Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTකුදුගත්සඟියෙහි
Pali BJTසුත්තනිපාතො
Sinhala BJTසූත්‍රනිපාතය
Pali BJTනමොතස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. උරගවග්ගො
Sinhala BJT1. උරග වර්‍ගය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTඋරගසුත්තං
Sinhala BJTඋරග සූත්‍රය
Pali BJT1. යො{1} උප්පතිතං විනෙති කොධං විසටං සප්පවිසංච ඔසධෙහි, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං{2} පුරාණං.
Sinhala BJT1. යම් මහණෙක් උපන් ක්‍රෝධය පැතිරැගිය සර්‍පවිෂ ඖෂධයෙන් නසාලන්නාක් සෙයින් දුරු කෙරේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය ඔරිමතීරය හැරැපියයි.
Pali BJT2. යො රාගමුදච්ඡිදා අසෙසං භිසපුප්ඵං’ව සරොරුහං විගය්හ, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT2. යම් මහණෙක් විලට බැස නෙලුම්මල් නෙළන්නාක් සෙයින් පඤ්චකාමගුණරාගය නිරවශේෂ කොට සිඳලන්නේ වේ ද, ඒ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
Pali BJT3. යො තණ්හමුදච්ඡිදා අසෙසං සරිතං සීඝසරං විසොසයිත්වා, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT3. යම් මහණෙක් වෙළෙවි ව ගලාබස්නා හොයක් බඳු තෘෂ්ණාව නිඃශේෂ කොට වියළවා සිඳලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් (පඤ්චෝරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත) ඔරපාරය හැරැපියයි.
Pali BJT4. යො මානමුදබ්බධී අසෙසං නළසෙතුං’ව සුදුබ්බලං මහොඝො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT4. යම් මහණෙක් මහවතුරෙක් ඉතාදුබල නළමුවා හෙයක් බිඳලන්නාක් සෙයින් (නවවිධ) මානය නිඃශේෂ කොට (රහත් මඟින්) නසාලන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT5. යො නාජ්ඣගමා භවෙසු සාරං විචිනං පුප්ඵමිව{3} උදුම්බරෙසු, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT5. යම් මහණෙක් මල් නෙළන්නකු දිඹුල්රුක්හි මල් නොලබන්නාක් මෙන් සෙයින් (කාමාදි) භවයෙහි සාරයක් නොලබන්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT6. යස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතං ච වීතිවත්තො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT6. යම් මහණක්හුගේ සිත්හි කෝප නැත් ද (ශාශ්වතාදි) ඉතිභවාභවතාව ඉක්මසිටියේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT7. යස්ස විතක්කා විධූපිතා අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT7. යම් මහණහුක් විසින් (කාමාදි) විතර්‍කයෝ නසන ලද්දාහු වෙත් ද, සිය සතන්හි එ හැම විතර්‍කයෝ මොනොවට සිඳින ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT8. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං අච්චගමා ඉමං පපඤ්චං, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT8. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද (තෘෂ්ණාදි) මෙ හැම ප්‍රපඤ්චය සමතික්‍රමණ කෙළේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT9. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං විතථමිදන්ති ඤත්ව{1} ලොකෙ, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT9. යම් මහණෙක් අවකාශලෝකයෙහි ලා මෙ හැම විතථ යයි දැන අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT10. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං විතථමිදන්ති වීතලොභො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT10. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය රාග ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT11. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං වීතථමීදන්ති වීතරාගො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT11. යම් මහණෙක් මෙ හැම විතථ යයි දැන පහවගිය ලෝභ ඇත්තේ අතිධාවන නො කරන්නේ නො පසුබස්නේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT12. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං විතථමිද’න්ති වීතදොසො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT12. යම් මහණෙක් (අත්‍යාරබ්ධවීර්‍ය්‍ය වශයෙන්) අතිධාවන නො කරන්නේ (කුසීතභාවයෙහි වැටෙමින්) නො පසුබස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පැහූ ද්වේෂ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT13. යො නාච්චසාරී න පච්චසාරී සබ්බං විතථමිදන්ති වීතමොහො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT13. යම් මහණෙක් අතිධාවන නො කරන්නේ නො පසු බස්නේ මෙ හැම ධර්‍මසමූහය විතථ යැයි දැනැ පහකළ මෝහ ඇත්තේ වේ ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT14. යස්සානුසයා න සන්ති කෙචි මූලා අකුසලා සමූහතාසෙ, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT14. යම් මහණක්හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, මූල නම් ලත් අකුශලයෝ ද නසන ලද්දාහු වෙත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT15. යස්ස දරථජා න සන්ති කෙචි ඔරං ආගමනාය පච්චයාසෙ, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT15. යම් මහණක්හට (සත්කායසඞ්කාත) අවරයට ඊමට හේතුවන පළමු පළමු උපන් කෙලෙස් නැමැති දරථයෙන් උපන් කිසිදු ක්ලේස කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරැලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT16. යස්ස වනථජා න සන්තී කෙචි විනිබන්ධාය{1} භවාය හෙතුකප්පා, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT16. යම් මහණක්හට (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) වනථයෙන් උපන් භවබන්‍ධනයට හේතු වන කිසිදු කෙලෙස් කෙනෙක් නැත් ද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJT17. යො නීවරණෙ පහාය පඤ්ච අනීඝො තිණ්ණකථංකථො විසල්ලො, සො භික්ඛු ජහාති ඔරපාරං උරගො ජිණ්ණමිව තචං පුරාණං.
