96. මහණෙනි, යම් කිසි මහානදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද් ද, යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුනාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
1. 9. 7.
සමුද්දනින්න සූත්‍රය
97. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 9. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
98. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
99. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
100. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
101. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
1. 9. 12.
ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
102. මහණෙනි, යම්කිසි මහා නදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද්ද, යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්, මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
ගංඟාපෙය්‍යල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක සූත්‍ර දොළසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
10. දුතියගඞ්ගාපෙය්‍යාලය
1. 10. 1.
පාචීනනින්න සූත්‍රය
103. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා, පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ, වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 10. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
104. මහණෙනි යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
105. මහණෙනි යම්සේ අචිරවතී ගඟ පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
106. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
107. මහණෙනි, යම්සේ මහී ගඟ පැදුම්දිගට නැමුණී පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
108. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද, ඔහු නම්: ගඞ්ඟා යමුනා අචිරවතී සරඟු මහී යන මොහු යි. යම්සේ ඒ සියල්ලෝ පැදුම්දිගට නැමුණාහු පැදුම්දිගට නැඹුරු වූවාහු පැදුම්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 7.
සමුද්දනින්න සූත්‍රය
109. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ, අරීඅටඟිමඟ බහුල කරනුයේ, නිවනට නැමුණේ, නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
110. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
112. මහණෙනි, යම්සේ සරභු නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
113. මහණෙනි යම් සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 12.
ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
114. මහණෙනි යම් කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු වෙති. යම්සේ ඒ හැම නදීහු මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
දුතිය ගඞ්ඟාපෙය්‍යාලය යි.
එහි සූත්‍ර නාමාවලිය:
පාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍රාන්ත කෙනෙක් වෙති. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
11. තතිය ගඞ්ගාපෙය්‍යාලය
1. 11. 1.
පාචීනනින්න සූත්‍රය
115. මහණෙනි, යම්සේ ගඞ්ඟා නම් ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 11. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
116. මහණෙනි, යම්සේ යමුනා ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
117. මහණෙනි, යම්සේ අචිරවතී ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
118. මහණෙනි, යම්සේ සරභූ ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
119. මහණෙනි, යම්සේ මහී ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
120. මහණෙනි, යම්කිසි මහාගඞ්ගාවෝ වෙත් ද, ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී ගඞ්ගාවෝ යැ. යම්සේ ඒ සියල්ලෝ පැදුන්දිගට නැමුණාහු පැදුන්දිගට නැඹුරු වූවාහු පැදුන්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 7.
සමුද්දනින්න සූත්‍රය
121. මහණෙනි, යම්සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යග්දෘෂ්ටිය වඩයි … නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 11. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
122. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
123. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
124. මහණෙනි, යම්සේ සරභු නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
125. මහණෙනි යම්සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම … නිවනට බර වූයේ වේ යයි.
1. 11. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
126. මහණෙනි, යම්කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ යත්: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යග්දෘෂ්ටිය වඩයි … නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
තතිය ගඞ්ඟා පෙය්‍යාලය යි.