Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9001-9100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJTසබ්බසුත්තං
Sinhala BJTසබ්බ සූත්‍රය
Pali BJT23. සාවත්ථියං–
Sinhala BJT23. සැවැත්නුවර–
Pali BJTසබ්බං වො භික්ඛවෙ, දෙසිස්සාමි{1} තං සුණාථ. කිඤ්ච භික්ඛවෙ, සබ්බං: චක්ඛුඤ්චෙව රූපා ච, සොතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච, මනො ච ධම්මා ච ඉදං වුච්චති භික්ඛවෙ, සබ්බං.
Sinhala BJTමහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්‍ෂුස යැ, රූපයෝ යැ ශ්‍රෝත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්‍ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්‍මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
Pali BJTයො භික්ඛවෙ, එවං වදෙය්ය: අහමෙතං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤාපෙස්සාමීති, තස්සා වාචාවත්ථුරෙවස්ස{2}. පුට්ඨො ච න සම්පායෙය්ය, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජෙය්ය. තං කිස්ස හෙතු යථා තං භික්ඛවෙ, අවිසයස්මින්ති.
Sinhala BJTමහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJTපහානසුත්තං
Sinhala BJTප්‍රහාණ සූත්‍රය
Pali BJT24. සාවත්ථියං–
Sinhala BJT24. සැවැත්නුවර–
Pali BJTසබ්බප්පහානාය{3} වො භික්ඛවෙ, ධම්මං දෙසිස්සාමි: තං සුණාථ. කතමො ච භික්ඛවෙ, සබ්බප්පහානාය ධම්මො: චක්ඛුං භික්ඛවෙ පහාතබ්බං, රූපා පහාතබ්බා, චක්ඛුවිඤ්ඤාණං පහාතබ්බං, චක්ඛුසම්ඵස්සො පහාතබ්බො, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි පහාතබ්බං -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සර්‍වප්‍රහාණයට දහම් දෙසමි. එය අසව මහණෙනි, සර්‍වප්‍රහාණයට දහම් කවරෙ යත්: මහණෙනි, චක්‍ෂුස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණය කටයුතු යැ. රූපයෝ ප්‍රහාණ කටයුත්තාහ. චක්‍ෂුර්විඥානය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් ඒ ද ප්‍රහාණ කටයුතු ...
Pali BJTජිව්හා පහාතබ්බා, රසා පහාතබ්බා, ජිව්හාවිඤ්ඤාණං පහාතබ්බං, ජිව්හා සම්ඵස්සො පහාතබ්බො, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි පහාතබ්බං. -පෙ-
Sinhala BJTජිහ්වා (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ. රසයෝ ප්‍රහාණ කටයුත්තාහ. ජිහ්වාවිඥානය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු ...
Pali BJTමනො පහාතබ්බො, ධම්මා පහාතබ්බා, මනොවිඤ්ඤාණං පහාතබ්බං, මනොසම්ඵස්සො පහාතබ්බො, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි පහාතබ්බං. අයං ඛො භික්ඛවෙ, සබ්බප්පහානාය ධම්මොති.
Sinhala BJTභවඞ්ගචිත්ත සඞ්ඛ්‍යාත මනස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ ප්‍රහාණ කටයුත්තාහ. මනෝවිඥානය ප්‍රහාණය කටයුතු යැ. මනස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු .
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJTදුතිය පහානසුත්තං
Sinhala BJTදෙවැනි ප්‍රහාණ සූත්‍රය
Pali BJT25. සාවත්ථියං–
Sinhala BJT25. සැවැත්නුවර–
Pali BJTසබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානාය ඛො භික්ඛවෙ, ධම්මං දෙසිස්සාමි. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට සියල්ල (ස්වලක්‍ෂණාවබෝධයෙන්) වෙසෙසින් දැන (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) පිරිසිඳ දැන ප්‍රහාණය පිණිස දහම් දෙසමි, එය අසව.
Pali BJTකතමො ච භික්ඛවෙ, සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානාය ධම්මො: චක්ඛුං භික්ඛවෙ, අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං, රූපා අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බා, චක්ඛුවිඤ්ඤාණං අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං, චක්ඛුසම්ඵස්සො අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බො, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං -පෙ-
Sinhala BJTමහණෙනි, සියල්ල වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාණයට දහම් කවරේ යත්: මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රූපයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
Pali BJTජිව්හා අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බා, රසා අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බා, ජිව්හාවිඤ්ඤාණං අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං, ජිව්හාසම්ඵස්සො අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බො, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං -පෙ-
Sinhala BJTජිහ්වාව වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රසයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. ජිහ්වාවිඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
Pali BJTමනො අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බො, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බා, මනොවිඤ්ඤාණං අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං, මනො සම්ඵස්සො අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බො, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිඤ්ඤා පරිඤ්ඤා පහාතබ්බං. අයං ඛො භික්ඛවෙ, සබ්බං අභිඤ්ඤා පරිඤ්ඤා පහානාය ධම්මොති.
Sinhala BJTමනස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. මනෝ විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය ය. මහණෙනි, මේ සියල්ල අභිජානන කොට පරිජානන කොට ප්‍රහාණයට ධර්‍ම වේ.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTඅපරිජානසුත්තං
Sinhala BJTඅපරිජාන සූත්‍රය
Pali BJT26. සාවත්ථියං–
Sinhala BJT26. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. කිඤ්ච භික්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJTමහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. රූපෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුවිඤ්ඤාණං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුසම්ඵස්සං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය -පෙ-
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
Pali BJTජිව්හං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. රසෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සං -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. -පෙ-
Sinhala BJTජිහ්වාව වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. රසයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජිහ්වාසංස්පර්‍ශයෙන් උපදනා සුව වූ හේ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ ...
Pali BJTමනං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. ධම්මෙ -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. ඉදං ඛො භික්ඛවෙ, සබ්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJTමනස වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝ විඥානය ... මනස්සංස්පර්‍ශය … මනස්සංස්පර්‍ශයප්‍රත්‍යයෙන් උපදනා වූ සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ. මහණෙනි, මෙ ‘සියල්ල’ වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
Pali BJTසබ්බඤ්ච ඛො භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. කිඤ්ච භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය:
Sinhala BJTතවද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. රූපෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුවිඤ්ඤාණං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. චක්ඛුසම්ඵස්සං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය -පෙ-
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...
Pali BJTජිව්හං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. රසෙ -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සං -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය -පෙ-
Sinhala BJTජිහ්වාව වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. රූපයන් … ජිහ්වාවිඥානය … ජිහ්වාසංස්පර්‍ශය … ජ්හ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි ...
Pali BJTමනං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. ධම්මෙ -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJTමනස වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. ධර්‍මයන් … මනෝවිඥානය … මනස්සංස්ප්ර්‍ශය … මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
Pali BJTඉදං ඛො භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJTමහණෙනි, මේ ‘සියල්ල’ වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTදුතියඅපරිජානසුත්තං
Sinhala BJTද්විතීය අපරිජාන සූත්‍රය
Pali BJT27. සාවත්ථියං–
Sinhala BJT27. සැවැත්නුවර–
Pali BJTසබ්බං භික්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. කිඤ්ච භික්ඛවෙ, සබ්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය:
Sinhala BJTමහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය නො වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්:
Pali BJTයඤ්ච ඛො භික්ඛවෙ, චක්ඛු යෙ ච රූපා, යඤ්ච චක්ඛුවිඤ්ඤාණං, යෙ ච චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, යඤ්ච සොතං යෙ ච සද්දා යඤ්ච සොතවිඤ්ඤාණං යෙ ච සොතවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, යඤ්ච ඝානං යෙ ච ගන්ධා යඤ්ච ඝානවිඤ්ඤාණං යෙ ච ඝානවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, යා ච ජිව්හා, යෙ ච රසා, යඤ්ච ජිව්හාවිඤ්ඤාණං, යෙ ච ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, යො ච කායො, යෙ ච ඵොට්ඨබ්බා, යඤ්ච කායවිඤ්ඤාණං, යෙ ච කායවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා යො ච මනො, යෙ ච ධම්මා, යඤ්ච මනොවිඤ්ඤාණං, යෙ ච මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, ඉදං ඛො භික්ඛවෙ, සබ්බං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJTමහණෙනි, යම් චක්‍ෂුසෙකුත් වේ ද යම් රූප කෙනෙකුත් ඇත් ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් වේ ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ශ්‍රෝත්‍රයෙකුත් වේ ද යම් ශබ්ද කෙනෙකුත් ඇද් ද යම් ශ්‍රෝත්‍රවිඥානයෙකුත් ඇද් ද යම් ශ්‍රෝතවිඥානයෙන් දතයුතු යම් ධර්‍ම කෙනෙක් ඇද් ද, ඝ්‍රාණයෙකුත් වේ ද යම් ගන්‍ධ කෙනෙකුත් ඇද් ද යම් ඝ්‍රාණවිඥානයෙකුත් වේ ද යම් ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රසයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් කයෙක් වේ ද යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද යම් කායවිඥානයෙකුත් වේ ද යම් කායවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, යම් මනසෙකුත් වේ ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් වේ ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මේ සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ.
Pali BJTසබ්බඤ්ච ඛො භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. කිඤ්ච භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය:
Sinhala BJTතව ද මහණෙනි, සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වෙයි යත්:
Pali BJTයඤ්ච භික්ඛවෙ, චක්ඛුං{1} යෙ ච රූපා යඤ්ච චක්ඛුවිඤ්ඤාණං යෙ ච චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා -පෙ- යා ච ජිව්හා, යෙ ච රසා, යඤ්ච ජිව්හාවිඤ්ඤාණං, යෙ ච ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා -පෙ- යො ච මනො, යෙ ච ධම්මා, යඤ්ච මනොවිඤ්ඤාණං, යෙ ච මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, ඉදං ඛො භික්ඛවෙ, සබ්බං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJTමහණෙනි, යම් චක්‍ෂුසෙකුත් ඇද්ද යම් රූප කෙනෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙකුත් ඇද්ද යම් චක්‍ෂුර්විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් ජිහ්වාවකුත් ඇද්ද යම් රස කෙනෙකුත් ඇද්ද යම් ජිහ්වාවිඥානයකුත් ඇද්ද යම් ජිහ්වා විඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද … යම් මනසෙකුත් ඇද්ද යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙකුත් ඇද්ද යම් මනෝවිඥානයෙන් දතයුතු ධර්‍ම කෙනෙකුත් ඇද්ද, මහණෙනි මෙ සියල්ල වෙසෙසින් දන්නේ පිරිසිඳ දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක් ක්‍ෂය කිරීමට භව්‍ය වේ.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTආදිත්තපරියායසුත්තං
Sinhala BJTආදිත්තපරියාය සූත්‍රය
Pali BJT28. එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ සද්ධිං භික්ඛුසහස්සෙන. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT28. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාගම්නුදුරෙහි ගයා ශිර්‍ෂයෙහි (එනම් ගල්තලාවෙහි) භික්‍ෂූන් දහසක් හා සමග වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJTසබ්බං භික්ඛවෙ, ආදිත්තං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං ආදිත්තං, චක්ඛුං භික්ඛවෙ, ආදිත්තං, රූපා ආදිත්තා, චක්ඛුවිඤ්ඤාණං ආදිත්තං, චක්ඛුසම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, සියල්ල ඇවිලගන්නා ලදි. මහණෙනි, කවර සියල්ල ඇවිලගන්නා ලද යැ යත්: මහණෙනි, චක්‍ෂුස ඇවිලගන්නා ලද යැ. රූපයෝ ඇවිලගන්නා ලදහ. චක්ඛුවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
Pali BJTසොතං ආදිත්තං. සද්දා ආදිත්තා, සොතවිඤ්ඤාණං ආදිත්තං, සොතසම්ඵස්සො ආදිත්තො. යම්පිදං සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTශ්‍රෝත්‍රය ඇවිලගන්නා ලද යැ. ශබ්දයෝ ඇවිලගන්නා ලදහ. සෝතවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. සෝතසම්ඵස්සය ඇවිලගන්නා ලදයැ. සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ඇවිලගන්නා ලද යැ. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුඃඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
Pali BJTඝානං ආදිත්තං, ගන්ධා ආදිත්තා, ඝානවිඤ්ඤාණං ආදිත්තං, ඝානසම්ඵස්සො ආදිත්තො. යම්පිදං ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTඝානය ඇවිලගන්නා ලද යැ ගන්‍ධයෝ ඇවිලගන්නා ලදහ. ඝානවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ඝානසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ ඝාණසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වු හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදැ යැ යත්: රාග ගින්නෙන් දෝස ගින්නේ මෝහ ගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිල ගන්නා ලදැ යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
Pali BJTජිව්හා ආදිත්තා, රසා ආදිත්තා, ජිව්හාවිඤ්ඤාණං ආදිත්තං, ජිව්හාසම්ඵස්සො ආදිත්තො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං, ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං, ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTජිව්හාව ඇවිලගන්නා ලද යැ. රසයෝ ඇවිලගන්නා ලදහ. ජිව්හාවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලදයැ යත්: රාග ගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමරණයෙන් ඇවිලගන්නා ලදයැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැයි කියමි.
Pali BJTකායො ආදිත්තො, ඵොට්ඨබ්බා ආදිත්තා, කායවිඤ්ඤාණං ආදිත්තං, කායසම්ඵස්සො ආදිත්තො. යම්පිදං කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං: ආදිත්තං රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං, ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTකය ඇවිලගන්නා ලද යැ. ඵොට්ඨබ්බයෝ ඇවිලගන්නා ලදහ. කායවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ කායසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ. යත්: රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජාමරණයෙන් ඇවිලගන්නා ලද යැ සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
Pali BJTමනො ආදිත්තො, ධම්මා ආදිත්තා, මනොවිඤ්ඤාණං ආදිත්තං, මනොසම්ඵස්සො ආදිත්තො. මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං. රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා, ආදිත්තං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්තන්ති වදාමි.
Sinhala BJTමනස ඇවිලගන්නා ලද යැ. ධර්‍මයෝ ඇවිලගන්නා ලදහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය ඇවිලගන්නා ලද යැ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද ඇවිලගන්නා ලදි. කිමෙකින් ඇවිලගන්නා ලද යැ යත්; රාගගින්නෙන් දෝසගින්නෙන් මෝහගින්නෙන් ඇවිලගන්නා ලද යැ. ජාතියෙන් ජරාමණෙයෙන් ඇවිලගන්නා ලද යැ. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිලගන්නා ලදැ යි කියමි.
Pali BJTඑවම්පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- ජිව්හායපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි{1} නිබ්බින්දති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති,
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් වේ නම් එහිත් කලකිරෙයි … දිවෙහිත් කලකිරෙයි. රසයන්හිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් වූ හෝ නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි … සිතෙහිත් කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි.
Pali BJTයම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී ති.
Sinhala BJTමනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තස්ස භික්ඛුසහස්සස්ස අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ. මේ සූත්‍රය දේශනා කරනු ලබන කල්හි ඒ භික්‍ෂූන් දහසගේ සිත් උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුණේ යි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTඅන්ධභූතසුත්තං
Sinhala BJTඅන්ධභූත සූත්‍රය
Pali BJT29. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි.
Sinhala BJT29. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
Pali BJTසබ්බං භික්ඛවෙ, අන්ධභූතං. කිඤ්ච භික්ඛවෙ, සබ්බං අද්ධභූතං? චක්ඛුං භික්ඛවෙ, අන්ධභූතං, රූපා අන්ධභූතා, චක්ඛුවිඤ්ඤාණං අන්ධභූතං, චක්ඛුසම්ඵස්සො අන්ධභූතො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අන්ධභූතං. කෙන අන්ධභූතං: අන්ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි අන්ධභූතන්ති වදාමි. සොතං -පෙ-
Sinhala BJTමහණෙනි, සියල්ල මඩනා ලදි. මහණෙනි, කවරසියල්ලක් මඩනා ලද ද යත්: මහණෙනි, චක්‍ෂුස මඩනා ලදි, රූපයෝ මඩනා ලදහ, චක්ඛුවිඤ්ඤාණය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. ශ්‍රෝත්‍රය ...
Pali BJTජිව්හා අන්ධභූතා, රසා අන්ධභූතා, ජිව්හාවිඤ්ඤාණං අන්ධභූතං, ජිව්හාසම්ඵස්සො අන්ධභූතො. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අන්ධභූතං. කෙන අන්ධභූතං: අන්ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි අන්ධභූතන්ති වදාමි. කායො -පෙ-
Sinhala BJTජිහ්වාව මඩනා ලදී. රසයෝ මඩනා ලදහ. ජිව්හාවිඤ්ඤාණ මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. කය …
Pali BJTමනො අන්ධභූතො, ධම්මා අන්ධභූතා, මනො විඤ්ඤාණං අන්ධභූතං, මනොසම්ඵස්සො අන්ධභූතො, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අන්ධභූතං. කෙන අන්ධභූතං: අන්ධභූතං ජාතියා ජරාමරණෙන, සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි අද්ධභූතන්ති වදාමි.
Sinhala BJTමනස මඩනා ලදි. ධර්‍මයෝ මඩනා ලදහ. මනෝවිඤ්ඤාණය මඩනා ලදි. මනෝසම්ඵස්සය මඩනා ලදි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- මනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහිත් කලකිරෙයි. චක්‍ෂුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනසෙහි ද කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤානයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTසාරුප්පපටිපදාසුත්තං
Sinhala BJTසාරුප්පපටිපදා සූත්‍රය
Pali BJT30. සාවත්ථියං–
Sinhala BJT30. සැවැත්නුවර–
Pali BJTසබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පං වො භික්ඛවෙ, පටිපදං දෙසිස්සාමි. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට සියලු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදාව දෙසමි. එය අසවු.
Pali BJTකතමා ච සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පපටිපදා. ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුං න මඤ්ඤති, චක්ඛුස්මිං න මඤ්ඤති, චක්ඛුතො න මඤ්ඤති, චක්ඛුං මෙති න මඤ්ඤති. රූපෙ න මඤ්ඤති. රූපෙසු න මඤ්ඤති, රූපතො න මඤ්ඤති, රූපා මෙති න මඤ්ඤති. චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණතො න මඤ්ඤති, චක්ඛුවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. චක්ඛුසම්ඵස්සං න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සස්මිං න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සතො න මඤ්ඤති, චක්ඛුසම්ඵස්සො මෙති න මඤ්ඤති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති තස්මිම්පි න මඤ්ඤති. තතොපි න මඤ්ඤති. තම්මෙති න මඤ්ඤති -පෙ-
Sinhala BJTමහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදා කවර යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස ‘මම වෙමි’ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්‍ෂුසෙහි පිහිටියෙමි’යි නො හඟියි. ‘මම චක්‍ෂුසින් බැහැරැ වෙමි’ යි නො හඟියි. චක්‍ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි’යි නො හඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ‘ආත්ම’යයි නො හඟියි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟී.
Pali BJTජිව්හා න මඤ්ඤති, ජිව්හාය න මඤ්ඤති, ජිව්හාතො න මඤ්ඤති, ජිව්හා මෙති න මඤ්ඤති. රසෙ න මඤ්ඤති, රසෙසු න මඤ්ඤති, රසතො න මඤ්ඤති, රසා මෙති න මඤ්ඤති. ජිව්හාවිඤ්ඤාණං න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණතො න මඤ්ඤති, ජිව්හාවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. ජිව්හාසම්ඵස්සං න මඤ්ඤති,
Sinhala BJTජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැ ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟි යි.
Pali BJTජිව්හාසම්ඵස්සස්මිං න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සතො න මඤ්ඤති, ජිව්හාසම්ඵස්සො මෙති න මඤ්ඤති. යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති -පෙ-
Sinhala BJTජිව්හාසම්ඵස්සයෙහි ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය මාගේ යයි නො හඟි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපන් සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි. එයින් බැහැරැ දු ආත්මය ඇතැ’යි නො හඟියි. එය මාගේ යයි ද නො හඟියි.
Pali BJTමනං න මඤ්ඤති, මනස්මිං න මඤ්ඤති, මනතො න මඤ්ඤති, මනො මෙති න මඤ්ඤති. ධම්මෙ න මඤ්ඤති, ධම්මෙසු න මඤ්ඤති, ධම්මතො න මඤ්ඤති, ධම්මා මෙති න මඤ්ඤති. මනොවිඤ්ඤාණං න මඤ්ඤති, මනොවිඤ්ඤාණස්මිං න මඤ්ඤති, මනොවිඤ්ඤාණතො න මඤ්ඤති, මනොවිඤ්ඤාණං මෙති න මඤ්ඤති. මනොසම්ඵස්සං න මඤ්ඤති, මනොසම්ඵස්සස්මිං න මඤ්ඤති, මනොසම්ඵස්සතො න මඤ්ඤති, මනොසම්ඵස්සො මෙති න මඤ්ඤති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති.
Sinhala BJTමනස ‘ආත්ම’ යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනසින් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනස ආත්මය අයත් යයි නො හඟියි. ධර්‍මයන් ‘ආත්ම’ යයි නො හඟියි, ධර්‍මයන්හි ආත්මය ඇතැ යි නො හඟියි. ධර්‍මයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, ධර්‍මය ආත්මය අයත් යයි නො හඟියි. මනෝවිඥානය ආත්ම යයි නො හඟියි, මනෝවිඥානයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝවිඥානය ආත්මය අයත් යයි නො හඟියි. මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි, මනෝසම්ඵස්සයෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, මනෝසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි, මනෝසම්ඵස්සය ආත්මය අයත් යයි නො හඟියි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි. එහිදු ආත්මය ඇතැ’යි නො හඟියි. එයින් බැහැරැ ද ආත්මය ඇතැ’යි නො හඟියි. එය ආත්මය අයත් යයි නො හඟී.
Pali BJTසබ්බං න මඤ්ඤති, සබ්බස්මිං න මඤ්ඤති, සබ්බතො න මඤ්ඤති, සබ්බං මෙති න මඤ්ඤති. සො එවං අමඤ්ඤමානො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTසියල්ල ආත්ම යයි නො හඟියි, සියල්ලෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ලෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, සියල්ල ආත්මය අයත් යයි නො හඟී, මෙසේ මඤ්ඤනා නො කරන්නේ ලෝකයෙහි කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ මෙ අත්බැව්හි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද. කරණී කරනලද. මෙ රහත්බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දැනගනී.
Pali BJTඅයං ඛො සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසාරුප්පපටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ වූකලී ඒ සියලු (තෘෂ්ණා දෘෂ්ටි මාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපාදා යි.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTසප්පායපටිපදාසුත්තං
Sinhala BJTසප්පායපටිපදා සූත්‍රය
Pali BJT31. සාවත්ථියං–
Sinhala BJT31. සැවැත්නුවර–
Pali BJTසබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායං වො භික්ඛවෙ, පටිපදං දෙසිස්සාමි. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපාදාව දෙසමි. එය අසවු.
Pali BJTකතමා ච සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායපටිපදා:
Sinhala BJTමහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුං න මඤ්ඤති, චක්ඛුස්මිං න මඤ්ඤති, චක්ඛුතො න මඤ්ඤති, චක්ඛුං මෙති න මඤ්ඤති. රූපෙ න මඤ්ඤති -පෙ- චක්ඛුවිඤ්ඤාණං න මඤ්ඤති -පෙ- චක්ඛුසම්ඵස්සං න මඤ්ඤති -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ චක්‍ෂුස ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසෙහි ආත්ම යයි නො හඟියි, චක්‍ෂුසින් බැහැරැ ආත්ම යයි නො හඟියි, චක්‍ෂුස මාගේ යයි නො හඟී. රූපයන් ආත්ම යයි නො හඟියි … චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ඛුසසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුක්ඛ වේවයි අදුක්ඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි, එයින් බැහැරැ ද ආත්මය ඇතැ යි නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී.
Pali BJTයං හි භික්ඛවෙ, මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යම්මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙව අභිනන්දති -පෙ-
Sinhala BJTමහණෙනි, යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැරැ ආත්මය ඇතැ’යි හඟී ද යමක් ආත්මය අයත් යයි හඟී ද එයින් ඒ අන්ප්‍රකාරයෙන් වෙයි. (විපරීත වෙයි.) විපරීත ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකය භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කරයි ...
Pali BJTජිව්හං න මඤ්ඤති, ජිව්හාය න මඤ්ඤති, ජිව්හාතො න මඤ්ඤති, ජිව්හා මෙති න මඤ්ඤති. රසෙ න මඤ්ඤති -පෙ- යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති. යං හි භික්ඛවෙ මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යම්මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙව අභිනන්දති -පෙ-
Sinhala BJTජිහ්වාව ආත්ම යයි නො හඟියි. ජිහ්වායෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වාව මාගේ යයි නො හඟී. රසයන් ආත්ම යයි නො හඟියි … ජිහ්වාසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි, අදුක්ඛාසුඛ වේවයි යම් වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි නො හඟියි, එයින් බැහැරැ ආත්මය ඇත’යි ද නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී. මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් අකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි ...
Pali BJTමනං න මඤ්ඤති, මනස්මිං න මඤ්ඤති, මනතො න මඤ්ඤති, මනො මෙති න මඤ්ඤති. ධම්මෙ න මඤ්ඤති -පෙ- මනොවිඤ්ඤාණං න මඤ්ඤති -පෙ- මනො සම්ඵස්සං න මඤ්ඤති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති.
Sinhala BJTමනස ආත්ම යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි. මනසින් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි මනස මාගේ යයි නො හඟියි. ධර්‍මයන් ආත්ම යයි නො හඟියි … මනෝවිඥානය ආතත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි අදුක්ඛාසූඛ වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි ද එයින් බැහැර ආත්මය ඇතැයි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟී.
Pali BJTයං හි භික්ඛවෙ මඤ්ඤති, යස්මිං මඤ්ඤති, යතො මඤ්ඤති, යම්මෙති මඤ්ඤති, තතො තං හොති අඤ්ඤථා. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවමෙව අභිනන්දති.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හගී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්‍රකාරයෙන් වෙයි. අන් ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
Pali BJTයාවතා භික්ඛවෙ, ඛන්ධධාතුආයතනං තම්පි න මඤ්ඤති, තස්මිම්පි න මඤ්ඤති, තතොපි න මඤ්ඤති, තම්මෙති න මඤ්ඤති. සො එවං න මඤ්ඤමානො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං ඛො සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පාය{1}පටිපදාති.
Sinhala BJTමහණෙනි, යම් තාක් ස්කන්‍ධ ධාතු ආයතන ඇද්ද එ ද ‘ආත්ම’යයි නො හඟියි. එහි ‘ආත්මය ඇතැ’යි ද නො හගියි, එයින් බැහැර ‘ආත්මය ඇතැ’යි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟියි. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් උපාදාන නො කෙරෙයි. උපාදාන නො කරනුයේ ‘තෘෂ්ණා නො කෙරෙයි. තෘෂ්ණා නො කරනුයේ ඉහාත්මයෙහි මැ පිරිනිවෙයි. ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බැව් පිණිස කළයුතු අන් කිසෙක් නැති’යි දැනගනී. මහණෙනි, මේ වූකලි ඒ සියලු මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTදුතිය සප්පායපටිපදාසුත්තං
Sinhala BJTද්විතීය සත්ප්‍රායප්‍රතිපදා සූත්‍රය
Pali BJT32. සාවත්ථියං–
Sinhala BJT32. සැවැත්නුවර–
Pali BJTසබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පායං වො භික්ඛවෙ, පටිපදං දෙසිස්සාමි. තං සුණාථ. කතමා ච සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාතසප්පාය පටිපදා:
Sinhala BJTමහණෙනි, තොපට හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා දෙසමි එය අසවු. මහණෙනි, හැම මඤ්ඤනාසමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා කවර යත්:
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං එතං මම එසො’හමස්මි, සො මෙ අත්තාති? නොහෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, එය කිමැ යි හඟිවු ද චක්‍ෂුස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙල මාගේ යැ තෙල මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTරූපා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසොහමස්මි එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTරූපයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTචක්‍ෂුර්විඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් වේ ද නොහොත් සුව වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යැ.
Pali BJTචක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTචක්ඛුසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස, යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTයම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වා ති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ. සොතං -පෙ-
Sinhala BJTචක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTජිව්හා නිච්චා වා අනිච්චා වා ති? අනිච්චා භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTජිහ්වා නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJTරසා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTරසයෝ නිත්‍ය වෙත් ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJTජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTජිහ්වාවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නො වේ මැ යි.
Pali BJTජිව්හාසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTජිහ්වාසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය ය වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත් නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි. තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTයම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි නිච්චං වා අනිච්චං වා ති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ. කායො -පෙ-
Sinhala BJTජිව්හාසම්ඵස්සයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTමනො නිච්චො වා අනිච්චො වා ති? අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමනස නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ. තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJTධම්මා නිච්චා වා අනිච්චා වා ති? අනිච්චා භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTධර්‍මයෝ නිත්‍ය වෙත්ද නොහොත් අනිත්‍ය වෙත් ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙලෙ නිසි නො වේ මැ යි.
Pali BJTමනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමනෝවිඥානය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නිසි නො වේ මැ යි.
Pali BJTමනොසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමනෝසම්ඵස්සය නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද, නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය - තෙලෙ මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTයම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය වේ ද නොහොත් අනිත්‍ය වේ ද? අනිත්‍ය යැ වහන්ස. යමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ වේ ද නොහොත් සුඛ වේ ද? දුඃඛ යැ වහන්ස. යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස තෙල නිසි නො වේ මැ යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- ජිව්හායපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ජිව්හාවිඤ්ඤාණෙපි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සෙපි නිබ්බින්දති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. -පෙ-
Sinhala BJTමහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි දු කලකිරෙයි, රූපයන්හිදු කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සයෙහි දු කලකිරෙයි, චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුඛ වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ... ජිහ්වායෙහි දු කලකිරෙයි, රසයන්හි දු කලකිරෙයි, ජිහ්වාවිඥානයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහි දු කලකිරෙයි, ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවායි දුක් වේවායි නොදුක් නොසුව වේවායි යම් වේදයිතයෙක් වේ නම් එහි දු කලකිරෙයි ...
Pali BJTමනස්මිම්පි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙපි නිබ්බින්දති, මනොසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමනසෙහි දු කලකිරෙයි, ධර්‍මයන්හිදු කලකිරෙයි, මනෝවිඥානයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහි දු කලකිරෙයි, මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්තයෙමි’යි ඥානය වෙයි. ජාති ක්‍ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද. මෙ රහත්බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
Pali BJTඅයං ඛො සා භික්ඛවෙ, සබ්බමඤ්ඤිතසමුග්ඝාත සප්පායපටිපදාති.
Sinhala BJTමහණෙනි, මේ වූකලී හැම මඤ්ඤනා සමුද්ඝාතයට සත්ප්‍රාය වූ ප්‍රතිපදා යි.
Pali BJTසබ්බවග්ගො තතියො.
Sinhala BJTතුන් වැනි සබ්බ වර්‍ග යි.