Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 15001-15083 න් 15083

3953. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 7.
දේවචුති සූත්‍රය
3954. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 8.
දෙවන දේවචුති සූත්‍රය
3955. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙව්ලොවින් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 9.
තෙවන දේවචුති සූත්‍රය
3956. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දිව්‍යවිෂයෙන් ච්‍යුත ව දිව්‍යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දිව්‍යවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 10.
සිවුවන දේවචුති සූත්‍රය
3957. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 11.
පස්වන දේවචුති සූත්‍රය
3958. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 12.
සවන දේවචුති සූත්‍රය
3959. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙහි ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 13.
නිරයචුති සූත්‍රය
3960. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 14.
දෙවන නිරයචුති සූත්‍රය
3961. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 15.
තෙවන නිරයචුති සූත්‍රය
3962. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 16.
සිවුවන නිරයචුති සූත්‍රය
3963. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 17.
පස්වන නිරයචුති සූත්‍රය
3964. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 18.
සවන නිරයචුති සූත්‍රය
3965. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 19.
තිරච්ඡානචුති සූත්‍රය
3966. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 20.
දෙවන තිරච්ඡානචුති සූත්‍රය
3967. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 21.
තෙවන තිරච්ඡානචුති සූත්‍රය
3968. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 22.
සිව්වන තිරච්ඡානචුති සූත්‍රය
3969. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 23.
පඤ්චම තිරච්ඡානචුති සූත්‍රය
3970. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 24.
සවන තිරච්ඡානචුති සූත්‍රය
3971. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු දෙවියන් අතර උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු ප්‍රෙතයන් අතර උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 25.
පෙත්තිචුති සූත්‍රය
3972. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි
12. 11. 26.
දෙවන පෙත්තිචුති සූත්‍රය
3973. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 27.
තෙවන පෙත්තිචුති සූත්‍රය
3974. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 28.
සිවුවන පෙත්තිචුති සූත්‍රය
3975. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහුම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 29.
පස්වන පෙත්තිචුති සූත්‍රය
3976. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 30.
සවන පෙත්තිචුති සූත්‍රය
3977. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් ද යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යය කෙනෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක හටගැනුමැ” යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්ම”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
එකොළොස්වැනි පඤ්චගතිවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
මනුස්සචුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති , පෙත්තිචුති වශයෙන් චුති නමින් දක්වන ලද ෂට්සූත්‍රාන්ත කෙනෙක් වෙති යි.
සච්චසංයුත්තය සමාප්ත යි.
මහාවග්ගය නිමියේ යි.
එහි සංයුත්තනාමාවලිය:
මග්ග, බොජ්ඣඞ්ග , සති, ඉන්‍ද්‍රිය, සම්මප්පධාන, බල, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සෝතාපත්ති, සච්ච යී සංයුත්ත දොළසෙක් වේ යි.
එහි වර්‍ගනාමාවලිය:
සමාධි, ධම්මචක්කප්පවත්තන, කෝටිගාම, සිංසපාවන, පපාත, අභිසමය යි සයෙක් ම වේ. (ආමකධඤ්ඤපෙය්‍යාල, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල, තතිය ආමකධඤ්ඤපෙය්‍යාල, චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල යි) ආමකධඤ්ඤපෙය්‍යාල යන නම් ඇත්තා වූ වර්‍ග සතරෙකි. (ඒ සියල්ල) පඤ්චගති පෙය්‍යාලවර්‍ගය සමග (සච්චසංයුත්තයෙහි වර්‍ග) එකොළොසෙක් වේ මැ යි.
සංයුත්තනිකාය නිමියේ යි.