සො අත්තා සූත්‍රය
226. සැවැත්නුවර:
… ‘ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි”යි …
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … වෙනස් වන සුල්ලෙමි’යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 4.
නො ච මෙ සියා සූත්‍රය
227. සැවැත්නුවර:
… “ඉදින් මම නො වන්නෙම් නම් පස්කඳ මට නො ද වන්නේ ය. (මතු) ද (මම) නො වන්නෙම් නම් (මතු) ද මට පස්කඳ නො වන්නේ ය යි. … මතු මට පස්කඳ නොවන්නේ ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 5.
නත්‍ථි දින්න සූත්‍රය
228. සැවැත්නුවර:
… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)
3. 2. 6.
කරොතො සූත්‍රය
229. සැවැත්නුවර:
... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 7.
නත්‍ථි හේතු සූත්‍රය
230. සැවැත්නුවර:
… සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත, හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්, … අභිජාති සයෙහි ම සුවදුක් විඳිති”යි ... විඳිති යි (මෙබඳු දෘෂ්ටියක් උපදී)
3. 2. 8.
මහාදිට්ඨි සූත්‍රය
231. සැවැත්නුවර:
… “නො කරන ලද නො කළ විධාන ඇති,මේ සත් කයෙකි … සුවදුක්, ගෙවමින් විඳිති”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 9.
සස්සතලෝක සූත්‍රය
232. සැවැත්නුවර:
… “ලෝකය ශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය ශාශ්වත යයි -(මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 10.
අසස්සතලෝක සූත්‍රය
233. සැවැත්නුවර:
… “ලෝකය අශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අශාශ්වත යයි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 11.
අන්තවත්ලෝක සූත්‍රය
234. සැවැත්නුවර:
… “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
3. 2. 12.
අනන්තවත්ලෝක සූත්‍රය
235. සැවැත්නුවර:
… “ලෝකය අනන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය අනන්තවත් යයි.
3. 2. 13.
තත් ජීව තත් ශරීර සූත්‍රය
236. සැවැත්නුවර:
… “එමැ ජීව යැ, එමැ ශරීරය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. එමැ ජීව යැ, එමැ ශරීර යයි.
3. 2. 14.
අන්‍ය ජීව අන්‍යත් ශරීර සූත්‍රය
237. සැවැත්නුවර:
… “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි? භගවත්හු මුල් කොට ඇතියහ. ... ජීවය අනෙකක, ශරීරය අනෙකකැයි.
3. 2. 15.
හොති තථාගත සූත්‍රය
238. සැවැත්නුවර:
… “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වේ.
3. 2. 16.
නහොති තථාගත සූත්‍රය
239. සැවැත්නුවර:
… “සත්ත්‍වයා මරණින් මතු නො වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු නො වේ යි.
3. 2. 17.
හොති ච නච හොති තථාගත සූත්‍රය
240. සැවැත්නුවර:
… “සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ.
3. 2. 18.
නේව හොති න න හොති තථාගත සූත්‍රය
241. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙ යි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? … සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වේ යයි.
3. 2. 19.
රූපී අත්තා සූත්‍රය
242. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ”යි? …
දුක් නම් වෙනස් වන සුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
“වේදනාව … “සංඥාව … “සංස්කාරයෝ … “විඥානය නිත්‍ය ද? හෝ අනිත්‍ය ද? හෝ යි …
දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යයි.
3. 2. 20.
අරූපී අත්තා සූත්‍රය
243. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප නැත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
(ඒ පෙය්‍යාලය ම විස්තර කටයුතු යි)
3. 2. 21.
රූපී ච අරූපී ච අත්තා සූත්‍රය
244. සැවැත්නුවර:
… ආත්මය රූප ඇත්තේත් රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි …
3. 2. 22.
නේව රූපී නාරූපී අත්තා සූත්‍රය
245. සැවැත්නුවර:
… ආත්මය නො ම රූප ඇත්තේත් නො ම රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 23.
ඒකාන්තසුඛී අත්තා සූත්‍රය
246. සැවැත්නුවර:
… “ආත්මය එකැතින් සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
3. 2. 24.
ඒකාන්ත දුක්ඛී අත්තා සූත්‍රය