වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දක්නේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නේ දැ යි? වහන්ස තෙල නො වේ ම යැ.
මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 3.
සො අත්තා සූත්‍රය
152. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම්, පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙම්, ධ්‍රැව වූයෙම්, ශාශ්වත වූයෙම්, නො පෙරළෙන සැහැවියෙම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙමි, ධ්‍රැව වූයෙමි, ශාශ්වත වූයෙමි, නො පෙරළෙන සැහැවියෙමි පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද? වහන්ස, තෙල නො වේ ම යැ. මෙසේ දක්නේ ... මේ සඳහා අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 4.
නො ච මෙ සියා සූත්‍රය
153. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍යය කොට “(මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නොද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) මතු නොවන්නේ” යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසිරි කොට රූපය ප්‍රත්‍යය කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු පස්කඳෙක්) මට නො වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසිරි කොට විඥානය ප්‍රත්‍යය කොට ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. නො වන්නෙම් නම් මතු පස් කඳෙක් මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය ඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. ඉදින් නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ”යි?
වහන්ස, තෙල නො වේ මැ යි. මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 5.
මිච්ඡාදිට්ඨි සූත්‍රය
154. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදනේ දැ? යි. වහන්ස,
අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද?, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට මිථ්‍යා දෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය ය.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට මිථ්‍යාදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 6.
සක්කායදිට්ඨි සූත්‍රය
155. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සක්කායදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි .
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 7.
අත්තානුදිට්ඨි සූත්‍රය
156. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය (ආත්මය අනුගත වූ දෘෂ්ටිය) උපදී දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදියි, වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාරයන් ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදී.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැ යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී යි.
1. 3. 5. 8.
පඨම අභිනිවේස සූත්‍රය
157. සැවැත්නුවර:
“කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේස විනිබන්‍ධයෝ (සංයෝජනයෝ ය අනිත්‍යාදියෙහි නිත්‍යාදි වශයෙන් දැඩිව පිවිස ගන්නෝය සිත තදින් බැඳගන්නා විනිබන්‍ධයෝ ය යන කෙලෙස්හු) උපදිද්දැ” යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදිත්.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි .
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 9.
දුතිය අභිනිවේස සූත්‍රය
158. සැවැත්නුවර:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ (සංයෝජනයෝය, අභිනිවේසයෝය, විනිබන්‍ධයෝ ය, ගිලගැනුම් වශයෙන් පවත්නා ක්ලේශයෝ යන මොවුහු) උපදිද් දැ යි?
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේසවිනිබන්‍ධ අජ්ඣොසානයෝ උපදිති.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද යි? වහන්ස, අනිත්‍ය යැ.
යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 3. 5. 10.
ආනන්‍ද සූත්‍රය
159. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ, එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වෙර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරණ සේක් නම් මැනවි”යි.
ආනන්‍දය, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. වහන්ස, අනිත්‍ය ය.
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි. වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය”යි දක්නට සුදුසු දැ”යි? වහන්ස, තෙල නො වේ මැ යැ .
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.