Pali BJTඅභික්කන්තං භො භාරද්වාජ, අභික්කන්තං භො භාරද්වාජ, සෙය්යථාපි භො භාරද්වාජ නික්කුජ්ජිතං{5} වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං{6} භොතා භාරද්වාජෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භො භාරද්වාජ තං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං භාරද්වාජො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් භාරද්වාජයෙනි, ඉතා මැනවි. භවත් භාරද්වාජයෙනි, ඉතා මැනව. භවත් භාරද්වාජයෙනි, යටිකුරු කරන ලද්දක් යම් සේ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් යම් සේ වැසුම් හරින්නේ ද මංමුළාවූවකුට මග හෝ කියන්නේ ද ඇස් ඇත්තෝ රූ දකිත්ව යී අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද එසෙයින් ම භවද් භාරද්වාජයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදී. භවත් භාරද්වාජයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේ ද දහම ද බික්සඟන ද සරණ කොට යෙමි. භවද් භාරද්වාජ තෙරණුවෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා යි.
Pali BJT1. 13. 5.
Sinhala BJT1. 13. 5.
Pali BJTසොණසුත්තං
Sinhala BJTසෝණ සූත්‍රය
Pali BJT128. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සොණො ගහපතිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සොණො ගහපතිපුත්තො භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තී”ති.
Sinhala BJT128. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සෝණ ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිමැ යි.
Pali BJTසන්ති ඛො සොණ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, තදුපාදානං. සඋපාදානො සොණ, භික්ඛු නො පරිනිබ්බායති.
Sinhala BJTසෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො සොණ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො සොණ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, තදුපාදානං. සඋපාදානො සොණ භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො පන සොණ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTසෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන, ගුණ කියන, ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. සෝණ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJTසන්ති ඛො සොණ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො සොණ, භික්ඛු පරිනිබ්බායති.
Sinhala BJTසෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො සොණ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො සොණ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො සොණ භික්ඛු පරිනිබ්බායති. අයං ඛො සොණ හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා පරිනිබ්බායන්තීති.
Sinhala BJTසෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ, එය උපාදාන කොට නැත්තේ වේ. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. සෝණ, යම් හේතුවකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 13. 6.
Sinhala BJT1. 13. 6.
Pali BJTඝොසිතසුත්තං
Sinhala BJTඝෝසිත සූත්‍රය
Pali BJT129. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ඝොසිතො ගහපති යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ඝොසිතො ගහපති ආයස්මන්තං ආනන්දං එතදවොච: “ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ආනන්ද වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතා”ති.
Sinhala BJT129. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඝෝසිත ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය සැලකෙළේ ය. වහන්ස, ආනන්‍දයෙනි, “ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය” යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණෙකින් “ධාතුනානාත්‍වය” වදාරන ලද්දේ දැ යි.
Pali BJTසංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච මනාපා, චක්ඛුවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛාවෙදනා. සංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච අමනාපා, චක්ඛුවිඤ්ඤාණඤ්ච දුක්ඛවෙදනියං. ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති චක්ඛුධාතු, රූපා ච උපෙඛාඨානියා{1}, චක්ඛුවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJTගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද මනවඩන රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, චක්ඛුධාතුව ද උපේක්‍ෂාවට කරුණු වූ රූප ද චක්ඛුවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
Pali BJTසංවිජ්ජති ඛො ගහපති සොතධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති ඝානධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච මනාපා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච අමනාපා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති ජිව්හාධාතු, රසා ච උපෙඛාඨානියා, ජිව්හාවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJTගැහැවිය, සෝතධාතුව ඇත ... ගැහැවිය, ඝානධාතුව ඇත ... ගැහැවිය, ජිව්හාධාතුව ද මනවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මන නොවඩන රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, ජිව්හාධාතුව ද මැදහත්බවට කරුණු වූ රස ද ජිව්හාවිඤ්ඤාණය ද ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
Pali BJTසංවිජ්ජති ඛො ගහපති කායධාතු -පෙ- සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච මනාපා, මනොවිඤ්ඤාණඤ්ච, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච අමනාපා, මනොවිඤ්ඤාණඤ්ච, දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සංවිජ්ජති ඛො ගහපති මනොධාතු, ධම්මා ච උපෙඛාඨානීයා, මනොවිඤ්ඤාණඤ්ච, අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. එත්තාවතා ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතාති.
Sinhala BJTගැහැවිය, කායධාතුව ඇත ... ගැහැවිය, මනෝධාතුව ද මනවඩන දහම් ද මනෝවිඤ්ඤාණය ද ඇත. සුවවේදනාවට කරුණු වූ පහස නිසා සුවවේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මනනොවඩන දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. ගැහැවිය, මනෝධාතුවත් මැදහත් බවට කරුණු වූ දහමුත් මනෝවිඤ්ඤාණයත් ඇත. නොදුක්නොසුව වේදනාවට කරුණු වූ පහස නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය වදාරන ලදී යි.
Pali BJT1. 13. 7.
Sinhala BJT1. 13. 7.
Pali BJTහාලිද්දිකානිසුත්තං
Sinhala BJTහාලිද්දිකානි සූත්‍රය
Pali BJT130. එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරරඝරෙ පවත්තෙ{2} පබ්බතෙ. අථ ඛො හාලිද්දකානි{3} ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො හාලිද්දකානි ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච: වුත්තමිදං භන්තෙ භගවතා “ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්ත”න්ති. කථන්නු ඛො භන්තෙ ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තන්ති.
Sinhala BJT130. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝරයෙහි පවත්ත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හාලිද්දකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, “ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී, ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදීය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී ද? ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී දැ?යි.
Pali BJTඉධ ගහපති, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා මනාපං ඉත්ථෙතන්ති පජානාති. චක්ඛුවිඤ්ඤාණං සුඛවෙදනීයඤ්ච{4} ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. චක්ඛුනා ඛො පනෙව{5} රූපං දිස්වා අමනාපං ඉත්ථෙතන්ති පජානාති, චක්ඛුවිඤ්ඤාණං දුක්ඛවෙදනීයඤ්ච ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. චක්ඛුනා පනෙව රූපං දිස්වා
Sinhala BJTගැහැවිය, මෙහි මහණ ඇසින් රුවක් දැක මෙසේ මෙය මනවඩන්නේ ය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා සුවවේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක මෙසේ මෙය මන නො වඩනේය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා දුක්වේදනාව උපදී. යළි ඇසින් රූපයක් දැක
Pali BJTඋපෙඛාඨානීයං ඉත්ථෙතන්ති පජානාති. චක්ඛුවිඤ්ඤාණං අදුක්ඛමසුඛ වෙදනීයඤ්ච ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJTමෙසේ මේ මැදහත් බවට කරුණුය යි දැනගනී. චක්ඛුවිඤ්ඤාණය ද නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශය ද නිසා නොදුක්නොසුව වේදනාව උපදී.
Pali BJTපුන චපරං ගහපති භික්ඛු{1} සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපං ඉත්ථෙතන්ති පජානාති, මනොවිඤ්ඤාණං සුඛවෙදනියඤ්ච ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. මනසා ඛො පනෙව ධම්මං විඤ්ඤාය අමනාපං ඉත්ථෙතන්ති පජානාති, මනොවිඤ්ඤාණං දුක්ඛවෙදනියඤ්ච ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. මනසා ඛො පනෙව ධම්මං විඤ්ඤාය උපෙඛාඨානීයං ඉත්ථෙතන්ති පජානාති. මනොවිඤ්ඤාණං අදුක්ඛමසුඛවෙදනීයඤ්ච ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. එවං ඛො ගහපති ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තන්ති.
Sinhala BJTගැහැවිය, නැවත අනෙකක් ද කියමි. මහණ කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන මෙසේ මෙය මන වඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා සුවවේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මන නොවඩනේ ය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් දුක්වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා දුක්වේදනාව උපදී. යළි සිතින් දහමක් දැන මෙසේ මෙය මැදහත්බවට කරුණුය යි දැනගනී. මනෝවිඤ්ඤාණයත් නොදුක්නොසුව වේදනාවට කරුණු වූ ස්පර්‍ශයත් නිසා නොදුක්නොසුව වේදනාව උපදී. ගැහැවිය, මෙසේ ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.
Pali BJT1. 13. 8.
Sinhala BJT1. 13. 8.
Pali BJTනකුලපිතුසුත්තං
Sinhala BJTනකුලපිතු සූත්‍රය
Pali BJT131. එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො නකුලපිතා ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJT131. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර මිගදාය වූ භේසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නකුලපිය ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ? යි.
Pali BJTසන්ති ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති.
Sinhala BJTගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො ගහපති සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. ස උපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු. අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති.
Sinhala BJTගැහැවිය, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවිය, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවිය, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJTසන්ති ච ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති.
Sinhala BJTගැහැවිය, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො ගහපති සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTගැහැවිය, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවිය ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ සිත එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. ගැහැවිය උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවිය යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 13. 9.
Sinhala BJT1. 13. 9.
Pali BJTලොහිච්චසුත්තං.
Sinhala BJTලෝහිච්ච සූත්‍රය
Pali BJT132. එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති මක්කරකටෙ අරඤ්ඤකුටිකායං. අථ ඛො ලොහිච්චස්ස බ්රාහ්මණස්ස සම්බහුලා අන්තෙවාසිකා කට්ඨහාරකා මාණවකා යෙනායස්මතො මහාකච්චානස්ස අරඤ්ඤකුටිකා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පරිතො පරිතො කුටිකාය අනුචඞ්කමන්ති අනුවිචරන්ති උච්චාසද්දා මහාසද්දා කානිචි කානිචි සෙලිස්සකානි{1} කරොන්තා{2} ඉමෙ පන මුණ්ඩකා සමණකා ඉබ්භාකිණ්හා{3} බන්ධුපාදාපච්චා, ඉමෙසං භරතකානං සක්කතා ගරුකතා මානිතා පූජිතා අපචිනාති.
Sinhala BJT132. එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි මක්කරකට නුවර වනකිළියෙක වැඩවෙසෙති. එකල්හි ලෝහිච්ච බමුණාගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මාණවකයෝ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ගේ වනකිළිය වෙත එළඹියහ. එළඹ කිසියම් කිසියම් ක්‍රීඩා කරන්නාහු “මොහු මුඬුවෝය. නින්‍දිත මහණෝ ය. ගැහැවියෝ ය. කෘෂ්ණයෝ ය, බඹහු පිටිපත්ලෙන් උපන්නෝ ය, මේ භරතකයන් හෙවත් කෙළෙඹියන් විසින් සත්කාර කරන ලද්දාහු ගරු කරන ලද්දාහු බුහුමන් කරන ලද්දාහු පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් දක්වන ලද්දාහු ය” යි උස්හඬ මහහඬ ඇත්තාහු කිළිය අවට නැවත නැවත සක්මන් කෙරෙත්, සිසාරා යෙත්.
Pali BJTඅථ ඛො ආයස්මා මහාකච්චානො විහාරා නික්ඛමිත්වා තෙ මාණවකෙ එතදවොච: මා වො මාණවකා{4} සද්දමකත්ථ, ධම්මං වො භාසිස්සාමීති. එවං වුත්තෙ තෙ මාණවකා තුණ්හී අහෙසුං. අථ ඛො ආයස්මා මහාකච්චානො තෙ මාණවකෙ ගාථාහි අජ්ඣභාසි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ වෙහෙරින් නික්ම ඒ මාණවකයන්ට මෙය වදාළහ: මාණවකයෙනි, “තෙපි නහමක් ශබ්ද කරවු. තොපට දහම් දෙසන්නෙමි” යි. මෙසේ වදාළ කල්හි ඒ මණෙව්වෝ නිහඬ වූහ. එකල්හි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ ඒ මණෙව්වන්ට ගාථායෙන් වදාළහ:
Pali BJTසීලුත්තමා{5} පුබ්බතරා අහෙසුං තෙ බ්රාහ්මණා යෙ පුරාණං සරන්ති ගුත්තානි ද්වාරානි සුරක්ඛිතානි අහෙසුං තෙසං අභිභුය්ය කොධං.
Sinhala BJTයම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද, ඉතා පැරණි ඒ බමුණෝ ශීලය උතුම් කොට ඇත්තෝ වූහ. ක්‍රෝධය මැඬලා සිටි ඔවුන්ගේ (චක්‍ෂුරාදි) ද්වාරයෝ ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු වූහ.
Pali BJTධම්මෙ ච ඣානෙ ච රතා අහෙසුං තෙ බ්රාහ්මණා යෙ පුරාණං සරන්ති ඉමෙ ච{1} වොක්කම්ම ජපාමසෙති{2} ගොත්තෙන මත්තා විසමං චරන්ති කොධාභිභූතා පුථු අත්තදණ්ඩා{3} විරජ්ජමානා තසථාවරෙසු{4}
Sinhala BJTයම් කෙනෙක් පැරණි බමුණු දහම සිහි කෙරෙද්ද එබමුණෝ (දසකුශලකර්‍මපථ) දහම්හි ද (අටසමවත්) දහම්හි ද ඇලුණෝ වූහ. මොහු වූකලී ඒ ගුණවලින් ඉවත්ව (අපි) ජප කෙරෙමු යි කුලයෙන් මත් වූවෝ ක්‍රෝධයෙන් මඬනා ලද්දෝ ගන්නා ලද නොයෙක් දඬු ඇත්තෝ තැතිගන්නා (නො රහත්) නොතැතිගන්නා (රහත්) සත්ත්‍වයන් කෙරෙහි වරද කරන්නෝ විෂම වූ කායකර්‍මාදිය කෙරෙත්.
