Pali BJTදුස්සමාදහං වාපි සමාදහන්ති (කාමදාති භගවා) ඉන්ද්රියූපසමෙ රතා, තෙ ඡෙත්වා මච්චුනො ජාලං අරියා ගච්ඡන්ති කාමදාති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) ඉඳුරන් දමනය කිරීමෙහි ඇලුනෝ එකඟ කිරීම දුෂ්කර වූත් සිත එකඟ කෙරෙත්. කාමදය, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල සිඳ ගෙන යෙත්.
Pali BJTදුග්ගමො භගවා විසමො මග්ගොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය විෂම ය, ගමන දුෂ්කර ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTදුග්ගමෙ විසමෙ වාපි අරියා ගච්ඡන්ති කාමද, අනරියා විසමෙ මග්ගෙ පපතන්ති අවංසිරා, අරියානං සමො මග්ගො අරියා හි විසමෙ සමාති.
Sinhala BJTකාමදය, ආර්‍ය්‍යයෝ දුගීම වූත් විෂම වූත් මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි යටිකුරු වූ (නුවණ) හිස් ඇත්තාහු වැටෙත්. ආර්‍ය්‍යයන්ට මාර්‍ගය සම ය. ආර්‍ය්‍යයෝ විෂම සත්‍වසමූහයා අතරෙහි සම වෙත් ම ය.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJTපඤ්චාලචණ්ඩසුත්තං
Sinhala BJTපඤ්චාලචණ්ඩ සූත්‍රය
Pali BJT88. සාවත්ථියං–
Sinhala BJT88. සැවැත් නුවර –
Pali BJTඑකමන්තං ඨිතො ඛො පඤ්චාලචණ්ඩො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි පඤ්චාලචණ්ඩ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
Pali BJTසම්බාධෙ වත ඔකාසං අවින්දි භූරිමෙධසො, යො ඣානමබුධා{1} බුද්ධො පතිලීනනිසභො මුනීති.
Sinhala BJTමානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨ වූ යම් මුනිවරයෙක් ධ්‍යාන අවබෝධ කළේ ද, මහත් ප්‍රඥා ඇති ඒ බුදුරජ තෙමේ (නීවරණ) සම්බාධයෙහි ඒකාන්තයෙන් (ධ්‍යාන සඞ්ඛ්‍යාත) අවකාශය ලැබී ය.
Pali BJTසම්බාධෙ වාපි වින්දන්ති{2} (පඤ්චාලචණ්ඩාති භගවා) ධම්මං නිබ්බාණපත්තියා, යෙ සතිං පච්චලත්ථුං සු{3} සම්මා තෙ සුසමාහිතාති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: පඤ්චාලචණ්ඩය,) යම් කෙනෙක් නිවණට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද, ඔහු සම්බාධ ඇති කල්හි දු ධ්‍යාන ලබත්. ඔහු මනා කොට සමාහිත වූවෝ ය.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJTතායනසුත්තං
Sinhala BJTතායන සූත්‍රය
Pali BJT89. සාවත්ථියං–
Sinhala BJT89. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො තායනො දෙවපුත්තො පුරාණතිත්ථකරො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො තායනො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි තායන දේවපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTඡින්ද සොතං පරක්කම්ම කාමෙ පනුද{4} බ්රාහ්මණ, නප්පහාය මුනී කාමෙ නෙකත්තමුපපජ්ජති.
Sinhala BJTබමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් පුහුන් නො කොට ධ්‍යානයට නො පැමිණේ.
Pali BJTකයිරා චෙ කයිරාථෙනං දළ්හමෙනං පරක්කමෙ, සිථිලො හි පරිබ්බාජො භිය්යො ආකිරතෙ රජං.
Sinhala BJTඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
Pali BJTඅකතං දුක්කතං{5} සෙය්යො පච්ඡා තපති{6} දුක්කතං, කතඤ්ච සුකතං සෙය්යො යං කත්වා නානුතප්පති.
Sinhala BJTදුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළාහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
Pali BJTකුසො යථා දුග්ගහිතො හත්ථමෙවානුකන්තති, සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායූපකඩ්ඪති.
Sinhala BJTයම්සේ කුසතණ පත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින්ම) වරදවා ගන්න ලද මහණකම නිරයට අදියි.
Pali BJTයං කිඤ්චි සිථිලං කම්මං සංකිලිට්ඨඤ්ච යං වතං සංකස්සරං බ්රහ්මචරියං න තං හොති මහප්ඵලන්ති.
Sinhala BJTයම්සේ ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
Pali BJTඉදමවොච තායනො දෙවපුත්තො. ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTතායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූයේ ය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං තායනො නාම දෙවපුත්තො පුරාණතිත්ථකරො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො භික්ඛවෙ තායනො{1} දෙවපුත්තො මම සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය අවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය පැරණි තීර්‍ත්‍ථකරයකු වූ මනා ඡවිවර්‍ණ ඇති තායන දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි තායන දෙව්පුත් තෙමේ මා සමියයෙහි මේ ගාථා කී ය:
Pali BJT“ඡින්ද සොතං පරක්කම්ම කාමෙ පනුද බ්රාහ්මණ, නප්පහාය මුනී කාමෙ නෙකත්ත මුපපජ්ජති.
Sinhala BJTබමුණ, වීර්‍ය්‍යය කොට (තෘෂ්ණා) ශ්‍රෝතස සිඳුව, කාමයන් දුරු කරව. මුනි තෙමේ කාමයන් ප්‍රහීණ නො කොට ධ්‍යානයට නො පැමිණේ.
Pali BJTකයිරා චෙ කයිරාථෙනං දළ්හමෙනං පරක්කමෙ, සිථිලො හි පරිබ්බාජො භිය්යො ආකිරතෙ රජන්ති.
Sinhala BJTඉදින් කරන්නේ නම් මේ (වීර්‍ය්‍යය) කරන්නේ ය. මෙය දැඩි කොට කරන්නේ ය. ඒ එසේ මැයි, ලිහිල් ව ගත් පැවිද්ද බෙහෙවින් රජස් වගුරුවයි.
Pali BJTඅකතං දුක්කතං සෙය්යො පච්ඡා තපති දුක්කතං, කතඤ්ච සුකතං සෙය්යො යං කත්වා නානුතප්පති.
Sinhala BJTදුෂ්කෘතය නොකරණ ලද්දේ උතුමි, දුෂ්කෘතය පසු ව (එය කළහු) තවයි. යමක් කොට නො තැවේ ද, (එබඳු) සුකෘතය කරණ ලද්දේ උතුමි.
Pali BJTකුසො යථා දුග්ගහිතො හත්ථමෙවානුකන්තති, සාමඤ්ඤං දුප්පරාමට්ඨං නිරයායූපකඩ්ඪති.
Sinhala BJTයම්සේ කුසතණපත වරදවා ගන්නා ලද්දේ අත ම කපා ද, (එසෙයින් ම) වරදවා ගන්නා ලද මහණකම නිරයට අදියි.
Pali BJTයං කිඤ්චි සිථිලං කම්මං සංකිලිට්ඨඤ්ච යං වතං, සඞ්කස්සරං බ්රහ්මචරියං න තං හොති මහප්ඵලන්ති.”
Sinhala BJTයම්සේ කිසි ලිහිල් කර්‍මයක් වේද, සකිලිටි වූ යම් ව්‍රතයෙකුත් වේද, සැක කටයුතු වූ බඹසරෙකුත් වේද, ඒ මහත්ඵල නො වේ.
Pali BJTඉදමවොච තායනො දෙවපුත්තො, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTතායන දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වීය.
Pali BJTඋග්ගණ්හාථ භික්ඛවෙ, තායනගාථා. පරියාපුණාථ භික්ඛවෙ, තායනගාථා. ධාරෙථ භික්ඛවෙ, තායනගාථා. අත්ථසංහිතා භික්ඛවෙ, තායනගාථා. ආදිබ්රහ්මචරියිකාති.{2}
Sinhala BJTමහණෙනි, තායන ගාථා උගණිවු, මහණෙනි, තායන ගාථා පිරිවහවු. මහණෙනි, තායන ගාථා දරවු. මහණෙනි, තායන ගාථා අර්‍ත්‍ථසහිතයහ. මගබඹසරට මුල්වූවෝ ය.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJTචන්දිමසුත්තං.
Sinhala BJTචන්‍දිම සූත්‍රය
Pali BJT90. සාවත්ථියං–
Sinhala BJT90. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන චන්දිමා දෙවපුත්තො රාහුනා අසුරින්දෙන ගහිතො හොති. අථ ඛො චන්දිමා දෙවපුත්තො භගවන්තං අනුස්සරමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි සඳ දෙව්පුත් තෙමේ රාහු ඇසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි සඳ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
Pali BJTනමො තෙ බුද්ධ වීරත්ථු විප්පමුත්තොසි සබ්බධි, සම්බාධපටිපන්නොස්මි තස්ස මෙ සරණං භවාති.”
Sinhala BJT“බුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනේ වෙහි (මම) පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.”
Pali BJTඅථ ඛො භගවා චන්දිමං දෙවපුත්තං ආරබ්භ රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳුහට ගාථායෙන් වදාළ සේක.
Pali BJT“තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතො, රාහු චන්දං පමුඤ්චස්සු බුද්ධා ලොකානුකම්පකාති.”
Sinhala BJT“සඳ දෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. එම්බා රාහු අසුරය, සඳ මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”
Pali BJTඅථ ඛො රාහු අසුරින්දො චන්දිමං දෙවපුත්තං මුඤ්චිත්වා තරමානරූපො යෙන වෙපචිත්ති අසුරින්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො රාහුං අසුරින්දං වෙපචිත්ති අසුරින්දො ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති රාහුඅසුරිඳු තෙමේ සඳදෙව්පුත් මුදා වෙළෙවිසැහැවි ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහ ගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහු අසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ මේ ගාථායෙන් කී ය.
Pali BJTකින්නු සන්තරමානොව රාහු චන්දං පමුඤ්චසි, සංවිග්ගරූපො ආගම්ම කින්නු භීතො ව තිට්ඨසීති.
Sinhala BJTඑම්බා රාහුඅසුරය, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියෙකු මෙන් සඳ මිදුවෙ හි ද? සංවේගස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බියවූවකු මෙන් සිටිහි ද?
Pali BJTසත්තධා මෙ ඵලෙ මුද්ධා ජීවන්තො න සුඛං ලභෙ, බුද්ධගාථාභිගීතොම්හි නො චෙ මුඤ්චෙය්ය චන්දිමන්ති.
Sinhala BJTබුද්ධගාථායෙන් අභිගීතයෙමි. ඉදින් සඳ නොමිදුයෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සැප නො ලබන්නෙමි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJTසූරිය{1}සුත්තං
Sinhala BJTසුරිය සූත්‍රය
Pali BJT91. සාවත්ථියං–
Sinhala BJT91. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන සුරියො{1} දෙවපුත්තො රාහුනා අසුරින්දෙන ගහිතො හොති. අථ ඛො සුරියො{1} දෙවපුත්තො භගවන්තං අනුස්සරමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි හිරුදෙව්පුත් තෙමේ රාහුඅසුරිඳු විසින් ගන්නා ලද්දේ වෙයි. එකල්හි හිරුදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය.
Pali BJT“නමො තෙ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බධි, සම්බාධපටිපන්නොස්මි තස්ස මෙ සරණං භවාති.”
