Pali BJT1. කිලෙසවග්ගො
Sinhala BJT1. කිලේස වර්‍ගය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJTචක්ඛු සුත්තං
Sinhala BJTචක්ඛු සූත්‍රය
Pali BJT322. සාවත්ථියං:
Sinhala BJT322. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සොතස්මිං ඡන්දරාගො -පෙ- යො ඝානස්මිං ඡන්දරාගො -පෙ- යො ජිව්හාය ඡන්දරාගො -පෙ- යො කායස්මිං ඡන්දරාගො -පෙ- යො මනස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, ඇසෙහි යම් ඡන්‍දරාගයෙක් (දුර්‍වල රාගය හා බලවත් රාගයෙක්) වේ නම් මෙය සිතෙහි කෙලෙසීමෙකි. කනෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … නැහැයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... දිවෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … කයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම්… සිතෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් මේ සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති, නෙක්ඛම්මනින්නං චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති, අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නව ලොවුතුරු දහමින් වඩනා ලද ශමථවිදර්‍ශනා සිත පස්විකුම් නුවණින් දැන පසක් කළ යුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි වැටහේ.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJTරූප සුත්තං
Sinhala BJTරූප සූත්‍රය
Pali BJT323. සාවත්ථියං:
Sinhala BJT323. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපෙසු ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සද්දෙසු ඡන්දරාගො -පෙ- යො ගන්ධෙසු ඡන්දරාගො -පෙ- යො රසෙසු ඡන්දරාගො -පෙ- යො ඵොට්ඨබ්බෙසු ඡන්දරාගො -පෙ- යො ධම්මෙසු ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිත්හි කෙලෙසීමෙකි. ශබ්දයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ගන්‍ධයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... රසයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ස්ප්‍රෂ්ටව්‍යයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධර්‍මයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති. නෙක්ඛම්මනින්නං චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නව ලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහමුන් විෂයෙහි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJTවිඤ්ඤාණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT324. සාවත්ථියං:
Sinhala BJT324. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සොතවිඤ්ඤාණස්මිං ඡන්දරාගො -පෙ- යො ඝානවිඤ්ඤාණස්මිං ඡන්දරාගො -පෙ- යො ජිව්හාවිඤ්ඤාණස්මිං ඡන්දරාගො -පෙ- යො කායවිඤ්ඤාණස්මිං ඡන්දරාගො -පෙ- යො මනොවිඤ්ඤාණස්මිං ඡන්දරාගො චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානවිඤ්ඤාණ යෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … ජිව්හාවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති, නෙක්ඛම්මනින්නං චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත නවලොවුතුරු දහමට නැමුණේ ද වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කරණී ය යි වැටහේ.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJTඵස්ස සුත්තං
Sinhala BJTඵස්ස සූත්‍රය
Pali BJT325. සාවත්ථියං:
Sinhala BJT325. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සොතසම්ඵස්සස්මිං ඡන්දරාගො -පෙ- යො ඝානසම්ඵස්සස්මිං ඡන්දරාගො -පෙ- යො ජිව්හාසම්ඵස්සස්මිං ඡන්දරාගො -පෙ- යො කායසම්ඵස්සස්මිං ඡන්දරාගො -පෙ- යො මනොසම්ඵස්සස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම්… ඝානසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො -පෙ- කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මාර්‍හයයි හැඟේ.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJTවෙදනා සුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT326. සාවත්ථියං:
Sinhala BJT326. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සොතසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො -පෙ- යො ඝානසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො -පෙ- යො ජිව්හාසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො -පෙ- යො කායසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො -පෙ- යො මනොසම්ඵස්සජාය වෙදනාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සෝතසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ඝානසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ජිව්හාසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... කායසම්ඵස්සජ වේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... මනෝසම්ඵස්සජවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො -පෙ- කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මණ්‍යය යි හැඟේ.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJTසඤ්ඤා සුත්තං
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT327. සාවත්ථියං:
Sinhala BJT327. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපසඤ්ඤාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සද්දසඤ්ඤාය ඡන්දරාගො -පෙ- යො ගන්ධසඤ්ඤාය ඡන්දරාගො -පෙ- යො රසසඤ්ඤාය ඡන්දරාගො -පෙ- යො ඵොට්ඨබ්බසඤ්ඤාය ඡන්දරාගො -පෙ- යො ධම්මසඤ්ඤාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, රූපසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බ සඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්ඤායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො -පෙ- කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJTචෙතනා සුත්තං
Sinhala BJTචේතනා සූත්‍රය
Pali BJT328. සාවත්ථියං:
Sinhala BJT328. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපසඤ්චෙතනාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සද්දසඤ්චෙතනාය ඡන්දරාගො -පෙ- යො ගන්ධසඤ්චෙතනාය ඡන්දරාගො -පෙ- යො රසසඤ්චෙතනාය ඡන්දරාගො -පෙ- යො ඵොට්ඨබ්බසඤ්චෙතනාය ඡන්දරාගො -පෙ- යො ධම්මසඤ්චෙතනාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. සද්දසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධ සඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසසඤ්චෙතනායෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බසඤ්චේතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මසඤ්චෙතනායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො -පෙ- කම්මනියං ඛායති අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ යි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJTතණ්හා සුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT329. සාවත්ථියං:
Sinhala BJT329. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපතණ්හාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො සද්දතණ්හාය ඡන්දරාගො -පෙ- යො ගන්ධතණ්හාය ඡන්දරාගො -පෙ- යො රසතණ්හාය ඡන්දරාගො -පෙ- යො ඵොට්ඨබ්බතණ්හාය ඡන්දරාගො -පෙ- යො ධම්මතණ්හාය ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, රූපතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් සිතෙහි කෙලෙසීමෙකි. සද්දතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ගන්‍ධතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … රසතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ... ඵොට්ඨබ්බතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ධම්මතණ්හායෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො -පෙ- අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ … පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි ක්‍රියාවට සුදුසු ය යි හැඟේ.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJTධාතු සුත්තං
Sinhala BJTධාතු සූත්‍රය
Pali BJT330. සාවත්ථියං:
Sinhala BJT330. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, පඨවීධාතුයා ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො ආපොධාතුයා ඡන්දරාගො -පෙ- යො තෙජොධාතුයා ඡන්දරාගො -පෙ- යො වායොධාතුයා ඡන්දරාගො -පෙ- යො ආකාසධාතුයා ඡන්දරාගො -පෙ- යො විඤ්ඤාණධාතුයා ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, පඨවීධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. ආපෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … තේජෝධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් … වායෝධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් … ආකාශ ධාතුයෙහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් ... විඤ්ඤාණධාතුයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු ඡසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති, නෙක්ඛම්මනින්නං චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති, අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරු දහමට නැමුණේ වේ. නවලොවුතුරුදහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම යයි වැටහේ.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJTඛන්ධ සුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT331. සාවත්ථියං:
Sinhala BJT331. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො. යො වෙදනාය ඡන්දරාගො -පෙ- යො සඤ්ඤාය ඡන්දරාගො -පෙ- යො සඞ්ඛාරෙසු ඡන්දරාගො -පෙ- යො විඤ්ඤාණස්මිං ඡන්දරාගො, චිත්තස්සෙ’සො උපක්කිලෙසො.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි. වේදනායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … සංඥායෙහි යම් දැඩිරාගයෙක් වේ නම් ... සංස්කාරයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් … විඥානයෙහි යම් දැඩිරාගයෙක් වේ නම් තෙල සිතෙහි කෙලෙසීමෙකි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො ඉමෙසු පඤ්චසු ඨානෙසු චෙතසො උපක්කිලෙසො පහීනො හොති, නෙක්ඛම්මනින්නං චස්ස චිත්තං හොති. නෙක්ඛම්මපරිභාවිතං චිත්තං කම්මනියං ඛායති, අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ පස්තන්හි මහණහුගේ සිතෙහි කෙලෙසීම ප්‍රහීණ වේ නම් ඔහුගේ සිත ද නවලොවුතුරුදහමට නැමුණේ වේ. නවලොවුතුරු දහමින් වඩනා ලද සිත පස්විකුම් නුවණින් දැන පසක් කළයුතු දහම්හි කර්‍මක්‍ෂම ය යි වැටහේ.
Pali BJTකිලෙසවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි කිලේස වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමා වලිය:
Pali BJTචක්ඛු රූපඤ්ච විඤ්ඤාණං සම්ඵස්සො වෙදනාය ච, සඤ්ඤා සඤ්චෙතනා තණ්හා ධාතුක්ඛන්ධෙන තෙ දසාති.
Sinhala BJTචක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා යන ඒ සූත්‍ර ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වේ.
Pali BJTකිලෙස සංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTකිලේස සංයුත්තය නිමියේ යි.
Pali BJT7. සාරිපුත්තසංයුත්තං
Sinhala BJT7. සාරිපුත්ත සංයුත්තය
Pali BJT1. සාරිපුත්තවග්ගො
Sinhala BJT1. සාරිපුත්ත වර්‍ගය
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJTවිවෙකජ සුත්තං
Sinhala BJTවිවේකජ සූත්‍රය
Pali BJT332. සාවත්ථියං:
Sinhala BJT332. සැවැත්නුවර:
Pali BJTඑකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං{1} පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි.
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
Pali BJTඉධා’හං ආවුසො, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{2} උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො න එවං හොති : “අහං පඨමං ඣානං සමාපජ්ජාමීති වා අහං පඨමං ඣානං සමාපන්නොති වා අහං පඨමා ඣානා වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම ප්‍රථමධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි”යි හෝ මෙබඳු සිතෙක් නොවේ.
Pali BJTතථා හි පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස න එවං හොති : “අහං පඨමං ඣානං සමාපජ්ජාමීති වා අහං පඨමං ඣානං සමාපන්නොති වා අහං පඨමජ්ඣානා වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඑ එසේ මැ යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථමධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි” යි හෝ මේ බඳු සිතෙක් නො වේ.
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJTඅවිතක්ක සුත්තං
Sinhala BJTඅවිතක්ක සූත්‍රය
Pali BJT333. සාවත්ථියං:
Sinhala BJT333. සැවැත්නුවර:
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං සාරිපුත්තං එතදවොච : විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
Pali BJTඉධා’හං ආවුසො, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{1} උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTඇවැත්නි, මෙහි මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි.
Pali BJTතස්ස මය්හං ආවුසො, න එවං හොති, “අහං දුතියං ඣානං සමාපජ්ජාමීති වා අහං දුතියං ඣානං සමාපන්නොති වා අහං දුතියඣානා වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඇවැත්නි, ඒ මට “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයට සමවන්මි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි.
Pali BJTතථා හි පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස න එවං හොති; “අහං දුතියං ඣානං සමාපජ්ජාමීති වා, අහං දුතියං ඣානං සමාපන්නොති වා අහං දුතියඣානා වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඑ එසේ මැ යි, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාරමානනුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වේ.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJTපීති සුත්තං
Sinhala BJTපීති සූත්‍රය
Pali BJT334. සාවත්ථියං:
Sinhala BJT334. සැවැත්නුවර:
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- විප්පසන්නානි ඛො තෙ ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා{2} සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුබවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ යි.
Pali BJTඉධාහං ආවුසො, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි,{3} සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙමි, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම ප්‍රීතියෙහි ද නො ඇල්මෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද වෙසෙමි. සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද කයින් සුවත් විඳිමි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුවවිහරණ ඇත්තේ”යයි ඒ යමකට කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙම් වෙමි”යි හෝ යි.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJTඋපෙක්ඛා සුත්තං
Sinhala BJTඋපෙක්ඛා සූත්‍රය
Pali BJT335. සාවත්ථියං:
Sinhala BJT335. සැවැත්නුවර:
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- විප්පසන්නානි ඛො තෙ, ආවුසො සාරිපුත්ත, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා සාරිපුත්තො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ”යි.
Pali BJTඉධාහං ආවුසො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වාති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් කැල ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති නො දුක් නොසුව වූ චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙමි. ... නැඟී සිටියෙමි යි හෝ යි.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJTආකාසානඤ්චායතන සුත්තං
Sinhala BJTආකාසානඤ්චායතන සූත්‍රය
Pali BJT336. සාවත්ථියං:
Sinhala BJT336. සැවැත්නුවර:
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: විප්පසන්නානි -පෙ- ඉධාහං ආවුසො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා “අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... “වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම රූපසංඥාවන් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ම සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
Pali BJT7. 1. 6.
Sinhala BJT7. 1. 6.
Pali BJTවිඤ්ඤාණඤ්චායතන සුත්තං
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතන සූත්‍රය
Pali BJT337. සාවත්ථියං:
Sinhala BJT337. සැවැත්නුවර:
Pali BJTඅද්දසා ඛො ආයස්මා ආනන්දො -පෙ- ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: විප්පසන්නානි -පෙ- ඉධාහං ආවුසො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම “අනන්තං විඤ්ඤාණ”න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ. ... ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ... වෙසෙසින් පහන්හ … ඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ” යි.
Pali BJT7. 1. 7.
Sinhala BJT7. 1. 7.
Pali BJTආකිඤ්චඤ්ඤායතන සුත්තං
Sinhala BJTආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
Pali BJT338. සාවත්ථියං:
Sinhala BJT338. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො -පෙ- ඉධාහං ආවුසො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම, “නත්ථි කිඤ්චී”ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ... ඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹැ වෙසෙමි ... නැඟී සිටියෙමි යි හෝ යි.
Pali BJT7. 1. 8.
Sinhala BJT7. 1. 8.
Pali BJTනෙවසඤ්ඤා නාසඤ්ඤායතන සුත්තං
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
Pali BJT339. සාවත්ථියං:
Sinhala BJT339. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො -පෙ-.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ...
Pali BJTඉධාහං ආවුසො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි -පෙ- වුට්ඨිතොති වා”ති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ... නැගී සිටියෙමි යි හෝ යි.
Pali BJT7. 1. 9.
Sinhala BJT7. 1. 9.
Pali BJTනිරොධ සමාපත්ති සුත්තං
Sinhala BJTනිරෝධ සමාපත්ති සූත්‍රය