Pali BJTතග්ඝ තුම්හෙ භික්ඛවෙ, එවං පුට්ඨා එවං බ්යාකරමානා වුත්තවාදිනො චෙව මෙ හොථ න ච මං අභූතෙන අබ්භාචික්ඛථ, ධම්මස්ස චානුධම්මං ව්යාකරොථ, න ච කොචි සහධම්මිකො වාදානුවාදො{1} ගාරය්හං ඨානං ආගච්ඡති. දුක්ඛස්ස හි භික්ඛවෙ, පරිඤ්ඤත්ථං මයි බ්රහ්මචරියං වුස්සති. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං “කතමං පන තං ආවුසො දුක්ඛං යස්ස පරිඤ්ඤාය සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ:
Sinhala BJTමහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙඅයුරින් පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නෝ වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දහමක් පවසවු, කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු බවට නො ද පැමිණෙයි. මහණෙනි, දුක පිරිසිඳ දැනීම පිණිස ම මා කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණ ගොයුම් කෙරෙහි බඹසර වසනු ලැබේ නම් ඒ දුක කවරේ දැ” යි. මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙඅයුරින් පවසන්නාහු ය.
Pali BJT“චක්ඛුං ඛො ආවුසො දුක්ඛං තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. රූපා -පෙ- චක්ඛුසම්ඵස්සො දුක්ඛො. තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පිදුක්ඛං. තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති -පෙ-
Sinhala BJTඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබෙ යි. රූ … ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
Pali BJTජිව්හා දුක්ඛා, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. රසා දුක්ඛා, තෙසං පරිඤ්ඤාය -පෙ- ජිව්හාවිඤ්ඤාණං දුක්ඛං -පෙ- ජිව්හා සම්ඵස්සො දුක්ඛො -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි දුක්ඛං, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති -පෙ-
Sinhala BJTදිව දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. රස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … ජිව්හාවිඤ්ඤාණය දුක් ය … දිව්පහස දුක් ය. දිව් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
Pali BJTමනො දුක්ඛො තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. ධම්මා දුක්ඛා, තෙසං පරිඤ්ඤාය -පෙ- මනො විඤ්ඤාණං දුක්ඛං -පෙ- මනොසම්ඵස්සො දුක්ඛො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං. තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTසිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. දහම් දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … මනෝවිඤ්ඤාණය දුක් ය … මනපහස දුක් ය .... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙ අයුරින් පවසන්නහු ය
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJTලොකසුත්තං
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT82. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච, ලොකො ලොකොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ලොකොති වුච්චතීති.
Sinhala BJT82. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.
Pali BJTලුජ්ජතීති ඛො භික්ඛු තස්මා ලොකොති වුච්චති. කිඤ්ච ලුජ්ජති? චක්ඛුං ඛො භික්ඛු ලුජ්ජති. රූපා ලුජ්ජන්ති, චක්ඛුවිඤ්ඤාණං ලුජ්ජති, චක්ඛුසම්ඵස්සො ලුජ්ජති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ලුජ්ජති -පෙ- ලුජ්ජතීති ඛො භික්ඛු තස්මා ලොකොති වුච්චතීති.
Sinhala BJTමහණ, (පලුදු වේ) නැසේ නු යි එහෙයින් ලෝකය යි කියනු ලැබේ. කිමෙක් පලුදු වේ ද යත්: මහණ, ඇස පලුදු වේ. රූ පලුදු වේ. චක්ඛුවිඤ්ඤාණය පලුදු වේ. ඇස්පහස පලුදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද පලුදු වෙයි … මහණ, පලුදු වේ නු යි (නැසේ) එහෙයින් ලෝකය යි කියනු ලැබේ යි.
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJTඵග්ගුනසුත්තං
Sinhala BJTඵග්ගුන සූත්‍රය
Pali BJT83. අථ ඛො ආයස්මා ඵග්ගුනො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ඵග්ගුනො භගවන්තං එතදවොච.
Sinhala BJT83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් ඵග්ගන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
Pali BJTඅත්ථි නු ඛො භන්තෙ, තං චක්ඛු{1} යෙන චක්ඛුනා අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය -පෙ- අත්ථි නු ඛො සා භන්තෙ, ජිව්හා යාය ජිව්හාය අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ -පෙ- අත්ථි නු ඛො සො භන්තෙ, මනො යෙන මනෙන අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්යාති.
Sinhala BJTවහන්ස, නැසූ තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ ඉකුත් බුදුවරයන් පිරිනිවි යම් ඇසෙකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් ඇද්දැ යි. … වහන්ස, පිරිනිවි ඉකුතු බුදුවරයන් යම් දිවකින් පනවා නම් එබඳු දිවෙක් ඇද්ද යි. … නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් ඇද්ද යි.
Pali BJTනත්ථි ඛො තං ඵග්ගුන, චක්ඛුං යෙන චක්ඛුනා අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛ වීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය -පෙ- නත්ථි ඛො සා ඵග්ගුන, ජිව්හා යාය ජිව්හාය අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ -පෙ- පඤ්ඤාපෙය්ය, නත්ථි ඛො සො ඵග්ගුන, මනො යෙන මනෙන අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛ වීතිවත්තෙ පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්යාති.
Sinhala BJTඵග්ගුන, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් ඇසකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් නැත්ම ය. … ඵග්ගුණ, පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් දිවෙකින් පනවා නම් එබඳු දිවෙක් නැත් ම ය. … ඵග්ගුණ, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවී ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් නැත් මැ යි.
Pali BJTගිලානවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි ගිලාන වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTගිලානෙන ද්වෙ වුත්තා රාධෙන අපරෙ තයො අවිජ්ජාය ච ද්වෙ වුත්තා භික්ඛු ලොකො ච ඵග්ගුනො.
Sinhala BJTගිලාන නමින් සූත්‍ර දෙකෙක් ද රාධ නමින් අනෙක් තුනෙක් ද කියන ලදහ. අවිජ්ජා නමින් දෙකෙක් ද භික්ඛු ලෝක ඵග්ගුණ යයි සූත්‍ර තුනෙක් ද කියන ලදහ.
Pali BJT9. ඡන්නවග්ගො
Sinhala BJT9. ඡන්න වර්‍ගය
Pali BJT1. 9. 1.
Sinhala BJT1. 9. 1.
Pali BJTපලොකධම්මසුත්තං
Sinhala BJTපලෝකධම්ම සූත්‍රය
Pali BJT84. සාවත්ථියං–
Sinhala BJT84. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ලොකො ලොකොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ලොකොති වුච්චතීති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. ... එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: වහන්ස, ලෝක යැ ලෝක යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝක යැ යි කියනු ලැබේ දැ යි.
Pali BJTයං ඛො ආනන්ද පලොකධම්මං අයං වුච්චති අරියස්ස විනයෙ ලොකො. කිඤ්ච ආනන්ද පලොකධම්මං? චක්ඛුං ඛො ආනන්ද පලොකධම්මං, රූපා පලොකධම්මා, චක්ඛුවිඤ්ඤාණං පලොකධම්මං, චක්ඛු සම්ඵස්සො පලොකධම්මො, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි පලොකධම්මං -පෙ-
Sinhala BJTආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසැහැවි ඇත් ද, ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යැ යි කියනු ලැබේ. ආනන්‍දයෙනි, කිමෙක් බිඳෙනසුලු වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස බිඳෙනසුලු යැ රූපයෝ බිඳෙනසුලු යැ චක්‍ෂුර්විඥානය බිඳෙනසුලු යැ චක්‍ෂුසංස්පර්‍ශය බිඳෙනසුලු යැ චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් ද එ ද බිඳෙනසුලු යැ ...
Pali BJTජිව්හා පලොකධම්මා, රසා පලොකධම්මා, ජිව්හාවිඤ්ඤාණං පලොක ධම්මං ජිව්හාසම්ඵස්සො පලොකධම්මො, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි පලොකධම්මං -පෙ-
Sinhala BJTජිව්හා බිඳෙනසුලු යැ රසයෝ බිඳෙනසුලු යැ ජිව්හාවිඥානය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යැ ...
Pali BJTමනො පලොකධම්මො, ධම්මා පලොකධම්මා, මනොවිඤ්ඤාණං පලොකධම්මං, මනොසම්ඵස්සො පලොකධම්මො, යම්පිදං මනොසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි පලොකධම්මං. යං ඛො ආනන්ද, පලොකධම්මං අයං වුච්චති අරියස්ස විනයෙ ලොකොති.
Sinhala BJTමනස බිඳෙනසුලු යැ. ධර්‍මයෝ බිඳෙනසුලු යැ. මනෝවිඥානය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යෙයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යි. ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසුලු වේ ද ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යයි කියනු ලැබේ.
Pali BJT1. 9. 2.
Sinhala BJT1. 9. 2.
Pali BJTසුඤ්ඤලොකසුත්තං
Sinhala BJTසුඤ්ඤතලෝක සූත්‍රය
Pali BJT85. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සුඤ්ඤො ලොකොති වුච්චතීති? යස්මා ච ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චති.
Sinhala BJT85. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ දැයි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.
Pali BJTකිඤ්ච ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා: චක්ඛුං ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. යස්මා ච ඛො, ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චතීති.
Sinhala BJTආනන්‍දයෙනි, කිමෙක් ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍යයහ. චක්ඛුවිඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ චක්ඛුසම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි … මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි. යම් හෙයෙකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද එහෙයින් ‘ලෝකය ශූන්‍ය’ යැ යි කියනුලැබේ.
Pali BJT1. 9. 3.
Sinhala BJT1. 9. 3.
Pali BJTසංඛිත්තධම්මසුත්තං
Sinhala BJTසඞ්ඛිත්තධම්ම සූත්‍රය
Pali BJT86. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච, සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT86. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, ආරාධනා කෙරෙමි මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකවිහාරී වැ ගණයා කෙරෙන් වෙන් වැ සිහි ඇති වැ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වැ අරමුණට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නෙමි නම් එවන් දහමක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන සේක්වා’යි.
Pali BJTතං කිම්මඤ්ඤසි ආනන්ද, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා”ති? නොහෙතං භන්තෙ. රූපා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සො -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං. “එතං මම එසො හමස්මි, එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ, -පෙ-
Sinhala BJTආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිහි? චක්‍ෂුස නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය තෙල මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙල නිසි නො වේ මැ යි රූපයෝ නිත්‍ය හෝ වෙත් ද අනිත්‍ය හෝ වෙත් දැ යි. අනිත්‍යයහ වහන්ස, … චක්ඛුවිඤ්ඤාණය, … චක්ඛුසම්ඵස්සය ... චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස, යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි ...
Pali BJTජිව්හා නිච්චා වා අනිච්චා වාති -පෙ- රසා -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? නොහෙතං භන්තෙ.
Sinhala BJTජිව්හා නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … රසයෝ … ජිව්හාවිඤ්ඤාණය ... ජිව්හාසම්ඵස්සය … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි. නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුකැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJTඑවං පස්සං ආනන්ද, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි ද කලකිරෙයි. රූපයන්හි ද කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි දු කලකිරෙයි ... මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාග හේතුවින් විමුක්ත වෙයි. විමුක්ත කල්හි ‘විමුක්ත’ යැ යි ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද යැ. කරණී කරනලද, මේ රහත්බව් පිණිස කළයුතු අන් කිසෙක් නැති යි ද දැනගනී යයි.
Pali BJT1. 9. 4.
Sinhala BJT1. 9. 4.
Pali BJTඡන්නසුත්තං
Sinhala BJTඡන්න සූත්‍රය
Pali BJT87. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච ඡන්නො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්ති. තෙන ඛො පන සමයෙන යෙන ආයස්මා ඡන්නො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාචුන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාචුන්දං එතදවොච: “ආයාමාවුසො චුන්ද, යෙනායස්මා ඡන්නො තෙනුපසඞ්කමිස්සාම ගිලානපුච්ඡකා”ති. එවමාවුසොති ඛො ආයස්මා මහාචුන්දො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි.
Sinhala BJT87. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් වෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැඟී ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කරුණ වදාළහ: ‘යම්හ ඇවැත්නි චුන්‍දයෙනි, ආයුෂ්මත් ඡන්න තෙරුන් කරා ගිලන්උවටැන් පුළුවුස්නමෝ එළැඹෙම්හ’යි. ‘එසේ යැ, ඇවැත්නි’යි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො යෙනායස්මා ඡන්නො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ඡන්නං එතදවොච:
Sinhala BJTඑසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ පනවනලද අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට තෙල කරුණ වදාළහ.
Pali BJT“කච්චි තෙ ආවුසො ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති.
Sinhala BJTකිම ඇවැත්නි, තොපට ඉවැසියහැකි ද, කිම යැපියහැකි ද, කිම දුක් වේදනාවෝ බැසයෙත් ද, නො වැඩෙත් ද, බැස යෑමේ අවසානය පැනේ ද, වැඩීමෙක් නො පැනේ දැ? යි.
Pali BJTන මෙ ආවුසො සාරිපුත්ත ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො{1}. සෙය්යථාපි ආවුසො, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධානං{2} අභිමන්ථෙය්ය{3}, එවමෙව ඛො ආවුසො අධිමත්තා වාතා මුද්ධානං{2} උපහනන්ති{4}.
Sinhala BJTඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මට ඉවැසිය නො හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො බැසයෙති, වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙකු තියුණු සැතෙකින් මුදුන පෙළා ද එපරිද්දෙන් මැ ඇවැත්නි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළති.
Pali BJTන මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං -පෙ- නො පටික්කමො{1}. සෙය්යථාපි ආවුසො බලවා පුරිසො දළ්හෙන වරත්තඛණ්ඩෙන{5} සීසෙ සීසවෙඨං දදෙය්ය, එවමෙව ඛො ආවුසො, අධිමත්තා සීසෙ සීසෙ වෙදනා{6}.
Sinhala BJTඇවැත්නි, මට ඉවැසිය නො හෙයි යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙක් දැඩි වරපටෙකින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ ද, එපරිද්දෙන්ම ඇවැත්නි, මාගේ ශීර්‍ෂවේදනා අධිමාත්‍ර වෙයි.
Pali BJTන මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං -පෙ- නො පටික්කමො{1}. සෙය්යථාපි ආවුසො දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො ආවුසො අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති.
Sinhala BJTඇවැත්නි, මට ඉවසිය නොහෙයි. යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක ඇතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි, අධිමාත්‍ර වාතයෝ කුස කපති.
Pali BJTන මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං, -පෙ- නො පටික්කමො{1}. සෙය්යථාපි ආවුසො, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං, සම්පරිතාපෙය්යුං, එවමෙව ඛො ආවුසො, අධිමත්තො කායස්මිං ඩාහො.
Sinhala BJTඇවැත්නි, මට ඉවසිය නො හෙයි. යැපිය නො හෙයි ... බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයක්හු වෙන වෙන අත්හි ගෙන සහළඟුරු වළෙකලා තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද එපරිද්දෙන් මැ ඇවැත්නි, කයෙහි අධිමාත්‍ර දාහ වෙයි.
Pali BJTන මෙ ආවුසො ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා. අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමො{1}. සත්ථං ආවුසො සාරිපුත්ත, ආහරිස්සාමි නාවකඞ්ඛාමි ජීවිතන්ති.
Sinhala BJTඇවැත්නි, මට ඉවසිය නො හෙයි යැපිය නො හෙයි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති. නො බැස යෙති. වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවන්නෙමි, ජීවිතය නො කැමැත්තෙමි’යි.
Pali BJTමා ආයස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාම. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භොජනානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භොජනානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භෙසජ්ජානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භෙසජ්ජානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි පතිරූපා උපට්ඨාකා, අහං ආයස්මන්තං ඡන්නං උපට්ඨහිස්සාමි. මායස්මා{7} ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාමාති.
Sinhala BJTආයුෂ්මත් ඡන්න තෙරණුවෝ නහමක් ශස්ත්‍රාහරණ කෙරෙත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය භෝජන සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය බෙහෙසත් නැත් නම් මම සත්ප්‍රාය බෙහෙසත් සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට ප්‍රතිරූප උපස්ථායකෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරණුවනට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ සැතක් නො එළවත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ’යි.
Pali BJTන මෙ ආවුසො සාරිපුත්ත නත්ථි සප්පායානි භොජනානි, අත්ථි මෙ සප්පායානි භොජනානි. නපි මෙ නත්ථි සප්පායානි භෙසජ්ජානි, අත්ථි මෙ සප්පායානි භෙසජ්ජානි. නපි මෙ නත්ථි පතිරූපා උපට්ඨාකා, අත්ථි මෙ පතිරූපා උපට්ඨාකා. අපි ච මෙ ආවුසො සත්ථා පරිචිණ්ණො දීඝරත්තං මනාපෙනෙව නො අමනාපෙන. එතං හි ආවුසො, සාවකස්ස පතිරූපං යං සත්ථාරං පරිචරෙය්ය මනාපෙනෙව නො අමනාපෙන. තං අනුපවජ්ජං ඡන්නො භික්ඛු සත්ථං ආහරිස්සතීති, එවමෙතං ආවුසො සාරිපුත්ත ධාරෙහීති.
Sinhala BJTආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට නිසි බොජුන් නැත්තේ නො වෙයි, මට නිසි බොජුන් ඇත. මට නිසි බෙහෙත් නැත්තේ ද නො වෙයි. මට නිසි බෙහෙත් ඇත. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු ද නො වෙති, මට ප්‍රතිරූප උපස්ථායකයෝ ඇත. එතෙකුදුවත් ඇවැත්නි, මා විසින් දිගුකලක් මුළුල්ලෙහි අමනාප කායකර්‍මාදියෙන් නො වැ මනාප වූ කායකර්‍මාදියෙන් මැ ශාස්තෲන් වහන්සේ ඇසුරුකරන ලදහ. ඇවැත්නි, අමනාප වූ කායකර්‍මාදියෙන් නො ව මනාප වූ මැ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යමෙක් ඇද්ද, තෙල කරුණ මැ ශ්‍රාවකයක්හට නිසි වෙයි. එහෙයින් ඡන්න මහණ (අප්‍රතිසන්‍ධික වැ) ශස්ත්‍රාහරණ කරන්නේ යයි යන තෙල කරුණ ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ධරනසේක්වා යි.
Pali BJTපුච්ඡෙය්යාම මයං ආයස්මන්තං ඡන්නං කඤ්චි{1}දෙව දෙසං, සචෙ ආයස්මා ඡන්නො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.
Sinhala BJTඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ප්‍රශ්නව්‍යාකරණයට අවකාශ කෙරෙත් නම් ඇපි ආයුෂ්මත් ඡන්න තෙරුන් අතින් කිසි කරුණක් පුළුවුසුම්හ’ යි.
Pali BJTපුච්ඡාවුසො සාරිපුත්ත සුත්වා වෙදිස්සාමාති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, පුළුවුස්නා මැනැවැ, අසා දන්නමෝ වේ දැ යි.
Pali BJTචක්ඛුං ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සසි. සොතං ආවුසො ඡන්න -පෙ- ඝානං ආවුසො ඡන්න -පෙ- ජිව්හං ආවුසො ඡන්න -පෙ- ජිව්හාවිඤ්ඤාණංජිව්හාවිඤ්ඤාණ විඤ්ඤාතබ්බෙ ධම්මෙ: “එතං මම, එසො’හමස්මි එසො මෙ අත්තා”ති සමනුපස්සසි කායං ආවුසො ඡන්න -පෙ- මනං ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සසීති.
Sinhala BJTඇවැත්නි, ඡන්නයෙනි, චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රය … ඇවැත්නි, ඡන්නයෙනි ඝ්‍රාණය ... ඇවැත්නි, ඡන්නයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, කය … ඇවැත්නි, ඡන්නයෙනි මනස, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ” යි දක්නවු දැ යි.
Pali BJTචක්ඛුං ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සාමි, සොතං ආවුසො සාරිපුත්ත, -පෙ- ඝානං ආවුසො සාරිපුත්ත -පෙ- ජිව්හං ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සාමි, කායං ආවුසො සාරිපුත්ත -පෙ- මනං ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සාමීති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි චක්‍ෂුස, චක්‍ෂුර්විඥානය, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නොවෙමි, තෙලෙ මාගේ ආත්ම නොවේ ය”යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඝ්‍රාණය ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජිහ්වාව, ජිහ්වාවිඥානය, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නොවෙයි, තෙලෙ මම නොවෙමි තෙලෙ මාගේ ආත්ම නො වේ ය යි දක්මි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කය … ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි දක්මි’යි.
Pali BJTචක්ඛුස්මිං ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සසි? සොතස්මිං ආවුසො ඡන්න -පෙ- ඝානස්මිං ආවුසො ඡන්න -පෙ- ජිව්හාය ආවුසො ඡන්න ජිව්හාවිඤ්ඤාණෙ ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය ජිව්හං ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සසි? කායස්මිං ආවුසො ඡන්න -පෙ- මනස්මිං ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සසි?
Sinhala BJTඇවැත්නි ඡන්නයෙනි චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ ය යි දකිවු ද? ඇවැත්නි, ඡන්නයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ඡන්නයෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන ජිහ්වා ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිවු ද? ඇවැත්නි ඡන්නයෙනි, කයෙහි ... ඇවැත්නි, ඡන්නයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි කුමක් දැක කුමක් වෙසෙසින් දැන මනස, මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි දකිවු දැ යි.
Pali BJTචක්ඛුස්මිං ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සාමි. සොතස්මිං ආවුසො සාරිපුත්ත -පෙ- ඝානස්මිං ආවුසො සාරිපුත්ත -පෙ- ජිව්හාය ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණෙ ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය ජිව්හං ජිව්හාවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සාමි, කායස්මිං ආවුසො සාරිපුත්ත -පෙ- මනස්මිං ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තාති සමනුපස්සාමීති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන චක්‍ෂුස චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ‘තෙල මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය’ යී දකිමි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශ්‍රෝත්‍රයෙහි ... ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ඝ්‍රාණයෙහි … ඇවැත්නි ශාරීපුත්‍රයෙනි ජිහ්වායෙහි, ජිහ්වාවිඥානයෙහි ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන ජිහ්වාව ජිහ්වාවිඥානය ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි දකිමි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කයෙහි ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මනසෙහි මනෝවිඥානයෙහි, මනෝවිඥානයෙන් දතයුතු දහම්හි නිරෝධය දැක නිරෝධය වෙසෙසින් දැන මනස , මනෝවිඥානය, මනෝවිඥානයෙන් දතයුතු දහම් “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ යයි දකිමි” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මහාචුන්දො ආයස්මන්තං ඡන්නං එතදවොච: “තස්මාතිහ ආවුසො ඡන්න, ඉදම්පි තස්ස භගවතො සාසනං නිච්චකප්පං සාධුකං මනසිකාතබ්බං: “නිස්සිතස්ස චලිතං, අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි හොති. පස්සද්ධියා සති නති{1} න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සාති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරුණුවන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි ඡන්නයෙනි, (යම් හෙයෙකින් මාරණාන්තික වේදනා සිහිය නොහී ශස්ත්‍රාහරණ කෙරෙමි කියහි ද) එහෙයින් මෙ කරුණෙහි ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනය ද නිරතුරු මැනැවින් මෙනෙහි කළයුතු යැ. (තෘෂ්ණා මාන දෘෂ්ටි) නිශ්ශ්‍රිතයහට චලන වෙයි. අනිශ්‍රිතයහට චලන නැති. චලන නැති වත් මැ (කාය චිත්ත) ප්‍රශ්‍රබ්ධි (සන්හිඳීම) වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇති කල්හි භවනිකන්ති නො වෙයි, භවනිකන්තිය නැති කල්හි (ප්‍රතිසන්‍ධි විසින්) ආගමන ද (ච්‍යුති විසින්) ගමන ද නො වෙයි. ආගති ගති නැති කල්හි චුති - උප්පත්ති නො වෙයි, චුති - උප්පත්ති නැති කල්හි මෙලොව්හි නො වෙයි. පරලොව්හි නො වෙයි. දෙලොව්හි නො වෙයි. මෙ මැ දුඃඛයාගේ අන්තය වේ” යයි.
Pali BJTඅථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මන්තං ඡන්නං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මා ඡන්නො අචිරපක්කන්තෙසු තෙසු ආයස්මන්තෙසු සත්ථං ආහරෙසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහා චුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවනට මේ ඕවායෙන් ඔවා දී හුනස්නෙන් නැගී වැඩියහ. එසඳ ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ඒ ආයුෂ්මතුන් නැඟී වැඩි නොබෝ වේලායෙහි ශස්ත්‍රාහරණ කළහ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “ආයස්මතා භන්තෙ, ඡන්නෙන සත්ථං ආහරිතං. තස්ස කා ගති කො අභිසම්පරායොති? නනු තෙ සාරිපුත්ත, ඡන්නෙන භික්ඛුනා සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතාති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ආයුෂ්මත් ඡන්න තෙරුන් විසින් ශස්ත්‍රාහරණ කරන ලද. උන්ගේ ගති කවර? පරලෝ කවරෙ? යයි. ශාරීපුත්‍රයෙනි ඡන්න මහණහු විසින් තොප හමුයෙහි මැ අනුපවද්‍ය (අප්‍රතිසන්‍ධික) බව ප්‍රකාශ කරන ලද නො වේ දැයි.
Pali BJTඅත්ථි භන්තෙ, පුබ්බචීරං{1} නාම වජ්ජිගාමො. තත්ථායස්මතො ඡන්නස්ස මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානීති.
Sinhala BJTවහන්ස, ‘පුබ්බවීර’ වැදෑගමෙක් ඇත. එහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ මිත්‍රකුලයෝ සුහදකුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇතැයි.
Pali BJTහොන්ති හෙතෙ සාරිපුත්ත, ඡන්නස්ස භික්ඛුනො මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානි. න ඛො පනාහං සාරිපුත්ත, එත්තාවතා සඋපවජ්ජොති{2} වදාමි. යො ඛො සාරිපුත්ත ඉමඤ්ච{3} කායං නික්ඛිපති, අඤ්ඤඤ්ච කායං උපාදියති, තමහං සඋපවජ්ජොති වදාමි. තං ඡන්නස්ස භික්ඛුනො නත්ථි. අනුපවජ්ජං ඡන්නෙන භික්ඛුනා සත්ථං ආහරිතන්ති එවමෙතං සාරිපුත්ත, ධාරෙහීති.
Sinhala BJTශාරිපුත්‍රයෙනි, ඡන්න මහණහට තෙල මිත්‍රකුලයෝ සුහද කුලයෝ උපවද්‍ය (එළැඹියයුතු) කුලයෝ ඇත් මැ යි. ශාරීපුත්‍රයෙනි මම මෙතෙකින් ‘සඋපවජ්ජ’ යයි නො කියමි. ශාරිපුත්‍රයෙනි, වැලිදු යමෙක් මේ කයත් (ච්‍යුති වශයෙන්) බහාතබා ද අන් කයකුත් (ප්‍රතිසන්‍ධි වශයෙන්) උපාදාන කෙරේ ද මම ඔහු ‘සඋපවජ්ජ’ යයි කියමි. එය ඡන්න මහණහට නැත. ශාරීපුත්‍රයෙනි, ඡන්න මහණහු විසින් අප්‍රතිසන්‍ධික කොට ශස්ත්‍රාහරණ කරන ලදැ’යි තෙල කරුණ මෙසේ ධරව’ යි.
Pali BJT1. 9. 5.
Sinhala BJT1. 9. 5.
Pali BJTපුණ්ණසුත්තං
Sinhala BJTපුණ්ණ සූත්‍රය
Pali BJT88. අථ ඛො ආයස්මා පුණ්ණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණො භගවන්තං එතදවොච “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT88. එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු ) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා” යි.
Pali BJTසන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දිසමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූ ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටී ද, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. පුණ්ණ සප්‍රීතික තෘෂ්ණාවේ ඉපැද්මෙන් දුකේ ඉපැද්ම වේ යයි කියමි.
Pali BJTසන්ති ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ඛො පුණ්ණ, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දිසමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණ සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය. ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ දහම් ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටි ද, පුණ්ණ, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. සප්‍රීතික තෘෂ්ණාව ඉපැද්මෙන් දුක් ඉපැද්ම වේ යයි කියමි.
Pali BJTසන්ති ච ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති, නන්දිනිරොධා දුක්ඛනිරොධො, පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වු කමනීය වූ, මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු රූ ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද, පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව නිරුද්ධ වෙයි. සප්‍රීතික තෘෂ්ණාව නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ යයි කියමි.
Pali BJTසන්ති ච ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති ච ඛො පුණ්ණ, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති. නන්දි නිරොධා දුක්ඛනිරොධො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණ, සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය ... ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස් … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන පියදෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු දහම් ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ යයි කියමි.
Pali BJTඉමිනා ත්වං පුණ්ණ, මයා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො කතමස්මිං ජනපදෙ විහරිස්සසීති? අත්ථි භන්තෙ, සුනාපරන්තො නාම ජනපදො, තත්ථාහං විහරිස්සාමීති.
Sinhala BJTපුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සැකෙවින් අවවාද කරන ලද තෙපි කවර දනව්වෙක වසන්නහු දැ යි. වහන්ස, සුනාපරන්ත නම් දනව්වෙක් ඇත එහි මම වෙසෙන්නෙමි යි.
Pali BJTචණ්ඩා ඛො පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා, ඵරුසා ඛො පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා. සචෙ ඛො ත්වං පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ර තෙ පුණ්ණ, කින්ති භවිස්සතීති? සචෙ මං භන්තෙ, සුනාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, තත්ර මෙ එවං භවිස්සති, භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන්තීති. එවමෙත්ථ භගවා භවිස්සති, එවමෙත්ථ සුගත භවිස්සතීති.
Sinhala BJTපුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු චණ්ඩයහ. පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු පරුෂයහ. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්තක මිනිස්සු අක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් මට සුනාපරන්තක මිනිස්සු ආක්‍රෝශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට අතින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ර පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතීති? සචෙ මෙ භන්තෙ, සුනාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති තත්ර මෙ එවං භවිස්සති:
Sinhala BJTපුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට අතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු අතින් මට පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය.
