Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 11201-11300 න් 15083

428. මහණෙනි, තොපට අසඞ්ඛතය (නිවන) ද, අසඞ්ඛත (නිවන්) මඟ ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසඞ්ඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය අසඞ්ඛත යි කියනු ලැබේ. මහණෙනි, අසඞ්ඛත මඟ කවරේ ද යත්: කායගතාසති යි. මහණෙනි, මේ අසඞ්ඛත මඟ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ තොපට මා විසින් අසඞ්ඛතය දෙසන ලදි. අසඞ්ඛත මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 1. 2.
සමථවිපස්සනා සූත්‍රය
429. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවන ය යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය ද විදර්‍ශනාව ද යන දෙක යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. ... මේ තොපට අපගේ අනුශාසනා යි.
සවිතක්කසවිචාර සූත්‍රය
430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතර්‍කසවිචාරසමාධි ය, අවිතර්‍කවිචාරමාත්‍රසමාධිය, අවිතර්‍කඅවිචාරසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ ... අනුශාසනා යි.
9. 1. 4.
සුඤ්ඤතසමාධි සූත්‍රය
431. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි ය, අනිමිත්තසමාධි ය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 5.
සතිපට්ඨාන සූත්‍රය
432. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සීවටන්හු ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 6.
සම්මප්පධාන සූත්‍රය
433. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සම්මප්පධානයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
ඉද්ධිපාද සූත්‍රය
434. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර ඉද්ධිපාදයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
ඉන්‍ද්‍රිය සූත්‍රය
435. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච ඉන්‍ද්‍රියෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
බල සූත්‍රය
436. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච බලයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 10.
බොජ්ඣඞ්ග සූත්‍රය
437. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සත්ත බොජ්ඣඞ්ගයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 11.
මග්ගඞ්ග සූත්‍රය
438. ... මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: අරිඅටඟිමඟ යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන් කෙරෙහි හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, මා විසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
පළමුවැනි අසඞ්ඛත වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
කායගතාසති, සමථ විපස්සනා, සවිතක්කසවිචාර, සුඤ්ඤතසමාධි, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග යි සූත්‍ර එකොළොසෙකි.
2. දුතිය අසඞ්ඛත වර්‍ගය
9. 2. 1.
අසඞ්ඛත සූත්‍රය
439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය යි. මහණෙනි, මේ නිවන්මගැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය තොපට මා විසින් කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමා වවු, පසු ව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 2.
විපස්සනා සූත්‍රය
440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි ... මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 3.
සවිතක්කසවිචාර සූත්‍රය
441. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතක්කසවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
අවිතක්කවිචාරමත්ත සූත්‍රය
442. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කවිචාරමත්ත සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 5.
අවිතක්කඅවිචාර සූත්‍රය
443. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කඅවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්‍රය
444. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්‍රය
445. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අනිමිත්තසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
අප්පණිහිතසමාධි සූත්‍රය
446. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
කායානුපස්සනා සූත්‍රය
447. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ ... අනුසාසනා යි.
9. 2. 10.
වේදනානුපස්සනා සූත්‍රය
448. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වේදනායෙහි වේදනා අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 11.
චිත්තානුපස්සනා සූත්‍රය
449. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත්හි සිත අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 12.
ධම්මානුපස්සනා සූත්‍රය
450. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි, මහණෙනි, මේ නිවන්මඟැයි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 13.
පඨමසම්මප්පධාන සූත්‍රය
451. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 14.
දුතිය සම්මප්පධාන සූත්‍රය
452. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත තර කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 15.
තතිය සම්මප්පධාන සූත්‍රය
453. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 16.
චතුත්‍ථ සම්මප්පධාන සූත්‍රය
454. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස භාවනාවෙහි පිරීම පිණිස ඡන්‍දය දනවයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 17.
ඡන්‍දිද්ධිපාද සූත්‍රය
455. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 18.
විරියද්ධිපාද සූත්‍රය
456. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වීර්‍ය්‍යය ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 19.
චිත්තිද්ධිපාද සූත්‍රය
457. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 20.
විමංසිද්ධිපාද සූත්‍රය
458. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රඥාව ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 21.
සද්ධින්‍ද්‍රිය සූත්‍රය
459. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.