Pali BJTඅගුත්තද්වාරස්ස භවන්ති මොඝා සුපිනොව{5} ලද්ධං පුරිසස්ස විත්තං අනාසකා ථණ්ඩිලසායිකා ච පාතො සිතානඤ්ච තයො ච වෙදා. ඛරාජිනං ජටා පඞ්කො මන්තා සීලබ්බතං තපො කුහකා වඞ්කදණ්ඩා ච උදකාචමනානි ච වණ්ණා එතෙ බ්රාහ්මණානං කතකිඤ්චික්ඛභාවනා{6}.
Sinhala BJTනොරක්නා ලද ඉඳුරන් ඇත්තහුගේ (ව්‍රතසමාදානයෝ) පුරිස්හට සිහිනෙන් ලත් ධනයක් මෙන් සිස් වෙත්. (දැන් බමුණෝ) එක් දින දෙදින උපවාස කරන්නාහු නිල්කුසතණ අතුළ බිම හෝනාහු උදෑසන දියට බැස නහන්නාහු (වෙති) වේදත්‍රය ද රළු අඳුන් දිවිසම ද දළමඬුලු ද දත්මල ද තපෝමන්ත්‍ර ද අජව්‍රත ගෝව්‍රතාදි ශීලව්‍රත ද (මේ මෙ කල බමුණන්ගේ තපසි) කොහොන්බව ද වක්දඬු ද දියෙන් මුව පිරිමැදුම ද යන මොහු බමුණන් විසින් කිසියම් ආමිසයක් වැඩීම පිණිස කරන ලද ආකල්පයෝ වෙත්.
Pali BJTචිත්තඤ්චෙච සුසමාහිතං විප්පසන්නමනාවිලං අඛිලං සබ්බභූතෙසු සො මග්ගො බ්රහ්මපත්තියාති.
Sinhala BJT(පැරණි බමුණන්ගේ) සිත උපචාර අර්‍පණ වශයෙන් මැනවින් සමාධිගත ය. වෙසෙසින් පහන් ය. නොකැලඹුණේ ය. සියලු සතුන් කෙරෙහි මොළොක් ය. සෙටබවට පැමිණීමේ මග ය. (කිම තෙපි බමුණු වහුදැ යි)
Pali BJTඅථ ඛො තෙ මාණවකා කුපිතා අනත්තමනා යෙන ලොහිච්චො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ලොහිච්චං බ්රාහ්මණං එතදවොචුං: යග්ඝෙ භවං ජානෙය්ය සමණො මහාකච්චානො බ්රාහ්මණානං මන්තෙ එකංසෙන අපවදති{7} පටික්කොසතීති.
Sinhala BJTඉක්බිති ඒ මණෙව්වෝ කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු ලෝහිච්ච බමුණු වෙත එළඹියාහු ය. එළඹ ලෝහිච්ච බමුණාට මෙය කීහ; කිම භවත් දන්නේ ද? මහාකච්චාන මහණ බමුණන්ගේ මන්ත්‍රයනට ඒකාන්තයෙන් නින්‍දා කෙරෙයි, දොස් පහළ කෙරෙයි.
Pali BJTඑවං වුත්තෙ ලොහිච්චො බ්රාහ්මණො කුපිතො අහොසි අනත්තමනො. අථ ඛො ලොහිච්චස්ස බ්රාහ්මණස්ස එතදහොසි: න ඛො පන මෙතං පතිරූපං යොහං අඤ්ඤදත්ථු මාණවකානං යෙවසුත්වා සමණං මහාකච්චානං අක්කොසෙය්යං පරිභාසෙය්යං{8}. යන්නූනාහං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි ලෝහිච්ච බමුණු කිපියේ නො සතුටු සිත් ඇත්තේ වි ය. එකල්හි ලෝහිච්ච බමුණුහට මෙබඳු සිතෙක් වි ය: යම්බඳු මම මණෙව්වන්ගෙන් පමණක් අසා මහාකච්චාන මහණහට දොස් නගන්නෙම් නම් පරිභව කරන්නෙම් නම් මෙය මට ඒකාන්තයෙන් සුදුසු නො වේ. මම එළඹ පුළුවුස්නෙම් නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො ලොහිච්චො බ්රාහ්මණො තෙහි මාණවකෙහි සද්ධිං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ලොහිච්චො බ්රාහ්මණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච.
Sinhala BJTඉක්බිති ලෝහිච්ච බමුණු ඒ මණෙව්වන් සමඟ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ලෝහිච්ච බමුණු ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට මෙය කී ය:
Pali BJTආගමංසු නු ඛ්විධ භො කච්චාන, අම්හාකං සම්බහුලා අන්තෙවාසිකා කට්ඨහාරකා මාණවකාති? ආගමංසු ඛ්විධ තෙ බ්රාහ්මණ සම්බහුලා අන්තෙවාසිකා කට්ඨහාරකා මාණවකාති. අහු පන භොතො කච්චානස්ස තෙහි මාණවකෙහි සද්ධිං කොචි දෙව කථාසල්ලාපොති. අහු ඛො මෙ බ්රාහ්මණ තෙහි මාණවකෙහි සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. යථා කථම්පන භොතො කච්චානස්ස තෙහි මාණවකෙහි සද්ධිං අහොසි කථාසල්ලාපොති? එවං ඛො මෙ බ්රාහ්මණ තෙහි මාණවකෙහි සද්ධිං අහොසි කථා සල්ලාපො.
Sinhala BJTභවත් කච්චානයෙනි, අපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු දැ? යි. බමුණ, තොපගේ අතැවැසි වූ දර ගෙන යන බොහෝ වූ මණෙව්වෝ මෙහි ආවාහු ය යි. ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ?යි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී ය යි. ඒ කෙසේ නම් ඒ මණෙව්වන් සමග භවත් කච්චානයන්ගේ කථාසල්ලාපය වී දැයි. බමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය;
Pali BJTසීලුත්තමා පුබ්බතරා අහෙසුං තෙ බ්රාහ්මණා, යෙ පුරාණං සරන්ති. -පෙ- අඛිලං සබ්බභූතෙසු සො මග්ගො බ්රහ්මපත්තියාති.
Sinhala BJTයම් කෙනෙක් පැරණි බමුණු දහම් සිහි කෙරෙත් නම් ඉතා පැරණි වූ ඔහු ශීලය උතුම් කොට ඇත්තෝ වූහ ... සියලු සතුන් කෙරෙහි මොළොක් නම් එය සෙට බවට පැමිණීමේ මඟ යි.
Pali BJTඑවං ඛො මෙ බ්රාහ්මණ තෙහි මාණවකෙහි සද්ධිං අහොසි කථාසල්ලාපොති:
Sinhala BJTබමුණ, ඒ මණෙව්වන් සමග මාගේ කථාසල්ලාපය මෙසේ වී ය යි.
Pali BJTඅගුත්තද්වාරොති භවං කච්චානො ආහ. කිත්තාවතා නු ඛො භො කච්චාන{1}, අගුත්තද්වාරො හොතීති? ඉධ බ්රාහ්මණ එකච්චො චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච{2} විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස{3} තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා න නිරුජ්ඣන්ති.
Sinhala BJTභවත් කච්චානයෝ අගුත්තද්වාර ය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් අගුත්තද්වාර වේ දැ? යි. බමුණ, මෙහි කිසිවෙක් ඇසින් රූ දැක පියදෑ වූ රූහි ගිජු වෙයි, නොපියදෑ වූ රූහි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ “සිහි ඇත්තේ පරිත්ත (සකිලිටි) සිත් ඇත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ ව්යාපජ්ජති අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. එවං ඛො බ්රාහ්මණ, අගුත්තද්වාරො හොතීති.
Sinhala BJTකනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පිය දෑ වූ දහම්හි ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ සකිලිටි සිත් ඇත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ නො වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ නො දනී. බමුණ, මෙසේ අගුත්තද්වාර වෙ යි.
Pali BJTඅච්ඡරියං භො කච්චාන, අබ්භුතං භො කච්චාන, යාවඤ්චිදං භොතා කච්චානෙන අගුත්තද්වාරොව සමානො අගුත්තද්වාරොති අක්ඛාතො ගුත්තද්වාරොති භවං කච්චානො ආහ. කිත්තාවතා නු ඛො භො කච්චාන, ගුත්තද්වාරො හොතීති?
Sinhala BJTභවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් අගුත්තද්වාර වූයෙක් ම අගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෝ ගුත්තද්වාරය යි කියති. භවත් කච්චානයෙනි, කෙතෙකින් ගුත්තද්වාර වේ දැ? යි.
Pali BJTඉධ බ්රාහ්මණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං. යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. එවං ඛො බ්රාහ්මණ ගුත්තද්වාරො හොතීති.
Sinhala BJTබමුණ, මෙහි මහණ ඇසින් රූ දැක පිය දෑ වූ රූහි නො ගිජු වෙයි. නො පිය දෑ වූ රූහි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ අප්‍රමාණ (නිකෙලෙස්) සිතැත්තේත් වෙසෙ යි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනියි. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ගිජු වූයේ වෙයි. නො පියදෑ වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ නිකෙලෙස් සිතැත්තේත් වෙසෙයි. යම් අරමුණෙක උපන් ඔහුගේ පවිටු අකුසල් දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ පිළිබඳ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනී. බමුණ, මෙසේ ගුත්තද්වාර වේ යි.
Pali BJTඅච්ඡරියං භො කච්චාන අබ්භුතං භො කච්චාන, යාවඤ්චිදං භොතා කච්චානෙන ගුත්තද්වාරොව සමානො ගුත්තද්වාරොති අක්ඛාතො. අභික්කන්තං භො කච්චාන අභික්කන්තං භො කච්චාන, සෙය්යථාපි භො කච්චාන, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති: එවමෙව භොතා කච්චානෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො.
Sinhala BJTභවත් කච්චානයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් කච්චානයෙනි, අද්භූත යැ. භවත් කච්චානයන් විසින් යම්තාක් ගුත්තද්වාර වූයෙක් ම ගුත්තද්වාර ය යි පවසන ලද්දේ ය. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, ඉතා මැනවි. භවත් කච්චානයෙනි, යම්සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ වැසුම් හරින්නේ ද මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම භවත් කච්චානයන් විසින් නන් අයුරින් දහම් පවසන ලදි.
Pali BJTඑසාහං භො කච්චාන, තං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. යථා ච භවං කච්චානො මක්කරකටෙ{1} උපාසකකුලානි උපසඞ්කමති, එවමෙව ලොහිච්චකුලං උපසඞ්කමතු. තත්ථ යෙ මාණවකා වා මාණවිකා වා භවන්තං කච්චානං අභිවාදෙස්සන්ති පච්චුට්ඨිස්සන්ති ආසනං වා උදකං වා දස්සන්ති තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTභවත් කච්චානයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. භවත් කච්චානයෝ, අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරත්වා. භවත් කච්චානයෝ මක්කරකට නුවර උපාසක කුලයන් කරා යම්සේ එළඹෙත් නම් එසෙයින් ම ලෝහිච්ච කුලයට ද එළඹෙත්වා. එහි යම් මණෙව්වෝ හෝ මෙණෙවියෝ හෝ භවත් කච්චානයන් වඳින්නාහු නම් උවැටැන් කරන්නාහු නම් අසුන් හෝ දිය හෝ දෙන්නාහු නම් ඔවුන්ට එය දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය යි.
Pali BJT1. 13. 10.
Sinhala BJT1. 13. 10.
Pali BJTවෙරහච්චානිසුත්තං
Sinhala BJTවේරහච්චානි සූත්‍රය
Pali BJT133. එකං සමයං ආයස්මා උදායී කාමණ්ඩායං විහරති තොදෙය්යස්ස බ්රාහ්මණස්ස අම්බවනෙ. අථ ඛො වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා අන්තෙවාසී මාණවකො යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා උදායිනා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං මාණවකං ආයස්මා උදායී ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
Sinhala BJT133. එක්කලෙක ආයුෂ්මත් උදායි තෙරණුවෝ කාමණ්ඩා නුවර තෝදෙය්‍ය බමුණුගේ අඹවෙනෙහි වැඩවෙසෙති. එකල්හි වේරහච්චානි ගොත් ඇති බැමිණියගේ අතැවැසි මණෙවු ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මණෙව්වාට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කරවූහ.
Pali BJTඅථ ඛො සො මාණවකො ආයස්මතා උදායිනා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා යෙන වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වෙරහච්චානිගොත්තං බ්රාහ්මණිං එතදවොච: යග්ඝෙ භොති ජානෙය්යාසි{2}; සමණො උදායී ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙතීති.
Sinhala BJTඉක්බිති ඒ මණෙවු ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන්කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැගිට වේරහච්චානිගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය. පින්වතිය කිම දන්නෙහි ද? “උදායි ශ්‍රමණයෝ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති” යි.
Pali BJTතෙන හි ත්වං මාණවක, මම වචනෙන සමණං උදායිං නිමන්තෙහි ස්වාතනාය භත්තෙනාති. එවං භොතීති ඛො සො මාණවකො වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා පටිස්සුත්වා යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච: අධිවාසෙතු කිර භවං උදායි අම්හාකං ආචරියභරියාය වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා ස්වාතනාය භත්තන්ති. අධිවාසෙසි ඛො ආයස්මා උදායී තුණ්හීභාවෙන.
Sinhala BJTමණෙව්ව, එසේ වී නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. එසේ ය පින්වතිය යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිවදන් දී ආයුෂ්මත් උදායි තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය සැලකෙළේ ය; “භවත් උදායි තෙරණුවෝ අප ඇදුරු බිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා උදායී තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී ආයස්මන්තං උදායිං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී ආයස්මන්තං උදායිං භුත්තාවිං ඔනීතපත්තපාණිං පාදුකා ආරොහිත්වා උච්චෙ ආසනෙ නිසීදිත්වා සීසං ඔගුණ්ඨිතා{1} ආයස්මන්තං උදායිං එතදවොච: භණ සමණ ධම්මන්ති. භවිස්සති භගිනි සමයොති වත්වා උට්ඨායාසනා පක්කමි{2}.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානි ගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තවුන් (දැන) වහන් නැඟී උස්අස්නෙක හිඳ හිස වසා පෙරෙව ගත්තී ආයුෂ්මත් උදායී තෙරුන්ට මහණ “බණ කියනු මැනව” යි මෙය කිවු ය. නැගෙණියෙනි, “(මතු එයට) කාලයෙක් වන්නේ ය” යි වදාරා හුනස්නෙන් නැගිට වැඩියහ.
Pali BJTදුතියම්පි ඛො සො මාණවකො යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා උදායිනා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTදෙවන වට දු ඒ මණෙවු තෙමේ ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය.
Pali BJTඑකමන්තං නිසින්නං ඛො තං මාණවකං ආයස්මා උදායී ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. දුතියම්පි ඛො සො මාණවකො ආයස්මතා උදායිනා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා යෙන වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වෙරහච්චානිගොත්තං බ්රාහ්මණිං එතදවොච: යග්ඝෙ භොති ජානෙය්යාසි, සමණො උදායී ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙතීති. එවමෙවං පන ත්වං මාණවක සමණස්ස උදායිස්ස වණ්ණං භාසසි. සමණො පනුදායී{3} භණ සමණ ධම්මන්ති වුත්තො සමානො භවිස්සති භගිනි සමයොති වත්වා උට්ඨායාසනා විහාරං පක්කන්තොති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මණෙවුහට ආයුෂ්මත් උදායි තෙරණුවෝ දැහැමිකතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙදගැන්වූහ. සතුටු කරවූහ. දෙවනවට දු ඒ මණෙවු ආයුෂ්මත් උදායී තෙරුණුවන් විසින් දැහැමිකතාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරවන ලද්දේ හුනස්නෙන් නැඟිට වේරහච්චානි ගොත් බැමිණිය වෙත එළඹියේ ය. එළඹ වේරහච්චානිගොත් බැමිණියට මෙය කී ය: පින්වතිය, කිම දන්නෙහි ද? උදායි මහණහු මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති යි. මණෙව්ව, තෙපි මෙසේ ම උදායි මහණහුගේ ගුණ කියව. උදායි මහණ වනාහි මහණ, බණ කියනු මැනව යි කියන ලදුයේ ම නැගණියෙනි, (එයට) “කලෙක් වන්නේ ය” යි කියා හුනස්නෙන් නැඟිට වෙහෙරට ගියේ යි.
Pali BJTතථා හි පන ත්වං භොති පාදුකා ආරොහිත්වා උච්චෙ ආසනෙ නිසීදිත්වා සීසං ඔගුණ්ඨිතා එතදවොච: භණ සමණ ධම්මන්ති, ධම්මගරුනො හි තෙ භවන්තො ධම්මගාරවාති. තෙන හි ත්වං මාණවක, මම වචනෙන සමණං උදායිං නිමන්තෙහි ස්වාතනාය භත්තෙනාති. එවං භොතීති ඛො සො මාණවකො වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා පටිස්සුත්වා යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං එතදවොච:
Sinhala BJTඒ එසේම ය. පින්වතිය, තෙපි වහන් නැඟී උස් අස්නෙක හිඳ හිස වසා පෙරෙව මහණ “බණ කියනු මැනවැ” යී මෙය කීහු. ඒ භවත්හු ධර්‍මය ගුරු කොට ඇත්තෝ ධර්‍මයට ගෞරව කරන්නෝ යි. මණෙව්ව එසේ නම් තෙපි මාගේ වචනයෙන් උදායි මහණහු සෙට පිණිස බතින් පවරවු යි. “එසේය පින්වතිය” යි ඒ මණෙවු තෙමේ වේරහච්චානිගොත් බැමිණියට පිළිතුරු දී ආයුෂ්මත් උදායි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
Pali BJTඅධිවාසෙසි කිර භවං උදායී අම්හාකං ආචරියභරියාය වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා ස්වාතනාය භත්තන්ති. අධිවාසෙසි ඛො ආයස්මා උදායී තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා උදායී තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන වෙරහච්චානිගොත්තාය බ්රාහ්මණියා නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී ආයස්මන්තං උදායිං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී ආයස්මන්තං උදායිං භුත්තාවිං ඔනීතපත්තපාණිං පාදුකා ඔරුහිත්වා නීචෙ ආසනෙ නිසීදිත්වා සීසං විවරිත්වා ආයස්මන්තං උදායිං එතදවොච:
Sinhala BJTභවත් උදායි තෙරණුවෝ අප ඇදුරුබිරිය වූ වේරහච්චානිගොත් බැමිණියගේ සෙට පිණිස වූ බත ඉවසත්වා යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ මුවෙන් නො බැණ ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන වේරහච්චානිගොත් බැමිණියගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. එකල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායී තෙරහු ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැයින් සියතින් සැතැප්වූ. මැනවින් පැවරවූ. ඉක්බිති වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරණුවන් වළඳා නිම වූවන් පාත්‍රයෙන් ඉවත් කළ අත්ඇත්තවුන් (දැන) වහනින් බැස මිටි අස්නෙක හිඳ හිස විවර කොට ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවු ය.
Pali BJTකිස්මින්නු ඛො භන්තෙ, සති අරහන්තො සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති? කිස්මිං අසති අරහන්තො සුඛදුක්ඛං න පඤ්ඤාපෙන්තීති? චක්ඛුස්මිං ඛො භගිනි සති අරහන්තො සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, චක්ඛුස්මිං අසති අරහන්තො සුඛදුක්ඛං න පඤ්ඤාපෙන්ති -පෙ- ජිව්හාය අසති අරහන්තො සුඛදුක්ඛං න පඤ්ඤාපෙන්ති කායස්මිං -පෙ- මනස්මිං සති අරහන්තො සුඛදුක්ඛං න පඤ්ඤාපෙන්තීති.
Sinhala BJTවහන්ස, කුමක් ඇති කල්හි රහත්හු සුවදුක් පනවද්ද? කුමක් නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් දැ?යි. නැගෙණියෙනි, ඇස ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. ඇස නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත් ... දිව නැති කල්හි රහත්හු සුවදුක් නො පනවත්. කය ... සිත ඇති කල්හි රහත්හු සුවදුක් පනවත්. සිත නැති කල්හි රහත්හු සුවදුක් නො පනවති යි.
Pali BJTඑවං වුත්තෙ වෙරහච්චානිගොත්තා බ්රාහ්මණී ආයස්මන්තං උදායිං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං අය්යෙන උදායිනා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං අය්ය උදායි{1} තං භගවන්තං{2} සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසිකං මං අය්යො උදායී ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වේරහච්චානිගොත් බැමිණිය ආයුෂ්මත් උදායි තෙරුන්ට මේ කිවු ය. වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. වහන්ස, යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූ දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් ම උදායි ආර්‍ය්‍යයන් විසින් නන්අයුරින් දහම් පවසන ලදි. උදායි, ආර්‍ය්‍යයෙනි, මේ මම ඒ භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ යමි. උදායි ආර්‍ය්‍යයෝ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවැසියක කොට දරත්වා යි.
Pali BJTගහපතිවග්ගො තෙරසමො.
Sinhala BJTතෙළෙස් වැනි ගහපති වර්‍ගයි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTවෙසාලී වජ්ජි නාලන්දා භාරද්වාජ සොණ ච ඝොසිතා හාලිද්දකො නකුලපිතා ලොහිච්චො වෙරහච්චානීති.
Sinhala BJTවේසාලි, වජ්ජි, නාලන්දා, භාරද්වාජ, සෝණ, ඝෝසිත, හාලිද්දක, නකුලපිතු, ලෝහිච්ච, වේරහච්චානි ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT14. දෙවදහවග්ගො
Sinhala BJT14. දේවදහ වර්‍ගය
Pali BJT1. 14. 1.
Sinhala BJT1. 14. 1.
Pali BJTදෙවදහසුත්තං
Sinhala BJTදේවදහ සූත්‍රය
Pali BJT134. එකං සමයං භගවා සක්කෙසු විහරති දෙවදහං නාම සක්යානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: නාහං භික්ඛවෙ සබ්බෙසඤ්ඤෙව භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු අප්පමාදෙන කරණීයන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ, සබ්බෙසඤ්ඤෙව භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු නාප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJT134. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නොපමාව කටයුතු ය යි නො කියමි. මහණෙනි, මම සියලු භික්‍ෂූන් විසින් ම ස්පර්‍ශායතන සයෙහි නො පමාව නො කට යුතු ය යි ද නො කියමි.
Pali BJTයෙ තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙසාහං භික්ඛවෙ, භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු නාප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු, කතං තෙසං අප්පමාදෙන, අභබ්බා තෙ පමජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්ඵල) ය ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔවුන් විසින් නො පමාව කරන ලදි. ඔහු පමා වන්නට නුසුදුස්සෝ ය.
Pali BJTයෙ ච ඛො තෙහි භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙසාහං භික්ඛවෙ, භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතුං, සන්ති භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා මනොරමාපි අමනොරමාපි. ත්යාස්ස ඵුස්ස ඵුස්ස චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා{1}, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. ඉමං ඛ්වාහං භික්ඛවෙ, අප්පමාදඵලං සම්පස්සමානො තෙසං භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු අප්පමාදෙන කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, යම් ඒ භික්‍ෂූහු ශෛක්‍ෂ වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර වූ නිවන පතමින් වෙසෙද්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද ඇසින් දතයුතු රූපයෝ ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය, සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු යයි කියමි.
Pali BJTසන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා මනොරමාපි අමනොරමාපි -පෙ- සන්ති භික්ඛවෙ, ඝානවිඤ්ඤෙය්යා ගන්ධා මනොරමාපි අමනොරමාපි -පෙ- සන්ති භික්ඛවෙ, ජිව්හාවිඤ්ඤෙය්යා රසා මනොරමාපි අමනොරමාපි -පෙ- සන්ති භික්ඛවෙ, කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා මනොරමාපි අමනොරමාපි -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා මනොරමාපි අමනොරමාපි. ත්යාස්ස ඵුස්ස ඵුස්ස චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. ඉමං ඛ්වාහං භික්ඛවෙ, අප්පමාදඵලං සම්පස්සමානො තෙසං භික්ඛූනං ඡසු ඵස්සායතනෙසු අප්පමාදෙන කරණීයන්ති වදාමීති.
Sinhala BJTමහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කනින් දතයුතු ශබ්දයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද දිවෙන් දතයුතු රසයෝ ඇතියහ. ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද කයින් දතයුතු පහස්හු ඇතියහ ... මහණෙනි, මනාප වූ ද අමනාප වූ ද සිතින් දතයුතු දහම්හු ඇතියහ. ඔහු ඔහුගේ සිත පැහැස පැහැස හාත්පසින් අල්ලාගෙන නො සිටිත්. සිත හාත්පසින් අල්ලා නො ගැනීමෙන් වෙර අරඹන ලද්දේ නො හැකුළුණේ වෙයි. සිහිය එළඹ සිටියා ය. නො මුළා වූවා ය. කය සන්හිඳුණේ ය. දාහ රහිත ය. සිත සමාධිගත ය. එකඟ ය. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දක්නෙම් ඒ භික්‍ෂූන් විසින් ස්පර්‍ශායතන සයෙහි නො පමාව කටයුතු ය යි කියමි යි.
Pali BJT1. 14. 2.
Sinhala BJT1. 14. 2.
Pali BJTඛණසුත්තං
Sinhala BJTඛණ සූත්‍රය
Pali BJT135. ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය. දිට්ඨා මයා භික්ඛවෙ ඡ ඵස්සායතනිකා නාම නිරයා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති අනිට්ඨරූපං යෙව පස්සති නො ඉට්ඨරූපං අකන්තරූපඤ්ඤෙව පස්සති නො කන්තරූපං අමනාපරූපඤ්ඤෙව පස්සති නො මනාපරූපං. යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- යං කිඤ්චි ඝානෙන ගන්ධං ඝායති -පෙ- යං කිඤ්චි ජිව්හාය රසං සායති -පෙ- යං කිඤ්චි කායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති අනිට්ඨරූපඤ්ඤෙව විජානාති නො ඉට්ඨරූපං අකන්තරූපඤ්ඤෙව විජානාති නො කන්තරූපං අමනාපරූපඤ්ඤෙව විජානාති නො මනාපරූපං.
Sinhala BJT135. මහණෙනි, තොපට ලාභයෙකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි, බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය. මහණෙනි, මවිසින් ඡඵස්සායතනික නම් නිරයයෝ දක්නා ලදහ. එහි ඇසින් යම් කිසි රුවක් දකී නම් අනිටු සැහැවි (ස්වභාව) ඇත්තක් ම දකී. ඉටු සැහැවි ඇත්තක් නො දකී. නො කැමති සැහැවි ඇත්තක් ම දකී. කැමති සැහැවි ඇත්තක් නො දකී. නො මනා සැහැවි ඇත්තක් දකී. කනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් පුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් අනිටු සැහැවි ඇත්තක් ම දනී. ඉටු සැහැවි ඇත්තක් නො දනී. නො කැමති සැහැවි ඇත්තක් ම දනී. කැමති සැහැවි ඇත්තක් නො දනී. නො මනා සැහැවි ඇත්තක් ම දනී. මනා සැහැවි ඇත්තක් නො දනී.
Pali BJTලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය. දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම සග්ගා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති ඉට්ඨරූපං යෙව පස්සති නො අනිට්ඨරූපං, කන්තරූපඤ්ඤෙව පස්සති, නො අකන්තරූපං, මනාපරූපඤ්ඤෙව පස්සති නො අමනාපරූපං.
Sinhala BJTමහණෙනි, තොපට ලාභයකි, මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට තොප විසින් සුදුසු අවස්ථාව ලබන ලද්දේ ය. මහණෙනි, මා විසින් ඡඵස්සායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලදහ. එහි ඇසින් යම්කිසි රුවක් දකී නම් ඉටු සැහැවි ඇත්තක් ම දකී. අනිටු සැහැවි ඇත්තක් නො දකී. කැමති සැහැවි ඇත්තක් ම දකී. නො කැමති සැහැවි ඇත්තක් නො දකී. මනා සැහැවි ඇත්තක් ම දකී. නො මනා සැහැවි ඇත්තක් නො දකී.
Pali BJTයං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- යං කිඤ්චි ඝානෙන ගන්ධං ඝායති -පෙ- යං කිඤ්චි ජිව්හාය රසං සායති -පෙ- යං කිඤ්චි කායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති ඉට්ඨරූපඤ්ඤෙව විජානාති නො අනිට්ඨරූපං, කන්තරූපඤ්ඤෙව විජානාති නො අකන්තරූපං, මනාපරූපඤ්ඤෙව විජානාති, නො අමනාපරූපං. ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසායාති.
Sinhala BJTකනින් යම්කිසි සදක් අසා නම් ... නැහැයෙන් යම්කිසි ගඳක් ගනී නම් ... දිවෙන් යම්කිසි රසක් විඳී නම් ... කයින් යම්කිසි පහසක් ඵුසී නම් ... සිතින් යම්කිසි දහමක් දනී නම් ඉටු සැහැවි ඇත්තක් ම දනී. අනිටු සැහැවි ඇත්තක් නොදනී. කැමති සැහැවි ඇත්තක් ම දනී. නො කැමති සැහැවි ඇත්තක් නො දනී. මනා සැහැවි ඇත්තක් ම දනී. නො මනා සැහැවි ඇත්තක් නොදනී. මහණෙනි, තොපට තොපට ලාභයෙකි. මහණෙනි, තොපට යහපත් ලැබීමෙකි. බඹසර විසුමට සුදුසු අවස්ථාව තොප විසින් ලබන ලද්දේ ය යි.
Pali BJT1. 14. 3.
Sinhala BJT1. 14. 3.
Pali BJTසගය්හසුත්තං
Sinhala BJTසගය්හ සූත්‍රය
Pali BJT136. රූපාරාමා භික්ඛවෙ දෙවමනුස්සා රූපරතා රූපසම්මුදිතා{1}. රූපවිපරිණාමවිරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති. සද්දාරාමා -පෙ- ගන්ධාරාමා -පෙ- රසාරාමා -පෙ- ඵොට්ඨබ්බාරාමා -පෙ- ධම්මාරාමා භික්ඛවෙ, දෙවමනුස්සා ධම්මරතා ධම්මසම්මුදිතා. ධම්මවිපරිණාමවිරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති.
Sinhala BJT136. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. සදෙහි ඇලුම් ඇත්තාහු ... ගඳෙහි ඇලුම් ඇත්තාහු ... රසෙහි ඇලුම් ඇත්තාහු ... පහස්හි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු දහම් අරමුණෙහි ඇලුම් ඇත්තාහු දහම්හි ඇලුණාහු දහම්හි සතුටු වූවාහු වෙත්. මහණෙනි, දෙවිමිනිස්සු දහම්හි වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
Pali BJTතථාගතො ච ඛො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො රූපානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න රූපාරාමො න රූපරතො න රූපසම්මුදිතො. රූපවිපරිණාමවිරාගනිරොධා සුඛො{1} භික්ඛවෙ තථාගතො විහරති. සද්දානං -පෙ- ගන්ධානං -පෙ- රසානං -පෙ- ඵොට්ඨබ්බානං -පෙ- ධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න ධම්මාරාමො න ධම්මරතො න ධම්මසම්මුදිතො. ධම්මවිපරිණාමවිරාගනිරොධා සුඛො භික්ඛවෙ තථාගතො විහරතීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන දහම් අරමුණෙහි ඇලුම් නැත්තේ දහම්හි නො ඇලුණේ දහම්හි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙසේ පවසා යළි මතු ද මෙය වදාළ සේක:
Pali BJTරූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කෙවලා ඉට්ඨා කන්තා මනාපා ච යාවතත්ථිති වුච්චති.
Sinhala BJTඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,
Pali BJTසදෙවකස්ස ලොකස්ස එතෙ වො සුඛසම්මතා යත්ථ චෙතො නිරුජ්ඣන්ති තං තෙසං දුක්ඛසම්මතං.
Sinhala BJTදෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.
Pali BJTසුඛන්ති{2} දිට්ඨමරියෙභි සක්කායස්සුපරොධනං{3} පච්චනීකමිදං හොති සබ්බලොකෙන පස්සතං{4}
Sinhala BJTසක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්‍ය්‍යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්‍ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.
Pali BJTයං පරෙ සුඛතො ආහු තදරියා ආහු දුක්ඛතො යං පරෙ දුක්ඛතො ආහු තදරියා සුඛතො විදූ.
Sinhala BJTඅන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්‍ය්‍යයෝ එය සුව විසින් දනිත්.
Pali BJTපස්ස ධම්මං දුරාජානං සම්මූළ්හෙත්ථ අවිද්දසු නිවුතානං තමො හොති අන්ධකාරො අපස්සතං.
Sinhala BJTදැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
Pali BJTසතඤ්ච විවටං හොති ආලොකො පස්සතාමිච සන්තිකෙ න විජානන්ති මගා{5} ධම්මස්ස අකොවිදා.
Sinhala BJTදක්නා සත්පුරුෂයන්ට එළියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්‍ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
Pali BJTභවරාගපරෙතෙහි භවසොතානුසාරිහි{6} මාරධෙය්යානුපන්නෙහි නායං ධම්මො සුසම්බුධො.
Sinhala BJTභවරාගයෙන් මැඩුණු භවස්‍රෝතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.
Pali BJTකො නු අඤ්ඤත්ර මරියෙභි පදං සම්බුද්ධමරහති. යම්පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවාති.
Sinhala BJTයම් නිර්‍වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.
Pali BJT1. 14. 4.
Sinhala BJT1. 14. 4.
Pali BJTගය්හසුත්තං
Sinhala BJTගය්හ සූත්‍රය
Pali BJT137. රූපාරාමා භික්ඛවෙ දෙවමනුස්සා රූපරතා රූපසම්මුදිතා. රූපවිපරිණාමවිරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති. සද්දාරාමා -පෙ- ගන්ධාරාමා -පෙ- රසාරාමා -පෙ- ඵොට්ඨබ්බාරාමා -පෙ- ධම්මාරාමා භික්ඛවෙ දෙවමනුස්සා ධම්මරතා ධම්මසම්මුදිතා. ධම්මවිපරිණාම විරාගනිරොධා දුක්ඛා භික්ඛවෙ දෙවමනුස්සා විහරන්ති.
Sinhala BJT137. මහණෙනි, දෙවිමිනිස්සු රූපයෙහි ඇලුම් ඇත්තාහු රූපයෙහි ඇලුණාහු රූපයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු රූපයාගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්. ශබ්දයෙහි ඇලුම් ඇත්තාහු ... ගන්‍ධයෙහි ඇලුම් ඇත්තාහු ... රසයෙහි ඇලුම් ඇත්තාහු ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලුම් ඇත්තාහු ... මහණෙනි, දෙවිමිනිස්සු ධර්‍මයෙහි ඇලුම් ඇත්තාහු ධර්‍මයෙහි ඇලුණාහු ධර්‍මයෙහි සතුටු වූවාහු වෙති. මහණෙනි, දෙවිමිනිස්සු ආරම්මණ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් දුක් ඇති ව වෙසෙත්.
Pali BJTතථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො රූපානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න රූපාරාමො න රූපරතො න රූපසම්මුදිතො. රූපවිපරිණාමවිරාගනිරොධා සුඛො භික්ඛවෙ තථාගතො විහරති -පෙ- සද්දානං -පෙ- ගන්ධානං -පෙ- රසානං -පෙ- ඵොට්ඨබ්බානං -පෙ- ධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා න ධම්මාරාමො න ධම්මරතො න ධම්මසම්මුදිතො. ධම්මවිපරිණාමවිරාගනිරොධා සුඛො භික්ඛවෙ තථාගතො විහරතීති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත තෙමේ රූපයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන රූපයෙහි ඇලුම් නැත්තේ රූපයෙහි නො ඇලුණේ රූපයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ රූපයන්ගේ වෙනස් වීමෙන් නො ඇල්මෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසෙයි ... ශබ්දයන්ගේ ... ගන්‍ධයන්ගේ ... රසයන්ගේ ... ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ... ධර්‍මයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන ධර්‍මයෙහි ඇලුම් නැත්තේ ධර්‍මයෙහි නො ඇලුණේ ධර්‍මයෙහි සතුටු නුවූයේ වෙයි. මහණෙනි, තථාගත තෙමේ ධර්‍මයන්ගේ වෙනස් වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් සුව ඇති ව වෙසේ යි.
Pali BJT1. 14. 5.
Sinhala BJT1. 14. 5.
Pali BJTපලාස සුත්තං
Sinhala BJTපලාස සූත්‍රය
Pali BJT138. යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? චක්ඛුං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා න තුම්හාකං තං පජහථ. සා වො පහීනා හිතාය සුඛාය භවිස්සති. කායො න තුම්හාකං -පෙ- මනො න තුම්හාකං, තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJT138. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, ඇස තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කය තොපගේ නො වෙයි. ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපි නු තුම්හාකං එවමස්ස, අම්හෙ ජනො හරති වා ඩහති වා යථාපච්චයං වා කරොතීති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො එතං භන්තෙ අත්තා වා අත්තනියං වාති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛු න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො න තුම්හාකං, තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTමහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජන තෙමේ එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජන තෙමේ අප ගෙන ය යි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපගේ ආත්මය (තමා) හෝ ආත්මීය (තමා පිළිබඳ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම ඇස තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. කන ... නැහැය ... දිව ... කය ... සිත තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 14. 6.
Sinhala BJT1. 14. 6.
Pali BJTදුතියපලාසසුත්තං
Sinhala BJTදුතිය පලාස සූත්‍රය
Pali BJT139. යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? රූපා භික්ඛවෙ න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්තීති.
Sinhala BJT139. මහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූ තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපි නු තුම්හාකං එවමස්ස: අම්හෙ ජනො හරති වා ඩහති වා යථාප්පච්චයං වා කරොතීති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො එතං භන්තෙ අත්තා වා අත්තනියං වාති. එවමෙව ඛො භික්ඛවෙ රූපා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සති සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා න තුම්හාකං, තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්තීති.
Sinhala BJTමහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ දැව අතු කොළ වේ ද, ජනයා එය හරනේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ ද, ජනයා අප ගෙන යයි හෝ දවයි හෝ යම් කැමති පරිද්දක් කරයි හෝ යි තොපට මෙබඳු සිතෙක් වන්නේ දැ යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, මෙය අපට ආත්ම (තමා) හෝ ආත්මීය (තමා ගේ දැයෙක්) හෝ නො වේ (එහෙයිනි) යි. මහණෙනි, එසෙයින්ම රූ තොපගේ නො වේ. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් තොපගේ නො වෙයි. එය පහකරවු. එය පහකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 14. 7.
Sinhala BJT1. 14. 7.
Pali BJTඅජ්ඣත්තඅනිච්චසුත්තං
Sinhala BJTඅජ්ඣත්ත අනිච්ච සූත්‍රය