Saṁyutta Nikāya

Connected Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15083 segments

පෙන්වන කොටස් 10701-10800 න් 15083

එහි සූත්‍රනාමාවලිය:
අනුරුද්ධ, අක්කෝධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිවාරී, සීලවන්ත, බහුස්සුත, ආරද්ධවීරිය, උපට්ඨීතසති, පඤ්චසීලය යි. ශුක්ලපක්‍ෂයෙහි සූත්‍ර එකොළොසෙක් පවසන ලදී.
3. බල වර්‍ගය
3. 3. 1.
සුද්ධ සූත්‍රය
306. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
3. 3. 2.
විසාරද සූත්‍රය
307. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
3. 3. 3.
පසය්හ සූත්‍රය
308. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා මැඬ ගෙහි වෙසේ යි.
අභිභුය්‍ය සූත්‍රය
309. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා යටත් කොට ගෙන පවතියි.
මහණෙනි, එක්බලයකිනුදු යුතු පුරුෂ තෙමේ මාගම යටත් කොට ගෙන පවතියි. කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි. මහණෙනි, ඉසුරු බෙලෙන් මඬනා ලද මාගම රූපබලය නො ම රකී. භෝගබලය නො ම රකී. ඤාතිබලය නො ම රකී. පුත්‍රබලය නො ම රකී. සීල බලය නො ම රකී යි.
3. 3. 5.
අඞ්ග සූත්‍රය
310. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි.
මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මේ පස මාගමගේ බල යි.
3. 3. 6.
නාසිතබ්බ සූත්‍රය
311. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා නො ද සීලබලයෙන් යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් මය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය.
මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා රූපබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය.
මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වේ ද, ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
3. 3. 7.
හේතු සූත්‍රය
312. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලය හේතු කොට හෝ භෝගබලය හේතු කොට හෝ ඤාතිබලය හේතු කොට හෝ පුත්‍රබලය හේතුකොට හෝ කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට නො පැමිණෙයි. මහණෙනි, මාගම සීලබලය හේතු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණෙයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
3. 3. 8.
ඨාන සූත්‍රය
313. මහණෙනි, නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පළමුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ දෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ කරුණු පස යි.
මහණෙනි, කළ පින් ඇති මාගම විසින් සුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදින්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පළමු කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ දෙවන කරුණයි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ කළ පින් ඇති මාගම විසින් සුලබ වූ කරුණු පස යි.
3. 3. 9.
විසාරදවාස සූත්‍රය
314. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි. කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුණී වෙයි. මුසවායින් වැළකුණී වෙයි. රහමෙර පානයෙන් වැළකුණී වෙයි. මහණෙනි, මේ දහම් පසෙන් යුත් මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
3. 3. 10.
වඩ්ඪී සූත්‍රය
315. මහණෙනි, වැඩුම් පසෙකින් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැයෙන් වැඩේ. සීලයෙන් වැඩේ. ශ්‍රැතයෙන් වැඩේ. ත්‍යාගයෙන් වැඩේ. ප්‍රඥාවෙන් වැඩේ. මහණෙනි, මේ පස් වැඩුමෙන් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි.
මෙලෙව්හි යම් ස්ත්‍රියක් සැදැහැයෙනුත් සීලයෙනුත් ප්‍රඥාවෙනුත් ත්‍යාග-ශ්‍රැත දෙකිනුත් වැඩේ ද එබඳු සිල්වත් ඒ උවැසි තොමෝ මෙලෙව්හි ම තමාගේ හර ගනී යි.
තෙවෙනි බලවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සුද්ධ, විසාරද, පසය්හ, අභිභුය්‍ය, පස්වන අඞ්ග, නසිතබ්බ, හේතු,ඨාන, විසාරදවාස, වඩ්ඪි සූත්‍ර ය යි ඔහු දශයෙකි.
මාතුගාමසංයුත්තය නිමියේ යි.
4. ජම්බුඛාදක සංයුත්තය
4. 1. 1.
නිබ්බාන සූත්‍රය
316. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ දනව්වෙහි නාලගම් හි වැඩවෙසෙති. එකල්හි ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නිවන නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි.
ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද් ද, පිළිවෙතක් ඇද් දැයි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇත. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ අරිඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 2.
අරහත්ත සූත්‍රය
317. ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්බව, රහත්බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, රහත්බව කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක් මෝහය දුරලීමෙක් වේ නම් මේ රහත් බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ අරී අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ ඇති මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවිමට සුදුසු යි.
4. 1. 3.
ධම්මවාදී සූත්‍රය
318. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ලොව ධර්‍මවාදීහු කවරහු ද ලොව සුපටිපන්න කවරහු ද? ලොව සුගත කවරහු දැ යි. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, දෝස ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, මෝහ ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, ඔහු ලොව ධර්‍මවාදීහු ය. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, දෝස ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, මෝහ ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, ඔහු ලොව සුපටිපන්නයෝ ය. ඇවැත්නි, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුන සුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද; දෝසය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුනසුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නුපදීනා ස්වභාව ඇත්තේ ද; මෝහය ප්‍රහීණ ද, උසුන් මුල් ඇත්තේ ද, මුදුනසුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද ඔහු ලොව සුගතයෝ යි.
ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මගෙක් ඇත්ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය මෝහය ප්‍රහාණයට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මග කවරේ ද පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මේ අරී අටගඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 4.
කිමත්‍ථිය සූත්‍රය
319. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි. ඇවැත්නි දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැයි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අරී අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 5.
අස්සාස සූත්‍රය
320. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්‍ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 6.
පරමස්සාස සූත්‍රය
321. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උතුම් අස්වැසුමට පැමිණියේ උතුම් අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්‍ශායතන සයෙහි සමුදයයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, ඇවැත්නි, මෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වෙයි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ අරිඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 7.
වේදනා සූත්‍රය
322. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, වේදනා වේදනා වේදනා යි කියනු ලැබේ. ඇවැත්නි, වේදනා කවරහු දැ යි. ඇවැත්නි, මේ වේදනා තුනෙකි, සුව වේදනා ය, දුක වේදනා ය, මැදහත් වේදනා ය යි. ඇවැත්නි, මේ වේදනා තුන යි. ඇවැත්නි, මේ වේදනා තුන පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද් ද පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ වේදනා, පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, වේදනා පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 8.
ආසව සූත්‍රය
323. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ආස්‍රව ආස්‍රවැ යි කියනු ලැබේ. ඇවැත්නි, ආස්‍රව කවරේදැ යි. ඇවැත්නි මේ ආස්‍රව තුනෙකි. කාමාස්‍රව ය භවාස්‍රව ය අවිද්‍යාස්‍රව ය යි. ඇවැත්නි මේ ආස්‍රව තුන යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇද්ද යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි ආස්‍රවයන් ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 9.
අවිජ්ජා සූත්‍රය
324. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි අවිද්‍යාව කවර දැයි. ඇවැත්නි, දුක්ඛයෙහි යම් නො දැනීමෙක්, දුක්ඛසමුදයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි නො දැනීමෙක් වේ නම්, ඇවැත්නි, මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. ඇවැත්නි, මේ අවිද්‍යා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.
4. 1. 10.
තණ්හා සූත්‍රය
325. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, තණ්හා තණ්හා යි කියනු ලැබේ. ඇවැත්නි තණ්හාව කවර යි. ඇවැත්නි මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි. ඇවැත්නි, මේ තණ්හා තුන යි. ඇවැත්නි මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ ද යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 11.
ඕඝ සූත්‍රය
326. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ඕඝ යැ යි ඕඝ යැ යි කියනු ලැබේ. ඇවැත්නි, ඕඝය කවරේ දැ යි. ඇවැත්නි, ඕඝ සතරෙකි, කාමෝඝ ය භවොඝ ය දිට්ඨොඝ ය අවිජ්ජොඝ ය යි. ඇවැත්නි, මේ ඕඝ සතර යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇද් ද, පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 12.
උපාදාන සූත්‍රය
327. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උපාදාන උපාදානැ යි කියනු ලැබේ. ඇවැත්නි, උපාදාන කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන සතරෙකි, කාමූපාදාන ය, දිට්ඨූපාදාන ය, සීලබ්බතූපාදනය, අත්තවාදූපාදාන ය යි. ඇවැත්නි, මේ උපාදාන සතර යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.
4. 1. 13.
භව සූත්‍රය
328. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, භව භවැ යි කියනු ලැබේ. ඇවැත්නි, භව කවරේ දැ යි. ඇවැත්නි භව තුනෙකි. කාමභව ය, රූපභව ය, අරූපභව ය යි. ඇවැත්නි, මේ භව තුන යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ මගම යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 14.
දුක්ඛ සූත්‍රය
329. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, දුක දුකැ යි කියනු ලැබේ. ඇවැත්නි දුඛ කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් තුනෙකි. දුක්ඛදුක්බව ය, සඞ්ඛාරදුක්බව ය, විපරිණාමදුක්බව ය යි. ඇවැත්නි, මේ දුක් බැව් තුන යි. ඇවැත්නි, මේ දුක් බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 15.
සක්කාය සූත්‍රය
330. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සත්කාය සත්කාය යි කියනු ලැබේ. ඇවැත්නි, සත්කාය කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූපූපාදානස්කන්‍ධය, වේදනූපාදානස්කන්‍ධය, සඤ්ඤූපාදානස්කන්‍ධය, සඞ්ඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්‍ධය යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්දැ යි.
ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 16.
දුක්කර සූත්‍රය
331. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි පැවිද්දා විසින් කුමක් දුෂ්කරදැ යි. ඇවැත්නි පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කරය. ඇවැත්නි (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි නොබෝ කලකිනි යි.
ජම්බුඛාදක සංයුත්තය නිමියේ යි.
එහි සූත්‍රනාමාවලිය: