Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8201-8300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිලෙපනදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTවිලේපනදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT404. -පෙ- විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT404. ... විලෙවුන් දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 14.
Sinhala BJT9. 1. 14.
Pali BJTසෙය්යදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTසෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT405. -පෙ- සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT405. ... සෙනසුන් දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 15.
Sinhala BJT9. 1. 15.
Pali BJTආවසථදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTඅවස්ථදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT406. -පෙ- ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT406. ... වෙසෙන තැන් දෙයි. ... පැමිණේ.
Pali BJT9. 1. 16.
Sinhala BJT9. 1. 16.
Pali BJTපදීපෙය්යදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTපදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT407. -පෙ- පදීපෙය්යං දෙති සො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJT407. ... පහන් උපකරණ දෙයි. හේ කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT9. 1. 17-36.
Sinhala BJT9. 1. 17-36.
Pali BJTඅන්නදායකාදිජලාබුජ සංසෙදජ සුත්තානි
Sinhala BJTඅන්නදායකාදි ජලාබුජ සසේදජ සූත්‍ර
Pali BJT408-427. සාවත්ථියං:
Sinhala BJT408-427. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති. -පෙ- සංසෙදජානං සුපණ්ණානං -පෙ- උපපජ්ජති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ යැ. වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ජලාබුජ සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. ... සංසේදජ සුපර්‍ණයන්ගේ ... පැමිණේ.
Pali BJT9. 1. 37.
Sinhala BJT9. 1. 37.
Pali BJTඅන්නදායක ඔපපාතික සුත්තං
Sinhala BJTඅන්නදායක ඕපපාතික සූත්‍රය
Pali BJT428. -පෙ- ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතී”ති.
Sinhala BJT428. ... ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් ...
Pali BJTඉධ භික්ඛු එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති : “ඔපපාතිකා සුපණ්ණා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් දෙකක් කරනසුලු, වදනින් දෙකක් කරනසුලු, සිතින් දෙකක් කරන සුලු වෙයි. ඔහු විසින් “ඕපපාතික සුපර්‍ණයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුව බහුලහ” යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ අහර දෙයි ...
Pali BJT9. 1. 38.
Sinhala BJT9. 1. 38.
Pali BJTපානදායක ඔපපාතික සුත්තං
Sinhala BJTපානදායක ඕපපාතික සූත්‍රය
Pali BJT429. -පෙ- පානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT429. ... බොන දෑ දෙයි ...
Pali BJT9. 1. 39.
Sinhala BJT9. 1. 39.
Pali BJTවත්ථදායක ඔපපාතික සුත්තං
Sinhala BJTවත්‍ථදායක ඕපපාතික සූත්‍රය
Pali BJT430. -පෙ- වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT430. ... වස්ත්‍ර දෙයි ...
Pali BJT9. 1. 40.
Sinhala BJT9. 1. 40.
Pali BJTයානදායක ඔපපාතික සුත්තං
Sinhala BJTයානදායක ඕපපාතික සූත්‍රය
Pali BJT431. -පෙ- යානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT431. ... වහන් දෙයි ...
Pali BJT9. 1. 41.
Sinhala BJT9. 1. 41.
Pali BJTමාලාදායක ඔපපාතික සුත්තං
Sinhala BJTමාලදායක ඕපපාතික සූත්‍රය
Pali BJT432. -පෙ- මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT432. ... මල් දෙයි ...
Pali BJT9. 1. 42.
Sinhala BJT9. 1. 42.
Pali BJTගන්ධදායක ඔපපාතික සුත්තං
Sinhala BJTගන්‍ධදායක ඕපපාතික සූත්‍රය
Pali BJT433. -පෙ- ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT433. ... ගඳ දෙයි ...
Pali BJT9. 1. 43.
Sinhala BJT9. 1. 43.
Pali BJTවිලෙපනදායක ඔපපාතික සුත්තං
Sinhala BJTවිලේපනදායක ඕපපාතික සූත්‍රය
Pali BJT434. -පෙ- විලෙපනං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT434. ... විලෙවුන් දෙයි ...
Pali BJT9. 1. 44.
Sinhala BJT9. 1. 44.
Pali BJTසෙය්යදායක ඔපපාතික සුත්තං
Sinhala BJTසෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
Pali BJT435. -පෙ- සෙය්යං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT435. ... සෙනසුන් දෙයි. ...
Pali BJT9. 1. 45.
Sinhala BJT9. 1. 45.
Pali BJTආවසථදායක ඔපපාතික සුත්තං
Sinhala BJTඅවස්ථදායක ඕපපාතික සූත්‍රය
Pali BJT436. -පෙ- ආවසථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT436. ... වෙසෙන තැන් දෙයි. ...
Pali BJT9. 1. 46.
Sinhala BJT9. 1. 46.
Pali BJTපදීපෙය්යදායක ඔපපාතික සුත්තං
Sinhala BJTපදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය
Pali BJT437. -පෙ- පදීපෙය්යං දෙති සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJT437. ... පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං සුපණ්ණානං සහබ්යතං උපපජ්ජතීති. (එවං පිණ්ඩකෙන ඡචත්තාලීසං සුත්තන්තා හොන්ති.)
