Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8001-8100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT340. එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි.
Sinhala BJT340. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : “විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දීම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
Pali BJTඉධා’හං ආවුසො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො න එවං හොති : “අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමී”ති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො”ති වා “අහං සඤ්ඤාවෙදයිතනිරොධා වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදිමි යි හෝ, මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්මි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නොවේ”.
Pali BJTතථා පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස න එවං හොති : “අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමීති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නොති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධා වුට්ඨිතොති වා”ති.
Sinhala BJT‘එ එසේ මැ’යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාරමමිඞ්කාරමානනුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්මි යි හෝ, මම සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නො වේ.
Pali BJT7. 1. 10.
Sinhala BJT7. 1. 10.
Pali BJTසූචිමුඛී සුත්තං
Sinhala BJTසූචිමුඛී සූත්‍රය
Pali BJT341. එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. රාජගහෙ සපදානං පිණ්ඩාය චරිත්වා තං පිණ්ඩපාතං අඤ්ඤතරං කුඩ්ඩමූලං{1} නිස්සාය භුඤ්ජති. අථ ඛො සූචිමුඛී පරිබ්බාජිකා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : කිං නු ඛො සමණ, අධොමුඛො භුඤ්ජසීති.
Sinhala BJT341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්‍රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.
Pali BJTනඛ්වාහං භගිනි, අධොමුඛො භුඤ්ජාමීති. තෙන හි සමණ, උද්ධංමුඛො භුඤ්ජසීති.
Sinhala BJTනැඟැණියනි, මම යටිමුව ව නො ම වළඳමි යි.
Pali BJTන ඛ්වාහං භගිනි, උද්ධං මුඛො භුඤ්ජාමීති.
Sinhala BJT“මහණ, එසේ නම් උඩුමුව ව වළඳහි දැ”යි
Pali BJTතෙන හි සමණ, දිසාමුඛො භුඤ්ජසීති.
Sinhala BJT“නැඟැණියනි, මම උඩුමුව ව නො ම වළඳමි”.
Pali BJTන ඛ්වාහං භගිනි, දිසාමුඛො භුඤ්ජාමීති.
Sinhala BJTමහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි. නැගැණියනි, මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි යි.
Pali BJTතෙන හි සමණ, විදිසාමුඛො භුඤ්ජසීති.
Sinhala BJTමහණ, එසේ නම් සිවුඅනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි.
Pali BJTන ඛ්වාහං භගිනි, විදිසාමුඛො භුඤ්ජාමීති.
Sinhala BJTනැඟැණියනි, මම සිවුඅනුදිගටලූ මුව ඇතිව නො ම වළඳමි යි.
Pali BJTකිං නු සමණ, අධොමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, අධොමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, උද්ධං මුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, උද්ධංමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, දිසාමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, දිසාමුඛො භුඤ්ජාමීති වදෙසි. තෙන හි සමණ, විදිසාමුඛො භුඤ්ජසීති ඉති පුට්ඨො සමානො න ඛ්වාහං භගිනි, විදිසාමුඛො භුඤ්ජාමීති වදෙසි. කථඤ්චරහි සමණ, භුඤ්ජසීති.
Sinhala BJTමහණ, කිමෙක්ද? යටිමුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම යටිමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් උඩු මුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම උඩුමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවු අනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවු අනුදිගට ලූ මුව ඇති ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් දැන් කෙසේ වළඳහි දැ යි.
Pali BJTයෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා වත්ථුවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “අධොමුඛා භුඤ්ජන්තී”ති.
Sinhala BJTනැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් වාස්තුවිද්‍යා නම් තිරශ්චීන විද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ යටිමුව ව වළඳති යි කියනු ලැබෙති.
Pali BJTයෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා නක්ඛත්තවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “උද්ධංමුඛා භුඤ්ජන්තී”ති.
Sinhala BJTනැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ උඩුමුව ව වළඳති යි කියනු ලැබෙති.
Pali BJTයෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා දූතෙය්යපහිනගමනානුයොගා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “දිසාමුඛා භුඤ්ජන්තී”ති.
Sinhala BJTනැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් (වූ) මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
Pali BJTයෙ හි කෙචි භගිනි, සමණබ්රාහ්මණා අඞ්ගවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, ඉමෙ වුච්චන්ති භගිනි, සමණබ්රාහ්මණා “විදිසාමුඛා භුඤ්ජන්තී”ති.
Sinhala BJTනැඟැණියනි, යම්කිසි මහණබමුණු කෙනෙක් අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුඅනුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
Pali BJTසො ඛ්වාහං භගිනි, න වත්ථුවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න නක්ඛත්තවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න දූතෙය්යපහිණගමනානුයොගා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. න අඞ්ගවිජ්ජාතිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි. ධම්මෙන භික්ඛං පරියෙසාමි, ධම්මෙන භික්ඛං පරියෙසිත්වා භුඤ්ජාමීති.
Sinhala BJTනැඟැණියනි, ඒ මම වාස්තුවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා වළඳමි යි.
Pali BJTඅථ ඛො සූචිමුඛී පරිබ්බාජිකා රාජගහෙ රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාරොචෙසි : “ධම්මිකං සමණා සක්යපුත්තියා ආහාරං ආහාරෙන්ති, අනවජ්ජං සමණා සක්යපුත්තියා ආහාරං ආහාරෙන්ති. දෙථ සමණානං සක්යපුත්තියානං පිණ්ඩ”න්ති.
Sinhala BJTඉක්බිති සූචිමුඛී පරිව්‍රාජිකාව රජගහනුවර වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට එළඹ මෙසේ පැවසුවා ය. “ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ දැහැමි සේ ආහාර වළඳත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ නිවැරදි සේ ආහාර වළඳත්. ශ්‍රමණශාක්‍යපුත්‍රීයයන්ට පිඬු දෙව” යි.
Pali BJTසාරිපුත්තවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සාරිපුත්ත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං :
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTවිවෙකජං අවිතක්කං පීතිවිරාගුපෙක්ඛාහි ආකාසානඤ්ච විඤ්ඤාණං ආකිඤ්චඤ්ඤෙන තීණි ච නෙවසඤ්ඤා ච නිරොධො සූචිමුඛී දස සුත්තාති.
Sinhala BJTවිවේකජ, අවිතක්ක, පීතී, උපෙක්ඛා සූත්‍ර සමග ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන සූත්‍ර තුන ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන , නිරෝධසමාපත්ති සුචීමුඛී සූත්‍ර දැ යි දශ සූත්‍ර කෙනෙකි.
Pali BJTසාරිපුත්තසංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTසාරිපුත්තසංයුත්තය නිමියේ යි.
Pali BJT8. නාගසංයුත්තං
Sinhala BJT8. නාග සංයුත්තය
Pali BJT1. නාගවග්ගො
Sinhala BJT1. නාග වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJTසුද්ධික සුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT342. සාවත්ථියං:
Sinhala BJT342. සැවැත්නුවර:
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, නාගයොනියො. කතමා චතස්සො? අණ්ඩජා නාගා, ජලාබුජා නාගා, සංසෙදජා නාගා, ඔපපාතිකා නාගා, ඉමා ඛො භික්ඛවෙ, චතස්සො නාගයොනියොති.
Sinhala BJTමහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ (බිජුවටින් උපන්) නාගයෝ ය, ජලාබුජ (ගර්‍භාශයෙන් උපන්) නාගයෝ ය, සංසේදජ (තෙතමනෙහි උපන්) නාගයෝ ය, ඕපපාතික (උපපාදුක ව එකවර ම උපන්) නාගයෝ ය යි … මහණෙනි, මේ නාගයෝනි සතර යි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJTපණීතතර සුත්තං
Sinhala BJTපණීතතර සූත්‍රය
Pali BJT343. සාවත්ථියං:
Sinhala BJT343. සැවැත්නුවර:
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, නාගයොනියො. කතමා චතස්සො? අණ්ඩජා නාගා, ජලාබුජා නාගා, සංසෙදජා නාගා, ඔපපාතිකා නාගා. තත්ර භික්ඛවෙ, අණ්ඩජෙහි නාගෙහි ජලාබුජා ච සංසෙදජා ච ඔපපාතිකා ච නාගා පණීතතරා.
Sinhala BJTමහණෙනි, මේ නාගයෝනි සතරෙකි. කවර සතරෙක් ද යත්: අණ්ඩජ නාගයෝ ය, ජලාබුජ නාගයෝ ය, සංසේදජ නාගයෝ ය, ඕපපාතික නාගයෝ යි. මහණෙනි, එහි අණ්ඩජ නාගයන්ට වඩා ජලාබුජ නාගයොත් සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
Pali BJTතත්ර භික්ඛවෙ, අණ්ඩජෙහි ච ජලාබුජෙහි ච නාගෙහි සංසෙදජා ච ඔපපාතිකා ච නාගා පණීතතරා.
Sinhala BJTමහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් වඩා සංසේදජ නාගයොත් ඕපපාතික නාගයොත් ඉතා ප්‍රණීතයහ.
Pali BJTතත්ර භික්ඛවෙ, අණ්ඩජෙහි ච ජලාබුජෙහි ච සංසෙදජෙහි ච නාගෙහි ඔපපාතිකා නාගා පණීතතරා, ඉමා ඛො භික්ඛවෙ, චතස්සො නාගයොනියොති.
