Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 8301-8400 න් 15083

සුචරිත සූත්‍රය
551. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක්, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත් පස් ව හුන් ඒ මහණ , භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙලො වැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. වලාහක කායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු වලාහක කායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
11. 1. 3-12.
අන්නදායකාදි සීතවලාහක සූත්‍ර
552-561. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “ශීතවලාහක දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි. ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මැනැවැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් දෙයි. … හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
11. 1. 13-52.
අන්නදායකාදි උණ්හවලාහකාදි සූත්‍ර
562-601. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු උණහවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ ... සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “වස්සවලාහක දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛ බහුලහ” යි අසන ලද්දේත් වෙයි. ඔහුට: “මම් කාබුන් මරණින් මතූ වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
11. 1. 53.
සීතවලාහක සූත්‍රය
602. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.
11. 1. 54.
උණ්හවලාහක සූත්‍රය
603. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනෙක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.
11. 1. 55.
අබ්භවලාහක සූත්‍රය
604. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.
11. 1. 56.
වාතවලාහක සූත්‍රය
605. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
11. 1. 57.
වස්සවලාහක සූත්‍රය
606. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.
මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
පළමුවැනි වලාහක වර්‍ග යි.
(විතර විසින් සුත්‍රාන්තයෝ සත්පනසෙක් වෙති.)
එහි සූත්‍රනාමාවලිය :
සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අන්නදායකා දි දසක පස ද, සීතවලාහක, උණ්හවලාහක, අබ්භවලාහක, වාතවලාහක, වස්සවලාහක සූත්‍රයෝ දැ යි’ සූත්‍ර සත්පනසෙකි.
වලාහක සංයුත්තය නිමියේ යි.
12. වච්ඡගොත්ත සංයුත්තය
1. වච්ඡගොත්ත වර්‍ගය
12. 1. 1.
රූප අඤ්ඤාණ සූත්‍රය
607. සැවැත්නුවර:
එකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වියැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ යැ. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ:
භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ, ලෝකය අන්තවත් ය යි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ජීවයත් එය යැ ශරීරයත් එය ය යි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැයි හෝ, සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු කෙනෙක් ලොව උපදිත් නම් (එයට) හේතු කවරැ ප්‍රත්‍යය කවරැ” යි.
වච්ඡය, රූපයෙහි නො දැනීමෙන්, රූපසමුදයෙහි නො දැනීමෙන් රූපනිරෝධයෙහි නොදැනීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් “ලෝකය ශාශ්වත ය යි හෝ, ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ “නන් වැදෑරුම් වූ මේ මිසදිටුහු මෙසේ ලොවැ උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
12. 1. 2.
වේදනා අඤ්ඤාණ සූත්‍රය
608. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
වච්ඡය, වේදනා නො දැනීමෙන් වෙදනාසමුදය නො දැනීමෙන් වේදනානිරෝධය නො දැනීමෙන් වේදනානිරෝධගාමිනීපටිපදාව නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ හෝ නන් වැදෑරුම් වූ මෙසේ මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡය, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යැ, මේ ප්‍රත්‍යය යි.
12. 1. 3.
සඤ්ඤා අඤ්ඤාණ සූත්‍රය
609. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය ආශාශ්වත ය” යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
වච්ඡය, සඤ්ඤාවෙහි නො දැනීමෙන්, සඤ්ඤාසමුදයෙහි නො දැනීමෙන් සඤ්ඤානිරෝධයෙහි නො දැනීමෙන්, සඤ්ඤානිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි ය යි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් මේ මිසදුටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි.
12. 1. 4.
සඞ්ඛාර අඤ්ඤාණ සූත්‍රය
610. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැනීමෙන්, සඞ්ඛාරසමුදයෙහි නො දැනීමෙන් සඞ්ඛාරනිරෝධයෙහි නොදැනීමෙන්, සඞ්ඛාරනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
12. 1. 5.
විඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය
611. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත යයි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැන්මෙන් විඤ්ඤාණ සමුදයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධගාමිනි පටිපදාවෙහි නො දැන්මෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු මෙසේ ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යය යි.
12. 1. 6.
රූප අදස්සන සූත්‍රය
612. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යෑ: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.
වච්ඡය, රූපයෙහි නො දැක්මෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ ...
12. 1. 7.
වේදනා අදස්සන සූත්‍රය
613. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.
12. 1. 8.
සඤ්ඤා අදස්සන සූත්‍රය
614. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 9.
සඞ්ඛාර අදස්සන සූත්‍රය
615. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
12. 1. 10.
විඤ්ඤාණ අදස්සන සූත්‍රය
616. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැක්මෙන් … විඤ්ඤාණසමුදයෙහි නො දැක්මෙන් විඤ්ඤාණනිරෝධයෙහි නො දැක්මෙන්, විඤ්ඤාණනිරොධගාමිනිපටිපදාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යි හෝ … (පළමු ගමන මෙන් පස්කඳ ම පස් ගමනින් විතර කටයුතු යි)
12. 1. 11.
රූප අනභිසමය සූත්‍රය
617. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ යැ ; භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.