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්‍ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි. (මෙසේ පිඬු කිරීමෙන් සසාළිස් සූත්‍ර කෙනෙක් වෙත්.)
Pali BJTසුපණ්ණවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සුපර්‍ණවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍රනාම මාලාව :
Pali BJTසුද්ධකං හරන්ති චෙව ද්වයකාරී චතුරො ච, දානූපකාරා චත්තාරි සුපණ්ණෙ ඡ චත්තාලීසාති.
Sinhala BJTසුද්ධික සූත්‍රය ද, හරන්ති සූත්‍රය ද, ද්වයකාරී සූත්‍ර සතර ද දානුපකාර සූත්‍ර දසක සතර දැ යි සුපණ්ණ වර්‍ගයෙහි සූත්‍ර සසාළිසෙකි.
Pali BJTසුපණ්ණසංයුත්තං සමත්තං.
Sinhala BJTසුපණ්ණ සංයුත්තය නිමියේ යි.
Pali BJT10. ගන්ධබ්බකායසංයුත්තං
Sinhala BJT10. ගන්‍ධබ්බ සංයුත්තය
Pali BJT1. ගන්ධබ්බවග්ගො
Sinhala BJT1. ගන්‍ධබ්බ වර්‍ගය
Pali BJT10. 1. 1.
Sinhala BJT10. 1. 1.
Pali BJTසුද්ධික සුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT438. සාවත්ථියං:
Sinhala BJT438. සැවැත්නුවර:
Pali BJTගන්ධබ්බකායිකෙ වො භික්ඛවෙ, දෙවෙ දෙසිස්සාමි. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට ගන්‍ධබ්බකායික (ගඳට අරක් ගත්) දෙවියන් දේශනා කරන්නෙමි. එය අසව්.
Pali BJTකතමා ච භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවා? සන්ති භික්ඛවෙ, මූලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, සාරගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵෙග්ගුගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, තචගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පපටිකාගන්ධෙ{1} අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පත්තගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, පුප්ඵගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ඵලගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, රසගන්ධෙ අධිවත්ථා දෙවා. සන්ති භික්ඛවෙ, ගන්ධගන්ධෙ අධිවත්ථා දෙවා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, ගන්ධබ්බකායිකා දෙවාති.
Sinhala BJTමහණෙනි, ගන්‍ධබ්බකායික දෙවියෝ කවරහු ද යත්: මහණෙනි මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, හරගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ඵලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, සිවිගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පොතුගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පත්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, මල්ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, පලගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, රසගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ, ගඳ ගඳෙහි අරක්ගත් දෙවියෝ ඇතියහ. මහණෙනි, මොහු ගන්‍ධබ්බකායික දෙවියෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT10. 1. 2.
Sinhala BJT10. 1. 2.
Pali BJTසුචරිත සුත්තං
Sinhala BJTසුචරිත සූත්‍රය
Pali BJT439. සාවත්ථියං:
Sinhala BJT439. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “ගන්ධබ්බකායිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. ඔහු විසින් “ගන්‍ධබ්බකායික දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි, හේ කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධබ්බකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගන්‍ධබ්බකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 3.
Sinhala BJT10. 1. 3.
Pali BJTමූලගන්ධ සුත්තං
Sinhala BJTමූලගන්‍ධ සූත්‍රය
Pali BJT440. සාවත්ථියං:
Sinhala BJT440. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “මූලගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො දාතා හොති මූලගන්ධානං. සො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. “මුල්ගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වේ: “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙ මුල්ගඳ (පරිත්‍යාග වශයෙන්) දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 4-12.
Sinhala BJT10. 1. 4-12.
Pali BJTසාරගන්ධාදි සුත්තානි
Sinhala BJTසාරගන්‍ධාදි සූත්‍ර
Pali BJT441-449. සාවත්ථියං:
Sinhala BJT441-449. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සාරගන්ධෙ අධිවත්ථානං දෙවානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
Pali BJTඉධ භික්ඛු එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “සාරගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සාරගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො දාතා හොති සාරගන්ධානං -පෙ- සො දාතා හොති ඵෙග්ගුගන්ධානං -පෙ- සො දාතා හොති තචගන්ධානං -පෙ- සො දාතා හොති පපටිකගන්ධානං -පෙ- සො දාතා හොති පත්තගන්ධානං -පෙ- සො දාතා හොති පුප්ඵගන්ධානං -පෙ- සො දාතා හොති ඵලගන්ධානං -පෙ- සො දාතා හොති රසගන්ධානං -පෙ- සො දාතා හොති ගන්ධගන්ධානං. සො කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, සිතින් සුසිරිත් කෙරෙයි. “හරගඳෙහි අරග්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ”යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු හරගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙ බඳු සිතෙක් වෙයි. හෙ හරගඳ දෙන්නේ වේ. ... හෙ ඵලගඳ දෙන්නේ වේ. ... හෙ සිවිගඳ දෙන්නේ වේ. ... හෙ පොතුගඳ දෙන්නේ වේ. ... හෙ පත්ගඳ දෙන්නේ වේ. ... හෙ මල්ගඳ දෙන්නේ වේ. ... හෙ පලගඳ දෙන්නේ වේ. ... හෙ රසගඳ දෙන්නේ වේ. ... හෙ ගඳගඳ දෙන්නේ වේ. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො, කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරග්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 13-22.
Sinhala BJT10. 1. 13-22.
Pali BJTඅන්නදානාදි මූලගන්ධ සුත්තානි
Sinhala BJTඅන්නදානාදි මූලගන්‍ධ සූත්‍ර
Pali BJT450-459. සාවත්ථියං:
Sinhala BJT450-459. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් වැ හුන් ඒ මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “මූලගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති’.
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි. මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේත් වෙයි.
Pali BJTතස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTඔහුට “මම කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (යාන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වෙසෙන තැන් දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා මූලගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු මුල්ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් මේ එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 23-112.
Sinhala BJT10. 1. 23-112.
Pali BJTඅනනදානාදි සාරගන්ධාදි සුත්තානි
Sinhala BJTඅන්නදානාදි මූලගන්‍ධ සූත්‍ර
Pali BJT460-549. සාවත්ථියං:
Sinhala BJT460-549. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සාරගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උප්පජ්ජති. -පෙ- ඵෙග්ගුගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- තචගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පපටිකාගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පත්තගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- පුප්ඵගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- ඵලගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- රසගන්ධෙ අධිවත්ථානං දෙවානං -පෙ- ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් මහණ, භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු හරගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් ... ඵල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... සිවි ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පොතු ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පත් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... මල් ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... පල ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... රස ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ ... ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. තස්ස සුතං හොති : “ගන්ධගන්ධෙ අධිවත්ථා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති. “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ
Sinhala BJTමහණ, මෙහි එකෙක් කයින් සුසිරිත් කෙරෙයි, වදනින් සුසිරිත් කෙරෙයි, මනසින් සුසිරිත් කෙරෙයි, ඔහු විසින් “ගඳ අරක්ගත් දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ” යි අසන ලද්දේත් වෙයි.
Pali BJTඅධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය”න්ති. සො අන්නං දෙති -පෙ- සො පානං දෙති -පෙ- සො වත්ථං දෙති -පෙ- සො යානං දෙති -පෙ- සො මාලං දෙති -පෙ- සො ගන්ධං දෙති -පෙ- සො විලෙපනං දෙති -පෙ- සො සෙය්යං දෙති -පෙ- සො ආවසථං දෙති -පෙ- සො පදීපෙය්යං දෙති. සො කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJT(එහෙයින්) ඔහුට “මම කාබුන් මරණින් මතු ගඳ ගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි මෙබඳු සිතෙක් වෙයි. හේ අහර දෙයි. ... හේ බොන දෑ දෙයි. ... හේ වස්ත්‍ර දෙයි. ... හේ වහන් (වාහන) දෙයි. ... හේ මල් දෙයි. ... හේ ගඳ දෙයි. ... හේ විලවුන් දෙයි. ... හේ සෙනසුන් දෙයි. ... හේ වාසස්ථාන දෙයි. ... හේ පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ගන්ධගන්ධෙ අධිවත්ථානං දෙවානං සහව්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ගඳගඳෙහි අරක්ගත් දෙවියන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT(එවං පිණ්ඩකෙන එකසතඤ්ච බාරස ච සුත්තන්තා භවන්ති.)
Sinhala BJT(මෙසේ පිඬුවශයෙන් එක්සිය දොළසෙක් සූත්‍ර වෙයි.)
Pali BJTගන්ධබ්බවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ගන්‍ධබ්බ වර්‍ගයි.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය :
Pali BJTසුද්ධිකඤ්ච සුචරිතං දාතා හි අපරෙ දස, දානූපකාරා දසධා ගන්ධබ්බෙකසතං ද්වාදසාති.
Sinhala BJTසුද්ධික සූත්‍රය ද, සුචරිත සූත්‍රය ද, අනෙක් අන්නදායකාදි සූත්‍ර දශය ද, දානූපකාර සූත්‍ර දශක දශය දැ යි ගන්‍ධබ්බ වර්‍ගයෙහි සූත්‍ර එක්සිය දොළසෙකි.
Pali BJTගන්ධබ්බකායසංයුත්තං සමත්තං.
Sinhala BJTගන්‍ධබ්බකාය සංයුත්තය නිමියේ ය.
Pali BJT11. වලාහකසංයුත්තං
Sinhala BJT11. වලාහක සංයුත්තය
Pali BJT1. වලාහකවග්ගො
Sinhala BJT1. වලාහක වර්‍ගය
Pali BJT11. 1. 1.
Sinhala BJT11. 1. 1.
Pali BJTසුද්ධික සුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය