Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9301-9400 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJTඋපසෙනසුත්තං
Sinhala BJTඋපසේන සූත්‍රය
Pali BJT69. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච උපසෙනො රාජගහෙ විහරන්ති සීතවනෙ සප්පසොණ්ඩික පබ්භාරෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපසෙනස්ස කායෙ ආසීවිසො පතිතො හොති.
Sinhala BJT69. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් උපසේන තෙරණුවෝත් රජගහ නුවරැ සීත වෙනෙහි සප්පසොණ්ඩික පර්‍වතගුහාවෙහි වැඩ විසූහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කයෙහි ආශීර්විෂයෙක් වැටුණේ වෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා උපසෙනො භික්ඛූ ආමන්තෙසි: එථ මෙ ආවුසො, ඉමං කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්යථාපි භුසමුට්ඨීති. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං උපසෙනං එතදවොච: න ඛො පන මයං පස්සාම ආයස්මතො උපසෙනස්ස කායස්ස වා අඤ්ඤථත්තං ඉන්ද්රියානං වා විපරිණාමං. අථ ච පනායස්මා උපසෙනො එවමාහ: එථ මෙ ආවුසො ඉමං කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්යථාපි භුසමුට්ඨීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් උපසේන තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, “එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙය වදාළහ: ආයුෂ්මත් උපසේනයන්ගේ කයෙහි වෙනස්බවක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකුම්හ. එහෙත් ආයුෂ්මත් උපසේන මෙසේ කියයි. “ඇවැත්නි, එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි.
Pali BJTයස්ස නූන ආවුසො සාරිපුත්ත, එවමස්ස: අහං චක්ඛුන්ති වා මම චක්ඛුන්ති වා, අහං සොතන්ති වා මම සොතන්ති වා, අහං ඝානන්ති වා මම ඝානන්ති වා, අහං ජිව්හාති වා මම ජිව්හාති වා, අහං කායොති වා මම කායොති වා, අහං මනොති වා මම මනොති වා. තස්ස නූන ආවුසො{1} සාරිපුත්ත, සියා කායස්ස වා අඤ්ඤථත්තං ඉන්ද්රියානං වා විපරිණාමො. මය්හඤ්ච ඛො ආවුසො සාරිපුත්ත, න එවං හොති: අහං චක්ඛුන්ති{2} වා මම චක්ඛුන්ති වා, අහං සොතන්ති වා මම සොතන්ති වා, අහං ඝානන්ති වා මම ඝානන්ති වා, අහං ජිව්හාති වා මම ජිව්හාති වා, අහං කායොති වා මම කායොති වා, අහං මනොති වා මම මනොති වා. තස්ස මය්හං ආවුසො සාරිපුත්ත, කිං කායස්ස වා අඤ්ඤථත්තං භවිස්සති, ඉන්ද්රියානං වා විපරිණාමොති?
Sinhala BJTඇවැත්නි සාරිපුත්‍රයෙනි, යමකුට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ ය කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ ඒකාන්තයෙන්යෙන් මෙබඳු සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ඔහුගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ ඒකාන්තයෙන් වන්නේ ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වූකලි “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ කන මම යැ කියා හෝ කන මාගේ යැ කියා හෝ නැහැය මම යැ කියා හෝ නැහැය මාගේ යැ කියා හෝ දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ කය මම යැ කියා හෝ කය මාගේ යැ කියා හෝ සිත මම යැ කියා හෝ සිත මාගේ යැ” කියා හෝ බෙමඳු සිතෙක් නො වේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම? ඒ මාගේ කයෙහි වෙනස්බවෙක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමෙක් හෝ වන්නේ ද? (නො වන්නේ ම ය.)
Pali BJTතථා හි පනායස්මතො උපසෙනස්ස දීඝරත්තං අහංකාරමමිංකාර මානානුසයො සුසමූහතා.{1} තස්මායස්මතො උපසෙනස්ස න එවං හොති: ‘අහං චක්ඛුන්ති වා මම චක්ඛුන්ති වා -පෙ- අහං ජිව්හාති වා මම ජිව්හාති වා -පෙ- අහං මනොති වා මම මනොති වා’ති.
Sinhala BJTඒ එසේ මැ යි. ආයුෂ්මත් උපසේනයන් විසින් දිගුකලක සිට අහංකාර දෘෂ්ටිය මමීකාර තෘෂ්ණාව හා මානානුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් උපසේනයන්ට “ඇස මම යැ කියා හෝ ඇස මාගේ යැ කියා හෝ … දිව මම යැ කියා හෝ දිව මාගේ යැ කියා හෝ … සිත මම යැ කියා හෝ සිත මාගේ යැ කියා හෝ මෙබඳු සිතෙක් නො වේ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ ආයස්මතො උපසෙනස්ස කායං මඤ්චකං ආරොපෙත්වා බහිද්ධා නීහරිංසු. අථ ඛො ආයස්මතො උපසෙනස්ස කායො තත්ථෙව විකිරි සෙය්යථාපි භුසමුට්ඨීති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය ඇඳක නඟා බැහැර ගෙන ගියහ. එකල්හි ආයුෂ්මත් උපසේන තෙරුන්ගේ කය බොල්මිටක් මෙන් එතැන ම විසිර ගියේ යි.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJTඋපවාණසුත්තං
Sinhala BJTඋපවාණ සූත්‍රය
Pali BJT70. අථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච: සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහි පස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති?
Sinhala BJT70. එක්ලහි ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් වැ හුන් ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ධර්‍මය සන්‍දිට්ඨික (තමා විසින් දැක්ක යුතු) යැ ධර්‍ම ය සන්‍දිට්ඨික යැ යි කියනු ලැබේ. වහන්ස, ධර්‍මය කෙතෙකින් සන්‍දිට්ඨිකත් අකාලිකත් (කල් නො යවා විපාක දෙන්නේත්) ඒහිපස්සිකත් (එව බලව යි කීමට සුදුසුත්) ඕපනයිකත් (සිත්හි ලා දැරීමට සුදුසුත්) නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වේ ද? යි,
Pali BJTඉධූපවාණ{2} භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපපටිසංවෙදී ච හොති රූපරාගපටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං අත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගොති පජානාති. යන්තං උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපපටිසංවෙදී{3} ච හොති, රූපරාගපටිසංවෙදී{4} ච සන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං අත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී -පෙ-
Sinhala BJTඋපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ ඇසින් යම් ඒ රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වේ ද, තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි ...
Pali BJTපුන චපරං උපවාණ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසපටිසංවෙදී ච හොති රසරාගපටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං අත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගොති පජානාති. යන්තං උපවාණ, භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසපටිසංවෙදී ච හොති රසරාගපටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං අත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී -පෙ-
Sinhala BJTඋපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් රසරාග දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රසයන්හි රාගය තමාගේ සතන්හි රසයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ දිවෙන් යම් ඒ රසයක් ආස්වාදනය කොට රස දන්නේත් රසරාග දන්නේත් වේ ද, තම සතන්හි ඇති රසයන්හි රාගය මාගේ සතන්හි රසරාගය ඇතැයි දනි යි. උපවාණ මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතු වේ ...
Pali BJTපුන චපරං උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මපටිසංවෙදී ච හොති ධම්මරාගපටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගොති පජානාති. යන්තං උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මපටිසංවෙදී ච හොති ධම්මරාගපටිසංවෙදී ච. සන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං: අත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි.
Sinhala BJTඋපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් ධර්‍මය දැන ධර්‍මය දන්නේත් ධර්‍මරාගය දන්නේත් වේ. තමන් තුළ ඇති ධර්‍මයන්හි රාගය මාගේ සතන්හි ධර්‍මයන්හි රාගය ඇතැ යි දනි යි. උපවාණ, මහණ තෙමේ සිතින් යම් ඒ දහමක් දැන ධර්‍මය දන්නේත් ධර්‍මරාගය දන්නේත් වේ ද, සිය සතන්හි ඇති ධර්‍මයන්හි රාගය මාගේ සතන්හි ධර්‍මයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
Pali BJTඉධූපවාණ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපපටිසංවෙදී හි ඛො හොති නො ච රූපරාගපටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගොති පජානාති. යන්තං උපවාණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රූපපටිසංවෙදී හි ඛො හොති, නො ච රූපරාගපටිසංවෙදී.{1} අසන්තඤ්ච අජ්ඣත්තං රූපෙසු රාගං නත්ථි මෙ අජ්ඣත්තං රූපෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි. -පෙ-
Sinhala BJTඋපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූ දන්නේත් නොද රූපරාග දන්නේත් වේ. සිය සතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී, උපවාණ, මහණ ඇසින් යම් රූපයක් දැක රූ දන්නේත් නො ද රූපරාග දන්නේත් වේ ද, සියසතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
Pali BJTපුන චපරං උපවාණ භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසපටිසංවෙදී හි ඛො හොති නො ච රසරාගපටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං: නත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගොති පජානාති. යන්තං උපවාණ භික්ඛු ජිව්හාය රසං සායිත්වා රසපටිසංවෙදී හි ඛො හොති නො ච රසරාගපටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං රසෙසු රාගං: නත්ථි මෙ අජ්ඣත්තං රසෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ, සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි. -පෙ-
Sinhala BJTඋපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් නො ද රසරාග දන්නේත් වෙයි. සියසතන්හි නැති රසයන්හි රාගය මා සතන්හි රාගය නැතැ යි දැනගනී. උපවාණ මහණ දිවෙන් යම් රසයන් විඳ රස දන්නේත්, නො ද රසරාග දන්නේත් වේද, සියසතන්හි නැති රසයන්හි රාගය: මා සතන්හි රසයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි. ...
Pali BJTපුන චපරං උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මපටිසංවෙදී හි ඛො හොති, නො ච ධම්මරාගපටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං: නත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගොති පජානාති. යන්තං උපවාණ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය ධම්මපටිසංවෙදී හි ඛො හොති, නො ච ධම්මරාගපටිසංවෙදී. අසන්තඤ්ච අජ්ඣත්තං ධම්මෙසු රාගං: නත්ථි මෙ අජ්ඣත්තං ධම්මෙසු රාගොති පජානාති. එවම්පි ඛො උපවාණ සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී ති.
Sinhala BJTඋපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් දහම් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වෙයි. සිය සතන්හි නැති දහම්හි රාගය මා සතන්හි දහම්හි රාගය නැතැ යි දනියි. උපවාණ, මහණ සිතින් යම් දහමක් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වේ ද, සියසතන්හි නැති දහම්හි රාගය: මා සතන්හි දහම්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්‍මය සන්‍දිට්ඨික අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙ යි.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJTපඨම ඡඵස්සායතනසුත්තං
Sinhala BJTපඨම ඡඵස්සායතන සූත්‍රය
Pali BJT71. යො හි කොචි භික්ඛවෙ භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති: අවුසිතං තෙන බ්රහ්මචරියං, ආරකා සො ඉමම්හා ධම්මවිනයාති.
Sinhala BJT71. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ හටගැන්මත් විනාශයත් විඳගැන්මත් දෝෂයත් නික්මයෑමත් තතු සේ නො දනී ද, ඔහු විසින් මඟබඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් දුරු වෙයි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: එත්ථාහං භන්තෙ, අනස්සාසිං,{1} අහඤ්හි භන්තෙ ඡන්නං ආයතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි යි.
Pali BJTතං කිම්මඤ්ඤසි භික්ඛු චක්ඛුං: “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති සමනුපස්සසීති? නොහෙතං භන්තෙ. සාධු භික්ඛු එත්ථ ච තෙ භික්ඛු චක්ඛුං: “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එසෙවන්තො දුක්ඛස්ස -පෙ-
Sinhala BJTමහණ ඒ කුමැ යි හඟිහි ද? ඇස “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දකිහි දැ? යි. වහන්ස, එය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ යි”යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක්හි කෙළවර (නිවන) මෙය මැ යි ...
Pali BJTජිව්හං:{2} “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. සාධු භික්ඛු එත්ථ ච තෙ භික්ඛු ජිව්හා: “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා භවිස්සති. එසෙවන්තො දුක්ඛස්ස -පෙ-
Sinhala BJTදිව: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දී වන්නේ නම් දුක් කෙළෙවර මෙය මැ යි ...
Pali BJTමනං: “එතං මම, එසො’හමස්මි එසො මෙ අත්තාති සමනුපස්සසී”ති. නොහෙතං භන්තෙ. සාධු භික්ඛු එත්ථ ච තෙ භික්ඛු මනො “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො{3} භවිස්සති. එසෙවන්තො දුක්ඛස්සාති.
Sinhala BJTසිත: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක් කෙළවර මෙය මැ යි.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJTදුතිය ඡඵස්සායතනසුත්තං
Sinhala BJTදුතිය ඡඵස්සායතන සූත්‍රය
Pali BJT72. යො හි කොචි භික්ඛවෙ භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති, අවුසිතං තෙන බ්රහ්මචරියං, ආරකාව සො ඉමම්හා ධම්මවිනයාති.
Sinhala BJT72. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නොවසන ලද, හේ මෙසස්නෙන් දුරු මැ වෙයි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: එත්ථාහං භන්තෙ අනස්සාසිං, අහඤ්හි භන්තෙ ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහනස්, “මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තත් සේ නො දනිමි” යි.
Pali BJTතං කිම්මඤ්ඤසි භික්ඛු, චක්ඛුං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සසීති? එවං භන්තෙ. සාධු භික්ඛු, එත්ථ ච තෙ භික්ඛු චක්ඛුං “නෙතං මම නෙසො හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං භවිස්සති. එවන්තෙ එතං පඨමං ඵස්සායතනං පහීනං භවිස්සති ආයතිං{1} අපුනබ්භවාය -පෙ-
Sinhala BJTමහණ, ඒ කුමැ, යි හඟිහි ද? ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මා නුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ පළමුවන ස්පර්‍ශායතනය මතු නූපදනා (නිවන) පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
Pali BJTජිව්හං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සසීති? එවං භන්තෙ. සාධු භික්ඛු, එත්ථ ච තෙ භික්ඛු, ජිව්හා “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා භවිස්සති. එවන්තෙ එතං චතුත්ථං ඵස්සායතනං පහීනං භවිස්සති ආයතිං{1} අපුනබ්භවාය -පෙ-
Sinhala BJTදිව “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ සිව්වැනි ඵස්සායතනය මතු නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
Pali BJTමනං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සසීති? එවං භන්තෙ. සාධු භික්ඛු, එත්ථ ච තෙ භික්ඛු, මනො{2} “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො භවිස්සති. එවන්තෙ එතං ඡට්ඨං ඵස්සායතනං පහීනං භවිස්සති ආයතිං{1} අපුනබ්භවායාති.
Sinhala BJTසිත “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ය. මෙසේ තාගේ මේ සවැනි ඵස්සායතනය මත්තෙහි නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ යි.
Pali BJT1. 7. 11.
Sinhala BJT1. 7. 11.
Pali BJTතතිය ඡඵස්සායතනසුත්තං
Sinhala BJTතතිය ඡඵස්සායතන සූත්‍රය
Pali BJT73. යො හි කොචි භික්ඛවෙ, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති, අවුසිතං තෙන බ්රහ්මචරියං, ආරකාව සො ඉමම්හා ධම්මවිනයාති.
Sinhala BJT73. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් බැහැරැ වූයේ ම වෙයි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: එත්ථාහං භන්තෙ, පනස්සස්සං, අහඤ්හි භන්තෙ ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාමීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළ් ය: වහන්ස, “මෙහි ලා මම දැඩි සේ නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි” යි.
Pali BJTතං කිම්මඤ්ඤසි භික්ඛු, “චක්ඛුං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ -පෙ-
Sinhala BJTමහණ, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය වේ ද? නො හොත් අනිත්‍ය වේ ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. ...
Pali BJTජිව්හා “නිච්චා වා අනිච්චා වා”ති. අනිච්චා භන්තෙ. -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති. අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තාති. නො හෙතං භන්තෙ,
Sinhala BJTදිව නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය වේ ද? නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිතය නම් එය දුක් වේ ද? නොහොත් සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට නිසි වේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවං පස්සං භික්ඛු සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති.
Sinhala BJTමහණ, මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි සිතෙහි දු කලකිරෙයි.
Pali BJTනිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්චති විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTකලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. රහත් බව පිණිස කළ යුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස (කළයුතු) අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJTමිගජාලවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි මිගජාලවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමිගජාලෙන ද්වෙ වුත්තා චත්තාරො ච සමිද්ධිනා උපසෙනො උපවාණො ච ඡඵස්සායතනිකා තයො.
Sinhala BJTමිගජාල නමින් දෙකෙක් ද සමිද්ධි නමින් සතරෙක් ද උපසේන උපවාණ යයි දෙකෙක් ද ඵස්සායතනික සූත්‍ර තුනෙක් ද කියන ලදහ.
Pali BJT8. ගිලානවග්ගො
Sinhala BJT8. ගිලාන වර්‍ගය
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT74. සාවත්ථියං–
Sinhala BJT74. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසංකමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
Pali BJTඅමුකස්මිං{1} භන්තෙ, විහාරෙ අඤ්ඤතරො භික්ඛු නවො අප්පඤ්ඤාතො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සාධු භන්තෙ, භගවා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJTවහන්ස, “අසෝ වෙහෙරෙහි අප්‍රසිද්ධ වූ එක්තරා නවක මහණෙක් හටගත් රෝග ඇති ව දුකට පැමිණ දැඩිගිලන් ව වෙසෙයි. වහන්ස, අයදිමි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණ වෙත එළඹෙන සේක්වා” යි.
Pali BJTඅථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච{2} අප්පඤ්ඤාතො භික්ඛූති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චෙන සමඤ්චොසි. අථඛො භගවා තං භික්ඛුං එතදවොච: අලං භික්ඛු මා ත්වං මඤ්චෙන සමඤ්චොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන වචනයත් ගිලනෙක යන වචනයත් අසා නාඳුනන මහණෙකැයි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක්කේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළ සේක: “මහණ කම් නැත. තෙපි ඇඳෙන් නැගිටිනා අයුරක් නහමක් කරහු. පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
Pali BJTකච්චි තෙ භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJTමහණ තට කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? දුක්ඛ වේදනාවෝ කිම අඩු වෙද්ද? වැඩි නොවෙද්ද? මේ වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැ නේ දැ යි.
Pali BJTන මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපියි හැකි ය. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ වැඩිවෙත්. නොඅඩුවෙත්. මොවුන්ගේ වැඩිවීම මිස අඩුවීමෙක් නො පැනේ යි.
Pali BJTකච්චි තෙ භික්ඛු න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරොති? තග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං, අනප්පකො විප්පටිසාරොති.
Sinhala BJTමහණ “තට කිසියම් කුකුසෙක් නො වේ ද? කිසියම් විපිළිසරෙක් නො වේ දැ” යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරයෙක් වේ.
Pali BJTකච්චි පන ත්වං භික්ඛු අත්තා සීලතො උපවදතීති. න ඛො මෙ භන්තෙ අත්තා සීලතො උපවදතීති.
Sinhala BJTමහණ කිම තෙමේ තට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ මැ යි.
Pali BJTනො චෙ කිර ත්වං භික්ඛු අත්තා සීලතො උපවදති, අථ කිස්මිඤ්ච තෙ කුක්කුච්චං? කො ච විප්පටිසාරොති? න ඛො අහං භන්තෙ, සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
Sinhala BJTමහණ, ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නො ම දනිමි යි.
Pali BJTනො චෙ කිර ත්වං භික්ඛු සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං භික්ඛු, මයා ධම්මං දෙසිතං ආජානාසීති? රාගවිරාගත්ථඤ්ච ඛ්වාහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
Sinhala BJTමහණ ඉදින් තෙපි ශීලවිශුද්ධිය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි නො ම දනිහු නම් එකල්හි කුමක් පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිහු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලදැ යි මම දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු රාගවිරාගත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි. රාගවිරාගත්ථො හි භික්ඛු මයා ධම්මො දෙසිතො.
Sinhala BJTමහණ, මැනවි මැනවි. මහණ තෙපි රාගවිනය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිවු. මැනවි. මහණ මා විසින් දහම් දෙසන ලද්දේ රාගවිරාගය පිණිස මැ යි.
Pali BJTතං කිම්මඤ්ඤසි භික්ඛු චක්ඛුං “නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං එතං මම, එසො’හමස්මි එසො මෙ අත්තාති? නො හෙතං භන්තෙ -පෙ- ජිව්හා නිච්චා වා අනිච්චාවා ති? අනිච්චා භන්තෙ. -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTමහණ ඒ කිමැ යි හඟිහි ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම්: “මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය ... දිව නිත්‍ය ද, නැතහොත් අනිත්‍ය දැ යි වහන්ස, අනිත්‍ය ය … සිත නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද, නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය” යි එය දක්නට සුදුසු දැ යි. වහන්ස, නො වේම ය.
Pali BJTඑවං පස්සං භික්ඛු සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති සොතස්මිම්පි නිබ්බින්දති ඝානස්මිම්පි නිබ්බින්දති ජිව්හායපි නිබ්බින්දති කායස්මිම්පි නිබ්බින්දති මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහිදු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණුකල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදි. කටයුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුනො විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බන්තං නිරොධධම්මන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ අගාථක සූත්‍රය දෙසනු ලබන කල්හි ඒ මහණහට “යමක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසෙන සුලුය” යි. පහ වූ රජස් (කෙලෙස්) ඇති පැහැ වූ (කෙලෙස්) මල ඇති දහම් ඇස පහළ වූයේ යි.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJTදුතියගිලානසුත්තං
Sinhala BJTදුතිය ගිලාන සූත්‍රය
Pali BJT75. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසංඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අමුකස්මිං භන්තෙ විහාරෙ අඤ්ඤතරො භික්ඛු නවො අප්පඤ්ඤාතො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සාධු භන්තෙ, භගවා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJT75. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, අසෝ වෙහෙරෙහි එක්තරා අප්‍රසිද්ධ නවක මහණෙක් වැළඳුණු ලෙඩ ඇති ව දුකට පැමිණ දැඩි ගිලන් ව වෙසෙයි. අයදිමි වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණහු වෙත එළඹෙන සේක්වා යි.
Pali BJTඅථ ඛො භගවා නවවාදඤ්ච සුත්වා ගිලානවාදඤ්ච අප්පඤ්ඤාතො භික්ඛූති ඉති විදිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. අද්දසා ඛො සො භික්ඛු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චෙන සමඤ්චොසි. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච “අලං භික්ඛු මා ත්වං මඤ්චෙන සමඤ්චොසි, සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා තං භික්ඛුං එතදවොච,
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නවකයෙක යන කතාවත් ගිලනෙක යන කතාවත් අසා නාඳුනන මහණෙකැ යි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ තෙමේ එළඹෙන භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණට මෙය වදාළ සේක: මහණ, “කම් නැති, තෙපි ඇඳෙන් නැගිටින අයුරක් නහමක් කරහු පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳගන්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
Pali BJTකච්චි තෙ භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං කච්චි දුක්ඛා වෙදනා, පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJTමහණ “තට ඉවසිය හැකි ද යැපිය හැකි ද කිම දුක් වේදනාවෝ අඩුවෙත් ද වැඩි නොවෙද් ද වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැනේ දැ” යි.
Pali BJTන මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො අඩු වෙත්. ඔවුන්ගේ වැඩිවීමෙක් මිස අඩුවීමෙක් නො පැනේ යි.
Pali BJTකච්චි තෙ භික්ඛු න කිඤ්චි කුක්කුච්චං, න කොචි විප්පටිසාරොති. තග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං, අනප්පකො විප්පටිසාරොති.
Sinhala BJTමහණ, කිම තට කිසියම් කුකුසෙක් නො වේ ද කිසියම් විපිළිසරෙක් නො වේ දැ යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරෙක් වේ යි.
Pali BJTකච්චි පන ත්වං භික්ඛු අත්තා සීලතො න උපවදතීති. න ඛො මෙ භන්තෙ අත්තා සීලතො උපවදතීති.
Sinhala BJTමහණ, කිම තට තෙමේ ශීලයෙන් උපවාද කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් නහමක් උපවාද කෙරේ යි.
Pali BJTනො චෙ කිර ත්වං භික්ඛු අත්තා සීලතො උපවදති, අථ කිස්මිඤ්ච තෙ කුක්කුච්චං, කො ච විප්පටිසාරොති. න ඛොහං භන්තෙ සීලවිසුද්ධත්ථං භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
Sinhala BJTමහණ ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නොකෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද තාගේ විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි මම නො ම දනිමියි.
Pali BJTනො චෙ කිර ත්වං භික්ඛු සීලවිසුද්ධත්ථං මයා ධම්මං දෙසිතං ආජානාසි, අථ කිමත්ථං චරහි ත්වං භික්ඛු මයා ධම්මං දෙසිතං ආජානාසීති. අනුපාදා පරිනිබ්බානත්ථං ඛ්වාහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමීති.
Sinhala BJTමහණ, ඉදින් තෙපි මා විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නොදනිවු නම්, මහණ තෙපි එසේ ඇති කල්හි මා විසින් කුමක් පිණිස දහම් දෙසන ලදැ යි දනිවු දැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපාදාපරිනිර්‍වාණය පිණිස දහම් දෙසන ලදැයි මම දනිමි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො පන ත්වං භික්ඛු අනුපාදාපරිනිබ්බානත්ථාය මයා ධම්මං දෙසිතං ආජානාසි. අනුපාදා පරිනිබ්බානත්ථො හි භික්ඛු මයා ධම්මො දෙසිතො.
Sinhala BJTමහණ මැනවි මැනවි. මහණ තෙපි මා විසින් අනුපාදාපරිනිර්‍වාණය පිණිස දහම් දෙසන ලදැ යි දනිහු යනු මනාමය. මහණ මා විසින් උපාදාන නො කොට පිරිනිවීම පිණිස ම දහම් දෙසන ලදි.
Pali BJTතං කිං මඤ්ඤසි භික්ඛු චක්ඛුං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං “එතං මම, එසො හමස්මි එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ රූපා නිච්චා වා අනිච්චා වාති. අනිච්චා භන්තෙ -පෙ- චක්ඛු විඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සො -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං. “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නොහෙතං භන්තෙ.
Sinhala BJTමහණ තෙපි ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නැතහොත් අනිත්‍ය දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද නැතහොත් සුව වේ දැයි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය. රූ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි. වහන්ස, අනිත්‍ය ය … චක්ඛුවිඤ්ඤාණය ... ඇස් පහස … ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද … මනපහස නිසා දුක් වූ හෝ සුව වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද නිත්‍ය ද නැතහොත් අනිත්‍ය ද? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවං පස්සං භික්ඛු සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණ මෙසේ දක්නාසුලු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරේ, රූ හි දු කලකිරේ, චක්ඛුවිඤ්ඤාණයෙහි දු කලකිරේ, ඇස්පහස්හි දු කලකිරේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරේ … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දි. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිතැති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ ආගාථකසූත්‍රය බණනු ලබන කල්හි ඒ මහණහුගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුනේ යි.
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJTඅනිච්චසුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT76. අථ ඛො ආයස්මා රාධො යෙන භගවා තෙනුපසංකමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT76. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අයදිමි “භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසන්නෙම් නම් (එබඳු) දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.
Pali BJTයං ඛො රාධ, අනිච්චං තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කිඤ්ච රාධ, අනිච්චං? චක්ඛුං ඛො රාධ, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනිච්චා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො; චක්ඛුවිඤ්ඤාණං අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො; චක්ඛුසම්ඵස්සො අනිච්චො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො; යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො; -පෙ-
Sinhala BJTරාධ, යමක් අනිස නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකටයුතු ය. රාධ කුමක් අනිස ද යත්: රාධය, ඇස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රූ අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
Pali BJTජිව්හා අනිච්චා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො: රසා අනිච්චා, -පෙ- ජිව්හාවිඤ්ඤාණං අනිච්චං -පෙ- ජිව්හාසම්ඵස්සො අනිච්චො -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො -පෙ-
Sinhala BJTදිව අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රස අනිස ය ... ජිව්හාවිඤ්ඤාණය අනිස ය. … දිව්පහස අනිසය … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිස ය එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
Pali BJTමනො අනිච්චො. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා අනිච්චා -පෙ- මනොවිඤ්ඤාණං අනිච්චං -පෙ- මනොසම්ඵස්සො අනිච්චො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යං ඛො රාධ අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTසිත අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකට යුතු ය. දහම් අනිස ය. … මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය. … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රාධය, යමක් අනිස නම් එහිලා ඡන්‍දය පහකටයුතු යි.
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJTදුක්ඛසුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT77. යං ඛො රාධ, දුක්ඛං තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කිඤ්ච රාධ දුක්ඛං: චක්ඛුං ඛො රාධ, දුක්ඛං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා දුක්ඛා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බා. චක්ඛුසම්ඵස්සො දුක්ඛො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පිදුක්ඛං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යං ඛො රාධ, දුක්ඛං තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJT77. රාධය, යමක් දුක් නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකළ යුතු ය. රාධය, කුමක් දුක් ද යත්: රාධ, ඇස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද දුක් ය. එහිලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් දුක් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.
Pali BJTඅනත්තසුත්තං
Sinhala BJTඅනත්ත සූත්‍රය
Pali BJT78. අථ ඛො ආයස්මා රාධො යෙන භගවා තෙනුපසංකමි -පෙ- “යො ඛො රාධ, අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කො ච රාධ, අනත්තා: චක්ඛුං ඛො රාධ අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
Sinhala BJT78. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … රාධ යමක් අනත් නම් එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ කුමක් අනත්ද යත්: රාධ, ඇස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
Pali BJTයම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො -පෙ-
Sinhala BJTඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
Pali BJTජිව්හා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රසා -පෙ- ජිව්හා විඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි -පෙ- මනො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අනත්තා. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යො ඛො රාධ අනත්තා තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTදිව අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. හෙ ද … සිත අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. දහම් … මනෝවිඤ්ඤාණය ... මනපහස … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් අනත් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJTඅවිජ්ජාසුත්තං
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය
Pali BJT79. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අත්ථි ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. කතමො පන භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? අවිජ්ජා ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
Sinhala BJT79. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය . … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇද්දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහමෙක් ඇත් ම ය. වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහු ගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
Pali BJTකථම්පන භන්තෙ, ජානතො කථම්පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? චක්ඛුං ඛො භික්ඛු අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති -පෙ-
Sinhala BJTවහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද? විදු උපදී දැ? යි. මහණ, ඇස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදි යි. රූ අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි ...
Pali BJTජිව්හං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රසෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සං -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති -පෙ-
Sinhala BJTදිව අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පහවෙයි. විදු උපදියි. ...
Pali BJTමනං අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ධම්මෙ -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
Sinhala BJTසිත අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි. දහම් … මනෝවිඤ්ඤාණය … මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදි යි.
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJTදුතිය අවිජ්ජාසුත්තං
Sinhala BJTදුතිය අවිජ්ජා සූත්‍රය
Pali BJT80. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අත්ථි ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. කතමො පන භන්තෙ, එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති. අවිජ්ජා ඛො භික්ඛු එකො ධම්මො යස්ස පහාණා භික්ඛුනො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතීති.
Sinhala BJT80. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී ද, එබඳු එක්දහමෙක් ඇද් දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇත් මැ යි. වහන්ස, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
Pali BJTකථම්පන භන්තෙ, ජානතො කථං පස්සතො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති? ඉධ භික්ඛු, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං භික්ඛු, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති; සො සබ්බං ධම්මං{1} අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති සබ්බං ධම්මං පරිඤ්ඤාය සබ්බනිමිත්තානි අඤ්ඤතො පස්සති, චක්ඛුං අඤ්ඤතො පස්සති, රූපෙ අඤ්ඤතො පස්සති, චක්ඛුවිඤ්ඤාණං අඤ්ඤතො පස්සති, චක්ඛුසම්ඵස්සං අඤ්ඤතො පස්සති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අඤ්ඤතො පස්සති -පෙ-
Sinhala BJTවහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද විදු උපදී දැ යි. මහණ, මෙහි මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්‍ම (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මහණහු විසින් සියලු (ත්‍රෛභූමක) ධර්‍ම (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි මෙය අසන ලද්දේ වේ නම් හෙතෙමේ සියලු දහම් වෙසෙසින් දනී. සියලු දහම් වෙසෙසින් දැන සියලු දහම් පිරිසිඳ දනී. සියලු දහම් පිරිසිඳ දැන සියලු නිමිත් අනත් විසින් දකී. ඇස අනත් විසින් දකී. රූ අනත් විසින් දකී. චක්ඛුවිඤ්ඤාණය අනත් විසින් දකී. ඇස්පහස අනත් විසින් දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී ...
Pali BJTයම්පිදං මනො සම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තම්පි අඤ්ඤතො පස්සති එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො භික්ඛුනො අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජතීති.
Sinhala BJTමනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහු ගේ අවිදු පැහේ. විදු උපදී.
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJTසම්බහුලභික්ඛුසුත්තං
Sinhala BJTසම්බහුලභික්ඛු සූත්‍රය
Pali BJT81. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං ඉධ නො භන්තෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එවං පුච්ඡන්ති: කිමත්ථියං ආවුසො සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති? එවං පුට්ඨා මයං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරොම: දුක්ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති. කච්චි මයං භන්තෙ, එවං පුට්ඨා එවං බ්යාකරමානා වුත්තවාදිනො චෙව භගවතො හොම න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාම, ධම්මස්ස චානුධම්මං ව්යාකරොම, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
Sinhala BJT81. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකපස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි මෙසේ අප පුළුවුසිති. වහන්ස, එසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජ්ජනට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනගනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ ය” යි මෙසේ පවසමු. වහන්ස, කිමෙක් ද? එසේ පුළුවුස්නා ලද අපි මෙඅයුරින් පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කෙරෙමු ද? දහමට ද අනුදහමක් පවසමු ද? කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතුබවට නො පැමිණේ දැ යි.