Pali BJTවාසෙට්ඨසුත්තං නිට්ඨිතං.
Sinhala BJTවාසෙට්ඨ සූත්‍රය නිමි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTකොකාලික සුත්තං
Sinhala BJTකෝකාලික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො කොකාලිකො{3} භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසළ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කෙළේ ය.
Pali BJTපාපිච්ඡා භන්තෙ සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති. එවං වුත්තෙ භගවා කොකකාලිකං භික්ඛුං එතදවොච:
Sinhala BJT“වහන්ස, සැරියුත් මුගලන්හු ලාමක ඉච්ඡා ඇත්තාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණ හට තෙල වදාළහ.
Pali BJTමාහෙවං කොකාලික මාහෙවං කොකාලික, පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති-
Sinhala BJT“කෝකාලිකය, නහමක් එසේ කියව. කෝකාලිකය නහමක් එසේ කියව, කෝකාලිකය, සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදුව”. “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි.
Pali BJTදුතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්ත මොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති,
Sinhala BJTදෙවන වටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රද්ධාවහ නුමුදු ප්‍රත්‍යකර නමුදු ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියාහු ම වෙතැ”යි.
Pali BJTදුතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මාහෙවං කොකාලික මාහෙවං කොකාලික පාසදෙහි කොකාලික සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්ත මොග්ගල්ලානාති.
Sinhala BJTදෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල කරුණ වදාළ සේක. “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත් මුගලන් කෙරෙහි සිත් පහන් කරව”යි.
Pali BJTතතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො, අථ ඛො පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසංගතාති.
Sinhala BJTතෙවනවටත් කෝකාලික මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශ්‍රාද්ධෙය, විශ්වාසාර්‍හවන සේක් නමුදු සැරියුත්මුගලන්හු පාපේච්ඡ ම වූවාහු ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියහු මැ”යි.
Pali BJTතතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මාහෙවං කොකාලික මා හෙවං කොකාලික. පසාදෙහි කොකාලික සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං, පෙසලා සාරිපුත්ත මොග්ගල්ලානාති.
Sinhala BJTතෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට තෙල වදාළහ: “කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, නහමක් එසේ කියව, කෝකාලිකය, “ශාරිපුත්‍රමෞද්ගල්‍යානයෝ ප්‍රියශීලයහ”යි. සැරියුත්මුගලනුන් කෙරෙහි සිත් පහදව”යි.
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්ස ච කොකාලිකස්ස භික්ඛුනො සාසපමත්තීහි පිළකාහි සබ්බො කායො ඵුඨො{1} අහොසි. සාසපමත්තියො හුත්වා මුග්ගමත්තියො අහෙසුං. මුග්ගමත්තියො හුත්වා කළායමත්තියො අහෙසුං. කළායමත්තියො හුත්වා කොලට්ඨි මත්තියො අහෙසුං. කොලට්ඨිමත්තියො හුත්වා කොල මත්තියො අහෙසුං. කොල මත්තියො හුත්වා ආමලකමත්තියො අහෙසුං. ආමලකමත්තියො හුත්වා බෙලුවසලාටුකමත්තියො අහෙසුං බෙලුමසලාටුකමත්තියො හුත්වා බිල්ලමත්තියො අහෙසුං. බිල්ලමත්තියො හුත්වා පභිජ්ජිංසු, පුබ්බඤ්ච ලොහිතඤ්ච පග්ඝරිංසු.
Sinhala BJTඉක්බිති කෝකාලික මහණ හුනස්සෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. කෝකාලික මහණ නික්ම ගිය නොබෝ කල් වත්ම හැම කය හබැට සා පොළින් මැඩැසිටියේ විය. හබැට සා වැ මුං ඇට සා විය. මුඟු ඇට සා වැ කඩල සා විය. කඩලැට සා වැ ඩෙබර සා විය. ඩෙබර ඇට සා වැ ඩෙබර පල සා විය. ඩෙබරපල සා වැ ඇඹුලපල සා විය. ඇඹුල පල සා වැ බෙලි සලාටු (ගැට) සා විය. බෙලිසලාටු සා වැ බෙලිපල සා වැ බෙලිපල සා විය. බෙලිපල සා වැ බිඳිනි. පූයා හා ලෙහෙ වගුළේ ය.
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි, කාලකතො ච ඛො කොකාලිකො භික්ඛු පදුම නිරයං උපපජ්ජි{1} සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා.
Sinhala BJTඑකල්හි කෝකාලික මහණ ඒ ආබාධයෙන් මැ කලුරිය කෙළේ ය. කලුරිය කළ කෝකාලික මහණ ශාරීපුත්‍ර මෞද්ගල්‍යානයන් කෙරෙහි සිත් ඝටා පදුම නිරයට උත්පත්ති විසින් පැමිණියේ ය.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති භගවන්තං එතදවොච: කොකාලිකො භන්තෙ භික්ඛු කාලකතො. කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමනිරයං උපපන්නො සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච බ්රහ්මා සහම්පති, ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඑක්බිති සහම්පති බ්‍රහ්ම විසිතුරු පැහැ ඇතියේ මනහර මැදියම් රෑ හි මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි සහම්පතී බ්‍රහ්ම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ පැවැසීය: “වහන්ස, කෝකාලික මහණ සැරියුත් මුගලනුන් කෙරෙහි සිත් ඝටා කලුරිය කෙළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ පදුම නිරයෙහි උපනැ”යි. සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා තස්ස රත්තියා අච්චයෙන භික්ඛු ආමන්තෙසි: ඉදං භික්ඛවෙ රත්තිං බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා -පෙ- ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රෑ සහම්පතී බ්‍රහ්ම මැදියම් රෑ හි ....... මහණෙනි, සහම්පතී බ්‍රහ්ම මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි මැ නොපැණි ගියේය”යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: කීවදිඝං නු ඛො භන්තෙ පදුමෙ නිරයෙ ආයුප්පමාණන්ති,
Sinhala BJTමෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කෙළේය. “වහන්ස, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය කොතෙක් දිග දැ?”යි
Pali BJTදීඝං ඛො භික්ඛු පදුමෙ නිරයෙ ආයුප්පමාණං, තං න සුකරං සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා එත්තකානි වස්සසතානි ඉති වා එත්තකානි වස්සසහස්සානි ඉති වා එත්තකානි වස්සසතසහස්සානි ඉතිවාති.
Sinhala BJT“මහණ, පදුම නිරයෙහි ආයුෂප්‍රමාණය දීර්‍ඝය, මෙතෙක් හවුරුදු ය යි හෝ මෙතෙක් සිය හවුරුදු ය යි හෝ මෙතෙක් දහස් හවුරුදු ය යි හෝ මෙතෙක් සුවහස් හවුරුදු ය යි හෝ සඞ්ඛ්‍යා කරනට සුකර නො වේ ය”යි.
Pali BJTසක්කා පන භන්තෙ උපමං කාතුන්ති.
Sinhala BJT“වහන්ස, උපමාවක් කළ හැකි දැ?යි,”
Pali BJTසක්කා භික්ඛුනී භගවා අවොච: සෙය්යථාපි භික්ඛු වීසති ඛාරිකො කොසලකො තිලවාහො තතො පුරිසො වස්සසතස්ස වස්සසහස්සස්ස අච්චයෙන එකමෙකං තිලං උද්ධරෙය්ය ඛිප්පතරං ඛො සො භික්ඛු වීසති ඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, නත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අබ්බුදා නිරයා එවමෙකො නිරබ්බුදො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති නිරබ්බුදා නිරයා එවමෙකො අබබො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති අබබා නිරයා එවමෙකො අහහො නිරයො,
Sinhala BJTමහණ, හැකියැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක: මහණ කොසොල් රට වහරට පත් විසි කිරියකින් යුත් තල ගැළක් යම් පරිදි වේ නම්, පුරුෂයෙක් වර්‍ෂ ශතයෙක්හුගේ හෝ වර්‍ෂ සහස්‍රයක්හුගේ ඇවෑමෙන් එයින් එක් එක් තලැටක් නඟාලා නම්, මහණ, එ විසිකිරියක් ගන්නා කෝශලක තල ගැල මෙ උපක්‍රමයෙන් වහා මැ පරික්‍ෂයයට සිස්විමට යේ. එක් මැ අබ්බුද නිරය අවසනට නො යේ මැයි. මහණ, අබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් නිරබ්බුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අබබ නිරයෙක් එ පරිදි ම වේ. මහණ, අබබ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අහහ නිරයෙක් එ පරිදි මැ වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා එවමෙකො අටටො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති අටටා නිරයා එවමෙකො කුමුදො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති කුමුදා නිරයා එවමෙකො සොගන්ධිකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති සොගන්ධිකා නිරයා එවමෙකො උප්පලකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති උප්පලකා නිරයා එවමෙකො පුණ්ඩරීකො නිරයො, සෙය්යථාපි භික්ඛු වීසති පුණ්ඩරීකා නිරයා එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු නිරයං කොකාලිකො භික්ඛු උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණ, අහහ නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් අටට නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, අටට නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් කුමුද නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කුමුද නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් සොගන්‍ධික නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, සොගන්‍ධික නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් උප්පලක නිරයෙක් එ පරිදි වේ. මහණ, උප්පලක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පුණ්ඩරීක නිරයෙක් එ පරිදි වේ. මහණ, පුණ්ඩරීක නිරය විස්සෙක් යම් පරිදි වේ නම්, එක් පදුම නිරයෙක් එ පරිදි මැ වේ. මහණ, කෝකාලික මහණ සැරියුත් මුගලුන් කෙරේ සිත් ඝටා පදුම නිරයෙහි උපන්නේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරු තෙල වදාළ සේක:
Pali BJT660. පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJT660. යම් පරොස් බසෙකින් තමා සිඳුනේ ද, එසේ උපන් දුර්‍භාෂිත කියන බාල වූ, පුරුෂයාගේ මුවෙහි කෙටේරියක් බඳු පරොස් බස් උපදනේ ය.
Pali BJT661. යො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJT661. යමෙක් නිගා කළ යුතු පුද්ගලයා පසසා ද, යමෙක් පැසසිය යුතු යමෙක් වේ නම් ඔහුට නිගා කෙරේ ද, හෙතෙම මුවින් අපරාධ (පව්) රැස් කෙරෙයි. ඒ අපරාධයෙන් හේ සුව නො විඳියි.
Pali BJT662. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධන පරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි, යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJT662. දූ කෙළියෙහි ලා යම් ධන පරාජයෙක් වේ නම් මෙ පරාජය අල්පමාත්‍ර එකෙකි. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත ප්‍රදූෂිත කෙරේ ද, මෙය ම මහත්තර පරාජයය වේ.
Pali BJT663. සතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකං.
Sinhala BJT663. යම් කලෙක ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයුඃ ප්‍රමාණය) නිරර්බුද සිය දහස් සතිසෙකි. අර්බුද පසෙකි.
Pali BJT664. අභූතවාදී නිරයං උපෙති යො චාපි කත්වා න කරොමීති චාහ, උභොපි තෙ පෙච්ච සමාභවන්ති නිහීනකම්මා මනුජා පරත්ථ.
Sinhala BJT664. යමෙක් ආර්‍ය්‍යෝපවාද වශයෙන් අභූත (මුසවා) කියන්නේ ද යමෙකුත් පව්කම් කොට “නො කෙළෙමැ”යි කියා ද, හෙ ද පදුමාද නිරයට උප්පත්ති වශයෙන් පැමිණේ. නිහීන කර්‍ම ඇති එ පුඟුල්හු දෙදෙන ම මෙයින් සැව ගොස් පරලොවැ දී (නිරයෝප්පත්තියෙන්) සම වෙත්.
Pali BJT665. යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රාජො පටිවාතංව ඛිත්තො.
Sinhala BJT665. යමෙක් අප්‍රදුෂ්ට වූ අවිදුමල නැති හෙයින් ශුද්ධ වූ ලාමක ඉච්ඡාවචර නැති හෙයින් අනඞ්ගණ වූ මිනිස් පුරුෂයකුහට ද්‍රෝහ කෙරේ නම්, උඩු සුළඟට හෙලූ සියුම් රජස් සෙයින් පාපය එ බාලයා කරා පෙරළා එයි.
Pali BJT666. යො ලොභගුණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤෙ, අස්සද්ධො කදරියො අවදඤ්ඤු මච්ඡරී පෙසුනියස්මිං අනුයුත්තො.
Sinhala BJT666. යමෙක් ලෝභ ගුණ (තෘෂ්ණා) යෙහි අනුයුක්ත ද, හෙ ශ්‍රද්ධා නැතියේ තද මසුරු ඇතියේ, බුදුවදන් පවා නොදන්නේ, පඤ්චවිධ මාත්සර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පෙහෙසුන්බස්හි නියැලියේ වචනයෙන් මෙරමාහට පරිභව කෙරෙයි.
Pali BJT667. මුඛදුග්ගවිභූත අනරිය භූනහු පාපක දුක්කතකාරි, පුරිසන්න කලි අවජාත මා බහුභාණිධ නෙරයිකොසි.
Sinhala BJT667. විෂම මුඛ ඇත්තව, අලිකවාදිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, පවිට, දුෂ්කෘතකාරිය, නීච පුරුෂය, නිඃශ්‍රික පුරුෂය, (බුද්ධ පුත්‍ර නොවන හෙයින්) අවජාතය, මෙ අත්බව් හි නහමක් බහුභාණිවව, නහමක් නිරයෙහි උපදනේ වෙහි.
Pali BJT668. රජමාකිරසි අහිතාය සන්තෙ ගරහසි කිබ්බිසකාරි, බහූනි ච දුච්චරිතානි චරිත්වා ගඤ්ඡිසි{1} ඛො පපතං චිරරත්තං
Sinhala BJT668. පාපකාරිය, අහිත සඳහා තමා කෙරෙහි කෙලෙස් දුහුලි වගුරුවහි, ශාන්ත පුද්ගලයන් හට ගර්‍හා කෙරෙහි, බොහෝ දුසිරිත් කොට ප්‍රපාත සංඛ්‍යාත නිරාවළට යෙහි චිරරාත්‍රයෙහි එහි දුක් විඳුනෙහි.
Pali BJT669. නභි නස්සති කස්සචි කම්මං ඉති හ තං ලභතෙ ව සුවාමි, දුක්ඛං මන්දො පරලොකෙ අත්තනි පස්සති කිබ්බිසකාරී.
Sinhala BJT669. කිසිවකුගේ කුශලාකුශලකර්‍මය විපාක නොදී නොමැ නස්නේ ය, කම්පල ඔහු කරා මැ එයි. කර්‍මයට හිමි වූයේ එ කර්‍මවිපාක ලබාම ය. පාපකාරී බාල තෙමේ පරලොව්හි දී තමා කෙරෙහි ලා දුක දක්නේය.
Pali BJT670. අයොසංකුසමාහතට්ඨානං තිණ්හධාරං අයසූලමුපෙති, අථ තත්තඅයොගුළසන්නිහං භොජනමත්ථි තථා පතිරූපං.
Sinhala BJT670. (හේ) යහුල් පිහිටුවන ලද තියුණු මුවත ඇති යහුල් ඇති නිරයට එළැඹෙයි. යළි එ කර්‍මානුරූප වූ ම රත් වූ යගුලි බඳු භෝජන ද ඇත.
Pali BJT671. න හි වග්ගු වදන්ති වදන්තා නාභිජවන්ති න තාණමුපෙන්ති, අඞ්ගාරෙ සන්ථතෙ සෙන්ති{2} අග්ගිනිසමං ජලිතං පවිසන්ති.
Sinhala BJT671. (ගණිවු, පහරිවු යනාදි) බස් බණන්නාහු මියුරු බස් නොකියත් මැ යි. (නිරාපල්ලෝ) සුමුඛව පෙරට නො දිවෙති. රැකවරණට ද නො පැමිණෙති. අතුළ ගිනි අඟුරෙහි වැදහෙති. හාත්පසින් දිලෙන ගින්නට ද වදිති.
Pali BJT672. ජාලෙන ච ඔනහියානා තත්ථ හනන්ති අයොමයකූටෙහි, අන්ධංව තිමිසමායන්ති තං විතතං හි යථා මහිකායො.
Sinhala BJT672. ලොහොදැලිනුදු වෙළෙන්නාහු එහි යමුවා කුළුයෙන් පෙළති. අඳ වූ ම ඔහු තිමිස නම් රොරුව නිරයට පැමිණෙති. එ අන්‍ධකාරය මහිකා (මිහිදුම්) සෙයින් වතළේ මැ යැ.
Pali BJT673. අථ ලොහමයං පන කුම්භිං අග්ගිනිසමං ජලිතං පවිසන්ති, පච්චන්ති හි තාසු චිරරත්තං අග්ගිනිසමාසු සමුප්පිලවාසො.
Sinhala BJT673. ඉක්බිති ගිනි සෙයින් දිලෙන ලෝකුඹු නිරයට වදනාහ. ගිනිසම වූ එ ලෝකුඹු නිරෑහි ඉල්පෙන්නාහු චිරරාත්‍රයෙහි පැසෙත් මැ යි.
Pali BJT674. අථ පුබ්බලොහිතමිස්සෙ තත්ථ කිං පච්චති කිබ්බිසකාරී, යං යං දිසතං අධිසෙති තත්ථ කිලිස්සති සම්ඵුසමානො.
Sinhala BJT674. ඉක්බිති පව්කම් කරනුයේ පූයායෙන් හා ලෙයින් මුසු එනිරයෙහි කිසෙයින් පැසේය යත්: යම් මැ දිශායෙක්හි යේ නම්, එහි එ ලෙහෙපූයායෙන් පහස්නා ලදුයේ පෙළෙන්නේ ය.
Pali BJT675. පුළවාවසථෙ සලිලස්මිං තත්ථ කිං පච්චති කිබ්බිසකාරී, ගන්තුං න හි තීරමපත්ථි සබ්බසමාහි සමන්නකපල්ලා.
Sinhala BJT675. පණුවනට නිවෙස් වූ ඒ නියෙ දියෙහි (ලෝ දියෙහි) පාපකාරී කිසෙයින් පැසෙයි යත්: නික්ම යනුවට තොටෙකුදු නො මැත. හැම දික්හි හාත්පසැ යකබල ම යැ.
Pali BJT676. අසිපත්තවනං පන තිණ්හං තං පවිසන්ති සමච්ඡිදගත්තා, ජිව්හං බළිසෙන ගහෙත්වා ආරජයා රජයා විහනන්ති.
Sinhala BJT676. ඉක්බිති තියුණු අසිපත්‍ර වනය වෙයි. මොනොවට සිඳින ලද ගාත්‍රඇති නිරිසත්තු එයට වදනාහ. (යමපල්ලෝ) දිව බිලියෙන් ගෙණ හැදැ හැදැ පෙළති.
Pali BJT677. අථ වෙතරණිං පන දුග්ගං තිණ්හධාර ඛුරධාර මුපෙන්ති, තත්ථ මන්දා පපතන්ති පාපකරා පාපානි කරිත්වා.
Sinhala BJT677. ඉක්බිති තියුණු ක්‍ෂූර ධාරා ඇති වේතරණී නම් දුර්‍ගයට වදති. පාපකාරී අන්‍ධබාලයෝ පවි කොට එහි වැටෙති.
Pali BJT678. ඛාදන්ති හි තත්ථ රුදන්තෙ සාමා සබලා කාකොලගණා ච, සොණා සිගාලා පටිගිජ්ඣා කුලලා වායසා ච විතුදන්ති.
Sinhala BJT678. එහි සමවන් වූත් කබරවන් වූත් වනකවුඩෝ ද, බලු කැණහිල්ලු ද, මහගිජුලිහිණියෝ ද, උකුස්සෝ ද, කවුඩෝ ද, හඬනවුන් කාදමති. තුඩිනිදු බිඳිති.
Pali BJT679. කිච්ඡා වතායං ඉධ වුත්ති යං ජනො පස්සති කිබ්බිසකාරි, තස්මා ඉධ ජීවිතසෙසෙ කිච්චකාරො සියා නරො න පමජ්ජෙ.
Sinhala BJT679. මේ නිරෑහි පාපකාරී ජනයා යම් දිවිපෙවෙතක් දක්නේ ද, එ දිවිවැටුම එකැතියෙන් දුක් මැ වෙයි. එ හෙයින් මිනිස් තෙමේ මෙ ලොවැ ජීවිත ශේෂයෙහිලා කෘත්‍යකරී වන්නේ ය. නො ද පමා වන්නේ ය.
Pali BJT680. තෙ ගණිතා විදූහි තිලවාහා යෙ පදුමෙ නිරයෙ උපනීතා, නහුතානි හි කොටියො පඤ්ච භවන්තී ද්වාදස කොටි සතානි පුනඤ්ඤා.
Sinhala BJT680. යම් පාපකාරීහු පදුම නිරයෙහි උපන්හු නම්, ඔවුන්ගේ ආයුෂ්ප්‍රමාණ ප්‍රාඥයන් විසින් තල ගැල් බරින් ගණන ලද: පස්කෙළනුහුවක් හා අනෙකුදු දොළොස්කෙල සියෙක් වේ.
Pali BJT681. යාව දුක්ඛා නිරයා ඉධ වුත්තා තත්ථාපි තාව චිරං වසිතබ්බං, තස්මා සුචි පෙසල සාධු ගුණෙසු වාචං මනං සතතං පරිරක්ඛෙති.
Sinhala BJT681. ඉමහත් දුක් ඇති නිරයෝ කියන ලදහු නම්, එහි එතෙක් බොහෝ කල් විසිය යුතු වෙයි. එහෙයින් පිවිතුරු පේශල සාධු ගුණ ඇතියන් කෙරෙහි හැම කල්හි වචනය හා සිත හා මොනොවට රක්නේ යි.
Pali BJTකොකාලිකසුත්තං නිට්ඨිතං
Sinhala BJTකෝකාලික සූත්‍රය නිමි.
Pali BJT3. 11.
Sinhala BJT3. 11.
Pali BJTනාලක සුත්තං
Sinhala BJTනාලක සූත්‍රය
Pali BJT682. ආනන්දජාතෙ තිදසගණෙ පතිතෙ සක්කච්ච ඉන්දං සුචිවසනෙ ච දෙවෙ, දුස්සං ගහෙත්වා අතිරිව ථොමයන්තෙ අසිතො ඉසි අද්දස දිවාවිහාරෙ.
Sinhala BJT682. අසිත ඍෂි හටගත් සමෘද්ධි ඇති හෙවත් උපන් ප්‍රමෝද ඇති (එහෙයින් මැ) සොම්නස් සහගිය නොකිලිටි දිවසළු හැඳි තිදස්පුර වැසි දේවගණයා සක්දෙවිඳුහට ද සත්කාර කොට දිවසළු ගෙණ සිසාරා අධිමාත්‍රකොට ස්තූතිකරනුවන් දිවා විහාරයෙහි දී දිටිය.
Pali BJT683. දිස්වාන දෙවෙ මුදිතමනෙ උදග්ගෙ චිත්තිං කරිත්වා ඉදමවොචාසි තත්ථ, කිං දෙවසඞ්ඝො අතිරිව කල්යරූපො දුස්සං ගහෙත්වා භමයථ කිං පටිච්ච.
Sinhala BJT683. එහි දී ඍෂි, ප්‍රමුදිත වූ සිත ඇති ඔදවැඩිගිය දෙවියන් දැක ආදර කොට මෙය කී ය: “දෙවි ගණා අතිශයින් තුටු සැහැවි ඇතියේ කුමක් පිණිස දිවසළු සිසාරාගෙණ කුමට බමවු දැ?” යි.
Pali BJT684. යදාපි ආසි අසුරෙහි සඞ්ගමො ජයො සුරානං අසුරා පරාජිතා, තදාපි නෙතාදිසො ලොමහංසනො කිං අබ්භුතං දට්ඨු මරූ පමොදිතා.
Sinhala BJT684. යම් කාලයෙක් හි අසුරයන් හා සමග සඞ්ග්‍රාමයෙක් වී නම්, සුරනට ජය වී නම, අසුරයෝ පරාජිත වූහු නම් එකල්හි දු මෙබඳු රෝමොද්ගමනයෙක් නො වීය. කවර නම් අද්භූතයක් දැක දෙවියෝ ප්‍රමුදිත වූහුදැ?යි.
Pali BJT685. සෙලෙන්ති ගායන්ති ච වාදයන්ති ච භුජානි පොඨෙන්ති ච නච්චයන්ති ච, පුච්ඡාමි වොහං මෙරුමුද්ධවාසිනෙ ධුනාථ මෙ සංසයං ඛිප්පමාරිසා.
Sinhala BJT685. සීරුසන් නහත්ද? ගී ගයත් ද? පසඟතුරු වයත් ද? අත් පොළත් ද? නටත් දැයි. මම මේරුමස්තකවාසී තොප (දෙවියන්) පුළුවුස්මි. නිදුක්වරිනි, වහා මාගේ සංශය දුරලවු යි.
Pali BJT686. සො බොධිසත්තො රතනවරො අතුල්යො මනුස්සෙලොකෙ හිතසුඛතාය{1} ජාතො, සක්යාන ගාමෙ ජනපදෙ ලුම්බිනෙය්යෙ තෙනම්හි තුට්ඨා අතිරිව කල්යරූපා.
Sinhala BJT686. (සම්‍යක් සම්බෝධිසමධිගමයට නිසි) උත්තම රත්න වූ (තමහට තුල්‍යයකු නැතියෙන්) අතුල්‍යවූ ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් කල්‍යරූප වූවමෝ තුටු වම්හ.
Pali BJT687. සො සබ්බසත්තුත්තමො අග්ගපුග්ගලො නරාසභො සබ්බපජානමුත්තමො, වත්තෙස්සති චක්කං ඉසිවහයෙ වනෙ නදං ව සීහො බලවා මිගාභිභූ.
Sinhala BJT687. සර්‍වසත්‍වෝත්තම ඒ අග්‍රපුද්ගල නරශ්‍රේෂ්ඨ වූයේ හැම සත්නට උතුම් වූයේ සිවුපාවුන් අභිභවා සිටුනා බලවත් සිහරදකු අභීතනාද කරණු සෙයින් ඉසිපතන නම් මෘගදාවනයෙහි ධර්‍මචක්‍රය පවත්වන්නේ ය.
Pali BJT688. තං සද්දං සුත්වා තුරිතමවංසරි සො සුද්ධොදනස්ස තදා භවනං උපාගමි, නිසජ්ජ තත්ථ ඉදමවොචාසි සක්යෙ කුහිං කුමාරො අහම්පි දට්ඨුකාමො.
Sinhala BJT688. එකල්හි ඒ දේවවාක්‍යය අසා එ (අසිත) තෙම ත්‍වරිතව (දේවපුරයෙන්) බටුයේ ය. සුදොවුන් රජුගේ භවනයට එළැඹියේ ය. එහි නිෂණ්ණ වූයේ “කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කී.
Pali BJT689. තතො කුමාරං ජලිතමිව සුවණ්ණං උක්කාමුඛෙ’ව සුකුසලසම්පහට්ඨං, දද්දල්ලමානං සිරියා අනොමවණ්ණං දස්සෙසු පුත්තං අසිතවහයස්ස සක්යා.
Sinhala BJT689. ඉක්බිති දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන නො ලමු රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ අසිත නම් තවුස්හට දැක්වූහ.
Pali BJT690. දිස්වා කුමාරං සිඛිමිව පජ්ජලත්තං තාරාසභං ව නභසිගමං විසුද්ධං, සුරියං තපන්තං සරදරිවබ්භමුත්තං ආනන්දජාතො විපුලමලත්ථ පීතිං.
Sinhala BJT690. දිලෙන ගින්නක් බඳු වූ ද අහස්හි සරන පිරිසුදු තාරාපති බඳු වූ ද සරාකල්හි අභ්‍රමුක්ත වූ දිලියෙන හිරු බඳු වූ ද කුමරු දැක උපන් සතුටු ඇතියේ විපුල ප්‍රීතිය ලැබී.
Pali BJT691. අනෙකසාඛඤ්ච සහස්සමණ්ඩලං ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛෙ, සුවණ්ණදණ්ඩා විතිපතන්ති චාමරා න දිස්සරෙ චාමරඡතතගාහකා.
Sinhala BJT691. අහස්වැසි දෙවියෝ අනේක සලාක ඇති දහස් මඬුලු ඇති සත් දැරූහ. රන්යටි ඇති සෙමරවල්විදුනා සැලෙයි. සෙමර හා සත්ගතුවෝ නොපැණෙත්.
Pali BJT692. දිස්වා ජටී කණ්හසිරිව්හයො ඉසි සුවණ්ණනෙක්ඛං විය පණ්ඩුකම්බලෙ, සෙතඤ්ච ඡත්තං ධරියන්තමුද්ධනි උදග්ගචිත්තො සුමනො පටිග්ගහෙ.
Sinhala BJT692. දළමුඩුලු යුත් අසිත නම් ඍෂි පඬුඇඹුලෙක්හි තැබූ රන් නිකක් බඳු කුමරු ද මුදුනෙහි දැරූ සේ සත් ද දැක ඔදවැඩි සිතැති වැ සොම්නස් ඇති වැ පිළිගති.
Pali BJT693. පටිග්ගහෙත්වා පන සක්යපුඞ්ගවං ජිගිංසකො{1} ලක්ඛණමත්තපාරගු, පසන්නචිත්තො ගිරමබ්භුදීරයි අනුත්තරායං දිපදානමුත්තමො.
Sinhala BJT693. ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් වේදමන්ත්‍රයන්හිත් කෙළ පැමිණි ඒ තවුස් ශාක්‍ය ශ්‍රේෂ්ඨයා පිළිගෙන පිරික්සනුයේ පහන්සිත් ඇතියේ “ද්වීපදෝත්තම මෙ කුර අනුත්තරය” යන බස් පාළ කෙළේය.
Pali BJT694. අථත්තනො ගමනමනුස්සරන්නො අකල්යරූපො ගලයති අස්සූකානි, දිස්වාන සක්යා ඉසිමවොචුං රුදන්තං නො චෙ කුමාරෙ භවිස්සති අන්තරායො.
Sinhala BJT694. එක්බිති තමාගේ අරූතලගමන් සමරමින් නොසතුටු සිත් ඇත්තේ කඳුළු හෙළයි. ශාක්‍යයෝ වලප්නා තවුස් දැක “කුමරු කෙරෙහි අනතුරෙක් නොවේදෝ හො”යි කීහ.
Pali BJT695. දිස්වාන සක්යෙ ඉසිමවොච අකල්ල්යෙ නාහං කුමාරෙ අහිතමනුස්සරාමි, න චාපි මස්ස භවිස්සති අන්තරායො න ඔරකොයං අධිමානසා භවාථ.
Sinhala BJT695. නොසතුටු සැහැවි ඇති ශාක්‍යයන් දැක “මම කුමර කෙරෙහි අහිතයක් නො සමරමි, මොහුට අනතුරෙකුදු නො වෙයි. මෙකුමර ලාමකයෙක් නො වෙයි. (තෙපි) තුටුසිතැති වව”යි තවුස් පැවැසීය.
Pali BJT696. සම්බොධියග්ගං ඵුසිස්සතායං කුමාරො සො ධම්මචක්කං පරමවිසුද්ධදස්සි, වත්තෙස්සතායං බහුජනහිතානුකම්පි විත්ථාරිකස්ස භවිස්සති බ්රහ්මචරියං.
Sinhala BJT696. මෙ කුමර (සර්‍වඥතාඥානයසඞ්ඛ්‍යාත) අනුත්තර සම්බෝධියට පැමිණෙයි. පරමවිශුද්ධ නිර්‍වාණය දක්නාසුලු මෙතෙම බහුජන හිතානුකම්පා ඇතියේ දම්සක් පවත්වන්නේය. මොහුගේ ශාසනය පතළ වන්නේ යි.
Pali BJT697. මමඤ්ච ආයු න චිරමිධාවසෙසො අථන්තරා මෙ භවිස්සති කාලකිරියා, සොහං න සොස්සං{2} අසමධුරස්ස ධම්මං තෙනම්හි අට්ටො ව්යසනගතො අඝාවි.
Sinhala BJT697. මාගේ ආයුෂත් මෙ මිනිස් ලොව්හි දිගුකල් අවශේෂ නො වේ. මෙ අතුරෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එවන් මම අසම වීර්‍ය්‍යය ඇති බුදුන්ගේ දහම් නො අසන්නෙමි. එකරුණින් ආතුරයෙම් සුඛනාශයට පැමිණියෙම් දුක් ඇතියෙමි.
Pali BJT698. සො සාකියානං විපුලං ජනෙත්වා පීතිං අන්තෙපුරම්භා නිරගමා බ්රහ්මචාරි, සො භාගිනෙය්යං සයමනුකම්පමානො සමාදපෙසි අසමධුරස්සධම්මෙ.
Sinhala BJT698. ඒ බ්‍රහ්මචාරී ශාක්‍යයනට විපුල ප්‍රීති දනවා ඇතොවුරින් නික්මැ ගියේය. හෙතෙම අනුකම්පා කෙරෙමින් බෑනා අසම වීර්‍ය්‍යධූර ඇති සම්බුදුන්ගේ සස්නෙහි සමාදන් කරවිය.
Pali BJT699. බුද්ධොති ඝොසං යදපරතො සුණාසි සම්බොධිපත්තො විවරති ධම්මමග්ගං, ගන්ත්වාන තත්ථ සමයං පරිපුච්ඡියානො චරස්සු තස්මිං භගවති බ්රහ්මචරියං.
Sinhala BJT699. යම් මැ කලෙක්හි මෙරමා වෙතින් සම්බුදුහු සම්බෝධිප්‍රාප්ත වූවාහු අග්‍රවූ නිර්‍වාණය හෝ නිර්‍වාණ මාර්‍ගය විවරණ කරති යන ඝෝෂය අසවු නම් නම් එහි ගොස් ධර්‍මසමය පුළුවුස්මින් එ භාග්‍යවතුන් හමුයෙහි බඹසර (මහණදම්) කරව.
Pali BJT700. තෙනානුසිට්ඨො හිතමනසෙන තාදිනා අනාගතෙ පරමවිසුද්ධදස්සිනා, සො නාළකො උපචිතපුඤ්ඤසඤ්චයො ජිනං පතික්ඛං පරිවසි රක්ඛිතින්ද්රියො.
Sinhala BJT700. හිත කැමැති සිත් ඇති සමාධිගතචිත්ත ඇති අනාගතයෙහි (නාලක) පරම විශුද්ධ වූ නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ යයි දක්නා සුලු එ අසිත තවුස් විසින් අනුසස්නා ලද (පියුමතුරා බුදුන්කලැ පටන්) රැස් කළ පින්රැස් ඇති ඒ නාලක ජින වූ සර්‍වඥයන් වහන්සේ ප්‍රතීක්‍ෂා කෙරෙමින් රක්නාලද ඉඳුරන් ඇතියේ වාස කෙළේ ය. (තවුස්දම් රැකීය.)
Pali BJT701. සුත්වාන ඝොසං ජිනවරචක්කවත්තනෙ ගන්ත්වාන දිස්වා ඉසිනිසභං පසන්නො, මොනෙය්යසෙට්ඨං මුනිපවරං අපුච්ඡි සමාගතෙ අසිතව්හයස්ස සාසනෙති.
Sinhala BJT701. ඒ නාලක තාපස ජිනවරයන්ගේ ධර්‍මචක්‍රප්‍රවර්‍තනයෙහි දි දේවතා නාදය අසා (ඉසිපතන) ගොස් ඍෂිනිෂභ වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් වූයේ අසිත නම් තවුස්හුගේ අනුශාසනයට කල් එළැඹෙත් ම ප්‍රවරමුනිහු වෙතින් ශ්‍රේෂ්ඨ ඥානය (මාර්‍ග ඥානය) පිළිවිසීය යි.
Pali BJTවත්ථුගාථා.
Sinhala BJTවත්‍ථුගාථා යි.
Pali BJT702. අඤ්ඤාතමෙතං වචනං අසිතස්ස යථාතථං තං තං ගොතම පුච්ඡාම සබ්බධම්මානපාරගුං.
Sinhala BJT702. ගෞතමයන්වහන්ස, අසිත තවුස්හුගේ අවිපරීත වූ (සම්බෝධිමග්ගං ඵුසිස්සතායං කුමාරො යන) තෙල වචනය මා විසින් දන්නා ලදී. එහෙයින් මැ (ෂඩාකාරයෙන්) සර්‍වධර්‍මයන්ගේ කෝටිප්‍රාප්ත වූ මුබ වහන්සේ පුළුස්මි.
Pali BJT703. අනගාරියුපෙතස්ස භික්ඛාචරියං ජිගිංසතො,{1} මුනි පබ්රූහි මෙ පුට්ඨො මොනෙය්යං උත්තමං පදං.
Sinhala BJT703. (ප්‍රජ්‍යාසඞ්ඛ්‍යාත) අනගාරියට පත්, භික්‍ෂාචාර්‍ය්‍යය සොයන මට පුළුවුස්නාලද මුනිහු උත්තම වූ මෝනෙයප්‍රතිපද් පවසත්වා.
Pali BJT704. මොනෙය්යං තෙ උපඤ්ඤිස්සං (ඉති භගවා) දුක්කරං දුරභිසම්භවං, හන්ද තෙ නං පවක්ඛාමි සන්ථම්භස්සු දළ්හො භව.
Sinhala BJT704. “තොපට දුෂ්කර වූත් දුරධිගමවූත් මෞනෙයප්‍රතිපද් පනවන්නෙමි. ඒකාන්තයෙන් එය තොපට පවසන්නෙමි. වීර්‍ය්‍යෝපස්තම්භයෙන් සිත් පිහිටුව, අශිථිල පරාක්‍රමයෙන් දෘඪ (ස්ථිර) වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT705. සමානභාගං{2} කුබ්බෙථ ගාමෙ අක්කුට්ඨවන්දිතං, මනොපදොසං රක්ඛෙය්ය සන්තො අනුන්නතො චරෙ.
Sinhala BJT705. ගම්හිදී ආක්‍රෝශය හා වන්‍දනාව හා යන දෙක සමාන භාග ඇති කරව. (සමව සලකව) (ආක්‍රෝශ ලදුයෙහි) චිත්තප්‍රද්වේෂය රක්ව. (රජුන් විසිනුදු වඳනා ලදුයෙහි) මානයෙන් උන්නත නොවැ ශාන්ත වැ හැසිරෙව.
Pali BJT706. උච්චාවචා නිච්ඡරන්ති දායෙ අග්ගිසිඛුපමා, නාරියො මුනිං පලොභෙන්ති තා සු තං මා පලොභයුං.
Sinhala BJT706. අරණෙහි දු ගිනිසිළු බඳු කුදුමහත් (නානාප්‍රකාර වූ) ආලම්බනයෝ ඉඳුරනට හමුවෙත්. ස්ත්‍රීහු ද පැවිද්දහු පොලොබවති. ඔහු තා නහමක් පොලොබවත්වා.
Pali BJT707. විරතො මෙථුනා ධම්මා හිත්වා කාමෙ පරොචරෙ. අවිරුද්ධො අසාරත්තො පාණෙසු තසථාවරෙ.
Sinhala BJT707. මෙවුන්දමින් වැළැකියේ සුන්‍දරාසුන්‍දර කාමයන් හැරපියා ස තෘෂ්ණ වූ හා නිෂ්තෘෂ්ණ වූ හා ප්‍රාණීන් කෙරෙහි (පරපාක්‍ෂික හෙයින්) විරුද්ධ නොවූයේ (ස්වපාක්‍ෂික හෙයින්) නො ඇලුනේ වෙයි.
Pali BJT708. යථා අහං තථා එතෙ යථා එතෙ තථා අහං, අත්තානං උපමං කත්වා න හනෙය්ය න ඝාතයෙ.
Sinhala BJT708. මම යම්බඳු (සුවකැමැති) යෙම් නම්, මොහුදු එබඳු (සුවකැමැති) වෙත් මොහු යම්බඳු (දුක් නොකැමැති) වෙත් නම්, මම ද එබඳු (දුක් නොකැමැති) වෙමි. මෙසේ තමා උවම් කොට ගෙණ පරපණ නො නසන්නේ ය, නොද නස්වන්නේ ය.
Pali BJT709. හිත්වා ඉච්ඡඤ්ච ලොභඤ්ච යත්ථ සත්තො පුථුජ්ජනො, චක්ඛුමා පටිපජ්ජෙය්ය තරෙය්ය නරකං ඉමං.
Sinhala BJT709. යම් සිවුපසෙක්හි පෘථග්ජන (ඉච්ඡා ලෝභ විසින්) ආසක්ත වූයේ නම්, එ ඉච්ඡා හා ලෝභය හා හැරපියා ඥානචක්‍ෂූස් ඇති වැ (මෝනෙය්‍යවත්) පිළිපදනේ ය. (දුෂ්පුරාර්‍ත්‍ථයෙන්) මෙ ප්‍රත්‍යය තෘෂ්ණා නරකය තරණය කරන්නේ ය.
Pali BJT710. ඌනූදරො මිතාහාරොඅපපිචඋරස්ස අලොලුපො, සචෙ ඉච්ඡාය නිච්ඡාතො අනිච්ඡො හොති නිබ්බුතො.
Sinhala BJT710. (සතර පස් පිඬුවකට ඉඩ දී පැන් බොනුයෙන්) ඌනෝදර වූයේ මැ, (භෝජයෙහි මාතුඥතායෙන්) මිතාහාර වන්නේ ය. (චතුර්විධ අල්පේච්ඡතායෙන් ) අල්පෙච්ඡා වූයේ මැ රහත් මගින් තෘෂ්ණාලෝලුප්‍යය දුරු කිරීමෙන් ලෝලුප නොවන්නේ ය. හෙ ඒකාන්තයෙන් සාදුක් නැතියේ ඉච්ඡාරහිත වූයේ (කෙලෙස් සන්හුන් හෙයින්) නිවියේ වෙයි.
Pali BJT711. සපිණ්ඩචාරං චරිත්වා වනන්තම්භිහාරයෙ, උපට්ඨිතො රුක්ඛමූලස්මිං ආසනූපගතො මුනි.
Sinhala BJT711. වනවැසි ඒ මහණ පිණ්ඩචාරය කොට නිමවා වනයට යන්නේය. මුනි තෙම රුක්මුල්හි එළැඹ සිටියේ ආසනෝපගත වන්නේ ය.
Pali BJT712. ස ඣානපසුතො ධීරො වනන්තෙ රමිතො සියා, ඣායෙථ රුක්ඛමූලස්මිං අත්තානමභිතොසයං.
Sinhala BJT712. උභයධ්‍යානයන්හි අනුයුක්ත වූ එ ධීර අරනෙහි අභිරත වන්නේ ය. චිත්තය මොනොවට තුටු කරවමින් රුක්මුල්හි ලෝකෝත්තර ධ්‍යාන කරන්නේ ය.
Pali BJT713. තතො රත්යා විවසනෙ ගාමන්තමභිහාරයෙ, අව්හානං නාභිනන්දෙය්ය අභිහාරඤ්ච ගාමතො.
Sinhala BJT713. පිණ්ඩචාරයෙන් නික්ම වනයාත්‍රායෙන් මත්තෙහි රෑ අවසන්හි ග්‍රාමාන්තය කරා (පිඬුසඳහා) යන්නේ ය. එහි දී නිමන්ත්‍රණ නො ඉවසන්නේ ය. ගමින් වෙතැ එළැ වූ පිණ්ඩපාත ද නො ඉවසන්නේ ය.
Pali BJT714. න මුනි ගාමමාගම්ම කුලෙසු සහසා චරෙ, ඝාසෙසනං ඡින්නකථො න වාචං පයුතං භණෙ.
Sinhala BJT714. මුනිතෙම ගමට වැද කුලයෙහි (සහශෝකිතාදි විසින්) සැහැසි ව ආහාරාන්වෙෂණ නො කරන්නේ ය. සුන්බස් ඇති යේ පිඬුවා පිළිබැදි ඕභාසාදියෙන් ප්‍රයුක්ත වූ වචන නො බණන්නේ ය.
Pali BJT715. අලත්ථං යදිදං සාධු නාලත්ථං කුසලං ඉති, උභයෙනෙව සො තාදි රුක්ඛං ව උපනිවත්තති.
Sinhala BJT715. යම් මැ පිණ්ඩයක් ලදිම් නම්, මෙය මැ මනා යැ, යම් මැ භික්‍ෂාවක් නොලදිම් නම්, එද මනා යැ යි හේ ලාබ අලාභ දෙකින් මැ නිර්විකාර වෙයි. ඵලාන්වෙෂී පුද්ගලයකු රුක හැරපියා මැදහත් ව යනු මෙනි.
Pali BJT716. ස පත්තපාණි විචරන්තො අමූගො මුගසම්මතො, අප්පං දානං න හීළෙය්ය දාතාරං නාවජානිය.
Sinhala BJT716. හේ පාත්‍ර ගත්ඇති වැ නොගොළු වූයේ මැ ගොළුවෙකැයි සම්මත වැ හැසිරෙන්නේ දානය සුලු ය යි හෙලා නො දක්නේ ය. දන් දෙන්නහුනට ද අවමන් නො කරන්නේ ය.
Pali BJT717. උච්චාවචා හි පටිපදා සමණෙන පකාසිතා, න පාරං දිගුණං යන්ති න ඉදං එකගුණං මුතං.
Sinhala BJT717. උත්තම වූත් නිහීන වූත් පිළිවෙත බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලදී. (යෝගීහු) එ ප්‍රතිපදායෙන්) දෙවරක් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) පාරයට නොයෙත්. එ නිර්‍වාණපාරය එක් මැ මඟින් පහස්නට නිසි ය යි ද නො දන්නා ලදී.
Pali BJT718. යස්ස ච විසතා නත්ථි ඡින්නසොතස්ස භික්ඛුනො, කිච්චාකිච්චප්පහීනස්ස පරිලාහො න විජ්ජති.
Sinhala BJT718. සුන්කෙලෙස් හෝ ඇති යම් මැ මහණකුහට අටෝරාසියක් වූ තෘෂ්ණා නැද්ද, (කුශලාකුශල සඞ්ඛ්‍යාත) කෘත්‍යාතෘතයන් ප්‍රහීණ කළ ඔහට රායෙන් උපන් වේවයි ද්වේෂයෙන් උපන් වේවයි පරිදාහ නැත.
Pali BJT719. මොනෙය්යං තෙ උපඤ්ඤිස්සං (ඉති භගවා) ඛූරධාරූපමො භවෙ, ජිව්හාය තාලුං ආහච්ච උදරෙ සඤ්ඤතො සියා.
Sinhala BJT719. තොපට මෞනෙයව්‍රතය පණවන්නෙමි කරමුවහත උවම් කොට ඇතියේ වන්නේ ස. දිවින්තලු ඝටා (රසතෘෂ්ණා) දුරු කොට උදරයෙහි සංයත වන්නේ ය.
Pali BJT720. අලීනචිත්තො ච සියා න චාපි බහු චින්තයෙ, නිරාමගන්ධො අසිතො බ්රහ්මචරියපරායනො.
Sinhala BJT720. නිරතුරු නොලස් සිත් ඇතියේ ද වන්නේ ය. ඥාති ජනපද, අමරවිතර්‍කවශයෙන් බොහොවක් ද නො සිතන්නේ ය. නික්ලේශී වූයේත් තෘෂ්ණාදෘෂ්ටියෙන් එක ද භවයක් ඇසුරු නො කෙළේ ශික්‍ෂාත්‍රය සංගෘහිත සකලබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියේ ද වන්නේ ය.
Pali BJT721. එකාසනස්ස සික්ඛෙථ සමණූපාසනස්ස ච, එකන්තං මොනමක්ඛාතං එකො වෙ අභිරමිස්සති.
Sinhala BJT721. ඉදින් මහණ එකලා වූයේ ද සිත් අලවා වෙසෙන්නේ නම්, මහණුන් විසින් උපාසනා කටයුතු විචික්තාසන සඞ්ඛ්‍යාත ඉරියව්වට හා අටතිස්කමටහන් අරමුණට හා හික්මෙන්නේ ය. කාය චිත්ත විවේක සඞ්ඛ්‍යාත ඒකත්‍වය මෞන යයි කියනලදී,
Pali BJT722. අථ භාසිහි දසදිසා සුත්වා ධීරානං නිග්ඝොසං ඣායීනං කාමවාගීනං, තතො හිරිඤ්ච සද්ධඤ්ඤ භිය්යො කුබ්බෙථ මාමකො.
Sinhala BJT722. ඉදින් දසදිගුන් කීර්තියෙන් හොබවවූ නම් වස්තුකාම ක්ලේශකාමයන් හැරපියනසුලු උභයධ්‍යානයන් ලත් ධීරයන්ගේ කීර්ති ඝෝෂය අසා අනතුරුව හ්‍රී හා ශ්‍රද්ධා බෙහෙවින් වඩනුයේ මාගේ ශ්‍රාවක වන්නේ ය.
Pali BJT723. තං නදීහි විජානාථ සොබ්භෙසු පදරෙසු ච, සණන්තා යන්ති කුස්සොබ්භා තුණ්හී යාති මහොදයි.
Sinhala BJT723. එය නදීන්ගෙනුදු ජලමාතෘකාහි ද දියකඳුරුහි ද ලා දනුව, ක්‍ෂුද්‍ර ජලමාතෘකාවෝ හඬනංවමින් ගලායෙත්. මහානදීහු නිහඬ වැ ගලාබස්නාහ.
Pali BJT724. යදුනකං තං සණති යං පුරං සත්තමෙව තං, අඩ්ඪකුම්භූපමො බාලො රහදො පූරොව පණ්ඩිතො.
Sinhala BJT724. යමක් ඌන ද එ හඬයි. යමක් පූර්‍ණ ද එ ශාන්ත මැ වෙයි. බාල අර්‍ධකුම්භොපම වෙයි. පණ්ඩිත පුද්ගල පිරිපුන් දියවිලක් බඳුවෙයි.
Pali BJT725. යං සමණො බහු භාසති උපෙතං අත්ථසංහිතං, ජානං සො ධම්මං දෙසෙති ජානං සො බහු භාසති.
Sinhala BJT725. බුද්ධශ්‍රමණ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් ධර්‍මයෙන් යුක්ත වූත් අර්‍ත්‍ථසංහිත වූත් යම් මැ ධර්‍මයක් බොහෝ කොට දෙසා නම්, හෙ දන්නේ ම එ ධර්‍මය දෙසයි. හෙ දන්මින් මැ බොහෝ කොට දෙසයි.
Pali BJT726. යො ච ජානං සමං යුත්තො ජානං න බහු භාසති, ස මුනි මොනමරහති ස මුනි මොනමජ්ඣගාති.
Sinhala BJT726. යමෙක් සංයත සිත් ඇත්තේ ම දන්නේත් වේ ද, දන්නේත් බොහෝ ධර්‍මය නො දෙසා ද, එ මුනි (මෝනෙය්‍යපටිපදා සඞ්ඛ්‍යාත) මෞනයට නිසි වෙයි. එ මුනි (අර්‍හත්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) මෝනයට පැමිණියේ ය යි.
Pali BJTනාලකසුත්තං නිට්ඨිතං.
Sinhala BJTනාලක සූත්‍රය නිමි.
Pali BJT3. 12.
Sinhala BJT3. 12.
Pali BJTද්වයතානුපස්සනා සුත්තං
Sinhala BJTද්වයතානුපස්සනා සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ, තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛු ආමන්තෙසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්‍වාරාම නම් මිගාරමාතුපාසාදයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඳපිරුණු පුණුරැසි පොහෝලත් එදවස රාත්‍රියෙහි බික්සඟුන් විසින් පිරිවරණ ලද්දාහු අබවස්හි වැඩහුන්සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ අතිශයින් තුෂ්ණිම්භූත වූ භික්‍ෂුසඞ්ඝයා අනුවිලෝකන කොට මහණුන් ඇමැතූහ:
Pali BJTයෙ තෙ භික්ඛවෙ, කුසලා ධම්මා අරියා නිය්යානිකා සම්බොධ ගාමිනො, තෙසං වො භික්ඛවෙ, කුසලානං ධම්මානං අරියානං නිය්යානිකානං සම්බොධගාමිනං කා උපනිසා සවණායාති. ඉති චෙ භික්ඛවෙ, පුච්ඡිතාරො අස්සු තෙ එවමස්සු වචනීයා: යාවදෙව ද්වයතානං ධම්මානං යථාභූතං ඤාණායාති,
Sinhala BJTමහණෙනි, අනවද්‍ය වූ ආර්‍ය්‍යවූ නිර්‍ය්‍යාණයට හිතවැ වැටෙන (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) සම්බෝධිය එළවනසුලු යම් (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික නොහොත් පර්‍ය්‍යාප්ති සඞ්ඛ්‍යාත) ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ සම්බෝධියට පමුණුවනසුලු එ ධර්‍මය අසනු තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්දැ’යි (කුමට තෙපි ඒ දහම් අසවු දැ යි) මහණෙනි, මෙසේ පුළුවුස්නාහු වෙත් නම්, ඔහු මෙසේ (ප්‍රත්ත්‍යුත්තරමුඛයෙන්) කියැයුතු වන්නාහ: (ලෞකික-ලෝකෝත්තර විසින්) ද්විවිධ කොට දක්වනලද ධර්‍මයන්ගේ ම යථාභූත (අවිපරීත) ඥානය සඳහා”යි.
Pali BJTකිඤ්ච ද්වයතං වදෙථ:
Sinhala BJTකවරක් නම් ද්වයත යි කියවු ද යත්:
Pali BJTඉදං දුක්ඛං අයං දුක්ඛසමුදයො’ති අයමෙකානුපස්සනා, අයං දුක්ඛනිරොධො, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති අයං දුතියානුපස්සනා. එවං සම්මා ද්වයතානුපස්සීනො ඛො භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමෙ පඤ්චස්කන්‍ධය දුක යැ, මේ අෂ්ටශතතෘෂ්ණාවීචරිතය දුංඛසමුදය යැ යන මෙ එක් අනුපස්සනායෙකැ. මෙ දුඃඛනිරෝධය යැ, මෙ දුඃඛ නිරෝධගාමිනීපටිපදා යැ යන මෙ දෙවන අනුපස්සනා යි. මහණෙනි, මෙසේ මනා කොට ද්වයධර්‍මයන් පුනපුනා දක්නා සුලු අප්‍රමත්ත වූ කෙලෙස්තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වැ වාසකරණ භික්‍ෂුහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්‍වයහෝ (පුනර්‍භව වශයෙන් ගතයුතු) ස්කන්‍ධශේෂයක් ඇතිවත් ම අනාගාමිභාවය හෝ යැ යන ද්විධඵලයන්ගෙන් අන්‍යතර ඵලයෙක් කැමැතිවිය යුතු ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වු ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යලිත් අන්‍ය වූ තෙල ගාථා ද වදාළසේක:
Pali BJT727. යෙ දුක්ඛං නප්පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං යත්ථ ච සබ්බසො දුක්ඛං අසෙසං උපරුජ්ඣති, තඤ්ච මග්ගං න ජානන්ති දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT727. යම් මහණ කෙනෙක් පඤ්චස්කන්‍ධදුඃඛය නො දනිත් ද, වැලිත් එ දුඃඛයාගේ සමුදයත් නොදනිත් ද, යම් නිර්‍වාණයෙක්හි සර්‍වප්‍රකාරයෙන් නිරවශේෂ කොට දුඃඛ නිරෝධය වේ නම් එ නිවන හා දුඃඛොපශමයට යන එ මාර්‍ගයත් නො දනිත් ද,
Pali BJT728. චෙතොවිමුත්තිහීනා තෙ අථො පඤ්ඤාවිමුත්තියා, අභබ්බා තෙ අන්තකිරියාය තෙ වෙ ජාතිජරූපගා.
Sinhala BJT728. (අර්‍හත්‍වඵලසමාධිසඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තියෙන් පිරිහුනු වැලි ප්‍රඥාවිමුක්තියෙනුදු හීන වූ ඔහු දුක් කෙළවර කිරීමට අභව්‍යවෙති, ඒකාන්තයෙන් ඔහු ජාතියට හා ජරාවට පැමිණියාහුය. (ජාතිජරායෙන් නො මිදුනාහු වෙතී සේ යි)
Pali BJT729. යෙ ච දුක්ඛං පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං, යත්ථ ච සබ්බසො දුක්ඛං අසෙසං උපරුජ්ඣති, තඤ්ච මග්ගං පජානන්ති දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT729. යම් මහණ කෙනෙකුන් පඤ්චස්කන්‍ධදුඃඛය තත්වූ පරිදි දනිත් ද වැලි එ දුඃඛයාගේ සමුදයත් දනිත් ද, යම් නිවනෙක්හි සර්‍වප්‍රකාරයෙන් අශේෂ කොට දුඃඛය නිරෝධයට යේ නම් එය ද, දුඃඛව්‍යුපශමයට යන එ මාර්‍ගසත්‍යයත් තත්වූ පරිදි දනිත් ද,