Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසබ්බඤ්ච ද්වෙපි පහානා පරිජානා අපරෙ දුවෙ ආදිත්තං අන්ධභූතඤ්ච සාරුප්පා ද්වෙව සප්පායා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTසබ්බ සූත්‍ර යැ ප්‍රහාණසූත්‍ර දෙක යැ අපරිජානසූත්‍ර දෙක යැ ආදිත්තපරියායසූත්‍ර යැ අන්‍ධභූතසූත්‍ර යැ සාරුප්පපටිපදාසූත්‍ර යැ සප්පායපටිපදාසූත්‍ර දෙක යි. එයින් වර්‍ගය කියනු ලැබේ.
Pali BJT4. ජාතිධම්මවග්ගො
Sinhala BJT4. ජාතිධම්ම වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTජාතිධම්ම සුත්තං
Sinhala BJTජාතිධම්ම සූත්‍රය
Pali BJT33. සාවත්ථියං–
Sinhala BJT33. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ, ජාතිධම්මං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං ජාතිධම්මං: චක්ඛුං භික්ඛවෙ, ජාතිධම්මං. රූපා ජාතිධම්මා, චක්ඛුවිඤ්ඤාණං ජාතිධම්මං, චක්ඛුසම්ඵස්සො ජාතිධම්මො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජාතිධම්මං.
Sinhala BJTමහණෙනි, සියල්ල උපදිනසුලු යැ මහණෙනි, කවර සියල්ලක් උපදිනසුලු ද යත්: මහණෙනි, ඇස උපදිනසුලු යැ. රූපයෝ උපදිනසුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය උපදිනසුලු ය. චක්ඛුසම්ඵස්සය උපදෙනසුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
Pali BJTසොතං ජාතිධම්මං. සද්දා ජාතිධම්මා, සොතවිඤ්ඤාණං ජාතිධම්මං, සොතසම්ඵස්සො ජාතිධම්මො. යම්පිදං සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජාතිධම්මං.
Sinhala BJTකන උපදිනසුලු ය. ශබ්දයෝ උපදිනසුල්ලහ. සෝතවිඤ්ඤාණය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය උපදිනසුලු ය. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
Pali BJTඝානං ජාතිධම්මං. ගන්ධා ජාතිධම්මා, ඝානවිඤ්ඤාණං ජාතිධම්මං, ඝානසම්ඵස්සො ජාතිධම්මො. යම්පිදං ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජාතිධම්මං.
Sinhala BJTනැහැය උපදිනසුලු ය. ගන්‍ධයෝ උපදිනසුල්ලහ. ඝානවිඤ්ඤාණය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය උපදිනසුලු ය. ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යැ.
Pali BJTජිව්හා ජාතිධම්මං. රසා ජාතිධම්මා, ජිව්හාවිඤ්ඤාණං ජාතිධම්මං, ජිව්හාසම්ඵස්සො ජාතිධම්මො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජාතිධම්මං.
Sinhala BJTදිව උපදිනසුලු ය. රසයෝ උපදිනසුල්ලහ. ජිව්හාවිඤ්ඤාණය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය උපදිනසුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් වේ නම් හෙ ද උපදිනසුලු ය.
Pali BJTකායො ජාති ධම්මො, ඵොට්ඨබ්බා ජාතිධම්මා, කායවිඤ්ඤාණං ජාතිධම්මං, කායසම්ඵස්සො ජාතිධම්මො, යම්පිදං කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමුඛං වා තම්පි ජාති ධම්මං.
Sinhala BJTකය උපදිනසුලු ය. ඵොට්ඨබ්බයෝ උපදිනසුල්ලහ. කායවිඤ්ඤාණය උපදිනසුලු ය. කායසම්ඵස්සය උපදිනසුලු ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදින සුලු යැ.
Pali BJTමනො ජාතිධම්මො, ධම්මා ජාතිධම්මා, මනොවිඤ්ඤාණං ජාතිධම්මං, මනොසම්ඵස්සො ජාතිධම්මො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජාතිධම්මං.
Sinhala BJTමනස උපදිනසුලු ය. දහම්හු උපදිනසුල්ලහ. මනෝවිඤ්ඤාණය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය උපදිනසුලු ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද උපදිනසුලු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි … මේ රහත් බැව් පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTජරාධම්මසුත්තං
Sinhala BJTජරාධම්ම සූත්‍රය
Pali BJT34. සාවත්ථියං–
Sinhala BJT34. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ ජරාධම්මං -පෙ-
Sinhala BJTමහණෙනි, සියල්ල දිරනසුලු ය ...
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTව්යාධිධම්මසුත්තං
Sinhala BJTව්‍යාධිධම්ම සූත්‍රය
Pali BJT35. සබ්බං භික්ඛවෙ, ව්යාධිධම්මං -පෙ-
Sinhala BJT35. මහණෙනි, සියල්ල ලෙඩ වනසුලු ය ...
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTමරණධම්මසුත්තං
Sinhala BJTමරණධම්ම සූත්‍රය
Pali BJT36. සබ්බං භික්ඛවෙ, මරණධම්මං -පෙ-
Sinhala BJT36. මහණෙනි, සියල්ල මැරෙනසුලු ය ...
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTසොකධම්මසුත්තං
Sinhala BJTසෝකධම්ම සූත්‍රය
Pali BJT37. සබ්බං භික්ඛවෙ, සොකධම්මං -පෙ-
Sinhala BJT37. මහණෙනි, සියල්ල ශෝක ස්වභාව යැ ...
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTසංකිලෙසධම්මසුත්තං
Sinhala BJTසංකිලෙසධම්ම සූත්‍රය
Pali BJT38. සබ්බං භික්ඛවෙ, සංකිලෙසිකධම්මං -පෙ-
Sinhala BJT38. මහණෙනි, සියල්ල කෙලෙසෙනසුලු ය ...
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTඛයධම්මසුත්තං
Sinhala BJTඛයධම්ම සූත්‍රය
Pali BJT39. සබ්බං භික්ඛවෙ, ඛයධම්මං -පෙ-
Sinhala BJT39. මහණෙනි, සියල්ල ක්‍ෂය වනසුලු ය ...
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTවයධම්මසුත්තං
Sinhala BJTවයධම්ම සූත්‍රය
Pali BJT40. සබ්බං භික්ඛවෙ, වයධම්මං -පෙ-
Sinhala BJT40. මහණෙනි, සියල්ල ව්‍යය වනසුලු ය ...
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTසමුදයධම්මසුත්තං
Sinhala BJTසමුදයධම්ම සූත්‍රය
Pali BJT41. සබ්බං භික්ඛවෙ, සමුදයධම්මං -පෙ-
Sinhala BJT41. මහණෙනි, සියල්ල හටගන්නාසුලු යැ ...
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTනිරොධධම්මසුත්තං
Sinhala BJTනිරෝධධම්ම සූත්‍රය
Pali BJT42. සාවත්ථියං–
Sinhala BJT42. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ, නිරොධධම්මං, කිඤ්ච භික්ඛවෙ සබ්බං නිරොධධම්මං: චක්ඛුං භික්ඛවෙ, නිරොධධම්මං. රූපා නිරොධධම්මා, චක්ඛුවිඤ්ඤාණං නිරොධධම්මං, චක්ඛුසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං. සොතං -පෙ-
Sinhala BJTමහණෙනි, සියල්ල නිරුද්ධ වන සුලු ය. මහණෙනි, කවර සියල්ලක් නිරුද්ධවනසුලු ද යත්: මහණෙනි, ඇස නිරුද්ධ වන සුලු ය. රූපයෝ නිරුද්ධ වන සුල්ලහ. චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කන ...
Pali BJTජිව්හා නිරොධධම්මා, රසා නිරොධධම්මා, ජිව්හාවිඤ්ඤාණං නිරොධධම්මං, ජිව්හාසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං. කායො -පෙ-
Sinhala BJTදිව නිරුද්ධ වන සුලු ය. රස නිරුද්ධ වන සුලු ය. ජිව්හාවිඤ්ඤාණය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිරුද්ධ වන සුලු ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය. කය ...
Pali BJTමනො නිරොධධම්මො, ධම්මා නිරොධධම්මා, මනොවිඤ්ඤාණං නිරොධධම්මං, මනොසම්ඵස්සො නිරොධධම්මො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිරොධධම්මං.
Sinhala BJTසිත නිරුද්ධ වන සුලු ය. දහම්හු නිරුද්ධ වනසුල්ලහ. මනෝවිඤ්ඤාණය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිරුද්ධ වන සුලුය. මනෝසම්ඵස්සය නිසා සුවු වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද නිරුද්ධ වන සුලු ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බැවි පිණිස කළයුතු අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJTජාතිධම්මවග්ගො චතුත්ථො.
Sinhala BJTසිව් වැනි ජාතිධම්ම වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTජාතිජරාව්යාධිමරණං සොකො ච සංකිලෙසො ච{1} ඛයධම්මං වයධම්මඤ්ච සමුදයධම්මං{2} නිරොධධම්මෙන තෙ දසාති.
Sinhala BJTජාතිධම්ම, ජරාධම්ම ව්‍යාධිධම්ම මරණධම්ම සෝකධම්ම සංකිලෙසධම්ම සූත්‍ර ද ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍ර දැ යි ඔහු නිරෝධධම්මසූත්‍රයෙන් දශයෙක් වේ.
Pali BJT5. සබ්බානිච්චවග්ගො
Sinhala BJT5. සබ්බනිච්ච වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJTඅනිච්චසුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT43. සාවත්ථියං–
Sinhala BJT43. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ, අනිච්චං. කිඤ්ච භික්ඛවෙ සබ්බං අනිච්චං: චක්ඛුං භික්ඛවෙ අනිච්චං, රූපා අනිච්චා, චක්ඛුවිඤ්ඤාණං අනිච්චං, චක්ඛුසම්ඵස්සො අනිච්චො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං. සොතං -පෙ-
Sinhala BJTමහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...
Pali BJTජිව්හා අනිච්චා, රසා අනිච්චා, ජිව්හාවිඤ්ඤාණං අනිච්චං, ජිව්හාසම්ඵස්සො අනිච්චො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං. කායො -පෙ-
Sinhala BJTදිව අනිත්‍ය ය. රස අනිත්‍ය ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය. කය ...
Pali BJTමනො අනිච්චො, ධම්මා අනිච්චා, මනොවිඤ්ඤාණං අනිච්චං, මනොසම්ඵස්සො අනිච්චො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං.
Sinhala BJTසිත අනිත්‍ය ය, දහම් අනිත්‍ය ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය, මනෝසම්ඵස්සය අනිත්‍ය ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTදුක්ඛසුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT44. සබ්බං භික්ඛවෙ දුක්ඛං -පෙ-
Sinhala BJT44. මහණෙනි, සියල්ල දුක් ය ...
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTඅනත්තසුත්තං
Sinhala BJTඅනත්ත සූත්‍රය
Pali BJT45. සබ්බං භික්ඛවෙ අනත්තා -පෙ-
Sinhala BJT45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTඅභිඤ්ඤෙය්යසුත්තං
Sinhala BJTඅභිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT46. සබ්බං භික්ඛවෙ අභිඤ්ඤෙය්යං -පෙ-
Sinhala BJT46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTපරිඤ්ඤෙය්යසුත්තං
Sinhala BJTපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT47. සාවත්ථියං–
Sinhala BJT47. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ පරිඤ්ඤෙය්යං -පෙ-
Sinhala BJTමහණෙනි සියල්ල පිරිසිඳ දත යුතු ය ...
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTපහාතබ්බසුත්තං
Sinhala BJTපහාතබ්බ සූත්‍රය
Pali BJT48. සබ්බං භික්ඛවෙ පහාතබ්බං -පෙ-
Sinhala BJT48. මහණෙනි, සියල්ල ප්‍රහීණ කළ යුතු ය ...
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTසච්ඡිකාතබ්බසුත්තං
Sinhala BJTසච්ජිකාතබ්බ සූත්‍රය
Pali BJT49. සබ්බං භික්ඛවෙ සච්ඡිකාතබ්බං -පෙ-
Sinhala BJT49. මහණෙනි, සියල්ල පසක් කළ යුතු ය ...
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTඅභිඤ්ඤෙය්යපරිඤ්ඤෙය්යසුත්තං
Sinhala BJTඅභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT50. සබ්බං භික්ඛවෙ අභිඤ්ඤෙය්යපරිඤ්ඤෙය්යං -පෙ-
Sinhala BJT50. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ද පිරිසිඳ දත යුතු වේ ...
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJTඋපද්දුතසුත්තං
Sinhala BJTඋපද්දුත සූත්‍රය
Pali BJT51. සබ්බං භික්ඛවෙ උපද්දුතං -පෙ-
Sinhala BJT51. මහණෙනි, සියල්ල උවදුරෙන් පෙළුණේ ය …
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJTඋපස්සට්ඨසුත්තං
Sinhala BJTඋපස්සට්ඨ සූත්‍රය
Pali BJT52. සබ්බං භික්ඛවෙ උපස්සට්ඨං{1} කිඤ්ච භික්ඛවෙ, සබ්බං උපස්සට්ඨං:
Sinhala BJT52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ උපස්සට්ඨං, රූපා උපස්සට්ඨා, චක්ඛුවිඤ්ඤාණං උපස්සට්ඨං, චක්ඛුසම්ඵස්සො උපස්සට්ඨො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි උපස්සට්ඨං. සොතං -පෙ-
Sinhala BJTමහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...
Pali BJTජිව්හා උපස්සට්ඨා, රසා උපස්සට්ඨා, ජිව්හාවිඤ්ඤාණං උපස්සට්ඨං, ජිව්හාසම්ඵස්සො උපස්සට්ඨො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි උපස්සට්ඨං. කායො උපස්සට්ඨො -පෙ-
Sinhala BJTදිව උවදුරු සහිත ය. රස උවදුරු සහිත ය, ජිව්හාවිඤ්ඤාණය උවදුරු සහිත ය. ජිව්හාසම්ඵස්සය උවදුරු සහිත ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
Pali BJTමනො උපස්සට්ඨො, ධම්මා උපස්සට්ඨා, මනොවිඤ්ඤාණං උපස්සට්ඨං, මනොසම්ඵස්සො උපස්සට්ඨො. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි උපස්සට්ඨං.
Sinhala BJTමනස උවදුරු සහිත ය. දහම් උවදුරු සහිත ය, මනෝවිඤ්ඤාණය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී යි.
Pali BJTසබ්බානිච්චවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන සබ්බානිච්ච වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅනිච්චං දුක්ඛං අනත්තා ච අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං පහාතබ්බං සච්ඡිකාතබ්බං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං උපද්දුතං උපසට්ඨං වග්ගො තෙන පවුච්චති.
Sinhala BJTඅනිච්ච, දුක්ඛ, අනත්ත, අභිඤ්ඤෙය්‍ය, පරිඤ්ඤෙය්‍ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, අභිඤ්ඤෙය්‍යපරිඤ්ඤෙය්‍ය, උපද්දුත, උපස්සට්ඨ යන සූත්‍රදශයෙන් වර්‍ගය කියනු ලැබේ.
Pali BJTපඨමො පණ්ණාසකො.
Sinhala BJTපළමු වන පණ්ණාසක යි.
Pali BJTතස්ස වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTඅනිච්චවග්ගො යමකො සබ්බවග්ගො ජාතිධම්මො සබ්බානිච්චෙන පඤ්ඤාසො පඨමො තෙන පවුච්චති.
Sinhala BJTඅනිච්ච වර්‍ගය, යමක වර්‍ගය, සබ්බ වර්‍ගය, ජාතිධම්ම වර්‍ගය යන මොහු ඒ සබ්බානිච්ච වර්‍ගයෙන් පළමු වන පණ්ණාසකය කියනු ලැබේ.
Pali BJT6. අවිජ්ජාවග්ගො
Sinhala BJT6. අවිජ්ජා වර්‍ගය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJTඅවිජ්ජාපහානසුත්තං
Sinhala BJTඅවිජ්ජාපහාන සූත්‍රය
Pali BJT53. සාවත්ථියං–
Sinhala BJT53. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජතීති?
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ ද, විද්‍යාව උපදී දැ? යි මෙය සැලකළේ ය.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. චක්ඛුසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති.
Sinhala BJTමහණ, චක්‍ෂුස අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. රූපයන් අනිත්‍යය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුර්විඥානය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. චක්‍ෂුස්සංස්පර්‍ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්‍ය විසින් දන්නහුට දක්නහුට අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී.