Pali BJT13. 1. 45.
Sinhala BJT13. 1. 45.
Pali BJTආරම්මණ සප්පායකාරී සුත්තං
Sinhala BJTආරම්මණ සප්පායකාරී සූත්‍රය
Pali BJT706. සාවත්ථියං:
Sinhala BJT706. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ආරම්මණකුසලො හොති න සමාධිස්මිං සප්පායකාරී -පෙ-.
Sinhala BJT… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
Pali BJT13. 1. 46.
Sinhala BJT13. 1. 46.
Pali BJTගොචර අභිනීහාර සුත්තං
Sinhala BJTගෝචර අභිනීහාර සූත්‍රය
Pali BJT707. සාවත්ථියං:
Sinhala BJT707. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ගොචරකුසලො හොති න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ- සමාධිස්මිං අභිනීහාරකුසලො හොති න සමාධිස්මිං ගොචරකුසලො -පෙ- නෙව සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො -පෙ- සමාධිස්මිං ගොචරකුසලො ච හොති, සමාධිස්මිං අභිනීහාරකුසලො ච -පෙ- පවරො චාති.
Sinhala BJT... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... සමාධියෙහි අභිනීභාර කුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... සමාධියෙහි නො මැ ගෝචරකුසලත් සමාධියෙහි නො මැ අභිනීභාර කුසලත් වේ ... සමාධියෙහි ගෝචර කුසලත් සමාධියෙහි අභිනීභාර කුසලත් වේ ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 47.
Sinhala BJT13. 1. 47.
Pali BJTගොචර සක්කච්චකාරී සුත්තං
Sinhala BJTගෝචර සක්කච්චකාරී සූත්‍රය
Pali BJT708. සාවත්ථියං:
Sinhala BJT708. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ගොචරකුසලො හොති න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
Pali BJT13. 1. 48.
Sinhala BJT13. 1. 48.
Pali BJTගොචර සාතච්චකාරී සුත්තං
Sinhala BJTගෝචර සාතච්චකාරී සූත්‍රය
Pali BJT709. සාවත්ථියං:
Sinhala BJT709. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
Pali BJT13. 1. 49.
Sinhala BJT13. 1. 49.
Pali BJTගොචර සප්පායකාරී සුත්තං
Sinhala BJTගෝචර සප්පායකාරී සූත්‍රය
Pali BJT710. සාවත්ථියං:
Sinhala BJT710. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං ගොචරකුසලො හොති, සමාධිස්මිං සප්පායකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
Pali BJT13. 1. 50.
Sinhala BJT13. 1. 50.
Pali BJTඅභිනීහාර සක්කච්චකාරී සුත්තං
Sinhala BJTගෝචර සක්කච්චකාරී සූත්‍රය
Pali BJT711. සාවත්ථියං:
Sinhala BJT711. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
Pali BJT13. 1. 51.
Sinhala BJT13. 1. 51.
Pali BJTඅභිනීහාර සාතච්චකාරී සුත්තං
Sinhala BJTගෝචර සාතච්චකාරී සූත්‍රය
Pali BJT712. සාවත්ථියං:
Sinhala BJT712. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 52.
Sinhala BJT13. 1. 52.
Pali BJTඅභිනීහාරසප්පායකාරී සුත්තං
Sinhala BJTඅභිනීහාර සප්පායකාරී සූත්‍රය
Pali BJT713. සාවත්ථියං:
Sinhala BJT713. සැවැත්නුවර:
Pali BJT-පෙ- ඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සප්පායකාරී -පෙ-
Sinhala BJT… මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
Pali BJT13. 1. 53.
Sinhala BJT13. 1. 53.
Pali BJTසක්කච්චසාතච්චකාරී සුත්තං
Sinhala BJTසක්කච්ච සාතච්චකාරී සූත්‍රය
Pali BJT714. සාවත්ථියං:
Sinhala BJT714. සැවැත්නුවර:
Pali BJT-පෙ- ඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සාතච්චකාරී. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සාතච්චකාරී -පෙ- නෙව සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සාතච්චකාරී. -පෙ- සමාධිස්මිං සක්කච්චකාරී ච හොති, සමාධිස්මිං සාතච්චකාරී ච.
Sinhala BJT... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ... සමාධියෙහි නො මැ සක්කච්චකාරීත් සමාධියෙහි නො මැ සාතච්චකාරීත් වේ ... සමාධියෙහි සක්කච්චකාරීත් සමාධියෙහි සාතච්චකාරීත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං -පෙ- උත්තමො ච, පවරො චාති.
Sinhala BJTමහනෙණි, මෙහි යම් මේ ... උතුම් ද උසස් ද වේ යි.
Pali BJT13. 1. 54.
Sinhala BJT13. 1. 54.
Pali BJTසක්කච්චසප්පායකාරී සුත්තං
Sinhala BJTසක්කච්ච සප්පායකාරී සූත්‍රය
Pali BJT715. සාවත්ථියං:
Sinhala BJT715. සැවැත්නුවර:
Pali BJT-පෙ- සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සප්පායකාරී -පෙ-
Sinhala BJT... සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
Pali BJT13. 1. 55.
Sinhala BJT13. 1. 55.
Pali BJTසාතච්චසප්පායකාරී සුත්තං
Sinhala BJTසාතච්ච සප්පායකාරී සූත්‍රය
Pali BJT716. සාවත්ථියං:
Sinhala BJT716. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සාතච්චකාරී හොති, න සමාධිස්මිං සප්පායකාරී. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සප්පායකාරී හොති, න සමාධිස්මිං සාතච්චකාරී. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සාතච්චකාරී හොති, න සප්පායකාරී. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සාතච්චකාරී ච හොති, සමාධිස්මිං සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ, මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පායකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම සාතච්චකාරීත් සමාධියෙහි නො ම සප්පායකාරීත් වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සාතච්චකාරී ච හොති, සමාධිස්මිං සප්පායකාරී ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ර අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සාතච්චකාරී ච හොති, සමාධිස්මිං සප්පායකාරී ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද, උතුම් ද, උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිත්, කිරට වඩා දීත්, දීයට වඩා වෙඬරුත්, වෙඬරුවට වඩා ගිතෙලුත්. ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද. මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරීත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම්, මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද, උතුම් ද, උසස් ද වේ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJT(එවං තානි පෙය්යාලමුඛානි පඤ්චපඤ්ඤාසං වෙය්යාකරණානි විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(මෙසේ පෙය්‍යාලමුඛ ඇති ඒ පස්පනස් සූත්‍රයෝ විස්තර කටයුත්තා හ.)
Pali BJTඣානවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ධ්‍යාන වර්‍ග යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඛන්‍ධක වර්‍ග නිමියේ යි.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය :
Pali BJTසමාධි සමාපත්ති ඨිති ච - වුට්ඨානං කල්ලිතාරම්මණෙන ච, ගොචර අභිනීහාර සක්කච්ච - සාතච්ච අථොපි සප්පායා ති.
Sinhala BJTසමාධි සූත්‍ර දශයෙක, සමාපත්ති සූත්‍ර නවයෙක, ඨිති සූත්‍ර අටෙක, වුට්ඨාන සූත්‍ර සතෙක, කල්ලිත සූත්‍ර සයෙක, ආරම්මණ සූත්‍ර පසෙක ගෝචර සූත්‍ර සතරෙක. අභිනීහාර සූත්‍ර තුනෙක, සක්කච්ච සූත්‍ර දෙකෙක, සප්පාය සූත්‍ර එකෙකැ යි සූත්‍ර පස් පනසෙකි.
Pali BJTඣානසංයුත්තං සමත්තං.
Sinhala BJTඣාන සංයුත්තය නිමියේ ය.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි වර්‍ග නාමාවලිය :
Pali BJTනකුලපිතා අනිච්චඤ්ච භාරං න තුම්හාකෙන ච අත්තදීපෙන පඤ්ඤාසො පඨමොති පවුච්චති.
Sinhala BJTනකුලපිතු, අනිච්ච, භාර, නතුම්හාක, අත්තදීප යන වර්‍ග පසින් පඨම පණ්ණාසක ය යි කියනු ලැබේ.
Pali BJTඋපයො’රහං ඛජ්ජනීයො ථෙරං පුප්ඵෙන පඤ්චමං මජ්ඣෙ පණ්ණාසකො එසො සම්බුද්ධෙන පකාසිතො.
Sinhala BJTඋපාය, අරහත්ත ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ග පසින් මේ මජ්ඣිම පණ්ණාසකය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
Pali BJTඅත්තං ධම්මකථිකාවිජ්ජා කුක්කුළං දිට්ඨි පඤ්චමං තතියො පණ්ණාසකො වුත්තො නිපාතොති පවුච්චති.
Sinhala BJTඇත්ත, ධම්මකථික, අවිජ්ජා, කුක්කුළ,, දීට්ඨී යන වර්‍ග පසින් තතිය පණ්ණාසකය වදාරන ලද්දේ ය. නිපාත ය යි ද කියනු ලැබේ.
Pali BJTගන්ධ දිට්ඨි ච ඔක්කන්ති උප්පාදො කිලෙසෙන ච සාරිපුත්තො ච නාගො ච සුපණ්ණ ගන්ධබ්බකායිකා වලාහො වච්ඡගොත්තො ච ඣානෙන භවති අට්ඨාරසාති.
