Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9501-9600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො භික්ඛවෙ එවං වදෙය්ය: “අහමෙතං ද්වයං පච්චක්ඛාය අඤ්ඤං ද්වයං පඤ්ඤාපෙස්සාමී”ති, තස්ස වාචාවත්ථුරෙවස්ස. පුට්ඨො ච න සම්පායෙය්ය. උත්තරිඤ්ච විඝාතං ආපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? යථා තං භික්ඛවෙ අවිසයස්මින්ති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ කියන්නේ ද මම මේ (දහම්) දෙක පිළිකෙව් කොට අනෙක් දෙකක් පනවන්නෙමි යි. (ඒ) ඔහුගේ වචනමාත්‍රයෙක් ම වන්නේ ය. පුළුවුස්නා ලද්දේ ද සපයා කියන්නට නො හැකි වන්නේ ය. මතු ද වෙහෙසට පැමිණෙන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි යම් සේ නම් එමෙනි යි.
Pali BJT1. 9. 10.
Sinhala BJT1. 9. 10.
Pali BJTදුතියද්වයසුත්තං
Sinhala BJTදුතිය ද්වය සූත්‍රය
Pali BJT93. ද්වයං භික්ඛවෙ, පටිච්ච විඤ්ඤාණං සම්භොති. කථඤ්ච භික්ඛවෙ, ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භොති? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. චක්ඛුං{1} අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. රූපා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. ඉත්ථෙතං ද්වයං චලඤ්චෙව ව්යයඤ්ච{2} අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. චක්ඛුවිඤ්ඤාණං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. යොපි හෙතු යොපි පච්චයො චක්ඛුවිඤ්ඤාණස්ස අඤ්ඤථාභාවී උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ පච්චයං පටිච්ච සමුප්පන්නං චක්ඛුවිඤ්ඤාණං කුතො නිච්චං භවිස්සති.
Sinhala BJT93. මහණෙනි, (හේතු ය - ප්‍රත්‍යය යන ධර්‍ම) දෙකක් නිසා විඤ්ඤාණය හටගනී. මහණෙනි, කෙසේ නම් දෙකක් නිසා විඤ්ඤාණය හටගනී ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඇස අනිසය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රූ අනිසයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ. මෙසේ මේ දෙක සැලෙන්නේත් වැය වන්නේත් වෙයි. අනිසය පෙරළෙන සුලුය වෙනස් වනසුලු ය. ඇස් විනැණ අනිසය. පෙරලෙනසුලුය. වෙනස් වනසුලුය. ඇස්විනැණ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිස ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍ය ය නිසා හටගත් චක්ඛුවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.
Pali BJTයා ඛො භික්ඛවෙ, ඉමෙසං තිණ්ණං ධම්මානං සඞ්ගති සන්නිපාතො සමවායො, අයං වුච්චති භික්ඛවෙ චක්ඛුසම්ඵස්සො{3}. චක්ඛුසම්ඵස්සොපි අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. යොපි හෙතු යොපි පච්චයො චක්ඛුසම්ඵස්සස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ පච්චයං පටිච්ච උප්පන්නො චක්ඛුසම්ඵස්සො කුතො නිච්චො භවිස්සති. ඵුට්ඨො භික්ඛවෙ වෙදෙති, ඵුට්ඨො සඤ්ජානාති. ඵුට්ඨො චෙතෙති, ඉත්ථෙතෙපි ධම්මා චලා චෙව ව්යයා ච අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම් මහණෙනි මේ චක්ඛුසම්ඵස්ස යයි කියනු ලැබේ. චක්ඛුසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් චක්ඛුසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳි යි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. ජිව්හා අනිච්චා විපරිණාමී{4} අඤ්ඤථාභාවී{5}, රසා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. ඉත්ථෙතං ද්වයං චලඤ්චෙව ව්යයඤ්ච අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. ජිව්හාවිඤ්ඤාණං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි. යොපි හෙතු යොපි පච්චයො ජිව්හාවිඤ්ඤාණස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ පච්චයං පටිච්ච උප්පන්නං ජිව්හාවිඤ්ඤාණං කුතො නිච්චං භවිස්සති.
Sinhala BJTකනත් ශබ්දයනුත් නිසා සෝතවිඤ්ඤාණය උපදියි ... නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදි යි ... දිව අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රස අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් වැය වන්නේත් වේ, අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍යය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය, පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.
Pali BJTයා ඛො භික්ඛවෙ ඉමෙසං තිණ්ණං ධම්මානං සඞ්ගති සන්නිපාතො සමවායො, අයං වුච්චති භික්ඛවෙ ජිව්හාසම්ඵස්සො. ජිව්හාසම්ඵස්සොපි අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. යොපි හෙතු යොපි පච්චයො ජිව්හාසම්ඵස්සස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ පච්චයං පටිච්ච උප්පන්නො ජිව්හාසම්ඵස්සො, කුතො නිච්චො භවිස්සති. ඵුට්ඨො භික්ඛවෙ වෙදෙති, ඵුට්ඨො සඤ්ජානාති. ඵුට්ඨො චෙතෙති, ඉත්ථෙතෙපි ධම්මා චලාචෙව ව්යයා ච, අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො.
Sinhala BJTමහණෙනි, මේ තුන්දහමුන්ගේ යම් එක්වීමෙක් රැස් වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ ජිව්හාසම්ඵස්ස යයි කියනු ලැබේ. ජිව්හාසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. ජිව්හාසම්ඵස්සයාගේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් ජිව්හාසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ.
