Pali BJT103. උද්දකො{1} සුදං භික්ඛවෙ රාමපුත්තො එවං වාචං භාසති.
Sinhala BJT103. මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි:
Pali BJT“ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ්බජී{2} ඉදං ජාතු අපලිඛතං{3} ගණ්ඩමූලං පලිඛණින්ති.”
Sinhala BJT“මාගේ මේ වචනය අසවු, මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි.
Pali BJTතං ඛො පනෙතං භික්ඛවෙ උද්දකො රාමපුත්තො අවෙදගූයෙව සමානො වෙදගූ’ස්මීති භාසති, අසබ්බජීයෙව සමානො සබ්බජී’ස්මීති භාසති, අපලිඛතං යෙව{4} ගණ්ඩමූලං පලිඛතංයෙව ගණ්ඩමූලන්ති භාසති.
Sinhala BJTමහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ සියල්ල නො දත්තේ ම සියල්ල දත්තෙම් වෙමි යි ඒ මේ වචනය කිය යි. සියල්ල නොදිනුයේ ම සියල්ල දිනුයෙම් වෙමි යි කියයි. දුක්මුල නොසාරා දමන ලද්දේ ම දුක්මුල සාරා දමන ලද්දේ යයි කිය යි.
Pali BJTඉධ ඛො තං භික්ඛවෙ භික්ඛු සම්මාවදමානො වදෙය්ය.
Sinhala BJTමහණෙනි මෙහි මහණ තෙමේ මැනැවින් කියන්නේ,
Pali BJT“ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ්බජී ඉදං ජාතු අපලිඛතං ගණ්ඩමූලං පලිඛණින්ති.”
Sinhala BJTමාගේ මේ වචනය අස්වු. මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නො දමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ වෙදගූ හොති? යතො ඛො භික්ඛවෙ භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛු වෙදගූ හොති.
Sinhala BJTමහණෙනි මහණ තෙමේ කෙසේ නම් වේදගූ (සසරවට දැන සිටියේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි මෙසේ මහණ තෙමේ වේදගූ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සබ්බජී හොති? යතො ඛො භික්ඛවෙ භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාය විමුත්තො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සබ්බජී හොති.
Sinhala BJTමහණෙනි මහණ තෙමේ කෙසේ නම් සබ්බජී (සියල්ල දිනුයේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීන යත් නිස්සරණයත් තතු සේ දැන උපාදානය නො කොට කෙලෙසුන්ගෙන් මිදුණේ වේ ද, මහණෙනි මහණ තෙමේ මෙසේ සබ්බජී නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු නො අපලිඛතං ගණ්ඩමූලං පලිඛතං හොති? ගණ්ඩොති ඛො, භික්ඛවෙ ඉමස්සෙතං චාතුම්මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස. ගණ්ඩමූලන්ති ඛො භික්ඛවෙ, තණ්හායෙතං අධිවචනං. යතො ඛො භික්ඛවෙ, භික්ඛුනො තණ්හා පහීනා හොති{1} උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො භික්ඛවෙ භික්ඛුනො අපලිඛතං ගණ්ඩමූලං පලිඛතං හොති.
Sinhala BJTමහණෙනි මහණ තෙමේ කෙසේ නම් නොසාර දැමූ ගඬ (දුක්) මුල සාරා දමන ලද්දේ වේ ද යත්: මහණෙනි “ගඬ” යයි මවුපියන්ගේ ලේඅශුචියෙන් උපන් බතින් හා කොමුයෙන් වැඩුණු අනිස බව හා ඉලීම් පිරිමැදීම් (කරතුදු) බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට නමෙකි. මහණෙනි “ගඬමුල” යයි මේ තෘෂ්ණාවට නමෙකි. මහණෙනි යම් කලෙක මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා උසුන් මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බව කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වේ ද, මහණෙනි මෙසේ මහණහුගේ නොසාරා දැමූ ගඬමුල සාරාදමන ලද්දේ වෙයි.
Pali BJTඋද්දකො සුදං භික්ඛවෙ, රාමපුත්තො එවං වාචං භාසති: ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ්බජී ඉදං ජාතු අපලිඛතං ගණ්ඩමූලං පලිඛණින්ති.
Sinhala BJTමහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදැමූ ගඬමුල සාරාදමා සිටියෙම් වෙමි.
Pali BJTතං ඛො පනෙතං භික්ඛවෙ, උද්දකො රාමපුත්තො අවෙදගූයෙව සමානො වෙදගූ’ස්මීති භාසති, අසබ්බජීයෙව සමානො සබ්බජීස්මීති භාසති. අපලිඛතංයෙව ගණ්ඩමූලං පලිඛතංයෙව ගණ්ඩමූලන්ති භාසති.
Sinhala BJTමහණෙනි රාමපුත්‍ර උද්දක තෙමේ “වේදගූ” නොවූයේම වේදගූ වෙමි යි මේ වචනය කියයි. සබ්බජී නො වූයේ ම “සබ්බජී” වෙමි යි කිය යි. ගඬමුල නො සාරා දැමූයේ ම ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි යි කියයි.
Pali BJTඉධ ඛො තං භික්ඛවෙ, භික්ඛු සම්මාවදමානො වදෙය්ය: ඉදං ජාතු වෙදගූ ඉදං ජාතු සබ්බජී ඉදං ජාතු අපලිඛතං ගණ්ඩමූලං පලිඛණින්ති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ මැනවින් කියන්නේ: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් වේදගූ (සසරවට දැන සිටියෙම්) වෙමි. ඒකාන්තයෙන් සබ්බජි (සියල්ල දිනුයෙම්) වෙමි. නො සාරා දැමූ ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ යි.
Pali BJTඡළ{3}වග්ගො දසමො.
Sinhala BJTදසවැනි ජළවර්‍ගයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTද්වෙ සඞ්ගය්හා පරිහානං පමාදවිහාරී ච සංවරො සමාධි පටිසල්ලානං{4} ද්වෙ නතුම්හාකෙන උද්දකො ති.
Sinhala BJTසඞ්ගය්හ සූත්‍ර දෙක ය, පරිහාන, පමාදවිහාරී, සංවර, සමාධි, පටිසල්ලාන යන සූත්‍ර පස ය, නතුම්හාක සූත්‍ර දෙක ය, උද්දක සූත්‍රය දෑ යි සූත්‍ර දශයෙකි.
Pali BJTදුතියො පණ්ණාසකො
Sinhala BJTදුතිය පණ්ණාසකය යි.
Pali BJTතස්ස වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTඅවිජ්ජා මිගජාලඤ්ච ගිලානං ඡන්නං චතුත්ථකං ඡළවග්ගෙන පඤ්ඤාසං දුතියො පඤ්ඤාසකො අයං.
Sinhala BJTඅවිජ්ජා, මිගජාල, ගිලාන යන වර්‍ග තුන ය, සිවුවැනි ඡන්න වර්‍ගය, ජළවර්‍ගය යන මෙයින් සූත්‍ර පනසෙකි. මේ දුතියපණ්ණාසකය යි.
Pali BJTතතියො පණ්ණාසකො
Sinhala BJTතතිය පණ්ණාසකය
Pali BJT11. යොගක්ඛෙමිවග්ගො
Sinhala BJT11. යෝගක්ඛේමි වර්‍ගය
Pali BJT1. 11. 1.
Sinhala BJT1. 11. 1.
Pali BJTයොගක්ඛෙමිසුත්තං
Sinhala BJTයෝගක්ඛේමි සූත්‍රය
Pali BJT104. සාවත්ථියං–
Sinhala BJT104. සැවැත්නුවර–
Pali BJTයොගක්ඛෙමිපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ යොගක්ඛෙමිපරියායො ධම්මපරියායො?
Sinhala BJTමහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණය කවරේ ද යත්:
Pali BJTසන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තෙසඤ්ච පහානාය අක්ඛාසි යොගං, තස්මා තථාගතො යොගක්ඛෙමීති වුච්චති.
Sinhala BJTමහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු රූ ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝග මාර්‍ගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- සන්ති භික්ඛවෙ ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තෙසඤ්ච පහානාය අක්ඛාසි යොගං, තස්මා තථාගතො යොගක්ඛෙමීති වුච්චති. අයං ඛො භික්ඛවෙ, යොගක්ඛෙමි පරියායො ධම්මපරියායොති.
Sinhala BJTමහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... මහණෙනි, දිවෙන් දත යුතු රස ඇත ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. ඔහු තථාගතයන් විසින් ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඔවුන් ප්‍රහීණ කිරීමට යෝගය ද පැවසී ය. එහෙයින් තථාගත තෙමේ යෝගක්ඛේමි ය යි කියනු ලැබේ. මහණෙනි, මේ යෝගක්ඛේමි පරියාය නම් වූ ධර්‍මකාරණ ය යි.
Pali BJT1. 11. 2.
Sinhala BJT1. 11. 2.
Pali BJTඋපාදායසුත්තං
Sinhala BJTඋපාදාය සූත්‍රය
Pali BJT105. කිස්මින්නු ඛො භික්ඛවෙ සති කිං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛ{1}දුක්ඛන්ති.
Sinhala BJT105. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදී දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා භගවම්පටිසරණා, සාධු වත භන්තෙ, භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො, භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති. තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. මැනවි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTචක්ඛුස්මිං ඛො භික්ඛවෙ සති චක්ඛුං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සොතස්මිං සති සොතං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, ඝානස්මිං සති ඝානං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, ජිව්හාය සති ජිව්හං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, මනස්මිං සති මනං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං.
Sinhala BJTමහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා තමා කෙරෙහි සුවදුක් උපදී. කන ඇති කල්හි කන නිසා තමා තුළ සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැය නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව නිසා තමා තුළ සුවදුක් උපදී. කය ඇති කල්හි කය නිසා තමා තුළ සුවදුක් උපදී. සිත ඇති කල්හි සිත නිසා තමා තුළ සුවදුක් උපදී.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, “චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං අපිනු තං අනුපාදාය උප්පජ්ජෙය්ය අජ්ඣත්තං සුඛදුක්ඛන්ති”. නො හෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද, ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි.
Pali BJT“සොතං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. -පෙ- “ඝානං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. -පෙ- “ජිව්හා නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ. -පෙ- “කායො නිච්චො වා අනිච්චො වා”ති. අනිච්චො භන්තෙ -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං අපිනු තං අනුපාදාය උප්පජ්ජෙය්ය අජ්ඣත්තං සුඛදුක්ඛන්ති. නොහෙතං භන්තෙ.
Sinhala BJTකන නිත්‍ය ද නො හොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය … නැහැය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ? යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ ය.
Pali BJTඑවම්පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති. ජිව්හායපි නිබ්බින්දති. කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැත්ම ගෙවිනි. බඹසර වැස නිමවන ලදි. කළයුතු දෑ කරන ලදි. මේ රහත් බව පිණිස (කළයුතු) අනෙකක් නැතැයි දැනගනී යි.
Pali BJT1. 11. 3.
Sinhala BJT1. 11. 3.
Pali BJTදුක්ඛසමුදයසුත්තං
Sinhala BJTදුක්ඛසමුදය සූත්‍රය
Pali BJT106. දුක්ඛස්ස භික්ඛවෙ, සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, දුක්ඛස්ස සමුදයො:
Sinhala BJT106. මහණෙනි, දුකෙහි සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දුකෙහි සමුදය කවරේ ද යත්:
Pali BJTචක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා. අයං දුක්ඛස්ස සමුදයො. සොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනා පච්චයා තණ්හා. අයං ඛො භික්ඛවෙ දුක්ඛස්ස සමුදයො.
Sinhala BJTඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මේ දුකෙහි සමුදය යි. කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝ විඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මහණෙනි, මේ දුකේ සමුදය යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථගමො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං දුක්ඛස්ස අත්ථගමො.
Sinhala BJTමහණෙනි, දුකෙහි අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මේ දුකේ අස්තඞ්ගමය යි.
Pali BJTසොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ චුප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථගමොති.
Sinhala BJTකනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී ... කයත් නිසා … සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව උපදී. වේදනාව නිසා තණ්හාව උපදී. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුකේ අස්තඞ්ගම ය යි.
Pali BJT1. 11. 4.
Sinhala BJT1. 11. 4.
Pali BJTලොකසමුදයසුත්තං
Sinhala BJTලෝකසමුදය සූත්‍රය
Pali BJT107. ලොකස්ස භික්ඛවෙ, සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ ලොකස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස සමුදයො.
Sinhala BJT107. මහණෙනි, ලෝකයේ සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ලෝකයේ සමුදය කවරේ ද යත්; ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
Pali BJTසොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස සමුදයො.
Sinhala BJTකනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, ලොකස්ස අත්ථගමො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාග නිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස අත්ථගමො.
Sinhala BJTමහණෙනි, ලෝකයේ අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
Pali BJTසොතඤ්ච -පෙ- ඝානඤ්ච -පෙ- ජිව්හඤ්ච -පෙ- කායඤ්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස අත්ථගමොති.
Sinhala BJTකනත් ... නැහැයත් ... දිවත් ... කයත් ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
Pali BJT1. 11. 5.
Sinhala BJT1. 11. 5.
Pali BJTසෙය්යසුත්තං
Sinhala BJTසෙය්‍ය සූත්‍රය
Pali BJT108. කිස්මින්නු ඛො භික්ඛවෙ සති කිං උපාදාය කිං අභිනිවිස්ස “සෙය්යො’හමස්මීති වා හොති, සදිසො’හමස්මීති වා හොති, හීනො’හමස්මීති වා හොතී”ති.
Sinhala BJT108. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ (අදහස්) වේ ද, මම සදෘශයෙමි යි හෝ වේ ද? මම හීනයෙමි යි හෝ වේ දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා; සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතිය. වහන්ස, යාච්ඤා කරම්හ. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි.
Pali BJTචක්ඛුස්මිං ඛො භික්ඛවෙ සති චක්ඛුං උපාදාය චක්ඛුං අභිනිවිස්ස ‘සෙය්යො’හමස්මීති වා හොති, සදිසො’හමස්මීති වා හොති, හීනො’හමස්මීති වා හොති. සොතස්මිං සති -පෙ- ඝානස්මිං සති -පෙ- ජිව්හාය සති -පෙ- කායස්මිං සති -පෙ- මනස්මිං සති මනං උපාදාය මනං අභිනිවිස්ස “සෙය්යො’හමස්මීති වා හොති. සදිසො’හමස්මීති වා හොති, හීනො’හමස්මීති වා හොති.
Sinhala BJTමහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇසට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි. කන ඇති කල්හි ... නැහැය ඇති කල්හි ... දිව ඇති කල්හි ... කය ඇති කල්හි ... සිත ඇති කල්හි සිත නිසා සිතට පිවිස මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, “චක්ඛු නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති. දුක්ඛං භන්තෙ. “යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං අපි නු තං අනුපාදාය සෙය්යො’හමස්මීති වා අස්ස, සදිසො’හමස්මීති වා අස්ස හීනො’හමස්මීති වා අස්සා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඇස නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද? මම සදෘශයෙමි යි හෝ වන්නේ ද? මම හීනයෙමි යි හෝ වන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTසොතං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ -පෙ- ඝානං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ -පෙ- ජිව්හා නිච්චා වා අනිච්චා වාති. අනිච්චා භන්තෙ -පෙ- කායො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අපි නු තං අනුපාදාය “සෙය්යො‘හමස්මීති වා අස්ස, සදිසොහමස්මීති වා අස්ස, හීනො’හමස්මීති වා අස්සාති. නො හෙතං භන්තෙ.
Sinhala BJTකන නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... නැහැය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්‍රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද, මම සදෘශයෙමි යි හෝ වන්නේ ද, මම හීනයෙමි යි හෝ වන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවම්පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි ... මේ රහත්බව පිණිස ඇනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 11. 6.
Sinhala BJT1. 11. 6.
Pali BJTසඤ්ඤොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT109. සඤ්ඤොජනියෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි සඤ්ඤොජනඤ්ච තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ සඤ්ඤොජනියා ධම්මා? කතමඤ්ච සඤ්ඤොජනං?
Sinhala BJT109. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් ද, සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සංයෝජනයන්ට හිත වූ දහම් කවරේ ද සංයෝජන කවරේ ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා සඤ්ඤොජනියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං කායො -පෙ- මනො සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො, තං තත්ථ සඤ්ඤොජනං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඤ්ඤොජනියා ධම්මා, ඉදං සඤ්ඤොජනන්ති.
Sinhala BJTමහණෙනි, ඇස සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කන ... නැහැය ... දිව සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. කය ... සිත සංයෝජනයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනයන්ට හිත දහම්හු ය යි ද මෙය සංයෝජන යි ද කියනු ලැබෙත්.
Pali BJT1. 11. 7.
Sinhala BJT1. 11. 7.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT110. උපාදානියෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි උපාදානඤ්ච. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, උපාදානියා ධම්මා? කතමඤ්ච උපාදානං?
Sinhala BJT110. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් ද, උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, උපාදානයන්ට හිත වූ දහම් කවරේ ද උපාදාන කවරේ ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, උපාදානියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා උපාදානියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. කායො -පෙ- මනො උපාදානියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ උපාදානියා ධම්මා, ඉදං උපාදානන්ති.
Sinhala BJTමහණෙනි, ඇස උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කන ... නැහැය ... දිව උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. කය ... සිත උපාදානයන්ට හිත දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානයන්ට හිත දහම්හු ය යි ද මෙය උපාදාන යි ද කියනු ලැබෙති යි.
Pali BJT1. 11. 8.
Sinhala BJT1. 11. 8.
Pali BJTපරිජානනසුත්තං
Sinhala BJTපරිජානන සූත්‍රය
Pali BJT111. චක්ඛුං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJT111. මහණෙනි, ඇස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් නැසීමට නුසුදුසු (නොසමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් නොදන්නේ පිරිසිඳ නොදන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු වේ. මහණෙනි, ඇස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ. කන ... නැහැය ... දිව ... කය ... සිත වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
Pali BJT1. 11. 9.
Sinhala BJT1. 11. 9.
Pali BJTදුතියපරිජානනසුත්තං
Sinhala BJTදුතිය පරිජානන සූත්‍රය
Pali BJT112. රූපෙ ඛො භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJT112. මහණෙනි, රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් නැසීමට නුසුදුසු වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ නො දුරු කරන්නේ නො පහ කරන්නේ දුක් ගෙවීමට නුසුදුසු (නො සමත්) වේ.
Pali BJTරූපෙ ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJTමහණෙනි, රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ගෙවීමට සුදුසු (සමත්) වේ. සද ... ගඳ ... රස ... පහස් ... දහම් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් නැසීමට සුදුසු (සමත්) වේ යි.
Pali BJT1. 11. 10.
Sinhala BJT1. 11. 10.
Pali BJTඋපස්සුතිසුත්තං
Sinhala BJTඋපස්සුති සූත්‍රය
Pali BJT113. එකං සමයං භගවා නාදිකෙ{1} විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො භගවා රහොගතො පටිසල්ලීනො{2} ඉමං ධම්මපරියායං අභාසි.
Sinhala BJT113. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගඩොළු පහයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රහසිගත ව විවේකී ව මේ දහම්නය වදාළ සේක:
Pali BJTචක්ඛුං පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ.
Pali BJTසොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTකනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා ... මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැනීම වේ.
Pali BJTචක්ඛුඤ්ච පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසොතඤ්ච පටිච්ච -පෙ- ඝානඤ්ච පටිච්ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච -පෙ- කායඤ්ච පටිච්ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTකනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනා ව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො උපස්සුතිං{1} ඨිතො හොති. අද්දසා ඛො භගවා තං භික්ඛුං උපස්සුතිං{1} ඨිතං. දිස්වාන තං භික්ඛුං එතදවොච; අස්සොසි නො ත්වං භික්ඛු ඉමං ධම්මපරියායන්ති? එවං භන්තෙ. උග්ගණ්හාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. පරියාපුණාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. ධාරෙහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. අත්ථසංහිතො’යං භික්ඛු ධම්මපරියායො ආදිබ්රහ්මචරියකොති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ හඬසනෙහි සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ හඬසනෙහි සිටි ඒ මහණහු දුටු සේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ දහම්නය ඇසුවහු දැ? යි. වහන්ස එසේ ය. මහණ තෙපි මේ දහම්නය උගනිවු. මහණ තෙපි මේ දහම්නය පිරිවහවු. මහණ තෙපි මේ දහම්නය දරවු. මහණ මේ දහම්නය වැඩ සහිත ය. මගබඹසරට මුල් යයි.
Pali BJTයොගක්ඛෙමිවග්ගො එකාදසමො.
Sinhala BJTඑකොළොස්වැනි යෝගක්ඛේමි වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTයොගක්ඛෙමි උපාදාය දුක්ඛං ලොකො ච සෙය්යො ච සංයොජනං උපාදානං ද්වෙ පරිජානං උපස්සුතීති.
Sinhala BJTයෝගක්ඛේමි, උපාදාය, දුක්ඛ, ලෝක, සෙය්‍ය, සංයෝජන, උපාදාන යන සූත්‍ර සත ය. පරිජානන සූත්‍ර දෙක ය. උපස්සුති සූත්‍ර ය යි දශයෙකි.
Pali BJT12. ලොකකාමගුණවග්ගො
Sinhala BJT12. ලෝකකාමගුණ වර්‍ගය
Pali BJT1. 12. 1.
Sinhala BJT1. 12. 1.
Pali BJTමාරපාසසුත්තං
Sinhala BJTමාරපාස සූත්‍රය
Pali BJT114. සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, පටිමුක්කස්ස මාරපාසො. බද්ධො සො මාරබන්ධනෙන යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJT114. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මාරබන්‍ධනයෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, පටිමුක්කස්ස මාරපාසො. බද්ධො සො මාරබන්ධනෙන යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJTමහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති, මනවඩන, පියදෑ වූ කාමයෙන් යුත්, සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද එහි ගුණ කියන්නේ ද, එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙල වැළඳුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මාරබැඳුමෙන් බැඳුණේ මරුහු විසින් කැමති පරිදි කළ හැක්කේ වෙයි.
Pali BJTසන්ති ච ඛො භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, උම්මුක්කස්ස මාරපාසො. මුත්තො සො මාරබන්ධනෙන න යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJTතවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කට යුතු ඇසින් ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ ය යි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ වෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, උම්මුක්කස්ස මාරපාසො. මුත්තො සො මාරබන්ධනෙන න යථාකාමකරණීයො පාපිමතොති.
Sinhala BJTමහණෙනි, කනින් දත යුතු සද ඇත. ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, ගුණ නො කියන්නේ ද, ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරුගේ මළපුඩුව ඔහු ගෙලින් ගිලිහුණේ යයි කියනු ලැබේ. හෙතෙමේ මරබැඳුමෙන් මිදුණේ මරහු විසින් කැමති පරිදි නො කළහැක්කේ වේ යි.
Pali BJT1. 12. 2.
Sinhala BJT1. 12. 2.
Pali BJTදුතියමාරපාසසුත්තං
Sinhala BJTදුතිය මාරපාස සූත්‍රය
Pali BJT115. සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු බද්ධො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු, ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJT115. මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, (එහි) ගුණ කියන්නේ ද, ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූහි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා -පෙ- තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු බද්ධො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු ආවාසගතො මාරස්ස, මාරස්ස වසඞ්ගතො, යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJTමහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, සිතින් දත යුතු දහම් ඇත ... ඉදින් මහණ තෙමේ එය පිළිගන්නේ ද, එහි ගුණ කියන්නේ ද එහි ගැලී සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දතයුතු දහම්හි බැඳුණේ මරුවසන තැනට ගියේ මරුවසයට ගියේ මරහු විසින් කැමති පරිදි කළ හැක්කේ ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති ච ඛො භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු, මුත්තො චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි, න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, න යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJTතවද මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටින්නේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ඇසින් දත යුතු රූපයන්ගෙන් මිදඳුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා, ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු මුත්තො මනොවිඤ්ඤෙය්යෙහි ධම්මෙහි, න ආවාසගතො මාරස්ස, න මාරස්ස වසඞ්ගතො, න යථාකාමකරණීයො පාපිමතොති.
Sinhala BJTමහණෙනි, කනින් දත යුතු සද ඇත ... නැහැයෙන් දත යුතු ගඳ ... දිවෙන් දත යුතු රස ... කයින් දත යුතු පහස් ... මහණෙනි, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් අලවන සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පිළිගන්නේ ද, එහි ගුණ නො කියන්නේ ද, එහි ගැලී නො සිටිනේ ද, මහණෙනි, මේ මහණ තෙමේ සිතින් දත යුතු දහමින් මිදුණේ මරුවසන තැනට නො ගියේ මරුවසයට නො ගියේ මරහු විසින් කැමති පරිදි නො කළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
Pali BJT1. 12. 3.
Sinhala BJT1. 12. 3.
Pali BJTලොකන්තගමනසුත්තං
Sinhala BJTලෝකන්තගමන සූත්‍රය
Pali BJT116. නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං{1} දට්ඨෙය්යං{2} පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමීති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT116. මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැ යි, දැක්ක හැකි යැයි, පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි යි මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ඉදං ඛො නො{1} ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් වී ය: ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැ යි පැමිණිය හැකි යයි මම නො කියමි. මහණෙනි ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකු දු මම නො කියමි” යි. මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි, අයං ඛො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති.
Sinhala BJTඑකල්හි ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද සංවර්ණිතයහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයාගේ අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො ආනන්ද, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති. තෙසං නො ආවුසො අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි:
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි ආනන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකියැ යි දැක්ක හැකි ය යි පැමිණිය හැකි ය යි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි. මේ උද්දේසය සැකෙවින් අපට උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ අපට මෙබඳු සිතෙක් විය.
Pali BJTඉදං ඛො නො ආවුසො භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “නාහං භික්ඛවෙ ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න ච පනාහං භික්ඛවෙ අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමී”ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති. තෙසං නො ආවුසො අම්හාකං එතදහොසි: අයං ඛො ආවුසො ආයස්මා ආනන්දො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා ආනන්දො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතමත්ථං පටිපුච්ඡෙය්යාමාති. විභජතායස්මා ආනන්දොති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ගමනින් ලොව කෙළවර දත හැකි යැයි දැක්ක හැකි යැයි පැමිණිය හැකි යැයි මම නො කියමි. මහණෙනි, ලොව කෙළවරට නො පැමිණ දුකෙහි කෙළවර කිරීමකුදු මම නො කියමි” යි මේ උද්දේසය අපට සැකෙවින් උදෙසා විතර විසින් අරුත නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දෝ යි. ඇවැත්නි ඒ අපට මෙබඳු සිතෙක් විය: ඇවැත්නි, මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විසින් ද පසස්නා ලදහ. නුවණැති සබ්‍රම්සරුන් විසින් ද බුහුමන් කරන ලදහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විතර විසින් අරුත නො බෙදන ලද මේ උද්දේසයෙහි අරුත විතර විසින් බෙදන්නට පොහෝනාහු ද වෙති. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගෙන් මේ අරුත පුළුවුස්නමෝ නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බෙදත්වා යි.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම{1} ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය එවං සම්පදමිදං. ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ{2} තං භගවන්තං අතිසිත්වා අම්හෙ{3} එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ{4}, සොහාවුසො භගවා ජානං ජානාති පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සොචෙව පනෙතස්ස කාලො අහොසි, යං භගවන්තඤ්ඤෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරෙය්ය තථා නං{5} ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් පවත්නා හර ඇති මහත් රුකෙක මුල ඉක්මැ කඳ ඉක්මැ අතු කොළවල හර සෙවිය යුතු යයි හඟනේ නම් මෙ ද එබඳු ය. ආයුෂ්මතුන්ට ශාස්තෲන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මැ අපගෙන් මේ අරුත පිළිවිසිය යුතු යයි හඟනහු ය. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනිති. දැක්ක යුත්ත දකිති. (ලොවට) ඇසක් ම වූහ. ලොවට ඥානය ම වූහ. ලොවට ධර්‍මය ම වූහ. ලොවට බ්‍රහ්මන් ම වූහ. වක්තෘ ම ය. ප්‍රවක්තෘ ම ය. අර්‍ත්‍ථ නිර්නේතෘ ය. අමෘත දායක ය. ධර්‍මස්වාමී ය. තථාගත ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ අරුත පුළුවුස්නාහු නම් එය ම මීට කාලය වී ය. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් නම් එසෙයින් එය දරන්නහු යයි.