්ඡයානි න මෙධගං කුරුතෙ ජන්තු ලොකෙති.
Sinhala BJT898. හෙතෙම ලබ්ධිවිනිශ්චයෙහි සිට තෙමේ මැ (ශාස්තෘආදිය) ප්‍රධාන කොට ගෙණ ලෝකයෙහි බොහෝ සෙයින් විවාදයට පැමිණෙයි. ප්‍රාඥසත්‍ව තෙමේ හැම දෘෂ්ටිවිනිශ්චයන් හැරපියා ලෝකයෙහි කලහ නො කරන්නේ යයි.
Pali BJTචූළවියූහසුත්තං නිට්ඨිතං.
Sinhala BJTචූලවියූහ සූත්‍රය නිමි.
Pali BJT4. 13.
Sinhala BJT4. 13.
Pali BJTමහාවියූහ සුත්තං
Sinhala BJTමහාවියූහ සූත්‍රය
Pali BJT899. යෙ කෙචි ‘මෙ දිට්ඨි පරිබ්බසානා ඉදමෙව සච්චන්ති විවාදයන්ති,{2} සබ්බෙව තෙ නින්දමන්වානයන්ති අථො පසංසම්පි ලභන්ති තත්ථ.
Sinhala BJT899. ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙණ වසන කිසි මහණබමුණු කෙනෙක් මේ (අපගේ ලබ්ධිය) මැ සත්‍යය, අන්‍යලබ්ධිය තුච්ඡ යයි ද කියත් නම්, ඔහු සිල්ලෝ මැ (තමන් වෙත) පුන පුනා නින්‍දා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙණ ප්‍රශංසාත් ලබත් ද?
Pali BJT900. අප්පං හි එතං න අලං සමාය දුවෙ විවාදස්ස ඵලානි බ්රූමි, එවම්පි දිස්වා න විවාදයෙථ{3} ඛෙමාභිපස්සං අවිවාදභූමිං.
Sinhala BJT900. තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැයි රාගාදීන්ගේ ව්‍යපශමය පිණිස අසමර්‍ත්‍ථ වේ. විවාදයාගේ (ජය-පරාජයාදී විසින් ඵල දෙකක් කියමි. විවාදයෙහි තෙල ආදීනවය ද දැක අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො තකන්නේ යි.
Pali BJT901. යා කාචිමා සම්මුතියො පුථුජ්ජා සබ්බා’ව එතා න උපෙති විද්වා, අනූපයො සො උපයං කිමෙය්ය දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො.
Sinhala BJT901. පුහුදුනන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටිකෙනෙක් වෙත් නම් විද්වද් තෙමේ තෙල හැම දෘෂ්ටීන්ට නො පැමිණෙයි. තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත උපයරහිත වූ හේ දෘෂ්ට ශ්‍රැත මුතශුද්ධියෙහි රුචි නො කරන්නේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද?
Pali BJT902. සීලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං වතං සමාදාය උපට්ඨිතා සෙ, ඉධෙ’ව සික්ඛෙම අථස්ස සුද්ධිං භවූපනීතා කුසලා වදානා.
Sinhala BJT902. ශීලය මැ උත්තම යැයි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්‍රයෙන් ශුද්ධිය කියත්. හස්ති-අශ්වාදී ව්‍රත සමාදන් වැ එළැඹ සිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මෙ සත්‍වයාගේ ශුද්ධිය වේ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුසලවාද ඇත්තාහු වෙත්.
Pali BJT903. සචෙ චුතො සීලවතතො{1} හොති ස වෙධති{2} කම්මං විරාධයිත්වා, ස ජප්පති{3} පත්ථයතීධ සුද්ධිං සත්ථා ච හීනො පවසං ඝරම්හා.
Sinhala BJT903. ඉදින් හේ ශීලව්‍රතයෙන් හිලිහුනේ වේ නම් හේ ශීලව්‍රතකර්‍මය වරදවා ගෙණ සැලෙයි, තවද හෙතෙම ගෙන් නික්මැ ගොස්, නොරට වසන පුරුෂයෙක් සාර්‍ත්‍ථයෙන් ගිලිහුනේ (එ ගෙය හෝ __සා__ර්‍ත්‍ථය) පතන්නාක් මෙන් ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කරන්නේ ද පතන්නේ ද වේ.
Pali BJT904. සීලබ්බතං වාපි පහාය සබ්බං කම්මඤ්ච සාවජ්ජනවජ්ජමෙතං, සුද්ධිං අසුද්ධින්ති අපත්ථයානො විරතො චරෙ සන්තිමනුග්ගහාය.
Sinhala BJT904. අරීසවු හැම ශීලව්‍රතය ද සාවද්‍ය-අනවද්‍ය (අකුශල හා ලෞකික කුශල) කර්‍ම ද හැරපියා තෙල (පඤ්චකාමගුණාදි) ශුද්ධිය ද (අකුශලාදිභේද වූ) අශුද්ධිය ද මෙසේ නොපතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිවැ නො ගෙණ (ශුද්ධි-අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
Pali BJT905. තමූපනිස්සාය ජිගුච්ඡිතං වා අථවාපි දිට්ඨං ව සුතං මුතං වා, උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති අවීතතණ්හා සෙ භවාභවෙසු.
Sinhala BJT905. තවද (ඇතැම් මහණ බමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටිශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුත ශුද්ධිය හෝ ඇසුරු කොට අක්‍රියවාදාදි උද්ධංසරවාදි ඇත්තාහු පුන පුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
Pali BJT906. පත්ථයමානස්ස හි ජප්පිතානි පවෙධිතං{4} වාපි පකප්පිතෙසු, චුතූපපාතො ඉධ යස්ස නත්ථි ස කෙන වෙධෙය්ය කුහිංව{5} ජප්පෙ.
Sinhala BJT906. (මෙසේ ) ප්‍රාර්‍ත්‍ථනා කරන්නහුට මැ තෘෂ්ණාජල්පිතයෝ වෙති. තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රකල්පිත වූ වස්තූන් කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්‍ෂීණාස්‍රවයක්හට ච්‍යුති උත්පත්ති නැත් ද හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නනේ ද?
Pali BJT907. යමාහු ධම්මං පරමන්ති එකෙ තමෙව හීනන්ති පනාහු අඤ්ඤෙ, සච්චො නු වාදො කතමො ඉමෙසාං සබ්බෙව හි මෙ කුසලා වදානා.
Sinhala BJT907. ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, අන්‍යයෝ එ මැ දහම හීන යයි කියත්. මෙ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු ම වෙත් ද?
Pali BJT908. සකං හි ධම්මං පරිපුණ්ණමාහු අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු, එවම්පි විග්ගය්හ විවාදයන්ති සකං සකං සම්මුතිමාහු සච්චං.
Sinhala BJT908. (ඇතැම්) මහණබමුණෝ තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණය යි කියති. අන්‍යයන්ගේ ධර්‍මය හීන යයි කියත්. මෙසේත් දැඩි කොට ගෙණ විවාද කෙරෙති. තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සත්‍ය යයි කියත්.
Pali BJT909. පරස්ස චෙ වම්භයිතෙන හීනො න කොචි ධම්මෙසු විසෙසි අස්ස, පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො සම්හි දළ්හං වදානා.
Sinhala BJT909. ඉදින් මෙරමා විසින් අවමන් කරණලද හෙයින් හීන වේ නම්, දෘෂ්ටිධර්‍මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට නො වන්නේ ය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ ධර්‍මය නිහීන හෙයින් කියත් ද ස්වකීය ධර්‍මයෙහි දැඩි කොට ගෙණ සත්‍ය යයි කියන්නාහු ද එහෙයිනි.
Pali BJT910. සධම්මපූජා ච{1} පනා තථෙව යථා පසංසන්ති{2} සකායනානි, සබ්බෙව වාදා{3} තථියා{4} භවෙය්යුං සුධී හි තෙසං පච්චත්තමෙව.
Sinhala BJT910. තවද ඒ තීර්‍ත්‍ථකයෝ ස්වකීය ලබ්ධිමාර්‍ගයනට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘආදීන්ට පූජා ද එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වෙත් නම්) හැම වාදයෝ සත්‍ය වන්නාහු ය. (කවර හෙයින් යත්:) යම් හෙයකින් ඔවුන්ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි ම පිහිටියේ ද එහෙයිනි.
Pali BJT911. න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා විවාදානි උපාතිවත්තො න භි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
Sinhala BJT911. යම්හෙකින් බාහිතතාපී බ්‍රාහ්මණයාට මෙරමා විසින් එළැවියයුතු ඥානයෙක් නැත් ද, දෙසැටමිසදිටු දහම්හි මෙ මැ සත්‍ය ය යි ද නිශ්චය කොට දැඩිව ගන්නාලද්දෙකුත් නැත් ද, එහෙයින් දෙසැටමිසදිටු නමැති වාදයන් ඉක්මවූ හෙතෙම අන්‍යධර්‍මයක් ශ්‍රේෂ්ඨ වශයෙන් නො මැ දක්නේ යි.
Pali BJT912. ජානාමි පස්සාමි තථෙව එතං දිට්ඨියා එකෙ පච්චෙන්ති සුද්ධිං අද්දක්ඛි චෙ කිම්හි තුමස්ස තෙන අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං.
Sinhala BJT912. ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල කරුණ එ පරිද්දෙන් මැ දන්මි, දක්මි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. ඉදින් (යම් හෙයෙකින් ඔවුන්ගෙන් එකෙකුත්) යථාභූථාතාර්‍ත්‍ථය දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි) කුමක් කරණලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන්‍ය මාර්‍ගයෙකින් ශුද්ධිය වේ යයි කියත් නම් (නොහොත් බුද්ධාදීහු ) ඔවුන් ඉක්මවා අන්මගෙකින් ශුද්ධිය කියත් ද එහෙයිනි.
Pali BJT913. පස්සං නරො දක්ඛිති{5} නාමරූපං දිස්වාන වා ඤස්සති තානි මෙව, කාමං බහුං පස්සතු අප්පකං වා න හි තෙන සුද්ධිං කුසලා වදන්ති.
Sinhala BJT913. සත්‍වතෙමේ (පරචිත්තවිජානඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින් ) දක්නේය. දැක එ නාමරූපයයන් ම නිත්‍යාදි විසින් දැනගන්නේ ය. හෙ ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාරශුද්ධිය (වේ යයි) නො මැ කියත්.
Pali BJT914. නිවිස්සවාදී න හි සුබ්බිනායො{6} පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො, යං නිස්සිතො තත්ථ සුභං වදානො, සුද්ධිං වදො තත්ථ තථද්දසා සො.
Sinhala BJT914. දෘෂ්ටියෙහි පිහිටා (මෙ ය මැ සත්‍යයි) කියන්නේ වේ ද හෙතෙම සුවසේ හික්මිය නොහැකියේ මැ යි, සිතින් කල්පනය කරණලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙන්නේ යම් ශාස්තෘ ආදියක් ඇසුරුකරන්නේ එහි මැ ශුභවාද ඇතියෙ එ ස්වකීය දෘෂ්ටිශුද්ධිය කියන්නේ නම් හෙතෙම ඒ දෘෂ්ටිය එ සෙයින් මැ දුටුයේ වෙයි.
Pali BJT915. න බ්රාහ්මණො කප්පමුපෙති සඞ්ඛං න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු ඤත්වා ච සො සම්මතියො{7} පුථුජ්ජා උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ.{8}
Sinhala BJT915. ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො යෙයි. දෘෂ්ටියෙහි හැසිරෙන්නේත් නො වෙයි. සමාපත්තිඥානාදියෙන් ද කළ තෘෂ්ණා දෘෂ්ටිබන්‍ධ ඇතියේත් නො වෙයි. හෙතෙම පෘතග්ජනයන්ගෙන් උපන් දෙසැට මිසදිටු උපේක්‍ෂා කෙරෙයි. අන්‍යයෝ එ දෘෂ්ටීන් දැඩි කොට ගණිත්.
Pali BJT916. විසජ්ජ ගන්ථානි මුනීධ ලොකෙ විවාදජාතෙසු න වග්ගසාරි, සන්තො අසන්තෙසු උපෙක්ඛකො සො අනුග්ගහො උග්ගණ්හන්තිමඤ්ඤෙ.{1}
Sinhala BJT916. රහත් මුනි තෙම මෙ ලොව්හි චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇත්තවුන් අතුරෙහි (ඡන්‍දාදි විසින් ) වර්‍ග ව නො හැසිරෙන්නේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂා ඇත්තේ වෙයි. හේ දෘඪග්‍රහණ නැත්තේ වෙයි. අන්‍යයෝ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් දැඩිව ගන්නාහ.
Pali BJT917. පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං න ඡන්දගූ නොපි නිවිස්සවාදී, ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො න ලිප්පති{2} ලොකෙ අනත්තගරහී.
Sinhala BJT917. අතීත රූපාදිය ඇරැබ උපන් ආස්‍රවයන් හැරපියා වර්‍තමාන රූපාදියෙහි ආස්‍රවයන් නො කරන්නේ ඡන්‍දාදියෙන් අගතියට නොයන්නේ දෘෂ්ටියෙහි පිහිටා නො ද කියන්නේ දෘෂ්ටිගතයන් කෙරෙන් වෙසෙසින් මුක්ත වූ ඒ ධීර තෙම තමහට නො ගරහන්නේ ලොව්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නොලැගේ.
Pali BJT918. ස සබ්බධම්මෙසු විසෙනිභූතො යං කිඤ්චි දිට්ඨිං ව සුතං මුතං වා, ස පන්නභාරො මුනි විප්පයුත්තො න කප්පියො නූපරතො න පත්ථියොති.
Sinhala BJT918. ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (ධර්‍මාලම්බන වේවයි) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. බහා තැබූ බර ඇති ඒ රහත් මහණ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මුක්ත වූයේ තෘෂ්ණාදෘෂ්ටි කල්ප නොකරන්නේ උපරති නැතියේ තෘෂ්ණා ප්‍රාර්‍ත්‍ථනා නැතියේත් වේ යයි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJTමහාවියූහසුත්තං නිට්ඨිතං
Sinhala BJTමහාවියුහ සූත්‍රය නිමි.
Pali BJT4. 14.
Sinhala BJT4. 14.
Pali BJTතුවටක සුත්තං
Sinhala BJTතුවටක සූත්‍රය
Pali BJT919. පුච්ඡාමි තං ආදිච්චබන්ධුං{3} විවෙකං සන්තිපදඤ්ච මහෙසිං, කථං දිස්වා නිබ්බාති භික්ඛු අනුපාදියානො ලොකස්මිං කිඤ්චි.
Sinhala BJT919. සූර්‍ය්‍යබන්‍ධු වූ මහාර්ෂී වූ මුඛ පුළුවුස්මි: (කල්‍යාණ පෘතග්ජනවූ හෝ ශෛක්‍ෂ) යෝගාවචර මහණ ත්‍රිවිධ විවේකය හා ශාන්තිපද සඞ්ඛ්‍යාත සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම හා කවර කරුණෙකින් දැක (කායාදී) ලෝකයෙහි රූපාදි කිසි ධර්‍මයකුත් උපාදාන විසින් නො ගණිමින් රාගාදි කෙලෙසුන් සන්හිඳුවන්නේ ද?
Pali BJT920. මූලං පපඤ්ච සඞ්ඛාය (ඉති භගවා) මන්තා අස්මීති සබ්බමුපරුන්ධෙ,{4} යා කාචි තණ්හා අජ්ඣත්තං තාසං විනයා සදා සතො සික්ඛෙ.
Sinhala BJT920. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: තෘෂ්ණාදෘෂ්ටිප්‍රපඤ්චයාගේ අවිද්‍යාදි ක්ලේශමූලය ද දෘෂ්ටිමානය ද ප්‍රඥායෙන් දැන සියල්ල වළහන්නේ ය. අධ්‍යාත්මයෙහි යම් කිසි තෘෂ්ණා කෙනෙක් වෙත් ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා හැම කල්හි එළඹසිටි සිහි ඇති වැ හික්මෙන්නේ යි.
Pali BJT921. යං කිඤ්චි ධම්මමභිජඤ්ඤා, අජ්ඣත්තං අථවාපි බහිද්ධා, න තෙන මානං{5} කුබ්බෙථ න හි සා නිබ්බුති සතං වුත්තා.
Sinhala BJT921. තමා කෙරෙහි වූ හෝ (උපධ්‍යායාදි ) බාහිර පුද්ගලයකු කෙරෙහි වූ කුලීනත්‍වාදි ගුණයක් හෝ දන්නේ නම් ඒ කරුණෙන් මානය නොකරන්නේ ය බුද්ධාදී සත්පුරුෂයන් විසින් ඒ මානෝන්නතිය නිබ්බුතිය යි නො කියනලද මැ යි.
Pali BJT922. සෙය්යො න තෙන මඤ්ඤෙය්ය නීචෙය්යො අථ වාපි සරික්ඛො, ඵුට්ඨො අනෙකරූපෙහි නාතුමානං විකප්පයං තිට්ඨෙ.
Sinhala BJT922. එ මානයෙන් මම ශ්‍රේෂ්ඨයෙමි යි ද නීචයෙමි යි ද නැතහොත් සදෘශයෙමි යි ද නොහඟනේ ය. කුලීනත්‍වාදී අනේකස්වරූපයෙන් යුක්ත වූයේ තමා විකල්පනය කරමින් නො සිටුනේ යි.
Pali BJT923. අජ්ඣත්තමෙව උපසමෙ න අඤ්ඤතො භික්ඛු සන්තිමෙසෙය්ය, අජ්ඣත්තං උපසන්තස්ස නත්ථී අත්තා{1} කුතො නිරත්තා{2} වා.
Sinhala BJT923. මහණ, අධ්‍යාත්මයෙහි මැ රාගාදිය සන්හිඳුවන්නේ ය. සතිපට්ඨානාදිය හැර අන්‍ය වූ අශුද්ධිමාර්‍ගයෙන් ශාන්තිය නොසොයන්නේ ය. අධ්‍යාත්මයෙහි රාගාදිය සන්හිඳුනු මහණහට ආත්මදෘෂ්ටි නැත. උච්ඡේද දෘෂ්ටිය හෝ කොයින් වේ ද?
Pali BJT924. මජ්ඣෙ යථා සමුද්දස්ස ඌමි නො ජායති ඨිතො හොති, එවං ඨිතො අනෙජස්ස උස්සදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි.
Sinhala BJT924. මහාසාගරය සේ (සාරදහසක් පමණ යොදුන් ඇති) මධ්‍යභාගයෙහි යම් සේ රළ නො හටගනී ද නිශ්චලව සිටියේ වේ ද, එසෙයින් ක්‍ෂීණාස්‍රව මහණ තෙම අටලෝදහමින් නොසැලී සිටියේ තෘෂ්ණා රහිත වන්නේ ය. ඒ මහණ කිසිවෙක්හි දු උත්සද නොකරන්නේ ය.
Pali BJT925. අකිත්තයී විවටචක්ඛු සක්ඛිධම්මං පරිස්සයවිනයං. පටිපදං වදෙහි භද්දන්තෙ පාතිමොක්ඛං අථවාපි සමාධිං.
Sinhala BJT925. අනාවරණ වූ පසැස් ඇති බුදුහු උපද්‍රවයන් දුරුකරන තමන් හට ප්‍රත්‍යක්‍ෂවූ ධර්‍මය වදාළහ. පින්වතුන්වහන්ස, මුඹගේ සොඳුරු වූ පිළිවෙත වදාළ මැනව. වැලිදු පාමොක් හා සමාධියත් වදාළ මැනව.
Pali BJT926. චක්ඛූහි නෙව ලොලස්ස ගාමකථාය ආවරෙය්ය සොතං, රසෙ ච නානුගිජ්ඣෙය්ය න ච මමායෙථ කිඤ්චි ලොකස්මිං.
Sinhala BJT926. ඇසින් (රූ දැක්මට) නො මැ ලොල් වන්නේය. ග්‍රාම්‍ය (තිරශ්චීන) කථායෙන් කන් වළහන්නේ ය. මූලරසාදියෙහි දු නොගිජු වන්නේ ය. ලොවැ (රූපාදි ) කිසිවක් (තෘෂ්ණාදෘෂ්ටි) මමත්‍වයෙන් නො ගන්නේ යි.
Pali BJT927. ඵස්සෙන යදා ඵුට්ඨස්ස පරිදෙවං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි භවං ච නාභිජප්පෙය්ය භෙරවෙසු ච න සම්පවෙධෙය්ය.
Sinhala BJT927. රෝගස්පර්‍ශයෙන් යම් කලෙක්හි පහස්නා ලද වේ නම් මහණ කිසිවක් නිමිති කොට පරිදේවනා නො කරන්නේ ය. කාමභවාදිය ද නො පතන්නේ ය. බිය දනවන අරමුණු නිමිති කොට ද නො සැලෙන්නේ යි.
Pali BJT928. අන්නානමථො පානානං ඛාදනීයානං අථොපි වත්ථානං, ලද්ධා න සන්නිධිං කයිරා න ච පරිත්තසෙ තානි අලභමානො.
Sinhala BJT928. තවද මහණ ආහාර-පානයන් හා ඛාද්‍යයන් සම්බන්‍ධි වූත් වස්ත්‍රයන් සම්බන්‍ධි වූත් (කිසිවක්) ලැබ සන්නිධිය (රැස්කිරීම) නො කරන්නේ ය. ඒ වස්තූන් නො ලබනුයේ නො ද තැවෙන්නේ යි.
Pali BJT929. ඣායී න පාදලොල’ස්ස විරමෙ කුක්කුච්චා{3} නප්පමජ්ජෙය්ය, අථ ආසනෙසු සයනෙසු අප්පසද්දෙසු භික්ඛු විහරෙය්ය.
Sinhala BJT929. ප්‍රථමාදී ධ්‍යාන වඩන්නේ පාද ලෝලයෙක් නොවන්නේ ය. කුකුසින් දුරුවන්නේ ය. නොපමා වන්නේ ය. යලිදු මහණ නිහඬ වූ සයනාසනයන්හි දු වාසය කරන්නේ යි.
Pali BJT930. නිද්දං න බහුලීකරෙය්ය ජාගරියං භජෙය්ය ආතාපී, තන්දිං මායං හස්සං ඛිඩ්ඩං මෙථුනං විප්පජහෙ සවිභූසං.
Sinhala BJT930. කෙලෙස් තවන වැර ඇතියේ නිදි බහුල නො කරන්නේ ය. නිදි වැරීම සෙවුනේ ය. තන්‍ද්‍රාව (අසලබව) මායා ය, හාස්‍ය ය, ක්‍රීඩාය, විභූෂණ සහත් මෙවුන්දම් ය යන මොවුන් වෙසෙසින් දුරු කරන්නේ යි.
Pali BJT931. ආථබ්බණං{1} සුපිනං ලක්ඛණං නො විදහෙ අථොපි නක්ඛත්තං, විරුතඤ්ච ගබ්භකරණං තිකිච්ඡං මාමකො න සෙවෙය්ය.
Sinhala BJT931. රත්නත්‍රයමාමක මහණ අථර්වනය මන්ත්‍ර ප්‍රයෝග හා ස්වප්න ශාස්ත්‍ර හා (මණිලක්ඛණාදි) ලක්‍ෂණ ශාස්ත්‍ර හා යළිත් නක්‍ෂස්ත්‍රය හා නො යොදන්නේ ය. (මෘග වාක්‍ය) විරූත ශාස්ත්‍ර ද ගර්‍භ කරණ ද චිකිත්සා ශාස්ත්‍රය ද නො සෙවුනේ යි.
Pali BJT932. නින්දාය නප්පවෙධෙය්ය න උන්නමෙය්ය පසංසිතො භික්ඛු, ලොභං සහ මච්ඡරියෙන කොධං පෙසුනියඤ්ච පනුදෙය්ය.
Sinhala BJT932. මහණ නින්‍දා වචනයෙන් නො සැලෙන්නේ ය, පසස්නා ලදුයේ උඩඟු නොවන්නේ ය. මාත්සර්‍ය්‍ය සහිත ලෝභ හා ක්‍රෝධ හා පිසුනු බස් හැර පියන්නේ යි.
Pali BJT933. කයවික්කයෙ න තිට්ඨෙය්ය උපවාදං භික්ඛු න කරෙය්ය කුහිඤ්චි, ගාමෙ ච නාභිසජ්ජෙය්ය ලාභකම්යා ජනං න ලපයෙය්ය.
Sinhala BJT933. මහණ ක්‍රය-වික්‍රයෙහි නොසිටුනේ ය. (අභ්‍යන්තර-බාහිර) කිසිදු තැනෙක්හි උපවාද නොකරවන්නේ ය. ගම්හිදු නො ලැගෙන්නේ ය. ලාභාෂාවෙන් ජනයාහට ලපනය නො කරන්නේ යි.
Pali BJT934. න ච කත්ථිකො{2} සියා භික්ඛු න ච වාචං පයුතං භාසෙය්ය, පාගබ්භියං න සික්ඛෙය්ය කථං විග්ගාහිකං න කථයෙය්ය.
Sinhala BJT934. මහණ ආත්ම වර්‍ණනා ද නො කරන්නේ ය. සිවුපසය සඳහා ද යොදන ලද බසුදු නො කියන්නේ ය. බුහුටිබව්හි දු නො හික්මෙන්නේ ය. විග්‍රාහික කථා ද නොකියන්නේ යි.
Pali BJT935. මොසවජ්ජෙ න නිය්යෙථ{3} සම්පජානො සඨානි න කයිරා, අථ ජීවිතෙන පඤ්ඤාය සීලබ්බතෙන නාඤ්ඤමතිමඤ්ඤෙ.
Sinhala BJT935. සම්‍යක්ප්‍රඥා ඇති මහණ මුසවා බිණීමෙහි නො යෙදෙන්නේ ය. කපටිකම් නො කරන්නේ ය. යළි දිවි පැවැත්මෙන් ප්‍රඥායෙන් හා ශීල ව්‍රතයෙන් අන්‍යයන් ඉක්මවා නො සිතන්නේ යි.
Pali BJT936. සුත්වා රුසිතො{4} බහුං වාචං සමණානං පුථුවචනානං,{5} ඵරුසෙන නෙ න පටිවජ්ජා න හි සන්තො පටිසෙනිං කරොන්ති.
Sinhala BJT936. බැහැරි මහණුන්ගේ හෝ ක්‍ෂත්‍රියාදීන්ගේ අනිටු වූ බොහෝ බස් අසා ගැටුනේ රළුබසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ ය. රාගාදි කෙලෙස් සන්හිඳුවූවෝ ප්‍රතිපක්‍ෂ භාවය නො කෙරෙත් මැයි.
Pali BJT937. එතඤ්ච ධම්මමඤ්ඤාය විචිනං භික්ඛු සදා සතො සික්ඛෙ, සන්තීති නිබ්බුතිං ඤත්වා සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්ය.
Sinhala BJT937. මහණ තෙල දහම දැන අනිත්‍ය ලක්‍ෂණාදි විමසමින් හැමකල්හි එළඹ සිටි සිහි ඇතියේ ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ ය. රාගාදි කෙලෙසුන්ගේ සන්හිඳීම නිවණැයි දැන ගෞතම බුද්ධ සාසනයෙහි පමා නොවන්නේ යි.
Pali BJT938. අභිභූ හි සො අනභිභූතො සක්ඛිධම්මං අනීතිහමදස්සි,{1} තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති.
Sinhala BJT938. රූපාදිය මැඩැලූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නොමැඩුනාහු මෙසේ වී ලැ යි නො තකනලද ආත්ම ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය දුටු සේක. එ හෙයින් මැ ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශාසනයෙහි අප්‍රමත්ත වූයේ හැම කල්හි තුන්දොරින් බුදුන් වඳිමින් ත්‍රිශික්‍ෂායෙහි හික්මෙන්නේ ය”යි (වදාළ සේක.)
Pali BJTතුවටකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTතුවටක සූත්‍රය නිමි.
Pali BJT4. 15.
Sinhala BJT4. 15.
Pali BJTඅතතදණ්ඩ සුත්තං
Sinhala BJTඅත්තදණ්ඩ සූත්‍රය
Pali BJT939. අත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං{2} සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා.
Sinhala BJT939. (කායාදි දුශ්චරිත සංඛ්‍යාත) ආත්මදණ්ඩනය හේතු කොට ගෙන දිට්ඨධම්මික හෝ සාම්පරායික වූ භය උපන. (එසේ වත්ම) ප්‍රතිපක්‍ෂ වූ තෙල කලහකාරී ජනයා බලවු. මා විසින් (බෝධිසත්ත්‍ව භූමියෙහි දී) යම් පරිදි තමා මැ තමහට සංවේග දනවන ලද නම් ඒ පරිදි සංවේගය පවසන්නෙමි.
Pali BJT940. ඵන්දමානං පජං දිස්වා මච්ඡෙ අප්පොදකෙ යථා, අඤ්ඤමඤ්ඤෙහි ව්යාරුද්ධෙ දිස්වා මං භයමාවිසි.
Sinhala BJT940. දියත්තෙක මසුන් මෙන් තෘෂ්ණාදියෙන් සැලෙන සත්ත්‍වයා දැක උනුන් හා පිළිමල්වුවන් දැක බිය මා කරා පැමිණියේ යැ (මට බිය උපන.)
Pali BJT941. සමන්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා, ඉච්ඡා භවනමත්තනො නාද්දසාසිං අනොසිතං.
Sinhala BJT941. ලෝකය (නිත්‍යත්‍වාදියෙන් තොර හෙයින්) හාත්පසින් නිසරු ය. හැම දික්හු අනිච්චතාදියෙන් සැලුනාහ. (එහෙයින්) තමහට ත්‍රාණය පතනුයෙම් ජාතිජරාදියෙන් නොමැඩුනු තැනක් නුදුටිමි.
Pali BJT942. ඔසානෙත්වෙව ව්යාරුද්ධෙ දිස්වා මෙ අරතී අහු, අථෙත්ථ සල්ලං අද්දක්ඛිං දුද්දසං හදයනිස්සිතං.
Sinhala BJT942. යළි (යෞවනාදීන්ගේ) අවසන්හි මැ (ජරාදිය සමග) ප්‍රතිවිරුද්ධ වූ සත්ත්‍වයන් දැක මට අරතිය උපන, අනතුරුව ඒ සත්ත්‍වයන් කෙරෙහි වූ දුකසේ දැක්කයුතු සිත ඇසුරු කළ රාගානුශයාදී (සප්තවිධ) ශල්‍යයන් දිටිමි.
Pali BJT943. යෙන සල්ලෙන ඔතිණ්ණො දිසා සබ්බා විධාවති, තමෙව සල්ලං අබ්බුය්හ න ධාවති න සීදති.
Sinhala BJT943. රාගාදි යම් ශල්‍යයෙකින් විදුනා ලද සත්ත්‍ව (දුසිරිත්, පැදුන් දික් ආදී) හැම දිගට දිවේ නම් එ මැ ශල්‍යය උදුරාපියා හැම දිගට හා ගති ආදියට නො දිවෙයි. (චතුරෝඝයෙහිත්) නො ගැලේ.
Pali BJT944. තත්ථ සික්ඛානුගීයන්ති යානි ලොකෙ ගථිතානි න තෙසු පසුතො සියා. නිබ්බිජ්ඣ සබ්බසො කාමෙ සික්ඛෙ නිබ්බාන මත්තනො.
Sinhala BJT944. සත්ත්‍වලෝකයෙහි යම් පස් කම් ගුණ කෙනෙක් වෙත් නම් ඔවුන් නිමිති කොට හස්ති, ශික්‍ෂාදි අනේක ශික්‍ෂාවෝ උගන්නා ලැබෙත්. (නුවණැති කුලපුත්) ඒ පස්කම්ගුණයෙහි හෝ හස්ති ශික්‍ෂාදියෙහි ප්‍රයුක්ත නො වන්නේ ය. වස්තුකාම ක්ලේශකාමයන් අනිත්‍යාදි දර්‍ශනයෙන් පිළිවිද තමාගේ කෙලෙස් පිරිනිවීමට හික්මෙන්නේ යි.
Pali BJT945. සච්චො සියා අප්පගබ්භො අමායො රිත්තපෙසුනො, අක්කොධනො ලොභපාපං වෙවිච්ඡං විතරෙ මුනි.
Sinhala BJT945. (නිවන් සඳහා හික්මෙන) මුනි තෙමේ සත්‍යයෙන් යුක්ත වන්නේ ය. ප්‍රාගල්භ්‍ය නැතියේ වන්නේ ය. මායා නැතියේ වන්නේ ය. ප්‍රහීණ කළ පෛශුන්‍ය ඇත්තේ වන්නේ ය. ක්‍රෝධ නො කරණ සුලුයේ ලෝභ පාපය ද මාත්සර්‍ය්‍යය ද ඉක්මවන්නේ යි.
Pali BJT946. නිද්දං තන්දිං සහෙ ථිනං පමාදෙන න සංවසෙ, අතිමානෙ න තිට්ඨෙය්ය නිබ්බානමනසො නරො.
Sinhala BJT946. නිවණෙහි නැමුනු සිත් ඇති සත්ත්‍ව තෙමේ (වේදනාදිස්කන්‍ධත්‍රය සඞ්ඛ්‍යාත නාම කායයාගේ අකර්‍මණ්‍ය භාවය (මිද්ධය) කායලස්‍ය ය ද (චිත්තයාගේ අකර්‍මණ්‍යභාව සඞ්ඛ්‍යාත) ථීනය ද මැඩැලන්නේ ය. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදයෙන් නො වසන්නේ ය, අතිමානයෙහි නො සිටුනේ යි.