Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 7101-7200 න් 15083

අනිච්චධම්ම සූත්‍රය
173. සැවැත්නුවර:
එකත්පසෙක හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, “අනිච්ච්‍ධම්ම යැ, අනිච්ච්‍ධම්ම”යි කියනු ලැබෙයි, වහන්ස, අනිච්ච්‍ධම්ම කිමෙක් දෝ යි?
රාධය, රූපය අනිත්‍ය ස්වභාවය ඇත්තේ යැ. වේදනාව අනිත්‍ය ස්වභාවය ඇත්තී යැ. සංඥාව අනිත්‍යස්වභාවය ඇත්තී යැ. සංස්කාරයෝ අනිත්‍ය ස්වභාවය ඇතියහ. විඥානය අනිත්‍යස්වභාවය ඇත්තේ යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 5.
දුක්ඛ සූත්‍රය
174. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.: වහන්ස, දුක්ඛ, දුක්ඛ යි කියනු ලැබෙයි, වහන්ස, දුක්ඛ නම් කිමෙක් දෝ”යි?
රාධය රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. රාධය මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
දුක්ඛධම්ම සූත්‍රය
175. සැවැත්නුවර:
එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: “වහන්ස, “දුක්ඛධම්ම දුක්ඛධම්ම” යි කියනු ලැබේ” වහන්ස, දුක්ඛධම්ම කිමෙක් දෝ හෝ යි?
රාධය, රූපය දුඃඛස්වභාවය ඇත්තේ ය, වේදනාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංඥාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංස්කාරයෝ දුඃඛස්වභාවය ඇතියහ. විඥානය දුඃඛස්වභාවය ඇත්තේ යි. මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 7.
අනන්ත සූත්‍රය
176. සැවැත්නුවර:
එකත් පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්ම යැ. අනාත්ම යැ’ යි කියනු ලැබේ, වහන්ස, අනාත්මය නම් කිමෙක් දෝ?යි.
“රාධය, රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්ම යි. රාධය, මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 8.
අනත්තධම්ම සූත්‍රය
177. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්මස්වභාව යැ, අනාත්මස්වභාව යැ’යි කියනු ලැබෙයි, වහන්ස, අනාත්මස්වභාවය ඇත්තේ කිමෙක් දෝ”යි.
“රාධය, රූපය, අනාත්මස්වභාව යැ, වේදනාව අනාත්මස්වභාව යැ, සංඥාව අනාත්ම ස්වභාව යැ, සංස්කාර අනාත්මස්වභාව යැ, විඥානය අනාත්ම ස්වභාව යැ. රාධය මෙසේ දක්නා … ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
ඛයධම්ම සූත්‍රය
178. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “වහන්ස, ‘ඛයධම්ම, ඛයධම්ම (නැසෙන සුලු)“යි කියනු ලැබේ. වහන්ස කිමෙක් ඛයධම්ම වේ දැ යි.
රාධය, රූපය ඛයධම්ම යැ, වේදනාව ඛයධම්ම යැ, සංඥාව ඛයධම්ම යැ, සංස්කාර ඛයධම්ම යැ. විඥානය ඛයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
2. 2. 10.
වයධම්ම සූත්‍රය
179. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “වයධම්ම, වයධම්ම (වැනසෙන සුලු) යි කියනු ලැබෙයි, ‘වහන්ස කිමෙක් වයධම්ම වේ දැ”යි?
රාධය, රූපය වයධම්ම යැ, වේදනාව වයධම්ම යැ, සංඥාව වයධම්ම යැ, සංස්කාර වයධම්ම යැ විඥානය වයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 11.
සමුදයධම්ම සූත්‍රය
180. සැවැත්නුවර:
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘සමුදයධම්ම, සමුදයධම්ම (හටගන්නාසුලු)’යි කියනු ලැබෙයි, වහන්ස, කිමෙක් සමුදය ධම්ම වේ දැ යි?
රාධය, රූපය සමුදයධම්ම යැ. වේදනාව සමුදයධම්ම යැ. සංඥාව, සමුදයධම්ම යැ. සංස්කාර සමුදයධම්ම යැ. විඥානය සමුදයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
2. 2. 12.
නිරෝධධම්ම සූත්‍රය
181. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘නිරෝධධම්ම, නිරෝධධම්ම (නිරුද්ධ වනසුලු)’ යි කියනු ලැබෙයි. වහන්ස, කිමෙක් නිරෝධධම්ම වේ දැ”යි.
“රාධය, රූපය ‘නිරෝධධම්ම යැ, වේදනාව නිරෝධධම්ම යැ, සංඥාව නිරෝධධම්ම යැ, සංස්කාර නිරෝධධම්ම යැ, විඥානය නිරෝධධම්ම යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනීයි.
දුතිය මාරවර්‍ග යි
එහි සූත්‍රනාමාවලිය:
මාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනික් අනිච්ච සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ සූත්‍ර දෙකෙක් ද කියන ලද යැ. එසේ ම අනත්ත සූත්‍ර ද දෙකෙකි. ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍රයෝ ද වෙති. නිරෝධධම්ම සූත්‍රයෙන් (ඔහු) දොළසෙක් වෙත්.
3. ආයාචන වර්‍ගය
2. 3. 1.
මාර සූත්‍රය
182. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මාර ද, එහි තොපගේ ඡන්‍දය (දුර්‍වල රාගය) දුරු කටයුතු යැ. රාගය (බලවත් රාගය) පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය මාර කවරේ ද යත්:
රාධ, රූපය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහ කටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. රාධය යමෙක් මරු ද එහි ඡන්‍දය පහකටයුතුය, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 2.
මාරධම්ම සූත්‍රය
183. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ... නිවන් පිණිස යොමුකළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දෙසනසේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් මරණධර්‍ම (මැරෙනසුලු) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කවරෙක් මරණධර්‍ම වේ ද යත්: රාධය, රූපය මරණධර්‍ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතුයැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මරණධර්‍ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් මරණධර්‍ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 3.
අනිච්ච සූත්‍රය
184. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළ යුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. රාධය, කිමෙක් අනිත්‍ය ද යත්: රාධය, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළ යුතු යි. රාධය යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි.
2. 3. 4.
අනිච්චධම්ම සූත්‍රය
185. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු ය, රාගය පහකළයුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
රාධ, කිමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
දුක්ඛ සූත්‍රය
186. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුක් ද යත්: රාධය, රූපය දුක් යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
2. 3. 6.
දුක්ඛධම්ම සූත්‍රය
187. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් දුක්ඛ ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුඃඛස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාරය … විඥානය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් දුඃඛස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 7.
අනන්ත සූත්‍රය
188. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් යහපතැ යි.
රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ද යත්: රාධය, රූපය අනාත්ම යැ ; එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 8.
අනත්තධම්ම සූත්‍රය
189. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “…: නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවැ”යි.
රාධය, යමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනාත්ම ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්මස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමක් අනාත්ම ස්වභාවය ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 9.
ඛයධම්ම සූත්‍රය
190. සැවැත්නුවර:
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරනසේක්වා”යි.
රාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් ක්‍ෂය වනසුලු ද යත්: රාධය, රූපය ක්‍ෂය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ක්‍ෂය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
2. 3. 10.
වයධම්ම සූත්‍රය
191. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
රාධය, යමෙක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.