Pali BJT659. සාවත්ථියං:
Sinhala BJT659. සැවැත්නුවර:
Pali BJT-පෙ- සඤ්ඤාය ඛො වච්ඡ, අපච්චක්ඛකම්මා -පෙ-.
Sinhala BJT… වච්ඡය, සංඥාවෙහි නො පසක් කිරීමෙන් …
Pali BJT12. 1. 54.
Sinhala BJT12. 1. 54.
Pali BJTසංඛාර අපච්චක්ඛකම්ම සුත්තං
Sinhala BJTසඞ්ඛාර අපච්චකඛ කම්ම සූත්‍රය
Pali BJT660. සාවත්ථියං:
Sinhala BJT660. සැවැත්නුවර:
Pali BJT-පෙ- සඞ්ඛාරෙසු ඛො වච්ඡ, අපච්චක්ඛකම්මා -පෙ-.
Sinhala BJT… වච්ඡය, සංස්කාරයන්හි නො පසක් කිරීමෙන් …
Pali BJT12. 1. 55.
Sinhala BJT12. 1. 55.
Pali BJTවිඤ්ඤාණ අපච්චක්ඛකම්ම සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අපච්චකඛ කම්ම සූත්‍රය
Pali BJT661. සාවත්ථියං:
Sinhala BJT661. සැවැත්නුවර:
Pali BJT-පෙ- විඤ්ඤාණෙ ඛො වච්ඡ, අපච්චක්ඛකම්මා, විඤ්ඤාණසමුදයෙ අපච්චක්ඛකම්මා, විඤ්ඤාණනිරොධෙ අපච්චක්ඛකම්මා, විඤ්ඤාණනිරොධගාමිනියා පටිපදාය අපච්චක්ඛකම්මා එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, විඥානයෙහි නො පසක් කිරීමෙන් , විඥානසමුදයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධගාමිනීපටිපදාවෙහි නො පසක් කිරීමෙන්, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්.
Pali BJTඅයං ඛො වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, න හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අනන්තවත් ය යි හෝ ජීවයත් එය ය ශරීරයත් එය ය යි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJTවච්ඡගොත්තවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි වච්ඡගොත්ත වර්‍ග යි.
Pali BJT(එකපිණඩකෙන පඤ්චපඤ්ඤාසං සුත්තන්තා භවන්ති.)
Sinhala BJT(එකට පිඬු කිරීමෙන් පස්පනස් සූත්‍ර කෙනෙක් වෙත්.)
Pali BJTතස්සුද්දානං :
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅඤ්ඤාණා අදස්සනා චෙව අනභිසමයා අනනුබොධා අප්පටිවෙධා අසල්ලක්ඛණා අනුපලක්ඛණා අපච්චුපලක්ඛණා අසමපෙක්ඛණා අපච්චුපෙක්ඛණා, අපච්චක්ඛකම්මාති.
Sinhala BJTඅඤ්ඤාණයෙන් ද, අදස්සනයෙන් ද, අනභිසමයෙන් ද, අනනුබෝධයෙන් ද, අප්පටි වේධයෙන් ද, අසල්ලක්ඛණයෙන් ද, අනුපලක්ඛණයෙන් ද, අපච්චුපලක්ඛණයෙන් ද, අසමපෙක්ඛණයෙන් ද, අපච්චුපෙක්ඛණයෙන්ද, අපච්චක්ඛකම්මයෙන් දැ යි එක් එක පඤ්චකය බැගින් පඤ්චක එකොළොසෙකි. සූත්‍ර මුළුල්ල පස්පනසෙකි
Pali BJTවච්චගොත්තසංයුත්තං සමත්තං.
Sinhala BJTවච්ඡගොත්ත සංයුත්තය නිමියේ යි.
Pali BJT13. ඣානසංයුත්තං
Sinhala BJT13. ඣාන සංයුත්තය
Pali BJT1. ඣානවග්ගො
Sinhala BJT1. ඣාන වර්‍ගය
Pali BJT13. 1. 1.
Sinhala BJT13. 1. 1.
Pali BJTසමාපත්තිකුසල සුත්තං
Sinhala BJTසමාපත්ති කුසල සූත්‍රය
Pali BJT662. සාවත්ථියං:
Sinhala BJT662. සැවැත්නුවර:
Pali BJT-පෙ- චත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යානලාභී පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් (ධ්‍යානාඞ්ග ව්‍යවස්ථාන විසින්) සමාධිකුසල වෙයි, සමාධියෙහි (ධ්‍යානයට සමවැදීම් විසින්) සමාපත්තිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි සමාධි කුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සමාපත්තිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ද සමාධිකුසල වෙයි, සමාධියෙහි නො ද සමාපත්තිකුසල වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං සමාපත්තිකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙලොවැ කිසියම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල ද වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං සමාපත්තිකුසලො ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, ඔවුන් කෙරෙහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්ති කුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ර අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං සමාපත්තිකුසලො ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල් මණ්ඩය එහි ලා අග්‍රයයි කියනු ලැබේ ද, මහණෙනි එසෙයින් ම යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි සමාපත්තිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද වෙයි. ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රචරද වේ යි.
Pali BJT13. 1. 1.
Sinhala BJT13. 1. 2.
Pali BJTඨිති කුසල සුත්තං
Sinhala BJTඨිති කුසල සූත්‍රය
Pali BJT663. සාවත්ථියං:
Sinhala BJT663. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ඨිතිකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ඨිතිකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ඨිතිකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති. සමාධිස්මිං ඨිතිකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි ඨීතිකුසල (සමාධිය කලක් පවත්වා ගැන්මට දක්‍ෂ) නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨීතිකුසල වෙයි, සමාධියෙහි සමාධිකුසල නො වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල නො ම වෙයි. සමාධියෙහි ඨීතිකුසල නො ද වෙයි. මහණෙනි, මෙලොවැ එක් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල ද වෙයි, සමාධියෙහි ඨිති කුසල ද වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං ඨිතිකුසලො ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච, සෙට්ඨො ච, මොක්ඛො ච, උත්තමො ච, පවරො ච.
Sinhala BJTමහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් වේ ද, සමාධියෙහි ඨිතිකුසලත් වේ ද, මේ පුද්ගල මේ සිවුවැදෑරුම් ධ්‍යායීන් අතර අග්‍ර ද වෙයි, ශ්‍රේෂ්ඨ ද වෙයි, ප්‍රමුඛ ද වෙයි, උත්තම ද වෙයි, ප්‍රවර ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ර අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ද, කිරට වඩා දිහි, දිහියට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මණ්ඩය එහි ලා අග්‍ර වෙයි. මහණෙනි එසෙයින් ම යම් ඒ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වේ ද ... ප්‍රවර ද වේ යි .
Pali BJT13. 1. 3.
Sinhala BJT13. 1. 3.
Pali BJTවුට්ඨාන කුසල සුත්තං
Sinhala BJTවුට්ඨාන කුසල සූත්‍රය
Pali BJT664. සාවත්ථියං:
Sinhala BJT664. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං වුට්ඨානකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං වුට්ඨානකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාංඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහිත් නො ම දක්‍ෂ වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං වුට්ඨානකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං වුට්ඨානකුසලො ච. අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියෙන් නැඟී සිටීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරන පුද්ගලයන්ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 4.
Sinhala BJT13. 1. 4.
Pali BJTකල්ලිත කුසල සුත්තං
Sinhala BJTකල්ලිත කුසල සූත්‍රය
Pali BJT665. සාවත්ථියං:
Sinhala BJT665. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං කල්ලිතකුසලො.{1}
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි ලා සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං කල්ලිතකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධියට යෝග්‍ය කරන්නට දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං කල්ලිතකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) ත් නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් නො ම දක්‍ෂ වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං කල්ලිතකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරිමෙහිත් දක්‍ෂ වූයේත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං කල්ලිතකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි, භික්ඛවෙ, ගවා ඛීරං ඛීරම්හා දධි, දධිම්හා නොනීතං, නොනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, තත්ර අග්ගමක්ඛායති -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි සමාධියට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ සතර ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද, ශ්‍රේෂ්ඨ ද, ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා වෙඬරු, වෙඬරුවට වඩා ගිතෙල්, ගිතෙලට වඩා ගිතෙල්මඬත් එහි ලා අග්‍ර ය යි කියනු ලැබේ ද, ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 5.
Sinhala BJT13. 1. 5.
Pali BJTආරම්මණ කුසල සුත්තං
Sinhala BJTආරම්මණ කුසල සූත්‍රය
Pali BJT666. සාවත්ථියං:
Sinhala BJT666. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ආරම්මණකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ආරම්මණකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ආරම්මණකුසලො. ඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං ආරම්මණකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් නො ම දක්‍ෂ වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත්, සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං ආරම්මණකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ ව (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ වූයේත් සමාධියෙහි කිසුණු අරමුණු කෙරෙහිත් දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනට වඩා කිරි, කිරට වඩා දී, දීයට වඩා ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 6.
Sinhala BJT13. 1. 6.
Pali BJTගොචර කුසල සුත්තං
Sinhala BJTගෝචර කුසල සූත්‍රය
Pali BJT667. සාවත්ථියං:
Sinhala BJT667. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො :
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ගොචරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි සමත්) දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචර දක්‍ෂ නො වේ, (කමටහන් අරමුණෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ නො වේ.)
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං ගොචරකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ගෝචර පිළිබඳ (කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි) දක්‍ෂ වෙයි, සමාධියෙහි සමාධිය පිළිබඳ (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහි) දක්‍ෂ නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං ගොචරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිය පිළිබඳවත් (ධ්‍යානාඞ්ග වෙන් කිරීමෙහිත්) නො ම දක්‍ෂ වෙයි, සමාධියෙහි ගෝචරයෙහිත් නො ම දක්‍ෂ වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං ගොචරකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගෝචරයෙහි දක්‍ෂ වූයේත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං ගොචරකුසලො ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි යම් ඒ ධ්‍යාන කරනසුලු පුද්ගල සමාධියෙහි සමාධි දක්‍ෂ වූයේත් සමාධියෙහි ගොදුරෙහි දක්‍ෂ වූයේත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යායීන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රධාන ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 7.
Sinhala BJT13. 1. 7.
Pali BJTඅභිනීහාර කුසල සුත්තං
Sinhala BJTඅභිනීහාර කුසල සූත්‍රය
Pali BJT668. සාවත්ථියං:
Sinhala BJT668. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධි කුසල වෙයි. සමාධි යෙහි අභිනීහාරයෙහි (කමටහන් එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි අභිනීහාරකුසල වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං අභිනීහාරකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො ම සමාධිකුසලත් සමාධියෙහි නො ම අභිනීහාරකුසලත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං අභිනීහාරකුසලො ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං අභිනීහාරකුසලො ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි, භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි යම් ඒ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාධි කුසලත් සමාධියෙහි අභිනීහාරකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 8.
Sinhala BJT13. 1. 8.
Pali BJTසක්කච්චකාරී සුත්තං
Sinhala BJTසක්කච්චකාරී සූත්‍රය
Pali BJT669. සාවත්ථියං:
Sinhala BJT669. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි වෙත්. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සක්කච්චකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි. සමාධියෙහි සකස් කොට කරනසුලු නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සක්කච්චකාරී හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සකස් කොට කරනසුලු වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස්මිං සක්කච්චකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සකස් කොට කරනසුලුත් වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං සක්කච්චකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං සක්කච්චකාරී ච, අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච. සෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සකස් කොට කරනසුලුත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ප්‍රමුඛ ද උතුම් ද උසස් ද වේ. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 9.
Sinhala BJT13. 1. 9.
Pali BJTසාතච්චකාරී සුත්තං
Sinhala BJTසාතච්චකාරී සූත්‍රය
Pali BJT670. සාවත්ථියං:
Sinhala BJT670. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඣායී. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො හොති, න සමාධිස්මිං සාතච්චකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුලු පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසල වෙයි, සමාධියෙහි සාතච්චකාරී (නිතර කරනසුලු) නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සාතච්චකාරී හොති, න සමාධිස්මිං සමාධිකුසලො.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සාතච්චකාරී වෙයි. සමාධියෙහි සමාධිකුසල නො වේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධිකුසලො හොති, න ච සමාධිස්මිං සාතච්චකාරී.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාධිකුසලත් සමාධියෙහි නො මැ සතච්චකාරීත් වෙයි.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති, සමාධිස්මිං සාතච්චකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරිත් වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච සමාධිස්මිං සාතච්චකාරී ච අයං ඉමෙසං චතුන්නං ඣායීනං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාධිකුසලත් සමාධියෙහි සතච්චකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං -පෙ- පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනට වඩා කිරි ... උසස් ද වේ යි.
Pali BJT13. 1. 10.
Sinhala BJT13. 1. 10.
Pali BJTසප්පායකාරී සුත්තං
Sinhala BJTසප්පායකාරී සූත්‍රය
Pali BJT671. සාවත්ථියං:
Sinhala BJT671. සැවැත්නුවර: