1. 9. 1. 4.
උපාදාන සූත්‍රය
85. මහණෙනි, උපාදාන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 5.
තණ්හා සූත්‍රය
86. මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 6.
වේදනා සූත්‍රය
87. මහණෙනි, වේදනාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 7.
ඵස්ස සූත්‍රය
88. මහණෙනි, ඵස්සය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 8.
සළායතන සූත්‍රය
89. මහණෙනි, සළායතන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 9.
නාමරූප සූත්‍රය
90. මහණෙනි, නාමරූප තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 10.
විඤ්ඤාණ සූත්‍රය
91. මහණෙනි, විඤ්ඤාණය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
1. 9. 1. 11.
සඞ්ඛාර සූත්‍රය
92. මහණෙනි, සංස්කාරයන් තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරයන්හි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාරසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාර නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරනිරෝධාගමිනී ප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
(සියල්ල චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)
2. සික්ඛා වර්‍ගය
1. 9. 2. 1-11.
ජරාමරණාදි සූත්‍ර
93-103. මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නාහු විසින් නො දක්නාහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (ත්‍රිවිධ) ශික්‍ෂාව කට යුතු යි. (පෙය්‍යාල යි.)
(චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)
3. යෝග වර්‍ගය
1. 9. 3. 1-11.
ජරාමරණාදි සූත්‍ර
104-114. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] යෙදීම කට යුතු යි.
4. ඡන්‍ද වර්‍ගය
1. 9. 4. 1-11.
ජරාමරණාදි සූත්‍ර
115-125. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය කට යුතු යි.
5. උස්සෝළහි වර්‍ගය
1. 9. 5. 1-11.
ජරාමරණාදි සූත්‍ර
126-136. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] අධිමාත්‍ර වීර්‍ය්‍යය කට යුතු යි.
6. අප්පටිවානි වර්‍ගය
1. 9. 6. 1-11.
ජරාමරණාදි සූත්‍ර
137-147. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] නො පසු බස්නා වීර්‍ය්‍යය කට යුතු යි.
7. ආතප්ප වර්‍ගය
1. 9. 7. 1-11.
ජරාමරණාදි සූත්‍ර
148-158. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කෙලෙස් තවන වීර්‍ය්‍යය කට යුතු යි.
8. විරිය වර්‍ගය
1. 9. 8. 1-11.
ජරාමරණාදි සූත්‍ර
159-169. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] වීර්‍ය්‍යය කට යුතු යි.1.9.9. 1-11
9. සාතච්ච වර්‍ගය
1. 9. 9. 1-11.
ජරාමරණාදි සූත්‍ර
170-180. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] සත්තක්‍රියා කට යුතු යි.
10. සති වර්‍ගය
1. 9. 10. 1-11.
ජරාමරණාදි සූත්‍ර
181-191. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) සිහිය කට යුතු යි.
11. සම්පජඤ්ඤ වර්‍ගය
1. 9. 11. 1-11.
ජරාමරණාදි සූත්‍ර
192-202. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) ඥානය කට යුතු යි.1.9.12. 1-11
12. අප්පමාද වර්‍ගය
1. 9. 12. 1-11.
ජරාමරණාදි සූත්‍ර
203-213. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (සත්‍යභාවනායෙහි) අප්‍රමාදය කට යුතු යි.
අන්තර පෙය්‍යාල නව වැනි යි.
එහි වර්‍ග නාමාවලිය:
සත්‍ථු, සික්ඛා, යෝග, ඡන්‍ද, උස්සේළහී, අප්පටිවනී, ආතප්ප, විරිය, සාතච්ච, සති, සම්පජඤ්ඤ, අප්පමාද යි (පෙය්‍යාල වර්‍ග) දොළසකි යි.{*}
අන්තරපෙය්‍යාල සුත්‍රාන්තයෝ නිමියහ.
ඔහු වර්‍ග දොළසකි. සූත්‍ර එක්සිය දෙතිසෙක් වේ. අන්තර පෙය්‍යාලයෙහි යම් සූත්‍රයෝ වෙද්ද, ඔහු චතුස්සත්‍ය විභාගයෙන් කියන ලදහ යි.
10 අභිසමය වර්‍ගය
1. 10. 1.
නඛසිඛා සූත්‍රය
214. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මා විසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බුඳ හෝ මේ මහපොළොව හෝ දැ?යි.
වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බුඳ ඉමඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිසසිළෙහි නගන ලද පස්බුඳ සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එපරිද්දෙන් ම සිවුසස් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ දුකෙක් ක්‍ෂය කරණ ලද ද, අවසන් කරණ ලද ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසඳීමෙහි දී සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙ යි.
මහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය, දහම් ඇස (සෝවන්පෙල) පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 2.
පොක්ඛරණී සූත්‍රය
215. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
මහණෙනි, එපරිද්දෙන් ම ධර්‍මය අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද යම් මේ දුකෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසදීමේ දී සියවැනි කලාවටත් නො ම පැමිණෙයි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය. දහම්ඇස පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 3.
සම්භෙජ්ජඋදක සූත්‍රය
216. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?
වහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10 .4.
දෙවන සම්භෙජ්ජඋදක සූත්‍රය
217. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ යම් තැනෙක මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එක් වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. දියබිඳු දෙකක් හෝ තුනක් හෝ තබා ඒ දිය ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිඳු හෝ දැ යි?
වහන්ස, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
1. 10. 5.
පඨවි සූත්‍රය