Pali BJTකායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ උප්පජ්ජති කායවිඤ්ඤාණං -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ උප්පජ්ජති මනොවිඤ්ඤාණං. මනො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. ධම්මා අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. ඉත්ථෙතං ද්වයං චලඤ්චෙව ව්යයඤ්ච, අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවී. මනොවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවී. යොපි හෙතු යොපි පච්චයො මනොවිඤ්ඤාණස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ පච්චයං පටිච්ච උප්පන්නං මනොවිඤ්ඤාණං කුතො නිච්චං භවිස්සති.
Sinhala BJTකයත් පහසත් නිසා කායවිඤ්ඤාණය උපදී ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. සිත අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. දහම් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් නැසෙන්නේත් වෙයි. අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණය අනිතය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මනෝවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝවිඤ්ඤාණය කොයින් නිත්‍ය වන්නේ ද.
Pali BJTයා ඛො භික්ඛවෙ ඉමෙසං තිණ්ණං ධම්මානං සඞ්ගති සන්නිපාතො සමවායො, අයං වුච්චති භික්ඛවෙ මනොසම්ඵස්සො. මනොසම්ඵස්සොපි අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම්, මහණෙනි මේ මනෝසම්ඵස්ස යයි කියනු ලැබේ. මනෝසම්ඵස්සය ද අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වන සුලු ය.
Pali BJTයොපි හෙතු යොපි පච්චයො මනොසම්ඵස්සස්ස උප්පාදාය, සොපි හෙතු සොපි පච්චයො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. අනිච්චං ඛො පන භික්ඛවෙ, පච්චයං පටිච්ච උප්පන්නො මනොසම්ඵස්සො, කුතො නිච්චො භවිස්සති. ඵුට්ඨො භික්ඛවෙ, වෙදෙති, ඵුට්ඨො සඤ්ජානාති. ඵුට්ඨො චෙතෙති, ඉත්ථෙතෙපි ධම්මා චලා චෙව ව්යයා ච, අනිච්චා විපරිණාමිනො අඤ්ඤථාභාවිනො. එවං ඛො භික්ඛවෙ, ද්වයං පටිච්ච විඤ්ඤාණං සම්භොතීති.
Sinhala BJTමනෝසම්ඵස්සයේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් අනිත්‍ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යය නිසා උපන් මනෝසම්ඵස්සය කොයින් නිත්‍ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳියි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් නැසෙන්නෝත් වෙති. අනිත්‍යයහ. පෙරලෙනසුල්ලහ. වෙනස් වනසුල්ලහ. මහණෙනි, මෙසේ දෙකක් නිසා විඤ්ඤාණය හටගනී යි.
Pali BJTඡන්නවග්ගො නවමො.
Sinhala BJTනවවැනි ඡන්න වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTපලොක සුඤ්ඤා සඞ්ඛිත්තං{1} - ඡන්නො පුණ්ණො ච බාහියො එජෙන ච දුවෙ වුත්තා - ද්වයෙහි අපරෙ දුවෙති.
Sinhala BJTපලෝක, සුඤ්ඤ, සඞ්ඛිත්ත, ඡන්න, පුණ්ණ, බාහිය යන සූත්‍ර සයෙක් ද එජා නමින් දෙකෙක් ද, ද්වය නමින් අනෙක් දෙකෙක් දැ යි සූත්‍ර දශයෙක් වදාරන ලදී.
Pali BJT10. ඡලවග්ගො
Sinhala BJT10. ඡළ වර්‍ගය
Pali BJT1. 10. 1.
Sinhala BJT1. 10. 1.
Pali BJTඡඵස්සායතනසුත්තං
Sinhala BJTඡ ඵස්සායතන සූත්‍රය
Pali BJT94. ඡයිමෙ{1} භික්ඛවෙ, ඵස්සායතනා අදන්තා අගුත්තා අරක්ඛිතා අසංවුතා දුක්ඛාධිවාහා හොන්ති. කතමෙ ඡ?
Sinhala BJT94. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, ඵස්සායතනං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං දුක්ඛාධිවාහං හොති. සොතං භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- ඝානං භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- ජිව්හා භික්ඛවෙ, ඵස්සායතනං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං දුක්ඛාධිවාහං හොති. කායො භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- මනො භික්ඛවෙ, ඵස්සායතනං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං දුක්ඛාධිවාහං හොති. ඉමෙ ඛො භික්ඛවෙ, ඡ ඵස්සායතනා අදන්තා අගුත්තා අරක්ඛිතා අසංවුතා දුක්ඛාධිවාහා හොන්ති.
Sinhala BJTමහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය … මහණෙනි දිව නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නො රක්නා ලද්දේ සංවර නොකරන ලද්දේ දුක් එළවන්නේ වෙයි. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන දමනය නොකරන ලද්දාහු ගෝපනය නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු සංවර නොකරන ලද්දාහු දුක් එළවන්නෝ වෙති.
Pali BJTඡයිමෙ භික්ඛවෙ, ඵස්සායතනා සුදන්තා සුගුත්තා සුරක්ඛිතා සුසංවුතා සුඛාධිවාහා හොන්ති. කතමෙ ඡ?
Sinhala BJTමහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනැවින් දමනය කරන ලද්දාහු මැනැවින් ගෝපනය කරන ලද්දාහු මැනැවින් රක්නා ලද්දාහු මැනැවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති. කවර සදෙනෙක් ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, ඵස්සායතනං සුදන්තං සුගුත්තං සුරක්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. සොතං භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- ඝානං භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- ජිව්හා භික්ඛවෙ, ඵස්සායතනං සුදන්තං සුගුත්තං සුරක්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. කායො භික්ඛවෙ, ඵස්සායතනං -පෙ- මනො භික්ඛවෙ, ඵස්සායතනං සුදන්තං සුගුත්තං සුරක්ඛිතං සුසංවුතං සුඛාධිවාහං හොති. ඉමෙ ඛො භික්ඛවෙ, ඡ ඵස්සායතනා සුදන්තා සුගුත්තා සුරක්ඛිතා සුසංවුතා සුඛාධිවාහා හොන්තීති.
Sinhala BJTමහණෙනි ඇස නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි කන නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි නැහැය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි, දිව නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනැවින් රක්නා ලද්දේ මැනැවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි, කය නමැති ස්පර්‍ශායතනය ... මහණෙනි සිත නමැති ස්පර්‍ශායතනය මැනවින් දමනය කරන ලද්දේ මැනවින් ගෝපනය කරන ලද්දේ මැනවින් රක්නා ලද්දේ මැනවින් සංවර කරන ලද්දේ සුව එළවන්නේ වේ. මහණෙනි මේ ස්පර්‍ශායතනයෝ සදෙන මැනවින් දමනය කරන ලද්දාහු මැනවින් ගෝපනය කරන ලද්දාහු මැනවින් රක්නා ලද්දාහු මැනවින් සංවර කරන ලද්දාහු සැප එළවන්නෝ වෙති යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද තෙල වදාළ සේක:
Pali BJTඡළෙව ඵස්සායතනානි භික්ඛවො අසංවුතො යත්ථ දුක්ඛං නිගච්ඡති, තෙසඤ්ච යෙ සංවරණං අවෙදිසුං සද්ධාදුතියා විහරන්තානවස්සුතා.
Sinhala BJTමහණෙනි, යම් ස්පර්‍ශායතනයක සංවරණය නො වූයේ දුකට පැමිණේ නම් එබඳු ස්පර්‍ශායතන සයෙක්ම ය. යම් කෙනෙක් ඔවුන්ගේ සංවරණය ලැබුවාහු නම් (ඔහු) ශ්‍රද්ධාව දෙවැන්න කොට ඇත්තාහු කෙලෙසුන්ගෙන් තෙත් නො වූවාහු වෙසෙත්.
Pali BJTදිස්වාන රූපානි මනොරමානි අථොපි දිස්වා අමනොරමානි මනොරමෙ රාගපථං විනොදයෙ න චප්පියං{1} මෙති මනං පදොසයෙ.
Sinhala BJTමනහර රූ දැක යලි නොමනහර රූ ද දැක මනහර රූහි රාගය දුරු කරන්නේ ය. (නොමනහර රූහි ) මට අප්‍රිය යයි සිත නො කෙලෙසන්නේ ය.
Pali BJTසද්දඤ්ච සුත්වා දුභයං පියාප්පියං පියම්හි සද්දෙ න සමුච්ඡිතො සියා අථොප්පියෙ{2} දොසගතං විනොදයෙ න චප්පියං මෙති මනං පදොසයෙ.
Sinhala BJTප්‍රිය වූ ද අප්‍රිය වූ ද දෙවැදෑරුම් ශබ්දයත් අසා ප්‍රිය වූ ශබ්දයෙහි මුසපත් වූයේ නො වන්නේ ය. නැවත අප්‍රිය ශබ්දයෙහි ද්වේෂය දුරු කරන්නේ ය. මට අප්‍රිය යයි සිත නො ද කෙලෙසන්නේ ය.
Pali BJTගන්ධඤ්ච ඝාත්වා සුරභිං මනොරමං අථොපි ඝාත්වා අසුචිං අකන්තියං අකන්තියස්මිං පටිඝං විනොදයෙ ඡන්දානුනීතො නච කන්තියෙ{3} සියා.
Sinhala BJTමනහර මිහිරි සුවඳ ආඝ්‍රාණය කොට යළි දු අප්‍රිය වූ දුගඳ ද ආඝ්‍රාණය කොට අප්‍රිය වූ දුගඳේ ද්වේෂය දුරු කරන්නේ ය. කැමති වූ සුවඳේ ඇල්මට පමුණුවන ලද්දෙක් නොවන්නේ ය.
Pali BJTරසඤ්ච භොත්වා සාදිතඤ්ච සාදුං{4} අථොපි භොත්වාන අසාදුමෙකදා සාදුං රසං නාජ්ඣොසාය භුඤ්ජෙ විරොධමාසාදුසු නොපදංසයෙ
Sinhala BJTරස විඳිය යුතු මිහිරි රසත් අනුභව කොට වැලි දු ඇතැම් අනෙක් අමිහිරි රස ද අනුභව කොට මිහිරි රස ගැලී නො වළඳන්නේ ය. අමිහිරි රසෙහි විරෝධයක් නො දක්වන්නේ ය.
Pali BJTඵස්සෙන ඵුට්ඨො න සුඛෙන මජ්ජෙ{5} දුක්ඛෙන ඵුට්ඨොපි න සම්පවෙධෙ ඵස්සද්වයං සුඛදුක්ඛෙ{6} උපෙක්ඛෙ{7} අනානුරුද්ධො අවිරුද්ධකෙනචි.
Sinhala BJTසුවපහසින් පහස්නා ලද්දේ මත් නො වන්නේ ය. දුකින් පහස්නා ලද්දේ ද නො සැලෙන්නේ ය. කිසිවකු හා විරුද්ධ නොවන්නේ නො ඇලෙන්නේ සුවදුක් දෙකෙහි වූ පහස් දෙක මැදිහත්ව දක්නේ ය.
Pali BJTපපඤ්චසඤ්ඤා ඉතරීතරා නරා පපඤ්චයන්තා උපයන්ති සඤ්ඤිනො මනොමයං ගෙහසිතඤ්ච සබ්බං පනුජ්ජ නෙක්ඛම්මසිතං ඉරීයති.
Sinhala BJTක්ලේශසංඥා ඇති හෙයින් ප්‍රපඤ්ච සංඥා වූ ඉතා ලාමක සත්ත්‍වයෝ පමා වන්නාහු සසරට පැමිණෙත්. (නුවණැති මහණ තෙමේ) පඤ්චකාමනිශ්‍රීත සියලු මනෝමය විතර්‍කයන් දුරු කොට නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කොට පවතී මැ යි.
Pali BJTඑවං මනො ඡස්සු යදා සුභාවිතො ඵුට්ඨස්ස චිත්තං න විකම්පතෙ ක්වචි තෙ රාගදොසෙ{8} අභිභුය්ය භික්ඛවො භවාථ{9} ජාතිමරණස්ස පාරගාති.
Sinhala BJTමෙසේ යම් කලෙක සාරමුණෙහි සිත මැනවින් වඩනා ලද්දේ වේ ද, සුව පහසෙකින් හෝ දුක් පහසෙකින් පහස්නා ලද ඔහුගේ සිත කොහිවත් නොසැලෙයි. මහණෙනි, ඒ තෙපි රාගද්වේෂයන් මැඩ ජාති-මරණයන්ගේ පරතෙර වූ නිවනට යන්නාහු වවයි.
Pali BJT1. 10. 2.
Sinhala BJT1. 10. 2.
Pali BJTමාලුඞ්ක්යපුත්තසුත්තං
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය
Pali BJT95. අථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො{1} යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT95. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා යි.
Pali BJTඑත්ථදානි මාලුඞ්ක්යපුත්ත, කිං දහරෙ භික්ඛූ වක්ඛාම, යත්ර හි නාම ත්වං භික්ඛු ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො සඞ්ඛිත්තෙන ඔවාදං යාචසීති. කිඤ්චාපහං භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො. දෙසෙතු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං. අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්ති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත, දිරාගිය වැඩිසිටි මහලු වූ තුන් කල් ගත වූ පිළිවෙළින් පැසුට වියට පැමිණි මහණකු වූ යම්බඳු තෙපි සැකෙවින් අවවාද යදින්නහු නම් මෙහි ලා දැන් තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙම් දැ යි. වහන්ස, මම දිරූයෙම් වැඩීසිටියෙම් මහලු වූ යෙම් තුන්කල් ගත වූයෙම් පිළිවෙළින් පැසුළු වයසට පැමිණියෙම් නමුදු, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අරුත් දැනගන්නෙම් නම් මැනවි. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනව යි.
Pali BJTතං කිම්මඤ්ඤසි මාලුඞ්ක්යපුත්ත, යෙ තෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා අදිට්ඨා අදිට්ඨපුබ්බා, න ච පස්සසි, න ච තෙ හොති. පස්සෙය්යන්ති, අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන්තෙ.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත, ඒ කිමැයි හඟිවු ද, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ නුදුටු නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙද්ද, (ඔවුන්) නො ද දකිවු නම් ඔවුන් දකින්නෙමි යි. තොපට නො ද සිතෙක් වේ නම් තොපට එහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
Pali BJTයෙ තෙ සොතවිඤ්ඤෙය්යා සද්දා අස්සුතා අස්සුතපුබ්බා, න ච සුණාසි, න ච තෙ හොති සුණෙය්යන්ති, අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං, භන්තෙ. යෙ තෙ ඝානවිඤ්ඤෙය්යා ගන්ධා අඝායිතා අඝායිතපුබ්බා. න ච ඝායසි, න ච තෙ හොති ඝායෙය්යන්ති? අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන්තෙ. යෙ තෙ ජිව්හාවිඤ්ඤෙය්යා රසා අසායිතා අසායිතපුබ්බා, න ච සායසි, න ච තෙ හොති සායෙය්යන්ති, අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන්තෙ. යෙ තෙ
Sinhala BJTනො ඇසු නො ඇසුවිරූ සෝතවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ ශබ්දයෝ වෙද්ද (ඔවුන්) නො ද අසවු නම් අසන්නට තොපට සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැයි. වහන්ස මෙය නො වේ ම ය. ආඝ්‍රාණය නොකළ ආඝ්‍රාණය නොකළ විරූ යම් ඒ ගන්‍ධයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආඝ්‍රාණය කරවු නම් ආඝ්‍රාණය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
Pali BJTකායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා අසම්ඵුට්ඨා අසම්ඵුට්ඨපුබ්බා න ච ඵුසසි, න ච තෙ හොති ඵුසෙය්යන්ති, අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන්තෙ. යෙ තෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා අවිඤ්ඤාතා අවිඤ්ඤාතපුබ්බා, න ච විජානාසි, න ච තෙ හොති විජානෙය්යන්ති, අත්ථි තෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති. නොහෙතං භන්තෙ.
Sinhala BJTආස්වාදනය නොකළ ආස්වාදනය නොකළවිරූ ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු යම් ඒ රසයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආස්වාදනය කරවු නම් ආස්වාදනය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. නොපැහැසි නොපැහැසිවිරූ කායවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ පහස්හු වෙත් නම් ඔවුන් නො ද පුසින්නහු නම් පුසින්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. නොදත් නොදත්විරූ මනෝවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ දහම්හු වෙද්ද, (ඔවුන්) නො ද දන්නහු නම් දැනගන්නෙමියි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑත්ථ ච තෙ, මාලුඞ්ක්යපුත්ත, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති. යතො ඛො තෙ මාලුඞ්ක්යපුත්ත, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තෙන. යතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තෙන, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තත්ථ; යතො ත්වං මාලුඞ්ක්යපුත්ත, න තත්ථ, තතො ත්වං මාලුඞ්ක්යපුත්ත, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සාති.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත, මෙහි තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ය. අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ය. ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ය. දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ය. මාලුඞ්ක්‍යපුත්ත , යම් කලෙක තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ද, අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ද, ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ද,දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ද, මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි එයින් (රාගරත්තයෙක් දෝසදූසිතයෙක් මොහමූළ්හයෙක්) නොවන්නහු ය. යම්කලෙක තෙපි එයින් (රාගරත්තාදියෙක්) නොවන්නාහු නම් මාලුඞ්ක්‍යපුත්ත, එකල්හි තෙපි එහි නොපිහිටි වන්නහු ය. මාලුඞ්ක්‍යපුත්ත යම් කලෙක තෙපි එහි නොපිහිටි වන්නහු නම් මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්හු ය. පරලොවත් නොවන්නහු ය. දෙලොව ම නොවන්නහු ය. මෙය ම දුකේ කෙළවර යි.
Pali BJTඉමස්ස ඛ්වාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන{1} අත්ථං ආජානාමි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි.
Pali BJTරූපං දිස්වා සති මුට්ඨා පියනිමිත්තං{2} මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය{3} තිට්ඨති. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රූපසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං{4} වුච්චති.
Sinhala BJTරූපය දැක ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි.ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTසද්දං සුත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා සද්දසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං වුච්චති.
Sinhala BJTශබ්දය අසා ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTගන්ධං ඝාත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ගන්ධසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බාං වුච්චති
Sinhala BJTගන්‍ධය ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTරසං භොත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රසසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං වුච්චති.
Sinhala BJTරස අනුභව කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට රස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්.නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTඵස්සං{1} ඵුස්ස සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ඵස්ස සම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං වුච්චති.
Sinhala BJTපහස පැහැස ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට පහස නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTධම්මං ඤත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ධම්මසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං වුච්චති.
Sinhala BJTදහම දැන ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට අරමුණු දහම නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති රූපෙසු රූපං දිස්වා පතිස්සතො{2} විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති. යථාස්ස පස්සතො රූපං සෙවතො චාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ රූපය දැක රූපයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. රූපය දක්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති සද්දෙසු සද්දං සුත්වා පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස සුණතො සද්දං සෙවතොචාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ ශබ්දය අසා ශබ්දයන්හි නො ඇලෙයි.නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටි යි. ශබ්දය අසන්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, රැස් නො වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති ගන්ධෙසු ගන්ධං ඝාත්වා පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස ඝායතො ගන්ධං සෙවතොචාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ ගන්‍ධය ආඝ්‍රාණය කොට ගන්‍ධයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. ගන්‍ධය ආඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති රසෙසු රසං භොත්වා පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස සායතො රසං සෙවතො චාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ රස අනුභව කොට රසයන්හි නො ඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙනද නො සිටියි. රස විඳුනා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති ඵස්සෙසු ඵස්සං ඵුස්ස පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස ඵුසතො ඵස්සං සෙවතො චාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ පහස පැහැස පහස්හි නොඇලෙයි. නොඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. පහස පුසින්නා වූ ද, වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මේ අයුරින් දුක් බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTන සො රජ්ජති ධම්මෙසු ධම්මං ඤත්වා පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස විජානතො{1} ධම්මං සෙවතොචාපි වෙදනං ඛීයති නොපචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චතී ති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ අරමුණු දහම දැන දහම්හි නො ඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නොසිටියි. දහම් දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නොරැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ යයි කියනු ලැබේ.
Pali BJTඉමස්ස ඛො’හං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති. සාධු සාධු මාලුඞ්ක්යපුත්ත, සාධු ඛො ත්වං මාලුඞ්ක්යපුත්ත, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද දෙසුම්හි අරුත විතරවිසින් මම මෙසේ දනිමි යි. මාලුඞ්ක්‍යපුත්ත මැනවි, මැනවි, මාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දහමෙහි අරුත විතර විසින් තෙපි මෙසේ දනිවු.
Pali BJTරූපං දිස්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොසාය තිට්ඨති තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රූපසම්භවා අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති එවං ආචිනතො දුක්ඛං ආරා නිබ්බානං වුච්චති -පෙ-
Sinhala BJTරූපය දැක ප්‍රිය අරමුණෙකැයි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිල ගෙන ද සිටියි. ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්, නොහොත් දැඩිලෝභයෙන් ද වෙහෙසින් ද ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන ඈත යැයි කියනු ලැබේ ...
Pali BJTන සො රජ්ජති ධම්මෙසු ධම්මං ඤත්වා පතිස්සතො විරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොසාය තිට්ඨති යථාස්ස විජානතො ධම්මං සෙවතො චාපි වෙදනං ඛීයති නො පචීයති එවං සො චරතී සතො එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං වුච්චතී ති.
Sinhala BJTසිහියෙන් යුත් හෙතෙමේ දහම දැන අරමුණු දහම්හි නොඇලෙයි. නො ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද නො සිටියි. දහම දන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ (දුක හා කෙලෙස්) යම් සේ ගෙවේ ද, නො රැස් වේ ද, හෙතෙමේ සිහි ඇත්තේ එසේ හැසිරෙයි. මෙසේ දුක බැහැර ලන්නහුට නිවන ළඟ ය යි කියනු ලැබේ.
Pali BJTඉමස්ස ඛො මාලුඞ්ක්යපුත්ත මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති. අථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත මා විසින් සැකෙවින් වදහළ මේ දෙසුමෙහි අරුත විතර විසින් මෙසේ දතයුත්තේ යි. ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා මාලුඞ්ක්යපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා මාලුඞ්ක්යපුත්තො අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූවාහු නොපමා ව කෙලෙස් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්තු යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද්ද, මගබඹසර කෙළවර වූ අනුත්තර ඒ අර්‍හත් ඵලය නො බෝ කලෙකින්ම මේ අත්බව්හි ම තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසූහ. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැන ගත්හ. ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ රහතුන් අතරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
Pali BJT1. 10. 3.
Sinhala BJT1. 10. 3.
Pali BJTපරිහානධම්මසුත්තං
Sinhala BJTපරිහානධම්ම සූත්‍රය
Pali BJT96. පරිහානධම්මඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි අපරිහාන ධම්මඤ්ච ඡ ච අභිභායතනානි. තං සුණාථ. කථඤ්ච භික්ඛවෙ, පරිහානධම්මො හොති. ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා සරසඞ්කප්පා{1} සංයොජනීයා. තඤ්චෙ{2} භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න ව්යන්තීකරොති න අනභාවං ගමෙති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම්මෙහි. පරිහානං හෙතං වුත්තං භගවතාති.
Sinhala BJT96. මහණෙනි තොපට පරිහාන ධර්‍මයත්, අපරිහාන ධර්‍මයත් අභිභායතන සයත් දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි කෙසේ නම් පරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බන්‍ධනයට කරුණු වූ (ධාවන) සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම් දුරු නො කෙරේ නම් , බැහැර නො කෙරේ නම්, කෙළවර නො කෙරේ නම්, නැවත නො හටගන්නා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජන්ති -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා සරසඞ්කප්පා සංයොජනීයා. තඤ්චෙ භික්ඛු අධිවාසෙති නප්පජහති න විනොදෙති න ව්යන්තීකරොති න අනභාවං ගමෙති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම්මෙහි. පරිහානං හෙතං වුත්තං භගවතාති. එවං ඛො භික්ඛවෙ පරිහානධම්මො හොති.
Sinhala BJTමහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට උපදිත් … මහණෙනි නැවත අනෙකක් ද කියමි. නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. දිවෙන් රසයක් විඳ මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි, කයින් පහසක් පැහැස මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම්, දුරු නොකෙරේ නම්, බැහැර නො කෙරේ නම් කෙළවර නො කෙරේ නම් , නැවත නූපදනා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ පරිහානධර්‍මය වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අපරිහානධම්මො හොති. ඉධ භික්ඛවෙ භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. තඤ්චෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානං හෙතං වුත්තං භගවතාති.
Sinhala BJTමහණෙනි කෙසේ නම් අපරිහානධර්‍මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්, ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නො හටගන්නා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි, මෙය අපරිහාන ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදැ” යි මෙය දත යුතු ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා සරසඞ්කප්පා සංයොජනීයා. තඤ්චෙ භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානං හෙතං වුත්තං භගවතාති. එවං ඛො භික්ඛවෙ අපරිහාන ධම්මො හොති.
Sinhala BJTමහණෙනි නැවත අනෙකක් ද කියමි, කනින් ශබ්දයක් අසා මහණහට ... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්. ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නූපදනා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අපරිහාන ය යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අපරිහාන ධර්‍මය වේ.
Pali BJTකතමානි ච භික්ඛවෙ ඡ අභිභායතනානි. ඉධ භික්ඛවෙ භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා නුප්පජ්ජන්ති{1} පාපකා අකුසලා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා අභිභූතමෙතං ආයතනං{2}. අභිභායතනං හෙතං වුත්තං භගවතාති.
Sinhala BJTමහණෙනි අභිභායතන සය කවරේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) නූපදිත් නම් , මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයෙකැ යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය නුප්පජ්ජන්ති පාපකා අකුසලා සරසඞ්කප්පා සංයොජනීයා. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා අභිභූතමෙතං ආයතනං. අභිභායතනං හෙතං වුත්තං භගවතාති. ඉමානි වුච්චන්ති භික්ඛවෙ ඡ අභිභායතනානී ති.
Sinhala BJTමහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට … නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවනසඞ්කල්පයෝ නූපදිත් නම්, මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයකැ යි වදාරන ලදැ” යි මෙය දතයුතු ය. මහණෙනි මේ අභිභායතන සය යයි කියනු ලැබේ යි.
Pali BJT1. 10. 4.
Sinhala BJT1. 10. 4.
Pali BJTපමාදවිහාරීසුත්තං
Sinhala BJTපමාදවිහාරී සූත්‍රය
Pali BJT97. පමාදවිහාරිඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි අප්පමාදවිහාරිඤ්ච. තං සුණාථ. කථඤ්ච භික්ඛවෙ, පමාදවිහාරී හොති? චක්ඛුන්ද්රියා සංවුතස්ස{3} භික්ඛවෙ, විහරතො චිත්තං බ්යාසිච්චති{4} චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු, තස්ස ව්යාසිත්තචිත්තස්ස පාමොජ්ජං න හොති. පාමුජ්ජෙ අසති පීති න හොති. පීතියා අසති පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති දුක්ඛං විහරති{5}. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT97. මහණෙනි, තොපට ප්‍රමාද විහරණ ඇත්තහු ද අප්‍රමාද විහරණ ඇත්තහු ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කෙසේ නම් ප්‍රමාද විහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඥාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. කෙලෙසුන් ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය (දුර්‍වලප්‍රීතිය) නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසෙයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමා විහරණ ඇත්තේ ය යි ගැනීමට යේ.
Pali BJTසොතින්ද්රියා අසංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- ඝානින්ද්රියා සංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- ජිව්හින්ද්රියා අසංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං ව්යාසිච්චති ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු, තස්ස ව්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං න හොති -පෙ- කායින්ද්රියා සංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- මනින්ද්රියා සංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං ව්යාසිච්චති මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු, තස්ස ව්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං න හොති. පාමුජ්ජෙ අසති පීති න හොති. පීතියා අසති පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො භික්ඛවෙ, පමාදවිහාරී හොති.
Sinhala BJTමහණෙනි සෝතින්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රසයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි මනින්‍ද්‍රියෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමාවිහරණ ඇත්තේම ය යි ගිණීමට යේ. මහණෙනි මෙසේ පමාවිහරණ ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ අප්පමාදවිහාරී හොති? චක්ඛුන්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං න ව්යාසිඤ්චති චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු, තස්ස අබ්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරනු ලැබූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟවෙයි. සිත එකඟ වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම ය යි ගිණීමට යේ.
Pali BJTසොතින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- ඝානින්ද්රිය සංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- ජිව්හින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- කායින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො -පෙ- මනින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං නබ්යාසිච්චති මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු, තස්ස අබ්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො භික්ඛවෙ අප්පමාදවිහාරී හොතීති.
Sinhala BJTමහණෙනි, සෝතින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නාහු ගේ … මහණෙනි මනින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි කෙලෙසුන්ගෙන් නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම යයි ගිණුමට යේ. මහණෙනි මෙසේ නොපමා විහරණ ඇත්තේ වෙ යි.
Pali BJT1. 10. 5.
Sinhala BJT1. 10. 5.
Pali BJTසංවරසුත්තං
Sinhala BJTසංවර සූත්‍රය
Pali BJT98. සංවරඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසංවරඤ්ච. තං සුණාථ. කථඤ්ච භික්ඛවෙ අසංවරො හොති? සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා පරිහායාමි කුසලෙහි ධම්මෙහි, පරිහානං හෙතං වුත්තං භගවතාති.
Sinhala BJT98. මහණෙනි තොපට සංවරයත් අසංවරයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇති. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි. මේ පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දතයුතු ය.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හා විඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, පරිහායාමි කුසලෙහි ධම්මෙහි. පරිහානං හෙතං වුත්තං භගවතාති. එවං ඛො භික්ඛවෙ අසංවරො හොති.
Sinhala BJTමහණෙනි සෝතවිඤ්ඤාණයෙන් (කනවිනැණින්) දත යුතු සද ඇත … ඝාණවිඤ්ඤාණයෙන් (නැහැවිනැණැන්) දතයුතු ගඳ … ජිව්හාවිඤ්ඤාණයෙන් (දිව්විනැණින්) දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනෝවිඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටි නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් පිරිහෙමි. මෙය පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අසංවර වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සංවරො හොති? සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානං හෙතං වුත්තං භගවතා ති.
Sinhala BJTමහණෙනි කෙසේ නම් සංවරය වේ ද යත්: මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මෙය අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදැ” යි මෙය දත යුතු ය.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. වෙදිතබ්බමෙතං භික්ඛවෙ භික්ඛුනා, න පරිහායාමි කුසලෙහි ධම්මෙහි. අපරිහානං හෙතං වුත්තං භගවතා ති. එවං ඛො භික්ඛවෙ සංවරො හොතී ති.
Sinhala BJTමහණෙනි ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු සද ඇත ....... ඝ්‍රාණවිඥානයෙන් (නැහැවිනැණින්) දත යුතු ගඳ … ජිහ්වාවිඥානයෙන් දත යුතු රස … කාවිනැණින් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනවිනැණින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මේ අපරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ සංවර වේ යි.
Pali BJT1. 10. 6.
Sinhala BJT1. 10. 6.
Pali BJTසමාධිසුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT99. සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති? චක්ඛුං අනිච්චන්ති යථාභූතං පජානාති, රූපා අනිච්චාති යථාභූතං පජානාති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති.
Sinhala BJT99. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්: ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විණැන අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී.
Pali BJTසොතං අනිච්චන්ති -පෙ- ඝානං අනිච්චන්ති -පෙ- ජිව්හා අනිච්චාති යථාභූතං පජානාති, රසා අනිච්චාති යථාභූතං පජානාති. ජිව්හාවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, ජිව්හාසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති.
Sinhala BJTකන අනිසැ යි ... නැහැය අනිසැ යි ... දිව අනිසැ යි තතු සේ දනී. රස අනිසැ යි තතු සේ දනී. දිව්විනැණ අනිසැ යි තතු සේ දනී. දිව්පහස අනිසැයි තතු සේ දනී. දිව්පහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හේ ද අනිසැ යි තතු සේ දනී.
