Pali BJTඅද්ධාවුසො ආනන්ද භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො.
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘයහ. ප්‍රවක්තෘයහ. අමාව දෙනුවහ. අර්‍ත්‍ථයාගේ නිර්නේතෘයහ. ධර්‍මස්වාමීයහ. තථාගතයහ.
Pali BJTසො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තඤ්ඤෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම, යථා නො භගවා ව්යාකරෙය්ය තථා නං ධාරෙය්යාම. අපිචායස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා ආනන්දො අගරුං කරිත්වාති.
Sinhala BJTයම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නමෝ නම් එය ම මීට කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නො බර කොට බෙදන සේක්වා යි.
Pali BJTතෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ. භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච: යං ඛො වො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති, ඉමස්ස ඛ්වාහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන{6} අත්ථං ආජානාමි:
Sinhala BJTඇවැත්නි එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනනුද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි:
Pali BJTයෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී, අයං වුච්චති අරියස්ස විනයෙ ලොකො. කෙන චාවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී?
Sinhala BJTඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝක ය යි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ ද යත්:
Pali BJTචක්ඛුනා ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. සොතෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී, ඝානෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී, ජිව්හාය ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. කායෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. මනෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. යෙන ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොකමානී. අයං වුච්චති අරියස්ස විනයෙ ලොකො.
Sinhala BJTඇවැත්නි, ඇස නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කන නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, නැහැය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, දිව නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, කය නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, සිත නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වෙයි. ඇවැත්නි, යමක් නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝකය යි කියනු ලැබේ.
Pali BJTයං ඛො වො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං, දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති, ඉමස්ස ඛ්වාහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තඤ්ඤෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි’ යි. යම් උද්දේසයක් තොපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත විතර විසින් මම මෙසේ දනිමි. තවද ඇවැත්නි තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අරුත පුළුවුස්නවුය. භාග්‍යවතුන් වහන්සේ යම්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් මෙය දරවු ය යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: යං ඛො නො භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති. තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි:
Sinhala BJT“එසේ ය ඇවැත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි යම් උද්දේසයක් සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, වහන්ස ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය.
Pali BJTඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “නාහං භික්ඛවෙ, ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං, දට්ඨෙය්යං, පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි’ යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.
Pali BJTතෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො සංභාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති.
Sinhala BJTවහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිම්හ{1} උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො හෙතං භන්තෙ, ආයස්මතා ආනන්දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්යඤ්ජනෙහි අත්ථො විභත්තොති. පණ්ඩිතො භික්ඛවෙ, ආනන්දො, මහාපඤ්ඤො භික්ඛවෙ ආනන්දො, මඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි ච තං{2} එවමෙව ව්යාකරෙය්යං, යථා තං ආනන්දෙන ව්යාකතං. එසො ඛො චෙවෙතස්ස අත්ථො, එවඤ්ච තං ධාරෙය්යාථාති.
Sinhala BJTවහන්ස, ඉක්බිති අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹුනෙමු. එළඹ ආනන්‍ද ආයුෂ්තුන්ගෙන් මේ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආනන්‍ද ආයුෂ්මතුන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ ය යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝහ. මහණෙනි තෙපි මගෙනුදු මේ අරුත පුළුවුස්නහු නම් මම ද එය මෙසේ ම පවසන්නෙම් වෙමි. ආනන්‍දයන් විසින් එය යම්සේ පවසන ලද්දේ නම් මෙය ම මෙහි අරුත ය. මෙසේ ම එය දරවු ය යි.
Pali BJT1. 12. 4.
Sinhala BJT1. 12. 4.
Pali BJTකාමගුණසුත්තං
Sinhala BJTකාමගුණ සූත්‍රය
Pali BJT117. පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි. යෙමෙ{3} පඤ්චකාමගුණා චෙතසො සම්ඵුට්ඨපුබ්බා අතීතා නිරුද්ධා විපරිණතා, තත්ර මෙ චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්ය, පච්චුප්පන්නෙසු වා, අප්පං වා අනාගතෙසු.
Sinhala BJT117. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පස්කම්ගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි මා සිත පවත්නේ බහුල වශයෙන් පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය.) අනාගත පඤ්චකාමගුණයන්හි ද මඳ වශයෙන් (පවත්නේ ය.)
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: යෙමෙ පඤ්චකාමගුණා චෙතසො සම්ඵුට්ඨපුබ්බා අතීතා නිරුද්ධා විපරිණතා, තත්ර මෙ අත්තරූපෙන අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTමහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මාගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද තමහට වැඩ කැමති මා විසින් එහි අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කටයුතුය කියා යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, තුම්හාකම්පි යෙ වො පඤ්චකාමගුණා චෙතසො සම්ඵුට්ඨපුබ්බා අතීතා නිරුද්ධා විපරිණතා, නනු වො චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්ය පච්චුප්පන්නෙසු වා අප්පං වා අනාගතෙසු. තස්මාතිහ භික්ඛවෙ, තුම්හාකම්පි යෙ වො පඤ්චකාමගුණා චෙතසො සම්ඵුට්ඨපුබ්බා අතීතා නිරුද්ධා විපරිණතා තත්ර වො අත්තරූපෙහි අප්පමාදො සති චෙතසො ආරක්ඛො කරණීයො.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා තොපට ද තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද, නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි තොපගේ සිත පවත්නේ බහුල කොට පවත්නේ ය. වර්‍තමාන පඤ්චකාමගුණයන්හි ද (එසේ ය) අනාගත පඤ්චකාමගුණයන්හි ද මද කොට (පවත්නේ ය.) මහණෙනි, එහෙයින් මෙහි ලා තොප විසිනුදු තොපගේ යම් පඤ්චකාමගුණ කෙනෙක් සිතින් පහස්නා ලද විරූ ද, ඉකුත් වූවාහු ද නිරුද්ධ වූවාහු ද, වෙනස් වූවාහු ද එහි ලා තමහට වැඩකැමති තොප විසින් අප්‍රමාදය හා සිහිය යන සිතේ ආරක්‍ෂාව කට යුතු යැ.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, සෙ{1} ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච{2} නිරුජ්ඣති, රූපසඤ්ඤා ච විරජ්ජති,{3} සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ සොතඤ්ච නිරුජ්ඣති සද්දසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ ඝානඤ්ච නිරුජ්ඣති ගන්ධසඤ්ඤා ච විරජ්ජති{3} සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ ජිව්හා ච නිරුජ්ඣති රසසඤ්ඤා ච විරජ්ජති{3} සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ කායො ච නිරුජ්ඣති ඵොට්ඨබ්බසඤ්ඤා ච විරජ්ජති{3} සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති{3} සෙ ආයතනෙ වෙදිතබ්බෙති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක කනත් නිරුද්ධ වේ නම් ශබ්දසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක නැහැයත් නිරුද්ධ වේ නම් ගන්‍ධසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක දිවත් නිරුද්ධ වේ නම් රසත් නැති වේ නම් ඒ ආයතනය දත යුතු ය. යම් තැනෙක කයත් නිරුද්ධ වේ නම් ස්ප්‍රෂ්ටව්‍යසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. “තස්මාතිහ භික්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්බෙ යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති, රූපසඤ්ඤා ච විරජ්ජති, සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති, සෙ ආයතනෙ වෙදිතබ්බෙති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය යි මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි, අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති.
Sinhala BJTඑකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වි ය: මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආනන්‍ද ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආනන්‍ද ආයුෂ්මතුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආනන්‍ද අයුෂ්මතුන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො ආනන්ද, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “තස්මාතිහ භික්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්බෙ. යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති, ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු ය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
Pali BJTතෙසං නො ආවුසො, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො{1} ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, තස්මාතිහ භික්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති, රූපසඤ්ඤා ච විරජ්ජති, සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති, ධම්මසඤ්ඤා ච විරජ්ජති, සෙ ආයතනෙ වෙදිතබ්බෙ”ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඇවැත්නි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් විය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ නම් රූපසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දත යුතුය ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ නම් ධර්‍මසංඥාත් නැති වේ නම් ඒ ආයතනය දතයුතු යයි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ” යි.
Pali BJTතෙසං නො ආවුසො, අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති. විභජතායස්මා ආනන්දොති.
Sinhala BJTඇවැත්නි, ඒ අපට මෙබඳු සිතෙක් විය: “මේ ආනන්‍ද ආයුෂ්මත්හු ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගෙන් මේ අරුත් පුළුවුස්නමෝ නම් මැනවැයි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදා විස්තර කෙරෙත්වා” යි.
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය. එවං සම්පදමිදං. ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සොහාවුසො භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි, යං භගවන්තඤ්ඤෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරෙය්ය තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහරුකෙක මුලත් ඉක්ම කඳත් ඉක්ම අතුකොළවල හර සෙවියයුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ මේ අරුත අපගෙන් පිළිවිසිය යුතු ය යි හඟිවු ද. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දන්නෝම දනිති. දක්නාහුම දකිති. චක්‍ෂූර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍ම ස්මාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එයට මෙය ම කාලය වීය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එපරිද්දෙන් එය දරව යි.
Pali BJTඅද්ධා ආවුසො ආනන්ද භගවා ජානං ජානාති පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි, යං භගවන්තඤ්ඤෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම යථා නො භගවා ව්යාකරෙය්ය තථා නං ධාරෙය්යාම. අපි චායස්මා ආනන්දො සත්ථුචෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං, පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං, විභජතායස්මා ආනන්දො අගරුං කරිත්වාති.
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දන්නාහුම දනිති, දක්නාහුම දකිති. චක්‍ෂුර්භූතයහ. ඥානභූතයහ. ධර්‍මභූතයහ. බ්‍රහ්මභූතයහ. වක්තෘහ. ප්‍රවක්තෘහ. අර්‍ත්‍ථය පිළිබඳ නිර්නේතෘහ. අමෘතදායකයහ. ධර්‍මස්වාමීහ. තථාගතයහ. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නහු නම් එය ම මීට කල් වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන සේක් නම් එසෙයින් එය දරන්නෙමු. එහෙත් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නොබර කොට විතර විසින් අරුත බෙදන සේක්වා යි.
Pali BJTතෙනහාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච: යං ඛො වො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙති. ඉමස්ස ඛ්වාහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සළායතනනිරොධං ඛො එතං ආවුසො භගවතා සන්ධාය භාසිතං: “තස්මාතිහ භික්ඛවෙ, සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති, රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ”ති.
Sinhala BJTඇවැත්නි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය ඇවැත්නි යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවෝ මෙය කීහ: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද රූපසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය. ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යන මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය. ... යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් සළායතන නිරෝධය සඳහා වදාරන ලදී.
Pali BJTයං ඛො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති, ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙති ඉමස්ස ඛ්වාහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තඤ්ඤෙව උපසඞ්කමථ, උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරොති, තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම්තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම්තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය” යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද, ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නොබෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් මම මෙසේ දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතම එළඹෙවු. එළඹ මේ අරුත පිළිවිසිවු. යම් සේ භාග්‍යවතුන් වහන්සේ තොපට වදාරන සේක් නම් එසෙයින් එය දරව යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJTඑසේ ය ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දී, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
Pali BJTයං ඛො නො භන්තෙ භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බෙ, යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ”ති තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි:
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දතයුතු ය ... යම් තැනක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද ඒ ආයතනය දතයුතු ය යි යම් උදෙසුමක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක් ද වහන්ස, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් මෙබඳු සිතෙක් වීය.
Pali BJTඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බෙ යත්ථ චක්ඛුඤ්ච නිරුජ්ඣති රූපසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ -පෙ- යත්ථ මනො ච නිරුජ්ඣති ධම්මසඤ්ඤා ච විරජ්ජති සෙ ආයතනෙ වෙදිතබ්බෙ”ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එහෙයින් මෙහි ලා ඒ ආයතනය දතයුතු ය. යම් තැනෙක ඇසත් නිරුද්ධ වේ ද, රූපසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය … යම් තැනෙක සිතත් නිරුද්ධ වේ ද, ධර්‍මසංඥාත් නැති වේ ද, ඒ ආයතනය දත යුතු ය”යි මේ උදෙසුම සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි.
Pali BJTතෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති.
Sinhala BJTවහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උදෙසුම්හි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිම්හ උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ ආයස්මතා ආනන්දෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්යඤ්ජනෙහි අත්ථො විභත්තොති. පණ්ඩිතො භික්ඛවෙ ආනන්දො, මහාපඤ්ඤො භික්ඛවෙ ආනන්දො, මඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි තං එවමෙවං ව්යාකරෙය්යං යථා තං ආනන්දෙන ව්යාකතං. එසො ඛො චෙවෙතස්ස{1} අත්ථො එවඤ්ච නං ධාරෙය්යාථාති.
Sinhala BJTවහන්ස, එකල්හි අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹුණෙමු. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මෙ අරුත පුළුවුසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් විසින් මේ අයුරින් මේ පදවලින් මේ අකුරුවලින් අරුත බෙදන ලද්දේ යි. මහණෙනි, ආනන්‍දයෝ පණ්ඩිතයහ. මහණෙනි, ආනන්‍දයෝ මහපැනැත්තෝ යැ. මහණෙනි, තෙපි මේ අරුත මගෙනුදු පුළුවුස්නහු නම් “යම්සේ එය ආනන්‍දයන් විසින් පවසන ලද්දේ ද මමත් එය එසේ ම පවසන්නෙමි. මෙය ම මෙහි අරුත යි. මෙසේ ම එය දරව” යි.
Pali BJT1. 12. 5.
Sinhala BJT1. 12. 5.
Pali BJTසක්කපඤ්හසුත්තං
Sinhala BJTසක්කපඤ්හ සූත්‍රය
Pali BJT118. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්ති?
Sinhala BJT118. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි. වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ යි.
Pali BJTසන්ති ඛො දෙවානමින්ද, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො දෙවානමින්ද, භික්ඛු නො පරිනිබ්බායති. සන්ති ඛො දෙවානමින්ද, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො දෙවානමින්ද, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො දෙවානමින්ද, භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො දෙවානමින්ද, හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති.
Sinhala BJTදෙවිඳ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. දෙවිඳ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJTසන්ති ච ඛො දෙවානමින්ද, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො දෙවානමින්ද, භික්ඛු පරිනිබ්බායති. සන්ති ඛො දෙවානමින්ද, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො දෙවානමින්ද, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො දෙවානමින්ද භික්ඛු පරිනිබ්බායති. අයං ඛො දෙවානමින්ද, හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTදෙවිඳ, ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නො ඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... දෙවිඳ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ විඤ්ඤාණය එය නොඇසුරු කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. දෙවිඳ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. දෙවිඳ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටු දැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 12. 6.
Sinhala BJT1. 12. 6.
Pali BJTපඤ්චසිඛපඤ්හසුත්තං
Sinhala BJTපඤ්චසිඛපඤ්හ සූත්‍රය
Pali BJT119. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො භගවන්තං එතදවොච: කො නුඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ{2} හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJT119. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි පන්සිළුගඳෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නොපිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? වහන්ස යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි.
Pali BJTසන්ති ඛො පඤ්චසිඛ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා -පෙ- (යථා පුරිමකං සුත්තන්තං විත්ථාරෙතබ්බං) සන්ති ඛො පඤ්චසිඛ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො පඤ්චසිඛ භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො පඤ්චසිඛ හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙවධම්මෙ නො පරිනිබ්බායන්ති.
Sinhala BJTපඤ්චසිඛ, ඇසින් දතුයුතු රූ ඇත. ... (පළමු සුතුර මෙන් විතර කටයුතු යි) පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJTසන්ති ච ඛො පඤ්චසිඛ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා -පෙ- සන්ති ච ඛො පඤ්චසිඛ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො පඤ්චසිඛ භික්ඛු පරිනිබ්බායති. අයං ඛො පඤ්චසිඛ හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTපඤ්චසිඛ, ඇසින් දතයුතු රූ ඇත ... පඤ්චසිඛ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. පඤ්චසිඛ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 12. 7.
Sinhala BJT1. 12. 7.
Pali BJTසාරිපුත්තසද්ධිවිහාරිකසුත්තං
Sinhala BJTසාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය
Pali BJT120. එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: සද්ධිවිහාරිකො ආවුසො සාරිපුත්ත භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තොති.
Sinhala BJT120. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීයේ ය. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, සද්ධිවිහාරික මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළුණේ යි.
Pali BJTඑවංහෙතං{2} ආවුසො හොති ඉන්ද්රියෙසු අගුත්තද්වාරස්ස භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තස්ස.
Sinhala BJTඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නොයෙදුණු (මහණ) හට මෙය මෙසේම වෙයි.
Pali BJTසො වතාවුසො භික්ඛු ඉන්ද්රියෙසු අගුත්තද්වාරො භොජනෙ අමත්තඤ්ඤූ ජාගරියං අනනුයුත්තො යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං සන්තානෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සො වතාවුසො භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ ජාගරියං අනුයුත්තො යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං සන්තානෙස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඇවැත්නි, ඉඳුරන්හි නොවැසූ දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නො ලැබේ. ඇවැත්නි, ඉඳුරන්හි වැසූ දොර ඇති බොජුනෙහි පමණ දන්නා නිදිවැරීමෙහි යෙදුණු ඒ මහණ පිරිපුන් පිරිසිදු බඹසර දිවිහිමියෙන් නො සිඳ රක්නේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් ලැබෙයි.
Pali BJTකථඤ්චාවුසො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. ඉධාවුසො, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො ආවුසො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රුවක් දැක නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජනවශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස (දැඩිලොබ, නොසතුට) යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්ඛුන්‍ද්‍රියය රකී. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් සදක් අසා ... නැහැයෙන් ගඳක් ගෙන ... දිවෙන් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... සිතින් දහමක් දැන නිමිතිවශයෙන් නොගන්නාසුලු වූයේ අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නාසුලු වූයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසලදහම්හු ලුහුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙසේ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො භොජනෙ මත්තඤ්ඤූ හොති. ඉධාවුසො භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්රා ච මෙ භවිස්සති, අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො ආවුසො භොජනෙ මත්තඤ්ඤූ හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් බොජුනෙහි පමණ දන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ “කෙළි පිණිස නො වේ, මදය පිණිස නො වේ, අඩුතැන් පිරීම පිණිස නො වේ, සැරසුම පිණිස නො වේ, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස සාදුක් වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස (වළඳමි). මෙසේ පැරණි වේදනාව ද නසන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියව් පැවැත්ම ද නිවරද බව ද පහසුවිහරණය ද වන්නේ ය”යි නුවණින් සලකා අහර ගනී. ඇවැත්නි, මෙසේ බොජුනෙහි පමණ දන්නේ වෙයි.
Pali BJTකථඤ්චාවුසො ජාගරියං අනුයුත්තො හොති. ඉධාවුසො භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං{1} අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො ආවුසො ජාගරියං අනුයුත්තො හොති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් නිදිවැරීමෙහි යෙදුණේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ දහවල සක්මනින් ද හිඳීමෙන් ද නීවරණ දහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ පළමුයම සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදුම්යම දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා සිහි ඇත්තේ මනානුවණ ඇත්තේ නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණුපසින් සිංහශෙය්‍යව කෙරෙයි. රෑ පැසුළුයම පෙරළා නැඟිට සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමින් සිත පිරිසිදු කෙරෙයි. ඇවැත්නි, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
Pali BJTතස්මාතිහාවුසො එවං සික්ඛිතබ්බං: ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තාති. එවං හි වො ආවුසො සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඇවැත්නි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතු යි. ඉඳුරන්හි වැසූ දොර ඇත්තමෝ බොජුනෙහි පමණ දන්නමෝ නිදිවැරීමෙහි යෙදුණමෝ වන්නෙමු යි. ඇවැත්නි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
Pali BJT1. 12. 8.
Sinhala BJT1. 12. 8.
Pali BJTරාහුළොවාදසුත්තං
Sinhala BJTරාහුලෝවාද සූත්‍රය
Pali BJT121. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස{1} එවං චෙතසො පරිවිතක්කො උදපාදි:
Sinhala BJT121. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එසඳ එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළවිය;
Pali BJT“පරිපක්කා{2} ඛො රාහුළස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා. යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්ය”න්ති.
Sinhala BJTරාහුලගේ රහත්බව මුහුකුරුවනදහම්හු මුහුකුරා ගියහ. මම රාහුල මහරහත්බැව්හි හික්මවන්නෙම් නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං රාහුලං ආමන්තෙසි: “ගණ්හාහි රාහුල නිසීදනං. යෙනන්ධවනං තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා”ති. “එවම්භන්තෙ’ති ඛො ආයස්මා රාහුලො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වන්හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණුසේක් ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක: රාහුලය, නිසීදනය ගනුව. දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹෙන්නෙමු යි. එසේය වහන්සැ යි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගමන් කෙළේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස්සානි භගවන්තං අනුබන්ධානි භවන්ති{3}, “අජ්ජ භගවා ආයස්මන්තං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙස්සතී”ති. අථ ඛො භගවා අන්ධවනං අජ්ඣොගහෙත්වා{4} අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි නොයෙක් දහස්ගණන් දෙවියෝ “අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරුන් මහරහත්බැව්හි හික්මවන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කළාහු වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT“තං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. “යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ.
