Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 4101-4200 න් 15083

මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධම්මසඤ්ඤාව උපදී. ධම්මසඤ්ඤාව නිසා ධම්මසඞ්කප්පය උපදී. ධම්මසඞ්කප්පය නිසා ධම්මසම්ඵස්සය උපදී. ධම්මසම්ඵස්සය නිසා ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා ධම්මච්ඡන්‍දය උපදී. ධම්මච්ඡන්‍දය නිසා ධම්මපරිළාහය උපදී. ධම්මපරිළාහය නිසා ධම්මපරියේසනාව උපදී. ධම්මපරියේසනාව නිසා ධම්මලාභය උපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා .. ලාභනානාත්‍වය උපදී යි.
2. 1. 10.
නොලාභනානත්ත සූත්‍රය
234. සැවැත්නුවර–
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. ස්පර්‍ශ ... වේදනා ... ඡන්‍ද ... පරිදාහ ... පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානත්‍වය නිසා ඡන්‍ද වේදනා ස්පර්‍ශ සංකල්ප සංඥානානාත්‍වය …. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී ද , ස්පර්‍ශ … වේදනා … ඡන්‍ද….පරිදාහ … පර්‍ය්‍යෙෂණා ලාභ ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, ඡන්‍ද … වේදනා … ස්පර්‍ශ … සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී … සද්දධාතුව … ගන්‍ධධාතුව රසධාතුව ... ඵොට්ඨබ්බධාතුව… මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා … ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මලාභය උපදී. ධර්‍මලාභය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව නූපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නූපදී. ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නිසා ධර්‍මස්පර්‍ශය නූපදී. ධර්‍මස්පර්‍ශය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධම්සංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්ප ස්පර්‍ශ … වේදනා …ඡන්‍ද ... පරිදාහ …පර්‍ය්‍යෙෂණා… ලාභ …ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා වේදනානානාත්‍වය නූපදී. වේදනානානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය නූපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
නානත්තවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය :
ධාතු, සම්ඵස්ස, නොසම්ඵස්ස, වේදනා, නොවේදනා යි මේ අජ්ඣත්ත පඤ්චකය ද, ධාතු, සඤ්ඤා, නොසඤ්ඤා, ඵස්ස, නොඵස්ස යි මේ බාහිර පඤ්චකයදෑ යි සූත්‍ර දශයෙකි යි.{*}
2. සත්තධාතු වර්‍ගය
2. 2. 1.
සත්තධාතු සූත්‍රය
235. සැවැත්නුවර–
මහණෙනි, මේ ධාතූහු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්: ආලෝකධාතු ය, සුභධාතු ය, ආකාසානඤ්චායතනධාතු ය, විඤ්ඤාණඤ්චායතනධාතු ය, ආකිඤ්චඤ්ඤායතනධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවේදයිතනිරෝධ ධාතු යි. මහණෙනි, මොහු සප්තධාතූහු වෙති යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවේදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කුමක් නිසා පැණෙද්ද?
මහණ, යම් මේ ආලෝකධාතුවක් වේ ද, මේ ධාතුව අඳුර නිසා පැණේ. මහණ, යම් මේ සුභධාතුවක් වේ ද, මේ ධාතුව අසුභය නිසා පැණේ. මහණ, යම් මේ ආකාසානඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව රූපය නිසා පැණේ. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා පැණේ. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව (නාමස්කන්‍ධ) නිරෝධය නිසා පැණේ යි.
වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවෙදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කෙබඳු පමාපත්ති නම් ව පැමිණිය යුත්තෝ වෙද්ද?
මහණ, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතූහු සංඥාසමාපත්ති නම් ව පැමිණිය යුත්තා හ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතුව සංස්කාරාවශේෂසමාපත්ති නම් ව පැමිණිය යුත්තී ය. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව නිරෝධසමාපත්ති නම් ව පැමිණිය යුත්තී යි.
2. 2. 2.
සනිදාන සූත්‍රය
236. සැවැත්නුවර–
මහණෙනි, කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. ව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
මහණෙනි, කෙසේ නම් කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, ව්‍යාපාදවිතර්‍කය ප්‍රරත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
මහණෙනි, කාමධාතුව නිසා කාමසංඥාව උපදී. කාමසංඥාව නිසා කාමසඞ්කල්පය උපදී. කාමසඞ්කල්පය නිසා කාමච්ඡන්‍දය උපදී. කාමච්ඡන්‍දය නිසා කාමපරිදාහය උපදී. කාමපරිදාහය නිසා කාමපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, කාමපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, ව්‍යාපාදධාතුව නිසා ව්‍යාපාදසංඥාව උපදී. ව්‍යාපාදසංඥාව නිසා ව්‍යාපාදසඞ්කල්පය උපදී. ව්‍යාපාදසඞ්කල්පය නිසා ව්‍යාපාදච්ඡන්‍දය උපදී. ව්‍යාපාදච්ඡන්‍දය නිසා ව්‍යාපාදපරිදාහය උපදී. ව්‍යාපාදපරිදාහය නිසා ව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, ව්‍යාපාදපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, විහිංසාධාතුව නිසා විහිංසා සංඥාව උපදී … විහිංසාසංකල්පය … විහිංසාඡන්‍දය … විහිංසාපරිදාහය … විහිංසාපර්‍ය්‍යෙෂණාව ... මහණෙනි, විහිංසාපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් අවිලගත් තණ හුළක් වියලි තණලැහැබෙක හෙලන්නේ ද, ඉදින් අතින් පයින් වහා නො නිවන්නේ නම් මහණෙනි, මෙසේ තණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඔහු විනාශයට පැමිණෙන්නාහු ය.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ උපන්නා වූ විෂම බවට පැමිණි අකුශල සංඥාව වහා ම දුරු නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, අවසන් නො කෙරේ ද, අනුක්‍රමයෙන් නො ඉපැද්මට නො පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හිත් පීඩා සහිත ව උපායාස සහිත ව පරිදාහ සහිත ව දුකසේ වෙසෙයි. කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු යි.
මහණෙනි, නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
මහණෙනි, කෙසේ නම් නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
මහණෙනි, නෛෂ්ක්‍රම්‍යධාතුව නිසා නෛෂ්ක්‍රම්‍යසංඥාව උපදී. නෛෂ්ක්‍රම්‍යසංඥාව නිසා නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය උපදී. නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය නිසා නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය උපදී. නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය නිසා නෛෂ්ක්‍රම්‍යපරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පරිදාහය නිසා නෛෂ්ක්‍රම්‍යපර්‍ය්‍යෙෂණාව උපදී. නෛෂ්ක්‍රම්‍යපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් මනසින් යන තුන් කරුණින් මනා සේ පිළිපදී.
මහණෙනි, අව්‍යාපාදධාතුව නිසා අව්‍යාපාදසංඥාව උපදී ... අව්‍යාපාදසංකල්පය … අව්‍යාපාදච්ඡන්‍දය … අව්‍යාපාදපරිදාහය … අව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව … මහණෙනි, අව්‍යාපාදපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
මහණෙනි, අවිහිංසාධාතුව නිසා අවිහිංසාසංඥාව උපදී. අවිහිංසාසංඥාව නිසා අවිහිංසාසඞ්කල්පය උපදී. අවිහිංසාසඞ්කල්පය නිසා අවිහිංසාඡන්‍දය උපදී. අවිහිංසාඡන්‍දය නිසා අවිහිංසාපරිදාහය උපදී. අවිහිංසාපරිදාහය නිසා අවිහිංසාපර්‍ය්‍යෙෂණය උපදී. මහණෙනි, අවිහිංසාපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගිනි ගත් තණහුලක් වියලිතණලැහැබෙක බහා ලන්නේ ද, ඒ මේ තණහුළ අතින් පයින් වහා ම නිවන්නේ ද, මහණෙනි, මෙසේ තෘණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු විනාශයට නො පැමිණෙන්නාහු ය.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ විෂමබවට පැමිණි උපන් අකුශලසංඥාව වහා ම දුරු කෙරේ ද, බැහැර කෙරේ ද, මුලුසුන් කෙරේ ද, නැවත නො හටගන්නා බවට පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හි ද පීඩා රහිත ව ආයාස රහිත ව පරිදාහ රහිත ව සුවසේ වෙසෙයි කාබුන් මරණින් මතු ද සුගතිය කැමති විය යුතු යි.
2. 2. 3.
ගිඤ්ජකාවසථ සූත්‍රය
237. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගිඤ්ජකාවසථයෙහි (=ගැඩොලින් කළ ගෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ධාතු (අධ්‍යාශය) නිසා සංඥාව උපදී, දෘෂ්ටිය උපදී, විතර්‍කය උපදී යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: වහන්ස, සම්මාසම්බුදු නො වන්නවුන් කෙරෙහි ‘සම්මාසම්බුදුහු’ යන යම් මේ දෘෂ්ටියෙක් වේ ද, වහන්ස, මේ දෘෂ්ටිය කුමක් නිසා පැණේ දැ යි?
කච්චාන, යම් මේ අවිද්‍යාධාතුවෙක් වේ ද, මේ ධාතුව මහත් ය කච්චාන හීනාධ්‍යාශය නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්‍කය හීන චේතනාව, හීන ප්‍රාර්‍ත්‍ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම හීන ය යි කියමි.
කච්චාන, මධ්‍යම අධ්‍යාශය නිසා මධ්‍යම සංඥාව උපදී, මධ්‍යම දෘෂ්ටිය, මධ්‍යම විතර්‍කය, මධ්‍යම චේතනාව මධ්‍යම ප්‍රාර්‍ත්‍ථනාව, මධ්‍යම ප්‍රණිධිය, මධ්‍යම පුද්ගලයා, මධ්‍යම වචන උපදී. මධ්‍යම වූවක් කියයි, දේශනා කරයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම මධ්‍යම ය යි කියමි.
කච්චාන ප්‍රණීතාධ්‍යාශය නිසා ප්‍රණීත සංඥාව උපදී. ප්‍රණීත දෘෂ්ටිය, ප්‍රණීත විතර්‍කය, ප්‍රණීත චේතනාව, ප්‍රණීත ප්‍රාර්‍ත්‍ථනාව, ප්‍රණීත ප්‍රණිධිය, ප්‍රණීත පුද්ගලයා, ප්‍රණීත වචන උපදී. ප්‍රණීත වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම ප්‍රණීත ය යි කියමි යි.
2. 2. 4.
හීනාධිමුත්තික සූත්‍රය
238. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත් ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ.
මහණෙනි, මතු කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
මහණෙනි, දැන් පවත්නා කල්හි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 2. 5.
චඞ්කම සූත්‍රය
239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මන්තානිපුත් පුණ්ණ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. දෙව්දත් තෙමේ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ සැරියුත් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු මහපැණැත්තහ.
මහණෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග සක්මන් කරණ මුගලන් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු මහත් ඍද්ධි ඇත්තහ.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ කසුප් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහුධුතවාදීහු ය.
මහණෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග සක්මන් කරණ අනුරුද්ධ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු දිවැස් ඇත්තහ.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ මන්තානීපුත් පුණ්ණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු ධර්‍මකථිකයහ.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ උපාලි දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු විනයධරයහ.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ අනඳ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු බහුශ්‍රැතයහ.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ දෙව්දතු දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු පාපිච්ඡයහ.
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, අතීත කාලයෙහි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එක් වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ.
මහණෙනි, මතු කාලයෙහි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
මහණෙනි, දැන් පවත්නා කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙති, එකතු වෙති: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 2. 6.
සගාථා සූත්‍රය
240. සැවැත්නුවර–
මහණෙනි, අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙති, එකතු වෙති: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කාලයෙහි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, යම් සේ මල මල සමග සැසැඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමග සැසැඳේ ද, එකතු වේ ද; කෙල කෙල සමග සැසැඳේ ද, එකතු වේ ද; පූයාව පූයාව සමග සැසැඳේ ද, එකතු වේ ද; ලේ ලේ සමග සැසැඳේ ද, එකතු වේ ද; මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති, … මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කාලයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
මහණෙනි, යම් සේ කිරි කිරි සමග සැසැඳේ ද, එකතු වේ ද, තෙල් තෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද, මී මී සමග සැසැඳේ ද; එකතු වේ ද, පැණි පැණි සමග සැසැඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු දු මෙය වදාළ සේක:
ඇල්මෙන් කෙලෙස්වනය හටගත්තේ ය, නො ඇල්මෙන් සිඳෙයි. කුඩා දරකඩකට නැගී (සිටියහු) මහමුහුදෙහි යම් සේ කිඳෙන්නේ ද,
එසෙයින් ම පිරිසුදු දිවි ඇත්තේ ද මැලි පිඟුලා වෙත පැමිණ කිඳෙයි. (පිරිහෙයි) එහෙයින් වීර්‍ය්‍ය නැති ඒ මැලි පුඟුලා දුරු කරන්නේ ය.
ප්‍රකර්‍ෂ විවේක ඇති ආර්‍ය්‍ය වූ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති පටන් ගත වීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරණසුලු පණ්ඩිතයන් සමග නිරතුරු එක් ව වෙසෙන්නේ යි.
2. 2. 7.
අස්සද්ධ සූත්‍රය
241. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, අයු කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳුනහ, එකතු වූහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නූගතුන් නූගතුන් සමග සැසැඳුනහ, එකතු වූහ. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳුනහ, එකතු වූහ. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ.
මහණෙනි, මතු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් මැ සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ, පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගතුන් නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග ... පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගත්තු නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. උගත්තු උගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තෝ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් පවත්නා කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 2. 8.
අස්සද්ධමූලකතිකපඤ්චක සූත්‍රය
242. සැවැත්නුවර–
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
මහණෙනි, අයු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් සැසැඳුනහ, එකතු වූහ … මහණෙනි, මතු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … නුවණනැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තික ය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … පවටබිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බියැත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගතුන් නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු .... සැදැහැත්තෝ සැදැහැතියන් සමග … නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැතියෝ සැදැහැතියන් සමග …උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පිරිපුන් වෙර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැතියෝ … කුසීතයෝ … නුවණ නැත්තෝ … සැදැහැතියෝ … පිරිපුන් වෙර ඇතියෝ … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (සිවුවන තිකය යි.)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි අත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැත්තෝ … මුළා සිහි ඇත්තෝ … නුවණ නැත්තෝ … සැදැහැත්තෝ … එළඹි සිහි ඇත්තෝ … පැණැත්තෝ පැණැත්තන් සමග සැසැඳෙති එකතු වෙති යි. (පස්වන තිකය යි.)
2. 2. 9.
අහිරිකමූලකතිකචතුක්ක සූත්‍රය