405. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
9. 1. 15.
අවස්ථදායක අණ්ඩජ සූත්‍රය
406. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
9. 1. 16.
පදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
407. ... පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
9. 1. 17-36.
අන්නදායකාදි ජලාබුජ සසේදජ සූත්‍ර
408-427. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... පැමිණේ.
9. 1. 37.
අන්නදායක ඕපපාතික සූත්‍රය
428. ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ...
මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුව බහුලහ” යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ අහර දෙයි ...
9. 1. 38.
පානදායක ඕපපාතික සූත්‍රය
429. ... බොන දෑ දෙයි ...
9. 1. 39.
වත්‍ථදායක ඕපපාතික සූත්‍රය
430. ... වස්ත්‍ර දෙයි ...
9. 1. 40.
යානදායක ඕපපාතික සූත්‍රය
431. ... වහන් දෙයි ...
9. 1. 41.
මාලදායක ඕපපාතික සූත්‍රය
432. ... මල් දෙයි ...
9. 1. 42.
ගන්‍ධදායක ඕපපාතික සූත්‍රය
433. ... ගඳ දෙයි ...
9. 1. 43.
විලේපනදායක ඕපපාතික සූත්‍රය
434. ... විලෙවුන් දෙයි ...
9. 1. 44.
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
435. ... සෙනසුන් දෙයි. ...
9. 1. 45.
අවස්ථදායක ඕපපාතික සූත්‍රය
436. ... වෙසෙන තැන් දෙයි. ...
9. 1. 46.
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
437. ... පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි. (මෙසේ පිඬු කිරීමෙන් සසාළිස් සූත්‍ර කෙනෙක් වෙත්.)
පළමුවැනි සුපර්‍ණවර්‍ග යි.
එහි සූත්‍රනාම මාලාව :
සුද්ධික සූත්‍රය ද, හරන්ති සූත්‍රය ද, ද්වයකාරී සූත්‍ර සතර ද දානුපකාර සූත්‍ර දසක සතර දැ යි සුපණ්ණ වර්‍ගයෙහි සූත්‍ර සසාළිසෙකි.
සුපණ්ණ සංයුත්තය නිමියේ යි.
10. ගන්‍ධබ්බ සංයුත්තය
1. ගන්‍ධබ්බ වර්‍ගය
10. 1. 1.
සුද්ධික සූත්‍රය
438. සැවැත්නුවර:
මහණෙනි, තොපට ගන්‍ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, ගන්‍ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්‍ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.
10. 1. 2.
සුචරිත සූත්‍රය
439. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්‍ධබ්බකායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 3.
මූලගන්‍ධ සූත්‍රය
440. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “මුල්ගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ මුල්ගඳ (පරිත්‍යාග වශයෙන්) දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 4-12.
සාරගන්‍ධාදි සූත්‍ර
441-449. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, සිතින් සුසිරිත් කෙරෙයි. “හරගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු හරගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ හරගඳ දෙන්නේ වේ. ... හෙ ඵලගඳ දෙන්නේ වේ. ... හෙ සිවිගඳ දෙන්නේ වේ. ... හෙ පොතුගඳ දෙන්නේ වේ. ... හෙ පත්ගඳ දෙන්නේ වේ. ... හෙ මල්ගඳ දෙන්නේ වේ. ... හෙ පලගඳ දෙන්නේ වේ. ... හෙ රසගඳ දෙන්නේ වේ. ... හෙ ගඳගඳ දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 13-22.
අන්නදානාදි මූලගන්‍ධ සූත්‍ර
450-459. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි.
ඔහුට “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (යාන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙන තැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් මේ එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 23-112.
අන්නදානාදි මූලගන්‍ධ සූත්‍ර
460-549. සැවැත්නුවර:
එකත්පස් ව හුන් මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් ... ඵල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... සිවි ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පොතු ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පත් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... මල් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... රස ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
මහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි, ඔහු විසින් “ගඳ අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ” යි අසන ලද්දේත් වෙයි.
(එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (වාහන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වාසස්ථාන දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
(මෙසේ පිඬුවශයෙන් එක්සිය දොළසෙක් සූත්‍ර වෙයි.)
පළමුවැනි ගන්‍ධබ්බ වර්‍ගයි.
එහි සූත්‍ර නාමාවලිය :
සුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අනෙක් අන්නදායකාදි සූත්‍ර දශය ද, දානූපකාර සූත්‍ර දශක දශය දැ යි ගන්‍ධබ්බ වර්‍ගයෙහි සූත්‍ර එක්සිය දොළසෙකි.
ගන්‍ධබ්බකාය සංයුත්තය නිමියේ ය.
11. වලාහක සංයුත්තය
1. වලාහක වර්‍ගය
11. 1. 1.
සුද්ධික සූත්‍රය
550. සැවැත්නුවර:
මහණෙනි, තොපට වලාහක කායික (වලාහක නම් දේවනිකායෙහි උපන්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, වලාහක කායික දෙවියෝ කවරහ යත්: මහණෙනි, ශීතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, උණහවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වාතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, මොහු වලාහකකායික දෙවියෝ යි කියනු ලැබෙති යි.
11. 1. 2.