Sinhala BJTරාහුලය, ඒ කිමැයි හඟිහි, චක්‍ෂුස නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුඃඛ යැ. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය “තෙලෙ මාගේ ය. තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම ය යි දක්නට නිසි වේ දැ”යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJT“රූපා නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ -පෙ- චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වා”ති. අනිච්චො භන්තෙ -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තම්පි නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTරූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? වහන්ස, අනිත්‍ය යැ ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. චක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය යැ. ... චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනාවක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය මේ මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJT“සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ -පෙ- රසා -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තම්පි නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTකන ... නැහැය ... දිව නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. ... රස ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... ජිහ්වාසංස්පර්‍ශය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJT“කායො -පෙ- මනො නිච්චො වා අනිච්චො වා”ති. අනිච්චො භන්තෙ. “යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTකය ... සිත නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේ ද? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJT“ධම්මා නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ -පෙ- මනො විඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සො -පෙ- “යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තම්පි නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTදහම් නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් හෙද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමෙක් අනිත්‍ය නම් එය දුක් වේ ද නොහොත් සුව වේද?. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවං පස්සං රාහුල සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. සොතස්මිම්පි නිබ්බින්දති -පෙ- ඝානස්මිම්පි නිබ්බින්දති -පෙ- ජිව්හායම්පි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. කායස්මිම්පි නිබ්බින්දති -පෙ- මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස් පහසෙත් කලකිරෙයි. ඇස්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි ... නැහැයෙහිත් කලකිරෙයි ... දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. දිව්විනැණෙහිත් කලකිරෙයි. දිව්පහසෙහිත් කලකිරෙයි. දිව්පහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි ... සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනවිනැණෙහිත් කලකිරෙයි. මනපසෙහිත් කලකිරෙයි. මනපහස නිසා යම් මේ වේදනාවෙක් සංඥාවෙක් සංස්කාරයෙක් විඥානයෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණු ය යි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කරණී කරනලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො රාහුළස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ සුතුර බණන කල්හි ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ ය.
Pali BJTඅනෙකානඤ්ච දෙවතාසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති.
Sinhala BJTනොයෙක් දහස් ගණන් දෙවියන්ට ද “යම් කිසිවක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුලු ය” යි කෙලෙස්රජස් නැති පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළවී.
Pali BJT1. 12. 9.
Sinhala BJT1. 12. 9.
Pali BJTසඤ්ඤොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT122. සඤ්ඤොජනියෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි සඤ්ඤොජනඤ්ච. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, සඤ්ඤොජනියා ධම්මා, කතමඤ්ච සඤ්ඤොජනං:
Sinhala BJT122. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිතදහම් ද සඤ්ඤෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සඤ්ඤෝජනයන්ට හිත දහම්හු කවරහු ද සඤ්ඤෝජන කවරේ ද යත්:
Pali BJTසන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඤ්ඤොජනියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. සන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඤ්ඤොජනියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනන්ති.
Sinhala BJTමහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. මහණෙනි, මොහු සඤ්ඤෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි.
Pali BJT1. 12. 10.
Sinhala BJT1. 12. 10.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT123. උපාදානියෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි උපාදානඤ්ච. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ උපාදානියා ධම්මා, කතමඤ්ච උපාදානං:
Sinhala BJT123. මහණෙනි, උපාදානයන්ට හිත දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම්හු කවරහු ද? උපාදාන කවරේ ද යත්:
Pali BJTසන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, උපාදානියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං සන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ උපාදානියා ධම්මා. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානන්ති.
Sinhala BJTමහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දතයුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු යයි කියනු ලැබෙත්. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
Pali BJTලොකකාමගුණවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි ලෝකකාමගුණ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමාරපාසෙන ද්වෙ වුත්තා ලොකකාමගුණෙන ච සක්කො පඤ්චසිඛො චෙව සාරිපුත්තො ච රාහුලො සඤ්ඤොජනං උපාදානං වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTමාරපාස නමින් දෙකෙක් ද, ලෝකන්තගමන, කාමගුණ නමින් දෙකෙක් ද, සක්කපඤ්හ, පඤ්චසිඛපඤ්හ, සාරපුත්තසද්ධිවිහාරික, රාහුළොවාද, සඤ්ඤෝජන උපාදාන යයි සයෙක් ද කියන ලදහ. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
Pali BJT13. ගහපතිවග්ගො
Sinhala BJT13. ගහපති වර්‍ගය
Pali BJT1. 13. 1.
Sinhala BJT1. 13. 1.
Pali BJTවෙසාලිසුත්තං
Sinhala BJTවේසාලි සූත්‍රය
Pali BJT124. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාර සාලායං. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති වෙසාලිකො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති, කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJT124. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පස් ව හුන් විසල්පුර වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
Pali BJTසන්ති ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති භික්ඛු නො පරිනිබ්බායති.
Sinhala BJTගැහැවිය, ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො ගහපති, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති තදුපාදානං. සඋපාදානො ගහපති, භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති.
Sinhala BJTගැහැවි, කනින් දතයුතු සද ඇත. ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වෙයි. ගැහැවි, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJTසන්ති ච ඛො ගහපති චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති.
Sinhala BJTගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.
Pali BJTසන්ති ඛො ගහපති, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො ගහපති මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො ගහපති භික්ඛු පරිනිබ්බායති. අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJTගැහැවි, කනින් දතයුතු ශබ්ද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... ගැහැවි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන, ගුණ නො කියන, ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. ගැහැවි, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. ගැහැවි, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය ය යි.
Pali BJT1. 13. 2.
Sinhala BJT1. 13. 2.
Pali BJTවජ්ජිසුත්තං
Sinhala BJTවජ්ජී සූත්‍රය
Pali BJT125. එකං සමයං භගවා වජ්ජීසු විහරති හත්ථිගාමෙ. අථ ඛො උග්ගො ගහපති හත්ථිගාමකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති හත්ථිගාමකො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති. (යථා පුරිමසුත්තන්තං එවං විත්ථාරෙතබ්බං) -පෙ- අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJT125. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි දනව්වෙහි හත්‍ථිගම්හි වැඩවසන සේක. එකල්හි හත්‍ථිගම්වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හත්‍ථි ගම් වැසි උග්ග ගැහැවි භාගවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? (පළමු සුතුර මෙන් විතර කටයුතු) ... ගැහැවි, යම් හෙයකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 13. 3.
Sinhala BJT1. 13. 3.
Pali BJTනාලන්දාසුත්තං
Sinhala BJTනාලන්‍දා සූත්‍රය
Pali BJT126. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො උපාලි ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො උපාලි ගහපති භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති. (විත්ථාරෙතබ්බං) -පෙ- අයං ඛො ගහපති හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.
Sinhala BJT126. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවර පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි. (විතර කට යුතු) ... ගැහැවි යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJT1. 13. 4.
Sinhala BJT1. 13. 4.
Pali BJTභාරද්වාජසුත්තං
Sinhala BJTභාරද්වාජ සූත්‍රය
Pali BJT127. එකං සමයං ආයස්මා පිණ්ඩොලභාරද්වාජො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො රාජා උදෙනො යෙනායස්මා පිණ්ඩොලභාරද්වාජො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා උදෙනො ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං එතදවොච:
Sinhala BJT127. එක්කලෙක ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
Pali BJTකො නු ඛො භො{1} භාරද්වාජ හෙතු කො පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු, යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති?
Sinhala BJTභවත් භාරද්වාජයෙනි, තරුණ වූ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමුවන වයසින් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ භික්‍ෂූහු යම්හෙයෙකින් දිවිහිමියෙන් පිරිපුන් පිරිසිදු බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTවුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන “එථ තුම්හෙ භික්ඛවෙ මාතුමත්තිසු මාතුචිත්තං උපට්ඨපෙථ, භගිනිමත්තීසු භගිනිචිත්තං උපට්ඨපෙථ, ධීතුමත්තිසු ධීතුචිත්තං උපට්ඨපෙථා”ති. අයං ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. මවු වැන්නවුන් කෙරෙහි මව යන සිත එළව. බුහුන වැන්නවුන් කෙරෙහි බුහුන යන සිත එළව. දූ වැන්නවුන් කෙරෙහි දුව යන සිත එළව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJTලොලං ඛො භො{1} භාරද්වාජ චිත්තං. අප්පෙකදා මාතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති භගිනිමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති, ධීතුමත්තීසුපි ලොභධම්මා උප්පජ්ජන්ති. අත්ථි නු ඛො භො භාරද්වාජ අඤ්ඤො ච හෙතු අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTභවද් භාරද්වාජයෙනි, මේ සිත ලොල් ය. මවු වැන්නවුන් කෙරෙහි දු ඇතැම් දිනෙක ලෝබසිත් උපදී. බුහුන වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. දූ වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. භවත් භාරද්වාජයෙනි, තරුණ මන කළු කෙහෙ ඇති ... මේ තරුණ භික්‍ෂූහු යම් හෙයෙකින් බඹසර කෙරෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවකුත් අනෙක් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
Pali BJTවුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන “එථ තුම්හෙ භික්ඛවෙ ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛථ. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති. අයම්පි ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි. මහණෙනි, තෙපි එවු. පතුලෙන් උඩ කෙසගින් යට (අවටින්) සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ සිරුර ම පස්විකවු. (කෙසේ ද යත්:) මේ සිරුරෙහි කෙහෙ, ලොම්, නිය, දත්, සිවිය, මස, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංසය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, පිත, සෙම, පූයා, ලේ, ඩහ, මේදස්, කඳුළු, වුරුණුතෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර, ඇතැ යි කියා යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නොසිඳ පවත්වත් නම් එයට මේ ද හේතුවෙකි, මේ ද ප්‍රත්‍යයෙකි.
Pali BJTයෙ තෙ භො භාරද්වාජ භික්ඛූ භාවිතකායා භාවිතසීලා භාවිතචිත්තා භාවිතපඤ්ඤා තෙසං තං න දුක්කරං{2} හොති. යෙ ච ඛො තෙ භො භාරද්වාජ{3} භික්ඛූ අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා තෙසං තං දුක්කරං හොති. අප්පෙකදා භො භාරද්වාජ අසුභතො මනසිකරිස්සාමාති සුභතො වා ආගච්ඡති. අත්ථි නු ඛො භො භාරද්වාජ{4} අඤ්ඤො ච{5} හෙතු අඤ්ඤො ච පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසුකාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTභවත් භාරද්වාජයෙනි, වැඩූ කය (කායගතා සති) ඇති වැඩූ සිල් ඇති වැඩූ සිත් ඇති වැඩූ නුවණ ඇති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර නො වේ. භවද් භාරද්වාජයෙනි, නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ නුවණැති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර වේ. භවත් භාරද්වාජයෙනි, ඇතැම් දිනෙක අශුභවශයෙන් මෙනෙහි කරන්නෙමු යි ශුභවශයෙන් ද මෙනෙහි කිරීමට පැමිණේ. භවද් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවෙකුත් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
Pali BJTවුත්තං ඛො එතං මහාරාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘එථ තුම්හෙ භික්ඛවෙ ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං{6} චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජථ. රක්ඛථ චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජථ. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. ඉඳුරන්හි වැසූ දොර ඇති ව වෙසෙවු. ඇසින් රූ දැක නහමක් නිමිති ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු, චක්ඛුන්‍ද්‍රියේ සංවරයට පැමිණෙවු. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැස ...
Pali BJTමනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජථ. රක්ඛථ මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජථා”ති. අයම්පි ඛො මහාරාජ හෙතු අයං පච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසු කාළකෙසා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTසිතින් දහම් දැන නහමක් නිමිති වශයෙන් ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්‍ද්‍රිය රකිවු, මනින්‍ද්‍රියේ සංවරයට පැමිණෙව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට මෙ ද හේතුවෙකි. මේ ද ප්‍රත්‍යයෙකි.
Pali BJTඅච්ඡරියං භො භාරද්වාජ, අබ්භුතං භො භාරද්වාජ. යාව සුභාසිතංමිදං{1} භො භාරද්වාජ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන. එසො ව{2} ඛො භො භාරද්වාජ හෙතු එසපච්චයො යෙනිමෙ දහරා භික්ඛූ සුසූ කාළකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්ති අද්ධානඤ්ච ආපාදෙන්තීති.
Sinhala BJTභවත් භාරද්වාජයෙනි ආශ්චර්‍ය්‍යයෙකි, භවත් භාරද්වාජයෙනි අද්භූතයෙකි, භවත් භාරද්වාජයෙනි සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කෙතරම් මැනවින් වදාරන ලද ද? භවත් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගුකලෙකුත් නො සිඳ පවත්වත් නම් එයට මෙය ම හේතු යි මෙය ම ප්‍රත්‍යය යි.
Pali BJTඅහම්පි ඛො භො{3} භාරද්වාජ, යස්මිං සමයෙ අරක්ඛිතෙනෙව කායෙන ආකෙඛිතාය වාචාය අකෙඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි අන්තෙපුරං පවිසාමි. අතිවිය මං තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති. යස්මිඤ්ච ඛ්වාහං භො භාරද්වාජ සමයෙ රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි අන්තෙපුරං පවිසාමි න මං තත්ථ{4} තස්මිං සමයෙ ලොභධම්මා පරිසහන්ති.
Sinhala BJTභවත් භාරද්වාජයෙනි, යම් කලෙක මම ද නො රක්නා ලද කයින් නො රක්නා ලද වදනින් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් අසංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි ලොබසිත් මා බෙහෙවින් මැඩලයි. භවත් භාරද්වාජයෙනි, යම් කලෙකත් මා රක්නා ලද කයින් රක්නා ලද වදනින් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත වූ ඉඳුරන්ගෙන් යුතු ව ම ඇතොවුරට පිවිසෙම් නම් එකල්හි එහි ලොබසිත් මා නහමක් මැඩල යි.