Pali BJT550. සාවත්ථියං:
Sinhala BJT550. සැවැත්නුවර:
Pali BJTවලාහකකායිකෙ වො භික්ඛවෙ, දෙවෙ දෙසිස්සාමි. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට වලාහක කායික (වලාහක නම් දේවනිකායෙහි උපන්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසවු.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, වලාහකකායිකා දෙවා: සන්ති භික්ඛවෙ, සීතවලාහකා දෙවා. සන්ති භික්ඛවෙ, උණ්හවලාහකා දෙවා. සන්ති භික්ඛවෙ, අබ්භවලාහකා දෙවා. සන්ති භික්ඛවෙ, වාතවලාහකා දෙවා. සන්ති භික්ඛවෙ, වස්සවලාහකා දෙවා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, වලාහකකායිකා දෙවා.
Sinhala BJTමහණෙනි, වලාහක කායික දෙවියෝ කවරහ යත්: මහණෙනි, ශීතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, උණහවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වාතවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇතියහ, මහණෙනි, මොහු වලාහකකායික දෙවියෝ යි කියනු ලැබෙති යි.
Pali BJT11. 1. 2.
Sinhala BJT11. 1. 2.
Pali BJTසුචරිත සුත්තං
Sinhala BJTසුචරිත සූත්‍රය
Pali BJT551. සාවත්ථියං:
Sinhala BJT551. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා වලාහකකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑ කල්හි එක්තරා මහණෙක්, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත් පස් ව හුන් ඒ මහණ , භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙලො වැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : වලාහකකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා වලාහකකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා වලාහකකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. වලාහක කායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු වලාහක කායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා වලාහකකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වලාහකකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT11. 1. 3-12.
Sinhala BJT11. 1. 3-12.
Pali BJTඅන්නදායකාදි සීතවලාහක සුත්තානි
Sinhala BJTඅන්නදායකාදි සීතවලාහක සූත්‍ර
Pali BJT552-561. සාවත්ථියං:
Sinhala BJT552-561. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සීතවලාහකානං{1} දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පසෙක හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති සීතවලාහකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සීතවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා සීතවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “ශීතවලාහක දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි. ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මම් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මැනැවැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් දෙයි. … හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සීතවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු ශීතවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT11. 1. 13-52.
Sinhala BJT11. 1. 13-52.
Pali BJTඅන්නදායකාදි උණ්හවලාහකාදි සුත්තානි
Sinhala BJTඅන්නදායකාදි උණ්හවලාහකාදි සූත්‍ර
Pali BJT562-601. සාවත්ථියං:
Sinhala BJT562-601. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : “කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා උණ්හවලාහකානං දෙවානං -පෙ- අබ්භවලාහකානං දෙවානං -පෙ- වාතවලාහකානං දෙවානං -පෙ- වස්සවලාහකානං දෙවානං -පෙ- සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු උණහවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ ... සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති, වස්සවලාහකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා වස්සවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා සීතවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙලොවැ එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වචසින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “වස්සවලාහක දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛ බහුලහ” යි අසන ලද්දේත් වෙයි. ඔහුට: “මම් කාබුන් මරණින් මතූ වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් යෙහෙකැ” යි මෙ බඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙනතැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා වස්සවලාහකානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙලොවැ එකෙක් කාබුන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT11. 1. 53.
Sinhala BJT11. 1. 53.
Pali BJTසීතවලාහක සුත්තං
Sinhala BJTසීතවලාහක සූත්‍රය
Pali BJT602. සාවත්ථියං:
Sinhala BJT602. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා සීතං හොතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTසන්ති භික්ඛු, සීතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : ‘යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්වාය සීතං හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා සීතං හොතීති.
Sinhala BJTමහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT11. 1. 54.
Sinhala BJT11. 1. 54.
Pali BJTඋණ්හවලාහක සුත්තං
Sinhala BJTඋණ්හවලාහක සූත්‍රය
Pali BJT603. සාවත්ථියං:
Sinhala BJT603. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො: යෙනෙකදා උණ්හං හොතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
Pali BJTසන්ති භික්ඛු, උණ්හවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති”. තෙසං තං චෙතොපණිධිමන්වාය උණ්හං හොති. අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා උණ්හං හොතීති.
Sinhala BJTමහණ, උණ්හවලාහක නම් දෙවි කෙනෙක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.
Pali BJT11. 1. 55.
Sinhala BJT11. 1. 55.
Pali BJTඅබ්භවලාහකා සුත්තං
Sinhala BJTඅබ්භවලාහක සූත්‍රය
Pali BJT604. සාවත්ථියං:
Sinhala BJT604. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා අබ්භං හොතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
Pali BJTසන්ති භික්ඛු, අබ්භවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති.” තෙසං තං චෙතො පණිධිමන්වාය අබ්භං හොති. අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා අබ්භං හොතීති.
Sinhala BJTමහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.
Pali BJT11. 1. 56.
Sinhala BJT11. 1. 56.
Pali BJTවාතවලාහක සුත්තං
Sinhala BJTවාතවලාහක සූත්‍රය
Pali BJT605. සාවත්ථියං:
Sinhala BJT605. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : “කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා වාතො හොතී”ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.
Pali BJTසන්ති භික්ඛු, වාතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : “යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්වාය වාතො හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා වාතො හොතීති.
Sinhala BJTමහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT11. 1. 57.
Sinhala BJT11. 1. 57.
Pali BJTවස්සවලාහක සුත්තං
Sinhala BJTවස්සවලාහක සූත්‍රය
Pali BJT606. සාවත්ථියං:
Sinhala BJT606. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි.
Pali BJTසන්ති භික්ඛු, වස්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති : ‘යන්නූන මයං සකාය රතියා රමෙය්යාමාති’. තෙසං තං චෙතොපණිධිමන්වාය දෙවො වස්සති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා දෙවො වස්සතීති.
Sinhala BJTමහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJTවලාහකවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි වලාහක වර්‍ග යි.
Pali BJT(විත්ථාරෙන සත්තපඤ්ඤාය සුත්තන්තා භවන්ති.)
Sinhala BJT(විතර විසින් සුත්‍රාන්තයෝ සත්පනසෙක් වෙති.)
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTසුද්ධිකං සුචරිතඤ්ච දානෙහි දස පඤ්චකං, සීතං උණ්හඤ්ච අබ්භඤ්ච වාත වස්සවලාහකාති.
Sinhala BJTසුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අන්නදායකා දි දසක පස ද, සීතවලාහක, උණ්හවලාහක, අබ්භවලාහක, වාතවලාහක, වස්සවලාහක සූත්‍රයෝ දැ යි’ සූත්‍ර සත්පනසෙකි.
Pali BJTවලාහසසංයුත්තං සමත්තං.
Sinhala BJTවලාහක සංයුත්තය නිමියේ යි.
Pali BJT12. වච්ඡගොත්තසංයුත්තං
Sinhala BJT12. වච්ඡගොත්ත සංයුත්තය
Pali BJT1. වච්ඡගොත්තවග්ගො
Sinhala BJT1. වච්ඡගොත්ත වර්‍ගය
Pali BJT12. 1. 1.
Sinhala BJT12. 1. 1.
Pali BJTරූප අඤ්ඤාණ සුත්තං
Sinhala BJTරූප අඤ්ඤාණ සූත්‍රය
Pali BJT607. සාවත්ථියං:
Sinhala BJT607. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච :
Sinhala BJTඑකල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වියැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පස් ව හුන්නේ යැ. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ:
Pali BJTකො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත් ය යි හෝ, ලෝකය අන්තවත් ය යි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ජීවයත් එය යැ ශරීරයත් එය ය යි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැයි හෝ, සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු වෙයි ද නො ද වේ ය යි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටු කෙනෙක් ලොව උපදිත් නම් (එයට) හේතු කවරැ ප්‍රත්‍යය කවරැ” යි.
Pali BJTරූපෙ ඛො වච්ඡ, අඤ්ඤාණා, රූපසමුදයෙ අඤ්ඤාණා, රූපනිරොධෙ අඤ්ඤාණා, රූපනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. ‘සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති. ‘සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා’ති.
Sinhala BJTවච්ඡය, රූපයෙහි නො දැනීමෙන්, රූපසමුදයෙහි නො දැනීමෙන් රූපනිරෝධයෙහි නොදැනීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් “ලෝකය ශාශ්වත ය යි හෝ, ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ “නන් වැදෑරුම් වූ මේ මිසදිටුහු මෙසේ ලොවැ උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT12. 1. 2.
Sinhala BJT12. 1. 2.
Pali BJTවෙදනා අඤ්ඤාණ සුත්තං
Sinhala BJTවේදනා අඤ්ඤාණ සූත්‍රය
Pali BJT608. සාවත්ථියං:
Sinhala BJT608. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති, සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTවෙදනාය ඛො වච්ඡ, අඤ්ඤාණා, වෙදනාසමුදයෙ අඤ්ඤාණා, වෙදනානිරොධෙ අඤ්ඤාණා, වෙදනානිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, වේදනා නො දැනීමෙන් වෙදනාසමුදය නො දැනීමෙන් වේදනානිරෝධය නො දැනීමෙන් වේදනානිරෝධගාමිනීපටිපදාව නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ හෝ නන් වැදෑරුම් වූ මෙසේ මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡය, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යැ, මේ ප්‍රත්‍යය යි.
Pali BJT12. 1. 3.
Sinhala BJT12. 1. 3.
Pali BJTසඤ්ඤා අඤ්ඤාණ සුත්තං
Sinhala BJTසඤ්ඤා අඤ්ඤාණ සූත්‍රය
Pali BJT609. සාවත්ථියං:
Sinhala BJT609. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකො’ති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය ආශාශ්වත ය” යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTසඤ්ඤාය ඛො වච්ඡ, අඤ්ඤාණා, සඤ්ඤාසමුදයෙ අඤ්ඤාණා, සඤ්ඤානිරොධෙ අඤ්ඤාණා, සඤ්ඤානිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, සඤ්ඤාවෙහි නො දැනීමෙන්, සඤ්ඤාසමුදයෙහි නො දැනීමෙන් සඤ්ඤානිරෝධයෙහි නො දැනීමෙන්, සඤ්ඤානිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි ය යි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් මේ මිසදුටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි.
Pali BJT12. 1. 4.
Sinhala BJT12. 1. 4.
Pali BJTසඞ්ඛාර අඤ්ඤාණ සුත්තං
Sinhala BJTසඞ්ඛාර අඤ්ඤාණ සූත්‍රය
Pali BJT610. සාවත්ථියං:
Sinhala BJT610. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTසඞ්ඛාරෙසු ඛො වච්ඡ, අඤ්ඤාණා, සඞ්ඛාරසමුදයෙ අඤ්ඤාණා, සඞ්ඛාරනිරොධෙ අඤ්ඤාණා, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො වච්ඡ හෙතු අයං පච්චයො යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, සඞ්ඛාරයන්හි නො දැනීමෙන්, සඞ්ඛාරසමුදයෙහි නො දැනීමෙන් සඞ්ඛාරනිරෝධයෙහි නොදැනීමෙන්, සඞ්ඛාරනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
Pali BJT12. 1. 5.
Sinhala BJT12. 1. 5.
Pali BJTවිඤ්ඤාණ අඤ්ඤාණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය
Pali BJT611. සාවත්ථියං:
Sinhala BJT611. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත යයි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTවිඤ්ඤාණෙ ඛො වච්ඡ, අඤ්ඤාණා, විඤ්ඤාණසමුදයෙ අඤ්ඤාණා, විඤ්ඤාණනිරොධෙ අඤ්ඤාණා, විඤ්ඤාණනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. අයං ඛො, වච්ඡ, හෙතු, අයං පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTවච්ඡය, විඤ්ඤාණයෙහි නො දැන්මෙන් විඤ්ඤාණ සමුදයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධගාමිනි පටිපදාවෙහි නො දැන්මෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු මෙසේ ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යය යි.
Pali BJT12. 1. 6.
Sinhala BJT12. 1. 6.
Pali BJTරූප අදස්සන සුත්තං
Sinhala BJTරූප අදස්සන සූත්‍රය
Pali BJT612. සාවත්ථියං:
Sinhala BJT612. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යානිමානි අනෙකවිහිතානි දිට්ඨිගතානි ලොකෙ උප්පජ්ජන්ති : සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJTඑකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යෑ: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.
Pali BJTරූපෙ ඛො වච්ඡ, අදස්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති -පෙ-
Sinhala BJTවච්ඡය, රූපයෙහි නො දැක්මෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ ...
Pali BJT12. 1. 7.
Sinhala BJT12. 1. 7.
Pali BJTවෙදනා අදස්සන සුත්තං
Sinhala BJTවේදනා අදස්සන සූත්‍රය
Pali BJT613. සාවත්ථියං:
Sinhala BJT613. සැවැත්නුවර:
Pali BJT-පෙ- වෙදනාය ඛො වච්ඡ, අදස්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති.
Sinhala BJT… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.
Pali BJT12. 1. 8.
Sinhala BJT12. 1. 8.
Pali BJTසඤ්ඤා අදස්සන සුත්තං
Sinhala BJTසඤ්ඤා අදස්සන සූත්‍රය
Pali BJT614. සාවත්ථියං:
Sinhala BJT614. සැවැත්නුවර:
Pali BJTසඤ්ඤාය ඛො වච්ඡ, අදස්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. -පෙ-
Sinhala BJT… වච්ඡය, සඤ්ඤාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 9.
Sinhala BJT12. 1. 9.
Pali BJTසඞ්ඛාර අදස්සන සුත්තං
Sinhala BJTසඞ්ඛාර අදස්සන සූත්‍රය
Pali BJT615. සාවත්ථියං:
Sinhala BJT615. සැවැත්නුවර:
Pali BJTසඞ්ඛාරෙසු ඛො වච්ඡ, අදස්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වාති. -පෙ-
Sinhala BJT… වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …
Pali BJT12. 1. 10.
Sinhala BJT12. 1. 10.
Pali BJTවිඤ්ඤාණ අදස්සන සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ අදස්සන සූත්‍රය
Pali BJT616. සාවත්ථියං:
Sinhala BJT616. සැවැත්නුවර:
Pali BJTවිඤ්ඤාණෙ ඛො වච්ඡ, අදස්සනා, විඤ්ඤාණසමුදයෙ අදස්සනා, විඤ්ඤාණනිරොධෙ අදස්සනා, විඤ්ඤාණනිරොධගාමිනියාපටිපදාය අදස්සනා -පෙ- නෙව හොති (යථා පුරිගමනං පඤ්චපි ඛන්ධා පඤ්චහි ගමනෙහි විත්ථාරෙතබ්බා.)
Sinhala BJT… වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැක්මෙන් … විඤ්ඤාණසමුදයෙහි නො දැක්මෙන් විඤ්ඤාණනිරෝධයෙහි නො දැක්මෙන්, විඤ්ඤාණනිරොධගාමිනිපටිපදාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යි හෝ … (පළමු ගමන මෙන් පස්කඳ ම පස් ගමනින් විතර කටයුතු යි)