Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 14901-15000 න් 15083

කාමෙසුමිච්ඡාචාර සූත්‍රය
3915. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
මුසාවාද සූත්‍රය
3916. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
පිසුණවාචා සූත්‍රය
3917. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
ඵරුසවාචා සූත්‍රය
3918. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 7.
සම්ඵප්පලාප සූත්‍රය
3919. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් හිස්බසින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් හිස්බසින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 8.
බීජගාම සූත්‍රය
3920. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 9.
විකාලභොජන සූත්‍රය
3921. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 10.
විලේපන සූත්‍රය
3922. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හේතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හේතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කට යුතු යි.
අටවැනි දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන, විලේපන යි සූත්‍ර දසයෙකි යි.
9. තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ගය
12. 9. 1.
නච්චගීත සූත්‍රය
3923. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 2.
උච්චාසයන සූත්‍රය
3924. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 3.
ජාතරූප සූත්‍රය
3925. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
ආමකධඤ්ඤ සූත්‍රය
3926. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍ව කෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
ආමකමංස සූත්‍රය
3927. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 6.
කුමාරික සූත්‍රය
3928. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් (විවාහක) ඉතිරි (අවිවාහක) කුමරියන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ඉතිරිකුමරියන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කට යුතුයි.
12. 9. 7.
දාසිදාස සූත්‍රය
3929. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 8.
අජෙළක සූත්‍රය
3930. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
කුක්කුට සූකර සූත්‍රය
3931. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 9. 10.
වළවා සූත්‍රය
3932. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
නවවැනි තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක යන සූත්‍ර අට හා කුක්කුට සුකර වාළවා සූත්‍ර දෙක යි සූත්‍ර දශයෙකි.
10. චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ගය
12. 10. 1.
ඛෙත්තවත්‍ථු සූත්‍රය
3933. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 10. 2.
කයවික්කය සූත්‍රය
3934. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 10. 3.
දූතෙය්‍ය සූත්‍රය
3935. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 10. 4-6.
තුලාකූටාදි සූත්‍ර
3936-3938. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 10. 7-9.
උක්කෝටනාදි සූත්‍ර
3939-3941. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 10. 10-15.
ඡෙදනාදි සූත්‍ර
3942-3947. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛසමුදය”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛනිරෝධ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍ය කටයුතු යි.
දශවන චතුත්‍ථ ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඛෙත්තවත්‍ථු, කයවික්කය, දූතෙය්‍ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වඤ්චන, නිකති, ඡේදන, වධ, බන්‍ධන, විපරාමෝස, ආලෝප, සාහස යි පසළොස් සුතුරු කෙනෙකි යි.
11. පඤ්චගතිපෙය්‍යාල වර්‍ගය
12. 11. 1.
මනුස්සචුති සූත්‍රය
3948. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ” යි? “වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ”. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය ... දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කට යුතු යි.
12. 11. 2.
දෙවන මනුස්සචුති සූත්‍රය
3949. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 3.
තෙවන මනුස්සචුති සූත්‍රය
3950. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ . වැළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 4.
සිවුවන මනුස්සචුති සූත්‍රය
3951. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 5.
පස්වන මනුස්සචුති සූත්‍රය
3952. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 11. 6.
සවන මනුස්සචුති සූත්‍රය