Pali BJT“භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ ලෙඩ්ඩුනා පහාරං දෙන්තී”ති. එවමෙත්ථ භගවා භවිස්සති, එවමෙත්ථ සුගත, භවිස්සතීති.
Sinhala BJTමේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට කැටගලින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ර පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතීති? සචෙ මෙ භන්තෙ, සුනාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ර මෙ එවං භවිස්සති: “භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ දණ්ඩෙන පහාරං දෙන්තී”ති. එවමෙත්ථ භගවා භවිස්සති එවමෙත්ථ සුගත භවිස්සතීති.
Sinhala BJTපුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට කැටගලින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය, මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට දඬින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති,{1} තත්ර පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතීති? සචෙ මෙ භන්තෙ, සුනාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති,{1} තත්ර මෙ එවං භවිස්සති: “භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ සත්ථෙන පහාරං දෙන්තී”ති. එවමෙත්ථ භගවා භවිස්සති, එවමෙත්ථ සුගත භවිස්සතීති.
Sinhala BJTපුණ්ණ ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට දඬින් පහර දෙන්නාහු නම් පුණ්ණය, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට දඬින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයකින් මොහු මට සැතින් පහර නො දෙද්ද (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුනාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති{1}, තත්ර පන තෙ පුණ්ණ කින්ති භවිස්සතීති? සචෙ මෙ භන්තෙ, සුනාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති{1} තත්ර මෙ එවං භවිස්සති: “භද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා සුභද්දකා වතිමෙ සුනාපරන්තකා මනුස්සා, යං මං නයිමෙ තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්තීති. එවමෙත්ථ භගවා භවිස්සති, එවමෙත්ථ සුගත භවිස්සතීති.
Sinhala BJTපුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට සැතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු මට සැතින් පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම් හෙයෙකින් මොහු මට තියුණු සැතින් මා දිවි තොර නො කෙරෙද් ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසචෙ පන ත්වං{1} පුණ්ණ සුනාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති, තත්ර පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතීති? සචෙ මං භන්තෙ සුනාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති, තත්ර මෙ එවං භවිස්සති: “සන්ති ඛො තස්ස භගවතො සාවකා කායෙන ච ජීවිතෙන ච අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති, තං මෙ ඉදං අපරයිට්ඨමෙව{3} සත්ථහාරකං ලද්ධන්ති”. එවමෙත්ථ භගවා භවිස්සති, එවමෙත්ථ සුගත භවිස්සතීති.
Sinhala BJTපුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට තියුණු සැතින් තොප දිවියෙන් තොර කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු තියුණු සැතින් මා දිවියෙන් තොර කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය: ඒ භාග්‍යවතුන් වහන්සේගේ සව්වෝ කයින් ද දිවියෙන් ද පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් කරන්නාහු ඇත්තාහ. (ඔහු) සැත් එළවාගැන්මක් සොයත්. ඒ මේ සැත්එළවා ගැන්ම මා විසින් නොසොයන ලදුව ම ලදැ යි, භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
Pali BJTසාධු සාධු පුණ්ණ සක්ඛිස්සසි ඛො ත්වං පුණ්ණ ඉමිනා දමූපසමෙන සමන්නාගතො සුනාපරන්තස්මිං ජනපදෙ වත්ථුං. යස්සදානි ත්වං පුණ්ණ කාලං මඤ්ඤසීති.
Sinhala BJTපුණ්ණ, මැනවි, මැනවි, පුණ්ණ, මේ ඉන්‍ද්‍රියදමනයෙන් හා සංහිඳීමෙන් යුක්ත වූ තෙපි සුනාපරන්ත දනව්වෙහි වසන්නට හැකිවවු. පුණ්ණ, තෙපි දැන් එයට කල් දනිවු යි.
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණො භගවතො භාසිතං{4} අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සුනාපරන්තො ජනපදො තෙන චාරිකං පක්කමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සුනාපරන්තො ජනපදො තදවසරි. තත්ර සුදං ආයස්මා පුණ්ණො සුනාපරන්තස්මිං ජනපදෙ විහරති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට සෙනසුන සකසා තබා පාසිවුරු ගෙන සුනාපරන්ත දනව්ව වෙත චාරිකාවට නික්ම ගියහ. පිළිවෙළින් චාරිකාව කරන්නේ සුනාපරන්තදනව්වට එළැඹියේ ය. ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ එහි සුනාපරන්තදනව්වේහි වැඩවෙසෙති.
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණො තෙනෙවන්තරවස්සෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිවෙදෙසි, “තෙනෙව අන්තරවස්සෙන පඤ්චමත්තානි උපාසිකාසතානි පටිවෙදෙසි{5}. තෙනෙවන්තරවස්සෙන තිස්සො විජ්ජා සච්ඡාකාසි. තෙනෙවන්තරවස්සෙන පරිනිබ්බායි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවසුවන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම පන්සියක් පමණ උවැසියන්ට ධර්‍මාවබෝධය කරවූහ. ඒ ඇතුළුවස ම ත්‍රිවිද්‍යා පසක්කළහ. ඒ ඇතුළුවස ම පිරිනිවියහ.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “යො සො භන්තෙ පුණ්ණො නාම කුලපුත්තො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො සො කාලකතො තස්ස කා ගති? කො අභිසම්පරායොති? පණ්ඩිතො භික්ඛවෙ, පුණ්ණො, කුලපුත්තො අහොසි පච්චපාදි{6} ධම්මස්සානු ධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙසෙසි{7} පරිනිබ්බුතො භික්ඛවෙ පුණ්ණො කුලපුත්තොති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “පුණ්ණ නම් යම් ඒ කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬු අවවාදයකින් අවවාද කරන ලද්දේ ද හේ කලුරිය කළේ ය. ඔහුගේ ගති කවර? පරලොව කිමෙක් දැ” යි. මහණෙනි, පුණ්ණ කුලපුත් පණ්ඩිත විය. නවලොවුතුරුදහමට අනු ව පිළිපන්නේ ය. ධර්‍මාවබෝධය නිමිති කොට මට වෙහෙස ද නො කෙළේ ය. මහණෙනි, පුණ්ණ කුලපුත් පිරිනිවියේ යි.
Pali BJT1. 9. 6.
Sinhala BJT1. 9. 6.
Pali BJTබාහියසුත්තං
Sinhala BJTබාහිය සූත්‍රය
Pali BJT89. අථ ඛො ආයස්මා බාහියො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා බාහියො භගවන්තං එතදවොච, සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT89. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමාව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
Pali BJTතං කිම්මඤ්ඤසි බාහිය, “චක්ඛුං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTබාහිය, ඒ කිමැයි හැඟිහි ද, ඇස නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යැයි දක්නට සුදුසු දැ” යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTරූපා නිච්චා වා අනිච්චා වාති. අනිච්චා භන්තෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. -පෙ- චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ. -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTරූප නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. … චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවං පස්සං බාහිය, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණාජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTබාහිය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. (රහත්බව) පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJTඅථ ඛො ආයස්මා බාහියො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි. අථ ඛො ආයස්මා බාහියො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරිය පරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් මගබඹසර කෙළවර වූ අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය නො බෝ කලකින් ම තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ විසූහ.
Pali BJTඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා බාහියො අරහතං අහොසීති.
Sinhala BJTජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කළ යුතු කරන ලදී. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
Pali BJT1. 9. 7.
Sinhala BJT1. 9. 7.
Pali BJTඑජාසුත්තං
Sinhala BJTඑජා සූත්‍රය
Pali BJT90. එජා භික්ඛවෙ රොගො, එජා ගණ්ඩො, එජා සල්ලං. තස්මාතිහ භික්ඛවෙ, තථාගතො අනෙජො විහරති වීතසල්ලො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය අනෙජො විහරෙය්යං වීතසල්ලොති: චක්ඛුං න මඤ්ඤෙය්ය, චක්ඛුස්මිං න මඤ්ඤෙය්ය, චක්ඛුතො න මඤ්ඤෙය්ය, චක්ඛුං මෙති න මඤ්ඤෙය්ය. රූපෙ න මඤ්ඤෙය්ය රූපෙසු න මඤ්ඤෙය්ය, රූපතො න මඤ්ඤෙය්ය, රූපා මෙති න මඤ්ඤෙය්ය, චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤෙය්ය, චක්ඛුවිඤ්ඤාණස්මිං න මඤ්ඤෙය්ය, චක්ඛුවිඤ්ඤාණතො න මඤ්ඤෙය්ය, චක්ඛුවිඤ්ඤාණ මෙති න මඤ්ඤෙය්ය. චක්ඛුසම්ඵස්සං න මඤ්ඤෙය්ය, චක්ඛුසම්ඵස්සස්මිං න මඤ්ඤෙය්ය, චක්ඛුසම්ඵස්සතො න මඤ්ඤෙය්ය, චක්ඛුසම්ඵස්සො මෙති න මඤ්ඤෙය්ය. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තං මෙති න මඤ්ඤෙය්ය.
Sinhala BJT90. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, ඉදින් මෙහි මහණ ද තෘෂ්ණා රහිත ව හුල් නැති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම්, චක්‍ෂුස ආත්ම ය යි නො හඟනේ යැ. චක්‍ෂුසෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසින් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ යැ. රූපයන් ආත්මය යි නො හඟනේ යැ. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. රූපයෝ ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානය ආත්මය යි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුර්විඥානය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්මය යි නො හඟනේ යැ. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසංස්පර්‍ශයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟනේ යැ. චක්‍ෂුසංස්පර්‍ශය ආත්මය අයත් යයි නො හඟනේ යැ. චක්‍ෂුස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එය ආත්මය යි ද නො හඟනේ යැ. එහි ආත්මය ඇතැයි ද නො හඟනේ යැ. එයින් බැහැරැ ආත්මය ඇතියි ද නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
Pali BJTසොතං න මඤ්ඤෙය්ය සොතස්මිං න මඤ්ඤෙය්ය -පෙ- ඝානං න මඤ්ඤෙය්ය ඝානස්මිං න මඤ්ඤෙය්ය -පෙ- ජිව්හං න මඤ්ඤෙය්ය, ජිව්හාය න මඤ්ඤෙය්ය, ජිව්හාතො න මඤ්ඤෙය්ය, ජිව්හා මෙති න මඤ්ඤෙය්ය. රසෙ න මඤ්ඤෙය්ය -පෙ- ජිව්හාවිඤ්ඤාණං න මඤ්ඤෙය්ය -පෙ- ජිව්හාසම්ඵස්සං න මඤ්ඤෙය්ය -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තම්මෙති න මඤ්ඤෙය්ය.
Sinhala BJTශ්‍රෝත්‍රය ආත්මය යි නො හඟනේ යැ. ශ්‍රෝත්‍රයෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ... ඝ්‍රාණය ආත්මය යි නො හඟනේ යැ. ඝ්‍රාණයෙහි ආත්මය ඇතැයි නො හඟනේ යැ. ... ජිහ්වාව ආත්මය යි නො හඟනේ යැ. ජිහ්වායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ජිහ්වාව මාගේ යයි නො හඟනේ යැ. රසය ආත්මය යි නො හඟනේ යැ. ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... නො හඟනේ යැ ... ජිහ්වාසංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්මය යි නො හඟනේ යැ. එහිදු ආත්මය ඇතැ යි නො හඟනේ යැ. ඉන් බැහැරැ දු ආත්මය ඇතැයි නො හඟනේ යැ. එය මාගේ යයි ද නො හඟනේ යි.
Pali BJTකායං න මඤ්ඤෙය්ය -පෙ- මනං න මඤ්ඤෙය්ය මනස්මිං න මඤ්ඤෙය්ය, මනතො න මඤ්ඤෙය්ය, මනො මෙති න මඤ්ඤෙය්ය. ධම්මෙ න මඤ්ඤෙය්ය -පෙ- මනො විඤ්ඤාණං න මඤ්ඤෙය්ය -පෙ- මනොසම්ඵස්සං න මඤ්ඤෙය්ය -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තම්මෙති න මඤ්ඤෙය්ය. සබ්බං න මඤ්ඤෙය්ය, සබ්බස්මිං න මඤ්ඤෙය්ය, සබ්බතො න මඤ්ඤෙය්ය, සබ්බං මෙති න මඤ්ඤෙය්ය.
Sinhala BJTකය ආත්මය යි නො හඟනේ ය. .... සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි නො හඟනේ ය. සිතින් නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය. දහම් නො හඟනේ ය. මනෝවිඤ්ඤාණය නො හඟනේ ය. ... මනෝසම්ඵස්ස නො හඟනේ ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ යි.
Pali BJTසො එවං න මඤ්ඤමානො න ච කිඤ්චි{1} ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTසියල්ල නො හඟනේ ය. සියල්ලෙහි නො හඟනේ ය. සියල්ලෙන් නො හඟනේ ය. සියල්ල මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 9. 8.
Sinhala BJT1. 9. 8.
Pali BJTදුතියඑජාසුත්තං
Sinhala BJTදුතිය එජා සූත්‍රය
Pali BJT91. එජා භික්ඛවෙ රොගො එජා ගණ්ඩො එජා සල්ලං. තස්මාතිහ භික්ඛවෙ, තථාගතො අනෙජො විහරති වීතසල්ලො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය අනෙජො විහරෙය්යං වීතසල්ලොති, චක්ඛුං න මඤ්ඤෙය්ය, චක්ඛුස්මිං න මඤ්ඤෙය්ය, චක්ඛුතො න මඤ්ඤෙය්ය, චක්ඛුං මෙති න මඤ්ඤෙය්ය. රූපෙ න මඤ්ඤෙය්ය -පෙ- චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤෙය්ය -පෙ- චක්ඛුසම්ඵස්සං න මඤ්ඤෙය්ය -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය තතොපි න මඤ්ඤෙය්ය, තං මෙති න මඤ්ඤෙය්ය. යං හි භික්ඛවෙ{2} මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යං මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙවාභිනන්දති.
Sinhala BJT91. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, එහෙයින් ඉදින් මෙසස්නෙහි මහණ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම් ඇස තෘෂ්ණාවශයෙන් නො හඟනේ ය. ඇසෙහි නො හඟනේ ය. ඇසින් නො හඟනේ ය. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ ය. රූප නො හඟනේ ය ... චක්‍ෂුර්විඥානය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණාවශයෙන් හඟී ද, යමෙක්හි හඟී ද යමකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි අලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
Pali BJTසොතං න මඤ්ඤෙය්ය -පෙ- ඝානං න මඤ්ඤෙය්ය -පෙ- ජිව්හං න මඤ්ඤෙය්ය, ජිව්හාය න මඤ්ඤෙය්ය, ජිව්හාතො න මඤ්ඤෙය්ය, ජිව්හා මෙති න මඤ්ඤෙය්ය. රසෙ න මඤ්ඤෙය්ය -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සං -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තම්මෙති න මඤ්ඤෙය්ය. යං හි{2} භික්ඛවෙ මඤ්ඤති යස්මිං මඤ්ඤති යතො මඤ්ඤති යං මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙවාභිනන්දති.
Sinhala BJTශොත්‍රය නො හඟනේ ය … ඝ්‍රාණය නො හඟනේ ය. ජිහ්වාව ආත්මය යි නො හඟනේ ය. ජිව්හායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හා මාගේ යයි නො හඟනේ ය. රස ආත්මය යි නො හඟනේ ය … ජිව්හාවිඤ්ඤාණය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණා වශයෙන් හඟී ද යමෙක්හි හඟී ද යමකින් හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
Pali BJTකායං න මඤ්ඤෙය්ය -පෙ- මනං න මඤ්ඤෙය්ය, මනස්මිං න මඤ්ඤෙය්ය, මනතො න මඤ්ඤෙය්ය, මනො මෙති න මඤ්ඤෙය්ය.
Sinhala BJTකය ආත්මය යි නො හඟනේ ය. … සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. සිතින් බැහැර ආත්මය ඇතැයි නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය.
Pali BJTධම්මෙ න මඤ්ඤෙය්ය -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තං මෙති න මඤ්ඤෙය්ය. යං හි{1} භික්ඛවෙ, මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යං මෙති මඤ්ඤති තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙවාභිනන්දති.
Sinhala BJTදහම් (අරමුණ) ආත්මය යි නො හඟනේ ය. … මනෝවිඤ්ඤාණය … මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් හඟී ද, යමෙක්හි හඟී ද, යමෙකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුණු ලෝවැසි තෙමේ භවය ම පතයි.
Pali BJTයාවතා භික්ඛවෙ, ඛන්ධධාතුආයතනා තම්පි න මඤ්ඤෙය්ය, තස්මිම්පි න මඤ්ඤෙය්ය, තතොපි න මඤ්ඤෙය්ය, තං මෙති න මඤ්ඤෙය්ය. සො එවං අමඤ්ඤමානො න ච කිඤ්චි{2} ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, යම්තාක් ස්කන්‍ධ ධාතු ආයතනයෝ වෙත් නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් දැඩි සේ නො ගනී. නො ගන්නේ නො තැති ගනී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. රහත්බව පිණිස කළයුතු දෑ කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 9. 9.
Sinhala BJT1. 9. 9.
Pali BJTද්වයසුත්තං
Sinhala BJTද්වය සූත්‍රය
Pali BJT92. ද්වයං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ. කිඤ්ච භික්ඛවෙ ද්වයං? චක්ඛුඤ්චෙව රූපා ච, සොතඤ්චෙව සද්දා ච, ඝානඤ්චෙව ගන්ධා ච, ජිව්හාචෙව රසා ච, කායො චෙව ඵොට්ඨබ්බා ච, මනො චෙව ධම්මා ච, ඉදං වුච්චති භික්ඛවෙ ද්වයං.
Sinhala BJT92. මහණෙනි, තොපට දෙකක් (දෙ කොටසක් පිළිබඳ ධර්‍මයක්) දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දෙක කිමෙක් ද යත්: ඇස ද රූ ද, කන ද සද ද, නැහැය ද ගඳ ද, දිව ද රස ද, කය ද පහස් ද, සිත ද දහම් අරමුණ දැයි මහණෙනි මේ දෙක යයි කියනු ලැබේ.