මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වෙයි.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පයකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනාට වඩා කිරි … මහණෙනි, එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායී පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ යි.
13. 1. 11.
සමාපත්ති ඨිති කුසල සූත්‍රය
672. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමවත කලක් තබා ගැන්මෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල වෙයි. සමාධියෙහි සමාපත්ති කුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මෑ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ. මහණෙනි යම්සේ දෙනට වඩා කිරිත් කිරට වඩා දීත් … උසස් ද වේ යි.
13. 1. 12.
සමාපත්ති වුට්ඨාන කුසල සූත්‍රය
673. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි. සමාධියෙහි සමවතින් වහා නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨාන කුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් (සමවතට සමවැදීමෙහි දක්‍ෂත්) සමාධියෙහි වුට්ඨානකුසලත් (ධ්‍යානයෙන් නැඟී සිටීමේ දක්‍ෂත්) වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.
13. 1. 13.
සමාපත්ති කල්ලිත කුසල සූත්‍රය
674. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්ති කුසල වෙයි, සමාධියෙහි සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කල්ලිතකුසල (සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ කල්ලිත කුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් ... උතුම් ද වේ යයි.
13. 1. 14.
සමාපත්ති ආරම්මණ කුසල සූත්‍රය
675. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත පිළිබඳ අරම්මණකුසල (කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ‘අරම්මණකුසල වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ අරම්මණකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.
13. 1. 15.
සමාපත්ති ගෝචර කුසල සූත්‍රය
676. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි ගෝචර කුසල (සමවත පිළිබඳ කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ) නො වේ ... උතුම් ද වේ යි.
(චතුකෝටිකය විස්තර කටයුතු යි )
13. 1. 16.
සමාපත්ති අභිනීහාර කුසල සූත්‍රය
677. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි අභිනීභාරකුසල (සමවත පිළිබඳ අරමුණු එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ ...
13. 1. 17.
සමාපත්ති සක්කච්චකාරී සූත්‍රය
678. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත සකසා කරනසුලු නො වේ ...
13. 1. 18.
සමාපත්ති සාතච්චකාරී සූත්‍රය
679. සැවැත්නුවර:
... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත නිතර කරනසුලු නො වේ ...
13. 1. 19.
සමාපත්ති සප්පායකාරී සූත්‍රය
680. සැවැත්නුවර:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි සමාධියෙහි සමවත පිළිබඳ උපකාරකධර්‍ම වඩනසුලු නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරි වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්ති කුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරීත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උතුම් ද වේ යි.
13. 1. 20.
ඨිති වුට්ඨාන සූත්‍රය
681. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල (සමාධිය කලක් තබා ගැනීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි වුට්ඨානකුසල (සමාධියෙන් වහ නැඟී සිටීමෙහි දක්‍ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි ඨිතීකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි වුට්ඨාන කුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.
13. 1. 21.
ඨිති කල්ලිත සූත්‍රය
682. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි කල්ලිතකුසල නො වේ ... උතුම් ද වේ යි.
13. 1. 22.
ඨිති ආරම්මණ සූත්‍රය
683. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ...
13. 1. 23.
ඨිති ගෝචර සූත්‍රය
684. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ගෝචර කුසල නො වේ ...
13. 1. 24.
ඨිති අභිනීහාර සූත්‍රය
685. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතිකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
13. 1. 25.
ඨිති සක්කච්චකාරී සූත්‍රය
686. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සකච්චකාරි නො වේ ...
13. 1. 26.
ඨිති සාතච්චකාරී සූත්‍රය
687. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී කුසල නො වේ ...
13. 1. 27.