9. 2. 22.
විරියින්‍ද්‍රිය සූත්‍රය
460. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 23.
සතින්‍ද්‍රිය සූත්‍රය
461. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 24.
සමාධින්‍ද්‍රිය සූත්‍රය
462. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 25.
පඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
463. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 26.
සද්ධාබලන්‍ද්‍රිය සූත්‍රය
464. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සද්ධාබලය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 27.
විරියබල සූත්‍රය
465. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 28.
සතිබල සූත්‍රය
466. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 29.
සමාධිබල සූත්‍රය
467. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 30.
පඤ්ඤාබල සූත්‍රය
468. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 31.
සතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
469. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 32.
ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
470. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ග වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 33.
විරියසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
471. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 34.
පීතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
472. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 35.
පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
473. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 36.
සමාධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
474. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 37.
උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය සූත්‍රය
475. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 38.
සම්මාදිට්ඨි සූත්‍රය
476. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාදිට්ඨිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 39.
සම්මාසඞ්කප්ප සූත්‍රය
477. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසඞ්කප්පය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 40.
සම්මාවාචා සූත්‍රය
478. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවාචාව වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 41.
සම්මාකම්මන්ත සූත්‍රය
479. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාකම්මන්තය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 42.
සම්මාආජීව සූත්‍රය
480. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාආජීවය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 43.
සම්මාවායාම සූත්‍රය
481. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවායාමය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 44.
සම්මාසති සූත්‍රය
482. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසතිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 45.
සම්මාසමාධි සූත්‍රය
483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මවිසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිතවැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 46. - 106
අන්ත සූත්‍ර සූත්‍රය
484-539. මහණෙනි, තොපට (තෘෂ්ණාවේ කෙළවර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: ... අනුශාසනා යි. (අසඞ්ඛත වාරය යම්සේ නම් එසේ විස්තර කට යුතු යි.)
9. 2. 102-157.
අනාසව සූත්‍ර
540-595. මහණෙනි, තොපට (ආස්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 158-213.
සච්ච සූත්‍ර
596-651. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ සත්‍යවූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 214-269.
පාර සූත්‍ර
652-707. මහණෙනි, තොපට (සසර පර තෙර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 270-325.
නිපුණ සූත්‍ර
708-763. මහණෙනි, තොපට (සියුම් ධර්‍මයවූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 326-381.
සුදුද්දස සූත්‍ර
764-819. මහණෙනි, තොපට (දක්නට ඉතා අපහසු ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 382-437.
අජර සූත්‍ර
820-875. මහණෙනි, තොපට (ජරාවෙන් දැදුරු නොවන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 438-493.
ධුව සූත්‍ර
876-931. මහණෙනි, තොපට (ස්ථීර ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 494-549.
අපලෝකිත සූත්‍ර
932-987. මහණෙනි, තොපට (නොනැසෙන ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.