Pali BJTකායො අනිච්චොති -පෙ- මනො අනිච්චොති{1} යථාභූතං පජානාති. ධම්මා අනිච්චාති යථාභූතං පජානාති, මනොවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, මනොසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති. සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාතී ති.
Sinhala BJTකය අනිසැ යි ... සිත අනිසැ යි තතු සේ දනී, දහම් අනිසැ යි තතු සේ දනී. මනවිනැණ අනිසැයි තතු සේ දනී. මනපහස අනිසැ යි තතු සේ දනී. මනපහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් වේ නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී යි.
Pali BJT1. 10. 7.
Sinhala BJT1. 10. 7.
Pali BJTපටිසල්ලානසුත්තං
Sinhala BJTපටිසල්ලාන සූත්‍රය
Pali BJT100. පටිසල්ලානං{1} භික්ඛවෙ යොගමාපජ්ජථ. පතිසල්ලීනො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති?
Sinhala BJT100. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්:
Pali BJTචක්ඛුං අනිච්චන්ති යථාභූතං පජානාති, රූපා අනිච්චාති යථාභූතං පජානාති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති, යම්පිදං චක්ඛු සම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති. පටිසල්ලානං භික්ඛවෙ යොගමාපජ්ජථ. පතිසල්ලීනො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාතීති.
Sinhala BJTඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විනැණ අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. කන … නැහැය ... දිව ... කය ... සිත ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී යි.
Pali BJT1. 10. 8.
Sinhala BJT1. 10. 8.
Pali BJTනතුම්හාකසුත්තං
Sinhala BJTන තුම්හාක සූත්‍රය
Pali BJT101. යං{2} භික්ඛවෙ න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? චක්ඛුං භික්ඛවෙ න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. රූපා න තුම්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති.
Sinhala BJT101. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි ඇස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. චක්ඛුසම්ඵස්සො න තුම්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTසොතං න තුම්හාකං. -පෙ- ඝානං න තුම්හාකං -පෙ- ජිව්හා න තුම්හාකං තං පජහථ. සා වො පහීනා හිතාය සුඛාය භවිස්සති. රසා න තුම්හාකං තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති.
Sinhala BJTකන තොපගේ නො වෙයි … නැහැය තොපගේ නො වෙයි … දිව තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTජිව්හාවිඤ්ඤාණං න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. ජිව්හාසම්ඵස්සො න තුම්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTදිව්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTකායො න තුම්හාකං. -පෙ- මනො න තුම්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති. ධම්මා න තුම්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති. මනොවිඤ්ඤාණං න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. මනොසම්ඵස්සො න තුම්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTකය තොපගේ නො වෙයි ... සිත තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. දහම් තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනවිනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපිනුතුම්හාකං එවමස්ස: අම්හෙ ජනො හරති වා ඩහති වා යථාපච්චයං වා කරොතීති? නොහෙතං භන්තෙ. තං කිස්ස හෙතු? න හි නො හෙතං භන්තෙ අත්තා වා අත්තනියං වාති.
Sinhala BJTමහණෙනි යම් සේ මේ ජේතවනයෙහි යම් තණ දර අතු කොල වේ ද, ජන තෙමේ එය හැරගෙන යන්නේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ නම් (එකල්හි) තොපට මෙබඳු අදහසෙක් වන්නේ ද, ජන තෙමේ අප හැරගෙන යන්නේ යයි කියා හෝ දවන්නේ යයි කියා හෝ යම් කැමති පරිද්දක් කරන්නේ යයි කියා හෝ මෙබඳු සිතෙක් වන්නේ ද, වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස මෙය තෙමේ හෝ තමාගේ හෝ නො වේ මැ යි (එහෙයිනි).
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ චක්ඛුං{1} න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. රූපා න තුම්හාකං -පෙ- චක්ඛුවිඤ්ඤාණං න තුම්හාකං තං පජහථ -පෙ- චක්ඛුසම්ඵස්සො න තුම්හාකං -පෙ- යම්පිදං මනො සම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සතීති.
Sinhala BJTමහණෙනි එසෙයින් මැ ඇස තොපගේ නො වෙයි. එය (ඇස කෙරෙහි තෘෂ්ණාව) දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි … ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. ඇස්පහස තොපගේ නො වෙයි ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 10. 9.
Sinhala BJT1. 10 .9.
Pali BJTදුතියනතුම්හාකසුත්තං
Sinhala BJTදුතිය නතුම්හාක සූත්‍රය
Pali BJT102. යං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං?
Sinhala BJT102. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ න තුම්හාකං. තං පජහථ. තං ඛො පහීනං හිතාය සුඛාය භවිස්සති. රූපා න තුම්හාකං. තෙ පජහථ. තෙ වො පහීනා හිතාය සුඛාය භවිස්සන්ති. චක්ඛුවිඤ්ඤාණං න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. චක්ඛුසම්ඵස්සො න තුම්හාකං. තං පජහථ. සො වො පහීනො හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTමහණෙනි ඇස තොපගේ නො වෙයි. එහි වූ තෘෂ්ණාව දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු (එහි තෘෂ්ණාව) එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස් පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTයම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි න තුම්හාකං. තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. යම්පි භික්ඛවෙ න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සතී ති.
Sinhala BJTඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 10. 10.
Sinhala BJT1. 10. 10.
Pali BJTඋද්දකසුත්තං
Sinhala BJTඋද්දක සූත්‍රය