Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8901-9000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTබාහිරානත්තසුත්තං
Sinhala BJTබාහිරානත්ත සූත්‍රය
Pali BJT6. සාවත්ථියං–
Sinhala BJT6. සැවැත්නුවර–
Pali BJTරූපා භික්ඛවෙ, අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූ අනත් ය, යමෙක් අනත් වේ නම් එය ‘මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
Pali BJTසද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTසද … ගඳ … රස … පහස් … දහම් අනත් ය, යමක් අනත් වේ නම් එය ‘මේ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනි යි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTදුතිය අජ්ඣත්තානිච්චසුත්තං
Sinhala BJTදුතිය අජ්ඣත්තානිච්ච සූත්‍රය
Pali BJT7. සාවත්ථියං–
Sinhala BJT7. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අනිච්චං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං{1} චක්ඛුස්මිං අනපෙඛො{2} හොති. අනාගතං චක්ඛුං නාභිනන්දති, පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTමහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද ඇස අනිස ය. පවත්නා රූපය පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් ඇසෙහිත් නිරපේක්‍ෂ වෙයි. අනාගත ඇස නො පතයි. පවත්නා ඇස පිළිබඳ ව නිර්වේදය පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTසොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නාය, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතාය ජිව්හාය අනපෙඛො හොති, අනාගතං ජිව්හං නාභිනන්දති, පච්චුප්පන්නාය ජිව්හාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTකන අනිස ය … නැහැය අනිස ය … ඉකුත් වු ද නො පැමිණියා වූ ද දිව අනිස ය, පවත්නා දිව පිළිබඳ ව කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු ඉකුත් දිවෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ දිව නො පතයි. පවත්නා දිවෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTකායො අනිච්චො -පෙ- මනො අනිච්චො අතීතානාගතො, කො පන වාදො පච්චුප්පන්නස්ස, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං මනස්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්දති, පච්චුප්පන්නස්ස මනස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTකය අනිස ය … ඉකුත් වූ ද නො පැමිණියා වූ ද මනස අනිස ය. වර්‍තමාන මනෙසහි කිනම් කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත මනස නො පතයි. වර්‍තමාන මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTදුතිය අජ්ඣත්තදුක්ඛසුත්තං
Sinhala BJTදුතිය අජ්ඣත්තදුක්ඛ සූත්‍රය
Pali BJT8. සාවත්ථියං–
Sinhala BJT8. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ, දුක්ඛං අතීතානාගතං. කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං චක්ඛුස්මිං අනපෙඛො හොති, අනාගතං චක්ඛුං නාභිනන්දති, පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති -පෙ- මනො දුක්ඛො අතීතානාගතො, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො අතීතස්මිං මනස්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්දති, පච්චුප්පන්නස්ස මනස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීත වූ ද, අනාගත වූ ද, ඇස දුක් ය. පවත්නා ඇසෙහි කිනම් කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි … අතීතානාගත මනස දුක් ය. පවත්නා මනසෙහි කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු අතීත මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTදුතිය අජ්ඣත්තානතත සුත්තං
Sinhala BJTදුතිය අජ්ඣත්තානත්ත සූත්‍රය
Pali BJT9. සාවත්ථියං–
Sinhala BJT9. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අනත්තා අතීතානාගතං. කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං චක්ඛුස්මිං අනපෙඛො හොති. අනාගතං චක්ඛුං නාභිනන්දති. පච්චුප්පන්නස්ස චක්ඛුස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සොතං අනත්තා අතීතානාගතං. කො පන වාදො පච්චුප්පන්නස්ස -පෙ- ඝානං අනත්තා අතීතානාගතං. කො පන වාදො පච්චුප්පන්නස්ස -පෙ- ජිව්හා අනත්තා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නාය. -පෙ- පටිපන්නො හොති. මනො අනත්තා අතීතානාගතො කො පන වාදො පච්චුප්පන්නස්ස, එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො අතීතස්මිං මනස්මිං අනපෙඛො හොති, අනාගතං මනං නාභිනන්දති, පච්චුප්පන්නස්ස මනස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීතානාගත වූ ඇස අනත් ය. පවත්නා ඇසෙහි කිනම් කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරිසවු අතීත වූ ඇසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ ඇස නො පතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. කන අනත් ය. පවත්නා කනෙහි කවර කථාවෙක් ද … අතීතානාගත වූ නැහැය අනත් ය, පවත්නා නැහැයෙහි කවර කථා යැ … අතීතානාගත වූ දිව අනත් ය. පවත්නා දිවෙහි කවර කථා යැ … පිළිපන්නේ වෙයි. අතීතානාගත වූ මනස අනත් ය. පවත්නා මනසෙහි කවර කථා යැ මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත වූ මනසෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත වූ මනස නො පතයි. පවත්නා මනසෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTදුතිය බාහිරානිච්චසුත්තං
Sinhala BJTදුතිය බාහිරානිච්ච සූත්‍රය
Pali BJT10. සාවත්ථියං–
Sinhala BJT10. සැවැත්නුවර–
Pali BJTරූපා භික්ඛවෙ, අනිච්චා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති, අනාගතෙ රූපෙ නාභිනන්දති, පච්චුප්පන්නානං රූපානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම්මෙ නාභිනන්දති, පච්චුප්පන්නානං ධම්මානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීතානාගතවූ රූප අනිසය. පවත්නා රූප පිළිබඳ ව කිනම් කාථා ද. මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. අනාගත රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල් ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් … අතීත අනාගත දහම් අනිස ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. අනාගත දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීමට නො ඇල්මට නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJT1. 1. 11.
Sinhala BJT1. 1. 11.
Pali BJTදුතිය බාහිරදුක්ඛසුත්තං
Sinhala BJTදුතිය බාහිරදුක්ඛ සූත්‍රය
Pali BJT11. සාවත්ථියං–
Sinhala BJT11. සැවැත්නුවර–
Pali BJTරූපා භික්ඛවෙ, දුක්ඛා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති අනාගතෙ රූපෙ නාභිනන්දති පච්චුප්පන්නානං රූපානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා අතීතානාගතා. කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම්මෙ නාභිනන්දති, පච්චුප්පන්නානං ධම්මානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීතානාගත රූප දුක් ය. පවත්නා රූප පිළිබඳ ව කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු අතීත රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. සද … ගඳ … රස … පහස් ඉකුත් නො පැමිණි දහම් දුක් ය. පවත්නා රූ පිළිබඳ ව කවර කථා යැ, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJT1. 1. 12.
Sinhala BJT1. 1. 12.
Pali BJTදුතිය බාහිරානත්තසුත්තං
Sinhala BJTදුතිය බාහිරානත්ත සූත්‍රය
Pali BJT12. සාවත්ථියං–
Sinhala BJT12. සැවැත්නුවර–
Pali BJTරූපා භික්ඛවෙ, අනත්තා අතීතානාගතා, කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු රූපෙසු අනපෙඛො හොති, අනාගතෙ රූපෙ නාභිනන්දති, පච්චුප්පන්නානං රූපානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා අතීතානාගතා, කො පන වාදො පච්චුප්පන්නානං, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතෙසු ධම්මෙසු අනපෙඛො හොති, අනාගතෙ ධම්මෙ නාභිනන්දති, පච්චුප්පන්නානං ධම්මානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීතානාගත රූප අනත් ය. පවත්නා රූපයෙහි කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු ඉකුත් රූපයෙහි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. සද … ගඳ … රස … පහස් ... අතීත අනාගත දහම් අනත් ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්‍ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTඅනිච්චවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි අනිච්චවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅනිච්චං දුක්ඛං අනත්තා ච තයො අජ්ඣත්තබාහිරා යදනිච්චෙන තයො වුත්තා තෙ තෙ අජ්ඣත්තබාහිරා.
Sinhala BJTඅනිච්ච යැ දුක්ඛ යැ අනත්ත යැ යි සූත්‍රයෝ තුන් දෙනෙකි. ඔහු අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිත්. ‘යදනිච්ච’ ශබ්දයෙන් වෙන් කොට කියූ සූත්‍රයෝ ද තුන්දෙනෙකි. ඔහු ද අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිති (අජ්ඣත්තබාහිර-භේදයෙන් දොළොස් දෙනෙකි.)
Pali BJT2. යමකවග්ගො
Sinhala BJT2. යමක වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJTසම්බොධසුත්තං
Sinhala BJTසම්බොධ සූත්‍රය
Pali BJT13. සාවත්ථියං–
Sinhala BJT13. සැවැත්නුවර–
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි. කො නු ඛො චක්ඛුස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සොතස්ස -පෙ- කො ඝානස්ස -පෙ- කො ජිව්හාය -පෙ- කො කායස්ස -පෙ- කො මනස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති.
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සම්බුදු නො වූ බෝසත් වූ මැ මට මෙබඳු සිතෙක් වි ය: ඇසෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, කනෙහි ආස්වාදය කිමෙක් ද, … නැහැයෙහි ආස්වාදය කිමෙක් ද, … දිවෙහි ආස්වාදය කිමෙක් ද, … කයෙහි ආස්වාදය කිමෙක් ද, … සිතෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: යං ඛො චක්ඛුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං චක්ඛුස්ස අස්සාදො. යං චක්ඛුං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං චක්ඛුස්ස ආදීනවො. යො චක්ඛුස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං චක්ඛුස්ස නිස්සරණං. යං සොතං -පෙ- යං ඝානං -පෙ- යං ජිව්හං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං ජිව්හාය අස්සාදො. යා ජිව්හා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං ජිව්හාය ආදීනවො. යො ජිව්හාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං ජිව්හාය නිස්සරණං. යං කායං -පෙ- යං මනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං මනස්ස අස්සාදො. යො මනො{1} අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො, අයං මනස්ස ආදීනවො. යො මනස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං මනස්ස නිස්සරණං.
Sinhala BJTමහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති{2} පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි නො ම පිළින කෙළෙමි.
Pali BJTයතො ච ඛො’හං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, මම යම් කලෙක මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් නම් මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලසමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් නැවත ඉපදීමෙක් නැතැ යි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJTදුතිය සම්බොධසුත්තං
Sinhala BJTදුතිය සම්බොධ සූත්‍රය
Pali BJT14. සාවත්ථියං–
Sinhala BJT14. සැවැත්නුවර–
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධි සත්තස්සෙව සතො එතදහොසි:
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය:
Pali BJTකො නු ඛො රූපානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සද්දානං -පෙ- කො ගන්ධානං -පෙ- කො රසානං -පෙ- කො ඵොට්ඨබ්බානං -පෙ- කො ධම්මානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති.
Sinhala BJTරූපයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, ශබ්දයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ගන්‍ධයන්ගේ ආස්වාදය කිමෙක් ද, ... රසයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ධර්‍මයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි.
Sinhala BJTමහණෙනි, මට මෙබඳු සිතෙක් විය:
Pali BJTයං ඛො රූපෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපානං අස්සාදො. යෙ{1} රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං රූපානං ආදීනවො. යො රූපෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපානං නිස්සරණං. යං සද්දෙ -පෙ- යං ගන්ධෙ -පෙ- යං රසෙ -පෙ- යං ඵොට්ඨබ්බෙ -පෙ- යං ධම්මෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං ධම්මානං අස්සාදො. යෙ ධම්මා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං ධම්මානං ආදීනවො. යො ධම්මෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං ධම්මානං නිස්සරණං.
Sinhala BJTරූපයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයන්ගේ ආස්වාද යි. යම් රූප කෙනෙක් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් මේ රූපයන්ගේ ආදීනව යි. රූපයන්හි යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ රූපයන්ගේ නිස්සරණ යි. ශබ්දයන් නිසා යම් … ගන්‍ධයන් නිසා යම් … රසයන් නිසා යම් … ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා යම් … ධර්‍මයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ධර්‍මයන්ගේ ආස්වාද යි. යම් ධර්‍ම කෙනෙක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ ධර්‍මයන්ගේ ආදීනව යි. ධර්‍මයන්හි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ධර්‍මයන්ගේ නිස්සරණ යි.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං එවං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං -පෙ- අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණ බ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් ... දත්තෙම් නම් මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් නැවත ඉපදීමෙක් නැති යි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTඅස්සාදපරියෙසනසුත්තං
Sinhala BJTඅස්සාද පරියේසන සූත්‍රය
Pali BJT15. සාවත්ථියං–
Sinhala BJT15. සැවැත්නුවර–
Pali BJTචක්ඛුස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො චක්ඛුස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. චක්ඛුස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො චක්ඛුස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. චක්ඛුස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං චක්ඛුස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා චක්ඛුස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ ආදීනවය සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවීම කෙළෙමි. ඇසේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ඇසේ නිස්සරණය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
Pali BJTසොතස්සාහං භික්ඛවෙ -පෙ- ඝානස්සාහං භික්ඛවෙ -පෙ- ජිව්හායාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො ජිව්හාය අස්සාදො තදජ්ඣගමං. යාවතා ජිව්හාය අස්සාදො, පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ජිව්හායාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ජිව්හාය ආදීනවො තදජ්ඣගමං. යාවතා ජිව්හාය ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ජිව්හායාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං ජිව්හාය නිස්සරණං තදජ්ඣගමං. යාවතා ජිව්හාය නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං. කායස්සාහං භික්ඛවෙ, -පෙ- මනස්සාහං භික්ඛවෙ අස්සාදපරියෙසනං අචරිං. යො මනස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා මනස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. මනස්සාහං, භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො මනස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා මනස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. මනස්සාහං, භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං මනස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා මනස්ස නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම කනෙහි … මහණෙනි, මම නැහැයෙහි … මහණෙනි, මම දිවෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. දිවෙහි ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, කයෙහි … මහණෙනි, මම සිතෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. සිතෙහි ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම සිතෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේය. මහණෙනි, මම සිතෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං -පෙ- අබ්භඤ්ඤාසිං -පෙ- ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, යම් තාක් මම මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද … දත්තෙම් ද මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ පැසුළු භවය යි. දැන් පුනර්‍භවයෙක් නැති යි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTදුතිය අස්සාදපරියෙසනසුත්තං
Sinhala BJTදුතිය අස්සාදපරියේසන සූත්‍රය
Pali BJT16. සාවත්ථියං–
Sinhala BJT16. සැවැත්නුවර–
Pali BJTරූපානාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො රූපානං අස්සාදො තදජ්ඣගමං. යාවතා රූපානං අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපානාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො රූපානං ආදීනවො තදජ්ඣගමං. යාවතා රූපානං ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපානාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං රූපානං නිස්සරණං තදජ්ඣගමං. යාවතා රූපානං නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං. සද්දානාහං භික්ඛවෙ -පෙ- ගන්ධානාහං භික්ඛවෙ -පෙ- රසානාහං භික්ඛවෙ -පෙ- ඵොට්ඨබ්බානාහං භික්ඛවෙ -පෙ- ධම්මානාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො ධම්මානං අස්සාදො තදජ්ඣගමං. යාවතා ධම්මානං අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ධම්මානාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො ධම්මානං ආදීනවො තදජ්ඣගමං. යාවතා ධම්මානං ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. ධම්මානාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං ධම්මානං නිස්සරණං තදජ්ඣගමං. යාවතා ධම්මානං නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම රූපයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. රූපයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ශබ්දයන්ගේ … මහණෙනි, මම ගන්‍ධයන්ගේ … මහණෙනි, මම රසයන්ගේ … මහණෙනි, මම ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … මහණෙනි, මම ධර්‍මයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි: ධර්‍මයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් අදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ධර්‍මයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්‍මයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. ධර්‍මයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ධර්‍මයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං -පෙ- අබ්භඤ්ඤාසිං -පෙ- ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො’ති.
Sinhala BJTමහණෙනි, යම් තාක් මම මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වසයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද, … දත්තෙම් ද, … මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්‍භවයෙක් නැති යි.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTනො චෙ අස්සාදසුත්තං
Sinhala BJTනො චෙ අස්සාද සූත්‍රය
Pali BJT17. සාවත්ථියං–
Sinhala BJT17. සැවැත්නුවර–
Pali BJTනො චෙදං භික්ඛවෙ, චක්ඛුස්ස අස්සාදො අභවිස්ස, නයිදං සත්තා චක්ඛුස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි චක්ඛුස්ස අස්සාදො, තස්මා සත්තා චක්ඛුස්මිං සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, චක්ඛුස්ස ආදීනවො අභවිස්ස, නයිදං සත්තා චක්ඛුස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි චක්ඛුස්ස ආදීනවො. තස්මා සත්තා චක්ඛුස්මිං නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, චක්ඛුස්ස නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා චක්ඛුස්මා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි චක්ඛුස්ස නිස්සරණං, තස්මා සත්තා චක්ඛුස්මා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් ඇසෙහි ආස්වාදයෙක් නො වී නම් මේ සත්ත්‍වයෝ ඇසෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ඇසෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් ඇසෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ඇසින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ඇසින් මිදෙති.
Pali BJTනො චෙදං භික්ඛවෙ, සොතස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, ඝානස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, ජිව්හාය අස්සාදො අභවිස්ස, නයිදං සත්තා ජිව්හාය සාරජ්ජ්යෙයුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ජිව්හාය අස්සාදො, තස්මා සත්තා ජිව්හාය සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, ජිව්හාය ආදීනවො අභවිස්ස, නයිදං සත්තා ජිව්හාය නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ජිව්හාය ආදීනවො, තස්මා සත්තා ජිව්හාය නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, ජිව්හාය නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා ජිව්හාය නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ජිව්හාය නිස්සරණං, තස්මා සත්තා ජිව්හාය නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් කනෙහි (ආස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් නැහැයෙහි (ආස්වාදයක්) නොවී නම් … මහණෙනි, ඉදින් දිවෙහි (ආස්වාදයෙක්) නොවී නම් සත්ත්‍වයෝ දිවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආස්වාදයයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිවෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් දිවෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ දිවෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ දිවෙන් මිදෙති.
Pali BJTනො චෙදං භික්ඛවෙ, කායස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, මනස්ස අස්සාදො අභවිස්ස, නයිදං සත්තා මනස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි මනස්ස අස්සාදො, තස්මා සත්තා මනස්මිං සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, මනස්ස ආදීනවො අභවිස්ස, නයිදං සත්තා මනස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි මනස්ස ආදීනවො, තස්මා සත්තා මනස්මිං නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, මනස්ස නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා මනස්මා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි මනස්ස නිස්සරණං, තස්මා සත්තා මනස්මා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් කයෙහි (අස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් සිතේ ආස්වාදයක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි ඇලෙති. මහණෙනි, ඉදින් සිතෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් සිතෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ සිතින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ සිතින් මිදෙති.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසුං{1}. නෙව තාව භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසංයුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන{2} චෙතසා විහරිංසු.
Sinhala BJTමහණෙනි, යම් තාක් සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තාහු ද, මහණෙනි ඒ තාක් සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්මගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත සඞ්ඛ්‍යාත මර්‍ය්‍යාදා ඉක්ම වූ සිතින් යුක්තව නො ම විසූහ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං අජ්ඣත්තිකානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසුං: අථ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසංයුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම්කලෙක සත්ත්‍වයෝ මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ දත්තාහු ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්‍ත මර්‍ය්‍යාදා ඉක්මවූ සිතින් යුක්ත ව වෙසෙති යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTදුතිය නො චෙ අස්සාදසුත්තං
Sinhala BJTදුතිය නො චෙ අස්සාද සූත්‍රය
Pali BJT18. සාවත්ථියං–
Sinhala BJT18. සැවැත්නුවර–
Pali BJTනො චෙදං භික්ඛවෙ, රූපානං අස්සාදො අභවිස්ස, නයිදං සත්තා රූපෙසු සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපානං අස්සාදො, තස්මා සත්තා රූපෙසු සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, රූපානං ආදීනවො අභවිස්ස, නයිදං සත්තා රූපෙසු නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපානං ආදීනවො, තස්මා සත්තා රූපෙසු නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, රූපානං නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා රූපෙහි නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපානං නිස්සරණං, තස්මා සත්තා රූපෙහි නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් රූපයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්ගේ ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්හි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්ගෙන් මිදෙත්.
Pali BJTනො චෙදං භික්ඛවෙ, සද්දානං -පෙ- ගන්ධානං -පෙ- රසානං -පෙ- ඵොට්ඨබ්බානං -පෙ- ධම්මානං අස්සාදො අභවිස්ස, නයිදං සත්තා ධම්මෙසු සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ධම්මානං අස්සාදො, තස්මා සත්තා ධම්මෙසු සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, ධම්මානං ආදීනවො අභවිස්ස, නයිදං සත්තා ධම්මෙසු නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ධම්මානං ආදීනවො, තස්මා සත්තා ධම්මෙසු නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, ධම්මානං නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා ධම්මෙහි නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි ධම්මානං නිස්සරණං, තස්මා සත්තා ධම්මෙහි නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් ශබ්දයන්ගේ … ගන්‍ධයන්ගේ … රසයන්ගේ … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … ධර්‍මයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ ආස්වාදයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම්හෙයෙකින් ධර්‍මයන්ගේ ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්‍මයන්ගේ නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්ගෙන් මිදෙත්.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසුං, නෙව තාව භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසංයුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරිංසු.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ යම් තාක් මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද, ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ නො දත්තාහු වෙත් ද මහණෙනි, සත්ත්‍වයෝ ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබුමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව නො ම විසූහ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සත්තා ඉමෙසං ඡන්නං බාහිරානං ආයතනානං අස්සාදඤ්ච අස්සාදතො, ආදීනවඤ්ච ආදීනවතො, නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසුං, අථ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය නිස්සටා විසංයුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරන්තීති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ යම් කලෙක මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ දත්තාහු වෙත් ද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු මර්‍ය්‍යාදා රහිත කරන ලද සිතින් යුක්ත ව වෙසෙති යි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTඅභිනන්දසුත්තං
Sinhala BJTඅභිනන්‍ද සූත්‍රය
Pali BJT19. සාවත්ථියං–
Sinhala BJT19. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සොතං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ඝානං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ජිව්හං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො කායං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො මනං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුණේ ය යි කියමි. යමෙක් දිව පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, චක්ඛුං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සොතං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ඝානං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ජිව්හං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො කායං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො මනං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් ඇස නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කන නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් දිව නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් සිත නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTදුතිය අභිනන්දසුත්තං
Sinhala BJTදුතිය අභිනන්‍ද සූත්‍රය
Pali BJT20. සාවත්ථියං–
Sinhala BJT20. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, රූපෙ අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා කරයි. යමෙක් දුක අභිනන්‍දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපෙ නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් රූප අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්‍ධ … රස … ස්පර්‍ශ … ධර්‍ම අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්‍දනා නො කරයි. යමෙක් දුක අභිනන්‍දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTඋප්පාදසුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT21. සාවත්ථියං–
Sinhala BJT21. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො සොතස්ස -පෙ- යො ඝානස්ස -පෙ- යො ජිව්හාය -පෙ- යො කායස්ස -පෙ- යො මනස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, ඇසෙහි යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. කනෙහි යම් … නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, චක්ඛුස්ස නිරොධො වූපසමො අත්ථගමො{1}. දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො{1}. යො සොතස්ස නිරොධො වූපසමො අත්ථගමො{1}. දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො{1}. යො ඝානස්ස -පෙ- යො ජිව්හාය -පෙ- යො කායස්ස -පෙ- යො මනස්ස නිරොධො වූපසමො අත්ථගමො{1}, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො{1}ති.
Sinhala BJTමහණෙනි, ඇසෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්‍යපශම ය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කනෙහි යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. නැහැයෙහි යම් … දිවෙහි යම් … කයෙහි යම් … සිතෙහි යම් … නිරෝධයෙක් ව්‍යපශමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය යි, රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTදුතිය උප්පාදසුත්තං
Sinhala BJTදුතිය උප්පාද සූත්‍රය
Pali BJT22. සාවත්ථියං–
Sinhala BJT22. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, රූපානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපයන්ගේ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපදීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො. යො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි, රෝගයන්ගේ ව්‍යපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් … රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යපශමය යි, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි.
Pali BJTයමකවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි යමක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTසම්බොධෙන දුවෙ වුත්තා අස්සාදෙන පරෙ දුවෙ නො චෙ තෙන දුවෙ වුත්තා අභිනන්දෙන පරෙ දුවෙ උප්පාදෙන දුවෙ වුත්තා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTසම්බෝධ නමින් දෙකෙක් කියන ලදී, අස්සාද නමින් අනෙක් දෙකෙකි. නො චෙ යන්නෙන් ද දෙකෙක් කියන ලදී. අභිනන්‍ද නමින් ද අනෙක් දෙකෙකි. උප්පාද නමින් ද දෙකෙක් කියන ලදී. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
Pali BJT3. සබ්බවග්ගො
Sinhala BJT3. සබ්බ වර්‍ගය