Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 8701-8800 න් 15083

ඨිති සප්පායකාරී සූත්‍රය
688. සැවැත්නුවර:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සප්පායකාරි නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සප්පායකාරි වේ. සමාධියෙහි ඨිතීකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ඨිතීකුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරිත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වෙයි.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.
13. 1. 28.
වුට්ඨාන කල්ලිත සූත්‍රය
689. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් සමාධියෙහි නො මැ කල්ලිතකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 29.
වුට්ඨාන ආරම්මණ සූත්‍රය
690. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ... උසස් ද වේ.
13. 1. 30.
වුට්ඨාන ගෝචර සූත්‍රය
691. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ගෝචරකුසල නො වේ ...
13. 1.31.
වුට්ඨාන අභිනීහාර සූත්‍රය
692. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
13. 1. 32.
වුට්ඨාන සක්කච්ච්කාරී සූත්‍රය
693. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
13. 1. 33.
වුට්ඨාන සාතච්චකාරී සූත්‍රය
694. සැවැත්නුවර:
… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 34.
වුට්ඨාන සප්පායකාරී සූත්‍රය
695. සැවැත්නුවර:
... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි සප්පයකාරි නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පයකාරි වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම වුට්ඨානකුසලත් සමාධියෙහි නො ම සප්පායකාරිත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරන්නවුන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 35.
කල්ලිත ආරම්මණ සූත්‍රය
696. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම කල්ලිතකුසලත් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිත කුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 36.
කල්ලිත ගෝචර සූත්‍රය
697. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... උසස් ද වේ යි.
13. 1. 37.
කල්ලිත අභිනීහාර සූත්‍රය
698. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ...
13. 1. 38.
කල්ලිත සක්කච්චකාරී සූත්‍රය
699. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 39.
කල්ලිත සාතච්චකාරී සූත්‍රය
700. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 40.
කල්ලිත සප්පායකාරී සූත්‍රය
701. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
13. 1. 41.
ආරම්මණ ගෝචර සූත්‍රය
702. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් සමාධියෙහි නො ම ගෝචරකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසලත් සමාධියෙහි ගෝචරකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් … උසස් ද වේ යි.
13. 1. 42.
ආරම්මණ අභිනීහාර සූත්‍රය
703. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: … සමාධියෙහි ආරම්මණ කුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... උසස් ද වේ යි.
13. 1. 43.
ආරම්මණ සක්කච්චකාරී සූත්‍රය
704. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
13. 1. 44.
ආරම්මණ සාතච්චකාරී සූත්‍රය
705. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 45.
ආරම්මණ සප්පායකාරී සූත්‍රය
706. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...