Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 7501-7600 න් 15083

218. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘එමැ ජීවය ය, එමැ ශරීරය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු දැ? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?... එය නො ඇසුරු කොට එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
වහන්ස, තෙල නො වේ ම ය.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … ඒ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය, නොඇසුරු කොට ‘එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක පටන් අරරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
3. 1. 14.
අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රය
219. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ …
මහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... එය නොඇසුරු කොට ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසනලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. … එය නොඇසුරු කොට ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, මෙය නො වේ මැයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
3. 1. 15.
හොති තථාගත සූත්‍රය
220. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි ‘ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේය’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ ම යැ,
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 16.
න හොති තථාගත සූත්‍රය
221. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු නොවේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි ... දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, මෙය නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
3. 1. 17.
හොති ච නච හොති තථාගත සූත්‍රය
222. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි ... වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි
වහන්ස, අනිත්‍ය ය. ...
දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි ’ යන මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි. … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
3. 1. 18.
නේව හොති න න හොති තථාගත සූත්‍රය
223. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
වහන්ස, අනිත්‍ය ය. ...
දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, මෙය නො වේ මැ යැ.
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?.
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි.
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නොම නො වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ, මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරිසවු සෝතාපන්න ය යි කියනු ලැබේ.
පළමුවැනි සෝතාපත්ති වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථිදින්න, කරතො, නත්‍ථිහේතු යන සූත්‍රය, අටවැනි මහාදිට්ඨි සූත්‍රය, අනෙක් සස්සතලෝක, අස්සසතලොක, අන්තවා ලෝක, අනන්තවාලෝක, තත්ජීව තත්සරීර, අන්‍යත් ජීව අන්‍යත් සරීර, හොති තථාගත, න හොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍රයෝ යයි සූත්‍ර අටළොසකි.
2. ගමන වර්‍ගය
3. 2. 1.
වාත සූත්‍රය
224. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති, නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් නො සැලී සිටියාහු” කියා යි.
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
එසේ වී නම් මහණෙනි අසවු… මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” යි.
මහණෙනි, ඒ කුමකැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
වහන්ස, අනිත්‍ය යැ …
පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ...
3. 2. 2.
එතං මම සූත්‍රය
225. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ… මේ මාගේ ආත්මය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
(පළමු සූත්‍ර දශය යම් සේ නම් එමෙන් විස්තර කටයුතු යි).
3. 2. 3.