Sinhala BJT17. යම් මහණෙක් පඤ්චනීවරණයන් ප්‍රහාණ කොට නිදුක් වූයේ වේ ද, (මාර්‍ගඥානයෙන්) තරණය කළ සැක ඇතියේ වේ ද, පැහූ රාගාදී හුල් ඇතියේ වේද, එ මහණ උරගයකු දිරාගිය පැරැණි සැව හැරලන්නාක් මෙන් ඔරපාරය හැරැපියයි.
Pali BJTඋරගසුත්තං නිට්ඨිතං.
Sinhala BJTඋරග සූත්‍රය නිමි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTධනියසුත්තං
Sinhala BJTධනිය සූත්‍රය
Pali BJT18. පක්කොදනො දුද්ධඛීරො හමස්මි (ඉති ධනියො ගොපො) අනුතීරෙ මහියා සමානවාසො, ඡන්නා කුටි ආහිතො ‘ගිනි අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT18. (ධනියගොපලු මෙසේ කී:) මම සිදු කළ බත්කිස ඇතියෙම්, දෝනා ලද කිරි ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි අනුකූලපරිජනයා සමඟ වාස ඇතියෙම් වෙමි. වාසගෘහය (තෘණපර්‍ණච්ඡදනයෙන්) සෙවෙණි කරණ ලදී. ගිනි දල්වන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
Pali BJT19. අක්කොධනො විගතඛීලො හමස්මි (ඉති භගවා) අනුතීරෙ මහියෙකරත්තිවාසො, විවටා කුටි නිබ්බුතො ‘ගිනි අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT19. (බුදුහු මෙසේ වදාළෝ:) මම නොකිපෙන සැහැවි ඇතියෙම්, පහ වැ ගිය සිත්කණුපස ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි ඒකරාත්‍රිවාස ඇතියෙම් වෙමි. (ආත්මභාවසඞ්ඛ්‍යාත) කුටිය (කෙලෙස්සියන් නැතියෙන්) විවෘත වියැ. (රාගාදී) ගිනි සන්හින. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
Pali BJT20. අන්ධකමකසා න විජ්ජරෙ (ඉති ධනියො ගොපො) කච්ඡෙ රූළ්හතිණෙ චරන්ති ගාවො, වුට්ඨිම්පි සහෙය්යුමාගතං අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT20. (ධනියගොපලු මෙසේ කී:) කණමැස්සන් හා මදුරුවෝ (මෙහි) නැත. තණ නැඟි දෙණිකඩ බිමෙහි ගෙරි හී තණ කති. (ඔහු) අහසින් ආ වැසි ද ඉවසත්. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT21. බද්ධා හි{2} භිසි සුසඞ්ඛතා (ඉති භගවා) තිණ්ණො පාරගතො විනෙය්ය ඔඝං, අත්ථො භිසියා න විජ්ජති අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT21. (බුදුහු මෙසේ වදාළහ:) මොනොවට සකස් කළ පසුර බැඳ නිමවන ලදී. චතුරෝඝ තරණය කොට උත්තීර්‍ණ වූයෙම් පරතෙර ගියෙම් වෙමි. (දැන්) පසුරෙන් වැඩෙක් නැති. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT22. ගොපී මම අස්සවා අලොලා (ඉති ධනියො ගොපො) දීඝරත්තං සංවාසියා මනාපා, තස්ස න සුණාමි කිඤ්චි පාපං අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT22. (ධනිය ගොපලු මෙසේ කී:) මාගේ ගෙවිලිය කීකරු යැ (ආහාරාදීන්) ලොල් නො වූ යැ. දීර්‍ඝරාත්‍රියෙහි සමගි වාස ඇත්තී මනාපචාරී වූ යැ. ඇයගේ කිසි දූ පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT23. චිත්තං මම අස්සවං විමුත්තං (ඉති භගවා) දීඝරත්තං පරිභාවිතං සුදන්තං, පාපං පන මෙ න විජ්ජති අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT23. (බුදුහු මෙසේ වදාළෝ:) මාගේ සිත වසඟ විය. (කෙලෙසුන් කෙරෙන්) මිදින, දීර්‍ඝරාත්‍රියෙහි පරිභාවිත විය, මොනොවට දැමුනේ විය. මාගේ පවෙක් නම් නැත. මේඝය ඉදින් කැමැතියෙහි නම් වර්‍ෂණය කර.
Pali BJT24. අත්තවෙතනභතොහමස්මී (ඉති ධනියො ගොපො) පුත්තා ච මෙ සමානියා අරොගා, තෙසං න සුණාමි කිඤ්චි පාපං අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT24. (ධනියගෝපාල මෙසේ කී:) මම සිය වැටුපින් පුස්නා ලද්දෙමි. මාගේ පුත්‍රයෝ ද (මා හා) සන්නිහිත වූවාහු නිරාබාධයහ. උන්ගේ කිසිදු පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT25. නාහං භතකො’ස්මි කස්සචි (ඉති භගවා) නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ, අත්ථො භතියා{1}න විජ්ජති අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT25. (බුදුහු මෙසේ වදාළෝ:) මම කිසිවක් හට බැළයෙකිම් නො වෙමි. මුළුලොව්හි මිදීගිය බැළමෙහෙයෙන් හැසිරෙමි. බැළයෙන් (මට) වැඩෙක් නැති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT26. අත්ථි වසා අත්ථි ධෙනුපා (ඉති ධනියො ගොපො) ගොධරණියො පවෙණියොපි අත්ථි, උසභොපි ගවම්පතීධ අත්ථි අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT26. (ධනියගෝපාල මෙසේ කී:) මට නහඹු වස්සෝ ඇත. දෙනගේ කිරි බොන වස්සෝ ද ඇත. ගැබිනි දෙන්නු ද ඇත. ප්‍රවේණි ඝටනාවට නිසි දෙන්නු ද ඇත. මේ ගවමඬලෙහි ගවම්පති වෘෂභයෝ ද ඇත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT27. නත්ථි වසා නත්ථි ධෙනුපා (ඉති භගවා) ගොධරණියො පවෙණියොපි නත්ථි, උසභොපි ගවම්පතීධ නත්ථි අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT27. (බුදුහු මෙසේ වදාළෝ:) මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝ ද නැත. ගැබිනි දෙන්නු ද නැත. ප්‍රවේණි ඝටනා කරන දෙන්නු ද නැත. මෙහි ගවම්පති වෘෂභයෝ ද නැත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT28. ඛිලා නිඛාතා අසම්පවෙධී (ඉති ධනියො ගොපො) දාමා මුඤ්ජමයා නවා සුසණ්ඨානා, න හි සක්ඛින්ති ධෙනුපාපි ඡෙත්තුං අථ චෙ පත්ථයසි පවස්ස දෙව.
Sinhala BJT28. (ධනියගෝපාල මෙසේ කී:) නො සැලෙන ටැම්හු සිටුනා ලදහ. මුදුතණමුවා මනාසටහන් ඇති අලුත් දාමයෝ ඇත. කිරිබොන නහඹු වස්සෝ ද එය නොසිඳියහෙති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.
Pali BJT29. උසභොරිව ඡෙත්ව{1} බන්ධනානි (ඉති භගවා) නාගො පුතිලතං ව දාළයිත්වා,{2} නාහං පුන උපෙස්සං ගබ්භසෙය්යං අථ චෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT29. (බුදුහු මෙසේ වදාළහ:) බන්‍ධනයෙන් සිඳ යන වෘෂභයකු සෙයින් ද පූතිලතාවක් කඩා යන ඇතකු සෙයින් ද මම යළිත් ගර්‍භශයනයට නො පැමිණෙමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.
Pali BJT30. නින්නඤ්ච ථලඤ්ච පූරයන්තො මහාමෙඝො පාවස්සි තාවදෙව, සුත්වා දෙවස්ස වස්සතො ඉමමත්ථං ධනියො අභාසථ.
Sinhala BJT30. එකෙණෙහිම මැ වළ හා ගොඩ හා පුරවමින් මහමේ (වැසි) වට. වස්නා වැසිහඬ අසා ධනිය ගෝපාල මෙ කරුණ කී:
Pali BJT31. ලාභො වත නො අනප්පකො යෙ මයං භගවන්තං අද්දසාම, සරණං තං උපෙම චක්ඛුම සත්ථා නො හොහි තුවං මහාමුනි.
Sinhala BJT31. යම් අපි භාග්‍යවතුන් වහන්සේ දක්මෝ ද (එයින්) අපට අනල්ප වූ ලාභයෙක් මැ යැ. භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ සරණ කොට යම්හ. මහා මුනි වූ භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ අපට ශාස්තෘ වන සේක්වා.
Pali BJT32. ගොපී ච අහඤ්ච අස්සවා බ්රහ්මචරියං සුගතෙ චරාමසෙ, ජාතිමරණස්ස පාරගා දුක්ඛස්සන්තකරා භවාමසෙ.
Sinhala BJT32. ගෝපිය ද මම ද කීකරු වැ සුගතයන් වහන්සේ වෙත, බඹසර වස් වසම්හ. ජාතිමරණයාගේ පාරයට යන්නමෝ වම්හ. දුක් කෙළවර කරන්නමෝ වම්හ.
Pali BJT33. නන්දති පුත්තෙහි පුත්තිමා (ඉති මාරො පාපිමා) ගොමිකො ගොහි තථෙව නන්දති, උපධීහි නරස්ස නන්දනා න හි සො නන්දති යො නිරූපධී.
Sinhala BJT33. (පවිටු මර මෙසේ කී:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන සතුටු වෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසේ මැ සතුටු වෙයි. මිනිසාට උපධීහු මැ නන්‍දන වෙති. යමෙක් උපධි රහිත වූයේ ද හේ නන්‍දන නො කෙරේ.
Pali BJT34. සොචති පුත්තෙහි පුත්තිමා (ඉති භගවා) ගොමිකො ගොහි තථෙව සොචති, උපධීහි නරස්ස සොචනා න හි සො සොචති යො නිරූපධීති.
Sinhala BJT34. (බුදුහු මෙසේ වදාළෝ:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන ශෝක කෙරෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසෙයින් මැ ශෝක කෙරේ. මිනිසාට උපධීහු මැ සෝචනාවෝ යැ. යමෙක් උපධි රහිත වූයේ ද හේ ශෝක නො කෙරේ මැ යි.
Pali BJTධනියසුත්තං නිට්ඨිතං.
Sinhala BJTධනිය සූත්‍රය නිමි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTඛග්ගවිසාණ සුත්තං
Sinhala BJTඛග්ගවිසාණ සූත්‍රය
Pali BJT35. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT35. සියලු සතුන් කෙරෙහි (කාය, වාක්, මනස්) දණ්ඩය හැරැපියා ඒ සතුන් කෙරෙන් අන්‍යතර එකකුදු නොපෙළනුයේ පුතකුදු නො පතන්නේ යැ. ‘යහළුවකු පතන්නේ යැ’ යනු කොයින් ලැබේ ද, කගවෙහෙණ හඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT36. සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT36. හටගත් (දර්‍ශනාදී) සංසර්‍ග ඇතියහුට බලවත් ස්නේහයෝ උපදනාහ. මේ (ශෝකාදි) දුක ස්නේහ පරම්පරානුගත වැ උපදනේ යැ. ස්නේහයෙන් උපන් ආදීනව දකිමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT37. මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තො එතං භයං සන්ථවෙ පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT37. සුහෘද්මිත්‍රයන්ට අනුකම්පා කෙරෙමින් පිළිබඳ සිතැති තැනැත්තේ (ත්‍රිවි) අර්‍ත්‍ථය නසාලයි. සන්‍ථවයෙහි ඇති තෙල බිය දක්මින් කගවෙහෙණහඟ බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT38. වංසො විසාලො ව යථා විසත්තො පුත්තෙසු දාරෙසු ච යා අපෙඛා,{1} වංසකළීරොව{2} අසජ්ජමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT38. පුතුන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද යම් අපේක්‍ෂායෙක් ඇද්ද, ඒ (හුණ ළැහැබෙක්හි) හිවීගිය මහ හුණගසක් වැන්න. මම් එහි නො ලැගෙන හුණකිළිලක් සෙයින් කගමුවහඟ බඳු වී එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT39. මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො{3} යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT39. යම් පරිදි වෙනෙහි තිත්මුවා නො බැඳුනේ ගොදුරු පිණිස රිසියෙන් තැනෙක යේ ද එපරිදි නුවණැති මිනිසා ස්වෛරීභාවය පතනුයේ කගවෙහෙණහඟක් බඳු වූයේ එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT40. ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT40. යහළුවන් මැද වසනුවහට (දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි දු (මහාඋපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි දු ගමනයෙහි දු චාරිකායෙහිදු (මේ අසව, මේ දෙව ආදී) ඇමතීම් ඇත. (කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ස්වෛරීභාවය ද පතනුයෙම් කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
Pali BJT41. ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප්පයොගඤ්ච ජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT41. යහළුවන් මැද ක්‍රීඩා හා පඤ්චකාමගුණරතිය හා වෙයි. දරුවන් කෙරෙහි විපුල ප්‍රේමය වෙයි. (එයින් හටගන්නා) විප්‍රයෝග දුඃඛය වෙසෙසින් පිළිකුල් කරනුයෙම්. කගවෙහෙණහඟක් බඳු වූයෙම් එකලා වැ හැසිරෙන්නෙමි.
Pali BJT42. චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT42. ඉතරීතර (කුදුමහත්) ප්‍රත්‍යයයෙන් සතුටු වනුයේ සතර බඹවිහරණයෙන් පතළ සිවුදිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැතිගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT43. දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා, අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT43. ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගේ වැසි ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT44. ඔරොපයිත්වා ගිහී ව්යඤ්ජනානි සංසීනපත්තො යථා කොවිළාරො, ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT44. ගිලිහුණු පත්‍ර ඇති කොබෝලීල රුකක් සෙයින් (කෙහෙරවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්‍ගවීර්‍ය්‍යය ඇත්තේ ගිහී (කාම) බන්‍ධනයන් (මාර්‍ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT45. සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJT45. ඉදින් (කිසුණු පිරියම් ආදියෙහි නිපුණ වූ සාධු (අර්‍පණඋපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු ලබන්නේ නම් හැම උවදුරු මැඬලා එයින් තුටු වැ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ.
Pali BJT46. නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජා’ව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT46. ඉදින් නිපුණ වූ සාධුවිහාර ඇති වූ ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායයකු නොලබා නම් දිනූරට හැරපියා එකලා වැ රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT47. අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමාසෙවිතබ්බා සහායා, එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT47. ඒකාන්තයෙන් සහාය සම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සමවූ සහාය යෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT48. දිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT48. තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවනලද දිලියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යැ.
Pali BJT49. එවං දුතියෙන සහා මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT49. මෙසෙයින් (ගණවාස ඇතිකල) මට දෙවැන්නකු සමග වාගභිලාප (දෙතිස් කථා) වන්නේ යැ. (ඔහු කෙරෙහි) ඇලීම හෝ වන්නේ යැ. ආයතිභවයෙහි තෙල බිය දක්මින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ හැසිරෙන්නෙමි.
Pali BJT50. කාමා හි චිත්රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT50. විසිතුරු වූ මියුරු වූ (අඳබල් පුහුදුනන් ගේ) සිත් අලවන (වස්තු ක්ලේශ) කාමයෝ විවිධස්වරූපයෙන් සිත් අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
Pali BJT51. රතී ච ගණ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලඤ්ච භයඤ්ච මෙතං, එතං භයං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT51. තෙල (ආගන්තුක ව්‍යසනහේතුවූ) රතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රෝගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද කාමයට නමෙකි. කාමගුණයෙහි තෙල ආදීනව දැක කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
Pali BJT52. සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං වාතාතපෙ ඩංසසිරිංසපෙ ච, සබ්බානි පෙතානි අභිසම්භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT52. සිහිලස ද උණුසුම ද සා පවස් ද වා අවු මැසි මදුරුවන් ද යන තෙල හැම මැඩැගෙණ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙම්.
Pali BJT53. නාගො ව යූථානි විවජ්ජයිත්වා සඤ්ජාතඛන්ධො පදුමී උළාරො, යථාභිරන්තං විහරෙ අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT53. ඇත්මුළ හැරැපියා අරන්හි සිත්සේ වෙසෙන, මොනොවට වැඩුනු කඳ ඇති, පද්මකූල සම්භූත වූ, (වීර්‍ය්‍ය ජව බලාදියෙන්) මහත් වූ ඇත් රජක්හු සෙයින් හටගත් අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදිය ඇතියෙම් පද්මසදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීල සමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙම්.
Pali BJT54. අට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT54. යමෙක් යම් කරුණෙකින් සාමයිකවිමුක්තිය (ලෞකික සමාපත්ති) අධිගම කෙරේ නම් ගණසඞ්ගණිකායේහි ඇලුනහුට ඒ අස්ථානය යන ආදිත්‍ය බන්‍ධූහු (පසේ බුදුන්) ගේ වචනය අසා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ සරනෙම්.
Pali BJT55. දිට්ඨීවිසූකානි උපාතිවත්තො පත්තො නියාමං පටිලද්ධමග්ගො, උප්පන්නඤාණො’ම්හි අනඤ්ඤනෙය්යො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT55. දෘෂ්ටිවිශූකයන් (සතිකායදෘෂ්ටිය හෝ දෙසැට මිස දිටු) ශ්‍රෝතආපත්තිමාර්‍ගසඞ්ඛ්‍යාත දර්‍ශනයෙන් ඉක්මවූයෙම් (සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත) නියාමයට පැමිණියෙම් පිළිලදශේෂමාර්‍ග ඇතියෙම් උපන් ප්‍රත්‍යකබෝධ ඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවියයුතුවූයෙම් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නෙමි.
Pali BJT56. නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො, නිරාසයො සබ්බලොකෙ භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT56. (රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම්, කුහක නො වූයෙම් (මියුරුරස බුදිනු කැමැති) පවස් නැතියෙම්, මකු නො වූයෙම්, නසාලූ රාගාදි කෙලෙස් කසට හා මෝහ ඇතියෙම්. සවුලොව්හි තෘෂ්ණා නැති වැ කගමුවහඟක් සෙයින් එකලා ව හැසිරෙන්නෙමි.
Pali BJT57. පාපසහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං, සයං න සෙවෙ පසුතං පමත්තං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT57. අනර්‍ත්‍ථ එළවන කායදුශ්චරිතාදි විෂමයෙහි බැසගත් පාපමිත්‍රයන් දුරලන්නේ ය. මිසදිටුහි ලැගුනු පස්කම්ගුණෙහි වුටුහු සිත් ඇතියහු නො සෙවුනේ ය. කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT58. බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං, අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT58. බහුශ්‍රුත වූ ධර්‍මධර වූ උදාර වු ප්‍රතිභාන ඇති, මිත්‍රයකු භජනය කරන්නේ ය. (ආත්මාර්‍ත්‍ථාදී) අර්‍ත්‍ථයන් දැනැ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT59. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ අනලංකරිත්වා අනපෙක්ඛමානො, විභූසනට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT59. ලොව්හි කායිකවාචසික ක්‍රීඩා ද පඤ්චකාමගුණික රතිය ද වස්තුකාමසුඛය ද (සාර විසින්) නො ගැණ එය අපේක්‍ෂා නො කරන්නේ විභූෂණකරෙනයෙන් දුරුවූයේ සත්‍යවචන කියන සුලු වූයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT60. පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්ධවානි, හිත්වාන කාමානි යථොධිකානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT60. අඹුදරුවන් ද මාපියන් ද ධනය ද ධාන්‍ය ද බන්‍ධුසමූහයද යන කාමයන් ස්වකීය අවධිවශයෙන් හැරපියා කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT61. සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්යං අප්පස්සාදො දුක්ඛමෙත්ථභිය්යො, ගළො{1} එසො ඉති ඤත්වා මුතීමා{2} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT61. “තෙල පඤ්චකාමගුණය සඞ්ගයෙකි, මෙහි සෞඛ්‍යය අල්ප යැ, අල්පාස්වාද ඇත්තේ ය. මෙහි දුක් බොහෝ ය. තෙල බිලියෙකැ” යි දැනැ නුවණැතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT62. සන්දාළයිත්වාන සංයොජනානි ජාලම්භෙත්වා සලිලම්බුචාරී, අග්ගීව දඩ්ඪං අනිවත්තමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT62. දියෙහි දැල බිඳගෙණ ගිය මසෙකු සෙයින් සංයෝජනයන් පලා දැවුනු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (කෙලෙසුන් කරා) නැවැත නො එනුයේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT63. ඔක්ඛිත්ත චක්ඛු න ච පාදලොලො ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො, අනවස්සුතො අපරිඩය්හමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT63. යට බලා හෙලූ ඇස් ඇතියේ නො ද පාද ලෝල වූයේ ගෝපනය කළ ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ, කෙලෙසුන් විසින් නො තෙත් වූයේ, (කෙලෙස් ගින්නෙන්) නො දැවුනේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT64. ඔහාරයිත්වා ගිහීව්යඤ්ජනානි සඤ්ඡන්නපත්තො{3} යථාපාරිඡත්තො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT64. (කෙස්රවුළු ඈ) ගිහීව්‍යඤ්ජනයන් හැරපියා සැදුම්ලත් පත්‍ර ඇති පරසතු රුකක්සෙයින් හැඳපෙරවූ කහවත් ඇතියේ අබිනික්මන් කොට කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT65. රසෙසු ගෙධං අකරං අලොලො අනඤ්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT65. රසයෙහි ගිජුබව නො කරණුයේ රසවිසාහි ලොග් නො වූයේ, අනෙකක්හු නො පුස්නාසුලුයේ, ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩනුයේ (කෙලෙස් විසින්) කුගයෙහි නොලැගි සිත් ඇතියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT66. පහාය පඤ්චාවරණානි චෙතසො උපක්කිලෙසෙ ව්යපනුජ්ජ සබ්බෙ, අනිස්සිතො ඡෙත්වා ස්නෙහදොසං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT66. චිත්තයට ආවරණ වූ පඤ්චනීවරණයන් හැරපියා (අභිධ්‍යාදි) හැම උපක්ලේශයන් විවසුන්-මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අඃනිශ්‍රිත වූයේ (ත්‍රෛධාතුකවූ) ස්නේහදෝෂය සිඳපියා, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT67. විපිට්ඨිකත්වාන සුඛං දුඛඤ්ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සං, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT67. කායික වූ සුඛය ද දුඃඛය ද පිටු දැක පළමු මැ චෛතසික සොම්නස්, දොම්නස් ද හැරපියා චතුර්‍ත්‍ථධ්‍යාන උපේක්‍ෂාව ද (පඤ්ච නීවරණයෙන්) විශුද්ධ වූ චිත්තශමථය ද ලැබ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT68. ආරද්ධවිරියො පරමත්ථපත්තියා අලීනචිත්තො අකුසීතවුත්ති, දළ්හනික්කමො ථාම ඛලූපපන්නො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT68. පරමාර්‍ත්‍ථ (නිර්‍වාණ) යට පැමිණීම සඳහා රුකුළු වැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT69. පටිසල්ලානං ඣානමරිඤ්චමානො ධම්මෙසු නිච්චං අනුධම්මචාරී, ආදීනවං සම්මසිතා භවෙසු එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT69. (කායවිවේක සඞ්ඛ්‍යාත) පිළිසලන ද (චිත්තවිවේක සඞ්ඛ්‍යාත) ධ්‍යානය ද නො හරනුයේ, නිරතුරු (විදර්‍ශනෝපග වූ) පඤ්චස්කන්‍ධාදී ධර්‍මයන්හි අනුධර්‍මචාරී වූයේ, භවත්‍රයෙහි ආදීනව දන්නේ කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT70. තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො අනෙළමූගො සුතවා සතීමා, සඞ්ඛාතධම්මො නියතො පධානවා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT70. තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය පතනුයේ නො පමා වූයේ කෙළතොලු නො වූයේ ආගමධර වූයේ, ස්මෘතිමත් වූයේ (ධර්මොපපරීක්‍ෂායෙන්) පරිඥාත ධර්‍ම ඇතියේ, අරිමගින නියාමයට පැමිණියේ සම්‍යක්ප්‍රන්වීර්‍ය්‍ය ඇතියේ, කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT71. සීහො ච සද්දෙසු අසන්තසන්තො වාතො ව ජාලම්හි අසජ්ජමානො, පදුමංව තොයෙන අලිප්පමානො{1} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT71. ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් ( ස්කන්‍ධාධාත්‍වායතනාදියෙහි ) නො ලැගෙනුයේ ජලය හා මුසු නොවන පියුමක් සෙයින් සර්‍වභවභෝගලෝභයෙන් නො තැවැරෙනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT72. සීහො යථා දාඨබලී පසය්හ රාජා මිගානං අභිභුය්යචාරී, සෙවෙථ පන්තානි{1} සෙනාසනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT72. මෘගරාජන් වූ කේශරසිංහ තෙම දළ බල කොට ඇතියේ යම්සේ ලා හෙලා හැසිරේ ද (කායබලයෙන්) තේජසින් සතුරන් අභිභවා හැසිරේ ද එසෙයින් වනයෙහි දුරැසෙනසුන් සෙවුනේ ය. කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT73. මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතඤ්ච කාලෙ, සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT73. (හිතසුඛොපනයනකාමතා සඞ්ඛ්‍යාත) මෛත්‍රිය ද (සුඛදුඃඛාධ්‍යුපේක්‍ෂණතා සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාව ද (අහිතදුඃඛාපනයනකාමතා සඞ්ඛ්‍යාත) කරුණාව ද (හිතසුඛාවිප්‍රයෝගකම්‍යතා සඞ්ඛ්‍යාත) මුදිතාව ද යන චතුර්විධ විමුක්තිය යුක්තප්‍රාප්ත කාලයෙහි සෙවුනේ හැම සත්ත්‍වලෝකයා හා අවිරුද්ධ වෙමින් කගවෙහෙණහඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT74. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං සන්දාළයිත්වා සංයොජනානි, අසන්තසං ජීවිතසඞ්ඛයම්හි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT74. රාගය ද ද්වේෂය ද මෝහය ද ප්‍රහීණ කොට දශසංයෝජනයන් ප්‍රදාලනය කොට (ච්‍යුතිචිත්තපරිභේද සඞ්ඛ්‍යාත) ජීවිතක්‍ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJT75. භජන්ති සෙවන්ති ච කාරණත්ථා නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා, අත්තට්ඨපඤ්ඤා අසුචී මනුස්සා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT75. අර්‍ත්‍ථය කරුණු කොට ගෙන ඇත්තාහු භජනය කෙරෙති. සේවනය ද කෙරෙති. (අර්‍ත්‍ථප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්‍ය්‍යමිත්‍රයෝ දුලබ වෙති. ආත්මාර්‍ත්‍ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍රවූ කායකර්‍මාදියෙන් යුක්ත වෙති. එහෙයින් කගවෙහෙණ හඟක් ලෙසින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTඛග්ගවිසාණසුත්තං නිට්ඨිතං.
Sinhala BJTඛග්ගවිසාණ සූත්‍රය නිමි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTකසීභාරද්වාජසුත්තං
Sinhala BJTකසීභාරද්වාජ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු විහරති දක්ඛිණාගිරිස්මිං එකනාළායං බ්රාහ්මණගාමෙ, තෙන ඛො පන සමයෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පඤ්චමත්තානි නඞ්ගලසතානි පයුත්තානි හොන්ති වප්පකාලෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ මගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘ඒකනාළා’ නම් බමුණුගම්හි වැඩවසනසේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් වප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්ස කම්මන්තො තෙනුපසංකමි. තෙන ඛො පන සමයෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පරිවෙසනාවත්තති, අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි, අද්දසා ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං. දිස්වාන භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය කරා වැඩිසේක. එසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිදැ හිඳුනාතැන් කරා වැඩිසේක. වැඩැ එකත්පසෙක සිටිසේක. කසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:
Pali BJTඅහං ඛො සමණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමි ත්වම්පි සමණ කසස්සු ච වපස්සු ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජස්සූති.
Sinhala BJT“මහණ මම සී සාමි, වපුරමි. සී සා, වපුට වළද කෙරෙමි. මහණ, තොයිත් සී සා, වපුර. සී සා වපුට වළඳව”යි
Pali BJTඅහම්පි ඛො බ්රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීති.
Sinhala BJT“බමුණ, මමත් සී සාමි, බිජුවට වපුරමි. සී සා වපුට වළඳමි”යි.
Pali BJTන ඛො පන මයං පස්සාම ගොතමස්ස යුගං වා නඞ්ගලං වා ඵාලං වා පාචනං වා බලිවද්දෙ වා, අථ ච පන භවං ගොතමො එවමාහ: අහම්පි ඛො බ්රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීති, අථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT“අපි භවත් ගෞතමයන්ගේ වියගස වේවයි, නගුල් වේවයි, හීවැල් වේවයි, කෙවිට වේවයි, ගෙරිසරක් වේවයි නොදක්මහ. එතෙකුදුවූවත් බවත් ගෞතම මෙසේ කියයි; මම ද බමුණ සී සාමි, වපුරමි, සී සා වපුට වළඳමි” ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:
Pali BJT76. කස්සකො පටිජානාසි න ච පස්සාම තෙ කසිං, කසිං නො පුච්ඡිතො බ්රූහි යථා ජානෙමු තෙ කසිං.
Sinhala BJT76. ‘(තෙපි)‘කර්‍ෂකයෙමි’යි ප්‍රතිඥා කරව. තොපගේ කෘෂිභාණ්ඩ නො ද දකුම්හ. යම් පරිද්දෙකින් තොපගේ කෘෂිභාණ්ඩ දනුමෝ නම්, එපරිද්දෙන් පුළුවුස්නාලද තෙපි අපට කෘෂිභාණ්ඩ කියව’යි.
Pali BJT77. සද්ධා බීජං තපො වුට්ඨි පඤ්ඤා මෙ යුගනඞ්ගලං, හිරි ඊසා මනො යොත්තං සති මෙ ඵාලපාචනං.
Sinhala BJT77. මාගේ ශ්‍රද්ධාව බිජුවට වෙයි. තපස වැසිදහර වෙයි, ප්‍රඥාව විය හා නගුල් වෙයි. හිරිය නගුලිස් වෙයි. චිත්තය වියරැහැන් වෙයි. ස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.
Pali BJT78. කායගුත්තො වචීගුත්තො ආහාරෙ උදරෙ යතො, සච්චං කරොමි නිද්දානං සොරච්චං මෙ පමොචනං.
Sinhala BJT78. (ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි. (චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි. සිවුපසෙහි (භෝජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි. අවිසංවාදන සඞ්ඛ්‍යාත සත්‍යයෙන් කෑම්පීම් කෙරෙමි. (නිවනෙහි ඇලෙන හෙයින් අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත) සුරතභාවය මාගේ විය මිදීම වෙයි.
Pali BJT79. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ත්වා න සොචති.
Sinhala BJT79. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්‍ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්‍ෂේම (නිර්‍වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි.
Pali BJT80. එවමෙසා කසීකට්ඨා සා හොති අමතප්ඵලා එතං කසිං කයීත්වාන සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJT80. මෙසෙයින් (මා විසින් ) තෙල සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්‍මය අමා ඵල ඇති. තෙල ඇත. තෙල කෘෂිකර්‍මය කොට සී සා හැම දුකින් මිදේය”යි.