Sinhala BJTබුද්ධවීරයන් වහන්ස, මුබවහන්සේට නමස්කාර වේවා. සියලු තන්හි මිදුනෙහි. මම පීඩාවට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
Pali BJTඅථ ඛො භගවා සුරියං{1} දෙවපුත්තං ආරබ්භ රාහුං අසුරින්දං ගාථාහි{2} අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ හිරු දෙව්පුතු ඇරබ රාහු ඇසුරිඳු හට ගාථාවලින් වදාළ සේක.
Pali BJT“තථාගතං අරහන්තං සුරියො{1} සරණං ගතො, රාහු සුරියං{1} පමුඤ්චස්සු බුද්ධා ලොකානුකම්පකාති.
Sinhala BJTඑම්බා රාහුඅසුරය, හිරුදෙව්පුත් තෙමේ අර්‍හත් වූ තථාගතයන් වහන්සේ සරණ ගියේ ය. හිරු දෙව්පුතු මුදව, බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.
Pali BJTයො අන්ධකාරෙ තමසී{3} පභඞ්කරො වෙරොචනො මණ්ඩලී උග්ගතෙජො, මා රාහු ගිලී චරං අන්තලික්ඛෙ{4} පජං මම රාහු පමුඤ්ච සූරියන්ති.”
Sinhala BJTඑම්බා රාහුඅසුරය, යමෙක් ගනඳුරෙහි එළිය කරන්නේ ද, බබලන්නේ ද, මඬුලු සටහන් ඇත්තේ ද, උග්‍රතේජස් ඇත්තේ ද, අහසෙහි හැසිරෙණ එබඳු හිරු නො ගිලුව. එම්බා රාහුඅසුරය, මා දහම්පුත් හිරු මුදව.
Pali BJTඅථ ඛො රාහු අසුරින්දො සුරියං{1} දෙවපුත්තං මුඤ්චිත්වා තරමානරූපො යෙන වෙපචිත්ති අසුරින්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො රාහුං අසුරින්දං වෙපචිත්ති අසුරින්දො ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති රාහු අසුරිඳු තෙමේ හිරු දෙව්පුත් මුදා වෙළෙවිසැහැවී ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත එළඹියේ ය. එළඹ සංවේගයට පැමිණියේ හට ගත් ලොමුදහගැණුම් ඇත්තේ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි රාහුඅසුරිඳු හට වේපචිත්ති අසුරිඳු තෙමේ ගාථායෙන් කී ය.
Pali BJT“කින්නු සන්තරමානොව රාහු සුරියං පමුඤ්චසි, සංවිග්ගරූපො ආගම්ම කින්නු භීතොව තිට්ඨසීති.”
Sinhala BJTඑම්බා රාහු, කුමක් හෙයින් වෙළෙවිගති ඇතියකු මෙන් හිරු මිදුවෙහි ද? සංවේග ස්වභාව ඇත්තේ අවුත් කුමක් හෙයින් බිය වූවකු මෙන් සිටිහි ද?
Pali BJT“සත්තධා මෙ ඵලෙ මුද්ධා ජීවන්තො න සුඛං ලභෙ, බුද්ධගාථාභිගීතොම්හි නො චෙ මුඤ්චෙය්ය සූරියන්ති.”
Sinhala BJTබුද්ධගාථායෙන් අභිගීත (සංධායභාෂිත වශයෙන් වෙසෙසින් ගයන ලදුයෙම්) වෙමි. ඉදින් හිරු නො මිදුවෙම් නම් මාගේ මුදුන සත්කඩකට පැළෙන්නේ ය. ජීවත් වන්නෙම් සුව නො ලබන්නෙමි.
Pali BJTසුරියවග්ගො පඨමො
Sinhala BJTසුරිය වර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ කස්සපා ච මාඝො ච මාගධො දාමලි කාමදො, පඤ්චාලචණ්ඩො තායනො චන්දිමසුරියෙන තෙ දසාති.
