වච්ඡ, රූපයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ ...
12. 1. 12.
වේදනා අනභිසමය සූත්‍රය
618. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 13.
සඤ්ඤා අනභිසමය සූත්‍රය
619. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 14.
සඞ්ඛාර අනභිසමය සූත්‍රය
620. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …
12. 1. 15.
විඤ්ඤාණ අනභිසමය සූත්‍රය
621. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 16.
රූප අනනුබෝධ සූත්‍රය
622. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 17.
වේදනා අනනුබෝධ සූත්‍රය
623. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 18.
සඤ්ඤා අනනුබෝධ සූත්‍රය
624. සැවැත්නුවර:
… වච්ඡය, සැඤ්ඤාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 19.
සඞ්ඛාර අනනුබෝධ සූත්‍රය
625. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 20.
විඤ්ඤාණ අනනුබෝධ සූත්‍රය
626. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනනුබෝධයෙන් ...
12. 1 .21.
රූප අප්පටිවේධ සූත්‍රය
627. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අප්‍රතිවේධයෙන් …
12. 1. 22.
වේදනා අප්පටිවේධ සූත්‍රය
628. සැවැත්නුවර:
… වච්ඡය, වේදනායෙහි අප්‍රතිවේධයෙන් …
12. 1. 23.
සඤ්ඤා අප්පටිවේධ සූත්‍රය
629. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි අප්‍රතිවේධයෙන් …
12. 1. 24.
සඞ්ඛාර අප්පටිවේධ සූත්‍රය
630. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි අප්‍රතිවේධයෙන් …
12. 1. 25.
විඤ්ඤාණ අප්පටිවේධ සූත්‍රය
631. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි අප්‍රතිවේධයෙන් …
12. 1. 26-29.
රූපාදි අසල්ලක්ඛණ සූත්‍ර
632-635. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි නො සැලකීමෙන් …
12. 1. 30.
විඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්‍රය
636. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි නො සැලකීමෙන් …
12. 1. 31-34.
රූපාදි අනුපලක්ඛණ සූත්‍ර
637-640. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
12. 1. 35.
විඤ්ඤාණ අනුපලක්ඛණ සූත්‍රය
641. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
12. 1. 36-40.
රූපාදි අපච්චුලක්ඛණ සූත්‍ර
642-646. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා ලකුණු නො බැලීමෙන් …
12. 1. 41-45.
රූපාදි අසමපෙක්ඛණ සූත්‍ර
647-651. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා මැනවින් නො බැලීමෙන් …
12. 1. 46-50.
රූපාදි අපච්චුපෙක්ඛණ සූත්‍ර
652-656. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුන පුනා නො බැලීමෙන් …
12. 1. 51.
රූප අපච්චකඛ කම්ම සූත්‍රය
657. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි නො පසක් කිරීමෙන්, රූපසමුදයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො පසක් කිරීමෙන් යම් යම් ...
12. 1. 52.
වේදනා අපච්චකඛ කම්ම සූත්‍රය
658. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය ද”යි.
වච්ඡය, වේදනාවෙහි නො පසක් කිරීමෙන් ...
12. 1. 53.
සඤ්ඤා අපච්චකඛ කම්ම සූත්‍රය
659. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි නො පසක් කිරීමෙන් …
12. 1. 54.
සඞ්ඛාර අපච්චකඛ කම්ම සූත්‍රය