Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9201-9300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රසෙ අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ජිව්හා විඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ජිව්හාසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති.
Sinhala BJTනැහැය … දිව අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රස අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදී. ජිහ්වාසංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.
Pali BJTකායං -පෙ- මනං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. ධම්මෙ අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. මනොවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. මනොසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතීති.
Sinhala BJTකය ... මනස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. දහම් අනිස විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනෝවිඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. මහණ, මෙසේ දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී යි.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJTසඤ්ඤොජනපහානසුත්තං
Sinhala BJTසංයෝජන පහාන සූත්‍රය
Pali BJT54. සාවත්ථියං–
Sinhala BJT54. සැවැත්නුවර–
Pali BJTකථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො, සඤ්ඤොජනා පහීයන්තීති?
Sinhala BJTවහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති. චක්ඛුවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති. චක්ඛුසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො සඤ්ඤොජනා පහීයන්ති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. රූප අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය, අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවක් උපදී නම් හෙද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ. මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ.
Pali BJTඑවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො සඤ්ඤොජනා පහීයන්තීති.
Sinhala BJTමහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන ප්‍රහීණ වේ යයි.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJTසඤ්ඤොජනසමුග්ඝාතසුත්තං
Sinhala BJTසංයෝජන සමුග්ඝාත සූත්‍රය
Pali BJT55. කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්තීති?
Sinhala BJT55. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති. රූපෙ අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති. චක්ඛුවිඤ්ඤාණං අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති. චක්ඛුසම්ඵස්සං අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති. -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්ති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. රූප අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් ම නැසීමට යේ. චක්‍ෂුස්සංසපර්‍ෂය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ … මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ.
Pali BJTඑවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො සඤ්ඤොජනා සමුග්ඝාතං ගච්ඡන්තීති.
Sinhala BJTමහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ යි.
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJTආසවප්පහානසුත්තං
Sinhala BJTආසවපහාන සූත්‍රය
Pali BJT56. සාවත්ථියං–
Sinhala BJT56. සැවැත්නුවර–
Pali BJTකථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ආසවා පහීයන්තීති.
Sinhala BJTවහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො ආසවා පහීයන්ති. රූපෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො ආසවා පහීයන්ති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ. රූ ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස් සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ.
Pali BJTඑවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො ආසවා පහීයන්තීති.
Sinhala BJTමහණ, මෙසේ දන්නහුට දක්නහුට ආස්‍රව ප්‍රහීණ වේ යි.
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJTආසවසමුග්ඝාතසුත්තං
Sinhala BJTආසවසමුග්ඝාත සූත්‍රය
Pali BJT57. කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ආසවා සමුග්ඝාතං ගච්ඡන්තීති?
Sinhala BJT57. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනත්තතො ජානතො පස්සතො ආසවා සමුග්ඝාතං ගච්ඡන්ති. රූපෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො ආසවා සමුග්ඝාතං ගච්ඡන්ති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් නැසීම යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්‍රව සහමුලින් ම නැසීමට යේ.
Pali BJTඑවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො ආසවා සමුග්ඝාතං ගච්ඡන්ති.
Sinhala BJTමහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රව සහමුලින් නැසීමට යේ යි.
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJTඅනුසයප්පහානසුත්තං
Sinhala BJTඅනුසයප්පහාන සූත්‍රය
Pali BJT58. කථන්නු ඛො භන්තෙ ජානතො කථං පස්සතො අනුසයා පහීයන්තීති?
Sinhala BJT58. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනිච්චතො ජානතො පස්සතො අනුසයා පහීයන්ති. රූපෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො අනුසයා පහීයන්තීති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුසංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දනන්හුට දක්නහුට අනුසය ප්‍රහීණ වේ.
Pali BJTඑවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො අනුසයා පහීයන්තීති.
Sinhala BJTමහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය ප්‍රහීණ වේ යි.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJTඅනුසයසමුග්ඝාතසුත්තං
Sinhala BJTඅනුසයසමුග්ඝාත සූත්‍රය
Pali BJT59. සාවත්ථියං–
Sinhala BJT59. සැවැත්නුවර–
Pali BJTකථන්නු ඛො භන්තෙ ජානතො කථං පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්තීති?
Sinhala BJTවහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු, අනත්තතො ජානතො පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති, රූපෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ. රූප ... චක්‍ෂුර්විඥානය ... චක්‍ෂුස්සංස්පර්‍ශය ... මනස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ.
Pali BJTඑවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො අනුසයා සමුග්ඝාතං ගච්ඡන්තී ති.
Sinhala BJTමහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ යි.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJTසබ්බුපාදානපරිඤ්ඤාසුත්තං
Sinhala BJTසබ්බුපාදානපරිඤ්ඤා සූත්‍රය
Pali BJT60. සබ්බුපාදානපරිඤ්ඤාය වො භික්ඛවෙ, ධම්මං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, සබ්බුපාදානපරිඤ්ඤාය ධම්මො:
Sinhala BJT60. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:
Pali BJTචක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති{1} චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවංපස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා{2} පරිඤ්ඤාතං මෙ උපාදානන්ති පජානාති.
Sinhala BJTඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො සොතස්මිම්පි නිබ්බින්දති. සද්දෙසුපි නිබ්බින්දති, සොතවිඤ්ඤාණෙපි නිබ්බින්දති, සොතසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරිඤ්ඤාතං මෙ උපාදාන”න්ති පජානාති.
Sinhala BJTකනත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කනෙහිත් කලකිරෙයි. ශබ්දයන්හිත් කලකිරෙයි. සෝතවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
Pali BJTඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති, ඝානවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවංපස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො ඝානස්මිම්පි නිබ්බින්දති, ගන්ධෙසුපි නිබ්බින්දති, ඝානවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ඝානසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරිඤ්ඤාතං මෙ උපාදාන”න්ති පජානාති.
Sinhala BJTනැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැහැයෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. ඝානවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝානසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
Pali BJTජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො ජිව්හායපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි නිබ්බින්දති,
Sinhala BJTදිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශයයි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
Pali BJTවෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරිඤ්ඤාතං මෙ උපාදාන”න්ති පජානාති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො කායෙපි නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති, කායවිඤ්ඤාණෙපි නිබ්බින්දති, කායසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරිඤ්ඤාතං මෙ උපාදාන”න්ති පජානාති.
Sinhala BJTකයත් ඵොට්ඨබ්බත් නිසා කායවිඤ්ඤාණ උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කයෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බයන්හිත් කලකිරෙයි, කායවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
Pali BJTමනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමොක්ඛා “පරිඤ්ඤාතං මෙ උපාදාන”න්ති පජානාති. අයං ඛො භික්ඛවෙ, සබ්බුපාදානපරිඤ්ඤාය ධම්මොති.
Sinhala BJTසිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි, මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි, මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්‍මය යි.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJTසබ්බුපාදානපරියාදානසුත්තං
Sinhala BJTසබ්බුපාදානපරියාදාන සූත්‍රය
Pali BJT61. සබ්බුපාදානපරියාදානාය වො භික්ඛවෙ, ධම්මං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, සබ්බුපාදානපරියාදානාය ධම්මො: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරියාදින්නං මෙ උපාදාන”න්ති පජානාති, -පෙ-
Sinhala BJT61. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනි.
Pali BJTජිව්හං ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො ජිව්හායපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමොක්ඛා “පරියාදින්නං මෙ උපාදාන”න්ති පජානාති -පෙ-
Sinhala BJTදිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී.
Pali BJTමනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමොක්ඛා “පරියාදින්නං මෙ උපාදාන”න්ති පජානාති. අයං ඛො භික්ඛවෙ, සබ්බුපාදානපරියාදානාය ධම්මොති.
Sinhala BJTසිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්‍ශ යි. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සිතෙහිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලිකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය ක්‍ෂය කරන ලදැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJTදුතිය සබ්බුපාදානපරියාදානසුත්තං
Sinhala BJTදුතියසබ්බුපාදානපරියාදාන සූත්‍රය
Pali BJT62. සාවත්ථියං–
Sinhala BJT62. සැවැත්නුවර–
Pali BJTසබ්බුපාදානපරියාදානාය වො භික්ඛවෙ, ධම්මං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, සබ්බුපාදානපරියාදානාය ධම්මො?
Sinhala BJTමහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය කවරේ ද යත්:
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, චක්ඛු නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා”ති? නොහෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්‍ය ද නොහොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් වෙයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය” යි. දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
Pali BJTරූපා නිච්චා වා අනිච්චා වා ති? අනිච්චා භන්තෙ. -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- චක්ඛුසම්ඵස්සො -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං -පෙ- තම්පි -පෙ- සොතං -පෙ- සද්දා -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- සොතසම්ඵස්සො -පෙ- යම්පිදං සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං -පෙ- තම්පි -පෙ- ඝානං -පෙ- ගන්ධා -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ඝානසම්ඵස්සො -පෙ- යම්පිදං ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං -පෙ- තම්පි -පෙ- කායො -පෙ- කායවිඤ්ඤාණං -පෙ- කායසම්ඵස්සො -පෙ- යම්පිදං කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං -පෙ- තම්පි -පෙ- මනො -පෙ- ධම්මා -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නොහෙතං භන්තෙ.
Sinhala BJTරූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය ... චක්ඛුසම්ඵස්සය … චක්ඛුසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද … සෝතය … සද්දය … සෝතවිඤ්ඤාණය … සෝතසම්ඵස්සය … සෝතසම්ඵස්සය නිසා යම් වේදනාවක් උපදී නම් එ ද .... ඝානය … ගන්‍ධය ... ඝාණවිඤ්ඤාණය ... ඝානසම්ඵස්සය … ඝානසම්ඵස්සය නිසා යම් වේදනාවෙක් උපදී නම් එ ද ... කායය ... ඵොට්ඨබ්බය … කායවිඤ්ඤාණය … කායසම්ඵස්සය … කායසම්ඵස්සය නිසා යම් වේදනායෙක් උපදී නම් එ ද ... චිත්තය ... ධම්මය ... මනෝවිඤ්ඤාණය ... මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය තෙල මාගේ ය, තෙල මම වෙමි. තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං ඛො භික්ඛවෙ, සබ්බුපාදානපරියාදානාය ධම්මොති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නොඇල්මෙන් මිදෙයි. මිදුණුකල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූ ය. බඹසැර වැස නිමවන ලද සිවුමග කටයුතු කරන ලද, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණෙනි, මේ සියලු උපාදානයන් ක්‍ෂය කිරීම පිණිස වූ ධර්‍මය යි.
Pali BJTඅවිජ්ජාවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි අවිජ්ජා වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅවිජ්ජා සඤ්ඤොජනා ද්වෙ ආසවා අපරෙ දුවෙ, අනුසයෙන ද්වෙ වුත්තා පරිඤ්ඤා ද්වෙ පරියාදින්නෙ තෙදසාති.
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය සඤ්ඤෝජනසූත්‍ර දෙක ය, අනෙක් ආස්‍රව සූත්‍ර දෙක ය, අනුසය නමින් කියන ලද සූත්‍රදෙක ය, පරිඤ්ඤා සූත්‍රය, පරියාදාන සූත්‍රදෙකය යි ඔහු දශයෙකි.
Pali BJT7. මිගජාලවග්ගො
Sinhala BJT7. මිගජාල වර්‍ගය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJTමිගජාලසුත්තං
Sinhala BJTමිගජාල සූත්‍රය
Pali BJT63. සාවත්ථියං–
Sinhala BJT63. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා මිගජාලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මිගජාලො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
Pali BJT“එකවිහාරී එකවිහාරී”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ එකවිහාරී හොති? කිත්තාවතා ච පන සදුතිය{1} විහාරී ච හොතීති? සන්ති ඛො මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී, නන්දියා සති සාරාගො හොති සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජන සඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු සදුතිය{1} විහාරීති වුච්චති. සන්ති ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දියා සති සාරාගො හොති, සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජන සඤ්ඤුත්තො{2} ඛො මිගජාල භික්ඛු සදුතිය{1} විහාරීති වුච්චති. -පෙ-
Sinhala BJTවහන්ස, “ඒකවිහාරී ඒකවිහාරී” (එකලා ව වසනසුලු) යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඒකවිහාරී වේ ද? කෙතෙකින් සදුතියවිහාරීත් (දෙවැන්නකු සමඟ වසනසුලුත්) වේ දැ? යි. මිගජාල, ඇසින් දතයුතු ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති (ක්ලේශ) කාමයෙන් යුක්ත වූ රැඳිය යුතු වූ රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරී යයි කියනු ලැබේ. මිගජාල ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳියයුතු දිවින් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි, දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරි යයි කියනු ලැබේ ...
Pali BJTසන්ති ඛො මිගජාල, මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී, නන්දියා සති සාරාගො හොති, සාරාගෙ සති සඤ්ඤොගො හොති. නන්දිසඤ්ඤොජනසඤ්ඤුත්තො ඛො මිගජාල, භික්ඛු සදුතිය විහාරීති වුච්චති.
Sinhala BJTමිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ සදුතියවිහාරී ය යි කියනු ලැබේ.
Pali BJTඑවං විහාරී ච මිගජාල භික්ඛු කිඤ්චාපි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, අථ ඛො සදුතියවිහාරීති වුච්චති. තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස අප්පහීනා. තස්මා සදුතිය විහාරීති වුච්චති.
Sinhala BJTමිගජාල, මෙසේ වසනසුලු වූ ද මහණ තෙමේ ශබ්ද රහිත වූ ඝෝෂ රහිත වූ ජනහසරින් උපදනා පවන් රහිත වූ මිනිසුන්ගේ රහස් ක්‍රියාවන්ට සුදුසු වූ එකලා ව විසුමට සුදුසු වූ වනසෙනසුන් ද වනප්‍රස්ථ (=මනුෂ්‍යෝපචාරයෙන් ඈත) සෙනසුන් ද ප්‍රාන්ත (=මනුෂ්‍යවාසයෙන් ඉතා ඈත) සෙනසුන් ද සෙවුනේ නමුදු සදුතිය විහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්නා ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවූවා ය. එහෙයින් සදූතිය විහාරී යයි කියනු ලැබේ.
Pali BJTසන්ති ඛො මිගජාල, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති, සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජනවිසඤ්ඤුත්තො ඛො මිගජාල, භික්ඛු එකවිහාරීති වුච්චති. -පෙ-
Sinhala BJTමිගජාල, ඉටු අරමුණ වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, නොවනා ද, ගැලී නො සිටී ද, එය නොපතන නොවනන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නො බැඳුණු මහණ ඒකවිහාරී යයි කියනු ලැබේ ...
Pali BJTසන්ති ච ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති. සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජනවිසඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු එකවිහාරීති වුච්චති. -පෙ-
Sinhala BJTමිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු දිවෙන් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමෙ එය නො පතා ද ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම් නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී යයි කියනු ලැබේ.
Pali BJTසන්ති ච ඛො මිගජාල මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු න අභිනන්දති න අභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති, නන්දියා අසති සාරාගො න හොති. සාරාගෙ අසති සඤ්ඤොගො න හොති. නන්දිසඤ්ඤොජන විසඤ්ඤුත්තො ඛො මිගජාල භික්ඛු එකවිහාරීති වුච්චති.
Sinhala BJTමිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳියයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී ය යි කියනු ලැබේ.
Pali BJTඑවං විහාරී ච මිගජාල භික්ඛු කිඤ්චාපි ගාමන්තෙ විහරති ආකිණ්ණො භික්ඛූහි භික්ඛුණීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, අථ සො එකවිහාරීති වුච්චති තං කිස්ස හෙතු? තණ්හා හිස්ස දුතියා, සාස්ස පහීනා, තස්මා එකවිහාරීති වුච්චතීති.
Sinhala BJTමිගජාල මෙසේ වෙසෙනුලුසු මහණ ඉදිනුදු මහණුන්ගෙන් මෙහෙණන්ගෙන් උවසුන්ගෙන් උවැසියන්ගෙන් රජුන්ගෙන් රජමහා ඇමැතියන්ගෙන් තොටුවන්ගෙන් තොටුසව්වන්ගෙන් ගැවසීගන්නා ලද්දේ ග්‍රාමාන්ත සෙනසුන්හි වෙසේ ද එහෙත් ඒකවිහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්න ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ය. එහෙයින් ඒකවිහාරී යයි කියනු ලැබේ යි.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJTදුතිය මිගජාලසුත්තං
Sinhala BJTදුතිය මිගජාල සූත්‍රය
Pali BJT64. අථ ඛො ආයස්මා මිගජාලො යෙන භගවා තෙනුපසඞ්කමි, -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා මිගජාලො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ භගවා, සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT64. එකල්හි, ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
Pali BJTසන්ති ඛො මිගජාල චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දිසමුදයා දුක්ඛසමුදයො, මිගජාලාති වදාමි. -පෙ-
Sinhala BJTමිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ යයි කියමි.
Pali BJTසන්ති ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. නන්දිසමුදයා දුක්ඛසමුදයො, මිගජාලාති වදාමි.
Sinhala BJTමිගජාල ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳීමට සුදුසු දිවෙන් දත යුතු රස ... ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ ය යි කියමි.
Pali BJTසන්ති ච ඛො මිගජාල චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු න අභිනන්දති න අභිවදති න අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දිනිරොධා දුක්ඛනිරොධො මිගජාලාති වදාමි. -පෙ-
Sinhala BJTමිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන, ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ ය යි කියමි.
Pali BJTසන්ති ච ඛො මිගජාල ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- සන්ති ච ඛො මිගජාල මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දිනිරොධා දුක්ඛනිරොධො, මිගජාලාති වදාමීති. අථ ඛො ආයස්මා මිගජාලො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTමිගජාල, ... දිවෙන් දත යුතු රස ඇත. මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇත කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ ය යි කියමි යි. ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා මිගජාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා මිගජාලො අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ හුදකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසනුවෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර අර්‍හත්ත්‍වය ඉහාත්මයෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට (එයට) එළඹ විසූහ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි අවබෝධ කළහ. ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJTසමිද්ධි-මාරපඤ්හසුත්තං
Sinhala BJTසමිද්ධි මාරපඤ්හ සූත්‍රය
Pali BJT65. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. අථ ඛො ආයස්මා සමිද්ධි යෙන භගවා තෙනුපසංකමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච: මාරො, මාරොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ මාරො වා අස්ස මාරපඤ්ඤත්ති වාති?
Sinhala BJT65. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවන අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළමියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.: “වහන්ස, ‘මාර යැ මාර යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් මාර හෝ මාර ප්‍රඥප්ති වන්නේ දැ”යි.
Pali BJTයත්ථ ඛො සමිද්ධි අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි ජිව්හා, අත්ථි රසා, අත්ථි ජිව්හාවිඤ්ඤාණං, අත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි මනො, අත්ථි ධම්මා, අත්ථි මනොවිඤ්ඤාණං, අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා.
Sinhala BJTසමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාර ප්‍රඥප්ති හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිව්හාවිඥාන ඇද්ද, ජිව්හාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති ඇති.
Pali BJTයත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි ජිව්හා, නත්ථි රසා, නත්ථි ජිව්හාවිඤ්ඤාණං, නත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ මාරො වා මාරපඤ්ඤත්ති වාති.
Sinhala BJTතවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥානය නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... ජිව්හා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි මාර හෝ මාරප්‍රඥප්ති හෝ නැතැ යි.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJTසමිද්ධි-සත්තපඤ්හසුත්තං
Sinhala BJTසමිද්ධි සත්තපඤ්හ සූත්‍රය
Pali BJT66. රාජගහෙ–
Sinhala BJT66. රජගහනුවර–
Pali BJTසත්තො සත්තොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සත්තො වා අස්ස සත්තපඤ්ඤත්ති වාති?
Sinhala BJT“වහන්ස, ‘සත්ත්‍ව’ යැ ‘සත්ත්‍ව’ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘සත්ත්‍ව’ හෝ ‘සත්ත්‍වප්‍රඥප්ති’ හෝ වන්නේ දැ” යි.
Pali BJTයත්ථ ඛො සමිද්ධි අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි ජිව්හා, අත්ථි රසා, අත්ථි ජිව්හාවිඤ්ඤාණං, අත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි මනො, අත්ථි ධම්මා, අත්ථි මනොවිඤ්ඤාණං, අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා.
Sinhala BJTසමිද්ධිය, යම් තැනෙක, චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති ඇති.
Pali BJTයත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි ජිව්හා, නත්ථි රසා, නත්ථි ජිව්හාවිඤ්ඤාණං, නත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වාති.
Sinhala BJTතවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්‍ව හෝ සත්ත්‍වප්‍රඥප්ති නැතැ’යි.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJTසමිද්ධි-දුක්ඛපඤ්හසුත්තං
Sinhala BJTසමිද්ධි දුක්ඛපඤ්හ සූත්‍රය
Pali BJT67. දුක්ඛං දුක්ඛන්ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, දුක්ඛං වා අස්ස දුක්ඛපඤ්ඤත්ති වාති?
Sinhala BJT67. වහන්ස, ‘දුඃඛ යැ දුඃඛ යැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
Pali BJTයත්ථ ඛො සමිද්ධි අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ දුක්ඛං වා දුක්ඛපඤ්ඤත්ති වා. -පෙ- අත්ථි ජිව්හා, අත්ථි රසා -පෙ- අත්ථි මනො, අත්ථි ධම්මා, අත්ථි මනොවිඤ්ඤාණං, අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ දුක්ඛං වා දුක්ඛපඤ්ඤත්ති වා.
Sinhala BJTසමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇත ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ ඇති.
Pali BJTයත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ දුක්ඛං වා දුක්ඛපඤ්ඤත්ති වා. -පෙ- නත්ථි ජිව්හා, නත්ථි රසා, -පෙ- නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ දුක්ඛං වා දුක්ඛපඤ්ඤත්ති වාති.
Sinhala BJTතවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති, හෝ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද … මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්‍රඥප්ති’ හෝ නැති.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJTසමිද්ධි-ලොකපඤ්හසුත්තං
Sinhala BJTසමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය
Pali BJT68. ලොකො ලොකොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ලොකො වා අස්ස ලොකපඤ්ඤත්ති වාති?
Sinhala BJT68. වහන්ස, ‘ලෝක’ යැ ‘ලෝක’ යැ යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
Pali BJTයත්ථ ඛො සමිද්ධි, අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වා -පෙ- අත්ථි ජිව්හා අත්ථි රසා -පෙ- අත්ථි මනො අත්ථි ධම්මා අත්ථි මනොවිඤ්ඤාණං අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වා.
Sinhala BJTසමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥාන ඇද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ හෝ ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද ... මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ ඇත.
Pali BJTයත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු නත්ථි රූපා නත්ථි චක්ඛුවිඤ්ඤාණං නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වා -පෙ- නත්ථි ජිව්හා නත්ථි රසා -පෙ- නත්ථි මනො නත්ථි ධම්මා නත්ථි මනොවිඤ්ඤාණං නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ ලොකො වා ලොකපඤ්ඤත්ති වාති.
Sinhala BJTතවද සමිද්ධිය, යම් තැනෙක චක්‍ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්‍ෂුර්විඥාන නැද්ද, චක්‍ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්‍රඥප්ති’ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද ... මනස නැද්ද, ධර්‍මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ලෝක හෝ ලෝකප්‍රඥප්ති හෝ නැතැ’යි.