Sinhala BJTකස්සපසුත්‍ර දෙකය, මාඝ, මාගධ, දාමලි, කාමද, පඤ්චාලචණ්ඩ, තායන, චන්‍දිම, සුරිය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. අනාථපිණ්ඩිකවග්ගො
Sinhala BJT2. අනාථපිණ්ඩික වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTචන්දිමසසුත්තං.
Sinhala BJTචන්‍දිමස සූත්‍රය
Pali BJT92. සාවත්ථියං–
Sinhala BJT92. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො චන්දිමසො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො චන්දිමසො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි චන්‍දිමස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්‍ණ ඇත්තේ, මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චන්‍දිමස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
Pali BJTතෙ හි සොත්ථිං ගමිස්සන්ති කච්ඡෙවාමකසෙ මගා, ඣානානි උපසම්පජ්ජ එකොදි නිපකා සතාති.
Sinhala BJTධ්‍යානයන්ට පැමිණීමෙන් එකඟසිත් ඇති වූ තීරණප්‍රඥා ඇති සිහි ඇති ඔහු මදුරුවන් නැති කැසෙක මුවන් මෙන් සෙතට පැමිණෙන්නාහු ම ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතෙ හි පාරං ගමිස්සන්ති ඡෙත්වා ජාලං ව අම්බුජො, ඣානානි උපසම්පජ්ජ අප්පමත්තා රණඤ්ජහාති.
Sinhala BJTධ්‍යානයන් ලැබ නො පමාවන කෙලෙස් දුරලන ඔහු දැල සිඳ යන මස්කැල මෙන් පරතෙරට (නිවණට) පැමිණෙන්නාහු ම ය.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTවෙණ්හු{1}සුත්තං
Sinhala BJTවෙණ්හු සූත්‍රය
Pali BJT93. සාවත්ථියං–
Sinhala BJT93. සැවැත්නුවර:-
Pali BJTඑකමන්තං ඨිතො ඛො වෙණ්හු{1} දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
Pali BJTසුඛිතා වත{2} තෙ මනුජා සුගතං පයිරුපාසිය, යුඤ්ජං{3} ගොතම සාසනෙ අප්පමත්තානුසික්ඛරෙති.
Sinhala BJT(යම්) මිනිස් කෙනෙක් බුදුරජානන් වහන්සේ පර්‍ය්‍යුපාසාන කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නො පමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.
Pali BJTයෙ මෙ පවුත්තෙ{4} සත්ථිපදෙ{5} (වෙණ්හොති භගවා) අනුසික්ඛන්ති ඣායිනො, කාලෙ තෙ අප්පමජ්ජන්තා න මච්චුවසගා{6} සියුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්‍රය, ධ්‍යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්‍රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTදීඝලට්ඨිසුත්තං.
Sinhala BJTදීඝලට්ඨි සූත්‍රය
Pali BJT94. සාවත්ථියං–
Sinhala BJT94. සැවැත්නුවර–
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
Pali BJTඅථ ඛො දීඝලට්ඨි දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දීඝලට්ඨි දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි{7}:
Sinhala BJTදීඝලට්ඨි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනාඡවිවර්‍ණ ඇත්තේ, මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
Pali BJTභික්ඛු සියා ඣායී විමුත්තචිත්තො ආකඞ්ඛෙ චෙ හදයස්සානුපත්තිං, ලොකස්ස ඤත්වා උදයබ්බයඤ්ච සුචෙතසො අනිස්සිතො තදානිසංසොති.
Sinhala BJTමහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිය (අභීත්ත්‍වය) කැමති වන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක්, මිදුනු සිතැත්තෙක්, (එසෙයින් ම) මනාසිතැත්තෙක්, (තෘෂ්ණාදෘෂ්ටීන්) අනිඃශ්‍රිතයෙක්, ඒ අභීත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්නේ ය.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTනන්දනසුත්තං.
Sinhala BJTනන්‍දන සූත්‍රය
Pali BJT95. සාවත්ථියං–
Sinhala BJT95. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො නන්දනො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි නන්‍දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTපුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ අනාවටං භගවතො ඤාණදස්සනං කථංවිධං සීලවන්තං වදන්ති, කථංවිධං පඤ්ඤවන්තං{1} වදන්ති කථංවිධො දුක්ඛමතිච්ච ඉරීයති.{2} කථංවිධං දෙවතා පූජයන්තීති.
Sinhala BJTපතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්සේගේ ඥානදර්‍ශනය ආවරණරහිත ය. කෙබන්දහු ‘සිල්වතැ’ යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයො සීලවා පඤ්ඤවා භාවිතත්තො සමාහිතො ඣානරතො සතීමා, සබ්බස්ස සොකා විගතා පහීණා ඛීණාසවො අන්තිමදෙහධාරී.
Sinhala BJTයමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්‍යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්‍රහීණ වූවාහු ද, ක්‍ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණ සුලු වේ ද,
Pali BJTතථාවිධං සීලවන්තං වදන්ති තථාවිධං පඤ්ඤවන්තං{3} වදන්ති, තථාවිධො දුක්ඛමතිච්ච ඉරීයති තථාවිධං දෙවතා පූජයන්තීති.
Sinhala BJTඑබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTචන්දනසුත්තං.
Sinhala BJTචන්‍දන සූත්‍රය
Pali BJT96. සාවත්ථියං–
Sinhala BJT96. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො චන්දනො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:–
Sinhala BJTඑකත්පසෙක සිටි චන්‍දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකො සූ{4} ධ තරති ඔඝං රත්තින්දිවමතන්දිතො, අප්පතිට්ඨෙ අනාලම්බෙ කො ගම්භීරෙ න සීදතීති.
Sinhala BJTමෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සුසමාහිතො, ආරද්ධවිරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං.
Sinhala BJTහැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
Pali BJTවිරතො කාමසඤ්ඤාය රූපසඤ්ඤොජනාතිගො, නන්දිරාගපරික්ඛීණො{5} සො ගම්භීරෙ න සීදතීති.
Sinhala BJTකාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්‍ෂීණ වූ නන්‍දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTවසුදත්තසුත්තං.{6}
Sinhala BJTවසුදත්ත සූත්‍රය
Pali BJT97. සාවත්ථියං–
Sinhala BJT97. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො වසුදත්තො{6} දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:–
Sinhala BJTඑකත්පසෙක සිටි වසුදත්ත දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව{1} මත්ථකෙ, කාමරාගප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJTසැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ, සක්කායදිට්ඨිප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙති.
Sinhala BJTසැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ සක්කායදෘෂ්ටි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTසුබ්රහ්මසුත්තං.
Sinhala BJTසුබ්‍රහ්ම සූත්‍රය
Pali BJT98. සාවත්ථියං–
Sinhala BJT98. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො සුබ්රහ්මා දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:–
Sinhala BJTඑකත්පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTනිච්චං උත්රස්තමිදං චිත්තං නිච්චං උබ්බිග්ගමිදං මනො අනුප්පන්නෙසු කිච්ඡෙසු{2} අථො උප්පතිතෙසු ච සචෙ අත්ථි අනුත්රස්තං තංමෙ අක්ඛාහි පුච්ඡිතො ති.
Sinhala BJTනූපන් දුක් නිමිති කොට ද, යලිත්, ඉපදුන දුක් නිමිති කොට ද, මේ සිත නිතර තැති ගත්තේ ය. මේ සිත නිතර බියෙන් සැලුණේ ය. මා විසින් විචාරණ ලද්දෙහි. ඉදින් නොතැති ගත් සිතක් ඇත්නම් එය වදාරණු මැනව.