Sinhala BJTමහණෙනි, එහි අණ්ඩජ නාගයන්ටත් ජලාබුජ නාගයන්ටත් සංසේදජ නාගයන්ටත් වඩා ඕපපාතික නාගයෝ ඉතා ප්‍රණීතයහ. මහණෙනි, මොහු සිවු නාගයෝනීහු යි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJTඋපොසථ සුත්තං
Sinhala BJTඋපෝසථ සූත්‍රය
Pali BJT344. සාවත්ථියං:
Sinhala BJT344. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ අණ්ඩජා නාගා උපොසථං උපවසන්ති, වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTඑ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස මෙහි, ඇතැම් අණ්ඩජ, නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍යය කිමෙක් දැ යි?
Pali BJTඉධ භික්ඛු, එකච්චානං අණ්ඩජානං නාගානං එවං හොති : “මයං ඛො පුබ්බෙ කායෙන ද්වයකාරිනො අහුම්හ, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො. තෙ මයං කායෙන ද්වයකාරිනො, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො, කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපන්නා. සචජ්ජ මයං කායෙන සුචරිතං චරෙය්යාම, වාචාය සුචරිතං චරෙය්යාම, මනසා සුචරිතං චරෙය්යාම, එවං මයං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාම. හන්ද මයං එතරහි කායෙන සුචරිතං චරාම, වාචාය සුචරිතං චරාම, මනසා සුචරිතං චරාමා”ති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයන්ට මේ බඳු අදහසෙක් වෙයි: පෙර අපි කයින් දෙකක් (කුසල් අකුසල්) කරන්නමෝ වූම්හ, වචනයෙන් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අද අපි කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එහෙයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙන මිධෙකච්චෙ අණ්ඩජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් අණ්ඩජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJTදුතිය උපොසථ සුත්තං
Sinhala BJTදුතිය උපෝසථ සූත්‍රය
Pali BJT345. සාවත්ථියං:
Sinhala BJT345. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ ජලාබුජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති -පෙ-
Sinhala BJTඑකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: වහන්ස, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝ ත් වෙත් නම් එයට හේතු කිමෙක් ද? ප්‍රත්‍ය කිමෙක් දැ යි? ...
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චෙ ජලාබුජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් ජලාබුජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJTතතිය උපොසථ සුත්තං
Sinhala BJTතතිය උපෝසථ සූත්‍රය
Pali BJT346. සාවත්ථියං:
Sinhala BJT346. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ සංසෙදජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති -පෙ-.
Sinhala BJTඑකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ” යි? ...
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චෙ සංසෙදජා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් සංසේදජ නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJTචතුත්ථ උපොසථ සුත්තං
Sinhala BJTචතුත්‍ථ උපෝසථ සූත්‍රය
Pali BJT347. සාවත්ථියං:
Sinhala BJT347. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චෙ ඔපපාතිකා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTඑකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි?.
Pali BJTඉධ භික්ඛු, එකච්චානං ඔපපාතිකානං නාගානං එවං හොති : “මයං ඛො පුබ්බෙ කායෙන ද්වයකාරිනො අහුම්හ, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො. තෙ මයං කායෙන ද්වයකාරිනො, වාචාය ද්වයකාරිනො, මනසා ද්වයකාරිනො, කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපන්නා. සචජ්ජ මයං කායෙන සුචරිතං චරෙය්යාම වාචාය සුචරිතං චරෙය්යාම මනසා සුචරිතං චරෙය්යාම. එවං මයං කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාම. හන්ද මයං එතරහි කායෙන සුචරිතං චරාම, වාචාය සුචරිතං චරාම මනසා සුචරිතං චරාමා”ති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයන්ට මෙබඳු සිතෙක් වෙයි: “පෙර අපි කයින් (කුසල් අකුසල් විසින් ) දෙකක් කරන්නමෝ වූම්හ, වදනින් දෙකක් කරන්නමෝ වූම්හ, සිතින් දෙකක් කරන්නමෝ වූම්හ. ඒ අපි කයින් දෙකක් කරන්නමෝ වදනින් දෙකක් කරන්නමෝ සිතින් දෙකක් කරන්නමෝ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණියම්හ. ඉඳින් අපි අද කයින් සුසිරිත් කරන්නමෝ වදනින් සුසිරිත් කරන්නමෝ සිතින් සුසිරිත් කරන්නමෝ නම් මෙසේ අපි කාබුන් මරණින් මතු මනාගති ඇති සගලොවට පැමිණෙන්නෙමු. එයින් අපි දැන් කයින් සුසිරිත් කරම්හ වදනින් සුසිරිත් කරම්හ සිතින් සුසිරිත් කරම්හ”යි.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චෙ ඔපපාතිකා නාගා උපොසථං උපවසන්ති වොස්සට්ඨකායා ච භවන්තීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැම් ඕපපාතික නාගයෝ යම් හෙයෙකින් පෙහෙවස් වෙසෙත් නම් බැහැර ලූ කය ඇත්තෝත් වෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJTසුත සුත්තං
Sinhala BJTසුත සූත්‍රය
Pali BJT348. සාවත්ථියං:
Sinhala BJT348. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: “වහන්ස මෙහි, ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී හොති, මනසා ද්වයකාරී, තස්ස සුතං හොති : “අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJTමහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වදනින් දෙකක් කරණසුලු සිතින් දෙකක් කරන සුලු වෙයි. “අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැමෙක් යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJTදුතිය සුත සුත්තං
Sinhala BJTදුතිය සුත සූත්‍රය
Pali BJT349. සාවත්ථියං:
Sinhala BJT349. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති. ඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති -පෙ-.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ජලාබුජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ”යි
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ජලාබුජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණ සුලු වෙයි ...
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJTතතිය සුත සුත්තං
Sinhala BJTතතිය සුත සූත්‍රය
Pali BJT350. සාවත්ථියං:
Sinhala BJT350. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සංසෙදජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් මේ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස යම් හෙයකින් මෙහි, ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති -පෙ- අයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සංසෙදජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වෙයි ... “මහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු සංසේදජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJTචතුත්ථ සුත සුත්තං
Sinhala BJTචතුත්‍ථ සුත සූත්‍රය
Pali BJT351. සාවත්ථියං:
Sinhala BJT351. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු, භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතී”ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍ය කිමෙක් දැ”යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී. තස්ස සුතං හොති: “ඔපපාතිකා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්ය”න්ති. සො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජති.
Sinhala BJT“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරණසුලු වදනින් දෙකක් කරණ සුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඕපපාතික නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ”යි. ... හෙ කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ.
Pali BJTඅයං ඛො භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා ඔපපාතිකානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTමහණ, යම් හෙයෙකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු ඕපපාතික නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT8. 1. 11.
Sinhala BJT8. 1. 11.
Pali BJTඅන්නදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTඅන්නදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT352 සාවත්ථියං:
Sinhala BJT352. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච : කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජතීති.
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, යම් හෙයකින් මෙහි ඇතැමෙක් කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍ය දැ”යි.
Pali BJTඉධ භික්ඛු, එකච්චො කායෙන ද්වයකාරී හොති, වාචාය ද්වයකාරී, මනසා ද්වයකාරී. තස්ස සුතං හොති : “අණ්ඩජා නාගා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා”ති. තස්ස එවං හොති : “අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අණ්ඩජානං නාගානං සහබ්යතං උපපජ්ජෙය්යන්ති. සො අන්නං දෙති -පෙ- උපපජ්ජති.
Sinhala BJT“මහණ, මෙහි ඇතැමෙක් කයින් දෙකක් කරනසුලු වදනින් දෙකක් කරනසුලු සිතින් දෙකක් කරනසුලු වෙයි. ඔහු විසින් අණ්ඩජ නාගයෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි අසන ලද්දේත් වෙයි. (එහෙයින්) ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු අණ්ඩජ නාගයන්ගේ සහභාවයට පැමිණෙන්නෙම් නම් ඉතා මැනැවැ” යි. හෙතෙමේ අහර දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 12.
Sinhala BJT8. 1. 12.
Pali BJTපානදායකඅණ්ඩජසුත්තං
Sinhala BJTපානදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT353. පානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT353. ... බොන දෑ දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 13.
Sinhala BJT8. 1. 13.
Pali BJTවත්ථදායක අණ්ඩජසුත්තං
Sinhala BJTවත්‍ථදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT354. වත්ථං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT354. ... වත් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 14.
Sinhala BJT8. 1. 14.
Pali BJTයානදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTයානදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT355. යානං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT355. ... වහන් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 15.
Sinhala BJT8. 1. 15.
Pali BJTමාලාදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTමාලදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT356. මාලං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT356. ... මල් දෙයි. ... පැමිණේ.
Pali BJT8. 1. 16.
Sinhala BJT8. 1. 16.
Pali BJTගන්ධදායක අණ්ඩජ සුත්තං
Sinhala BJTගන්‍ධදායක අණ්ඩජ සූත්‍රය
Pali BJT357. ගන්ධං දෙති -පෙ- උපපජ්ජතීති.
Sinhala BJT357. ... ගඳ දෙයි. ... පැමිණේ.