Sinhala BJTපඨම රාධ, දුතිය රාධ, වර්‍ග දෙක ය, ආයාචන, උපනිසින්න, පඨමගමන, දුතියගමන, තතියගමන යන දීට්ඨී වර්‍ග සය, ඔක්කන්තික, උප්පාද කිලේස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්‍ධබ්බ, වලාහක, වච්ඡගොත්ත, ඣාන යන වර්‍ග දශ ය යි, වර්‍ග අටළොසෙකි . වර්‍ග මුළුල්ල තෙතිසෙකි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTචතුත්ථොභාගො
Sinhala BJTචතුර්‍ත්‍ථ භාගය
Pali BJTසළායතනවග්ගො
Sinhala BJTසළායතන වර්‍ගය
Pali BJT1. සළායතනසංයුත්තං
Sinhala BJT1. සළායතන සංයුත්තය
Pali BJT1. අනිච්චවග්ගො
Sinhala BJT1. අනිච්ච වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTඅජ්ඣත්තානිච්චසුත්තං
Sinhala BJTඅජ්ඣත්තානිච්ච සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි “භික්ඛවො”ති. “භදන්තෙ”ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTචක්ඛුං භික්ඛවෙ අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙ’සො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ඇස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම වෙයි. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTසොතං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTකන අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTඝානං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTනැහැය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනා නුවණින් දැක්ක යුතු යි.
Pali BJTජිව්හා අනිච්චා. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTදිව අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත් ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTකායො අනිච්චො. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTකය අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTමනො අනිච්චො. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමනස අනිත්‍ය ය, යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් වෙයි. යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහි දු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. (හේ) කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් (සසරින්) විමුක්ත වෙයි. විමුක්ත වත් මැ ‘විමුක්ත’ යැ යන ඥානය උදාවෙයි, උත්පත්තිය ක්‍ෂීණ වියැ. බඹසර වැසැ නිමවන ලද. කරණී කරන ලද. මේ රහත්බව පිණිස කළයුතු අනෙක් කිසෙක් නැතැ යි නුවණින් දනියි.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTඅජ්ඣත්තදුක්ඛසුත්තං
Sinhala BJTඅජ්ඣත්තදුක්ඛ සූත්‍රය
Pali BJT2. සාවත්ථියං–
Sinhala BJT2. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ දුක්ඛං. යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ඇස දුක් වෙයි, යමෙක් දුක්වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTසොතං දුක්ඛං -පෙ- ඝානං දුක්ඛං -පෙ- ජිව්හා දුක්ඛා -පෙ- කායො දුක්ඛො -පෙ- මනො දුක්ඛො. යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTකන දුක් ය, … නැහැය දුක් ය, … දිව දුක් ය … කය දුක් ය … සිත දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය. යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැති යි දැනගනී යි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTඅජ්ඣත්තානත්තසුත්තං
Sinhala BJTඅජ්ඣත්තානත්ත සූත්‍රය
Pali BJT3. සාවත්ථියං–
Sinhala BJT3. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ඇස අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTසොතං අනත්තා -පෙ- ඝානං අනත්තා -පෙ- ජිව්හා අනත්තා -පෙ- කායො අනත්තා -පෙ- මනො අනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTකන අනාත්ම ය … නැහැය අනාත්ම ය … දිව අනාත්ම ය … කය අනාත්ම ය … මනස අනාත්ම ය, යමෙක් අනාත්ම නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙයි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැන ගනි යි.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTබාහිරානිච්චසුත්තං
Sinhala BJTබාහිරානිච්ච සූත්‍රය
Pali BJT4. සාවත්ථියං–
Sinhala BJT4. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය ය, යමෙක් අනිත්‍යවේ නම් එය දුක් වෙයි, යමෙක් දුක් වේ නම් එය අනාත්ම ය, යමෙක් අනාත්ම වේ නම් එය “තෙලෙ මාගේ නො වෙයි. තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙලෙ ඇති සැටියෙන් මනානුවණින් දැක්ක යුතු ය.
Pali BJTසද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTසද … ගඳ … රස … පහස් … දහම් අනිස ය, යමෙක් අනිස වේ නම් එය දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මෙ මම නො වෙමි, මෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතුයි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති, සද්දෙසුපි නිබ්බින්දති, ගන්ධෙසුපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා බහුශ්‍රුත අරීසවු රූපයෙහි දු කලකිරෙයි, ශබ්දයෙහි දු කලකිරෙයි, ගඳෙහි දු කලකිරෙයි, රසෙහි දු කලකිරෙයි, පහස්හි දු කලකිරෙයි, දහම්හි දු කලකිරෙයි, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි ‘මිදිණැ’යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලද. කටයුතු කරන ලද. මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනි යි.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTබාහිරදුක්ඛසුත්තං
Sinhala BJTබාහිරදුක්ඛ සූත්‍රය
Pali BJT5. සාවත්ථියං–
Sinhala BJT5. සැවැත්නුවර–
Pali BJTරූපා භික්ඛවෙ, දුක්ඛා. යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූ දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි මෙ මම නො වෙමි. මෙ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.
Pali BJTසද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTසද .... ගඳ ... පහස් ... දහම් දුක් ය, යමෙක් දුක් වේ නම් එය අනත් ය, යමෙක් අනත් වේ නම් එය “මෙ මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. මෙසේ දක්නේ … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.