Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 7801-7900 න් 15083

මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය අනිසයැ. වෙනස් වනසුලු යැ ‘අන් පරිදි වනසුලු යැ. සෝතවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. ඝාන විඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ජිව්හාවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. කායවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මනෝවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ අදහා නම් විමෝක්‍ෂය පිළිලබා නම් ‘සද්ධානුසාරී’ මේ පුද්ගල … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
4. 1. 4.
ඵස්ස සූත්‍රය
305. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සෝතසම්ඵස්සය … ඝානසම්ඵස්සය … ජිව්හාසම්ඵස්සය ... කායසම්ඵස්සය … මනෝසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා නම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ යයි කියනු ලැබේ.
වේදනා සූත්‍රය
306. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
4. 1. 6.
සඤ්ඤා සූත්‍රය
307. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්ඤාව අනිස ය. වෙනස් වනසුලු ය. ‘අන්පරිදි වනසුලු ය සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව … රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව අනිස යැ. වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
4. 1. 7.
චේතනා සූත්‍රය
308. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව … රසසඤ්චෙතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චෙතනාව අනිස යැ. වෙනස් වනසුලු ය අන්පරිදි වනසුලුයි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ යයි.
4. 1. 8.
තණ්හා සූත්‍රය
309. සැවැත්නුවර:
මහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්‍ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
ධාතු සූත්‍රය
310. සැවැත්නුවර:
මහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
4. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
311. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය.
වේදනාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලු යැ. සංඥාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලුයැ. සංස්කාර අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ, විඥානය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන් පරිදි වනසුලුයි.
මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා ද, (හැදැහීමෙන්) විමෝක්‍ෂය පිළිලබා ද, මේ පුද්ගල සද්ධානුසාරී යැ, ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂභූමියට බටුයේ යැ, පෘථග්ජන භූමිය ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි ප්‍රේතවිෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය යැ, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය යි කියනු ලැබේ.
මහණෙනි, යමකුහට මේ දහම්හු විවසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුඟුල් ධම්මානුසාරී යැ, අරීමඟට පිවිසියේ යැ, සපුරිස් බිමට බටුයේ යැ, පුහුදුන් බිම ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරෑහි වේවයි තිරිසන්යොන්හි වේවයි පේවිසාහි වේවයි (උපත්විසින්) එළැඹෙනුයේ නම්, ඒ කර්‍ම කරන්නට නො නිසි යැ, සෝතාපත්තිඵලය පසක් කරන තාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
මහණෙනි, යමෙක් මේ දහමුන් මෙසේ දනියි ද, මෙසේ දකියි ද, මේ පුද්ගල සෝතාපන්න යැ, සතර අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යයි කියනු ලැබේ.
පළමුවැනි චක්ඛු වර්‍ග යි.
එහි උද්දානය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යි සූත්‍ර දශයෙකි.
ඔක්කන්ති සංයුත්තය නිමියේ යි.
5. උප්පාද සංයුත්තය
1. උප්පාද වර්‍ගය
5. 1. 1.
චක්ඛු සූත්‍රය
312. සැවැත්නුවර:
මහණෙනි, ඇස පිළිබඳ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුක්හි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි. කන පිළිබඳ යම් … නැහැය පිළිබඳ යම් ... දිව පිළිබඳ යම් … කය පිළිබඳ යම් … සිත පිළිබඳ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහි වීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කන පිළිබඳ යම් නිරෝධයෙක් … නැහැය පිළිබඳ යම් යම් නිරෝධයෙක් ... දිව පිළිබඳ යම් නිරෝධයෙක් … කය පිළිබඳ යම් නිරෝධයෙක් … සිත පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 2.
රූප සූත්‍රය
313. සැවැත්නුවර:
මහණෙනි, රූපයන්ගේ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්ද යන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපැත්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ, රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ. රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරා මරණයෙහි අස්තඞ්ගමය යි.
5. 1. 3.
විඤ්ඤාණ සූත්‍රය
314. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම ය.
මහණෙනි, චක්ඛුවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 4.
ඵස්ස සූත්‍රය
315. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
වේදනා සූත්‍රය
316. සැවැත්නුවර:
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක්ව්‍යුපශමයෙක් වේ නම් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
සඤ්ඤා සූත්‍රය
317. සැවැත්නුවර:
මහණෙනි, රූපසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම ය.
මහණෙනි, රූපසංඥායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍මසංඥායෙහි යම් නිරෝදයක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 7.
චේතනා සූත්‍රය
318. සැවැත්නුවර:
මහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූප සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍ම සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 8.
තණ්හා සූත්‍රය
319. සැවැත්නුවර:
මහණෙනි, රූපතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධම්මතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධම්මතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි. ….
ධාතු සූත්‍රය
320. සැවැත්නුවර:
මහණෙනි, පඨවීධාතුයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, පඨවීධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
5. 1. 10.
ඛන්‍ධ සූත්‍රය
321. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක්, බිහිවීමෙක්, පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයෙහි පහළවීම ය. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් වේ නම් … ජරාමරණයෙහි පහළවීම යි.
මහණෙනි, රූපයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් … නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
පළමුවැනි උප්පාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
චක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා යන ඒ සූත්‍රයෝ ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වෙති.
උප්පාද සංයුත්තය නිමියේ යි.
6. කිලේස සංයුත්තය
1. කිලේස වර්‍ගය
6. 1. 1.
චක්ඛු සූත්‍රය
322. සැවැත්නුවර: