1. 7. 5.
දිට්ඨි සූත්‍රය
67. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 7. 6.
අප්පමාද සූත්‍රය
68. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්පමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
1. 7. 7.
යෝනිසෝ සූත්‍රය
69. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යෝනිසෝමනසිකාර සම්පන්න මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 7. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
70. සැවැත්නුවර:
මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ දෝසවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
1. 7. 9.
දුතිය සීල සූත්‍රය
71. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවු පිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 10.
දුතිය ඡන්‍ද සූත්‍රය
72. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 11.
දුතිය අත්ත සූත්‍රය
73. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්; මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
74. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උදව් ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 13.
දුතිය අප්පමාද සූත්‍රය
75. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
76. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගය දුරලීම කෙළවර කොට ද්වේෂය දුරලීම කෙළවර කොට මෝහය දුරලීම කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
ඒකධම්මපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍රයුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
8. දුතියඒකධම්මපෙය්‍යාලය
1. 8. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
77. සැවැත්නුවර:
මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 8. 2.
සීල සූත්‍රය
78. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟක් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ සිවුපිරිසිදු සීලය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, සිල්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
1. 8. 3.
ඡන්‍ද සූත්‍රය
79. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 4.
අත්ත සූත්‍රය
80. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමක් මම නො ම දකිමි. මහණෙනි, සිත්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 5.
දිට්ඨි සූත්‍රය
81. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ ඤාණසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නොම දකිමි. මහණෙනි, නැණසපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 6.
අප්පමාද සූත්‍රය
82. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්‍රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
1. 8. 7.
යෝනිසෝ සූත්‍රය
83. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 8. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
84. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මේ කල්‍යාණ මිත්‍රත්‍වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි … සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
1. 8. 9.
දුතිය සීල සූත්‍රය
85. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ සිවුපිරිසිදු සීලය යම් බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, සිල්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
1. 8. 10.
දුතිය ඡන්‍ද සූත්‍රය
86. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 8. 11.
දුතිය අත්ත සූත්‍රය
87. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
88. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ ඤාණසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො දකිමි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 13.
දුතිය අප්පමාද සූත්‍රය
89. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්‍රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
90. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
දුතිය ඒකධම්ම පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍රයුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
9. ගඞ්ගාපෙය්‍යාලය
1. 9. 1.
පාචීනනින්න සූත්‍රය
91. සැවැත්නුවර:
මහණෙනි යම්සේ ගංඟා නම් ගඟ පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරිඅටමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වේ යයි.
1. 9. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
92. මහණෙනි, යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
93. මහණෙනි, යම් සේ අචිරවතී ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා, පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
94. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
95. මහණෙනි, යම් සේ මහී ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 6.
ඡෂ්ඨ පාචීනනින්න සූත්‍රය