Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 12701-12800 න් 15083

633-638 මහණෙනි, මෛත්‍රිය … පවතී යි.
2. 7. 37-42.
කරුණා සූත්‍ර
639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
2. 7. 43-48.
මුදිතා සූත්‍ර
645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
2. 7. 49-54.
උපේඛා සූත්‍ර
651-656 මහණෙනි, උපේක්‍ෂාව … පවතී යි.
2. 7. 55-60.
ආනාපානසති සූත්‍ර
657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
සත්වැනි ආනාපානවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.
8. නිරෝධ වර්‍ගය
2. 8. 1-6.
අසුභ සූත්‍ර
663-668. මහණෙනි, අසුභසඤ්ඤාව ... පවතී යි.
2. 8. 7-12.
මරණ සූත්‍ර
669-674. මහණෙනි, මරණසඤ්ඤාව ... පවතී යි.
2. 8. 13-18.
ආහාරේ පටික්කූල සූත්‍ර
675-680. මහණෙනි, ආහාරේ පටික්කූලසඤ්ඤාව ... පවතී යි.
2. 8. 19-24.
සබ්බලෝකේ අනභිරත සූත්‍ර
681-686. මහණෙනි, සබ්බලොකෙ අනභිරතසඤ්ඤාව ... පවතී යි.
2. 8. 25-30.
අනිච්ච සූත්‍ර
687-692. මහණෙනි, අනිච්චසඤ්ඤාව ... පවතී යි.
2. 8. 31-36.
අනිච්චේ දුක්ඛ සූත්‍ර
693-698. මහණෙනි, අනිච්චේ දුක්ඛසඤ්ඤාව ... පවතී යි.
2. 8. 37-42.
දුක්ඛෙ අනත්ත සූත්‍ර
699-704. මහණෙනි, දුක්ඛෙ අනත්ත සඤ්ඤාව ... පවතී යි.
2. 8. 43-48.
පහාන සූත්‍ර
705-710. මහණෙනි, පහානසඤ්ඤාව ... පවතී යි.
2. 8. 49-54.
විරාග සූත්‍ර
711-716. මහණෙනි, විරාගසඤ්ඤාව ... පවතී යි.
2. 8. 55.
නිරෝධ සූත්‍රය
717. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසංඥාව මහත්ඵල මහානිසංස වේ යි.
2. 8. 56.
දුතිය නිරෝධ සූත්‍රය
718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩූ කල්හි බහුල කළ කල්හි ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු: දිටුදැමියෙහි රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව කෙසේ වැඩූ කල්හි, කෙසේ බහුල කල කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යන ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමිබව හෝ යනඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි.
2. 8. 57.
තතිය නිරෝධ සූත්‍රය
719. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤා මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධ සඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 8. 58.
චතුත්‍ථ නිරෝධ සූත්‍රය
720. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්‍ෂේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට නිරෝධ සඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී යි.
2. 8. 59.
පඤ්චම නිරෝධ සූත්‍රය
721. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් සංවේගය පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී යි.
2. 8. 60.
ඡට්ඨ නිරෝධ සූත්‍රය
722. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසුවිහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතී යි.
අටවැනි නිරෝධ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ යි ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.
9. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
2. 9. 1-12.
ගඞ්ගාදි සූත්‍ර
723-734. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ යි … නිවනට බර වූයේ යි. (දොළොස් සූත්‍රාන්තයෝ විස්තර කට යුත්තාහ)
නවවැනි ගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ.
10. අප්පමාද වර්‍ගය
2. 10. 1-10.
තථාගතාදි සූත්‍ර
735-744. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද යම් තාක් සත්ත්‍වයෝ වෙද්ද … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දශසූත්‍රාන්තයෝ විතර කටයුතු.)
දශවැනි අප්පමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර දශයෙකි.
11. බලකරණීය වර්‍ගය
2. 11. 1-12.
බලාදි සූත්‍ර
745-756 මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දොළොස් සූත්‍රාන්තයෝ විතර කටයුතු.)
එකොළොස්වැනි බලකරණීයවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාම, රුක්ඛ, කුම්භ, සූක, ආකාස සූත්‍ර ද මේඝ සූත්‍ර දෙක ද නාවා, ආගන්තුක, නදී සූත්‍ර දැ යි දොළසෙකි.
12.ඒසනා වර්‍ගය
2. 12. 1-40.
එසනාදි සූත්‍ර
757-796 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භාවේසනා, බ්‍රහ්මචරියේසනා යි. … වැඩිය යුත්තේ යි.
(මග්ග සංයුත්තයෙහි ඒසනාවර්‍ගය මෙන් විතර කටයුතු)
දොළොස්වැනි ඒසනා වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සාලිසෙකි.
13. ඕඝ වර්‍ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්‍ර
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.