Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4201-4300 න් 15083

243. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … පවට බිය නැතියෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පවට බිය ඇතියෝ … පැණැතියෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … නූගත්තෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … උගත්තෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … කුසීතයෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පරිපුන් වැර ඇතියෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (තෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … සිහි නැතියෝ … ලජ්ජා ඇතියෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.] (සිවුවන තිකය යි.)
2. 2. 10.
අනොත්තප්පමූලකතිකත්තය සූත්‍රය
244. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්‍රැතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්‍රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පාපභිරුකයෝ … පිරිපුන් වැර ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇත්තෝ … සිහි ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)
2. 2. 11.
අප්පස්සුතමූලකතිකදවය සූත්‍රය
245. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … අල්පශ්‍රැතයෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … වැර ඇතියෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් විසින් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … අල්පශ්‍රැතයෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
2. 2. 12.
කුසීතමූලකතිකෙක සූත්‍රය
246. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්. එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැතවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග ... පැණැතියෝ පැණැත්තවුන් සමඟ සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … කුසීතයෝ … සිහි නැතියෝ … නුවණ නැතියෝ … පිරිපුන් වැර ඇතියෝ … සිහි ඇතියෝ … පණැතියෝ පණැත්තන් සමග සැසැඳෙති, එකතු වෙති.
සත්තධාතු වර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
සත්තධාතු, සනිදාන සූත්‍ර සහ ගිඤ්ජකාවසථ, හීනාධිමුත්ති, වඞ්කම, සගාථ සූත්‍ර ද, සත්වැනි අස්සධ සූත්‍රය ද, අස්සද්ධමූලකතික පස ද, අහිරිකමූලකතික සතර ද, අනොත්තාපමූලකතික තුණ ද, අප්පස්සුතමූලකතික දෙක ද, කුසීතමුලකතික එක ද යන තික දැක්වෙන සූත්‍ර පස දැ යි මෙසේ සූත්‍රාන්ත (දොළොසෙක්) ද, තික පසළොසෙක් ද වදාරණ ලදි.
3. කම්මපථ වර්‍ගය
2. 3. 1.
අසමාහිත සූත්‍රය
247. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අසමාහිත (උපචාර-අපර්‍ණා සමාධි රහිත)යෝ අසමාහිතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සමාහිතයෝ සමාහිතයන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 2.
දුස්සීල සූත්‍රය
248. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
පඤ්චසික්ඛාපද සූත්‍රය
249. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවෝ අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවන් සමග … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවන් සමග … මුසවා බිණුමෙන් වෙන් වූවෝ මුසවා බිණුමෙන් වෙන් වූවන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.
2. 3. 4.
සත්තකම්මපථ සූත්‍රය
250. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පිසුණුබස් බණන්නෝ පිසුණුබස් බණන්නවුන් සමග … පරොස්බස් බණන්නෝ පරොස්බස් බණන්නවුන් සමග … හිස්බස් බණන්නෝ හිස්බස් බණන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවායෙන් වෙන් වූවෝ … අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ … පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ හිස්බස් බිණුමෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්. එකතු වෙති යි.
2. 3. 5.
දසකම්මපථ සූත්‍රය
251. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලොබ බහුල කොට ඇත්තෝ දැඩිලොබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්‍යාපාදයට පැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ ... පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්‍යාව බහුල කොට නැත්තෝ අභිධ්‍යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්‍යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 6.
අට්ඨඞ්ගික සූත්‍රය
252. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මිත්‍ථ්‍යා සංකල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ මිත්‍ථ්‍යා සමාධි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම්‍යග්දෘෂ්ටි ඇත්තෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යක් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ සම්‍යක් සමාධි ඇත්තවුන් සමග සැසැඳෙති, එකතුවෙතියි.
2. 3. 7.
දසඞ්ගික සූත්‍රය
253. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා සඞ්කල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ … මිත්‍ථ්‍යා ඥාන ඇත්තෝ මිත්‍ථ්‍යා ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තෝ මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම්‍යග් දෘෂ්ටි ඇත්තෝ සම්‍යග් දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්. එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යග් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ … සම්‍යග් ඥාන ඇත්තෝ සම්‍යග් ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සම්‍යග් විමුක්ති ඇත්තෝ සම්‍යග් විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙති.
(සියලු තැන්හි අතීතානාගතපච්චුප්පන්න කළ යුතු යි.)
සූත්‍ර සත පිළිබඳ උද්දානය:
අසමාහිත, දුස්සීල, පඤ්චසික්ඛාද, සත්තකම්මපථ, දසකම්මපථ, අට්ඨඞ්ගික යන සූත්‍ර හා දසඞ්ගික සූත්‍රය දැ යි සූත්‍ර සතෙකි.
කම්මපථවර්‍ගය තුන්වැනි යි.
4. චතුධාතු වර්‍ගය
2. 4. 1.
චතුධාතු සූත්‍රය
254. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක ...
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි. මහණෙනි, මේ ධාතු සතර යි.
2. 4. 2.
පුබ්බ සූත්‍රය
255. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්මාසම්බුද්ධ නො වූ බෝසත් වූ ම මට මේ අදහස විය. පඨවීධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? ආපෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? තෙජොධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? වායෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
මහණෙනි, ඒ මට මේ අදහස විය: පඨවීධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ පඨවීධාතුවේ ආස්වාදය යි. යම් හෙයෙකින් පඨවීධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව ඇත්තේ ද, මේ පඨවීධාතුහුගේ ආදීනවය යි. පඨවීධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ පඨවීධාතුහුගේ නිස්සරණ ය යි. ආපෝධාතුව නිසා යම් ... තේජෝධාතුව නිසා යම් ... වායෝධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වායෝධාතුවෙහි ආස්වාදය යි. යම් හෙයකින් වායෝධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරලෙනසුලු ද, මේ වායෝධාතුවෙහි ආදීනවය යි. වායෝධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ වායෝධාතුවෙහි නිස්සරණය යි.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත් ඵලවිමුක්තිය අකෝප්‍ය ය (නිශ්චලය). මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය ද (=ප්ස්විකුම් නුවණද) මට පහළ වී ය.
2. 4. 3.
අස්සාදපරියේසන සූත්‍රය
256. සැවැත්නුවර–
මහණෙනි, මම පඨවීධාතුවෙහි ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම් එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි ආදිනවපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි නිස්සරණපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම ආපෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම තේජෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආදීනවය පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කළෙමි. වායෝධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නොම පිළිණ කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත්, තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනයද මට පහළ වීය.
2. 4. 4.
නෝචේදං සූත්‍රය
257. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් මේ පඨවීධාතුයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ පඨවීධාතුවෙහි ආදීනවයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් පඨවීධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් පඨවීධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ පඨවීධාතුයෙන් නො නික්මෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙන් නික්මෙති.
මහණෙනි, ඉදින් මේ ආපෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ තේජෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ වායෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ, වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙහි ආදීනවයෙක් නො වි නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි කළකිරෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුයෙන් නො නික්මෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙන් නික්මෙති.
මහණෙනි, සත්‍වයෝ යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්‍වයෝ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු, ඉක්මවූ කෙලෙස් සීමා ඇති සිතින් යුක්ත ව නො ම විසූහ.
මහණෙනි, යම් කලෙක සත්‍වයෝ මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය අදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ කළාහු ද, මහණෙනි, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්‍වයෝ, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු ඉක්මවූ කෙලෙස් සීමා ඇතී සිතින් යුතු ව වෙසෙති යි.
2. 4. 5.
දුක්ඛලක්ඛණ සූත්‍රය
258. සැවැත්නුවර–
මහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන්ම දුක් වූවක්, දුකෙහි පතිත වූවක්, දුකෙහි වැද ගත්තක්, සුවයෙහි නො වැද ගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුව සුඛ (හේතු) ද, සුඛයෙන් යුක්තද, සුඛාවතීණි ද, දුඃඛාවතිණි නො වේ ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි ඇලෙති. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුව ද ඒකාන්තයෙන් දුක් වූවක්, දුකෙන් යුක්ත වූවක්, දුකෙන් අවතීර්‍ණ වූවක්, සුවයෙන් අවතීර්‍ණ නො වූවක් වී නම්, මේ සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුව සුඛ ද, සුඛයෙන් යුක්ත ද, සුඛයෙන් අවතීර්‍ණ ද, දුඃඛයෙන් අවතීර්‍ණ නො නොවේ ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි ඇලෙත්.
මහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි කළකිරෙත්. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුවද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක්වී නම් මේ සත්‍වයෝ වායෝධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුයෙහි කළකිරෙති යි.
2. 4. 6.
අභිනන්‍ද සූත්‍රය
259. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් පඨවීධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව පතා ද ... යමෙක් තේජෝධාතුව පතා ද, ... යමෙක් වායෝධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙකුන් පඨවීධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙ තෙමේ දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව ... යමෙක් තේජෝධාතුව ... යමෙක් වායෝධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙතෙමේ දුකින් මිදුනේ ය යි කියමි යි.
2. 4. 7.