660. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි නො පසක් කිරීමෙන් …
12. 1. 55.
විඤ්ඤාණ අපච්චකඛ කම්ම සූත්‍රය
661. සැවැත්නුවර:
වච්ඡය, විඥානයෙහි නො පසක් කිරීමෙන් , විඥානසමුදයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධගාමිනීපටිපදාවෙහි නො පසක් කිරීමෙන්, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්.
වච්ඡය, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අනන්තවත් ය යි හෝ ජීවයත් එය ය ශරීරයත් එය ය යි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
පළමුවැනි වච්ඡගොත්ත වර්‍ග යි.
(එකට පිඬු කිරීමෙන් පස්පනස් සූත්‍ර කෙනෙක් වෙත්.)
එහි උද්දානය:
අඤ්ඤාණයෙන් ද, අදස්සනයෙන් ද, අනභිසමයෙන් ද, අනනුබෝධයෙන් ද, අප්පටි වේධයෙන් ද, අසල්ලක්ඛණයෙන් ද, අනුපලක්ඛණයෙන් ද, අපච්චුපලක්ඛණයෙන් ද, අසමපෙක්ඛණයෙන් ද, අපච්චුපෙක්ඛණයෙන්ද, අපච්චක්ඛකම්මයෙන් දැ යි එක් එක පඤ්චකය බැගින් පඤ්චක එකොළොසෙකි. සූත්‍ර මුළුල්ල පස්පනසෙකි
වච්ඡගොත්ත සංයුත්තය නිමියේ යි.
13. ඣාන සංයුත්තය
1. ඣාන වර්‍ගය
13. 1. 1.
සමාපත්ති කුසල සූත්‍රය
662. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යානලාභී පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් (ධ්‍යානාඞ්ග ව්‍යවස්ථාන විසින්) සමාධිකුසල වෙයි, සමාධියෙහි (ධ්‍යානයට සමවැදීම් විසින්) සමාපත්තිකුසල නො වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි සමාධි කුසල නො වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ද සමාධිකුසල වෙයි, සමාධියෙහි නො ද සමාපත්තිකුසල වේ.
මහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල ද වේ.
මහණෙනි, ඔවුන් කෙරෙහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්ති කුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල් මණ්ඩය එහි ලා අග්‍රයයි කියනු ලැබේ ද, මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්තිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි. ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රචරද වේ යි.
13. 1. 2.
ඨිති කුසල සූත්‍රය
663. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි ඨීතිකුසල (සමාධිය කලක් පවත්වා ගැන්මට දක්‍ෂ) නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨීතිකුසල වෙයි, සමාධියෙහි සමාධිකුසල නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල නො ම වෙයි. සමාධියෙහි ඨීතිකුසල නො ද වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි ඨිති කුසල ද වේ.
මහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි ඨිතිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායීන් අතර අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ද, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මණ්ඩය එහි ලා අග්‍ර වෙයි. මහණෙනි එසෙයින් ම යම් ඒ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වේ ද ... ප්‍රවර ද වේ යි .
13. 1. 3.
වුට්ඨාන කුසල සූත්‍රය
664. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාංඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහිත් නො ම දක්‍ෂ වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරන පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 4.
කල්ලිත කුසල සූත්‍රය
665. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි ලා සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) ත් නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් නො ම දක්‍ෂ වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ සතර ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද, ... උසස් ද වේ යි.
13. 1. 5.
ආරම්මණ කුසල සූත්‍රය
666. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් නො ම දක්‍ෂ වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා ... උසස් ද වේ යි.
13. 1. 6.
ගෝචර කුසල සූත්‍රය
667. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි සමත්) දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචර දක්‍ෂ නො වේ, (කමටහන් අරමුණෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ නො වේ.)
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ගෝචර පිළිබඳ (කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචරයෙහිත් නො ම දක්‍ෂ වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගෝචරයෙහි දක්‍ෂ වූයේත් වේ.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යාන කරනසුලු පුද්ගල සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගොදුරෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායීන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 7.
අභිනීහාර කුසල සූත්‍රය
668. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි කුසල වෙයි. සමාධි යෙහි අභිනීහාරයෙහි (කමටහන් එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි අභිනීහාරකුසල වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ම සමාධිකුසලත් සමාධියෙහි නො ම අභිනීහාරකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධි කුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 8.
සක්කච්චකාරී සූත්‍රය
669. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි වෙත්. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සකස් කොට කරනසුලු නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සකස් කොට කරනසුලු වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සකස් කොට කරනසුලුත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 9.
සාතච්චකාරී සූත්‍රය
670. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුලු පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි සාතච්චකාරී (නිතර කරනසුලු) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සාතච්චකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සතච්චකාරීත් වෙයි.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරිත් වෙයි.
මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
13. 1. 10.
සප්පායකාරී සූත්‍රය
671. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සප්පායකාරී (උපකාරකධර්‍මයන් වඩනසුලු) නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සප්පයකාරීත් වෙයි.