Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 8101-8200 න් 15083

සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
359. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 19.
අවස්ථදායක අණ්ඩජ සූත්‍රය
360. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 20.
පදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
361. ... පහන් උපකරණ දෙයි. ... හේ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
8. 1. 21-40.
අන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්‍ර
362-381. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ යි.
මහණ, මෙහි ඇතැමෙක් ... සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
8. 1. 41.
අන්නදායක ඕපපාතික සූත්‍රය
382. ... ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් ... මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ , සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හේ අහර දෙයි. ... පැමිණේ.
8. 1. 42.
පානදායක ඕපපාතික සූත්‍රය
383. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
8. 1. 43.
වත්‍ථදායක ඕපපාතික සූත්‍රය
384. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.
8. 1. 44.
යානදායක ඕපපාතික සූත්‍රය
385. ... වහන් දෙයි. ... පැමිණේ.
8. 1. 45.
මාලදායක ඕපපාතික සූත්‍රය
386. ... මල් දෙයි. ... පැමිණේ.
8. 1. 46.
ගන්‍ධදායක ඕපපාතික සූත්‍රය
387. ... ගඳ දෙයි. ... පැමිණේ.
8. 1. 47.
විලේපනදායක ඕපපාතික සූත්‍රය
388. ... විලවුන් දෙයි. ... පැමිණේ.
8. 1. 48.
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
389. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
8. 1. 49.
අවස්ථදායක ඕපපාතික සූත්‍රය
390. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
8. 1. 50.
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
391. ... පහන් උපකරණ දෙයි. ... කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
(මේ පෙය්‍යාලය සමග විස්තර වශයෙන් දශසූත්‍ර කෙනෙකි. සිවු යෝනීන්හි සූත්‍ර සතලිසක් විස්තර කටයුතු යි. සුද්ධික සූත්‍ර දශයෙකි. මුළුල්ල සූත්‍ර පනසෙක් වේ.)
පළමුවැනි නාග වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
සුද්ධික සූත්‍රය, පණීතතර සූත්‍රය, උපෝසථ සූත්‍ර සතර ය, සුචරිතයෙන් යුත් සුත සූත්‍ර සතර ය යන සූත්‍ර දශක ය, දනෝපකාර සූත්‍ර දශක සතර ය, හෙවත් අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, අණ්ඩජසූත්‍ර දශක ය. අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක ජලාබුජ සූත්‍ර දශක ය, අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවස්ථ, පදීපෙය්‍යදායක, සංසේදජ සූත්‍ර දශක ය, අන්න, පාන, වත්‍ථ, යාන, මාලා, ගන්‍ධ, විලේපන, සෙය්‍යා, ආවසථ, පදීපෙය්‍යදායක, ඕපපාතික සූත්‍ර දශක යයි නාග වර්‍ගයෙහි සූත්‍ර පනසෙකි.
නාග සංයුත්තය නිමියේ යි.
9. සුපණ්ණ සංයුත්තය
1. සුපණ්ණ වර්‍ගය
9. 1. 1.
සුද්ධික සූත්‍රය
392. සැවැත්නුවර:
මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ ය යි. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
9. 1. 2.
හරන්ති සූත්‍රය
393. සැවැත්නුවර:
මහණෙනි, මේ ගුරුළු යෝනි සතරෙකි. කවර සතරෙකැ යත්: අණ්ඩජ ගුරුළෝ යැ, ජලාබුජ ගුරුළෝ යැ, සංසේදජ ගුරුළෝ යැ, ඕපපාතික ගුරුළෝ යයි.
මහණෙනි, ඔවුනතුරෙහි අණ්ඩජ ගුරුළෝ අණ්ඩජ නාගයන් හැරගනිත්. ජලාබුජ නාගයන් නො හැරගනිති. සංසේදජ නාගයන් නො හැර ගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි ජලාබුජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද හැරගනිත්. සංසේදජ නාගයන් නො හැරගනිති. ඕපපාතික නාගයන් නො හැර ගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි සංසේදජ ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද හැරගනිති. ඕපපාතික නාගයන් නො හැරගනිත්.
මහණෙනි, ඔවුනතුරෙහි ඕපපාතික ගුරුළෝ අණ්ඩජ නාගයන් ද, ජලාබුජ නාගයන් ද, සංසේදජ නාගයන් ද, ඕපපාතික නාගයන් ද හැරගනිත්. මහණෙනි, මොහු සිවු ගුරුළු යෝනීහු යි.
ද්වයකාරී සූත්‍රය
394. සැවැත්නුවර:
එ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එ කවර හෙයිනැ, කවර ප්‍රත්‍යයෙනැ යි.
මහණ, මෙලොවැ එකෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ ගුරුළෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළන්ගේ සහවාසයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ ගුරුළුන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යයැ යි වදාළ සේක.
9. 1. 4-6.
දුතිය, තතිය, චතුත්‍ථ ද්වයකාරී සූත්‍ර
395-397. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයෙකින් මෙලොව එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැ යත්.
මහණ, මෙලොව එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ. මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි වදාළ සේක.
9. 1. 7.
අන්නදායක අණ්ඩජ සූත්‍රය
398. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ; වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කවරැ, ප්‍රත්‍ය කවරැ යත්:
මහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “අණ්ඩජ සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුවබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි; “මම කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. හේ අහර දෙයි ..
9. 1. 8.
පානදායක අණ්ඩජ සූත්‍රය
399. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
9. 1. 9.
වත්‍ථදායක අණ්ඩජ සූත්‍රය
400. ... වස්ත්‍ර දෙයි. ... පැමිණේ.
9. 1. 10.
යානදායක අණ්ඩජ සූත්‍රය
401. ... වහන් දෙයි. ... පැමිණේ.
9. 1. 11.
මාලදායක අණ්ඩජ සූත්‍රය
402. ... මල් දෙයි. ... පැමිණේ.
9. 1. 12.
ගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය
403. ... ගඳ දෙයි. ... පැමිණේ.
9. 1. 13.
විලේපනදායක අණ්ඩජ සූත්‍රය
404. ... විලෙවුන් දෙයි. ... පැමිණේ.
9. 1. 14.
සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය